ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA-Part II

    ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA ලෙස අප විසින් පලකරන්නට යෙදුණු හුයෙහි ද්වීතීය භාගය ලෙස උක්ත ගිවිසුම් අත්සන් කිරීම සාධාරණීකරණය කිරීම සදහා ගෙන එනු ලබන හේතු සහ තර්ක පිළිබද ව සහ ඒවායේ ඇති සාධාරණත්වය පිළිබදව ද, ඒ නයින් අප විසින් රට වෙනුවෙන් කළ යුකු යුතුකමේ පවතින අඩු පාඩු පිළිබදව ද මෙම හුයෙන් සළකා බලනු ලබයි. පළමු හුය ලෙසට ම මෙය ද තරමක් දීර්ඝ වන අතර, මෙම ගිවිසුම් ගැන අවංක වුවමනාවකින් සහ සත් සිතින් විරෝධය පළකරන්න් සහ ඥාණ ගවේශකයන් සදහා පමණක් මෙය අදාල වන බව පළ කරමි.

    උක්ත සිපා/ඉක්ටා ගිවිසුම් වෙත වැඩ කරන පන්තියේ විරෝධයක් ඉතාම ඉහලින් නැගී පැවතිය ද, සේවායෝජකයන් ඒ පිළිබදව මෙකෙත් සිය මුනිවත රැකීම තුළ අප හට අවබෝධ කොට ගතු යුතු බොහෝ කරුණු රැදී පවතින බව මාගේ හැගීමයි. සේවා සැපයීමේ දී ඒම ආයතන සදහා ශ්‍රමය සොයා ගැනීමේ අර්බුදය පෞද්ගලිකව ම අත්විදින පුද්ගලයෙකු ලෙස මාගේ අත්දැකීම් මෙන් ම, සේවායෝජකයන් වන අප හිතවතුන් සහ හදුනන්නන් ගේ ද අත්දැකීම් අනුව මෙම ගිවිසුම් සදහා සේවායෝජකයන් මුනිවත රකිමින් යම් එකගතාවයක් පළ කිරීමේ හේතුව පිළිබදව ද, ඒ හේතුව වෙනස් කිරීම සදහා පොදු මහජනතාව/ශ්‍රම බලකාය ලෙස වර්තමාන ශ්‍රීලාංකිකයන් ගේ සිදු විය යුතු ආකල්පමය වෙනස ද මෙහි දී විශේෂයෙන් හුවා දක්වමි. (නමුත් මෙහි දී අදාළ සිපා/ඉක්ටා ගිවිසුම් අත්සන් කිරීම සාධාරණිකරණය කිරීම මාගේ අභිප්‍රාය නොවන බව සැළකුව මනාය)

    සිපා/ඉක්ටා ගෙන ඒමට යෝජනා කිරීම සාධාරණීකරණය කෙරෙන තර්ක.

    ප්‍රධාන ලෙස ම ලංකාවේ ශ්‍රම බලකායෙහි ඇති අඩුව මෙහෙී ප්‍රධාන ම තර්කය වේ. පුහුණු ශ්‍රමයෙහි හිගය, බලාපොරොත්තු වන වැටුප් කල ඉතා ඉහල වීම සහ ආකල්ප අතින් ලංකාවෙහි ශ්‍රමිකයන් අතිශය පහල තත්ත්වයක සිටීම ද මෙම ගිවිසුම් සාධාරණීකරණය කීරීමට ගෙන එන තර්ක අතර පවතී.

    සේවායෝජකයන් මුහුණ දෙන ශ්‍රමය පිළිබදව ගැටළුව -

    මෙහි දී මා පෞද්ගලිකව මෙන් ම මගේ හිතවතුන් සහ ආසන්න පුද්ගලයන් වන සේවායෝජකයන් මුහුණ දි ඇති තත්ත්වයන් ගෙන හැර පෑම තත්ත්වය වටහා ගැනීමට උපස්ථම්භක වනු ඇතැයි සිතමි.

