ඇයි අපි පොහොසත් නැත්තෙ?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    පොහොසත් අයම දියුනු වෙන්නෙ ඇයි කියලා Ultra සහෝදරයා දාලා තිබුනු ත්‍රෙඩ් එකට මම දාපු උත්තරේ සහ මේ විෂය පිලිබඳව යන්තම් හරි මම දන්න දේ කිරියෙ දාන ලෙස Dimer සහෝදරයා කරපු ඉල්ලීම නිසා මෙම ලිපිය පල කරන්නෙමි.ගොඩක් උන්ට මල පනියි මම මේ කියලා තියෙන දේවල් වලට.ඒත් කවුරුහරි වැඩක් ගනියිනෙ

    ඇත්තටම පොහ්සත් උන් පොහොසත් උනේ කොහොමද?ලක් එකට,නිධානයක් හම්බ වෙලා.. ඕකා මිනිස්සුන්ට පොලු තියලා දියුනු උනේ වගේ කතා අපි දවසට 3,4ක් අහලා තියෙනවනෙ.ඒත් ඇත්ත ඒක නෙවෙයි,මේ කතා කියන උන් ගොඩක් ඒවා කියන්නෙ උන්ගෙ හිත රවට්ටගන්න.ඇත්තටම අපි හිතන විදිය වෙනස් කරගන්න එකයි බන් වෙන්න ඕනෙ... ඒක නිසා තමයි ලෝකෙ 1%ක් 85%ක් සල්ලි පාවිච්චි කරන්නෙ,පොඩ්ඩක් හිතහන් අපි ඉගෙන ගන්නෙ ඇයි? රස්සාවක් කරන්න.රස්සාවක් කරන්නෙ ඇයි? සල්ලි හොයන්න.සල්ලි හොයන්න රස්සාවක් කරන්න අපි ඉගෙනගන්න කොච්චර කාලය වය කරලා ඇද්ද?සල්ලි යට කරලා ඇද්ද? එතකොට ඒ ගාන හොයන්න අපි අවුරුදු කීයක් වැඩට යන්න ඕනෙද?... ඒ එකක්....
    එතකොට අපේ දවස හිතහන්,අපි උදේ 6.30ට වැඩට යන්නෙ කියලා හිතපන්,8.30ට වැඩට ගිහින් 4.30 වෙනකල් වැඩ කරලා ගෙදර එනකොට 6.30යි.එතකොට අපිට ගිය පෙට්‍රල් වියදම,ඔෆිස් ඇඳුම් පැලඳුම්වල වියදම?පැය 4ක් පාරෙ නාස්ති කරපු කාලය?කවුරුවත් මේවට ගනන් හදන්නෙ නෑ,පඩිය කීයද කියලා ඇහුවම ලක්ෂයයි දෙකයි කියනවා.පැය 8යි වැඩ කරන්නෙ කියනවා.ඇත්තද?.....
    මේ තමයි වැදගත්ම කාරනය,උඹලා කවුරුහරි පන්තියෙ පලවෙනියා වෙලා තියෙනවද?වෙලා තියෙනවනම් උඹලා දන්නවා ගෙදර මිනිස්සු එදා උඹට කොච්චර සැලකුවද?සෙල්ලම් බඩු අරන් දුන්නද කියලා...ඒත් උඹ 7 වසරෙ පලවෙනියා වෙච්චි එක අද වැඩක් තියෙනවද උඹට?කැම්පස් එකේ පුක උඩ තියාගෙන පාඩම් කරලා බැච් ටොප් උනා කියලා,4.0 GPA එක දැම්මා කියලා රස්සාවට ගිහින් අවුරුදු 5කට පස්සෙ වැඩක් තියෙනවද?ඒ උනාට අපි ඒ වෙලාවෙ පට්ට ෆැන්ටසියක ජීවත් උනානෙ මචන්.යාලුවො උනත් බැච් ටොපාට වැඩි සැලකිලි.ඒත් අවුරුදු 5කින් උඹ කලින් බැච් ටොපා උනා කියලා කාටවත් වැඩක් නෑ...
    මම කියන්නෙ ඉගෙනගන්න එපා කියලා නෙවෙයි,අපි ඉගෙනගන්නෙ වැරදි දේ කියලා කියන එක.අපි ඉගෙනගන්නෙ,අපිට උගන්නන්නෙ වහල්ලු වෙන්න.උඹ පොඩි කාලෙ උඹෙන් ආසම කාර් එක ඇහුවොත් කියන්නෙ ෆෙරාරි එකක් නැත්තන් ලැම්බො එකක්.අද මරුටියක් ගන්න කටු කනවා...,ෆේස්බුක් එකේ කවදාහරි ෆෙරාරියක් ගන්නවා කියලා කී දෙනෙක් පෝස්ට් දානවද?ඒත් ඒ එකෙක්ටවත් ඕක කරන්න බැරි බව මම දන්නවා,උඹ දන්නවා කොටින්ම ඒ පෝස්ට් එක දාපු එකත් දන්නවා... ඇයි එහෙම කරන්න බැරි?ඒ මොකද අපි සිස්ටම් එකෙන් වෙන් වෙන්න කැමති නෑ,මේ අපි ෆලෝ කරන සිස්ටම් එක කවදාවත් අපිව ෆෙරාරියකට ගෙනියන්නෙ නෑ,මිනිස්සු වාසනාව කර්මය වගේ දේවල් වලට මුලු ජීවිතේම බාර දීලා උඩ බලාගෙන සිස්ටම් එක ෆලෝ කරනවා.උඹ පන්තියෙ පලවෙනියා වෙනකල් බැච් ටොපා වෙනකල් උඹ හිතන්නෙ උඹ සාර්ථකයි කියලා,වටේ ඉන්න 2.0 GPA එක දාන එකත් හිතන්නෙ උඹ සාර්ථකයි කියලා.ඒත් මචන් රියැලිටිය ඊට වඩා සෑහෙන්න වෙනස්.මම තවම සාර්ථක එකෙක් නෙවෙයි,ඒත් මම අද දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා.මම ඔය ෆීල්ඩ් එක ගැන සෑහෙන්න හැදෑරුවා බන්,තාමත් හදාරනවා....

