කාල තරණය බුදු දහමේ තියෙනවද...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    කාල තරණය බුදු දහමේ තියෙනවද...

    බුදු දහමේ හරි ශාසන ඉතිහාසෙ තුල හරි, කොයිම හරි තැනක කාල තරණය ගැන, ඒ කියන්නෙ කාලය හරහා ගමන් කරන එක ගැන සදහනක් තියෙනවද...
     
    • Like
    Reactions: TheRockSays

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
    එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
    දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
    ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.
    බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
    අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔය හාමුදුරුවෝ නන් මුගලන් මහ රහතන් වහන්සේ වෙන්නැති..ඔතන කියන්නෙ අවකාශය සම්බන්ධවනෙ..දුරක් කියන්නෙ ත්‍රිමාන අවකාශයෙ තියෙන දෙයක්..කාලය හතරවෙනි මානෙ
     
    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    බුදුරජානන් වහන්සේ දෙවි කෙනෙක් වෙලා හිටපු ආත්මෙක මේ සක්වලේ කෙලවර හොයාගෙන යන්න උත්සහ කරා.
    එහිදි උන්වහන්සේ ආලෝක වර්ශ 1000 පමණ දුරක් ගමන් ගත්තා ඒත් සක්වලේ කෙලවර හම්බුනේ නෑ.
    දේව ආයුශ ඉවර වෙන්න ලන් උනා එම ගමනෙදි.
    ඒ නිසා උන්වහන්සේ තේරුම් ගත්තා සක්වලේ කෙලවරක් නොමැති බව.
    බුදු රජාණන් වහන්සේ බුදු උනාට පසුව කාලයකදි එක්තරා ස්වාමින් වහන්සේ කෙනෙක් විශ්වයේ කලවර සොයාන් යන්න උත්සහ කරද්දි උන් වහන්සේ අතරමන් උනා නිමක් නැති විශ්වයේ කෙලවර හොයද්දි.
    අතරමන් වු හාමුදුරුවන්ව බුදු රජානන් වහන්සේ නුවනින් දැකලා ආපසු එක්කන් ඇවිත් දේශනා කරා විශ්වයේ කෙලවර හොයන එක නිශ්පල දෙයක්,එයට නිමක් නෑ,නිමක් නැති විශ්වයේ ඕනෑතරම් වෙනත් ජිවීන්ද සිටිය හැක කියලා.

    මෙහෙම කතාවක් මමත් අහලා තියේනවා​
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    හපොයි ඔව්.. බොහොම පැහැදිලිව තියෙනවා.. ඊට අමතරව ස්ටාර් ගේට් එකක් ගැන මුලින්ම කතා කරන්නෙත් බුදු දහමෙම විතරයි.. එතන අදටත් පවතින, බුදුන් වහන්සේ විසින් බෞද්ධයන්ට දැක බලා ගැනීමට නියම කරපු ස්ථානයක්..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    NanuNana:19717837 said:
    හපොයි ඔව්.. බොහොම පැහැදිලිව තියෙනවා.. ඊට අමතරව ස්ටාර් ගේට් එකක් ගැන මුලින්ම කතා කරන්නෙත් බුදු දහමෙම විතරයි.. එතන අදටත් පවතින, බුදුන් වහන්සේ විසින් බෞද්ධයන්ට දැක බලා ගැනීමට නියම කරපු ස්ථානයක්..
    ස්ටාර් ගේට් කියන්නෙත් අවකාශය හරහා විශාල දුරක් ඉක්මනින් යන්න පුලුවන් ක්‍රමයක් මිසක් කාලය හරහ යන විදිහක් නෙවේනෙ...රුවන්මැලිසෑයෙ හතරැස් කොටුව හරියෙත් එහෙම තැනක් තියෙනව කියනව..එක එක එලි පේන්න හේතුවත් ඒක වෙන්න පුලුවන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,900
    40,687
    113
    අතීතයත් අනාගතයත් කෙලවරක් නැතුව දැකින්න හැකියාවක් තිබීමම කාල තරනයක් තමයි. ඒත් අතීතය ගැනත් වර්ථමානය ගැනත් අනාගතය ගැනත් උපේක්ෂාවෙන් හිටපු බුදු රජාණන් වහන්සේ ඒවා පස්සේ එච්චර එලවන්න ගිය නැති බව තමයි ත්‍රිපිටකයේ තියෙන්නේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    8677543124_94fa69ef09_b.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු දහමේ කාල තරනය ගැන සදහන් වන්නේ නැත.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බුදු දහමේ හරි ශාසන ඉතිහාසෙ තුල හරි, කොයිම හරි තැනක කාල තරණය ගැන, ඒ කියන්නෙ කාලය හරහා ගමන් කරන එක ගැන සදහනක් තියෙනවද...

