අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA

    CEPA හෝ ECTA හෝ මොන මගුලක් ගෙනාවත් වන දේ පිළිබදව පැහැදිලි අවබෝධයක් නැති කම නිසා හෝ කුහක දේශපාලන හොර බලල්කම නිසා හෝ නැතිනම් තම පොරත්වයට මුක්කුවක් ගැසීම පිනිස බබා හුකුං ත්‍රෙඩ් දමමින් අපෙන් “අනේ මොනවද මචං මේකෙන් වෙන හානිය ..ප්ලීස් කියල දීහල්ලා කෝ“ යනුවෙන් නාහෙන් අඩන සම-හරක් ගේ විශේෂ අවධානය පිණිස සහ මේ පිළිබදව අවධානයෙන් හිදින, මෙයට තීරනාත්මක ලෙස විරුද්ධ වීමට සිටින සත්ජනයාන් ගේ ඥාණාවබෝධය පිණිස මෙම උපුටා ගැනීම මෙහි පළ කරමි.

    ලිපිය පිළිබදව සියළු ම කීර්තිය ලිපිය ලියූ සමන්ත කුමාරසිංහ මහතානන් හට බැරවිය යුතුය.



    පෙර කිසිදා නොවූ විරූ අයුරින් ශ්‍රී ලාංකිකයන් එකිනෙකා හට හොරුන්, දූෂකයින්, කුඩුකාරයින් පාවා දෙන්නවුන් වැනි එකී නොකී චෝදනා නගමින් ඇනකොටා ගන්නා අවාසනාවන්ත වසරක් බවට 2015 වර්ෂය පත්ව ඇත. රටේ මෑත අතීතයේ පවා නොදන්නා තරුණ පරම්පරාව තමන්ගේ සුරතල් මොබයිල් ෆෝනය හෝ පුද්ගලික කොම්පියුටර භාවිත කරමින් ටොයියන් හා බයියන් යැයි දෙකොටසකට වී තරඟයට ලියති. බැන ගනිති.



    ඉතිහාසයේදී වරද්දාගත් තැනින්ම වර්තමානයේත් වරද්දා ගැනීම…
    අපගේ ජනතාව මෙසේ ඇනකොටා ගනිද්දී එම භේද ඇති කිරීමේ බීජ වපුරන ලද ඉන්දියාව ඇතුළු තවත් රටවල් අප ආර්ථිකයේ වැදගත් මර්මස්ථාන ගිල ගැනීමට සහ ශ්‍රී ලාංකීය ඉඩම් සහිත රාජ්‍ය දේපල කුණු කොල්ලයට මිලදී ගැනීමට ගිවිසුම් අත්සන් කරමින් සිටියි. මීට වසර 200කට පෙර 1815 දී ඉංග්‍රීසි කොල්ලකරුවන් අප ආක්‍රමණය කරන විටද ලාංකිකයන් සිටියේ වර්තමානයේ සේම ක්‍රෝධයෙන් වෛරයෙන් එකිනෙකා හා කුලල් කා ගනිමිනි. සන්තෝසම්වලට කෑදර අසමගි රටක සිටින අඥානයින් රොත්තක් නොතේරෙන ගිවිසුම් විදේශිකයන් සමඟ අත්සන් කරන්නට පොළඹවා ගැනීම එතරම් අසීරු කරුණක් නොවේ. විජාතික බලවේග සූක්ෂමව රට තුළට ඇතුළු වන්නේත්, ක්‍රියාත්මක වන්නේත් මෙවැනි වාතාවරණයන් තුළදීය. හොඳම උදාහරණය නම් උඩරට අල්ලාගැනීමේ ක්‍රියාන්විතය දියත් කළ මොළකාරයා වන ජෝන් ඩොයිලි නම් ආණ්ඩුකාරයා පුද්ගලික එදිරිවාදිරිකම් වලින් ඇනකොටා ගන්නා රදලයන් හා ඊර්ෂ්‍යාවෙන් හා බල ලෝභයෙන් වලිකන ඇහැලේපොල, මොල්ලිගොඩ වැනි අදිකාරම්ලා ඉත්තන් සේ පාවිච්චි කර රජු කෙරෙහි බිඳවා උඩරට ආක්‍රමණය කරන්නට දැල එලා පසුව රජුද අල්ලා ගැනීමයි. තවද බ්‍රිතාන්‍ය රජයෙන් ඩොයිලිට උපදෙස් ලැබුණේ උඩරට සමඟ සුහදව කටයුතු කරන ලෙසටත් හැකිතාක් සමඟිව ගිවිසුම් වලින් බැඳෙමින් සබඳතා ඇති කරගන්නා ලෙසත්ය. වර්තමානයේ අසල්වැසි රාජ්‍යයන් අල්ලන්නට මාන බලන්නෙත් මෙම කුරුමාණම නොවේදැයි වැටහෙන්නේ කීයෙන් කී දෙනාටද? සිංහලයා මෝඩයා කැවුම් කන්න සූරයා යැයි ඉංග්‍රීසි ජාතික ආක්‍රමණික කොල්ලකරුවන් විසින් පවසන්නට ඇත්තේ එබැවින් යැයි සිතිය හැකිය. රටට ජාතියට ආදරයෙන් සහ තම පටු පරමාර්ථ පෙරදැරි කර නොගෙන සිටියා නම්, අදීන ජාතියක්ව ඉංග්‍රීසින්ට නතු නොවී ඉන්නටත්, රජ පෙළපතේ අවසානය එතැනින් නිම නොවන්නටත් හොඳටම ඉඩ ප්‍රස්ථා තිබිණි.



