☢ ☢ Clash Of Clan - මුල සිට සරලව ☢ ☢
Clash of Clan නැත්තම් CoC මේ දවස්වල ඉතාමත් ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩාවක් ලෙස හදුන්වන්න පුලුවන්.ඉතින් මේ සූදානම් වෙන්නේ මේ ක්‍රීඩාවේ අතීතය පොඩ්ඩක් හාරා අවුස්සන්න වගේම අලුතෙන් පටන් ගන්න අයට පුංචි අත්වැලක් අරගෙන එන්න.
Strategy Video Game එකක් වෙන මේ Game එකේ අයිතිකාරයෝ වෙන්නේ ෆින්ලන්තේ තියෙන Supercell Video Game Company එක.මුලින්ම මෙයලා Game එක නිකුත් කරන්නේ 2012 අගෝස්තු 2 IOS දුරකතන වලට විතරයි.පස්සේ මෙයාලා 2013 ඔක්තොම්බර් 7 Android දුරකතන වලට මේ Game එක නිකුත් කරනවා.
මේ Game එකට අමතරව මෙයලාගේ තවත් ප්‍රසිද්ධ Game දෙකක් තියෙනවා. ඒ Hay Day සහ Boom Beach (මමත් ඉස්සෙල්ලම Paly කලේ Hay Day)
මේ Game එකට අමතරව මෙයලාගේ තවත් ප්‍රසිද්ධ Game දෙකක් තියෙනවා. ඒ Hay Day සහ Boom Beach (මමත් ඉස්සෙල්ලම Paly කලේ Hay Day)
Game Play
Clash of Clan අර්ථ දක්වනවා නම් සිංහලෙන්ම කියන්න පුලුවන් ඔන්ලයින් මල්ටිප්ලේයර් ගේම් එකක් කියලා.සෙට් වෙලා යුද්ද කරන්න, හමුදාව පුහුණු කරන්න, Gold , Elixir මංකොල්ල කන්න. කුසලාන දිනන්න.වැඩ ගොඩයි.හරි එහෙනම් අපි මුල ඉදලා වැඩේ පටන් ගමු.ඉස්සෙල්ලාම Buildings, Gold,Elixir, Gems, Troops, Clan Wars ගැන පිළිවෙලට දැන ගනිමු.
Buildings
Town Hall
මේක තමයි ඔයාලගේ ගමේ වටිනාම වස්තුව, නැත්තම් ගේම් එකේ හදවත
මේක තමයි ඔයාලගේ ගමේ වටිනාම වස්තුව, නැත්තම් ගේම් එකේ හදවත
උඩ රූපෙන් දාලා තියෙන්නේ Town Hall (අපි කියන්නේ TH කියලා, ඒ නිසා ඉස්සරහට ඒකට පුරුදු වෙන්න) එක Upgrade කරන්න පුලුවන් Levels ගාන.TH එක Up කරනකොට අලුතෙන් Defenses, Buildings, Traps ඇතුලු තවත් බොහෝ දෑ Unlock වෙනවා.ඒවගේම ඔයාලා වැඩියෙන්ම ආරක්ෂා කරගන්නත් ඕනේ මේක.මොකද මේක විනාශ උනොත් ඔයාලා පරාදයි.ඒ වගේම මතක් කරන්න ඕනේ TH Up කරන්න Gold විශාල ප්‍රමාණයැන් වැය වෙනවා.ඒ වගේම ගත වෙන කාලයත් වැඩි
Clan Castle
මේකෙන් කරන්නේ ඔයාලගේ Clan එකේ ඉන්න අය දෙන Troops, Spells (War වලට යනකොට හරි ඔයාලගේ Base එක Attack වලින් Defense කරගන්න ඕනේ උනාම අපි අපේ Clan එකේ ඉන්න අයගෙන් ඉල්ලගන්නවා) සහ ඔයාලා Clan War එකක් දින්නාම හම්බවෙන Bonus Loots තියාගන්න එක.මේකත් TH වගේ Levels Up කරගන්න ඕන.එතකොට තමයි මේකේ Capacity එක වැඩිවෙලා අපිට වැඩියෙන් Troops තියාගන්න පුලුවන්.Clan War වලට යනවා නම් අනිවා මේක Up කරගන්න.ඒවාගෙම හැම වෙලේම මේ බිල්ඩින් එක TH එක ලගින් තියාගන්න. (හැබැයි Clan War Base එකේදී War එකේ හැටියට අපි මේක තියන තැන වෙනස් කරනවා)
Builder's Hut
මෙයා නැත්තම් අපිට මුකුත් කරන්න වෙන්නේ නෑ.මෙයා තමා හැම බිල්ඩින් එකක්ම හදන්නේ සහ Upgrade කරන්නේ.හැබැයි මෙයාව ගන්න එක ලේසී නෑ. මෙයාව ගන්න ඕන වෙන්නේ Gems (Gems ගැන අපි ඉස්සරහට කතා කරනවා හොදේ)
මුල්ම Builder Free දෙනවා
Second Builder's Hut costs 250 Gems
Third Builder's Hut costs 500 Gems
Fourth Builder's Hut costs 1,000 Gems
Fifth Builder's Hut costs 2,000 Gems
Second Builder's Hut costs 250 Gems
Third Builder's Hut costs 500 Gems
Fourth Builder's Hut costs 1,000 Gems
Fifth Builder's Hut costs 2,000 Gems
Gold Mine & Gold Storage
Gold Mine වලින් තමා අපි රත්තරන් හොයා ගන්නේ.ඒකේ Level Up කරන්කොට තප්පරේට නිපදවන රත්තරන් ගාන ඉහල යනවා. Gold Storage වල තමා අපි හොයන රත්තරන් ගබඩාවෙන්නේ.ඒකේ Level Up කරනකොට රත්තරන් තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.
Elixir Collector and Elixir Storage
Elixir Collector වලින් තමා අපි Elixir හොයා ගන්නේ.ඒකේ Level Up කරන්කොට තප්පරේට නිපදවන Elixir ගාන ඉහල යනවා. Elixir Storage වල තමා අපි හොයන Elixir ගබඩාවෙන්නේ.ඒකේ Level Up කරනකොට Elixir තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.Elixir අපිට ඕන වෙන්නේ Troops (හමුදාව) හදන්නයි Troops Upgrade කරන්න සහ සමහර Buildings Up කරන්න
Dark Elixir Drill and Dark Elixir Storage
Dark Elixir Drill වලින් තමා අපි Dark Elixir හොයා ගන්නේ.ඒකේ Level Up කරන්කොට තප්පරේට නිපදවන Dark Elixir ගාන ඉහල යනවා. Dark Elixir Storage වල තමා අපි හොයන Dark Elixir ගබඩාවෙන්නේ.ඒකේ Level Up කරනකොට Dark Elixir තැන්පත් කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා.Dark Elixir අපිට ඕන වෙන්නේ Heros (මෙයාලා ගැන පස්සේ කියනවා හොදේ) හදන්නයි Troops Upgrade කරන්න
Army Buildings
මෙතනදී නම් මේ ඔක්කොම ගැන කියන්නේ නෑ.කියන්න තිබ්බ නම් හොදයි(ඔලුව රිදෙනවා ඕයි මේක කොටලා
)ඕනම දෙක තුනක් ගැන කියන්නම්.Army Camp අනිවාර්යෙන්ම අප් කරගන්න එකෙන් තමා ඔයාලගේ ආමි එකේ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්. Barracks වලින් තමා ඔයාලගේ Troops හදන්නේ.ඒකත් අනිවා අප් කරගන්න.අප් වෙනකොට තමා අලුත් අලුත් Troops හැදෙන්නේ.Laboratory එකෙන් තමා ඔයාලගේ Troops වල Levels Up කරන්නේ.මේකත් අනිවා අප් කරගන්න.Spell Factory වලින් තමා එක එක Spell හදන්නේ. Lighting Spell එහෙම.අනිත්වා Try කරලා බලන්න මොකද වෙන්නේ කියලා.ඉස්සරහට ගහගෙන යනකොට තේරෙයි

)ඕනම දෙක තුනක් ගැන කියන්නම්.Army Camp අනිවාර්යෙන්ම අප් කරගන්න එකෙන් තමා ඔයාලගේ ආමි එකේ ප්‍රමාණය වැඩි කරගන්න පුලුවන්. Barracks වලින් තමා ඔයාලගේ Troops හදන්නේ.ඒකත් අනිවා අප් කරගන්න.අප් වෙනකොට තමා අලුත් අලුත් Troops හැදෙන්නේ.Laboratory එකෙන් තමා ඔයාලගේ Troops වල Levels Up කරන්නේ.මේකත් අනිවා අප් කරගන්න.Spell Factory වලින් තමා එක එක Spell හදන්නේ. Lighting Spell එහෙම.අනිත්වා Try කරලා බලන්න මොකද වෙන්නේ කියලා.ඉස්සරහට ගහගෙන යනකොට තේරෙයිDefensive Buildings
ඔන්න දැන් නම් වැදගත් කෑල්ලකට ඇවිල්ලා.මෙතනත් එකින් එකට විස්තර කරන්න යන්නේ නෑ මොකක්ද කියලා, නම බැලුවාම තේරෙනවා නේ මොකක්ද කියලා.මේක ටිකක් වැදගත් ඒ නිසා හොදින් අහගන්න.ඔයාලගේ Base එකට නැත්තම් Village එකට Attack එකක් එනකොට ඔයාලගේ Army Camp එකේ ඉන්න Troops ඔයාගේ Base එක Defend කරන්නේ නෑ ඒක හොදට මතක තියාගන්න. මෙතන තියෙන Cannon, Archer Tower, Mortar, Air Defense, Wizard Tower සහ ඔයාගේ Clan Castle (අපි කියන්නේ cc) එකේ ඉන්න Troops තමා ඔයගේ Base එක Defend කරන්නේ.ඒ නිසා මේ හැම Defensive Building එකක්ම Up කරන එක හරිම වැදගත්. ඒ වගේම මේවා හරි ස්ථාන වල පිහිටුවන්න ඕනේ.නැත්තම් කිසිම වැඩක් නැතුව යනවා. යුද්දෙ දෙස යුද ඇසින් බලන්න ඕනේ.කපටි වෙන්න.සතුරාව තම උගුල වෙත ඇද ගන්න පුලුවන් වෙන්න ඕනේ.
Gems
සල්ලි තිබ්බා නම් මැණික් ගන්න තිබ්බා වගේ සීන් එකක් මේක.Gems අපිට හොයා ගන්න පුලුවන්.ඔයාලගේ Base එකේ තියෙන ගස් ගල් අයින් කරාම තව Gem Box වලින් සහ ඔයාල Achievements Complete කරාම Free Gems හම්බ වෙනවා.මොකටද මේ Gems ඕන වෙන්නෙ.Gold,Elixir,Dark Elixir ජෙම්ස් දීලා ගන්න පුලුවන්.තව ඔයාලගේ Construction හරි Upgrades හරි ටක් ගාල කරගන්න පුලුවන් ජෙම්ස් වලින්.මම නම් කියන්නේ ඔයාලා ජෙම්ස් එකතු කරගන්න ඕන Builders ගන්න. නැත්තම් ඔයාලට සල්ලි දීලා තමා ජෙම්ස් ගන්න වෙන්නේ.(සල්ලි දීලා ගහන උනුත් ඉන්නවා ඕයි
)මොකද Free Gems හොයන එක හරි අමාරු වැඩක්
)මොකද Free Gems හොයන එක හරි අමාරු වැඩක්
Last edited:





LOOT na ban me tike,,,haminenawa