ශ්‍රී ලංකා ක්‍රිකට්..................

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ශ්‍රී ලංකා ක්‍රිකට්..................

    කුසල් පෙරේරාට රංගන හේරත්ට මුදල් දී තරඟ පාවාදීමට පෙළැඹවූයේ පුහුණුකරුද? ඩීල් කරුද?.! පුහුණුකාරයන්, ඩීල් කාරයන්, ක්‍රීඩකයන්, නිරූපිකාවන්, ගේම් ගැසූ පින්තූර සහිත හෙළිදරව්ව..!!

    ක්‍රිකට් තරඟ පාවාදීම් ඉතිහාසයේ අර්ජුන හා අරවින්දගේ සිට කතා බහට ලක්වුණු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගණනාවකි. ඉන්දීය රහස් ඔත්තු සේවා වාර්තාවකට අනුව 1992 ලක්නව්හි පැවැති ටෙස්ට් තරඟයක් පාවා දීම සඳහා අරවින්ද හා අර්ජුන එක්ව ඩොලර් 15000 ක් ලබා ගත් බව කියවුණ ද සාක්ෂි හරිහැටි නොමැති වීම නිසා එය යටපත් විය.


    මෑතකදී තිලකරත්න ඩිල්ෂාන් හා ඔහුගේ බිරිඳ තරඟ පාවාදීමක් වෙනුවෙන් විශාල මුදලක් ලබා ගත් බව කියවුණද සාක්ෂි නොමැති වීම නිසා එයද යට ගියේ ය. හෂාන් තිලකරත්න ද රූපවාහිනී නාලිකාවකදී මෙවැනි අය ගැන ඉඟියක් දුන්නේ ය.


    මේ අතර කාලයේ තරඟ පාවාදීම් වලට සම්බන්ධ ඇතැම් තේරීම් කමිටු නිලධාරීන් හා වෙනත් ක්‍රීඩකයන් ගැන කියැවුණු අතර ශ්‍රී ලංකාවේ පැවැති ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගයේත් තරඟ පාවාදීම් ගැන කියැවිණ.


    තරඟ පාවාදීම් පිලිබඳව අලුතින්ම එළියට ආ කතාව වූයේ කුසල් ජනිත් පෙරේරා හා රංගන හේරත්ට පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති තරඟාවලියක් අතර තුර තරඟ පාවාදීම සඳහා මුදල් ලබා දීමට කිසිවෙකු තැත් කිරීම පිළිබඳව ය.


    මේ අතර කුසල් ජනිත් පෙරේරා තහනම් උත්තේජක ඖෂධ ලබා ඇති බවට ඔහුගේ මුත්‍ර සාම්පල පරීක්ෂාවේදී හෙලි වීමත් මෙම තරඟ පාවාදීම් යෝජනාව හා ඔහු එය ප්‍රතික්ෂේප කිරීමත් අතර යම් කිසි සම්බන්ධයක් ඇති දැයි සොයා බැලීමට ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැවරීය.


    මෙහිදී තරඟ පුහුණුව සඳහා එක්තරා වේග පන්දු යවන පුහුණු කරුවෙකු විසින් රැගෙන ආ පුහුණු වේග පන්දු යවන්නෙකු විසින් මෙම යෝජනාව කුසල් හා රංගන වෙත ඉදිරිපත් කර ඇති බව ඇමැතිවරයා විසින්ම පවසන ලදී.


    මේ පිලිබඳව ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය මගින් කළ නිරීක්ෂණයකදී පහත සඳහන් කරුණු හෙලිදරව් කර ගත හැකි විය.


    දයාසිරි ඇමැතිවරයා විසින් හෙළිදරව් කෙරුණු වේග පන්දු පුහුණුකරු වන්නේ අනුෂ සමරනායකයි. ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට පුහුණුව සඳහා පන්දු යැවීමට රැගෙන ආ පුද්ගලයා ගයාන් විශ්වජිත් නමැත්තෙකි. ක්‍රිකට් ක්ෂේත්‍රයේ මෙවැනි වේග පන්දු යවන්නෙකු ගැන ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් හෝ නොදනී. එයට හේතුව මොහු කිසිදු ක්‍රීඩා සමාජයක හෝ ක්‍රීඩා නොකරන අයෙකු නිසා ය. එවැන්නෙකු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමග පුහුණුවට මුසු කිරීම මහත් සැකයකට තුඩු දෙන්නකි.



    මේ නාමික වේග පන්දු යවන්නා නමින් ගයාන් විශ්වජිත් වන අතර ඔහුගේ රැකියාව වන්නේ මොඩ්ල් ෆාම් එකක් පවත්වාගෙන යෑමයි. මොඩ්ල්ස් ෆැක්ටරියක් ලෙස ඔහු ආයතන වලට නිරූපිකාවන් සපයයි. ඒ අතර නිළියෝද වෙති. මේ බොහෝ නිළියන් ටෙලි නාට්‍ය එකක් හෝ දෙකක් රඟ පෑ නිළියන් හාල් කෑලිය. අනුෂ සමරනායක ගයාන්ගේ හොඳ මිත්‍රයෙකි. අනුෂගේ බිරිඳ ද මේ ව්‍යාපාරයට සහාය දෙන බව වාර්තා වේ.