    ආර්ථික ආක්‍රමණ මඟින් රටවල් පාලනය කිරීම…
    මෑත කාලීන ඉතිහාසයේ යුද මගින් රටවල් අල්ලා ගැනීම සිදු නොවන තරමටම අල්පය. දැනට සිදුවන්නේ කුඩා හා ආර්ථික වශයෙන් දුර්වල රටවල ආර්ථිකයන් විශාල සහ ශක්තිමත් ආර්ථිකයන් ඇති රටවලින් අල්ලා ගැනීමයි. මෙහිදී විශේෂයෙන්ම ද්වීපාර්ශ්වික ආර්ථික ගිවිසුම් මඟින් මෙම ක්‍රියාවලිය සිදු කෙරේ. විටෙක කලාපීය ආර්ථික ගිවිසුම්ද මේ සඳහා භාවිතා කරයි. එහිදීද අන්ධ ලෙස අනෙක් රටවල්වල යෝජනා පිළිගත් කුඩා රටවල්වලට සිදු වී ඇති විනාශය අද බංකලොත් වී ඇති ග්‍රීසිය වැනි රටවලින් දැකිය හැකිය. යුරෝපා සංගමයට බැඳුණු කුඩා රටක් වන ග්‍රීසිය, යුරෝ මුදල් භාවිතයට එකඟ වුවත්, ස්වීඩනය, ඩෙන්මාර්කය සහ නොර්වේ වැනි රටවල් ඔවුන්ගේ මුදල් ඒකක වල ස්වාධීනත්වය රැකගනී. එසේ කළ රටවල් බේරී සිටියදී අන්ධානුකාරයෙන් විදේශයන් සමඟ ගිවිසුම් ගසාගත් ග්‍රීසිය වැනි කුඩා රටවල් විශාල ලෙස ආර්ථික පරිහානියට පත්ව ඇත.
    ලෝකයේ වෙනත් රටවල ව්‍යාපාර පිළිබඳ අවබෝධයක් ඇති සහ විදේශ රටවල ව්‍යාපාර පවත්වාගෙන යාම පිළිබඳ නිසි අවබෝධයක් ඇති ව්‍යාපාරිකයින් පිරිසක් ඉන්දියාව විසින් යෝජනා කරන ලදුව අපගේ ඇතැම් දේශපාලනඥයින් විසින් ඉහලින්ම පිළිගන්නා ලද සහ ඉන්දියාවට කඩේ යන ඇතැම් ශ්‍රී ලාංකීය රජයේ සේවකයින් විසින් අනර්ඝ යැයි පවසන ලද සීපා වැනි ආර්ථික ගිවිසුම් වලට එරෙහි වූයේ ඉහත තත්ත්වයන් තේරුම් ගෙන ඇති බැවිනි.