    මෙතනින් උත්තරේ ඉවරයි,ඉතුරු ටික බලාගනින් පහලින් :D:D:D
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ferrariyak thiyana eka saha mama athara ekama wenasa wanne, u malama uge upatha saha wipatha athara iri kalle diga agal 5k pamana wana athara mama malama mage upatha saha wipatha athara iri kalle diga agal 2k pamana wana bawa pamai.
     
    • Haha
    Reactions: siri_ayya

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mama hithanne uba oya dala thiyana tikath ada inna godak denek dannawa and therenawa. Issarata wada. Issara oya kiyapu tikath magic godak eunta..

    Uba methanin eha tika dammanam thamai machan aththatama wadagath wenne..

    Btw tf posting machan,,
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ferrariyak thiyana eka saha mama athara ekama wenasa wanne, u malama uge upatha saha wipatha athara iri kalle diga agal 5k pamana wana athara mama malama mage upatha saha wipatha athara iri kalle diga agal 2k pamana wana bawa pamai.

    Mokadda ube agal 2i kiwwe?? :rolleyes::rolleyes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අපි මේ සිස්ටම් එකට ආවෙ කොහොමද?

    කියන්න කනගාටුයි සහෝදරවරුනි අපිව මේ සිස්ටම් එකට දාන්න ගොඩක්ම හේතු උනේ අපේ දෙමව්පියො සහ වටේ ඉන්න මිනිස්සු.නිකමට හිතහන් උඹලගෙ තාත්තා බයික් එකේ වඩට යනවා,ඔන්න තාත්තට පේනවා ඩොකෙක් කාර් එකකින් යනවා.තාත්තා හිතනවා බයික් කට්ටෙ කට්ට කන මට වඩා හොඳ සතුටින් ඩොකා ඇති කියලා.උබලගෙ තාත්තට ඩොකාව පේන්නෙ වීරයෙක් වගේ,එදා ඉඳලා උඹලගෙ තාත්තා උඹව ඩොකෙක් කරන්න මහන්සි ගන්නවා.උගන්නනවා,ක්ලාස් 65කට විතර යවනවා,පාඩම් කරවනවා.ඒත් ඇත්තටම ඩොකා ඉන්නෙත් සතුටින්ද?පැය ගානක් රෑ නෑ දවල් නෑ වැඩ කරන්න ඕනෙ,රෑ දෙගොඩහරි ජාමෙ වෙනකල් ප්‍රයිවට් කරන්න ඕනෙ,ඊට පස්සෙ ට්‍රැෆික් එකේ මැරිලා මැරිලා කොට්ටෙට ඔලුව තියනකොට ඔන්න අමාරු ලෙඩෙක් ඇවිත් කියලා හොස්පිටල් එකෙන් කෝල් එකක්.ගිහින් එනකොට පාන්දර 3යි.6ට ආපහු වැඩට යන්න ඕනෙ.ඒ යනකොට තමයි උඹලගෙ තාත්තා ඩොකාව දකින්නෙ.උඹලගෙ තාත්තා දකින සතුට ඩොකා ලඟ ඇත්තටම නෑ....,ඉතින් ඇයි අපෙ තාත්තලා අපිව මේ සිස්ටම් එක ඇතුලට තල්ලු කරන්නෙ? මොකද අම්මලා තාත්තලත් දන්නෙ නැති නිසා මචන්,ඒ මිනිස්සු උඹව හිතලා මේකට දානවා නෙවෙයි,ඒ මිනිස්සු උඹට ගොඩක් ආදරේ නිසා,ඒ මිනිස්සු දන්න උපරිමේට යවන්න තමයි උඹව මේ සිස්ටම් එකට ඇදලා දාන්නෙ.
     
    • Like
    Reactions: arunakr

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එතකොට දියුනු උන උන් කොහොමද මේ සිස්ටම් එකෙන් අයින් උනේ?

    ඔය ගොඩක් උන්ගෙ ජීවිත කතාව අරන් බලපන්,හම එකාම පොඩි කාලෙ ඉඳන් ෆලෝ කරලා තියෙන්නෙ අපේ තියරිය තමයි,ඒත් ජීවිතේ මැදක් යනකොට මුන් ඔක්කොම මේ සිස්ටම් එකෙන්ම එලියට විසි කරලා.උදාහරනෙකට ගනින් ස්ටීව් ජොබ්ස්.ඌ කන්න හොයාගන්න කොකාකෝලා කෑන් එකතු කරන තත්වෙට වැටුනු එකෙක්.ඒත් ඌ පොඩි කාලෙ ඉඳලා ෆලෝ කරලා තියෙන්නෙ අපි කරපු දේවල්ම තමයි,ඉස්කෝලෙ ගිහින් ඉගෙනගෙන කැම්පස් ගිහින්.. හැබැයි කැම්පස් එකේදි මුට කෙලවෙනවා.මූ ආපහු බින්දුවට වැටෙනවා.එතකොට තමයි මුට මේ සිස්ටම් එකෙන් එලියෙ තියෙන පාරවල් පෙන්න ගත්තෙ.හැබැයි කැම්පස් එකේදි මූ සාර්ථක වෙලා ඩිග්‍රි එක ගත්තනම් අද ඌත් ලොකු කම්පනි එකක උපරිම ඩිරෙක්ටර් කෙනෙක් වෙලා ඉඳියි.ඒත් වොරන් බෆට්ලා වගේනම් පොඩි කාලෙ ඉඳලම සිස්ටම් එකේ ඉන්න හම්බ උනු එකෙක් නෙවෙයි.ඒක නිසා ඉස්සෙල්ලා උඹ දැන් කරන දේ හරිද කියලා හිතපන්,හරි නෑ වගේ තේරෙනවනම් වෙනස් වෙයන්,නැත්තන් කවදාවත් ස්ටීව් ජොබ්ස් කෙනෙක් වොරන් බෆට් කෙනෙක් වෙන්න බෑ(කොහොමත් හැම එකාටම වෙන්න බෑ,ඒත් අහසට විද්දොත් වලාකුලක හරි වදියි)
     
