ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු&#35

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,873
    11,626
    113
    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යු#

    ගුවන් ටිකට්පතක් ලබා ගැනීමේ දී ඔබ දැන ගත යුතු කරුණු FACTS YOU MUST KNOW BEFORE YOU BUY AN AIR TICKET

    air-tickets-business-travel-transportation-concept-group-color-airline-first-business-economy-class-travel-white-31674596.jpg


    අද පවතින ලෝකයේදී පෙර කා‍ලයේ මෙන් නොව ඔබට ද මතු යම් දිනක ගුවන් ගමනක් යාමට සිදු විය හැක. සමහර විට දැනටමත් ඔබ ගුවන් ගමනක නිරත වී ඇතිවාට සැකයක් නැහැ. සමහර විට ඔබ නිතර ගුවන් ගමන් වල යෙදෙන්නෙක් විය හැකිය.
    අද මා ලියන්නට යන අදහස් මේ කුමන මට්ටමක හෝ සිටින ඔබ හට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වනු ඇතැයි මා විශ්වාස කරමි.

    පළමුව එබ ගමන් කිරීමට අදහස් කරන ගමනාන්තය පිළිබදව යම් හෝ දැනීමක් ඔබ සතුව තිබීම ප්‍රයෝජනවත්‍‍ විය හැක. ඒ මන්ද යත් ඔබගේ ගමනාන්තය ටිකට් පත ලබා ගැනීම සඳහා ඉතා වැදගත් වනු බැවිනි. කෙසේ වෙතත් ඔබට යම් දැනුමක් නොතිබුණත් ගුවන් ටිකට්පත ලබා ගන්නා ආයතන වල නිලධාරීන් ඔබ පවසන සුළු දෙයකින් පවා ඔබට යාමට අවශ්‍ය ස්ථානය ඔබට පැහැදිලි කර ගැනීමට උදව් කරාවි.

    උදාහරණයක් ලෙස අපි සිතමු ඔබට යාමට අවශ්‍ය "වැන්කුවර්" නගරයට ය කියා. සමහර විට ඔබ ඒ නගරය මින් පෙර අසා නොමැති විය හැක. නැතහොත් එය පිහිටි ස්ථානය ඔබ නොදන්නවා විය හැක. නමුත් අදාළ ගුවන් ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ලබන ආයතන ඔබට මෙහිදී උපකාර කරනු ඇති.

    ඉන්පසුව ඔබ එහි යාමට අදහස් කරන දිනය, සමුළුවන් රැස්වීමක් වැනි දෙයක් නම් එහි සිටිය යුතු ‍දිනය සහ වේළාව ආදය පිළිබඳව ඔබ දැනුවත් විය යුතුය. එසේම ඔබ යළි ආපසු ඒමට අදහස් කරන දිනය ආදියද මෙහිදී ඉතා වැදගත් වේ. මේ විස්තරද ඔබ ගුවන් ටිකට් පත ලබා ගැනීමට අදහස් කරන ආයතනයට දන්වන්න.

    එසේම ඔබ යම් ගුවන් සමාගමක සේවය ප්‍රිය කරන්නේ නම් එම සමාගම හෝ සමාගම් පිළිබඳවද ටිකට් පත ලබා ගන්නා ආයකනයට දන්වන්න.

    ගුවන් යානයක බොහෝ විට විවිධ ආසන මට්ටම් (සුව පහසුව සහ අනෙකුත් පහසුකම් අනුව) ඇති ුතර ඔබගේ කැමැත්ත මත මෙම මට්ටම් තෝරා ගත හැක. සාමාන්‍යයෙන් අඩු මුදලට ගමන් කළ හැක්කේ පිරිමැසුම් (Economy) පන්තියේ ගමන් කිරීම වියදම් අඩුය. ව්‍යා‍පාරික පන්තියේදී මිළ අධික වුන මුත් පහසුකම් ඉතා ඉහළය. ඔබට වියදම් කිරීමට ඇති හැකියාව පරිදි අදාළ පන්තිය තෝරා ගන්න. නැතහොත් අවම මිළ ගණන් ඇති ආසනයක් අවශ්‍ය බව දන්වන්න.

    තවත් සැළකිය යුතු කරුණක් වන්නේ ඔබ විදේශ ගතවන්නේ යළි දිවයිනට ඒමේ අදහසින් ද නැතහොත් එහි නතර වීම‍ටද යන්නයි. නතර වීමට අදහස් කරන‍්නේ නම් වැඩි බර ප්‍රමාණයක් ඔබට ගෙන යා හැකියි.

    තවද ඔබගේ ගමණ යාමට අවශ්‍ය වන්නේ සෘජුවමද නැතහොත් අතර මගදී ගොඩබැසීමෙන් පසුව ද යන්න ද දැනුවත් විය යුතුයය.

    මේ සියළු දේ දැන්වීමෙන් පසුව ද ඔබට එම ස්ථානයෙන්ම ටිකට්පත මිළදී ගත යුතු නැත. පළමුව මිළ ඇස්තමෙන්තුවක් ඉල්ලා සිටින්න. ඉන්පසුව මෙවන් ආකාරයෙන්ම ගුවන් ටිකටි පත් නිකුත් කරනු ලබන වෙනත් ආයතන වෙතින් ද ඇස්තමේනුත්වක් ඉල්ලා සිටින්න. පසුව මෙම ආයතන අතරින් අඩුම මිළ ලබා දී ඇති ආයතනය වෙත යොමු වන්න.

    විවිධ ආයතන ගුවන් ටිකට් පත් නිකුත් කිරීමේදී විවිධ මිළ ගණන් යටතේ මේ ටිකට් පත් විකුණයි. මෙට හේතු වන්නේ ඔවුන්ට විකට්පත් ලැබෙන්නේටිකටි පතේ මුළු වටිනාකමින් 93% ක මුදලකට‍ය. සමහර විට මෙම මුදල මීට වඩා වැඩි විය හැක.

    මෙම ආයතන එසේ 93% ට මිළදී ගන්න ටිකට් පත් ඔවු‍න්ගේ ගාස්තු ලෙස මෙයට යම් මුදලක් එකතු කර (ප්‍රතිශතයක්) පාරිභෝගිකයාට විකුණනු ලබයි.

    මෙහිදී පැහැදිලි වන්නේ ගුවන් සමාගම් වලින් මිලට ගන්නවාට වඩා වෙනත් නියෝජිත ආයතන වලින් මිලදී ගැනීම සුදුසු බවයි. මන්ද යත් ගුවන් සමාගම් ටිකට් පත් විකුණන්නේ 100% ක මුදලටය.

    තවත් සැළකිය යුතු කරුණක් වන්නේ මෙම ආයතනය රජයේ ලියාපදිංචි ආයතනයක් යන වගයි. මෙම ආයතන සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් ලියාපදිංචි කරනු ලබන අතර ඔවුන්ට බලපත්‍රයක් නිකුත් කරනු ලැබේ. ඔබට එය ඉල්ලා සිටීමට හැක. එවන් ආයතන වලින් ටිකට් පත් මිලදී ගැනීම වඩා ආරක්ෂාකාරියි.

    ඔබගේ ගමනාන්තයට යාමේදී අතරමගදී ස්ථාන වලින් වෙනත් ගුවන් යානා වලට මාරු වීමට සිදුවන්නේ නම් එසේ මාරු වන ස්ථාන වල තිබෙන වීසා නීති රීති පිලීබද සැළකිළිමත් විය යුතුය. මන්ද යත් සමහර රටවල සුළු කාලයක් වුව ගුවන් තොටුලලේ රැදී සිටීමට නොහැකිය. අනිවාර්යයෙන්ම හෝටලයක නැවති යුතුය.

    ඔබට යම් ගැටළුවන් වේනම් එය එම ටිකට් පත් නිකුත් කරනු ලබන ආයතයෙන්ම විමසා සිටිය යුතුය. එසේම අනිවාර්යයෙන්ම ටිකට් පතේ ඔබ ගමන් කරන සෑම කොටසක්ම ස්ථිර (OK) කර තිබිය යුතුය. තවද ඔබට ලෙන යා හැකි උපරිම බර ප්‍රමාණයද දැනගත යුතුය. සාමාන්‍යයෙන් ගුවන් සමාගමක් 20kg-30kg අතර ප්‍රමාණයක් නොමිලේ ගෙන යාමට ඉඩ‍ දේ. වැඩි වන සෑම 1ක්‍ර.ග්‍රෑ එකකටම විශාල මුදලක් ගෙවීමට සිදු වේ. කෙසේ වෙතත් එක් බෑගයකට අඩංගු කළහැක්කේ උපරිම 33කි.ග්‍රෑ. පුමාණයක් පමණි. (ජාත්‍යන්තර කම්කරු නීති) තවත 7කි.ග්‍රෑ. පුමාණයක් අතේ ගෙන යාහැකිය.

    තවත් වැදගත් දෙයක් වන‍්නේ තමන්ගේ දුරකථන අංකය හා ලිපිනය අනිවාර්යයෙන්ම එම ආයතනට ලබා දෙන්න. මන්ද හදිසි කාලසටහන් වෙනස්කම් ආදිය එම ආයතන මගින් දැනුම් දීමට එමගින් හැකියාව ලැබේ.


    උඹලා බලලා නිකන් යන්න එපා බං උඹලා දන්නා දේවලුත් කියපල්ලා. :angry::angry::angry:

    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    thawa deyak.. Travelling dates walata Week ekak 2 wage kalin seat eka reserve kraganna puluwan nam godak aduwata ganna puluwan! :)