ක්රිකට් ක්රිකට් ලව්ලි ක්රිකට්
ටිකක් දිග කතාවක් ඒත් වෙලාව වැය කරලා කියවන්න වටින එකක්....

ජන හදවත් තුළ තිබූ ක්‍රිකට්, සල්ලි හා ගැහැනුන් විසින් එළියට ඇද්දේ මෙහෙමයි
අපේ ගෙදර මළගමක් වනු දැකීම අපේ ප්‍රාර්ථනාව නොවේ. අප මළගමක් තබා මරණයේ සලකුණක්‌වත් අපේක්‌ෂා නොකරන්නෙමු. එහෙත් අප අපේ ගෙදර මෙතෙක් කල් ජීවත්වෙමින් සිට ඇත්තේ මළමිනී සමග බව දැනෙනවිට උපදින සංත්‍රාසය, කලකිරීම හා වේදනාව අපව 'ගල්' කරවයි. මේ මොහොත ගතවෙමින් ඇත්තේ එවන් කම්පනයකිනි.
අපට මතක මෑත අතීතයේ අපේ අපේක්‌ෂා බෝම්බ ගැසුවාක්‌සේ කුඩු වී ගිය ආකාරය මෙනෙහි කරමින් මේ කතාව පටන් ගැනීම වැදගත්ය. වර්ෂ 2011 දී ගිලිහී ගිය ක්‍රිකට් ලෝක කුසලානයේ වේදනාව ඔබටත් මටත් අමතක නැත. එදා සිදුවූ සිදුවීම් පෙළත් එහි අමුතු ස්‌වරූපයත් අපට ලෙහෙසියෙන් අමතකවන්නේත් නැත. ඒ අමුතු සිදුවීම්වල අමුතු තැන් දැන් අපට යම්කිසි යථාර්ථයක් පසක් කරවයි. ඒ ලැබෙමින් ඇති අත්දැකීම් සමගිනි.
වර්ෂ 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් තරගය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායිවල වෙන්කඩේ ක්‍රීඩාංගණයේදීය. ක්‍රිකට් ලෝකය උණුසුම් වෙමින් තිබිණි. ඉන්දියාව සැණකෙළියක් වූවා සේම ශ්‍රී ලංකාව මඟුල් ගෙයක සිරි ගෙන පැවතිනි. පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේත්, ගාලුමුවදොර පිටියේත් පුළුල් තිරවලින් තරග නැරඹීමට පපර බෑන්ඩ් ගසමින් මිනිස්‌සු රොද බැ`දගෙන පැමිණියහ. ස්‌වේච්ඡාවෙන් ඉදිරිපත් වූ සමහරු හන්දියක් ගානේ පුළුල්a තිර සකසා බොහෝ දෙනාට මේ අසිරිය දකින්නට ඇරයුම් කරමින් සිටියහ. රට එක තැනක නැවතී තිබිණි. මුළු රටම රූපවාහිනීය වටා එක්‌ව උන්හ. මේ සෑම මනුෂ්‍යයෙක්‌ම ප්‍රාර්ථනා කරමින් සිටියේ රටේ ජයග්‍රහණය ය.
ලෝක කුසලාන අවසන් මහා තරගයට පිලිමලුන් පිටු දකිමින් අපේ ජාතික කණ්‌ඩායම පැමිණි ගමන බොහෝ දෙනා තුළ යහපත් අපේක්‌ෂා උපදවා තිබිණි. ඒ ගමන එපමණම තියුණු මෙන්ම තරගකාරී එකක් වූයේය. සාමාන්‍යයෙන් එවන් අභියෝගයක් දරාගෙන ජයග්‍රහණය කළ හැකි ජයග්‍රහණයේ කණ්‌ඩායමක් අවසන් මහා තරගය වනවිට නිස්‌චිත වන්නේය. එය ඕනෑම ක්‍රීඩාවකට පොදුය. ලෝක කුසලානයක් මට්‌ටමේ දී අවසන් මහා තරගයක් දක්‌වා පැමිණි කණ්‌ඩායමක සංයුතිය අන්තිම තත්පරයේ වෙනස් කරන්නට යමෙක් පෙළඹෙන්නේනම් ඒ ස`දහා අතිශය ප්‍රබල තර්කයක් තිබිය යුතුය. මක් නිසාද යත් එය ජාතියක අපේක්‌ෂාවන් ගොනු කරගත් කණ්‌ඩායමක් විනා කජුවත්ත එක්‌සත් ක්‍රිකට් සමාජය නොවන බැවිනි. අල්ලපු ගමේ ප්‍රජා මණ්‌ඩල කණ්‌ඩායම සමග කරන තරගයක් නොව, ලෝක කුසලානයක අවසන් මහා තරගය බැවිනි.
වර්ෂ 2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට එන විට මුත්තයියා මුරලිදරන් අබාධයකට ලක්‌ව සිටියේය. ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකයට ලක් වූ බව කියෑවිනි. ඒ ස්‌ථාන ස`දහා සුරාඡ් රන්දීව් හා චමින්ද වාස් ගෙන්වා තිබිණි.
මෙම ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ මුල්ම තරගය යෙදී තිබුණේ කැනඩාව සමගය. එම ප්‍රාථමික මට්‌ටමේ කණ්‌ඩායම හමුවේ චාමර කපුගෙදර ලකුණු දෙකකට දැවී යැමත් සමග ඒ ස්‌ථානයට චාමර සිල්වා යොදවනු ලැබීය. චාමර අංක 7 ස්‌ථානයේ ක්‍රීඩා කරමින් පකිස්‌ථානය හා පැවති තරගයේදී මනරම් ලකුණු 57 ක් ලැබ කණ්‌ඩායමේ ස්‌ථාවර වූවේය. එම තරගාවලියේදී චාමර පන්දුවට පහර දෙන්නට පැමිණෙන්නේ අංක 06 ස්‌ථානයේ ක්‍රීඩා කරන පිතිකරුවා ලෙසිනි. ලැබෙන අවස්‌ථා කළමනාකරණය කරමින් ඔහු තරගාවලිය පුරාම සාධාරණ ලෙස කණ්‌ඩායමට වගකීම් ඉටු කරමින් සිටියේය. අවසන් මහා තරගයට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණය සූදානමින් පැවතිනි. දිනය 2011 අප්‍රේල් 2 දාය. අවසන් මහා තරගයට සහභාගීවන කණ්‌ඩායම පිළිබ`ද තාර්කික පදනමක පිහිටා ලොව පුරා ක්‍රීඩා වාර්තාකරුවෝ ස්‌වකීය වාර්තා සකස් කළහ.
එදින රෑ 11 වනවිට පසුදා අවසන් මහා තරගයට සහභාගී වන කණ්‌ඩායමේ සංයුතිය සමහරුන් අතට ඉතා රහසිsගතව පත් වී තිබිණි. එය මවිත කරවන සුළුÊසංයෝජනයක් විය. ඒ කණ්‌ඩායමේ රංගන හේරත් නැත. ඒ කණ්‌ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් නැත. ඒ කණ්‌ඩායමේ විශේෂ බලාපොරොත්තු සහිතව ඉන්දියාවට ගෙන්වූ චමින්ද වාස් නැත. ඒ කණ්‌ඩායමේ චාමර සිල්වා නැත. තැතිගන්වන විකෘතිය එය නොවේ. එතෙක් තරගාවලියට ප්‍රාමාණික සාධාරණයක් කළ චාමර සිල්වා වෙනුවට එක් තරගයකට පමණක් සහභාගී වී අසාර්ථක වූ චාමර කපුගෙදර ගෙන්වා තිබීමය. කපුගෙදර කැනඩා තරගයෙන් පසු තරග අත්දැකීම් නැතිව බංකුවේ සිටි ක්‍රීඩකයෙකි. අනෙක් විකෘතිය වූයේ තරගාවලියේ එකම තරගයකටවත් සහභාගී නොවූ සුරාඡ් රන්දීව් එක්‌වරම අවසන් මහා තරගයට ගෙනගොස් අතහැරීමය. පවත්නා සුවිශේෂී තත්ත්ව යටතේ මේ ආකාරයෙන් කණ්‌ඩායම තෝරා ගැනීමට සිදුවූ බව පැවසිනි.
ක්‍රීඩකයන් අ`දින ඇ`දුම, කැප් තොප්පියේ වර්ණය , මුහුණේ ආලේප ගෑම හෝ නොගෑම, හිසට පළඳින්නේ හැට් එකද එසේත් නැතහොත් කැප් එකද, අඳින්නේ අත්දිග ටීෂර්ටයක්‌ද අත්කොට ටී ෂර්ටයක්‌ද, ගහන පාරවල් ගණන, මුලින්ම හැට් එක අල්ලන විනිසුරු මතු නොව ක්‍රීඩා පිටියට මුලින්ම එන්නේ බල්ලෙක්‌ද, පූසෙක්‌ද යන්න ගැනත් ඔට්‌ටු අල්ලන ක්‍රීඩාවක, ඒ ස`දහා බුකී මෙන්ම සමාජ වෙබ් අඩවිත් පවත්වාගෙන යන පරිසරයක ලෝක කුසලානය ස`දහා අවසන් මහා තරගයට තේරෙන කණ්‌ඩායමක සංයුතිය යනු වැඩිම මුදල් ප්‍රමාණයක් සහිත ඔට්‌ටු හුවමාරුවන වන බව නොදන්නෝ නොවෙති. එදා සිදුවූයේ කුමක් දැයි නිශ්චිතව අප දන්නේ නැත. ඒත් තවමත් අපේ හිත්වල නොමැකෙන වේදනාවක් ඉතිරිව ඇත්තේය. අප තරගය පැරදුනේය. තේරීම් කමිටු සභාපති ඉල්ලා අස්‌විය. කණ්‌ඩායම් නායකයාද ස්‌වකැමැත්තෙන් නායකත්වයෙන් ඉවත් වුණේය. අපේ මිනිස්‌සු වචනයක් නොදොඩා සියල්ල දරා ගත්හ.
ඉන් පසු අවුරුද්දේ, එනම් 2012 ඔක්‌තොම්බර් මාසයේ ලංකාවේ පැවති විස්‌සයි විස්‌ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් අප අතාර්කික ලෙස පැරදුනේය. 2012 ඔක්‌තෝම්බර් මාසයේ 07 වැනි දින අපට හිතකර සියලුම තත්වයන් යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගය දිනා ගන්නට අවශ්‍යව තිබුණේ ලකුණු 138 කි. එදා අවසන් මහා තරගයකදී අපට පන්දුවාර 20 ක්‍රීඩා කරගන්නට බැරි විය. ඕවර 18 යි පන්දු 4 තුළ සියල්ලෝ ලකුණු 101ට දැවී ගියහ. එහිදීත් අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්‌ඩායමට අංක 1 දඟ පන්දු යවන්නා වන රංගන හේරත්ගේ ස්‌ථානය සඳහා අනපේක්‌ෂිත ලෙස නවක ක්‍රීඩකයකු වන අකිල ධනංජය එක් කර තිබිණි. මාලන් සැමුවෙල් අපට වඩාගෙන පහර දෙනවිට අත්දැකීම් සහිත පන්දු යවන්නන් ක්‍රීඩා කළ අතාර්කික ආකාරය ගැන තවමත් අපට අමතක නැත. ලෝක කුසලාන තරගාවලි 4 න් මතකයේ රැඳෙන අවසන් මහ තරග දෙකකදී එසේ අප පිට පිට පැරදී තිබුණේය. අප මේ කියමින් සිටින වකවානුව වැදගත් වන්නේ තරග පාවාදීම් පිළිබ`ද කියෑවෙන සිද්ධි ශ්‍රී ලංකා ක්‍රිකට් අවට ගැවසෙමින් පැවති වකවානුවක්‌වන නිසාය.
පාවාදීම් කරලියට පැමිණීම
වර්ෂ 2010 දී විස්‌සයි විස්‌ස ලෝක කුසලානය ස`දහා ශ්‍රි ලංකාව එංගලන්තයේ කළ සංචාරයේදී තරග පාවාදීම් හෝ ඒ හා සම්බන්ධ කිසියම් ගැටලුවක් හේතුවෙන් (තරගයට පෙර දින රාත්‍රියේදී ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩකයන් 11 දෙනා ප්‍රසිද්ධ කිරීම වැනි) චෝදනා ලැබුවේ යෑයි කියන ශ්‍රී ලංකා පන්දු රැකීමේ පුහුණුකරු හා කණ්‌ඩායම් කළමනාකරු එම තනතුරු වලින් ඉවත් කරනු ලැබීය. එදා මේ පාවාදීමේ සිද්ධියට අදාළ විධිමත් පරීක්‌ෂණයක් සිදුවී දැයි කිසිවෙක් දන්නේ නැත.
වර්ෂ 2010 දී රන්ගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ ආසියානු කුසලාන තරගයක් පැවැත්විනි. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පැවති මේ තරග දිනට පෙර දින රාත්‍රියේ එක්‌තරා ඉන්දියානු සුරූපිනියක් ඉන්දීය ක්‍රීඩකයකුගේ කාමරයේ සිට ආරක්‌ෂක අංශ වලට හසුවුනේය. මේ සිදුවීම පිළිබ`ද පූර්ණ වාර්තාවක් එවකට ආරක්‌ෂාව භාරව ක්‍රියාකළ නිලධාරියා වූ ලෝරන්ස් ප්‍රනාන්දු මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලබාදී තිබිණි. එවකට එහි ලේකම්ව සිටියේ ආන්දෝලනයට තුඩු දුන් චරිතයකි. ඔවුන්ට අනුව මේ සිද්ධිය ශ්‍රී ලංකාවට අදාළ නොවීය. එහෙත් තරග පාවා දීම සම්බන්ධව සැකයට තුඩු දුන් සිද්ධිය සම්බන්ධව අපට වාර්තාවන මේ තොරතුරු කියන්නේ අවශ්‍ය අයෙක් වේනම් 'පූර්වාපර සන්ධි' ගලපාගෙන තේරුම් ගැනීම ස`දහාය.
ශ්‍රී ලංකාවේදී කතා නොවුණ, එහෙත් ශ්‍රී ලංකාව තුළ සිද්ධවුණ තරග පාවාදීමට අදාළ චෝදනා සහිත මේ සිද්ධියට සම්බන්ධ ඉන්දියානු ක්‍රීඩකයා චෙන්නායි සුපර් කින්ග්ස් කණ්‌ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙක් වූයේය. තරග පාවා දීම පිළිබඳ වන අතිශයින් නරක ඉතිහාසයක් සහිත චෙන්නායි සුපර් කිංග්ස් කණ්‌ඩායමේ එක් හිමිකරුවෙක් ගුරුනාත් මෙයියප්පන් නැමැත්තෙකි. මොහු ඉන්දිය ක්‍රිකට් පාලක මණ්‌ඩලයේ එවකට සිටි ප්‍රධානියා මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති එන්. සිරිනිවාසන්ගේ බෑණාය. මෙයියප්පන් තරග පාවාදීමට අදාළ චෝදනා ලැබ ජීවිතාන්තය දක්‌වා ක්‍රිකට් තහනමකට ලක් කොට ක්‍රිකට් කටයුතුවලින් ඉවත් කළේය. ඔහුගේ කණ්‌ඩායම තහනම් කළේය. පරීක්‍ෂණ කටයුතු අවසන් වන තෙක් සිරිනිවාසන්වද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්‌ඩලයෙන් නෙරපුවේය. සිරිනිවාසන් සතුව දැවැන්ත සිමෙන්ති සමාගමක් තිබෙන්නේය. එම ඉන්දියානු සමාගමේ ලංකාවේ නියෝජිතයා වන්නේද ඉහත කී ක්‍රිකට් ලේකම්වරයාය.
