යැංකි බෝම්බ හෙළන යානාවල අනාගතය
දිගු දුර බෝම්බ හෙළන යානා සම්බන්ධව සීතල යුද සමයේ පටන් ඉහළ උන්නදුවකින් කටයුතු කල රටක් වන්නේ එක්සත් ජනපදයයි.ඔවුන්ට අවශ්‍ය වූයේ සෝවියට් දේශයට පහර දිය හැකි දිගු දුර බෝම්බ හෙළන යානයක් නිර්මාණය කිරීමයි.ඒ අරමුණ ඔස්සේ යමින් ඇමෙරිකානුවන් B-52 සහ B-2 Spirit යන යානා නිපදවීය.නමුත් B-52 යානය අනාගතයට ගැළපෙන්නේ නැති ගුවන් යානයකි.මන්ද එය සතුරු රේඩාර්වලට හසුවන යානයක් මෙන්ම වසර 50ක් පමණ පැරණි ගුවන් යානා ඇණියක් වන නිසාය.Northrop Grumman සමාගමේ B-2 Spirit යානයද සීතල යුද සමයේ උවමනාව මත බිහිවූ අතිසාර්ථක යානයකි.ඊට සතුරු රේඩාර් පද්ධතිවලින් වසන් වී බෝම්බ හෙළීමේ හැකියාව තිබේ.නමුත් සීතල යුද්ධය අවසන් වීමත් සමග මෙම යානය වෙනුවෙන් සැපයුණු මුදල් ප්‍රමාණය අඩු කරන ලදි.ඊට එක් හේතුවක් වූයේ B-2 Spirit යානාවල නිෂ්පාදන වියදමයි.B-2 Spirit යානා 132ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද යානා 21ක් පමණක් නිපදවන ලද්දේ අධික වියදම නිසාය.සම්පුර්ණ වැඩසටහනට ඇමෙරිකානු ඩොලර් බිලියන 44.75ක් ද එක් B-2 යානයක් වෙනුවෙන් ඇ.ඩො. බිලියන 2.13ක්ද වැයවී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.B-2 යානයක එක් ගුවන් පැයක් වෙනුවෙන් ඇ.ඩො.135,000ක් වැයවන බව කියවේ.
මේ හේතු නිසා B-52 සහ B-2 Spirit යානා වෙනුවට යොදාගත හැකි දිගුදුර ඉලක්ක වෙත බෝම්බ හෙළීමට හැකි නවතම ගුවන් යානයක් නිර්මාණය කිරීමට එක්සත් ජනපද ගුවන් හමුදාවේ අවධානය යොමුවූයේ කලට පෙරය.ඒ අනුව ඇමෙරිකානු ගුවන් හමුදාව වෙනුවෙන් Long Range Strike Bomber (LRSB) හෙවත් දිගුදුර ප්‍රහාරක හැකියාවක් සහිත බෝම්බ හෙළන යානයක් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව හිමි කරගන්නට Northrop සමාගම සමත්විය.ඒ 2015 වසරේදීය.එහි ආරම්භක වටිනාකම ඇ.ඩො.බිලියන 21කි.නමුත් ඊළඟ දශකය තුල ඔවුන්ට ඒ ඔස්සේ ඇ.ඩො.බිලියන 80ක් ලැබෙන බව කියවේ.
Northrop සමාගම විසින් නිර්මාණය කිරීමට යන Long Range Strike Bomber (LRSB) යානය කවර හැඩයක් ගනීදැයි හෙළිවී නැතිමුත් ඊට පෙර Northrop සමාගම විසින් නිර්මාණය කල B-2 යානයට සමාන එකක් වන බවට විශ්වාසයක් තිබේ.සමහරුන් කියන්නේ එය Northrop සමාගම විසින්ම නිපදවූ නියමුවන් රහිත ස්ටෙල්ත් වර්ගයේ යානයක් වන X-47B ට බොහෝ සමාන විය හැකිබවයි.
මෙම කොන්ත්‍රාත්තුව ලබා ගැනීමේදී සමාගම විසින් බොයින් සහ ලොක්හීඩ් මාර්ටීන් සමාගම් පරාජය කරනු ලැබුවා.Northrop සමාගම අවි නිෂ්පාදන කෂේත්‍රය තුල නොනැසී පවත්වා ගැනීමද,බොයින් සමාගම ඉන්ධන ගෙන යන යානයක්(tanker) නිර්මාණය කිරීමට අදාල කොන්ත්‍රාත්තුවක් බාරගෙන තිබීම සහ ලොක්හීඩ් සමාගම F-35 ප්‍රහාරක යානය සම්බන්ධව කටයුතු කරමින් සිටීම ආදී කරුණු මත පදනම්ව මෙම කොන්ත්‍රාත්තුව සමාගමට ලබා දෙන්නට ඇතැයි අනුමාන කල හැකිය.
නවතම බෝම්බ හෙළන යානා ව්‍යාපෘතියේ එක් යානයක මිල ඇ.ඩො. මිලියන 550ට අවමව තබාගත යුතුව තිබෙන බව අවධාරණය කර තිබේ.යානා 80-100 අතර ප්‍රමාණයක් වසර 10ක් ඇතුලත ලබා දිය යුතුව තිබේ.
එක්සත් ජනපදය නිර්මාණය කරන ඔවුන්ගේ නවතම බෝම්බ හෙළන යානය සේවයට පැමිණෙන විට ඊට අනෙක් රටවලින් එල්ලවන තර්ජනවලටද මුහුණදීමේ හැකියාවද තිබිය යුතුය.මෙම බෝම්බ හෙළන යානය එක්සත් ජනපදය සතු විදේශීය මෙහෙයුම්වල යෙදීමේ හැකියාව තවත් උසස් කරාවි.ඉහත දක්වා තිබෙන්නේ මෙහෙයුම් යානා සියල්ල තනි ජාලයක් ඔස්සේ සාර්ථකව මෙහෙයුම් සිදුකරන ආකාරයයි.
Source:Stratfor.com
-HarshaLulzSec-
Northrop සමාගම නිර්මාණය කරන නවතම බෝම්බ හෙළන යානය චිත්‍ර ශිල්පියෙක්ගේ අනුමානයට අනුව.එය Northrop සමාගමේ X-47B ඩ්‍රෝන් යානයට සමානය.
දිගු දුර බෝම්බ හෙළන යානා සම්බන්ධව සීතල යුද සමයේ පටන් ඉහළ උන්නදුවකින් කටයුතු කල රටක් වන්නේ එක්සත් ජනපදයයි.ඔවුන්ට අවශ්‍ය වූයේ සෝවියට් දේශයට පහර දිය හැකි දිගු දුර බෝම්බ හෙළන යානයක් නිර්මාණය කිරීමයි.ඒ අරමුණ ඔස්සේ යමින් ඇමෙරිකානුවන් B-52 සහ B-2 Spirit යන යානා නිපදවීය.නමුත් B-52 යානය අනාගතයට ගැළපෙන්නේ නැති ගුවන් යානයකි.මන්ද එය සතුරු රේඩාර්වලට හසුවන යානයක් මෙන්ම වසර 50ක් පමණ පැරණි ගුවන් යානා ඇණියක් වන නිසාය.Northrop Grumman සමාගමේ B-2 Spirit යානයද සීතල යුද සමයේ උවමනාව මත බිහිවූ අතිසාර්ථක යානයකි.ඊට සතුරු රේඩාර් පද්ධතිවලින් වසන් වී බෝම්බ හෙළීමේ හැකියාව තිබේ.නමුත් සීතල යුද්ධය අවසන් වීමත් සමග මෙම යානය වෙනුවෙන් සැපයුණු මුදල් ප්‍රමාණය අඩු කරන ලදි.ඊට එක් හේතුවක් වූයේ B-2 Spirit යානාවල නිෂ්පාදන වියදමයි.B-2 Spirit යානා 132ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබුණද යානා 21ක් පමණක් නිපදවන ලද්දේ අධික වියදම නිසාය.සම්පුර්ණ වැඩසටහනට ඇමෙරිකානු ඩොලර් බිලියන 44.75ක් ද එක් B-2 යානයක් වෙනුවෙන් ඇ.ඩො. බිලියන 2.13ක්ද වැයවී ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.B-2 යානයක එක් ගුවන් පැයක් වෙනුවෙන් ඇ.ඩො.135,000ක් වැයවන බව කියවේ.
B-2 Spirit Bomber
මේ හේතු නිසා B-52 සහ B-2 Spirit යානා වෙනුවට යොදාගත හැකි දිගුදුර ඉලක්ක වෙත බෝම්බ හෙළීමට හැකි නවතම ගුවන් යානයක් නිර්මාණය කිරීමට එක්සත් ජනපද ගුවන් හමුදාවේ අවධානය යොමුවූයේ කලට පෙරය.ඒ අනුව ඇමෙරිකානු ගුවන් හමුදාව වෙනුවෙන් Long Range Strike Bomber (LRSB) හෙවත් දිගුදුර ප්‍රහාරක හැකියාවක් සහිත බෝම්බ හෙළන යානයක් නිර්මාණය කිරීමේ කොන්ත්‍රාත්තුව හිමි කරගන්නට Northrop සමාගම සමත්විය.ඒ 2015 වසරේදීය.එහි ආරම්භක වටිනාකම ඇ.ඩො.බිලියන 21කි.නමුත් ඊළඟ දශකය තුල ඔවුන්ට ඒ ඔස්සේ ඇ.ඩො.බිලියන 80ක් ලැබෙන බව කියවේ.
X-47B නියමුවන් රහිත යානය
Northrop සමාගම විසින් නිර්මාණය කිරීමට යන Long Range Strike Bomber (LRSB) යානය කවර හැඩයක් ගනීදැයි හෙළිවී නැතිමුත් ඊට පෙර Northrop සමාගම විසින් නිර්මාණය කල B-2 යානයට සමාන එකක් වන බවට විශ්වාසයක් තිබේ.සමහරුන් කියන්නේ එය Northrop සමාගම විසින්ම නිපදවූ නියමුවන් රහිත ස්ටෙල්ත් වර්ගයේ යානයක් වන X-47B ට බොහෝ සමාන විය හැකිබවයි.
B-2