යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ

pathmake

Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ

    යෝජිත ඉන්දියානු ගිවිසුම සහ ඔබ
    යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත් කර ගැනීමට ඉඩදෙනවාද?

    සීපා යනු -
    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කිරීමට යන වෙළඳ හා සේවා ගිවිසුමයි. මෙය පෙබරවාරි මස අත්සන් තැබීමට යන බව ඔබ දන්වාද ?

    මෙම ගිවිසුම මගින් අවාසි සිදුවන්නේ කාහටද ?

    • වතු කම්කරුවන් ● සන්නිවේදන සේවා
    • සාමාන්‍ය කම්කරුවන් ● ශ්‍රව්‍ය දෘශ්‍ය සේවා
    • පෙදරේරුවන් ● ඉදිකිරීම් හා ඉන්ජිනේරු සේවා
    • වඩු කාර්මිකයන් ● නැවත ගොඩනැගීම්
    • ත්‍රී රෝද රථ රියදුරන් ● බෙදා හැරීමේ සේවා
    • සංචාරක සේවා ● තොග හා සිල්ලර වෙලඳාම
    • ක්‍රීඩා සේවා ● අධ්‍යාපන සේවා
    • කරණවෑමියන් ● සෞඛ්‍ය සේවා
    • ගුරුවරුන් ● හෙදියන්, සාත්තුසේවකයින්




    ලංකාවට යහපතක් සිදුවේද ?
    නැත


    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අතීතයේ තිබුණු ගිවිසුම් තුලින් අපහට වාසි සිදුවුනිද?

    ඉන්ධන සම්බන්ධ හෙජින් ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට රුපියල් කෝටි 60,000 ක් අහිමි වු බව ඔබ දන්නවාද?

    වෙනත් රටවල් සමග මෙන් නොව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කිරීමේ දී සැලකිලිමත් විය යුත්තේ ඇයි?

    මින් පෙර ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අත්සන් කල ඉන්දු ලංකා සාම ගිවිසුම ඔබ සැමට මතක ඇතැයි සිතමු. එයින් ලැබුනු සාමයක් නොමැත. එයින් ලැබුනේ පළාත් සභාව නැමැති විනාශකාරී සුදුඅලියා පමනි.
    මෙවැනි තත්වයක් යටතේ සේවා සඳහා ගිවිසුමක් අත්සන් කිරීම මගින් ශ්‍රී ලංකාවට සිදුවන හානිය ඉතා විශාලය.


    ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඇති අසමානතාවයන්

    ඉන්දියාවේ ජනගහනය කෝටි 125 ක් වැනි විශාල අගයකි
     රැකියා විරහිත භාවය ලංකාවේ ජනගහනය මෙන් දෙගුනයකි
     ළදරු මරණ අනුපාතය ඉතා ඉහලය
     මාතෘ මරණ අනුපාතය ඉතා ඉහලය
     සාක්ෂරතාවය ඉතා පහල අගයකි.
     ඒකපුද්ගල ආදායම ඉතා පහල අගයකි.


    මෙවැනි විශාල අසමානතාවයක් ඇති රටක් සමග සේවා ගිවිසුමක් අත්සන් කිරීමෙන් අප රටට ආරථික වානිජ්‍ය, සමාජීය අතින් කිසිදු වාසියක් ලැබෙතැයි ඔබ සිතන්නේ ද?

    ඉහත ගිවිසුමේ බරපතල සාධකය වන්නේ ඕනෑම ඉන්දියානු පුරවැසියකුහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයෙකුට හිමි වරප්‍රසාද සියල්ල හිමි වීමයි.

    1. නිදහස් අධ්‍යාපන පහසුකම් - ඔබගේ දරුවා පහසුකම් සහිත පාසලකට ඇතුලත් කිරීමට අපහසුවනු ඇත.

    2. නිදහස් සෞඛ්‍ය පහසුකම් - ඔවුන්ගේ බරපැන ද ඔබහට දැරීමට සිදුවේ.

    3. ප්‍රමිතියෙන් තොර නිසි පුහුනුවක් නැති සේවකයින් සේවයෙහි යොදවනු ඇත.