වර්ෂ 2011 දී අපේ කණ්‌ඩායම එංගලන්ත සංචාරයක් ස`දහා පිටත්ව ගියේය. ටෙස්‌ට් තරගාවලියේ මුල්ම තරගය පැවැත්වුණේ කාඩිµa හි සොµsයා ගාර්ඩ්න් ක්‍රීඩාංගණයේය. ප්‍රසන්න ජවර්ධනගේ ශතකය සමග පුරා දින දෙකක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්‌ඩායම මුල් ඉනිමට ලකුණු හාරසියයක් රැස් කළේය. පිළිතුරු ඉනිම ලෙස එංගලන්ත කණ්‌ඩායම කඩුලූ පහකට ලකුණු 496 ක් රැස් කර ඉනිම අත්හිටුවා අපට දෙවන ඉනිම ස`දහා ආරාධනා කළේය. ඒ අවසන් දිනයේ ශ්‍රී ලංකාවට පන්දුවාර 50 ක් පමණක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබුණ.
පිතිකරුවන්ට පාරාදීසියක් වූ තණතිල්ලේ ජොනතන් ට්‍රොට් ද්විත්ව ශතකයක් හා ඇලෙස්‌ටෙයාර් කුක් සහ ඉයන් බෙල් ශතක රැස් කළ පිතිකරුවෝ බවට පත්වූහ. එහි විශේෂත්වය වන්නේ බෙල් එම ශතකය රැස් කරන්නේ නොදැවී සිටවීමය. අවසන් දිනයේ තේ පානයට විනාඩි කිහිපයකට පෙර ශ්‍රී ලංකාව දෙවන ඉනිම ආරම්භ කළේය. මෙය ටෙස්‌ට් තරගයකි. අපට ආරක්‌ෂා කරගත යුතු වූයේ තේ පානයෙන් අනතුරුව එන පැය දෙක ඇතුළු පැය තුනකට නොඅඩු කාලයකි. එසේත් නැතහොත් පන්දුවාර 50 ක් පමණි. ඒ අවස්‌ථාව වන විට ශ්‍රී ලංකා කණ්‌ඩායම සිටියේ එංගලන්තයට වඩා ලකුණු 96 ක් පමණක් පසුපසිනි. මේ ක්‍රීඩා කරන්නේ ලෝකය පිළිගත් ජාත්‍යන්තර ක්‍රීඩකයන් බැවින් ආශ්චර්යයක් නොවුණිනම් තරගය ජය පරාජයෙන් තොරව නිමා වියයුතු විය. එහෙත් ඕවර 24 පන්දු 4 තුළ ශ්‍රී ලංකා කණ්‌ඩායම ලකුණු 82 ට දැවී ගියේය. තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්‌වූ නායක ඩිල්ෂාන් අදාළ පරාජය අදහාගත නොහැකි බව සඳහන් කර සිටියේය. ඉනිමකුත් ලකුණු 14 කින් තරගය පරදින හෙවත් දශක 3 ක් තිස්‌සේ ටෙස්‌ට් ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකාව පන්දු 148 ක් තුළදී ලකුණු 82 කට සීමා වූ අස්‌වාභාවික ආකාරය අපට වඩා කම්පනය වූයේ සුද්දන්ය. එදා එංගලන්ත පුවත්පත් මේ සිදුවී ඇත්තේ අලඡ්ජී තරග පාවාදීමක් බව Rජුවම ප්‍රකාශ කළේය.
