ප්‍රහාරක ගුවන් යානාවල පරම්පරා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ප්‍රහාරක ගුවන් යානාවල පරම්පරා

    9BdDqIN.jpg

    තේරෙන සිංහලෙන් ගුවන් යානා සහ හෙලිකොප්ටර් සේම ඒ ක්ෂේත්‍රය සම්බන්ධව ලිපි රැසක් එළකිරියේ පළ කර පුද්ගලයෙක් වන්නේ Shehan Giwanthaය.යුද ගුවන් යානා සම්බන්ධ ඔහුගේ ලිපිවල නිතර කියවෙන්නක් වන්නේ ප්‍රහාරක ජෙට් යානාවල පරම්පරාය.ප්‍රහාරක යානා පරම්පරාගත කිරීම සම්බන්ධව ලිපියක් පළකරන්න යැයි ඔහුගෙන් ඉල්ලීමක් කලද ඊට ධනාත්මක ප්‍රතිචාරයක් මේ වන තෙක් නොලැබුණ නිසා මේ ලිපිය පළකරන්නට යෙදිණි.


    ප්‍රහාරක ජෙට් යානා වර්ගීකරණය සිදුවන්නේ කෙසේද?

    I21uKto.jpg

    ප්‍රහාරක ජෙට් යානා "පරම්පරා" වලට බෙදීම හෙවත් වර්ගීකරණය නොනිල සහ නිරවද්‍ය නොවූවක් වන්නේ ඒ සඳහා ලොව පුරා පිළිගත් වර්ගීකරණයක් නොමැතිවීමයි.දැනට භාවිතාවන සියලු වර්ගීකරණ සිදුවන්නේ ප්‍රහාරක යානාවල තිබෙන විශේෂාංග සහ ඒවාහි කාර්ය සාධනය පදනම් කරගෙනය.මෙම පරම්පරා එකිනෙක පැහැදිලිව බෙදා වෙන්කරන රේඛා නොමැතිව බව පළමුව කියයුතුය.පරම්පරා ගත කිරීම සඳහා ගුවන් යානාවල ඉලෙක්ට්‍රොනික පද්ධතිවල දියුණුව,යානාවල එන්ජින්,ඒවාහි සැලසුම සහ අවි පද්ධති සම්බන්ධව සලකා බලනු ලැබේ.




    හැලියන්ගේ වර්ගීකරණය

    1990 දී රිචර්ඩ් පී.හැලියන් විසින් යෝජනා කල මෙම වර්ගීකරණය එක්සත් ජනපද ගුවන් හමුදා විශ්වවිද්‍යාලය විසින් අනුමත කලේ නැත.​

    1.High subsonic - උච්ච උපධ්වනික(1943-1950):අවරපෙති සහිත ප්‍රහාරක යානාවල අවසන් පරම්පරාවත් සමග වායුගතිකව සුළුවශයෙන් වෙනස්වේ.පළමු සහ දෙවන ටර්බෝ ජෙට් යානා;ලී,රෙදි,ලෝහ වලින් තැනීය;සෘජු පියාපත් සහ වල්ගය;යාන්ත්‍රික පාලන පද්ධති.ප්‍රාථමික විසර්ජන අසුන්,මාච් 0.75 - 0.85 වේගයක්

    ප්‍රහාරක යානා: Me 262, Gloster Meteor, P-80, DH Vampire, Yak-15, MiG-9, Saab 21R, F-84 Thunderjet, F9F Panther, Dassault Ouragan, DH Venom.


    2.Transonic - ට්‍රාන්ස්සොනික්(1947-1955):දෙවන පරම්පරාවේ ටර්බෝ ජෙට්;රේඩාර් අවිදැක්ම;හෙවත් ආනත පියපත්;සීරුමාරු කල හැකි තිරස් ස්ථායිකාරක,මුල්කාලීන ද්‍රවයාන්ත්‍රික ගුවන් පාලන පද්ධති;මාච් 0.90 - 1.05 වේගයක්

    ප්‍රහාරක යානා: F-86, F-84 Thunderstreak, F9F Cougar, MiG-15, MiG-17, Hawker Hunter, Dassault Mystère IV.