    ශ්‍රී ලංකාවේ ආර්ථිකය අඩපණ කරන ඉන්දියානු ප්‍රතිපත්ති…
    ඉන්දියාව ශ්‍රී ලංකාවට මිතුරු රටක්ව පැවති කාලයක් තිබෙන්නට ඇත. එහෙත් මා හට යම් තේරුම් යන වයසකදී පටන් මා නම් දැක ඇත්තේ ඉන්දියාව ශ්‍රී ලංකාවට කරන ලද අනිසි බලපෑම් හා සතුරුකම්ය. 1977 දී ජේ.ආර්. ජයවර්ධන යටතේ එ.ජා.ප රජය බලයට පත්වන විට මා ඇ.පො.ස. උ.පෙළ හදාරන සමයේ එ.ජා.ප. ය ඇමෙරිකාව ඇතුළු බටහිරට බර ක්‍රමවේදයට අනුව යමින් විවෘත ආර්ථික ප්‍රතිපත්තියකට යොමු විය. එම ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ළංවීමට එවකට ඉන්දියාව පහරදීමට යොදාගත්තේ උතුරේ දේශපාලන බලය සඳහා පොරකමින් සිටි සුළු ජාතික පක්ෂ වන අතර, ඉන්දියානු අනුග්‍රහයෙන් සහ යුද පුහුණුවෙන් බිහිවූ LTTE ඇතුළු ත්‍රස්තවාදී සංවිධාන නිසා විනාශ වූයේ ශ්‍රී ලංකාවාසීන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකයයි.
    අවුරුදු 30ක යුද්ධය සමයේ විවිධ ක්‍රම මඟින් විසඳුම් සහ යෝජනා සහිතව පැමිණි ඉන්දියාව ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකා ආර්ථිකය අත්පත් කරගන්නා ලදී. එම කාලය තුළ බලයට පැමිණි එ.ජා.ප, ශ්‍රී ලංකා සහ අනෙකුත් සන්ධාන රජයන් සියල්ලන්ම පාහේ ඉන්දියානු බලපෑම් වලට යටත්ව විවිධ ආර්ථික වරප්‍රසාද ඉන්දියාවට ලබාදෙන ලදී. ඒවායේ ජනතාව දන්නා උදාහරණ ලෙස 2000 වසරේ සිට ක්‍රියාත්මක වූ ඉන්දු – ශ්‍රී ලංකා ඊනියා නිදහස් වෙළඳ ගිවිසුම සහ 2003 වසරේදී ඉන්දියානු තෙල් සමාගමට ඉතාමත් අඩු මුදලට විකුණා දමන ලද ඛණිජ තෙල් සංස්ථාවේ කොටස් සහ නොමිලයේම ලබාදී ඇති ත්‍රිකුණාමලයේ ඉන්ධන ටැංකි සංකීර්ණය සඳහන් කළ හැකිය.
    එදා ඉන්දියාව විසින්ම පණ පොවා ශක්තිමත් කරන ලද උතුරේ ත්‍රස්තවාදී අරගලය හමුවේ එවකට පැවති රජයන් අසරණ වන විට යම් යම් පොරොන්දු දෙමින් ඛණිජ තෙල් සමාගමෙන් කොටසක් සහ තෙල් බෙදාහරින පිරවුම්හල් 100ක් සහිත ශ්‍රී ලාංකික භුමිය කුණු කොල්ලයට ඉන්දියාව ලබාගත්තේ ඉහත කී ආර්ථිකය ගිලගැනීමේ ප්‍රතිපත්තිය අනුව යමිනි. මෙසේ ඉන්දියාව විසින් ශ්‍රී ලාංකීය පොකුණේ ජලය බොර කර බාගත් ආර්ථික මසුන් විශාල සංඛ්‍යාවක් ඇති අතර, බොහෝ ජනතාව ඒ බව නොදනී. දැනට අපේම දෙයක් යැයි කියමින් අපටම භාණ්ඩ විකුණන බොහෝ කර්මාන්ත දැනටමත් ඉන්දියානුවන් සතුය. ඉන්දියානුවන් සතු ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි ව්‍යාපාර ප්‍රමාණය සියයකට ආසන්න වන අතර, ඉන් බොහෝමයක් ශ්‍රී ලංකාවට හෝ ශ්‍රී ලාංකිකයන්ට කිසිදු වාසියක් ගෙන දී නැත. මෙම ව්‍යාපාර සියයේ ලැයිස්තුව පරීක්ෂා කරන විට ඇතැම් ව්‍යාපාර සඳහා අනුමැතිය ලබාදුන්නේ කුමන පදනමකට දැයි පුදුම සිතේ. ඔවුන් විසින් ප්‍රධාන වශයෙන් කර ඇත්තේ ශ්‍රී ලාංකීය භුමිය අත්පත් කර ගැනීමයි. උදාහරණයක් ලෙස හොරණ ඉංගිරිය ප්‍රධාන මාර්ගය දෙපස ගෙවල් එක්දහස් පන්සීයක ව්‍යාපෘතියක් සඳහා ආයෝජන මණ්ඩලය 2005 දී ලබාදුන් අක්කර 180 ක් පමණ ඉඩම් වල මේ වන තෙක් ඉදිකර ඇත්තේ ගෙවල් 50ක් පමණි. එහෙත් ආයෝජන මණ්ඩලය මෙම ඉඩම් නැවත පවරාගෙන නැත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පලතුරු බීම අපනයනය සඳහා ආයෝජන මණ්ඩලය අනුමැතිය ඇති කර්මාන්ත ශාලාවක ශ්‍රී ලංකාවෙන් එකතු වන එකම දෙය නම් ශ්‍රී ලාංකික පිරිසිදු භූගත ජලය පමණි. මේ සඳහා අක්කර 50 ක පමණ බිම් ප්‍රමාණයක් ඔවුන් අත්පත් කරගෙන ඇත. තවත් ව්‍යාපාර දෙකකට අනුමැතිය දී ඇත්තේ සඳුන් තෙල් අපනයනයටයි. ශ්‍රී ලංකා නීතියට අනුව සඳුන් ගස් කැපීම සහ ප්‍රවාහනය තහනම්ය. සඳුන් තෙල් පෙරනුයේ පොල් තෙල්වලින් දැයි සොයා බැලීම වටී.
    ආයෝජන මණ්ඩලය හරහා එන විදේශීය සමාගම් වලට අමතරව පහත සඳහන් ගැසට් නිවේදන මඟින් විනිමය පාලක විසින් ඉඩදී ඇති මාර්ගයන් ඔස්සේ කර්මාන්ත අමාත්‍යාංශය සහ වාණිජ දෙපාර්තමේන්තුව හරහාද විදේශිකයන් විශාල ලෙස ශ්‍රී ලංකාව තුළට රිංගා ගනී.