එම එංගලන්ත තරගාවලිය එක්‌දින තරග 05 කින් සමන්විත වූයේය. එක්‌දින තරගාවලියේදී එංගලන්තය හා ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජයග්‍රහණය කර තිබිණි. මුල් තරගය පරාජයවීමෙන් පසු දෙවන තෙවන හා සිවුවන තරගවල මහේල ජයවර්ධන ඉනිම ආරම්භ කළේය. තමන් ඉනිම ඇරඹූ දෙවන තරගයේදී මහේල ජයවර්ධන එකසිය හතළිස් හතරක් ලබා ගත්තේය. තරගය ජය ගැනුණි. තුන්වන තරගයේ දී ලකුණු 79 ක් ලබා ගත්තේය. එයත් ජයග්‍රහණයෙන් නිමා විය. පස්‌වන හා අවසන් තරගය තරගාවලියේ ජය පරාජය තීරණය කරන තීරණාත්මක තරගය විය. කණ්‌ඩායමේ තීන්දු ගනු ලබන්නෝ අතිශය අතාර්කිකව මහේල ආරම්භක පිතිකරු අංකයෙන් පහළට ඇද දමා සිවුවන ස්‌ථානයට ක්‍රීඩා කරන්නට අණ කළෝය. ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු 08 කට දැවී ගියහ. ඕවර 48 යි පන්දු දෙකක් තුළ කණ්‌ඩායමේ සියල්ලෝ දැවුණහ. තරගය පැරදිනි. තරගාවලි ජය එංගලන්තයට හිමි විය. තරග පාවාදීම් පිළිබ`ද කළකිරීම් සහගත කෝදිරිලි ශ්‍රී ලංකා කණ්‌ඩායම තුළින්ම පැහැදිලි ලෙස ඇසෙන්නට වූයේ මේ කාලයේය.
බුකි කරුවන් හමුවීම
ගයාන් විශ්වජිත් නැමැත්තා රුපියල් කෝටියක ඩීල් එකක් රැගෙනවිත් අතේ පත්තු කරගන්නේ අළුයට තිබුණු මේ ගින්නය. පරීක්‌ෂණයේදී හෙළිදරව් වෙමින් ඇති ඉතා රහසිගත තොරතුරු අනුව තරග පාවාදීමේ යෝජනාව එන්නේ අතිශයින්ම සූක්‌ෂම ආකාරයටය. අයි.සී.සියේ දූෂණ මර්දන ඒකකය ගාල්ලේදී ක්‍රිකට් සූදු කරුවන් හ`දුනාගත්තා සේම බුකි කරුවෝ තමන්ට බා ගත හැකි මට්‌ටමේ දුර්වලතා සහිත ජාත්‍යන්තර මට්‌ටමේ ක්‍රීඩකයන් පිළිබ`ද සොයමින් සිටිති. ඒ ස`දහා සුවිශේෂ මෙහෙයුම් දියත් කරමින් සිටිති. එළි දුටුවේ බුකි කරුවන්ගේ මෙහෙයුමක එක් උත්සාහක අවස්‌ථාවකි. විමර්ශන අංශ හෙළිදරව් කරගත් තොරතුරුවලට අනුව මේ සිදුවීමට සම්බන්ධ එක්‌තරා පුද්ගලයකුට බුකි කරුවකුගේ තැරැව් කාරයෙක් මුණ ගැසෙන්නේ මෙරට ප්‍රකට කැසිනෝ ශාලාවකදීය. අදාළ පුද්ලයා සමග හිතවත්වන
තැරැවුකරු ඔහු හා සම්බන්ධ ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ගැන විමසමින් තොරතුරු රැස් කරගන්නේය. ඔහු වෙනුවෙන් කැසිනෝ ස`දහා වියදම් කරන්නේය. ඒ සබ`දතාව මත අතිශය ආකර්ෂණීය මිල ගණන් ඔහුවෙත ඉදිරිපත් කරමින් ඔහු මේ සාපරාධී ව්‍යාපෘතිය ස`දහා නම්මා ගන්නට කටයුතු කරන්නේය. එසේත් නැත්නම් උත්සාහ කරවන්නේය.