    3.Early supersonic - පූර්ව සුපර්සොනික්(1953 - 1960):ආනත පියාපත්(Swept wings);සචල වල්ගය,රේඩාර් අවිදැක්ම;ගුවනේ සිට ගුවනට එල්ල කල හැකි මිසයිල,තුන්වන පරම්පරාවේ ටර්බෝජෙට් එන්ජින්;මුල්කාලීන ස්ථායිතාවය වැඩිකිරීමේ තාක්ෂණය;මාච් 1.3 වේගයක්.

    ප්‍රහාරක යානා:MiG-19, F-100, F-8.


    4.Supersonic - සුපර්සොනික්(සීමා සහිත අරමුණු සඳහා)(1955-1970):සුපර් සොනික් වායුගතික;4වන පරම්පරාවේ ටර්බෝජෙට්;සෙවීම් සහ ප්‍රහාර පාලනයට රේඩාර්;මාච් 2.0 වේගයක්.

    ප්‍රහාරක යානා:F-104, early model MiG-21, English Electric Lightning, early model Mirage III.


    5.Supersonic - සුපර්සොනික්(බහුකාර්ය )(1958-1980):විශිෂ්ඨ සුපර්සොනික් වායුගතික සැලසුම;වෙනස් කල හැකි පියාපත්,4වන සහ 5වන පරම්පරාවල එන්ජින්;ස්ථායිතාව වැඩිකිරීම;ගුවනේ සිට ගුවනට පහරදෙන මිසයිල;පහල උසකින් ඉහල වේගයකින් පියාසර කිරීමට අවශ්‍ය රේඩාර්;රේඩාර් සෙවීම් සහ වෙඩි තැබීම් පාලනය;අධෝරක්ත සංවේදක;හෙල්මටයේ දර්ශක(HUD);ලේසර් මගින් දුර මැනීම සහ ඉලක්ක කිරීම;විශාල පරාසයක පැතුරුණු ගුවනේ සිට ගොඩබිමට පහරදෙන මිසයිල,බෝම්බ සහ රොකට්;මාච් 1.4-2.5 වේගයක්

    ප්‍රහාරක යානා:F-105, F-4, late-model MiG-21, late-model Mirage III, F-5, F-111, Mirage V, Su-24, MiG-23, MiG-27, SEPECAT Jaguar, Mirage F1, Kfir.


    6.Supersonic - සුපර්සොනික් බහුකාර්යය,ඉහළ කාර්යක්ෂමතාව(1974 සිට ):පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානාවල ලක්ෂණත් සහිතව දියුණුකල ප්‍රචාලනය;රේඩාර්(බහු ඉලක්ක ලුහුබැදීම,),සංවේදක,ඉලෙක්ට්‍රොනිකව ප්‍රහාර පාලනය,5වන සහ 6වන පරම්පරාවල ගෑස් ටර්බයින් එන්ජින්,ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවය,මාච් 1.8-2.5 වේගයක්

    ප්‍රහාරක යානා:F-14, F-15, F-16, F-18, Mirage 2000, Panavia Tornado, MiG-29, Su-27.




    ඇරෝස්පේස්වෙබ් වර්ගීකරණය

    මෙම වර්ගීකරණය පළමුවරට යොදාගත්තේ රුසියාව බව 2004 වසරේදි ඇරෝස්පෙස්වෙබ් නම් වෙබ් අඩවිය සඳහන් කරයි.​


    1.1945 සිට 1955:පිස්ටන් එන්ජින් සහිත ප්‍රහාරක යානාවලට සමාන හැකියාවන් තිබිණි.තෙරපුම් බලය සීමාසහිත විය.උපධ්වනික හෙවත් මාච් 1කට වඩා අඩු වේගයක් තිබිණි.සාම්ප්‍රදායික අවි(තුවක්කු,බෝම්බ,රොකට්)

    උදා: Me 262, F-86, MiG-15


    2.1955 සිට 1960:ශබ්දයේ වේගය ඉක්මවා ගිය හෙවත් සුපර්සොනික් යානාය.රේඩාර්,පළමු වරට ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල ගෙනයාම.