    මම පූර්ණ කාලීන සෞඛ්‍ය සේවා සැපයීමේ ආයතනයක් පවත්වාගෙන යමි. මෙහි දී මා මුහුණ දී ඇති විශාලම ප්‍රශ්නය වන්නේ පුහුණු ශ්‍රමය සොයා ගැනීමේ ගැටලුවයි. නුපුහුණු ශ්‍රමිකයන් සොයා ගැනීමේ දී පවා රුධිරය දැකීමේ දී ක්ලාන්තය ඇති වීම, පිළිකුළ, ආයතනික නිළ ඇදුමේ ඇති කලිසම ඇදීමට ප්‍රේමවන්තයා අකමැති වීම, සාමාන්‍ය පැමිනීමේ වෙලාව වන උදෑසන 800- 8.30 කාලය තුල පැමිනීමට නොහැකිවීම (නින්දට ගිජු නිසා), ආදී කරුනු නිසා මේ ප්‍රහ්නය පැන නගී. දන්ත සායන සහායකයන් ලෙස ශ්‍රමය පුහුණු කිරීමේ විධිමත් වැඩසටහනක් ලංකාව තුළ ක්‍රියාත්මක නැත. එනිසා අප හට සිදුවන්නේ නුපුහුනු ශ්‍රමිකයන් බදවා ගෙන ඒ පිළිබදව පුහුනුව ලබා දීමටය. මේ සදහා විශාල පරිශ්‍රමයක් පෞද්ලිකව දැරීමට සිදුවන අතර, එවන් පුහුනුවකට අවශ්‍යය මුද්‍රිත පොත පත පලවී නොමැති නිසා අප හට ඒවා ද නිර්මාණය කිරීමට සිදුවේ. සේවයෙහි යෙදෙන අතරතුර එවන් පුහුනුවක් ලබා දීම අතිශය අසීරු කාරණයක් වන අතර, ඒ සදහා කාලය, ශ්‍රමය පමණක් නොව අති විශාල සම්පත් ප්‍රමාණයක් ද යෙද වීමට සිදුවේ. අනිත් ප්‍රධානතම ගැටළු වන්නේ අදාළ පුහුණුවෙන පසුව අදාල සේවකයන් යම් කිසි කාල සීමාවක් සේවයෙහි නොයෙදිමය. තරහ වූ ප්‍රේමවන්තයා තමන් ඝාතනය කිරීමට සිටීම, දෙමාපියන් දික්කසාද වීම, ප්‍රේමවන්තයා රැකියාවක් කිරීමට විරෝධය පළකිරීම, සහෝදරියන් ගේ දරුවන් බලා කියා ගන්නට සිදුවීම ආදී නොයෙක් අභාවිත කරුනු ඉදිරිපත්කොට සේවයෙන් ඉවත්වීම සුළභ කරුණකි. සේවයෙන් එසේ ඉවත්වන්නේ නම් යම් මුදලක් පුහුණුව වෙනුවෙන් ගෙවීම වැනි සේවා කොන්දේසි පනවා බදවා ගත්ත ද, එවන් මුදලක් ගෙවන්න බැරය යන කණු-කුනුව ඉදිරිපත් කිරීම ඉතා සුළබය. පුහුනුවෙන් පසුව සේවයෙහි දිගටම රැදී සිට ආයතනයට ළැදිව කටයුතු කොට ඉහල වැටුපක් හිමිකරගෙන සේවයෙහි යෙදෙන්නේ ඉතාම කළාතුරකින් කෙනෙකි.

    මාගේ බිරිද සේවය කලේ මහා පරිමාණ නිශ්පාදන ආයතනයක. ඇය එයින් ඉවත්වන විටත් ඇය යටතේ රැකියා අවස්ථා 42ක් පුරප්පාඩුව පැවති අතර, නිෂ්පාදනය කළ යුතු පරිමානයේ සිදු නොවීම නිසා ආයතනයට පාඩු සිදුවු අවස්ථා ගැන ද ඇය සදහන් කර ඇති වාර අනන්නතය. යන්ත්‍ර-සූත්‍ර යොදවා නිෂ්පාදනය කරනු ලබන යම් භාණ්ඩයක්, සේවකයන් නොමැති විටක නිෂ්පාදන ක්‍රියාවලිය සෙමෙන් සිදු කිරීමට සුදුවන අතර, අදාළ නිෂ්පාදන ධාරිතාවයට වඩා අඩුවෙන් නිෂ්පාදනය වීම ආයතනයට පාඩුවකි.එවිට පාඩු විදිනවාට වඩා අදාළ නිෂ්පාදනය නැවැත්වීම සිදුවන අතර, එයින් සිදුවන්නේ ආයතනය කබලෙන් ලිපට වැටීමකි.

    ඔබ අප දන්නා එළකිරියෙහි පරිගනක සේවා සපයන චිර ප්‍රකට සහෝදයෙක් මුහුණ දී ඇති තත්ත්වය ද මෙයට සමානය. විකිනීම් සදහා යම් අයෙකු බදවා ගන්නට ඔහු තීරණය කළ විට එන සියළු ම වාගේ අයදුම්කරුවන් කිසිදු පෙර අත්දැකීමක් රහිත වූවන් වූවා පමණක් නොව, නිකං සිට ඉහල වැටුප් බලාපොරොත්තු වන්නන් ද වූ අතර, ක්ෂේත්‍රෙය් වැඩෙහි යෙදී වැටුප උපයා ගැනීමට ඔවුන් අකමැති වීම නිසා ඔහු අවසන දී සේවා ආයතනය යම් දිනවල වසා දමා අදාල කටයුතු වල නියැලෙයි.

    මෙලෙස සිදුවන්නේ ඇයි???

