ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)

    ගුවනේ ස්වාධීනත්වයන් (Freedoms of the Air)​

    81dd86b0ab40baf3587f775f5c7aeff0_3144716_0_big.jpg


    ගුවන් යානයක් එක් රටක සිට වෙනත් රටකට මෙහෙයවීමේදී ජාත්‍යන්තරව පිළීගත් නීති සමුදායක් සහ සම්මුතීන් තිබේ. තවත් සරලව කියනවානම් එක් එක් අය සිතු සිතූ පරිදි එක් රටක සිට තවත් රටකට වාණිජ ගුවන් ‍සේවාවන් පැවැත්විය නොහැක. 1944 දී චිකාගෝ නුවරදී රැස්වූ ලෝක නායකයින් විසින් අත්සන් කරන ලද චිකාගෝ සම්මුතිය ගුවන් සේවාවන්හි මුල් පොත ලෙස හඳුන්වනු ලබයි.

    image008.jpg


    මෙම සම්මුතිය මගින් සෑම රාජ්‍යයකටම එහි භූමියට ඉහලින් සහ රාජ්‍යයට අයත් මුහුදු සීමාවට ඉහලින් ඇති ගුවන් සීමාව සඳහා ස්වෛරීයත්වයක් ඇති බව පිළිගෙන තිබේ. මෙම සම්මුතියට අනුව වෙනත් රටක ගුවන් සමාගමකට තවත් රටක ගුවන් සීමාව තුළට අනවසරයෙන් ඇතුල්විය නොහැක.
    චිකාගෝ සම්මුතියට සමගාමීව තවත් ගිවිසුම් දෙකක් ඇත.

    1. ජාත්‍යන්තර ගුවන් සේවා සංක්‍රමණ ගිවිසුම (International Air Services Transit Agreement IASTA)

    2. ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන ගිවිසුම (International Air Transport Agreement IATA)

    මෙම ගිවිසුම් වලට අනුව එක් රටක ගුවන් සමාගමක් තවත් රටකට පිවිසෙන්නේ නම් ඒ සඳහා පිළිගත් “ගුවනේ ස්වාධීනත්වයන්” (FREEDOMS OF THE AIR) යනුවෙන් හඳුන්වන පිළිගැනීම් 9 ක් තිබේ. මෙම ස්වාධිනත්වයන් ගුවනේ වරප්‍රසාදයන් ලෙසද හඳුන්වන අතර එයින් පළමුවන හා දෙවන ස්වාධිනත්වයන් තාක්ෂණීක ස්වාධිනත්වයන් ලෙසද තුන්වන, හතරවන සහ පස්වන ස්වාධිනත්වයන් වාණිජ ස්වාධිනත්වයන් ලෙසද හඳුන්වයි.

    පළමු ස්වාධිනත්වය
    අනෙක් රටෙහි ගොඩබැසීමක් නොකර රටට ඉහලින් පියාසර කිරීමට ඇති අවසරය මෙනමින් හඳුන්වයි. මේ සඳහා මුලින්ම අදාළ රාජ්‍යයෙන් අවසර ලබා ගත යුතුය.
    උදාහරණයේ ලෙසට යම් කිසි රටක සිට “A” රාජ්‍යයට ඉහලින් “B” රාජ්‍යය වෙත පියාසර කිරීම මෙම නිදහසයි.

    දෙවන ස්වාධීනත්වය
    තාක්ෂණික අවශ්‍යතාවයන් සඳහා පමණක් වෙනත් රාජ්‍යයකට ගොඩබැසීම මෙලෙස හඳුන්වයි. මෙහි තාක්ෂණික අවශ්‍යතා යනු ඉන්ධන ලබා ගැනීම, වෙනත් කාර්මික දෝෂ සඳහා පිළියම් ලබා ගැනීම ආදියයි. මෙහිදී එම රටෙන් මගීන් ලබා ගැනීමත් එම රටට මගීන් ගොඩබැස්සවීමත් සිදු කළ නොහැක.