    • Like
    Reactions: Jeewanu2

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:

    අන්න ඒක තමයි බන් මටත් වෙන්න ඕනෙ,මට මගෙ ජීවිතේට සල්ලි කියන එක ප්‍රශ්නයක් නොවෙන්න ඕනෙ,ඒක තමයි මගෙ ගෝල් එක:D:D:D
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මචන් WIKY 123,
    මන් දන්නවා උබ ඔහොම ගිහින් මොකාටද එන්න හදන්නේ කියලා.
    'නෙට්වර්ක් මාර්කටින්' වලට නෙහ්.නෑ කියන්න එපා ඇත්ත කියහන්.ඔය ස්ටෝරි 1ම මම ගොඩක් අහල තියෙනවා, පිරමිඩ් බිස්නස් එක ඔලුවට දාන්න පටන්ගන්නෙම ඕකෙන් තමයි.
    මිනිස්සු රවට්ටලා එහෙම හම්බකරනවට වඩා මෙහෙම හොයන තුට්ටු දෙක වටිනවා බන්. :angry::angry::angry:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    සල්ලි තිබුනනම් අපිත් සතුටින් තමයි

    මේක තමයි අපි කියන ගොන්ම කතාව,නිකමට හිතපන් උඹට වාසනා සම්පත ඇදුනා කියලා,උඹ මේ ලෝකෙ සතුටින්ම ඉන්න එකා වෙයි නේද?එතකොට ඔය වාසනා සම්පත බිල් ගේට්ස්ට ඇදුනා කියලා හිතපන්.උට පුක හරියෙන්වත් දැනෙන්නෙ නෑ,ඒත් උඹටයි උටයි දෙන්නටම ඇදුනෙ එකම වාසනා සම්පතනෙ.උඹට තේරෙනවද සතුට කියන දේ වාසනා සම්පත අස්සෙවත් ඒකෙන් ඇදෙන සල්ලි ඇතුලෙවත් නෑ කියලා,සන්තෝසෙ කියන දේ තියෙන්නෙ අපි ඇතුලෙමයි,කාටවත් ඒක උඹෙන් උදුර ගන්න බෑ,වෙලා තියෙන්නෙ වටේ සිද්ධවෙන දේවල් නිසා උඹම උඹේ සන්තෝසෙ නැති කරගෙන....ඒත් අපි සල්ලි හොයන්න ඕනෙ,ඒ ඇයි?අපි සල්ලි හොයන්න ඕනෙ අපේ ජීවිතේ අපි බලාපොරොත්තු උනු දේවල් අත්විඳින්න ඒ අත්දැකීම ලබන්න.අපේ දෙමව්පියොන්ට ගෑනිට දරුවොන්ට අපිට පුලුවන් විදියට ඒ දේවල් ලබා දෙන්න.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මචන් WIKY 123,
    මන් දන්නවා උබ ඔහොම ගිහින් මොකාටද එන්න හදන්නේ කියලා.
    'නෙට්වර්ක් මාර්කටින්' වලට නෙහ්.නෑ කියන්න එපා ඇත්ත කියහන්.ඔය ස්ටෝරි 1ම මම ගොඩක් අහල තියෙනවා, පිරමිඩ් බිස්නස් එක ඔලුවට දාන්න පටන්ගන්නෙම ඕකෙන් තමයි.
    මිනිස්සු රවට්ටලා එහෙම හම්බකරනවට වඩා මෙහෙම හොයන තුට්ටු දෙක වටිනවා බන්. :angry::angry::angry:
    මම එහෙම කොතනක හරි කිව්වොත්,මොකඛරි පිරමීඩ හු**ක් ඇද්දොත් මට ඔය කතාව කියහන්.වෙලාව කාගෙන මේවා කොටනවට අපිට හොඳ පාඩම්
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:

    ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මචන්.අපි හැමෝටම තියෙනවා.
    මටත් ඉස්සර ඕක තිබ්බ.මෝඩ වැඩ නිසා ලක්ෂ ගණන් නාස්ති කරගෙන තියෙනවා.දැන් නම් වියදම් කරද්දී චුට්ටක් හිතනවා , මේක කරන්න ඕනම වියදමක්ද කියලා.
    මාසෙට 10ක් වත් බැරිම නම් 5ක් වත් වෙන අච්චොඋන්ට් එකක දාපන්, සැලරි ගනිපු ගමන්.මමත් එක තමයි කලේ.
    දැන් නම් ශේප්.
    උබේ ප්‍රශ්න ඉක්මනටම ඉවරවෙවා කියල හිතනවා.
    ගූඩ් ලක් බන්.
     
    Last edited:
    • Like
    Reactions: Fox Mulder89

    idiaz

    Banned
  • Jan 22, 2016
    966
    32
    28
    හොඳ මාතෘකාවක් බං..
    මටත් මේ දවල්වල සෑහෙන ප්‍රශ්න..
    හේතුව ගොඩක් අය දොස් කියනවා..
    උඹ මෙච්චර කාලෙකට අනාගතේ වෙනුවෙන් සත පහක් ඉතුරු කරලවත් නෑ නේද කියලා..
    ගන්න පඩියෙන් ණය ගෙවනවා, ගෙදරට, මට, අමතර වියදම් වලට ගියාම පඩියක් හොයන්නවත් හම්බෙන්නෑ..

    ඕවා මං මුලින් ඉල්ලගෙන කාපුවා..
    ඇත්තම කිව්වොත් ලොකු වැඩ කරන්න ගිහින්..
    කතා කරලා තේරුමක් නෑ ඒ ගැන..
    මොකද මට සල්ලි අතට ගත්තාම ඉවර කරනකන් නින්ද නොයන ගතියක් තිබ්බා..
    ඒකයි අවුල..

    කාලයත් එක්ක ඔය දේවල් තේරුම් යද්දි පරක්කු වැඩියි බං..
    මං හිතන්නෙ මේ වයසට බැංකු පොතේ සත පහක් නැති එකම එකා මං වෙන්න ඇති..
    :yes:

    මට පෝසත් වෙන්න කියලා මහලොකු ආසාවක් නෑ බං..
    ඒත් ප්‍රශ්න නැතුව, ණය නැතුව ආතල් එකේ ජීවත් වෙන්න තිබ්බා නම් ඒ ඇති..
    :dull:


    එහෙම නැතුව මේ ගෑනු ලමයි එහෙම සතුටු කොරන්න ගිහින් නෙමේ නේ මම කියන්නේ මේ බොස්ගේ දුව වගේ අය :yes::yes:
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    තෝ කියන්නෙ බොරු,අපේ අල්ලපු ගෙදර එකා කැම්පස් ගිහින් ජොබක් කරගෙන ආශික් එකේ ඉන්නෙ ඔය.මට තමා හි**විලා තියෙන්නෙ