    ශ්‍රී ලංකාව තුල ආර්ථික වශයෙන් ක්‍රියාකාරී කණ්ඩායම ගතහොත් එයින් කාන්තා ශ්‍රමය ලබා ගන්නේ 35.5% තරම් වන ප්‍රමාණයකි. ආර්ථික වශයෙන් අක්‍රිය කණ්ඩායමේ 74.6% ක් කාන්තාවන්ය. 2014 පළමු කාර්තුව වන විට දී ශ්‍රම බලකායේ කාන්තා නියෝජනය 35.3% ක් පමණි. ලංකාවේ වයස 15-29 අතර කාන්තාවන් ගෙන 40.4% ක් රැකියා කරන්නේ නැත.(උපුටාගැනීම) මෙයින් පෙනී යන්නේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට කාන්තාවන් ලබා දෙන්නේ අල්ප දායකත්වයක් පමණක් වන බවය. කොටින් ම කියනවා නම් ලංකාවේ කාන්තාවන් ගෙන් බහුතරයක් මිනිහා උපයන දේ කමින් ගෙදරට වී ඔහේ ඉන්නා පිරිසක් බවය. කාන්තාවන් මෙසේ වීමට බලපාන කරුණු සමහරක් හදුනා ගත හැකිය. විවාහයෙන් පසුව බොහෝ කාන්තාවන් රැකියාවෙන් ඉවත්වීමේ ප්‍රවණතාවයනක් පවතින අතර, එයට හේතුව වන්නේ සැමියන්ගෙන් එල්ලවන විරෝධයයි. බිරින්දන් සමාජගතව වෙනත් පිරිමින් සමග යහන්ගත වේය යන බිය බහුතරයක් පිරිමින් අතර පවතින බව පෙනී යන්නේ අසන දකින දේවල් වලිනි.මෙහි දී සැමියන් පවසන්නේ තමාට ඇයට කන්නට අදින්නට දෙන්න පුළුවන් බවය. එය සත්‍යයකි. කන්නට අදින්නට දෙන්නට පුළුවන්ය. නමුත් ගෙවල් දොරවල් සහ වෙනත් අවශ්‍යයතා සපුරා දිමට එක වැටුපකට නොහැකි බව ඔබ දන්නවා ඇත. එපමනක් නොව බොහෝ බිරින්දැවරුන් උදේ සැමියා නිවසින් පිටත් පසු රූපවාහානියේ පෙන්වන ටෙලි නාට්‍ය නරඹමින්, පශ්චාත් භාග පුටු මත සතපා ගෙන සිටීම සිය ජීවිතයේ පරම සැපත යයි සිතා සිටීම ද මෙයට හේතුවකි.

    එපමණක් නොව තමා ගේ අධ්‍යාපනය ගැන අධිතක්සේරුවක සිටීමද මෙයට බලපාන කරුණකි. හරි හැටි අත්දැකීමක් හෝ අදාල ක්ෂේත්‍රෙය් අධ්‍යාපනයක් නොමැති සමහර අය ඉහලම වැටුප් බලාපොරොත්තු වන අතර, ඒ බලාපොරොත්තු වන්නේ ද වෙහෙස වී සේවය කිරීමෙන් නොව පුටුවක් උඩට වී වායුසමනය යට සිටිමින් කුරුටු ගානා රස්සාවන් ලබා ගැනීමෙන් බව පෙනේ. යන්ත්‍ර ක්‍රියාකරුවන්, පුහුණු වෛදය සහායකයන් ආදී තත්ත්වයකට පැමිණ, පුහුණු ශ්‍රමය වගුරා වැටුප උපයා ගන්නවාට වඩා ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තු වන්නේ ටයි පටිය පැළද කුරුටු ගානා රස්සාවක් කොට ලක්ෂ ගණනක වැටුපක් හිමිකර ගැනීමටය.

    කළ යුතු දේ.........

    කළයුතු එකම දෙය වන්නේ ලංකාවේ මිනිසුන්-විශේෂයෙන් ම ගැහැණුන්- ආකල්පමය වෙනසකට ලක්වීම/කිරීමය. සැමියා උපයන දෙයින් පමණක් සෑහී, ලැබෙන බත් පත ගිල දමා ටෙලිනාට්‍ය නරඹමින් ජීවිතයේ උපරිම සතුට නාලා, කාලා, රමණයෙහි යෙදී හෝ නොයෙදී පශ්චාත් භාගයට ඉරු පායන තුරු නිදා ගැනීමය යන කුහක සහ පාහර ආකල්පයෙන් ශ්‍රි ලාංකික කාන්තාව මුදවා ගෙන ඔවුන් රැකියා සදහා යෙදවීම ලංකාවේ ශ්‍රම බලකාය වැඩ කිරීමට හොදම විකල්පය ලෙස මම දකිමි. ලංකාවේ උසස් පෙල හා ඉන් ඔබ්බට ඉගෙන ගත් කාත්තාවන් ගෙන 10.3%ක් රැකියා කරන්නේ නැත.
    (උපුටාගැනීම) මහජන මුදල් යොදවා ඉගෙන ගත්තා නම් වැඩ කරපියව් යන බල කෙරීම සිදුවිය යුතු බව මගේ පෞද්ගලික අදහසයි. එපමණක් නොව තම බිරින්දෑවරුන් වෙනත් පිරිමින් සමග “බුදියා ගැනීමේ භිතිකාව“ නිසා රැකියාවෙන් ඉවත්වන ලෙස බල කරන පිරිමින් හට දඩුවම් කල යුතු බව ද මම සිතමි. එපමණක් නොව පුහුනු ශ්‍රමය නිර්මාණය කිරීම සදහා රාජ්‍ය/අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මැදිහත්වීම් වහා ඇරඹිය යුතුය. මේ සදහා පැසැල් යම් යම් මට්ටම් වලින් හැර යන අය ඒ සදහා යොමු කිරීමේ-බලයෙන් හෝ- ක්‍රමවේදයක් සැකසිය යුතුය.