    බී.එම්.ඩබ්. රථයක් පදින හා සෙල්ලක්කාර ධනපතියෙකු ලෙස හැසිරෙන මෙම ගයාන් විශ්වජිත් නමැත්තා අනුෂ සමරනායක හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නායක ඇන්ජෙලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකි.


    පසුගිය අයි.පී.එල්. තරඟාවලියේ අවසන් තරඟයට මොහු අනුෂ සමරනායක සමග මුම්බායි බලා ගියේ ජානකී නම් නිළියක් ද සමග ය. කෙහෙළිය රඹක්වැල්ල හිටපු ඇමැතිවරයාගේ පෙම්වතිය වූ මැය ඔහු ජනමාධ්‍ය ඇමැතිව සිටි කාලයේ ටෙලි නාට්‍ය කිහිපයක් නිෂ්පාදනයට ද හවුල් වූවා ය.



    මුම්බායිහි ටජ් මහල් හෝටලයේ මොවුන් ඇන්ජලෝ මැතිව්ස් හා ලසිත් මාලිංග සමග විනෝද වූ අතර පිරිස ආපසු එන අතරවාරයේ විශාල මුදලක් ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට ද තොරතුරු ලැබී ඇත. මෙම ජානකී නමැත්තිය ඩීල් සඳහාම ප්‍රසිද්ධ එකියක ලෙස හැඳින්වේ.


    අනුෂ සමරනායක හා ලසිත් මාලිංගගේ මෙම කුළුපග මිත්‍ර ගයාන් විශ්වජිත් නමැත්තා තරඟ පාවාදීම සඳහා කුසල් ජනිත්ට හා රංගන හේරත්ට මුදල් ලබා දීමට තැත් කළ බවට ඔවුන් දෙදෙනා අයි.සී.සී යට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇති අතර මේ වන විට ඒ ගැන පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. කුසල් ජනිත් සමග දීර්ඝ කාලීන මිතු දමක් මෙකී ගයාන් විශ්වජිත් නමැත්තා පවත්වාගෙන ආ බවට තොරතුරු හෙළි වී තිබේ. මේ අතර වාරයේ කුසල් ජනිත් තහනම් උත්තේජක රැගෙන ඇති බවට ඇත. වරදකුරුවෙකු වී ඇත. කුසල් ජනිත් විසින් ගයාන් ගේ තරඟ පාවාදීමේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසුවද ගයාන් කිහිප විටක් කුසල්ගේ නිවසට ගොස් ඔහු හමුවී ඇති අතර එහිදී තම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා කුසල්ට යම් තහනම් උත්තේජක අඩංගු පානයක් ලබා දී ඇති බවට ද සැක පහළ වී තිබේ. මෙම තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වාගෙන යයි.


    මොවුන් අතරට එක් වූ ‘ක්‍රිස්‘ නම් ඇන්ජලෝ මැතිව්ස් ගේ කුළුපග මිත්‍රයෙකු ගැනද කතා බහට ලක් වී ඇත. මොහු තරඟ පාවාදීම් ජාලය තුල සිටින්නෙකු විය හැකි බවටද තොරතුරු ලැබී තිබේ.



    නවසීලන්ත සංචාරය තුළද තරඟ පැරදුනු ආකාරය, කාසියේ වාසිය දිනා පන්දුවට පහර දුන් ආකාරය හා අවසන් තරඟයට පෙර ක්‍රීඩකයන් එළිවන තුරු ශ්‍රී ලාංකික නිවසක බීමතින් සිටීම යන කරුණු මෙන්ම මෙම තරඟ පාවා දීම් චෝදනාව පිලිබඳ පරීක්ෂණය හරි හැටි පැවැත්වුව හොත් ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේම නම් මේ සඳහා ඇදී එනු ඇතැයි වාර්තා වේ.


    මෙම සිද්ධීන් පිලිබඳ තොරතුරු දන්නා අයෙකු ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට කීවේ මෙකී නම් කියැවෙන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හා පුහුණුකරුවන්ගේ වත්කම් සොයා බැලුවහොත් අනිවාර්යයෙන්ම මොවුන් හසුවන බවයි. මෙම සිද්ධියේදී නම කියැවෙන එක්තරා පුහුණුකරුවෙකු මේ දිනවල මහල් 4 ක ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ද ඉදිකරමින් සිටින බව වාර්තා වේ.


    X7GIqWW.jpg


    ViOPGO2.jpg


    CTMO1xu.jpg


    DYrkdO0.jpg


    LtPHiFY.jpg


    SzEyvsv.jpg


    41mqo8b.jpg


    0puZawX.jpg


    I7ZNmok.jpg


    1PhYyJL.jpg


    x6N94iS.jpg


    SAIyYz7.jpg


    F4pJHlG.jpg


    hgN4EI3.jpg


    Zr2R5NH.jpg


    NQ2pdDl.jpg

    Source: http://lankaenews.com/
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    හැබැයි WORLD CUP එකක් ලඟ තියාගෙන මේවා හාරන එක හොඳ නැහැ මම හිතන්නේ...............
     

    ddilshantha

    Junior member
  • May 1, 2010
    633
    12
    18
    ,,

    ape cricket dan west indies ganatama watila tiyene,,meke ai goda yamak ne,match 10k withara gahuwama 3k withara dinai.mama hithane ne ai esara wage cricket lankawe tiyei kiyala.sanga,mahela,dilshan thamai anthima 3dena.