    ඉහත ආකාරයෙන් ඉන්දීය සේවාවන් ශ්‍රී ලංකාව ආක්‍රමනය කිරීමේදී ඔබට සිදුවන්නේ කුමක්ද ?

    ඉන්දීය කම්කරුවන් ඉතා අඩු වැටුපකට සේවා සැපයීමට පෙළබෙන විට එහිදී ශ්‍රී ලාංකික කම්කරුවාගේ රැකියාව අහිමිවනු ඇත. සංචාරක වීසා රැගෙන පැමිනි ඉන්දීය කම්කරුවන් මේ වන විටත් ඉතා අඩු වැටුපකට ඇතැම් ප්‍ර දේශවල රැකියාවේ යෙදී සිටි.

    මදක් සිතා බලන්න

    ඔබ භාවිතාකරණ ත්‍රී රෝද රථ සියල්ලම ඉන්දියාවේ නිශ්පාදිතයන් වේ. භාණ්ඩ ආනයන යටතේ ඉතා අඩුමිලකට ත්‍රී රෝද රථ ලබාගෙන ඔබගේ රැකියාව ආක්‍රමනය කරනු ඇත. ඉන්දියානුවන් තෙල් සහ අනෙකුත් භාණ්ඩ සමග ඉතා අඩු මිලකට ප්‍රවාහන සේවා සැපයීමෙන් ඔබගේ රැකියාව උදුරාගනු ඇත. මේ වන විට ඉන්දියානු සමාගමක් මගින් දකුණු හා බස්නාහිර පළාත්වල ගිලන් රථ සේවාව ආක්‍රමණය කර ඇත. අනෙකුත් වෘත්තීන් ද මේ සමගම ඉතා සීග්‍රයෙන් ආක්‍රමණය කරණු ඇත.

    ගිවිසුම මගින් ඇති කරණ අහිතකර ප්‍රතිපල
    ඉහත ගිවිසුම යටතේ ලංකාවට පැමිනීමට නියමිත අති විශාල ජනතාව නිසා ලංකාවෙන් තුරන් කරඇති හා තුරන්වෙමින් පවතින හා මෙතෙක් ලංකාවෙන් වාර්ථා නොවූ භයානක රෝග ඔබට ඔබගේ දරුවාට වැළදෙනු ඇත. ඒවා පාලනය කිරීමට ඔබගේ මුදල් වැයවෙනු ඇත.

    • දැනට හොර රහසේ ඉන්දියාවේ සිට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම එලිපිටම සිදුවනු ඇත.
    • ළමා ගනිකාවන් ලංකාවට පැමිනෙනු ඇත. එමගින් ඔබේ දරුවාද මෙයට ගොදුරුවිය හැක.
    • යුද්ධයෙන් අල්ලාගත නොහැකි වූ රට ආර්ථික වශයෙන් යටත්කර ගනු ඇත.
    • ඔබගේ ඔබගේ දරුවාගේ රැකියාව නිවස ඔබට අහිමිවනු ඇත.
    • ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනු ඇත.

    මෙම විනාශය වැලක්වීමට ඔබට කලහැක්කේ කුමක්ද?
    ඔබ මේ ගැන දැනුවත් වී අන් අයද දැනුවත් කරන්න.
    මේ පිළිබඳ ඔබගේ මහජන නියෝජිතයාගෙන් විමසා සිටින්න. අවාසනාවනම් ඔවුන් ඒ පිළිබඳ කිසිවක් නොදනී. මන්ද මෙය පුද්ගලික වාසි තකා කරුණු වසන්කර සිදුකරන ගිවිසුමක් බැවිනි.
    මෙයට ඇති එකම විසඳුම වන්නේ ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් සකස්කර ඒ අනුව ක්‍රියාත්මක වීමයි. මේ සඳහා ඔබගේ මහජන නියෝජිතයන් හට බලකර සිටින්න. ඔවුන් අවදිකරන්න.
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113


    ඉහත ගිවිසුමේ බරපතල සාධකය වන්නේ ඕනෑම ඉන්දියානු පුරවැසියකුහට ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලාංකිකයෙකුට හිමි වරප්‍රසාද සියල්ල හිමි වීමයි.


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ හැටියට ඒ කියන්නේ මැලේශියන් උන්ට සින්ගපූරුවේ අයිතිවාසිකම් තියනවා වෙන්න ඇති.. කැනේඩියන් උන්ට ඇමෙරිකාවේ පුරවැසි අයිතිය හිමි වෙනවා ඇති..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,546
    113
    Colombo
    අපි මොනවා කිව්වත් ඕක අත්සන් කරයි බන්.ඕක යහපාලනයට චන්දය දුන් අයගේ කැමැත්ත වෙන්න ඇති.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලනේ නාමයෙන් හුටන් රටට කරන විපත පේන්නෙ සුලු පිරිසකට විතරයි. කියල වැඩක් නැ. රටත් ඉවරයි අපිත් ඉවරයි ආර්තිකෙත් ඉවරයි
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    india wala nam Be Indian-Buy Indian,

    hebei indian un ape market ekata awama lankawe company eken hadana carbon pen eka 10 weddi un 5ta denawa nam aniwa api 5 dena eka gannawa. lankawe hadana eka kiyala api 10 eka ganna yanne ne. api ada baninawa thamai masonge dawase padiya 1500-2000k kiyala, hebei oken india kamkaruwo avith 750ta weda karaddi api kemathi ekata, but eken ape kamkaruwanta lebena padiya adu wenawa. hebei indian unta 750ta weda kalath un ehe den ganna ganata wada labayak thiyenawa. namuth ape kamkaruwanta 750ka dwase padiyakata mehe jeewath wenna amarui. oka othana idala siyaluma wurtheeya walata balapanawa. apitath aurudu ganak igena gena goda enna hadaddi wena kohe hari pala kiya ganna thamai wenne.
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    Meeke Deshapalane katha karanna epa ban. Hebei sadaranawa beluwama deyak weradi nam eka weradi hari nam Hari kiyala kiyanna konda kelin thiyaganilla.
     

    BATTA45

    Active member
  • Nov 1, 2015
    406
    27
    28
    මේක හින්ද නම් ලංකාවට කෙලවෙනවා අම්බානට
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    යහපාලනේ නාමයෙන් හුටන් රටට කරන විපත පේන්නෙ සුලු පිරිසකට විතරයි. කියල වැඩක් නැ. රටත් ඉවරයි අපිත් ඉවරයි ආර්තිකෙත් ඉවරයි
    :yes::yes::sorry::sorry::dull::dull:
     

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    india wala nam Be Indian-Buy Indian,

    hebei indian un ape market ekata awama lankawe company eken hadana carbon pen eka 10 weddi un 5ta denawa nam aniwa api 5 dena eka gannawa. lankawe hadana eka kiyala api 10 eka ganna yanne ne. api ada baninawa thamai masonge dawase padiya 1500-2000k kiyala, hebei oken india kamkaruwo avith 750ta weda karaddi api kemathi ekata, but eken ape kamkaruwanta lebena padiya adu wenawa. hebei indian unta 750ta weda kalath un ehe den ganna ganata wada labayak thiyenawa. namuth ape kamkaruwanta 750ka dwase padiyakata mehe jeewath wenna amarui. oka othana idala siyaluma wurtheeya walata balapanawa. apitath aurudu ganak igena gena goda enna hadaddi wena kohe hari pala kiya ganna thamai wenne.

    ලන්කාවෙ රුපියලයි ඉන්දියන් රුපියලයි අතර වෙනස බැලුවම උන් ඔහොම අඩු ගානකට වැඩ කරයිද බන් ? ඉන්දියවේ රුපියලක් ලන්කවෙ රුපියල් 2.25ක් විතර වෙනව. උන් දවසට 750ට වැඩ කරොත් උන්ට රුපියල් 300ක් විතර වෙන්නේ.
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    ඉන්දීය කම්කරුවන් ඉතා අඩු වැටුපකට සේවා සැපයීමට පෙළබෙන විට එහිදී ශ්‍රී ලාංකික කම්කරුවාගේ රැකියාව අහිමිවනු ඇත.

    ලෝකේ freelancing market එකටත් වෙලා තියෙන්නේ ඕක තමයි.