    සිපා/ඉක්ටා ගිවිසුම් වලින් ගැලවීමට නම් වහ වහා ම ලංකාවේ ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව අවසන් ලෙස මෙහිදී සදහන් කරමි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,337
    1
    57,390
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    එපමණක් නොව තමා ගේ අධ්‍යාපනය ගැන අධිතක්සේරුවක සිටීමද මෙයට බලපාන කරුණකි. හරි හැටි අත්දැකීමක් හෝ අදාල ක්ෂේත්‍රෙය් අධ්‍යාපනයක් නොමැති සමහර අය ඉහලම වැටුප් බලාපොරොත්තු වන අතර, ඒ බලාපොරොත්තු වන්නේ ද වෙහෙස වී සේවය කිරීමෙන් නොව පුටුවක් උඩට වී වායුසමනය යට සිටිමින් කුරුටු ගානා රස්සාවන් ලබා ගැනීමෙන් බව පෙනේ. යන්ත්‍ර ක්‍රියාකරුවන්, පුහුණු වෛදය සහායකයන් ආදී තත්ත්වයකට පැමිණ, පුහුණු ශ්‍රමය වගුරා වැටුප උපයා ගන්නවාට වඩා ලංකාවේ බොහෝ දෙනා බලපොරොත්තු වන්නේ ටයි පටිය පැළද කුරුටු ගානා රස්සාවක් කොට ලක්ෂ ගණනක වැටුපක් හිමිකර ගැනීමටය.

    මේක නම් සහතික ඇත්ත. :yes:
     

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    ශ්‍රමිකයන් ද ආකල්ප අතින් වෙනස් විය යුතු බව

    මේක නම් ඇත්ත :yes:
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Kiyewwa machan, ube effort eka pattama watinawa, mewa public media wala watenna oni.
    Ube mahansiya sahenna agaya karanawa mama machan.

    But mata personally hithenne me sare nam api indian gateta bellenma ahu wela iwarai.

    ECTA, new constitution, Jathika prasnayata wisaduma... Etc,
    Me hama dema 100 sure le sare api pitin yanawa..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    api mechchara epa kiyalath ape ratey palakayo meka athsan karanna hadanawane. rata gana puduma kalakirimak athi wenawa mewa dakinakota. thamanwa balayata path karapu janathawa epa kiyana deyak ai athsan karanna hadanne ? indiyawe illeem ishata karala dennada api me ayata chande dunne ?
     
    Last edited:
    • Like
    Reactions: Nirmal1991

    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    දෙපැත්ත කැපෙන පිහියකි.
    එකෙකුට හොඳ වන විට අනෙකාට කෙල වෙයි.
    දෙගොල්ලන්ටම හොඳක් වීමට නම් දෙපාර්ශවයේම කැපකිරීම් අත්‍යවශ්‍යය.... :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ගහෙන් ගෙඩි එන්නා සේ කල නොහැක්කක් වුවද, පාලකයන් සහ පාලිතයන් නිසි කළමනාකරණයක් සහ නිසි සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් සුබ පල උදා කර ගත හැක. :):):)

    මාගේ අදහසනම් ගෙදර ප්‍රශ්න විසඳා ගැනීම ගෙදර උන් කල යුත්තකි.
    අල්ලපු ගෙදර උන් වැඩක් නැත. අල්ලපු ගෙදර අපිට වඩා කචල් නම් වැඩක්ම නැත. :lol::lol::lol::lol:

    මේවා කෙසේ නම් පල දරයිද, ගෙදර උන් පිල් බෙදී කා කොටා ගන්න විටක :sorry::sorry::sorry::sorry::sorry:

    සාමය උදා වේවායි පැතු අපහට දැන් පැතීමට ඇත්තේ සමගිකම උදා වේවායි යන්නයි.
    මන්ද,
    දර මිටියක් එකවර කැඩීමට වඩා කෝට්ටෙන් කොට්ට කඩා දැමීම පහසු බව අවස්ථාවාදීන් දන්නා බැවිනි:confused::confused::confused::confused::confused:
     