    උදා: F-102, F-104, F-105, F-106, MiG-19, MiG-21, Gloster Javelin, Dassault Mirage III, Saab Draken


    3.1960 සිට 1970:බහු කාර්ය ප්‍රහාරක-බෝම්බහෙළීම.

    උදා: F-4, F-5, F-8, MiG-23, MiG-25, Mig-27, Su-15, Su-17/20/22, British Aerospace Harrier, Mirage F1, Super Etendard, J-8II,Yak-38


    4.1970 සිට 1990:වේගයට වඩා යානා හැසිරවීමේ කඩිසරබර සම්බන්ධව අවධානය යොමුකර තිබිණි.

    උදා: F-14, F-15, F-16, F-18, AV-8B, MiG-29, MiG-31, Su-27, Su-33,Yak-141 , Panavia Tornado, Mirage 2000, Viggen, Mitsubishi F-2, AIDC Ching-Kuo, Chengdu J-10, HAL LCA


    4.5. 1990 සිට 2000:හැකියාව වර්ධනය,දියුණු ගුවන් ඉලෙක්ට්‍රොනික පහසුකම්,සීමාසහිත ස්ටෙල්ත් තාක්ෂණික ලක්ෂණ

    උදා: F-18E/F, Su-30, Su-34, Su-35, Mig-35, Eurofighter Typhoon, Saab Gripen, Dassault Rafale


    5.2000 සිට:දියුණු ඉලෙක්ට්‍රොනික පහසුකම්,ස්ටෙල්ත් තාක්ෂණය

    උදා: F-22, F-35




    ගුවන් හමුදා සඟරාවේ වර්ගීකරණය

    2009 වසරේදී ගුවන් හමුදා සඟරාව ප්‍රහාරක යානා වර්ගිකරණයක් ඉදිරිපත් කරන ලදි.​


    1.ජෙට් ප්‍රචාලනය:F-80, Me 262

    2.ආනත පියාපත්;පැතිරුම් රේඩාර්;අධෝරක්ත නියාමක මිසයිල:F-86, MiG-15

    3.සුපර්සොනික්;ස්පන්දන රේඩර්;පෙනීමේ සීමාව ඉක්මවාගිය මිසයිල:Century Series, F-105, F-4, MiG-17, MiG-21

    4.රේඩාර්;ඉහල හැසිරවීමේ හැකියාව;මිසයිල: F-15, F-16, Mirage 2000, MiG-29.

    4+ .ඉහල සුචල්‍යතාව;sensor fusion: Eurofighter Typhoon, Su-30, F/A-18E/F, Rafale

    4++ .ස්ටෙල්ත් තාක්ෂණය;වේගවත් පියාසැරිය:Su-35, F-15SE

    5.ස්ටෙල්ත් තාක්ෂණය,අවි යානයේ අභ්‍යන්තරයේ ගබඩා කිරීම: F-22, F-35, PAK FA, Chengdu J-20

    6.අතිශය දියුණු ස්ටෙල්ත් තාක්ෂණය;ස්මාට් ස්කින්,ඉහල ජාලගතවීම,අතිශය සංවේදී සංවේදක,ලේසර් අවි




    වින්චෙස්ටර් වර්ගීකරණය

    ජිම් වින්චෙස්ටර් විසින් ඔහුගේ ග්‍රන්ථයක් ඔස්සේ 2011 වසරේදී ප්‍රසිද්ධ කල වර්ගීකරණය.


    1.1942-1950:දෙවන ලෝක යුද්ධයේ සිට කොරියානු යුද්ධය දක්වා.අවරපෙති සහිත ඔවුන්ගේ පැරණිතමයන්ට සමානය විය.පළමු දෙවන පරම්පරාවල ටර්බෝ ජෙට්:Me 262, Gloster Meteor, MiG 15, F-86


    2.1950-1965:ඕන්බෝඩ් රේඩාර්,අධෝරක්ත නියාමක මිසයිල.


    3.1965-1975: look-down/shoot-down,ගුවනේ සිට ගුවනට නිකුත් කරන මිසයිල,TAWS පද්ධතිය, ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන ඉලෙක්ට්‍රොනික්-ප්‍රකාශ නියාමක මිසයිල,ලේසර් නියාමක බෝම්බ:F-4


    4.1975-2005:ඉලෙක්ට්‍රොනික පාලනයක් සහිත පාලන පද්ධතිය,හිස් වැසුමේ දර්ශක,
    AESA: F-14, F-15, F-16, F-18



    4+.4++. 1986 සිට ඉහල ධාරිතාවයක් සහිත data-link


    5.2005-2025.canards, internal weapon bays





    රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවේ Air Power Development Centre Bulletin විසින් ඉදිරිපත් කල වර්ගීකරණය -2012​


    1.1940 මැද සිට 1950 මැද වන තෙක්,උපධ්වනික,රේඩාර් නැත,ආරක්ෂ විධිවිධාන නැත,නියාමක නොවන බෝම්බ සහ රොකට්,නොමැත:F-86, MiG-15, MiG-17

    2.1950 මැද සිට 1960 මුල් කාලය තෙක්,ගුවනේ සිට ගුවන නිරීක්ෂණ රේඩාර්,අර්ධ-සක්‍රීය නියාමක සහ අධෝරක්ත මිසයිල,රේඩාර් අනතුරු ඇඟවීම් ප්‍රතිග්‍රාහක,සුපර්සොනික් පියාසැරිය:F-104, F-5, MiG-19, MiG-21

    3.1960 මුල් කාලයේ සිට 1970 දක්වා,බහුකාර්ය ප්‍රහාරක යානා,අර්ධ-සක්‍රීය රේඩාර් මිසයිල,දෘෂ්ඨි පථය ඈත දැක්ම, look-down/shoot-down: MiG-23, F-4, Mirage III

    4.1970 සිට 1980 අවසන් සමය තෙක්,හිස්වැසුමේ දර්ශක: MiG-29, Su-27, F/A-18, F-15, F-16, Mirage 2000

    4.5 .1980 මුල සිට 90 දශකය තෙක්,ස්ටෙල්ත් තාක්ෂණය,රේඩාර් අවශෝෂණ අමුද්‍රව්‍ය,රේඩාර්,ජාලගත සංග්‍රාම,බහුකාර්ය මෙහෙයුම්: F/A-18E/F, F-15SE, Eurofighter Typhoon, Saab Gripen, Dassault Rafale

    5.2005 සිට,ස්ටෙල්ත් තාක්ෂණය,බහු වර්ණාවලි සංවේදක,ජාලගතවීම: F-22, F-35, PAK FA, Chengdu J-20