    ගැසට් අංකය දිනය
    1232/ 14 19/04/2002
    1248 08/08/2002



    මෙහි වඩාත්ම භයානක තත්ත්වය නම් එසේ පැමිණ ඇති විදේශිකයන් සතු සමාගම් වල ලැයිස්තුවක් පවා කර්මාන්ත අමාත්‍යාංශය සතුව නොතිබීමයි. ශ්‍රී ලංකාව පුරා ඉන්දියානු පාකිස්තාන හා චීන ජාතිකයන් සතු අවන්හල් සහ මසාජ් ක්ලිනික් බිහිවනුයේ මෙම මාර්ගයන් ඔස්සේය.
    සහෝදර ශ්‍රී ලාංකිකයාට හොරා, දුෂිතයා හෝ වෙනත් බොහෝ දෑ පවසමින් ඊර්ෂ්‍යාවෙන් සහ ක්‍රෝධයෙන් පහර දෙමින් නඩු පවරන අනෙකුත් ශ්‍රී ලාංකිකයන් හට ඉහත කී විදේශිකයන්ගේ මෙම වංචා සහ සොරා ගැනීම්ද අප රට දැය මෝඩකමින් හෝ වංචාවන් මඟින් විදේශිකයන්ට අත්පත් කරගැනීමට ඉඩදෙන ශ්‍රී ලාංකිකයන් වංචාකාරයන් සේ නොපෙනීමද රටේ අනාගතයේ සහ අනාගත පරම්පරාවේ අවාසනාවකි.



    චීනයේ ආයෝජන සහ ඊට ඇති ඉන්දියානු ඇමෙරිකානු විරෝධය…
    චීන ආයෝජන වලදී සොරකම් සිදුවී ඇත්දැයි මම නොදනිමි. කෙසේ නමුත් චීනය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඇසට පෙනෙන ආයෝජන පසුගිය වසර 10 තුළ සිදුකර ඇත. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් පමණ වේ. ඉන්දියාව මෙය ඔවුනට විශාල තර්ජනයක් බව පවසමින් වත්මන් රජයට බලපෑම් කිරීම නිසා චීන ව්‍යාපෘති අතරමග නතර විය. එනමුත් චීන ජනපතිගේ ඉන්දියානු සංචාරයේදී ඉන්දීය අගමැතිගේ ඉල්ලීම පරිදි චීනය ඇ.ඩො. බිලියන 20ක ආයෝජන ඉන්දියාවට ලබාදීමට එකඟ වී ඇත. තවද ඉන්දියාවේ ප්‍රධානතම වෙළඳ ගැනුම්කරුවාද චීනයයි. ඇ.ඩො. බිලියන 66ක් පමණ වන දෙරට අතර වෙළඳාමෙන් චීනයට ඇ.ඩො. බිලියන 50ක පමණ වෙළඳ අතිරික්තයක් ඇත. එබැවින් චීනය ශ්‍රී ලංකාව තුළ කරන සොච්චම් ආයෝජනය ඉන්දියාවට තර්ජනයක් වන්නේ කෙසේද? ඇමෙරිකාව පවසා සිටින්නේ චීනය ශ්‍රී ලංකාවේ කරනා ආයෝජන ඔවුනටද තර්ජනයක් බවයි. එසේ වුවද චීනය පසුගිය වසර 15 තුළ ඇමෙරිකාව තුළ ව්‍යාපාර ඇති කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල ඇ.ඩො. බිලියන 50 ඉක්මවයි. දැනට ඇමෙරිකානුවන් 80,000කට වැඩි පිරිසක් චීනය සතු ඇමෙරිකාව තුළ ඇති ව්‍යාපාර වල සේවය කරයි. මෙම ආයෝජන 2020 වනවිට ඇ.ඩො බිලියන 200 ඉක්මවන බව ඇමෙරිකානුවන්ම ගණන් බලා ඇත. (Los Angeles Times 20/05/2015) තවද ශ්‍රී ලංකාවෙන් එළවා දැමූ චීනය මෙම වසර තුළදී පාකිස්තානය සඳහා පොරොන්දු වී ඇති ආයෝජන වල වටිනාකම ඇ.ඩො. බිලියන 46කි.



    චීනය ලංකාවට සතුරුකම් කළ බවක් මෑත ඉතිහාසයේ ලියවී නොමැත. අද ආයෝජනවලට මුදල් ඇත්තේ ද චීනයටයි. තත්ත්වය එසේ බැවින් ශ්‍රී ලංකාව චීනය පන්නා ගැනීමේ ඉන්දියාවේ සහ බටහිර රටවල ලණු කෑම වැනි මෝඩ ක්‍රියාවකි. එදා බටහිර ආක්‍රමණිකයින් කියූ උපමාවේ මුල් කොටසට මම එකඟ වෙමි. “සිංහලයා මෝඩයා” යන්න එයයි. එහෙත් එහි දෙවන කොටස “ඉරිසියාවට සූරයා” ලෙස වෙනස් විය යුතු බව මගේ අදහසයි.
    ඉරිසියාවෙන් සහ වෛරයෙන් අන්ධ වී තම සහෝදර රටවැසියන් පෙළමින් තම රටේ ඉඩම් හා අනෙකුත් සම්පත් පිටරැටියන්ට කුණු කොල්ලයට නොවිකුණන මෙන්ද, එවැන්නන් හට සහයෝගය නොදෙන මෙන්ද අනාගත පරම්පරාව වෙනුවෙන් ඉල්ලා සිටිමි.



    සටහන :
    සමන්ත කුමාරසිංහ මහතා.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    බයියෝ:- "ඔහොම වෙලා මදි! ඔව්!!
    පුරා අවුරුදු තිහක් තිස්සේ
    රට වෙලාගත් ත්‍රස්තවාදය
    පරදවා රට එකලු කරවූ
    නරනිඳුන් හට සතුරු කම් කල
    ද්‍රෝහියනි.....!

    තොපිට ඔහොම වෙලා මදි!!!:frown::angry:"

    ටොයියෝ:- "තොපි එදා පොට්ට ද?? කියපිය!!
    හෙලා උන් තම මස් නහර ලෙය
    මුදා ගත් අප මාතෘ භූමිය
    නෑ සියන් හා සමග එක්වී
    උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
    නොදැක්ක වහලුනි.....!
    තොපි එදා පොට්ටද??:angry::frown:"

    ජෙප්පෝ:- "අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
    පිටිය සරහා පිරී ඉතිරෙන
    ලෙසින් රොක් වී සවන් දී අත්
    පොලොසනින් කන් දෙදරවා පසු
    දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
    බත් කන ගොන්නුනි.....!
    දැන් අපිව හොයන්නේ පකට ද??:no::growl:


    උපන්නාට වැනෙන බහුතරය:- " රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
    දෙවෙනි මවකව සිටිය වූවද
    තම හිමිගේ දියණියට අදරින්
    සලකනා නුඹ විශාකාවකි
    බුදු වෙයන් මතු බවෙක ඉපදී
    ඉෂි අම්මේ.......!:love:
    ඔයා නම් රියලි ග්‍රේට් මෙයා!!!:D:yes:"




    ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!:cool:


    ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!:no::sorry:

    P:S:-

    මේ පෝස්ට් එකෙ අරමුණ හාස්‍යය මතු කිරීම නෙවෙයි.:no: මේක මම ඊයේ දවසේ සීපා ගිවිසුම ගැන පලවුණු ත්‍රෙඩ් එකක දැකපු පෝස්ට් කිහිපයක් නිසා තමයි මෙහෙම රිප්ලයි එකක් දාන්න හිතුණේ. පොදු හතුරෙක් එක්ක හැප්පෙනකොටවත් අඩුම තරමේ උඹලාගේ පාට කණ්නාඩි ගලවලා පැත්තකින් තියපන්!:yes: මේ වගේ විනාශයක් වුණොත් උබ ටොයියෙක් වුණත් බයියෙක් වුනත් ජෙප්පෙක් වුණත් මේ කිසිම දෙයක් ගැන සත පහකට කෙයා කරන්නේ නැතුව ඉන්න එකෙක් වුණත් කෙලවෙනකොට කෙලවෙන්නේ පොදුවේ අපි හැමෝටමයි!!!:angry:

    දෙයියන්ගේ නාමෙන් මේ වගේ ප්‍රශ්නයකදි වත් එකා වගේ ඉදිරියට වරෙන්. දේශපාලන මත ගැටුම් පසුවට තියාගමු.........!!!:):)
    ~මැඩියා~



     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    if sri lanka and sinhalese can't find their place in the modern world, they will perish..

    no point of hating or swinging at each other with sticks, it time we face these facts.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    අපේ කට්ටියට ඕකෙ රඟේ තේරෙන්නේ ඉන්දියාවේ උන් මෙහේ ඇවිත් දෙකයි පණහේ පඩියට වැඩ කරන්න ගත්තාම තමා....:(
     

    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ai me gena mass media wala kisi deyak kiyan neththe, social media wala pirisa pamanai denuwth. Ko me JVP eke un ?? :angry:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    https://www.youtube.com/watch?v=RWpIHodw8H0&list=PLNzr0JLxKcTbo5gylq33dd1XOt3cIwepC&index=1



    මේ වීඩියෝ ටික ප්ලේ වෙන්නෙ නැත්තෙ ඇයි බං.....අයින් කරලද? :dull:

    සී පා ගැන කතා කලා මුල් ටිකේ නම්

    ඉරානයා ඇවිත් හොඳ ගොං කතා ටිකක් කියනවා:angry:....මුල් පැය විතරයි මාත් බැලුවේ
     
    Last edited:

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    ලංකාවේ හැම ලාභ ඉපැයිය හැකි මාර්ග සියල්ල ක්‍රමයෙන් ඉන්දියානුවන් විසින් ආක්‍රමනය කරමින් පවතී.
    ඉහත ලිපිය‍ේ දැක්වා ඇති පරිදි
    තෙල්

    නුදුරු අනාගතයේදී
    තේ (මේ සඳහා සියළු පිඹුරුපත් සකසා අවසන්)
    තොරතුරු තාක්ෂණ හා ඉන්ජිනේරු සේවා අංශ
    ඉන්දියන් සාගරය තුල නැව් සඳහා ආරක්ෂාව සපයන සේවාව.
    ලාංකීය සමුදුරු පරිසරයේ මත්ස්‍ය සම්පත
    ...

