එක්සත් ජනපදය සතු වටිනාම යුද ගුවන් යානා
ලොව මිලෙන් අධිකම යුද ගුවන් යානා නිපදවන්නේ එක්සත් ජනපදය බව දන්නෝ දනිති.එසේම ඔවුන්ගේ යුද ගුවන් යානා දියුණු තාක්ෂණයෙන්ද සන්නද්ධය.පහත දැක්වෙන්නේ ඇමෙරිකාව සතු මිලෙන් අධිකම යුද ගුවන් යානා කිහිපයකි.
පිටසක්වල යානයක ස්වරූපයක් ගන්නා මෙම යුද ගුවන් යානය දෙවන ලෝක යුද සමයේදී නාසීන් නිර්මාණය කල ස්ටෙල්ත් වර්ගයේ ගුවන් යානයක් ආශ්‍රයෙන් විකසනය වී තිබේ.ස්ටෙල්ත් වර්ගයේ හෙවත් සතුරු රේඩාර්වලට අහුනොවන අයුරින් ගමන් කිරීමේ හැකියාව සහිත මෙය බෝම්බ හෙළන යානයකි.එය අධෝරක්ත,විද්‍යුත්චුම්භක ආදී අනාවරණ උපක්‍රමයන්ට හසු නොවන බව කියවේ.මීට න්‍යෂ්ඨික බෝම්බද රැගෙන යා හැකිය.
ලොව තිබෙන හොඳම ජෙට් ප්‍රහාරක යානය ලෙස හැඳින්වෙන්නේ මෙයයි.රුසියාවේ MiG-29 සහ Su-27 යානාවලට අභියෝගයක් ලෙස මෙය නිර්මාණය කල බව කියවේ.F-22 Raptor යානය නිර්මාණය වන්නේ 1980 දශකයේදීය.එක්සත් ජනපද ගුවන් හමුදාව සතුව රැප්ටර් වර්ගයේ යානා 200ක් පමණ ඇත.
මෙය සාමාන්‍ය හමුදා ප්‍රවාහන යානයක් නොවන බව එහි මිලෙන්ම පෙනේ.ඊට සෙබළුන්,යුදෝපකරණ සහ වාහන ගෙන යා හැකිය.ඊට යුද ටැංකි,හම්වී සහ අනෙකුත් හමුදාමය රථ සංග්‍රාම භූමියට ගෙන යා හැකිය.
P-8A Poseidon යනු වැඩිදියුණු කල බොයින් 747 යානයකි.එය එක්සත් ජනපද නාවික හමුදාව සතුය.මෙම යානය depth charges හෙවත් සබ්මැරීන නාශක අවි,ටෝර්පිඩෝ සහ මිසයිල වලින් සන්නද්ධය.එය සබ්මැරීන නැසීමට විශේෂයෙන් නිර්මාණය කල ගුවන් යානයකි.
මෙය එක්සත් ජනපද ජනපති නිල හෙලිකොප්ටරය වන Marine one වෙනුවට ආදේශ කිරීමට නිර්මාණය කල එකකි.නමුත් ඔබාමාගේ නියෝගයක් මත මෙම හෙලිකොප්ටර් යානා නිපදවීම නවතා දමා තිබේ.
අතිශය දියුණු සන්නිවේදන සහ රේඩාර් උපකරණ වලින් සමන්විත ගුවන් යානයකි.මෙය එම වර්ගයේ ගුවන් යානාවල හතරවන සංස්කරණයයි.E-2D යානය තවමත් නිල වශයෙන් සේවයේ යොදවා නැතිබවයි කියවෙන්නේ.
මෙය ඇමෙරිකානු යුද ගුවන් යානාවල දියුණුතම ප්‍රහාරක යානය ලෙස සලකනු ලැබේ.සතුරු රේඩාර්වලට හසුනොවී බෝම්බ හෙළීමේ හැකියාව සතු මෙම යානය ගුවන් සටන් සඳහාද යොදාගත හැකිය.ඊට අමතරව ඊට තනි කෙලින් එනම් සිරස්ව ගුවන් ගතවීමේ හැකියාව තිබේ.
මෙය ගුවන්යානයක සහ හෙලිකොප්ටරයක සංකලනය ලෙස හැඳින්විය හැකිය.ඊට සාම්ප්‍රදායික හෙලිකොප්ටරයක් මෙන් ගුවන් ගතවීමේ හැකියාවද ගුවන් යානයක් මෙන් වේගවත් පියාසර කිරීමේ හැකියාවක්ද තිබේ.අනතුරක් නිසා මෙම යානයක ගමන් කල 30 දෙනෙක් මියගියහ.ඒ නිසාම එහි නිෂ්පාදන කටයුතු අත්හිටවන්නට ඇමෙරිකානු රජය ක්‍රියාකලේය.නමුත් බහුකාර්ය හැකියාව නිසා හමුදාව විසින් විදේශයන්හිදී තවමත් V-22 Osprey යානය භාවිතා කරයි.
මෙය සුපර් හොර්නට් ගුවන් යානයේ වැඩිදියුණු කිරීමකි.සුපර් හෝර්නට් යානය සතු සියලු හැකියාවන් මෙය සතුය.නමුත් එහි සන්නාහය සැහැල්ලුය ප්‍රබල ගුවන් සටන් සඳහා එය සුදුසු නැත.EA-18G Growler යානය සතුව සතුරු රේඩාර් පද්ධති නොමඟ යැවීමේ හැකියාව සහිත උපකරණ තිබේ.
1980 දශකයේදී සේවයට එක්වූ මෙම යානය බෝම්බ හෙළීම සහ ප්‍රහාරක හැකියාවන් දෙකම සහිත යානයකි.පළමු ගල්ෆ් යුද්ධයේදී මෙම යානය එක්සත් ජනපදයට ප්‍රබල දායකත්වය සපයන ලදි.F/A-18 Hornet යානා කැනඩාව,ප්‍රංශය,ඊශ්‍රායලය,කුවේට් සහ ස්විස්ටර්ලන්තය යන රටවලද භාවිතා කරයි.
Source:warhistoryonline.com
-HarshaLulzSec-

B-2 Spirit ඇ.ඩො. මිලියන 737

F-22 Raptor ඇ.ඩො. මිලියන 350
ලොව තිබෙන හොඳම ජෙට් ප්‍රහාරක යානය ලෙස හැඳින්වෙන්නේ මෙයයි.රුසියාවේ MiG-29 සහ Su-27 යානාවලට අභියෝගයක් ලෙස මෙය නිර්මාණය කල බව කියවේ.F-22 Raptor යානය නිර්මාණය වන්නේ 1980 දශකයේදීය.එක්සත් ජනපද ගුවන් හමුදාව සතුව රැප්ටර් වර්ගයේ යානා 200ක් පමණ ඇත.
C17A Globemaster III ඇ.ඩො. මිලියන 328
මෙය සාමාන්‍ය හමුදා ප්‍රවාහන යානයක් නොවන බව එහි මිලෙන්ම පෙනේ.ඊට සෙබළුන්,යුදෝපකරණ සහ වාහන ගෙන යා හැකිය.ඊට යුද ටැංකි,හම්වී සහ අනෙකුත් හමුදාමය රථ සංග්‍රාම භූමියට ගෙන යා හැකිය.
P-8A Poseidon ඇ.ඩො. මිලියන 290
P-8A Poseidon යනු වැඩිදියුණු කල බොයින් 747 යානයකි.එය එක්සත් ජනපද නාවික හමුදාව සතුය.මෙම යානය depth charges හෙවත් සබ්මැරීන නාශක අවි,ටෝර්පිඩෝ සහ මිසයිල වලින් සන්නද්ධය.එය සබ්මැරීන නැසීමට විශේෂයෙන් නිර්මාණය කල ගුවන් යානයකි.
VH-71 Kestrel ඇ.ඩො. මිලියන 241
මෙය එක්සත් ජනපද ජනපති නිල හෙලිකොප්ටරය වන Marine one වෙනුවට ආදේශ කිරීමට නිර්මාණය කල එකකි.නමුත් ඔබාමාගේ නියෝගයක් මත මෙම හෙලිකොප්ටර් යානා නිපදවීම නවතා දමා තිබේ.
E-2D Advanced Hawkeye ඇ.ඩො. මිලියන 232
අතිශය දියුණු සන්නිවේදන සහ රේඩාර් උපකරණ වලින් සමන්විත ගුවන් යානයකි.මෙය එම වර්ගයේ ගුවන් යානාවල හතරවන සංස්කරණයයි.E-2D යානය තවමත් නිල වශයෙන් සේවයේ යොදවා නැතිබවයි කියවෙන්නේ.
F-35 Lightning II ඇ.ඩො. මිලියන 122
මෙය ඇමෙරිකානු යුද ගුවන් යානාවල දියුණුතම ප්‍රහාරක යානය ලෙස සලකනු ලැබේ.සතුරු රේඩාර්වලට හසුනොවී බෝම්බ හෙළීමේ හැකියාව සතු මෙම යානය ගුවන් සටන් සඳහාද යොදාගත හැකිය.ඊට අමතරව ඊට තනි කෙලින් එනම් සිරස්ව ගුවන් ගතවීමේ හැකියාව තිබේ.
V-22 Osprey ඇ.ඩො. මිලියන 118
මෙය ගුවන්යානයක සහ හෙලිකොප්ටරයක සංකලනය ලෙස හැඳින්විය හැකිය.ඊට සාම්ප්‍රදායික හෙලිකොප්ටරයක් මෙන් ගුවන් ගතවීමේ හැකියාවද ගුවන් යානයක් මෙන් වේගවත් පියාසර කිරීමේ හැකියාවක්ද තිබේ.අනතුරක් නිසා මෙම යානයක ගමන් කල 30 දෙනෙක් මියගියහ.ඒ නිසාම එහි නිෂ්පාදන කටයුතු අත්හිටවන්නට ඇමෙරිකානු රජය ක්‍රියාකලේය.නමුත් බහුකාර්ය හැකියාව නිසා හමුදාව විසින් විදේශයන්හිදී තවමත් V-22 Osprey යානය භාවිතා කරයි.
EA-18G Growler ඇ.ඩො. මිලියන 102
මෙය සුපර් හොර්නට් ගුවන් යානයේ වැඩිදියුණු කිරීමකි.සුපර් හෝර්නට් යානය සතු සියලු හැකියාවන් මෙය සතුය.නමුත් එහි සන්නාහය සැහැල්ලුය ප්‍රබල ගුවන් සටන් සඳහා එය සුදුසු නැත.EA-18G Growler යානය සතුව සතුරු රේඩාර් පද්ධති නොමඟ යැවීමේ හැකියාව සහිත උපකරණ තිබේ.
F/A-18 Hornet ඇ.ඩො. මිලියන 94