බුකි කරුවන්ගේ තක්‌සේරුවට අනුව ශ්‍රී ලංකා කණ්‌ඩායමට ඔවුන්ට ඇතුළු විය හැකි පසුබිමක් නිර්මාණය වී තිබිණි. ඔවුන් ඒ ස`දහා ප්‍රවේශ දොරටු විවර කරගැනීමට යොදාගන්නා තැනැත්තා සබ`දකම් පවත්වන සමහර ක්‍රීඩයකයන් පුද්ගල දුර්වලතා සහිත අය විය. ඇතැමෙක් අතිශයින්ම ස්‌ත්‍රී ලොල්ය. ඔවුන් වෙනුවෙන් අතේ වියදමින් කැපවන ලලනාවන් ඕනෑ තරම් සිටියත් සෑහීමකට පත්වන මානසිකත්වයක් ඔවුන්ට නැත. ඇතැමෙක් අතිශයින්ම සුරාවට කෑදරය. ඇතැමෙකුට මුදල් දුටු විට විචාර බුද්ධිය පලා යන්නේය. මෙවන් දුර්වලතා සූදුකාර අපරාධකරුවන්ට කණ්‌ඩායම ඇතුළට පැමිණීමට ආරාධනා කරමින් සිටියේය. ගයාන් විශ්වජිත් ඒ දොර ඇරගැනීමේ යතුර විය හැකි බව මේ පිරිස කල්පනා කරන්නට ඇතැයි මේ පිළිබඳව කෙරෙන පරීක්‍ෂණවලදී හෙළිදරව් වෙමින් පවතියි.
අපට දැනෙන හැටියට මේ ඇදගත් ඇදගැනීම ගයාන් විශ්වජිත් ළඟින් කෙළවර වන්නේ නැත. වර්ෂ 1992 හෝ 93 වකවානුවේ සිට ඇසෙමින් පවතිනා අපේ තරග පවාදීම් පිළිබ`ද අතීත කතාවේ දී ගයාන් විශ්වජිත්ට කලින් ආසන්නම සැක සහිත සිද්ධිය සම්බන්ධව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ප්‍රබලම ක්‍රීඩකයෙකුගේ ළඟම ඥාතියෙකුගේ නමක් කියෑවෙන්නේය. එය එළියට නොගොස් නැවතුනේ එම පරීක්‌ෂණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිසාත් ක්‍රිකට් ආරක්‌ෂා කරමින් එවන් පරීක්‌ෂණ කිරීමේ වගකීම ඔවුන් සතුව ඇති නිසාත්ය යන්න මෙම පරීක්‍ෂණවලදී අනාවරණයවී ඇතැයි කියෑවේ. එහෙත් දැන් බෝම්බය පත්තු වී හමාරය. මෙතෙක් කල් සියල්ල දැනගෙනත් සිදුවෙමින් ඇති දේ විශ්වාස නොකළ මේ රටේ මිනිස්‌සු කල්පනා කරන්න පටන් ගන්නේය. එතකොට ඔවුන් සමහර සුපිරි පන්දු යවන්නන් ඉන්දියාව තුළ පැවැත්වෙන අයි.පී.එල් වැනි තරගාවලිවලදී දක්‌වන සුපිරි දක්‌ෂතා තම ජාතික කණ්‌ඩායම ඉන්දියාව හා තරග කරනවිට නොදක්‌වන්නේ ඇයි දැයි අහන්නේය. ලෝකයේ අනෙක් මොන රටක් පාලනය කළත් ඉන්දියාවෙන් අම්බානක් ගුටි කන්නට හේතුව විමසන්නේය. සමහර ක්‍රීඩයකන් තමන්ටම ආවේනික පහරවල් එල්ලකරන රටාව විමසන්නට පටන් ගන්නේය. ඔවුන් අඳින ඇඳුම, කැප් තොප්පිය, පිත්ත ගැන වෙනදාට වඩා හිතන්නට පටන් ගන්නේය. මේ අය උපයාගන්නා වත්කම් ගැන ප්‍රශ්න කරන්නට යන්නේය. අවසානයේ මිනිස්‌සු මේ ක්‍රීඩාවෙන් ඈත් වන්නේය. මෙපමණ කාලයක් මේ ක්‍රීඩකයින් සිටියේ මිනිස්‌සුන්ගේ හදවත් වලය. ඔවුන් කරන ඕනෑම අලුගුත්තේරු වැඩකටම මිනිස්‌සුන්ගේ සිත්වල සමාවක් තිබිණි. අප විශ්වාස කරන්නේ දැන් ඒ ඉවසීමේ මායිම සලකුණු වී ඇති බවය.
විශේෂ ලියුම්කරුවකු විසිනි
http://www.divaina.com/2016/01/31/feature21.html