    දේශපානමය වශයෙන් අස්ථාවරවර පවතින රටක් වන ශ්‍රී ලංකාව මෙම උගුල තුල තවදුරත් සිර වීම ඇර වෙනත් දෙයක් බලා පොරොත්තු විය නොහැක. මන්ද මේ ආකාරයේ ප්‍රශ්න බහුතරයක් වු සාමාන්‍ය ජනයාට නොදැනෙන බැවිනි. දැනෙන්නට පටන් ගත් විට අශ්වයා පැන ගොස් හමාරය...
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113
    මම බිරි අලින්ට වෙණ වැයිම නවත්වා ඇත්තෙමි.
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    බයියෝ:- ඔහොම වෙලා මදි! ඔව්!!
    පුරා අවුරුදු තිහක් තිස්සේ
    රට වෙලාගත් ත්‍රස්තවාදය
    පරදවා රට එකලු කරවූ
    නරනිඳුන් හට සතුරු කම් කල
    ද්‍රෝහියනි.....!

    තොපිට ඔහොම වෙලා මදි!!!:frown::angry:

    ටොයියෝ:- තොපි එදා පොට්ට ද?? කියපිය!!
    හෙලා උන් තම මස් නහර ලෙය
    මුදා ගත් අප මාතෘ භූමිය
    නෑ සියන් හා සමග එක්වී
    උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
    නොදැක්ක වහලුනි.....!
    තොපි එදා පොට්ටද??:angry::frown:

    ජෙප්පෝ:- අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
    පිටිය සරහා පිරී ඉතිරෙන
    ලෙසින් රොක් වී සවන් දී අත්
    පොලොසනින් කන් දෙදරවා පසු
    දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
    බත් කන ගොන්නුනි.....!
    දැන් අපිව හොයන්නේ පකට ද??:no::growl:


    උපන්නාට වැනෙන බහුතරය:- රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
    දෙවෙනි මවකව සිටිය වූවද
    තම හිමිගේ දියණියට අදරින්
    සලකනා නුඹ විශාකාවකි
    බුදු වෙයන් මතු බවෙක ඉපදී
    ඉෂි අම්මේ.......!:love:
    ඔයා රියලි ග්‍රේට් මෙයා!!!:D:yes:

    ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!:cool:


    ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!:no::sorry:

    well said

    All has only poitical agenda no one think about the country :no::no::no:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    බයියෝ:- ඔහොම වෙලා මදි! ඔව්!!
    පුරා අවුරුදු තිහක් තිස්සේ
    රට වෙලාගත් ත්‍රස්තවාදය
    පරදවා රට එකලු කරවූ
    නරනිඳුන් හට සතුරු කම් කල
    ද්‍රෝහියනි.....!

    තොපිට ඔහොම වෙලා මදි!!!:frown::angry:

    ටොයියෝ:- තොපි එදා පොට්ට ද?? කියපිය!!
    හෙලා උන් තම මස් නහර ලෙය
    මුදා ගත් අප මාතෘ භූමිය
    නෑ සියන් හා සමග එක්වී
    උනුන් රිසි ලෙස අලෙවි කල හැටි
    නොදැක්ක වහලුනි.....!
    තොපි එදා පොට්ටද??:angry::frown:

    ජෙප්පෝ:- අපිව හොයන්නේ පකට ද?? ඈ යකෝ!!
    පිටිය සරහා පිරී ඉතිරෙන
    ලෙසින් රොක් වී සවන් දී අත්
    පොලොසනින් කන් දෙදරවා පසු
    දිනෙම උන් රජ වරුන් කෙරෙවූ
    බත් කන ගොන්නුනි.....!
    දැන් අපිව හොයන්නේ පකට ද??:no::growl:


    උපන්නාට වැනෙන බහුතරය:- රියලි ග්‍රේට් මෙයා! ඇත්තමයි!!
    දෙවෙනි මවකව සිටිය වූවද
    තම හිමිගේ දියණියට අදරින්
    සලකනා නුඹ විශාකාවකි
    බුදු වෙයන් මතු බවෙක ඉපදී
    ඉෂි අම්මේ.......!:love:
    ඔයා රියලි ග්‍රේට් මෙයා!!!:D:yes:

    ප:ලි:- කිසිදු ආකාරයක මඩ ගැසීමක් හෝ කඩේ යෑමක් නොවේ!! හුදෙක් විවේචනාත්මකඅදහස් පල කිරීමක් පමණකි!!!:cool:


    ප:ප:ලි:- අපේ උන් ගැන මීට වඩා මොනා කියන්න ද කියලා තේරෙන්නේ නෑ කිඹුලා..!:no::sorry:

    what does ishi has to do with anything :(:( she's a great woman :P