    waligamaya

    Well-known member
  • මම දැන් අංශ කිහිපයක පෙශ්න කියනම්, දැන් ලංකාවේ විවගව ඇතුළු කෘෂිකර්ම අංශයට තියෙන ලොකුම ප්‍රශනයක් තාමයි ශ්‍රමිකයින් නැතිවීම. නමුත් එකට විසදුමක් තමයි මෙම අංශ යාන්ත්‍රි කරණය හා කර්මාන්ත ස්වයංක්‍රීය කරණය (industrial automation) මේකට අවැසි දැනුම පුද්ගලයක් තාක්ෂණ ශිල් පින් ඉනවා. බොහෝ කර්මාන්ත අංශ මෙයට නැබුරු වෙනවා. එත් අපිට් තියෙන ප්ර්ශිනේ මෙම යන්ත්‍ර ලංකාවේ හදන ඒවා ගේ මිල තෑග කාන බැ චීන ඉන්දියන් ඒවත් එක මිලෙන්. එක උදහානයක් පසුගිය වසරේ මම වී මෝලක් automate කරා නමුත් හරි අමාරුයි මෝල් හිමියන්ගේ මිලට අපේ දැනුම මහන සිය විකුනන්න. මොකද අපි අපි අවශ්ෂ උපාංග motor යකඩ, controls මෙහෙ එන කොට ගහන tax, අපේ වෙළෙන්දෝ තියාගන්න් ලවබය එක්ක.අපි කියන මිලට ගෙනාවට වඩා ඉන්දියාවේ න හදපු යත්ර්යක් ගෙන එක ලබයි. අනික උන්ගේ කුණු කොල්ලෙට ඉන්ජෝ වැඩ කරනවා. එක නිසා උන් මෙහෙ factory වලට ජjob අල්ල ගන්න ඉසේලා නොමිලේ පොඩි පොඩි වැඩ කරනවා. උදාහරණයක් විදියට ලංකාවේ ප්ර්සිද්දා surgical glove හදන ආයතනයක උන් hardware වැඩිය බාවිතා නිවන image processing වගේ ඒවා නොමිලේ කරලා දෙනවා. ඉතා අපි කොහොමද මහන්සි වෙලා උන්ට නොමිලේ අපේ දැනුම විකුනනේ.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොඳ මාතෘකාවක් දත් කිඹුලා අයියා.. ප්‍රශ්නේ පුහුණු ශ්‍රමිකයින් ඇති කරන්න රටේ ක්‍රමවේදයක් තියෙනවද කියන එකයි... පෞද්ගලික අයතනයක් නම් ආධුනිකයින්ට පුහුණුවක් දීලයි ගන්නේ... අනික් අතට කම්පැනීස් කැමතිත් නෑ පළපුරුද්ද රහිත ශ්‍රමිකයින් බඳව ගන්න.. මොකද ඊට අමතර කාලයක් ශ්‍රමයක් වැයවෙන නිසා.. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ගත්තත් ගොඩක් රැකියා ඉල්ලුම් අවස්තා වල අවම අවුරුදු දෙකක පළපුරුද්දක් බලනවා...

    ලංකාවේ රජයේ ආයතන ගත්තොත් ගොඩක්ම අයිස් ගැහිල්ල තමයි වෙන්නේ.. මම දැනුවත් පුද්ගලයෝ ඉන්නවා මාසිකව රුපියල් ලක්ෂෙකට ආසන්න වැටුපක් ලබනවා.. නමුත් කරන්න ගිහින් නිදා ගන්න එකයි පත්තර බලන එකයි.. නිකාන් පැය 8 ක් ඉඳලා ඔහේ එනවා.. ඉතින් කොහේ ආසියාවේ ආයිශ්චෛර්‍යය කරන්නද ආයුබොවන්... ඕක හොඳට තේරෙනවා අපි පෞද්ගලික බැංකුවකට ගියාමයි රාජ්‍යය බැංකුවකට ගියාමයි තියෙන වෙනස... ගොඩක් පාඩු දරමින් යන රාජ්‍යය ආයතන සුදුසු ක්‍රම වේදයක් යටතේ ප්‍රතිස්ථාපනය කරනවා නම් ඒක ගොඩක් වැදගත්...

    osyjbb.jpg


    ඔන්න අද පුදුකුඩුඉරිප්පුවේ හයිඩ්‍රාමනී ගාමන්ට් එක ඇරලා.. ඔන්න ඕවා තමයි රටේ වෙන්න ඕනේ.. 30 අවුරුදු යුද්දෙකින් බැටකාපු ඒ මිනිස්සුන්ටත් ජීවත් වෙන්න මාර්ගයක් සලස්වන ගමන් රට දියුණුව කරා ගමන් කරන එකයි වැදගත්.. පෞද්ගලිකව උතුර කේන්ද්‍ර කරගෙන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි කියලයි මට හිතෙන්නේ.. ඒ මිනිස්සු උත්සහාවන්තයි...

    ගොඩක් කෘෂිකර්මයටත් උතුරු පලාතේ පස හොඳයි කියලා තමයි අහලා තියෙන්නේ... ඉතින් ඒ පැත්තෙනුත් රට ඉහළට ගන්න පුළුවන් නම් ගොඩාක් වටිනවා..

    ආකල්පමය වෙනසක් වගේම රටේ රැකියා බිහිකිරීමට නම් සුදුසු කර්මාන්ත ඇතිවිය යුතුයි... පවතින ආණ්ඩුව මෙය මැනැවින් වටහාගෙන සුදුසු පිළියම් යොදනු ඇති බලාපොරොත්තු වෙමි...!
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ශ්‍රී;19611414 said:
    api mechchara epa kiyalath ape ratey palakayo meka athsan karanna hadanawane. rata gana puduma kalakirimak athi wenawa mewa dakinakota. thamanwa balayata path karapu janathawa epa kiyana deyak ai athsan karanna hadanne ? indiyawe illeem ishata karala dennada api me ayata chande dunne ?

    Loku Company karayo okata kemathi adu salary+ot nethuwa weda ganna puluwan nisa, Ekai palakayanta ganak neththe.

    Minissu thamai union hadagena parata bahinna one.
     
    • Like
    Reactions: ශ්‍රී

    waligamaya

    Well-known member
  • "යෝජිත ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම මගින් වෘත්තීය ශ‍්‍රම වෙළඳපොළ නිදහස් කිරීමටද නැව් තැනීම හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ ආර්ථික ක්ෂේත‍්‍ර ආවරණය වනවා. මෙහි සඳහන් වන්නේ ඒ පිළිබඳ දළ රාමුව මේ වනවිටත් ඉන්දියාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. ලංකාවේ කිසිවෙකුටත් නොදන්වා ඉන්දියාවට මෙය ලබාදීම තමන්ගේ ගැතිකම ප‍්‍රදර්ශනය කිරීමක්. රනිල් වග කියන්නේ මෝඩිටද පාර්ලිමේන්තුවටද කියන එක විසඳාගත යුතුයි." යැයි ජනතා විමක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද (24) පෙරවරුවේ පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

    එහිදී වැඩිදරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා...

    "මහත් විවාදයට තුඩු දී තිබෙන ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරියට යමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. මේ ගිවිසුම සම්බන්ධයෙන් අපේ රටේ වෘත්තිකයන්, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන්, වෘත්තීය සමිති අතර දස වසරකට වැඩි කාලයක් පුරා සංවාදයක් තිබෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරණායක හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් පවා මේ සම්බන්ධයෙන් උනන්දුවෙන් සිටියත් ඔවුන්ටත් මෙය අත්සන් තැබීමට නොහැකි වුණා. එසේ නොහැකි වූයේ මෙම ගිවිසුම අපේ රටට වාසිදායක බව ඔප්පු කිරීමට ඔවුන්ට නොහැකි වීමයි. එසේ තිබියෙදී වත්මන් මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව මෙම ගිවිසුම අත්සන් කිරීමට යන්නේ කාගේ ඉල්ලීමකටද, කුමන ජනවරමකට අනුවද යන්න ගැටලු සහගතයි.

    අප විසින් පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව නගන ලද ප‍්‍රශ්නයට පිළිතුරු වශයෙන් මලික් සමරවික‍්‍රම අමාත්‍යවරයා එවන ලද ලිපියක මෙසේ සඳහන් වනවා "දැනට පවතින වෙළෙඳ කටයුතු පමණක් මූලික කරගත් ඉන්දු ශ‍්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙහි විෂය පථය පුළුල් කරමින් ආර්ථික සහ සහයෝගීතා ගිවිසුමක් බවට එය පරිවර්තනය කිරීමට අදාළ ගිවිසුම් රාමුව පිළිබඳව ඉන්දියානු පාර්ශවවලට පැහැදිලි කිරීම මෙම සාකච්ඡුවේ මූලික අරමුණ විය. යෝජිත ගිවිසුම් රාමුවේ දළ සැලැස්ම/ ආකෘතිය ඉන්දීය දූත කණ්ඩායම වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිචාරය 2016 ජනවාරි මස අගදී ලබා දෙන බව දැනුම් දී ඇත. ගිවිසුම් රාමුව 2016 පෙබරවාරි මස අත්සන් කිරීමට සැලසුම් කර ඇති අතර අවසන් ආර්ථීක හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම 2016 මැදදී අවසන් කිරීමට යෝජිතය."

    යෝජිත ගිවිසුම මගින් වෘත්තීය ශ‍්‍රම වෙළඳපොළ නිදහස් කිරීමටද නැව් තැනීම හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයට අදාළ ආර්ථික ක්ෂේත‍්‍ර ආවරණය වනවා. මෙහි සඳහන් වන්නේ ඒ පිළිබඳ දළ රාමුව මේ වනවිටත් ඉන්දියාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බවයි. ලංකාවේ කිසිවෙකුටත් නොදන්වා ඉන්දියාවට මෙය ලබාදීම තමන්ගේ ගැතිකම ප‍්‍රදර්ශනය කිරීමක්. රනිල් වග කියන්නේ මෝඩිටද පාර්ලිමේන්තුවටද කියන එක විසඳාගත යුතුයි.

    1998දී චන්ද්‍රිකා ජනාධිපතිවරිය ඉන්දියාව සමග නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කළා. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රය යන්නට නිශ්චිත නොවන නිසා ඕනෑම වෘත්තියකට හා ක්ෂේත‍්‍රයකට අදාළ කරගත හැකියි. එය දත්ත ඇතුළත් කරන්නෙකුගේ සිට ඉංජිනේරුවෙකු දක්වා වූ ඕනෑම වෘත්තිය ක්ෂේත‍්‍රයකට ඇතුළත් විය හැකියි. රනිල් වික‍්‍රමසිංහ 2001 ආණ්ඩුවේ සිටියෙදී යෝජනා වූ සීපා ගිවිසුම අනුව බැංකු, වෘත්තීය සේවා, ව්‍යාපාර හා සිල්ලර වෙළඳාම, ගැඹුරු මුහුදේ මත්ස්‍ය කටයුතුවලට ඉන්දියානු ශ‍්‍රමිකයින් කැඳවිය හැකියි. අප වඩාත් සංවේදී එක් එක් ක්ෂේත‍්‍රවලට සීමා නොවී මෙහි අනතුර තේරුම් ගත යුතුයි. නැතහොත් ආණ්ඩුව ඒ ක්ෂේත‍්‍රය ගිවිසුමෙන් ඉවත් කළා යැයි පවසමින් විරෝධයෙන් රිංගා ගොස් ගිවිසුම අත්සන් කළ හැකියි.

    දැන් හදන්නේ බාධා ඉවත් කරගනිමින් එංජිම දාගන්නයි. අමුණා ඇති පෙට්ටි පිටුපසින් ඒවි. ඉන්දියාව සමග ආර්ථික ගිවිසුම් අත්සන් කළ නේපාලය වැනි රටවල් මෙවැනි ගිවිසුම් නිසා දැඩි පීඩා විඳිනවා. ඔවුන්ට ඉන්දියවෙට ආර්තික වශයෙන් පමණක් නොව සමාජීය, සංස්කෘතික වශයෙන් පවා ඉන්දියාවට ගැතිවීමට සිදුව තිබෙනවා.

    ඉන්දියාවේ ආර්ථිකය විශාල වුණාට ලෝකයේ වැඩිම දුප්පතුන් සිටින්නේ, විරැකියාවෙන් පෙළෙන ශ‍්‍රම බලකායක් සිටින්නේ ඉන්දියාවෙයි. ශ‍්‍රම බලකායෙන් 94%ක් සිටින්නේ අවිධිමත් ක්ෂේත‍්‍රයේයි. පසුගියදා ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්ත ආණ්ඩුවෙන් කාර්යාල කාර්ය සහයක තනතුරු 368ක් වෙනුවෙන් පුරප්පාඩු කැඳවූවා. ඒ සඳහා ලක්ෂ 23ක් අයදුම්පත් එවා තිබෙනවා. ඔවුන් අතරින් 1,50,000ක් උපාධිධාරීන්. 24,969ක් පශ්චාත් උපාධිධාරීන්. තවත් 250ක් ආචාර්ය උපාධිධාරීන්. මේ අවම සුදුසුකම පාසල් අධ්‍යාපනය හා බයිසිකල් පැදීමේ හැකියාව. තවත් වෙබ් අඩවියක ඉන්දියානු උපාධිධාරීන්ගෙන් 85%ක් විරැකියාවෙන් පෙළෙනවා. තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ 17%කට රැකියා නැහැ. අද ඉන්දියාවේ තිබෙන්නේ මෙවැනි තත්වයක්. අපේ ආණ්ඩු ගිවිසුම්වලට යාමට පෙර මෙවැනි තත්වයන් සැලකිල්ලට ගත යුතුයි. ඒ ගැන අපට සතුටක් නැහැ. ඉන්දියාවේ නායකයින් ඉන්දියානු ජනතාව පත්කර ඇති ඛේදවාචකය පිළිබඳව අපිට සතුටක් නැහැ.

    මෙවැනි තත්වයක් යටතේ ඇමතිවරයා නිශ්චිතව කියා ඇති තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ රැකියා වෙළඳපොළ විවෘත කළහොත් ප‍්‍රධාන වශයෙන්ම ගැටලු දෙකක් ඇතිවනවා. දැනට ලංකාවේ එහි පහළ ශ්‍රේණිවල රැකියාවල නිරතවන්නන්ගේ වැටුප් පහළයාම වැළැක්විය නොහැකියි. වැටුප් කප්පාදු විය හැකියි. දැනට එහි මධ්‍යම හා ඉහළ ශ්‍රේණිවල රැකියාවල නිරත වන්නන්ගේ වැටුප් ඩොලර් 1000ට වඩා වැඩියි. එම රැකියාවලට ඉන්දියානු ශ‍්‍රමිකයින් අඩු වැටුප්වලට පැමිණයහොත් සිටින වෘත්තිකයන් රටින් බැහැරවීමට, බුද්ධිගලනයට හේතු වනවා.

    දැනට ආයෝජන මණ්ඩලය යටතේ ආරම්භ කෙරෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ සමාගම්වලට අවම වශයෙන් ලංකිකයන් 15ක් ඇතුළත් කර ගත යුතුයි. මෙම සමාගම්වලට විශාල බදු සහන ලැබෙනවා. යෝජිත ගිවිසුම අනුව විශාල වශයෙන් ශ‍්‍රමිකයින් ලෙස ඉන්දියානුවන් මෙරටට පැමිණේවි. යමෙක් ඒ නිසා රටට විදේශ විනිමය ලැබෙනු ඇතැයි කරුණු නොදන්නා නිසා කිව හැකියි. එහෙත් සංස්කෘතික වශයෙන්ම අවම වියදම් රටාවක් ඇති ඉන්දියානුවන් නිසා එසේ වන්නේ නැහැ. ලෝකයේ බොහෝ රටවල් ඉන්දියානු ශ‍්‍රමිකයින් ඇතුල්වීම පාලනයට විශේෂ සීමා දමා තිබෙනවා. එසේ තිබියෙදී සාපේක්ෂ කුඩා ආර්ථිකයක් ඇති අපි ඉන්දියානු ශ‍්‍රම වෙළඳපොළට විවෘතවීම ඉතා බරපතළයි.

    වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාධිකරණ ආදී වෘත්තික සංගම් මේ ගිවිසුමේ අනතුර දකිනවා. එවැනි වෘත්තිකයිනට මෙම ගිවිසුම මගින් ඉන්දියාවේ සේවා සැපයීමට අවස්ථාව ලැබෙනු ඇතැයි කීම බොරුවක්. ඉන්දියාව වැනි අතිශය විවිධ භාෂා කතා කරන තැනක, වෘත්තිකයින් විරැකියාවෙන් පෙළෙන තැනක ප‍්‍රායෝගිකව ලංකාවේ වෘත්තිකයන්ට අවස්ථාව ලැබෙනු ඇතැයි සිතිය නොහැකියි.

    ජනතා විමුක්ති පෙරමුණ ලෙස අප ලෝකයෙන් හුදකලා ගමනක් ගැන හිතන්නේ නැහැ. අවශ්‍ය තැනක ගිවිසුම් අත්සන් කිරීම වරදක් නැහැ. එය ඉන්දියාවද චීනයද එසේ නොමැති නම් වෙනත් රටක්ද යන්න අදාල නැහැ. එහෙත් අපි අපේ ආර්ථික ස්වෛරීත්වය විනාශකරගෙන එවැනි ගිවිසුම් අත්සන් කළ යුතු නැහැ. ලංකාවෙන් ඉන්දියාවට අපනයනය කිරීමේදී දැනට තිබෙන බාධා පිළිබඳ සඳහන් කළ විට ඉනිදීය කණ්ඩායමේ ප‍්‍රතිචාරය වී තිබෙන්නේ ඒවා ඉන්දියාවේ ජාතික රෙගුලාසි වලට අනුකූලව බවයි. ඇමතිවරයාගේ ලිපියේ මෙසේ සඳහන්. "ශ‍්‍රී ලාංකීය අපනයන කරුවන්/ආයෝජකයින්ට මුහුණ දීමට සිදුවී ඇති තීරු බදු නොවන නියමයන් සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා පාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලද අතර එම නියමයන් සියළු රටවලට පොදුවේ බල පැවැත්වෙන ජාතික රෙගුලාසි බව ඉන්දීය පාර්ශවය විසින් පැහැදිළි කරන ලද අතර..." ඒ අනුව මෙම ගිවිසුම මගින් අපට විශේෂ වාසියක් නොසැලසෙන බව පැහැදිළියි. එසේම ලංකාවේ ආයෝජකයින්ට ඉන්දියාවේ ප‍්‍රාන්ත 28 සහ ප‍්‍රාන්ත මට්ටමේ පාලනයන් 6ක් සමග විවිධ වූ නීති යටතේ ගිවිසුම් අත්සන් කිරීමට සිදුවනවා. මේ අනුව එය අතිශය අසීරු කටයුත්තක්.

    ආණ්ඩුවට මෙවැනි ගිවිසුමක් අත්සන් කිරීමට කිසිඳු ජනවරමක් ලැබී නැහැ. එම නිසා මෙම ගිවිසුම අත්සන් නොකළ යුතුයි. ආණ්ඩුව යම් හෙයකින් මෙම විරෝධය නොසලකා ගිවිසුම අත්සන් කිරීමට යන්නේ නම් වෘත්තිකයින් කර්මාන්ත කරුවන් ව්‍යාපාරිකයින් වෘත්තීය සමිති මෙය පරාජය කිරීමට එකමුතුව නැගී සිටින ලෙස අප ඉල්ලා සිටිනවා.

    ඉදිරියේදී මේ පිළිබඳ වෘත්තීමය සේවා සම්බන්ධ ප‍්‍රධානීන් සමග සාකච්ඡා කිරීමට අප බලාපොරොත්තු වෙනවා. වෘත්තීය සමිති ක්‍ෂෙත‍්‍රය උද්ඝෝෂණ පෙරමුණක අරගල කරාවි. පාර්ලිමේන්තුව තුළ විරෝධය පළ කිරීමට අදාල උපරිම ක‍්‍රියාමාර්ග ගන්නවා."



    දැනුවත් වීමට
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Dan Indian un awama ubage heene haba wenada ? Palayan sonnayo yanna.
    ඔබ මෙලෝ දෙයක් තේරුම් නොගන්නා, ඔබ ඔය මට යොදා ඇති වචනයෙන් අපි සාමාන්‍ය යෙන් හදුන්වන එකෙක් බව නං හොදට ම පේනවා............

    කියවල, කියල තියෙන්නේ මොකක්ද කියල ඉස්සෙල්ලම තේරුම් ගනින්, අවජාතක කම් පෙන්නමින් බුරා හැලෙන්න කලින්!