ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration

    ගුවන් යානා ලියාපදිංචි කිරීම - Aircraft Registration


    ඕනෑම රටක එම රටට අයත් ගුවන් යානා ලියාපදිංචි කළ යුතු අතර සාමාන්‍යයෙන් එසේ ලියාපදිංචි කිරීම කරනු ලබන්නේ එම රටෙහි සිවිල් ගුවන් සේවා අධිකාරිය හෝ දෙපාර්තමේන්තුවයි. කෙසේ හෝ මෙම ආයතනය එම රටේ සිවිල් ගුවන් සේවාව සමිබන්ධ රාජ්‍ය ආයතනයක් වෙනවා.


    ඒ වගේම රටින් රටට මේ සම්බන්ධයෙන් පවතින නීති රීති ද වෙනස් වෙනවා. ශ්‍රී ලංකාවට අයත් ගුවන් යානා ලියාපදිංචිය කරනු ලබන්නේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියයි. අපේ රටේ පවතින නීතිය අනුව යම් ආයතනයක් බදු පදනම මත හෝ පූර්ණ වශයෙන් මිළ දී ගැනීමකදී හෝ මෙම ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. නමුත් එසේ මිලදී ගන්නා හෝ බදු පදනම මත ගන්නා වූ ගුවන් යානය නිෂ්පාදිත දිනයේ සිට වසර 15 කට වඩා පැරණි නොවිය යුතුයි. එසේම එය මිළදී ගැනීමට හෝ බදු පදනම මත ගැනීමට පෙර සිවිල් ගුවන් සේවා අධිකාරියේ ගුවන් යානා ඉංජිනේරුවරයෙකු විසින් එහි යෝග්‍යතාවය පරීක්ෂා කර සහතික කළ යුතුයි. ඒ කියන්නේ ඔහු හෝ ඇය එම ගුවන් යානය දැන් පවතින රටට ගොස් එය පරීක්ෂා කළ යුතුයි. ඒ වගේම යම් යානයක කොටස් අපේ රටට ගෙනවිත් ගුවන් යානයක් එකලස් කරන්නේ නම් එම එකලස් කරන අවස්ථාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ඉංජිනේරුවරයෙකු එම ස්ථානයේ සිටිය යුතුයි. විදේශගත වීමකදී නම් එම ඉංජිනේරුවරයාගේ සම්පූර්ණ වියදම් යානය මිළදී ගන්නා විසින් ගුවන් සේවා අධිකාරියට ගෙවිය යතුයි.

    මෙසේ සහතික කිරීමෙන් පසු එම යානය පළමුව එහි මුල් ලියාපචිංචිය හිමි රටේ ලේඛණයෙන් ඉවත් කළ යුතු අතර ඉන්පසුව අපේ රටේ ලියා පදිංචි කළ හැකිය. මෙසේ ලියා පදිංචි කරන විට ඒ සඳහා අංකයක්/කේතයක් ලැබේ.

    මෙම කේතයේ මුල් අකුරු දෙක ජාත්‍යන්තරව රටට හිමි වී තිබෙන දෙයකි. උදාහරණයක් ලෙස 4R යනු ලංකාවට අයිති මුල් කේතයයි. ඉන්පසුව ඉංග්‍රීසි අකුරු 3කින් මෙම කේතය සමන්විතවේ. උදාහරණයක් ලෙස 4R-ALA දැක්විය හැක. මෙම අකුරු 3 ගුවන් සාමාගමට රිසි පරිදි යෝජනා කල හැකි අතර එය වෙනත් සමාගමකට ලබා දී නැති නම් එම කේතය ම ලබා දෙයි. නැතහොත් වෙනත් කේතයක් යෝජනා කල යුතුය. ලියාපදිංචිය ඉවත් කළ කේතයක් වුවද මෙසේ ලබා ගත හැකිය.මෙම කේතය ගුවන් යානයේ බඳෙහි පින්තාරු කළ යුතුය.

    PlanespottersNet_068370.jpg


    එලෙසම බදු පදනම මත ගැනීමේ දී එය Dry Lease පදනම මත ගන්නේ නම් ලියාපදිංචි කිරීම කළ යුතු අතර Wet Lease පදනම මත නම් එසේ ලියා පදිංචි කිරීම අවශ්‍ය නොවේ.


    ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් මෙලෙස ලියාපදිංචි කිරීම කළ යුතු අතර දැනට ශ්‍රී ලංකාවේ ගුවන් යානා, හෙලිකොප්ටර් සහ බැලූන් 33 ක් ලියාපදිංචි වී ‍තිබේ. මේ සදහා පුහුණු ගුවන් යානා ද ඇතුළත් වේ.

    මේ සමග ඇති ඡායාරූපයේ පසුපස මෙම අංකය බලන්න.

    Extra Points

    * ගුවන් හමුදාවේ ගුවන් යානා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ලියාපදිංචි කළ යුතු නැහැ. මොකද ඒවා සිවිල් කටයුතු සඳහා භාවිතා නොවන නිසා. නමුත් ඔවුන්ටත් අවශ්‍යයනම් වෙනම සමාගමක් ලෙස ලියාපදිංචි වී මේ කටයුත්ත කළ හැකියි.

    * Wet Lease හා Dry Lease කියන්නේ බදුගැනීමේදී භාවිතා කරන ක්‍රම දෙකක්.

    Wet Lease -මෙහිදී ගුවන් යානය එහි කාර්ය මණ්ඩලය සමගම බදු ගැනීම සිදුවෙනවා. ඒව‍ගේම යානයේ නඩත්තුව, කාර්ය මණ්ඩල නඩත්තුව ආදිය යානයේ හිමිකරු (බදු දෙන්නා) විසින් කළ යුතුයි. මෙහිදී යානය අපේ රටේ ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ.

    Dry Lease වලදී යානය පමණයි අපට ලැබෙන්නේ නමුත් එය අපේ රටේ ලියාපදිංචි කළ යුතුයි. කාර්ය මණ්ඩලය හා නඩත්තුව බදුගන්නා විසින්ම කළ යුතුයි. දැනට මිහින් ලංකා සමාගම ගෙනවිත් තිබෙන ගුවන් යානය සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සතු ගුවන් යානා මේ අයුරින් බදුගන්නා ලද ඒවායි.

    මේ කොයි ආකාරයෙන් බදු ගත්තත් ඒ සමග පවතින ගිවිසුම අනුව ගෙවීම්, අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය ආදිය එහි සදහන් වෙනවා.

    දැනට ලංකාවේ බැලුන් ක්‍රියාකරුවන් දෙදෙනෙක් ලියා පදිංචි වී ඇති අතර ඔවුන් විසින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බැලුන් 3 ක් ලියා පදිංචි කර තිබෙනවා.


    සිංහල ජාතියට ජය වේවා !!!




    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    REG SERIAL AIRCRAFT TYPE
    4R-ABK 2584 Airbus A320-214
    4R-ABL 2345 Airbus A320-232
    4R-ABM 4694 Airbus A320-214
    4R-ABN 4869 Airbus A320-214
    4R-ABO 4915 Airbus A320-214
    4R-ABP 5086 Airbus A320-214
    4R-ABQ 3397 Airbus A321-231
    4R-ABR 3636 Airbus A321-231
    4R-ALA 303 Airbus A330-243
    4R-ALB 306 Airbus A330-243
    4R-ALC 311 Airbus A330-243
    4R-ALD 313 Airbus A330-243
    4R-ALH 627 Airbus A330-243
    4R-ALJ 456 Airbus A330-243
    4R-ALL 1564 Airbus A330-343
    4R-ALM 1583 Airbus A330-343
    4R-ALN 1604 Airbus A330-343
    4R-ALO 1650 Airbus A330-343
    4R-ALP 1669 Airbus A330-343
    4R-ALQ 1687 Airbus A330-343
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කොල්ලට අද පොඩි කික් එකක් ඇවිත් වගේ.එක පිට එක ත්‍රෙඩ් වැටෙනවා නේ. :D
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ගොඩක් අය පරන බම්ප් කරන් තේඩ් කියවන්නෙ නැ. එකයි. උබේ මේ තේඩ් සුපිරි නිසා ආපහු අලුතින් දාන එක පාඩුවක් නැ එකයි කිවුවෙ.

    Aye mula indan? Ai a?

    ------ Post added on Oct 5, 2022 at 9:12 PM
     

    Similar threads