    තුන්වන ස්වාධිනත්වය සහ හතරවන ස්වාධිනත්වය
    එක් රටක සිට වෙනත් රටකට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති නිදහස තුන්වන නිදහස ලෙසද වෙනත් රටක සිට තම රටට මගීන් ප්‍රවාහනය කිරීම හතරවන නිදහස ලෙස ද හඳුන්වයි. මගී ප්‍රවාහනයේදී වඩා වැඩිපුරම භාවිතා වන්නේ මෙම ස්වාධිනත්වයන් දෙකයි.

    පස්වන ස්වාධිනත්වය
    එක් රටක සිට තවත් රටකට මගීන් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතර මැද තිබෙන රටවල් වලට මගීන් ප්‍රවාහනය කිරීමටත් එම රටවලින් මගීන් ලබා ගැනීමටත් ඇති නිදහස මෙලෙස හඳුන්වයි. ගුවන් යානා සමාගම් ඉතාමත් ලොල් බවත් දක්වන්නේ මෙම නිදහස බුක්ති විඳීමටයි. නමුත් බොහෝ රටවල් මෙම නිදහස විදේශීය ගුවන් සමාගම් වලට ලබා නොදේ. නැතහොත් සීමා කරයි.
    මෙම නිදහස මගින් ගුවන් සමාගම් වල ආදායම ඉහළ නංවා ගැනීමට හැකියාව ලැබේ.

    හයවන ස්වාධිනත්වය
    මෙම ස්වාධිනත්වයේදී වෙනත් රටක සිට තම රට හරහා තවත් රටකට මගීන් හා ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට නිදහස ලැබේ. සැබවින්ම මෙය තුන්වන සහ හතරවන ස්වාධිනත්වයන්ගේ සංකළනයකි.

    හත්වන ස්වාධිනත්වය
    වෙනත් රටවල් දෙකක් අතර මගීන් සහ ගුවන් භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති නිදහස මෙලෙස හඳුන්වයි.මෙහිදී තම මවි රටට ගමන් කිරීම අවශ්‍ය නොවේ.

    අටවන ස්වාධිනත්වය
    විදේශිය රටක ගුවන් තොටුපළවල් දෙකක් අතර මගී ප්‍රවාහනයට ලැබෙන නිදහස මෙලෙස හඳුන්වයි. මෙහිදී ගුවන් ගමන තම රටෙන් ආරම්භ වේ. මෙය ඉතාම දුලබව භාවිතා වන්නකි. (පිට අයට ඇවිත් තමන්ගේ ගෙදර දේවල් කන්න දෙනවා වගේ වැඩක්නෙ. ඒකයි.) නමුත් යුරෝපීය සංගමයේ රටවල් අතර මෙය සමහර විට භාවිතා කරයි. ඉංග්‍රීසියෙන් මෙය “CABOTAGE” ලෙසද හඳුන්වයි.

    From Wikipedia - Cabotage is the transport of goods or passengers between two places in the same country by a transport operator from another country. It originally applied to shipping along coastal routes, port to port, but now applies to aviation, railways, and road transport as well.

    නවවන ස්වාධිනත්වය
    මෙහිදී වෙනත් රටක අභ්‍යන්තර ගුවන් ගමන් වල යෙදීමට නිදහස ලැබේ. මෙය අටවන නිදහසට සමාන වනමුත් ගුවන් ගමන මවි රටෙන් ආරම්භ වීම සිදු නොවේ. මෙයද ඉතාම දුලබ භාවිතයකි.


    දැන් ඔය කියපු ස්වාධිනත්වයන් 9 පහල රුපෙන් තේරුම් ගන්න පුළුවන්


    556276f70423bd25318b4567.jpeg


    කෙසේ වෙතත් ඉහත දක්වන ලද ස්වාධිනත්වයන්ගෙන් නිල වශයෙන් පිළිගෙන ඇත්තේ පස්වන ස්වාධිනත්වය දක්වා පමණි. බොහෝ රටවල් විසින් අනෙකුත් ස්වාධිනත්වයන් නිල වශයෙන් පිළීගෙන නැත.
    මෙම ස්වාධිනත්වයන් ලබා දීම සිදු කරනුයේ රටවල් අතර අත්සන් කරනු ලබන ද්විපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම් මගිනි. රටවල් දෙකෙහිම එකඟත්වය මත මෙය සිදු කරනු ලබයි.


    මං හිතනවා අදත් වෙනදා වගේම වැදගත් දෙයක් උඹලට කියලා දුන්නා කියලා එහෙනං තවත් ත්‍රෙඩ් එකකින් හම්බෙමු



    Freedom-to-fly-graphic.jpg



    සිංහල ජාතියට ජය වේවා !!!





    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ උඹත් ඒ පාර එක දිගටම ත්‍රෙඩ් දානවනේ...:P
    මේ දවස් ගානට ගොඩක් විස්තර කියෙව්වා උඹ දාපු..:yes:
    රෙප් ලැබිය යුතු ත්‍රෙඩ් වලට දෙන්න නම් වෙන්නෙ නෑ හැබැයි...:sorry:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    අඩේ උඹත් ඒ පාර එක දිගටම ත්‍රෙඩ් දානවනේ...:P
    මේ දවස් ගානට ගොඩක් විස්තර කියෙව්වා උඹ දාපු..:yes:
    රෙප් ලැබිය යුතු ත්‍රෙඩ් වලට දෙන්න නම් වෙන්නෙ නෑ හැබැයි...:sorry:

    ehenan himin himin daannada? :baffled:

    sathiyakata ekak vage athida? :confused:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ehenan himin himin daannada? :baffled:

    sathiyakata ekak vage athida? :confused:

    වැඩේ නැගලා යනවා වගේ.
    11.gif
    වෙලාවක් ලැබුණු ගමන් ත්‍රෙඩ් ටික දාන එක හොඳයි මම නම් කියන්නේ.නැත්නම් ඕවා දාන්න වෙලාවක් ඉන්නේ නෑනේ.මම නම් එහෙම තමයි.උඹේ කැමැත්තක් ඉතින්.

    ඒත් බන් ඔය නීති ඕන තරම් කඩන්නේ වෙන රටවල ඔත්තු බලද්දී.උඹට මතකද ඇමෙරිකාව චාටර් වුන u-2 spyplane සිද්ධිය?
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    වැඩේ නැගලා යනවා වගේ.
    11.gif
    වෙලාවක් ලැබුණු ගමන් ත්‍රෙඩ් ටික දාන එක හොඳයි මම නම් කියන්නේ.නැත්නම් ඕවා දාන්න වෙලාවක් ඉන්නේ නෑනේ.මම නම් එහෙම තමයි.උඹේ කැමැත්තක් ඉතින්.

    ඒත් බන් ඔය නීති ඕන තරම් කඩන්නේ වෙන රටවල ඔත්තු බලද්දී.උඹට මතකද ඇමෙරිකාව චාටර් වුන u-2 spyplane සිද්ධිය?

    Machan military & civil patalawa ganna epa. Meke tiyenne ICAO eken civil aviation walata hadapu rules
    :yes:
     
    • Like
    Reactions: AD Udara

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැඩේ නැගලා යනවා වගේ.
    11.gif
    වෙලාවක් ලැබුණු ගමන් ත්‍රෙඩ් ටික දාන එක හොඳයි මම නම් කියන්නේ.නැත්නම් ඕවා දාන්න වෙලාවක් ඉන්නේ නෑනේ.මම නම් එහෙම තමයි.උඹේ කැමැත්තක් ඉතින්.

    මචන්, උඹල මහන්සි වෙලා දාන වැදගත් ත්‍රෙඩ් වලට අපිට ඉතින් රෙප් දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑනේ..
    වටින ත්‍රෙඩ් එකකට එහෙමවත් කරන්න නොලැබෙන එකයි අවුල..:dull:
    නොදන්න දේවල් ගොඩක් මේ දවස් ටිකට උඹල දෙන්නගෙන්ම ඉගෙන ගත්තා..:yes:
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113


    මචන්, උඹල මහන්සි වෙලා දාන වැදගත් ත්‍රෙඩ් වලට අපිට ඉතින් රෙප් දෙනව ඇරෙන්න කරන්න දෙයක් නෑනේ..
    වටින ත්‍රෙඩ් එකකට එහෙමවත් කරන්න නොලැබෙන එකයි අවුල..:dull:
    නොදන්න දේවල් ගොඩක් මේ දවස් ටිකට උඹල දෙන්නගෙන්ම ඉගෙන ගත්තා..:yes:

    thanks machan puluvan velavaka denna