රුසියානු සුපිරි යානය T-50
ඇමෙරිකන් F-35 සුපිරි යානයට අභියෝග කරන රුසියානු සුපිරි යානය T-50
රුසියාව විසින් පස්වන පරම්පරාවේ සුපිරි ප්‍රහාරක යානයක් නිපදවා තිබේ. රුසියානු හමුදාවට අනුබද්ධ Sukhoi Corporation විසින් 2010දී සිට පරික්ෂණ කටයුතු පියාසැරියන් සිය ගණනක් සිදුකර මෙම නව සුපිරි යානය නිපදවා තිබේ. මේ පිලිබඳව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු හමුදාව පවසන්නේ 2016දී තම SU-35 ප්‍රහාරක යානා බලඇණියට වෙනුවට T-50 නම් වූ මෙම නව ප්‍රහාරක යානා එකතු වන බවය.
පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා යනු රේඩාර් වලට නොපෙනී යාම, දිගු දුර මෙහෙයුම්වල යෙදීමේ හැකියාව, සම්පූර්ණයෙන්ම පරිගණකගත පාලනය සහිතව නියමුවාට පාලනය කිරීම පහසු වීම, ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිශේෂී එන්ජින් තාක්ශණය, චන්ද්‍රිකා හා අවට පියාසර කරන මිතුරු යානා සමග ස්වයංක්‍රීයව තොරතුරු හුවමාරු ජාලයක් සකසා ගෙන ප්‍රහාර සම්බන්ධීකරණය සහ සැලසුම් කිරීම ආදී හැකියාවලින් සමන්විත ප්‍රහාරක යානා වේ. මේතාක් කල් එවැනි පස්වන පරම්පරාවට අයත් F-35 නම් වූ ප්‍රහාරක යානයක් හිමිව තිබුනේ ඇමරිකාවට පමණි.
යුධ විශේෂඥයින් උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය සඳහන්කර තිබුනේ 2020 වන තුරු කිසිදු රටකට පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා නිර්මාණය කිරීමට නොහැකි වන බවය. එහෙත් ඒ සියළු පුවත් පුස්සක් බවට පත් කරමින් රුසියාව නිපදවූ T-50 නම් වූ මෙම ප්‍රහාරක යානය, ඇමරිකාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ අති දැවැන්තම ආයුධ ව්‍යාපෘතිය වූ F-35 යානයටත් වඩා නවීන හැකියාවෙන් යුක්ත බව හෙලි වී තිබේ. එමෙන්ම චීනයද පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් සාර්ථක ලෙස අත්හදා බලමින් සිටින බව නිවේදනය කර තිබේ.
Role Stealth multirole fighter
National origin Russia
Manufacturer NAPO, KnAAPO
Designer Sukhoi
First flight 29 January 2010
Introduction December 2016
Status Flight testing/pre-production
Primary users Russian Air Force, Russian Navy
Number built 5 prototypes
Program cost US$8–10 billion (est.)
Unit cost T-50: US$50+ million[8]
Variants Sukhoi/HAL FGFA
නමුත් උත්කර්ෂයට නැංවූ ඇමරිකානු F-35 යානය මේ විටින් විට අර්බූදයට ලක්වීම පිලිබඳව ඇමරිකානු ජනතාව සහ මාධ්‍ය දැඩි විවේචනයක් එල්ල කරන්නේ එය අති විශාල මුදලක් කා දැමූ අසාර්ථක ව්‍යාපෘතියක් බව කියමිනි. නිතර සිදුවන කාර්මික දෝෂ නිසා ඇමරිකානු හමුදාවට තම සියළු F-35 යානා පියාසැරි කිහිප විටක්ම නවතා දැමීමටද සිදු විය.
කෙසේ වෙතත් නව රුසියානු ප්‍රහාරක යානය පිලිබඳව නොනිළ වශයෙන් මීට පෙර තොරතුරු අනාවරනය කර තිබුනි. මේ පිලිබඳව ඇමරිකාව දැඩි අවධානයකින් පසු වන්නේ තමන්ට හිමිව තිබූ යුධ වාසිය අහිමිවීම, අනෙක් රටවලට තර්ජනය කිරීමේ තම හැකියාවට බලපෑමක් එල්ල කරන බැවිනි. එමෙන්ම රුසියාවද මෙම නව යානය පිලිබඳ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමරිකාවට අනතුරු ඇඟවීමක් ලෙස බවද වාර්තා වේ.
Special Note
Fifth-generation jet fighter {From Wikipedia, the free encyclopedia}
A fifth-generation jet fighter is a jet fighter classification used around the world that encompasses the most advanced jet fighter generation as of 2016. Fifth-generation aircraft are designed to incorporate numerous technological advances over the fourth-generation jet fighter. The exact characteristics of fifth-generation jet fighters are controversial and vague, with Lockheed Martin defining them as having all-aspect stealth even when armed, low probability of intercept radar (LPIR), high-performance airframes, advanced avionics features, and highly integrated computer systems capable of networking with other elements within the battlespace for situation awareness.[1]
Currently, the only combat-ready fifth-generation fighter is the Lockheed Martin F-22 Raptor, which entered service with the United States Air Force in 2005.[2][3][4] The Lockheed Martin F-35 Lightning II, Sukhoi PAK FA, HAL AMCA, TAI TFX, Chengdu J-20 and Shenyang J-31 are currently under various stages of testing and development.
සිංහල ජාතියට ජය වේවා !!!

Last edited:

නම් වගේ