හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්

harshana79

Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්

    මවිත කරවමින් හිසකෙස් සීග‍්‍රයෙන් වර්ධනය කරවන ලොව සාර්ථකම ප‍්‍රතිකාරය මෙන්න

    ඔන්න අද අපි ඔයාලට කියන්නේ, තට්ටය පෑදීම හෝ හිස්කකෙස් ගැලවී වැටීම කියන තත්වයන් සමනය කරගැනීම සඳහා භාවිතා කළහැකි සුපිරි ස්වභාවික ප‍්‍රතිකාරයක් ගැන. තට්ටය පැදීම සහ හිසකෙස් වැටීම කියන තත්වයන් පාලනය කිරීමට අමතරව, හිසකෙස් ශීඝ‍්‍රයෙන් වර්ධනය කිරීමේ සුවිශේෂී හැකියාවක්ද මෙම ප‍්‍රතිකාරයට තිබෙනවා. ගෙදර ඇති අමුද‍්‍රව්‍ය 3කින් විතරක් මෙය හදන්න පුළුවන් කිවුවම ඔයාලට අදහා ගන්න බැරිවෙයි.





    අවශ්‍ය දේ
    – එඩරු තෙල් මේසහැඳි 2
    – බිත්තර කහමදයක්
    – මීපැණි මේසහැඳි 1


    හදන විදිය
    සියලූම අමුද‍්‍රව්‍ය භාජනයකට එකතුකොට හොඳින් මිශ‍්‍රකරගන්න. එලෙස සාදාගත් මිශ‍්‍රණයෙන් ස්වල්පයක් භාවිතා කරමින් හිස්කබල සම්භාහනය කොට, ඉතුරු කොටස මුළු හිසකෙස් වලම ගල්වන්නට. ඉන්පසු පොලිතින් බෑගයකින් පැය දෙකක් පමණ හිසකෙස් ආවරණය කරගෙන සිටින්න. අවසානයේ හිස සෝදා දමන්න.


    ගුණ
    ඈත අතීතයේ සිටම එඩරු තෙල් වල ඇති සුවිශේෂී සෞඛ්‍ය ප‍්‍රතිලාභ නිසා හිසකෙස් සඳහා එඩරු තෙල් භාවිතා කර තිබෙනවා. ප‍්‍රති බැක්ටීරියා සහ ප‍්‍රති දිලීර කාරක ගුණාංගයන් එහි අන්තර්ගතව තිබෙන නිසා, ඉස්හොරි සහ හිස්කබලේ ඇතිවෙන අසාදන තත්වයන් වලට එරෙහිව සටන් කිරීමේ සුවිශේෂී හැකියාවක් එඩරු තෙල් වලට තිබෙනවා. හිස්කබලේ රුධිර සංසරණය වේගවත් කිරීමට
    උපකාරී වෙන රිසනොලික් අම්ලයද (ricinoleic acid) එඩරු තෙල් වල අන්තර්ගත වෙනවා. එම නිසා තුන් හතර වේගයෙන් හිසකෙස් වර්ධනය වෙනවා.


    බිත්තර කහමද වල ඇමයිනෝ අම්ල සහ ප්‍රෝටීන් බහුලව අන්තර්ගතව තිබෙන නිසා හිසකෙස් වලට අවශය කරන පෝෂණය හොඳින් ලබාදී හිසකෙස් වර්ධනය වේගවත් කරනවා.

    හිසකෙස් වල මුල් සහ කේශ කෝෂයන් අලූත්වැඩියා කරන බයෝටින්ද (biotin) බිත්තර කහමදවල අන්තර්ගතව තිබෙනවා.

    මීපැණි වල ඇති ප‍්‍රභල ප‍්‍රතිඔක්සිකාරක වලට අමතරව විෂබීජ නාශක සහ දිලීර නාශක ගුණාංගයන්ගෙන් හිසකෙස් වැටීම වළක්වලීමේ හැකියාවක් තිබෙනවා.
     

    supunmadhawa

    Active member
  • Jan 15, 2009
    597
    44
    28
    මෙතන
    BUMP!
    11.gif