    මගේ අදහස,

    අපි කරන කියන හැම දේම නාම ගෝත්‍ර කියලා විශ්වයේ සටහන් වෙනවා කියලා තම අහල තියෙන්නේ. ඒ කියන්නේ ඕනෙම කාලයක වෙච්ච දේවල් විශ්වයේ සටහන් වෙනවා. යම්කිසි ධ්‍යාන මට්ටමකට අපුවහම අතීතය බලන්න පුළුවන්. නමුත් ලොවුතුරා බුදු කෙනෙක්ට හැර ඒ හැකියාව වෙන කෙනෙක්ට තමන්ගේ ඉන්න මට්ටමේ දිවුනුව අනුව සිමා වෙනවා. එහෙම සීමා වීමක් නිසා තමා හින්දු දහමේ එන මහා බ්‍රහ්මයා සංකල්පය හැම දෙකම පටන් ගැන්ම කියලා කියන්නේ. නමුත් ලොවුතුරා බුදු කෙනෙක් උනත් තව කෙනෙක්ගේ පටන් ගැන්ම කියන්න ගියොත් බුදු කෙනෙක්ගේ ආයුෂ ගෙවිලා ඉවර වෙනවා මිසක් ඉවරයක් නැහැ. නමුත් කාල තරණය කියන සංකල්පය නම් මෙතැනදී ගැලපීමක් නැහැ. මොකද බුදු කෙනෙක්ට එහෙම යන්න පුළුවන් නම් මේ ලෝකේ ඉස්සරහට පැවැත්මක් නැති වෙන්න ඕනේ. හේතුව වෙන්නේ කොඉ කාලෙක හරි නිවන් දකින්න පිනක් තියනවා නම් බුදු කෙනෙක් ඒ පිරිස නොසලකා හරින්නේ නැති නිසා. (කල්ප වලින් ගත්තත්)
    ඒ වගේම ඒ සිද්දි නිසා අනාගතය වෙනස් වෙන්නත් ඕනේ ෂණිකව එහෙනම්. එක වෙන්න බැරි දෙයක්නේ. ඔය ඉංග්‍රීසි චිත්‍රපට වල වෙනවා වගේ. හැබැයි ඕනේ තරම් කාලයක් පිටිපස්සට ගිහින් බලන්න පුළුවන්.

    අනාගතය දිහා බැලුවොත්, අපි වර්තමානයේ කරන කියන දේ තමා අපේ අනාගතය තීරණය කරන්නේ. ඒ කියන්නේ අපේ කාර්ම ගබඩාවට කර්ම එකතු වෙනවා. ඒ කියන්නේ කල්ප ගණනාවක් තිස්සේ. හැබැයි පල දෙන්න පුළුවන් කල්ප 91 ක මෙහා තියන කාර්ම විතරයි කියල අහල තියෙන්නේ නම්. බුදු කෙනෙක් කියන්නේ ලෝකයේ නියාම ධර්ම 5 අවබෝධ කල කෙනෙක්. එකෙන් අපේ ජිවිතයේ සිද්දි වලට වැඩියෙන්ම බලපාන්නේ කර්ම විෂය. ඒ කියන්නේ අතීතයේ සහ වර්තමානයේ අපි රැස්කරගත්ත කාර්ම වලට අනුව තමා අනාගතය හැඩ ගැහෙන්නේ. ඒ අනුව අනාගතයේ ඕනෙම කාලයක සිද්ධ වෙන දෙයක් බුදු කෙනෙක්ගේ ඇසට පේනවා. ඒ කියන්නේ නියාම ධර්ම වලට ගලපුවහම අනාගතය නිර්මාණය කරන්න පුළුවන්. නමුත් එතනදිත් තරණය කියන දේ ගැලපීමක් නැහැ. මොකද අද ඉන්න කෙනෙක් තව කල්පයකින් පින් කරලා නිවන් යන තත්වෙට පත් උනොත් බුදු කෙනෙක්ට ධර්මය දේශනා කරන්න පුළුවන්නේ ගිහින්. එත් එහෙම වෙන්නේ නැහැනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒ දවස් වල හිටපු කවුරුවත් ඇත අරින්නේ නැති වෙයි. මොකද කොඉ කාලෙකින් හරි නිවන් යන තැනට පින් රැස් වෙන නිසා.

    වැඩි දුරට...

    මම බුදු දහම හෝ තිපිටකය ගොඩක් ලොකුවට අද්‍යනය කරලා නැහැ එත් කෙනෙක් දීපු අදහසක් තියනවා. විශ්වයේ යහපත් හෝ අයහපත් විදිහට වැඩ කරවන්න ඕනේ දැනුම් පද්ධති ඕනේ තරම් තියනවා. නමුත් අපිට කෙනෙක් යම්කිසි ගුණයක් පුර්ණය කරනවා වෙනවා ඒ දැනුම් පද්ධතියට අතු වෙන්න. උදාහරණයක් ගත්තොත් සමහර අයට පොත් පත් නැතුව වෙදකම හෝ වෙන දිවුණු ශාස්ත්‍ර බොහොම හොදට පුළුවන්. ඒ වගේම ඉර්ශිවරු කියලා පිරිසකුත් ඉස්සර ඉදල තියනවා. ඒ අයගේ හිතේ දිවුනුව අනුව තමන්ගේ ගතියට අදාළ දැනුම් පද්ධති වලට ඇතුල් වෙලා අවබෝද කරන්න පුළුවන්. එකේ උපරිම තැන තමා ලොඋතුර බුද්ධත්වය කියන්නේ. ඒ කියන්නේ විශ්වයේ සියලුම දැනුම් පද්ධති අවබෝධ කිරීම. පාරමිතා කියන්නේ ඒ එ දැනුම් පද්ධතියට අදාල ගුණ. ඒ ගුණ අනන්ත ගණනක් තියන නම් ඒ හැම ගුනයක්ම පරිපුර්ණ කරලා තියන එක තමා බුදු වෙන්න තියන සුදුසුකම වෙන්නේ.එකයි බුදු කෙනෙක්ට ගණන් කරන්න බැරි තරම් කාලයක් යන්නේ වගේම, බුදු ගුණ අනන්තයි කියලා කියන්නෙත්.

    කෙනෙක්ට නිවන් දකින්න ඕනේ නම් පලවෙනි පියවර වෙන්නේ ධර්මය තේරුම් ගන්න උත්සහ කරන එක. ඒ කියන්නේ බන අහන්න, ධර්ම සාකච්චා කරන්න වගේ දේවල්. එතනින් ගිහින් සෝවාන් වීම තමා බුදු දහමට අනුව පළවෙනිම පියවර. බුදු කෙනෙක් තමන්ගේ පුත්‍රයා කියල අදුන්වන්නෙත් සෝවාන් උන කෙනාටයි. එතනින් තමා ආර්ය අශ්ටාන්ගිය මාර්ගයේ ආරම්බය වෙන්නේ. බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියනවා සෝවාන් උන කෙනෙක්ට ආත්ම භව 7 කට සීමා වෙනවා කියලා. ඒ කියන්නේ සෝවාන් උනාට පස්සේ පොත පතින් අදයනයක් නැතුව නිවනට යන්න මාර්ගය තමන්ටම හදා ගන්න පුළුවන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    එහෙම ශාරීරිකව අතීතයට යන්න වත් අනාගතයට යන්න වත් බෑ. .
    අතීතයටත් අනාගතයටත් සිතට යා හැකියි. . ඒ කියන්නේ සිතින් දැකිය හැකියි. .
    වර්තමානයේ විශ්වයේ ඕනෑම ස්තානයක් වෙත ගමන් කල හැකියි ඒත් වර්තමානයට පමනයි. .
    ඒ සදහා යන කාලය එලෙසම යයි. . කාලයේ නැවතීමක් සිදුනොවේ. .

    තේරුනා ඇති කියලා හිතනවා. .

    ඔය තියෙන්නේ මම වෙන ත්‍රේඩ් එකකට දාපු අදහසක්. .
    ත්‍රිපිටකය තුල මම දැනට කියවා ඇති කොටස් කිසිවක කාල තරනය එසේත් නැතිනම් ශරිරයෙන් අතීතයට හෝ අනාගතයට ගිය අවස්තාවක් හමුවී නෑ. .

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ස්ටාර් ගේට් කියන්නෙත් අවකාශය හරහා විශාල දුරක් ඉක්මනින් යන්න පුලුවන් ක්‍රමයක් මිසක් කාලය හරහ යන විදිහක් නෙවේනෙ...රුවන්මැලිසෑයෙ හතරැස් කොටුව හරියෙත් එහෙම තැනක් තියෙනව කියනව..එක එක එලි පේන්න හේතුවත් ඒක වෙන්න පුලුවන්

    ===============================================
    ඔබ කතා කරන්නේ බුදුදහමෙන් පසුව සොයා ගත් දේ.. මම කියන්නෙ සම්මා සම්බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙන.. බෞද්ධය විසින් විසින් වැඳ පුදාගත යුතු "සoකස්ස නුවර" බුදුවරුන් දෙව්ලොවට වඩිනා තැන සහ දේවාරෝහණය කරන තැන... එය බුදුන්වහන්සේ විසින්ම වදාරන ලද තැනක්...

    අතීතයෙන් අනාගතයටට් නොගියත්..එක් තැනක සිට තවත් තැනකට ක්ෂණයකින් වැඩි බවට සාක්ශි ඕනෑ තරම් තියෙනවා..

    ඊළඟට බුදුන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමවා මාතෲ දිව්‍ය රාජයාට අභිධර්මය දේශනාකොට නැවත සoකස්ස පුරට වැඩමවන්න කලින් මුගලන් මහරහතන් වහන්සේට දෙශනා කරනවා සැවැත් නුවර වැසියන් සoකස්ස නුවරට ගෙන එන්න කියල..

    මුගලන් මහ රහතන් වහන්සේ මුලු නුවර වැසියන් සියලුම දෙනාට සoකස්සපුර බලා යන්න සැරසෙන්න යැයි පවසනවා. එහි මුළු දුර යොදුන් 30ක් ( මා දන්නා විදියට යොදුනක් සැතපුම් 16ක් )
    පූජාවලිය එම කොටස ඉතාම ලස්සනට විස්තර කරනවා..
    "ඉනේ රෙද්ද ගැටගහ ගන්න කලින්, බුලත් විට කටට දගන්න කලින්..අඳුන් ඇස්වල ගාගන්න අත උස්සන කොට..නිමේශයකින් සoකස්ස පුර දොරට මුලු සැවැත් නුවර වැසියන්ම ගෙනගිය බව... ( පූජාවලිය 531-533)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    XibitZ:19718088 said:
    එහෙම ශාරීරිකව අතීතයට යන්න වත් අනාගතයට යන්න වත් බෑ. .
    අතීතයටත් අනාගතයටත් සිතට යා හැකියි. . ඒ කියන්නේ සිතින් දැකිය හැකියි. .
    වර්තමානයේ විශ්වයේ ඕනෑම ස්තානයක් වෙත ගමන් කල හැකියි ඒත් වර්තමානයට පමනයි. .
    ඒ සදහා යන කාලය එලෙසම යයි. . කාලයේ නැවතීමක් සිදුනොවේ. .

    තේරුනා ඇති කියලා හිතනවා. .

    ඔය තියෙන්නේ මම වෙන ත්‍රේඩ් එකකට දාපු අදහසක්. .
    ත්‍රිපිටකය තුල මම දැනට කියවා ඇති කොටස් කිසිවක කාල තරනය එසේත් නැතිනම් ශරිරයෙන් අතීතයට හෝ අනාගතයට ගිය අවස්තාවක් හමුවී නෑ. .

    මටත් කියවපු හරියෙ තාම හම්බෙලා නෑ..විනය අභිධර්ම හරියෙ තියෙන්න අමාරුයිනෙ..සූතු පිටකෙ තමා...බුදු හාමුදුරුවෝ දැනගෙන හිටියත් ලෝකෙට ඕව අනවශ්‍යය හින්ද දේශනා නෙකර හිටිය වෙන්න පුලුවන්..කාලෙ හරහා ගමන් කරනව කීවම අපි බලාපොරොත්තු වෙන්නෙ භෞතිකව ගමන් කරන එකනෙ..බටහිර විද්‍යාව අයින්ස්ටයින් ,ආලෝකයේ වේගයෙන් ගිහාම වර්තමාන කාලෙන් වෙනස් කාලෙකට යන කතාවනෙ කියන්නෙ..ඒ වේගය පාලනය කරන එක මත යන කාලය තීරනය වෙන්නෙ එතකොට..අංශුවකට විතරයි ඔය වේගෙන් යන්න පුලුවන් හැබැයි ....
     
    Oct 31, 2012
    535
    31
    0
    Thread එකේ අහලා තියෙන්නේ කාල තරණය Time travelling නේද?

    එහෙත් මන් හිතන්න‍ේ බුදු දහමේ කියලා තියෙන්‍නේ සමාන්තර විශ්ව parallel worlds වෙන්න ඔින.
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    මන් භූරිදත්ත කියන මෑතකදි තායිලන්තයේදී පහල වු ඒ රහතන්වහන්සේගේ චරිතාපදානයේ එක්තරා අන්දමක කාලතරණයන් ගැන සඳහන් වෙනවා.. උන්වහන්සේ රහත් භවය ලැබුවාට පසු අතීතයේ සිටි බුදුවරුද..මහ රහතුන් වහන්සේලාත් උන්වහන්සේට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කලබව කියවෙනවා..
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සංකස්ස පුරයට වැඩමකරපු කතාව‍ෙ තියෙන්නෙ පනු කුහරයක් හරහා වැඩම කලා කියලයි..පුදුමෙකට වගේ ඉංග්‍රීසියෙනුත් තියෙන්නෙ ඒ තේරුමම තියෙන නමක් worm holes කියල ගූගල් එකේ බැලුවොත් හොයා ගත්තැහැකි..අද අභ්‍යාවකාශ විද්‍යාවෙ තියෙන දේවල් බුදුහාමුදුරුව‍ො පාවිච්චි කරල තියෙනව අවුරුදු 2500 කට ඉස්සෙල්ල
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    බුදු දහමේ කාල තරනය ගැන සදහන් වන්නේ නැත.

    බුද්ධාගමේ කාල තරනයක් තියෙනවා.මේකේ ඉන්න ගොන්නු ඒක දන්නේ නෑ. තේරුම් ගන්නෙත් නෑ.බුදුන් වහන්සේ තව්තිසාවට බ්‍රහ්ම ලෝක වලට වැඩම කරලා පැය ගනන් ධර්මය දේශනා කරලා තියෙනවා.දවස් ගනන් වැඩ ඉඳලා තියෙනවා.මේ ලෝකවල එක විනාඩියක් පොලවේ අවුරුදු සීයක් වගේ.ඉතින් බුදුන් ආපහු වඩිනකොට කලය හරහා යෑමක් වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුද්ධාගමේ කාල තරනයක් තියෙනවා.මේකේ ඉන්න ගොන්නු ඒක දන්නේ නෑ. තේරුම් ගන්නෙත් නෑ.බුදුන් වහන්සේ තව්තිසාවට බ්‍රහ්ම ලෝක වලට වැඩම කරලා පැය ගනන් ධර්මය දේශනා කරලා තියෙනවා.දවස් ගනන් වැඩ ඉඳලා තියෙනවා.මේ ලෝකවල එක විනාඩියක් පොලවේ අවුරුදු සීයක් වගේ.ඉතින් බුදුන් ආපහු වඩිනකොට කලය හරහා යෑමක් වෙනවා
    වැරදියි ඒ ඉදල තියෙන්නෙ මනුස්ස පැය සහ දවස් වලින්, බුදු හාමුදුරුවො තව්තිසා දෙව්ලොවෙ වස්වසල තියෙනව ඒ කියන්නෙ තුන් මාසයක් එකෙන් අදහස් වෙන්නෙ දෙවිලොව මනුස්ස දින වලින් මාස තුනක් හිටිය කියන එක ව්තරයි, බුදු හාමුදුරුවො තමන් වහන්සේම හදුන්වා දෙන්නෙ උත්තරීතර මනුස්සයෙක් කියල නැතුව මනුස්සත්වය ඉක්මවා දෙවියෙක් බ්‍රහ්මයෙක් උනා කියන්නෙ නැ,