    UayX4Fl.png






    පළමු පරම්පරාව

    oxhxD6D.jpg

    මීට අයත්වන්නේ 1940 දශකයේ මැද භාගයේ සිට 1950 දශකයේ මැද භාගය තෙක් නිපදවූ උපධ්වනික ජෙට් යානා මෙම පරම්පරාව යටතට ගැනේ.එහි වැදගත්ම අංගය ජෙට් එන්ජිමයි.දෙවන ලෝක යුද්ධයේ අවසන් සමයේදී පිස්ටන් එන්ජින් සහිත අවරපෙතිවලින් බලය ලබාගන්නා යානා ඒවාහි වේග සීමාවට ලගාවූ අතර තවත් වේගය වැඩි කරගැනීමට නම් ඒවා ටර්බෝ ජෙට් එන්ජින් වලින් බලගැන්විය යුතුවිය.ජෙට් එන්ජින් සහිත පළමු මෙහෙයුම් යානය වූයේ Me 262ය.ජෙට් එන්ජින් සහිත මුල් කාලීන ප්‍රහාරක යානාද ඊට පෙර තිබූ පිස්ටන් එන්ජින් සහිත යානාවල ලක්ෂණවලින්ම යුක්ත විය.ඒවාහිද සෘජු පියාපත් තිබිණි.රේඩාර් අඩංගු නොවීය.ප්‍රාථමික අවි වූයේ නියාමක නොවන බෝම්බ සහ මැෂින් තුවක්කුය.නමුත් කොරියානු යුද සමයේ සහ පසුව MIG-15 සහ F-86 ආදී දියුණු යානා නිර්මාණය කෙරිණි.ඒවා ආනත පියාපත් සහිත ශබ්දයේ වේගය ඉක්මවා යන යානා විය.1950 දී පළමු ප්‍රහාරක ජෙට් යානා ගුවන් සංග්‍රාමය සිදුවූයේ MIG-15 සහ F-80 යානා අතරය.එම කාලයේ ජනප්‍රියම ගුවන් යානය වූයේ Hawker Hunterය.සුපර්සොනික්,ඉහල හැසිරවීමේ හැකියාවක් සහිත මෙම බ්‍රිතාන්‍ය යානය එය නිපදවා වසර 50කටත් පසුව තවමත් ලෙබනන් ගුවන් හමුදාව භාවිතා කරන බව කියවේ.

    TvEoGU5.jpg
    පළමු පරම්පරාව: සෝවියට් MiG-15 යානයක් සහ ඇමෙරිකානු F-86 Sabre යානයක්​

    Messerschmitt Me 262 Schwalbe
    Heinkel He 162 Salamander
    Messershmitt Me 162 Komet
    Gloster Meteor
    de Havilland Vampire
    de Havilland Venom
    Hawker Siddeley/Armstrong Whitworth Sea Hawk
    Supermarine Attacker
    Supermarine Swift
    Lockheed P-80 (F-80) Shooting Star
    Republic F-84 Thunderjet / Thunderstreak
    North American F-86 Sabre
    Northrop F-89 Scorpion
    Lockheed F-94 Starfire
    McDonnell FH-1 Phantom
    Vought F6U Pirate
    Vought F7U Cutlass
    North American FJ (F-1) Fury
    McDonnell F2H (F-2) Banshee
    McDonnell F3H (F-3) Demon
    Douglas F4D (F-6) Skyray
    Grumman F9F (F-9) Panther / Cougar
    Douglas F3D (F-10) Skyknight
    Mikoyan Gurevich MiG-15
    Mikoyan Gurevich MiG-17
    Lavochkin La-15
    Yakovlev Yak-15
    Yakovlev Yak-17
    Yakovlev Yak-23
    Dassault Ouragan
    Dassault Mystère
    Saab J21R
    Saab J29
    Saab Lansen
    Avro Canada CF-100 Canuck





    දෙවන පරම්පරාව

    6F6HpHc.jpg

    ආසියානු ගුවන් තලයේ සිදුවූ ගුවන් සංග්‍රාමවල ප්‍රථිපලයක් ලෙස දෙවන පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානා නිර්මාණය විය.නව පර්යේෂණ ඔස්සේ වායුගතික විද්‍යා දැනුම,අමුද්‍රව්‍ය සහ වෙනත් සොයාගැනීම් ආදිය ඉස්මතු විය.හැකියාව සහිත ටර්බෝ ජෙට් එන්ජින් ඔස්සේ ශබ්දයේ වේගය ඉක්මවා යෑමේ හැකියාව ලැබුණි.මෙම යානා රේඩාර්වලින් සන්නද්ධ වූ නිසා ගුවනේදී සතුරු යානා ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව හිමිවිය.පළමු පරම්පරාවේ ප්‍රහාරක යානා භාවිතා කල ප්‍රාථමික අවි නියාමක මිසයිල මගින් ප්‍රතිස්ථාපනය කෙරිණි.න්‍යෂ්ඨික සංග්‍රාමික වටපිටාව මගින් ප්‍රහාරක යානා වර්ග දෙකකට බෙදන ලදි.එක් වර්ගයක් වූයේ අතුරුවාරක(Interceptors)හෙවත් MiG-21F, SU-9, F-106 ආදී යානාය.ගුවන් පිරික්සුම් යානා සහ සතුරු බෝම්බ හෙළන යානාවල මෙහෙයුම් කඩාකප්පල් කිරීමට ඒවා විශේෂයෙන් නිර්මාණය කර තිබිණි.අනෙක් වර්ගය බෝම්බ හෙළීම-සටන් කිරීම( fighter-bombers )යන කාර්යයන් දෙකම සිදුකල හැකි F-105, SU-7 වැනි යානාය.ඒවා ගුවනේ ආධිපත්‍යය පවත්වා ගැනීම සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමට විශේෂයෙන් නිර්මාණය කර තිබිණි.

    c5faKDk.jpg

    දෙවන පරම්පරාව: ඇමෙරිකානු Century ප්‍රහාරක යානා මොඩල(F-100, F-101, F-102, F-104)

    North American F-100 Super Sabre
    McDonnell F-101 Voodoo
    Convair F-102 Delta Dagger
    Lockheed F-104 Starfighter
    Republic F-105 Thunderchief
    Convair F-106 Delta Dart
    Vought F8U (F-8) Crusader
    Grumman F11F (F-11) Tiger
    Mikoyan Gurevich MiG-19
    Mikoyan Gurevich MiG-21
    Sukhoi Su-9 / Su-11
    Yakovlev Yak-25
    BAC Lightning
    de Havilland Sea Vixen
    Gloster Javelin
    Hawker Hunter
    Supermarine Scimitar
    Dassault Etendard
    Dassault Mirage III
    Saab Draken​





    තුන්වන පරම්පරාව

    oUPUcOa.jpg

    ගුවන් තරණ තාක්ෂණයේ දියුණුවත් සමග ප්‍රහාරක යානා හැසිරවීම සහ අවි පද්ධතිද ක්‍රමයෙන් සංවර්ධනය විය.ගුවන් සටන් හැකියාව දියුණු කිරීම සඳහා ප්‍රහාරක යානා හැසිරවීමේ හැකියාව දියුණු කරන ලදි.එසේම ගුවනේ සිට ගුවනට එල්ල කරන මිසයිල සහ රේඩාර් පද්ධති සීඝ්‍රයෙන් දියුණු කරන ලදි.නමුත් අවිවල නිරවද්‍යතාව දුර්වල වීම සහ ඉලෙක්ට්‍රොනික පද්ධති ප්‍රමාණවත් තරම් දියුණු අඩියක නොතිබීම නිසා ගුවන් සටනක් පහසුවෙන් දීනීම කල නොහැකිවිය.මෙම පරම්පරාවේ ප්‍රහාරක යානයක් වන Harrier Jump Jet හි thrust vectoring හෙවත් එන්ජිමේ තෙරපුම් බලය අවශ්‍ය දිශාවකට මෙහෙයවීමේ හැකියාව ඇතුලත් විය.එසේම මෙම ප්‍රහාරක යානය ලොව ප්‍රථම සෘජු ගුවන් ගත කිරීමක් සහ ගොඩබෑමක් කල හැකි(V/STOL) ප්‍රහාරක යානයද විය.මෙම පරම්පරාවේ යානා වියට්නාම යුද්ධය වෙනුවෙන් යොදාගන්නා ලදි.මේවා බහුකාර්ය ප්‍රහාරක යානා ලෙස නිර්මාණය කෙරිණි.එනම් ගුවන් ආරක්ෂාව සහ ගොඩබිම් ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවෙන් යුක්ත විය.McDonnell F-4 Phantom යනු මෙම පරම්පරාවේ ඉහල හැකියාවන් සහිත ප්‍රහාරක යානයකි.

    vKbwdAG.jpg
    තුන්වන පරම්පරාව: ඇමෙරිකානු F-4 Phantom II යානයක්​

    McDonnell Douglas F4H (F-4) Phantom II
    Northrop F-5 Freedom Fighter / Tiger II
    Mikoyan Gurevich MiG-23
    Mikoyan Gurevich MiG-25
    Sukhoi Su-15
    Sukhoi Su-17/20/22
    Tupolev Tu-28P
    Yakovlev Yak-28
    British Aerospace Harrier
    Dassault Mirage F.1
    Dassault Super Etendard
    Shenyang J-8II​





    හතරවන පරම්පරාව

    NRaPxUq.jpg

    හතරවන පරම්පරාවේ ප්‍රහාරක යානා බහුකාර්යය හැකියාවෙන් යුක්තය.fly-by-wire හෙවත් යානයේ පාලනය ඉලෙක්ට්‍රොනික පද්ධතිවලට භාරදී තිබීම විශේෂත්වයකි.ගුවන් සටන් වලදී යානා ඉතා කඩිසරව හැසිරවීමේ හැකියාව අනිවාර්ය අංගයකි.එනම් ඒවාට ක්ෂණිකව දිශාව වෙනස් කිරීම ආදිය සිදුකිරීමේ හැකියාව තිබිය යුතුය.මෙම පරම්පරාවේ යානා නිර්මාණය කිරීමේදී මෙම හැකියාව සම්බන්ධව දැඩි අවධානයක් යොමුකර තිබිණි.ඇමෙරිකානු F-16 යානය සහ සෝවියට් MiG-29 යානය හතරවන පරම්පරාවේ දියුණුතම යානා දෙකකි.මෙම සමයේ බෝම්බ හෙළන යානාවලට ස්ටෙල්ත් තාක්ෂණය ඇතුලත් කරන ලදි.දිගු දුර රේඩාර් පද්ධති එම යානාවල ඇතුලත්විය.

    gOPQuBA.jpg
    හතරවන පරම්පරාව: ඇමෙරිකානු F-16 යානා සහ රුසියානු MiG-29 යානයක්​

    Grumman F-14 Tomcat
    McDonnell Douglas F-15 Eagle
    General Dynamics F-16 Fighting Falcon
    McDonnell Douglas F-18 Hornet
    McDonnell Douglas AV-8B Harrier II
    Mikoyan Gurevich MiG-29
    Mikoyan Gurevich MiG-31
    Sukhoi Su-27
    Yakovlev Yak-38
    Panavia Tornado
    Dassault Mirage 2000
    Saab Viggen
    Mitsubishi F-2
    AIDC Ching-Kuo
    Chengdu J-10
    Hindustan LCA​





    4.5 පරම්පරාව

    JMHn3Kh.jpg

    සීතල යුද්ධය අවසන් වීමත් සමග සෝවියට් තර්ජනය අවසන් වීම නිසා බොහෝ රටවල ගුවන් හමුදා තාක්ෂණය දියුණු කිරීමට යොදන මුදල් ප්‍රමාණය අවම කරන ලදි.මේ නිසා ඒ ආශ්‍රිත පර්යේෂණ සඳහා වැඩි බරක් යොදන්නට තිබූ හැකියාව අහිමිවිය.මේ හේතුව නිසා 4.5 පරම්පරාවේ ප්‍රහාරක යානා බිහිවිය.සෑම අලුත් ගුවන් යානයක්ම පවතින ඒවාහි දියුණු කිරීමකි.MiG-35 යනු MiG-29 යානයේ වැඩිදියුණු කිරීමකි.එසේම Su-30 යනු Su-27 හි අනුප්‍රාතිකයාය.F/A-18, F-15 යානාවලද සමානකම් තිබේ.හතරවන පරම්පරාවේ යානා වන F-18 Super Hornet, Eurofighter Typhoon, Dassault Rafale ආදිය අවම මට්ටමේ ස්ටෙල්ත් තාක්ෂණයෙන් සමන්විතය.