    ඇත්ත,ඌ දැන් ආශික් එකේ ඉන්නවා මොකද උට උගෙ පඩිය ඕනෙවටත් වඩා ඇති නිසා.ටිකක් හිතපන් උගෙ පඩිය ලක්ෂයක් කියලා,උට වියදම් යන්නෙ 50,000යි ඉතුරු ටික උට ඉතුරුයි.ඔන්න අවුරුදු 2,3කින් උට ගෑනියෙක් හොයනවා.ගෑනියෙක් හොයලා වැඩෙත් සෙට්.දැන් උට පරන බයික් එක පැදගෙන ගෑනිගෙ ගෙදර යන්න බෑ,ඒ වෙනකොට උගෙ පඩියත් ලක්ෂ 2ක් කියහන්කො.මූ ගන්නවා ඉතුරු කරගත්තු සල්ලි ලක්ෂ 30කුයි තව ලීස් එක ලක්ෂ 30කුයි දාලා ඉටිකිරිස් කාර් කෑල්ලක්.ලීස් එක 50000යි.දැන් උගෙ වියදමත් කලින් වගේ නෙවෙයිනෙ වෙඩිමකට ගියත් 1000ක් ඔබලා එන්න බෑ,5000ක්වත් දාන්න ඕනෙ,කාර් එකට පෙට්‍රල් ගහන්න ඕනෙ,පවුලෙ නංගිලා මල්ලිලා ඉන්නවනම් උන් ගැන බලන්න ඕනෙ,ඔය ඔක්කොමත් එක්ක දැන් උගෙ වියදම ලක්ෂයයි,ලීස් එකේ 50,000යි ඔක්කොම 150,000යි.ඒත් 50,000ක් ඉතුරුයි.ඔන්න තව ටික කාලෙකින් මූ බඳිනවා අර 50,000 ගානෙ ඉතුරු කරගත්තු සල්ලි ඔක්කොම ටික දාලා සුපිරි වෙඩිමක් ගන්නවා.දැන් ඔක්කොම හරි නේද?ඔන්න බැඳලා ඉන්න ගෙයක් ඕනෙ,මූ කුලියට ගන්නවා ගෙයක් අර රු.50,000ට.දැන් ගෙට මූ ගෑනිත් එක්ක යනවා.ඔන්න දැන් ගෑනිට නිකන් ඉන්න බෑ,මොකද බැන්දෙ හොඳ පඩියක් තියෙන කොල්ලෙක්නෙ ගෑනිත් ෂොපින් යනවා,ඉස්සර කොස් පොලොස් කාපු,පොලට ගිහින් බඩු ගත්තු එකී දැන් ෆුඩ් සිටි රින්ගනවා,මුගෙ වියදමට යන 100,000 වලින් තමයි ඔක්කොම කරන්නෙ වෙන්නෙ.ඉති මූ මුගෙ බජට් එක කපනවා.ඔන්න ගෑනි බඩ වෙනවා,මූ ගෑනි ක්ලිනික් එක්ක යනවා,එනවා එතනත් වියදම් අර 100,000 වලින් කැපෙනවා.ඔන්න මූ දැන් රැවුල කපන්නෙ නෑ,පිලිවලකට ඉන්නෙ නෑ ටික ටික ආර්ථික ප්‍රශ්න මුට දැනෙනවා,ඔන්න ගෑනි පැටියා ගහනවා.දැන් පොඩි එකාගෙ වියදම්,ගෑනිට ගෙදර වැඩ කරගන්න අමාරු නිසා ගන්නවා වැඩට ගෑනියෙක්.දැන් මූ කර මුලට හිර.ඒ අස්සෙ ගෙවල් අයිති කාරයා ගනන් උස්සනවා 60,000කට.ඒත් එක්කම මුට හම්බ වෙනවා 50,000ක වැටුප් වර්ධනයක්.මූ හිතනවා වැඩේ හරි මම ඔක්කොගෙන්ම නිදහස් කියලා.ඊට පස්සෙ දවසෙ ගිහින් අර 50,000ට ගහනවා ණයක් අලුත් ගෙයක් හදන්න.ආයෙත් මූ පරන අවුලෙමයි,එතකොට කාර් එකේ ලෙඩ එනවා,ඒවට වියදම්.අනන් මනන් ඔක්කොම සෙට් වෙලා මුට නැගිටගන්න බෑ.... ඔන්න ඕකයි වෙන්නෙ.ඒක නිසා මොලේ කල්පනා කරලා බලපන්වියදම් වැඩිවෙන වේගෙට පඩිය වැඩි වෙන්නෙ නෑ
     
    Last edited: