අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත Budget Terminals

    අඩු මිල ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals)


    P6020200.JPG



    සාමාන්‍ය ගුවන් සේවා මෙහෙයුම් පවත්වාගෙන යනු ලබන ගුවන් තොටුපල වල ගුවන් යානා මෙහෙයුම් සඳහා එම ගුවන් තොටුපළ විශාල මුදලක් අය කරයි. ගුවන් යානාවේ වර්ගය අනුව සහ එහි ගුවන් ගත වන අවස්ථාවේ බර අනුව (MTOW – Maximum Takeoff Weight) මෙම මුදල තීරණය කරනු ලබයි. මෙම මුදල් ප්‍රමාණය වැඩි නම් ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් කිරීමට මැළි කමක් දක්වයි. මීට අමතරව තවත් විවිධ අය කිරීම් මෙහෙයුම් සම්බන්ධව තිබේ.

    මීට අමතරව නව ප්‍රවණතාවක් වන්නේ මිළ අඩු ගුවන් සමාගම් (Low Cost Carriers – LCC) බිහි වීමයි. ලංකාවේ මිහින් ලංකා ගුවන් සමාගම(Mihin Lanka Ltd), එයාර් ඇරබියා ගුවන් සමාගම (Air Arabia), එයාර් ඒෂියා ගුවන් සමාගම(Air Asia), ටයිගර් ගුවන් සමාගම (Tiger Airways) ආදිය උදාහරණ ලෙස දැක්විය හැක. මේවා‍යේ මෙහෙයුම් වියදම් අවම කර ගනිමින් පාරිභෝගිකයාට අඩුම මිළට ගුවන් ටිකට්පත් සපයනු ලබයි.

    මෙම මෙහෙයුම් කරනු ලබන අඩු මිළ ගුවන් සමාගම් වල අවශ්‍යතාවයක් වූයේ තම මෙහෙයුම් වලට ගැළපෙන අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත (Budget Terminals) ලබා ගැනීමයි.

    මෙම තත්වයට ප්‍රතිචාර දැක්වූ සමහර රටවල් අඩු මිළ ගුවන් මෙහෙයුම් පර්යන්ත සකස් කළ අතර සිංගප්පූරුවේ අඩුමිළ ගුවන් මෙහෙයුම් පර්යන්තය උදාහරණ ලෙස දැක්විය හැක.


    සිංගප්පූරුවේ මෙම පර්යන්තයේ මෙහෙයුම් කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන්ම ටයිගර් ගුවන් සමාගමයි. මෙම අඩු මිළ මෙහෙයුම් පර්යන්තයේ සැකසුම පවා ඉතාම සරල වන අතර පාරිභෝගිකයාට ද වියදම අඩු වන ආකාරයට මෙය සකසා තිබේ.

    මෙම පර්යන්තයේ ගුවන් යානයට ගොඩ වීමට ගුවන් පාලම් (Aero Bridges) නොමැති අතර සාමාන්‍යයෙන් ගුවන් පාලම් භාවිතයට යන වියදම් ද එමගින් අඩු කර තිබේ.


    P6020199.JPG



    මේ සමග ඇති ඡායාරූප බලන්න. එකක දැක්වෙන්නේ මෙහෙයුම් පර්යන්තයට බොහෝ දුරින් නවතා ඇති ගුවන් යානාවකුයි. වැසි දිනකදී මෙම දුර ගමන් කිරීම ස‍දහා හදුන්වාදී ඇති සරල ක්‍රමයක් අනෙක් ඡායාරූපයේ දැක්වෙනවා. (කුඩ භාවිතය) මෙවන් ක්‍රමද වියදම අඩු කර ගැනීම සදහා ඔවුන් භාවිතා කරනවා.

    කෙසේ වෙතත් දැනට ශ්‍රී ලංකාවේද මෙවන් වූ අඩු වියදම් ගුවන් මෙ‍හෙයුම් පර්යන්තයක් සකස් කිරීම සදහා සාකච්ඡා වෙමින් පවතිනවා. ඒවගේම මේ සදහා ඉල්ලුම ද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතිනවා. නුදුරේම මෙම පර්යන්තය සකස් කිරීම ළගදීම ආරම්භ වේවි.



    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    • Like
    Reactions: marachoon

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    ශ්‍රී ලංකා එයාර් ලයින් එකත් දැන් ප්ලයිට් එකෙන් බැහැලෑ සීට් නැති ටාටා බස් එකක දාගෙන ගේන් නේ බන්.. මුන්ට මොනවා වෙලාද මම දන්නේ නැහැ. මම ලංකාවට ආපුවහම පැය ගාණක් ප්ලයිට් එක ඇතුලේ ඉදලා. බස් එකේ තමයි එයාර් පොට් එකට එන්න ඔනේ..