    UdCSPE5.jpg
    4.5 පරම්පරාව: ඇමෙරිකානු F-18 Super Hornet යානයක්​

    Boeing F-18E/F Super Hornet
    Sukhoi Su-30
    Sukhoi Su-33
    Sukhoi Su-35
    Eurofighter Typhoon
    Saab Gripen
    Dassault Rafale​





    පස්වන පරම්පරාව

    WFpod35.jpg

    ස්ටෙල්ත් තාක්ෂණයෙන් යුක්ත මෙම පරම්පරාවේ ප්‍රහාරක යානා ඉතා පහසුවෙන් හැසිරවිය හැකි,සංග්‍රාම භූමිය සම්බන්ධව පැහැදිලි චිත්‍රයක් නියමුවාට ලබාදෙන ඒවා වේ.මේවන විට මෙහෙයුම්වල යෙදවීමේ හැකියාව සහිත පස්වන පරම්පරාවේ යානා ලෙස ගැනෙන්නේ එක්සත් ජනපදයේ F-22, F-35 යානාය.ඊට අමතරව රුසියාවේ Mikoyan Gurevich MFI යානය සහ Sukhoi Su-47 යානය පස්වන පරම්පරාව යටතට ගැනෙන බව කියවේ.ඇමෙරිකාවේ යානයට අභියෝගයක් වන පස්වන පරම්පරාවේ රුසියානු ප්‍රහාරක ජෙට් යානය වන්නේ Sukhoi T-50 PAK FAය.චීනයද Shenyang J-31 නමින් යානයක් සංවර්ධනය කරමින් සිටින බව වාර්තාවේ.මෙම යානාවල හැසිරවීමේ හැකියාව,රේඩාර් පද්ධතිය සහ අවි පද්ධති අතිශය දියුණුය.

    පස්වන පරම්පරාවේ රුසියානු ප්‍රහාරක යානය : රුසියානු සුපිරි යානය T-50​


    Im27h0z.jpg
    පස්වන පරම්පරාව: ඇමෙරිකානු F-35 යානයක්​

    Lockheed Martin F-22 Raptor
    Lockheed Martin F-35
    PAK FA Sukhoi T-50
    Chengdu J-20​


    kSpkfzx.jpg
    පස්වන පරම්පරාවේ යුද ගුවන් යානා​


    කෙසේවෙතත් නුදුරු අනාගතයේදීම මෙම නියමුවන් රහිත යානාවල කාර්යය ඩ්‍රෝන් යානාවලට පැවරෙනු ඇති.​




    Source:Wikipedia.org,Aerospaceweb.org,Migflug.com

    -HarshaLulzSec-
     
    Last edited:

    FighterFish

    Member
    Jun 13, 2015
    225
    25
    0
    Bogawanthalawa
    ගොඩාක් උඩට.. අගේ ඇති වැඩක් සහෝ... ආසාවෙන් හිටියේ මේ වගේ දෙයක් දැනගන්න.
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :yes:mama hithuwa uba me gana thread ekak dayi kiyala

    SHEHAN දැම්මේ නැත්නම් දාන්න කියලා හිටියේ.මිනිහාගේ උනන්දුවක් නෑ වගේ නිසා අපි වැඩට බැස්සා :).ඔය field එකේ තාක්ෂණික වචනවලට සිංහල වචන නැති එක තමයි අවුල.:(
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    TFS machan
    Thanks :)

    Thanks :)

    Thanks :)

    bump...
    rep denna ba..
    Thanks :)

    Good thread mate..
    ape rateth fighter jet thiya 3 wheeler ekak wath nipadawanna labewa
    Thanks :)

    අද කාලෙට ගැලපෙන fighter jet හදන එක ලේසි නෑ.ලංකාවට ගෙන්නන්න හදනවායි කියන ඉන්දියාවේ Tejas ජෙට් එක හදන්න කොච්චර කල් ගියාද ඒකත් වෙන එකක කොපියක් කියන්නේ
     

    Similar threads