ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින්
ගුවන් යානා නිෂ්පාදනයේ දැවැන්තයින් - Giants in Aviation Industry
ලෝකයේ ගුවන් සමාගම් විවිධ වර්ගයේ ගුවන් යානා භාවිතා කරයි. ගුවන් යානා පිළිබඳව නොදන්නා බොහෝ දෙනෙක් සිතනුයේ එහි ප්‍රමාණය, වේගය අදිය අතින් පමණක් වෙනස් වන බවයි. නමුත් මේ ගුවන් යානා නිෂ්පාදනය හා සම්බන්ධ ඉතා විශාල දැනුම් සම්භාරයක් පවතී. දැනට ලෝකයේ ගුවන් යානා නිෂ්පාදන ආයතන බොහෝ ගණනක් දැකිය හැකි අතර ඒවායින් නිපදවන ගුවන යානා ද විවිධ ජනප්‍රිය මට්ටම් වල පවතී. එයාර් බස් (Airbus), බෝයිං (Boeing), මැක්ඩොනල්ඩ් ඩග්ලස් (McDonnell Douglas), ලොක්හීඩ් (Lockheed) ආදී සමාගම් මේවායින් ප්‍රමුඛතාවය ගන්නා සමාගම් කීපයකි. මේවායිනුත් එයාර්බස් සහ බෝයිං යන වර්ග දෙක අප සෑම දෙනෙක්ම පාහේ අසා ඇති.
Boeing
බෝයිං සමාගම ඇමරිකාව සතු සමාගමක් වන අතර එයාර්බස් සමාගම යුරෝපය සතු සමාගමකි. සැබවින්ම එයාර්බස් යනු සමාගම් කීපයකි එකතුවකි. ඒ වගේම එය අවසානයේදී වෙනත් ආයතනයක අනු සමාගමකි.
බෝයිං සමාගම විසින් වාණිජමය ගුවන් සමාගම් සඳහා ජෙට් යානා නිෂ්පාදනය කරනු ලබන අතර එහි ප්‍රධාන කාර්යාලය පිහිටා තිබෙන්නේ ඇමරිකාවේ ඉලිනොයිස් (Illinois) ප්‍රාන්තයේ චිකාගෝ (Chicago) නුවරයි. මෙම සමාගම විලියම් ඊ. බෝයිං (William E. Boeing) නැමැත්තා විසින් ඇමරිකාවේ සියැටල් හිදී ආරම්භ කරන ලදී. එම සමාගම ඇමරිකාවේ තවත් විශාල ගුවන් යානා නිෂ්පාදකයෙකු වන මැක්ඩොනල්ඩ් ඩග්ලස් (McDonnell Douglas) ආයතනය සමග 1997 දී ඒකාබද්ධ කරන ලදී. කෙසේ වෙතත් 1916 ජූනි 15 වන දින මෙම සමාගම ආරම්භ කරන විට එහි ව්‍යාපාරික නාමය වූයේ "පැසිෆික් ගගන නිෂ්පාදන සමාගම (Pacific Aero Products Co.) යනුවෙනි. ප්‍රථමයෙන්ම එහි නිෂ්පාදනය කරනු ලැබූයේ ජල පෘෂ්ඨයන්හි ගොඩබෑම සිදු කළ හැකි ගුවන් යානායි
Boeing 737
Boeing 747
Boeing 777
Airbus
ප්‍රංශයේත්, ජර්මනයේ සහ ස්පාඤ්ඤයේ පිහිටි ගුවන් සේවා සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ ප්‍රධාන ආයතන 3 ක සුසංයෝගයෙන් සැදුම්ලත් "යුරෝපීය ගගන නාවික ආරක්ෂක සහ අභ්‍යවකාශ සමාගම" (European Aeronautic Defence and Space Company - EADS) යටතේ පවතින ආයතනයක් ලෙස එයාර් බස් සමාගම ආරම්භ කරන ලද්දේ මා මුලින් කී ඇමරිකානු ගුවන් යානා නිෂ්පාදන සමාගම් වගට තරඟකාරීත්වයක් ලබා දෙනු පිණිසය. ජර්මනිය, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ ස්පාඤ්ඤය යන රටවල මෙම සමාගමෙහි නිෂ්පාදන කර්මාන්තශාලා පිහිටා ඇති අතර සේවකයින් 57000 ක් පමණ සේවය කරයි. අළුතින්ම චීනයේද නිෂ්පාදන ආයතනයක් අරඹා ඇත.
Airbus A330
Airbus A320
Airbus A380
උඹලා බලලා නිකන් යන්න එපා බං උඹලා දන්නා දේවලුත් කියපල්ලා.

සිංහල ජාතියට ජය වේවා !!!

Last edited: