ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදු වී ඇති වැරදි බොහොමයකි. මේ හේතුවෙන් අද බෞද්ධයාගේ නිවන් මග අවහිර වී බෞද්ධයා අතරමං වී ඇතැයි පැවසුවොත් එය නිවැරදිය.මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරත්තු වන්නේ එම වැරදි පෙන්වා දී නිවැරදි අර්තදැක්වීම් ඉදිරිපත් කිරීමයි.ඉදිරියේදී එම වැරදි සිදුවූ තැන් එකින් එක විග්‍රහ කර නිවැරදි අර්තයන් පෙන්වාදීමට බලාපොරොත්තු වෙමි.
     
    • Like
    Reactions: shammaxxy

    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්

    ත්‍රිපිටකය සිංහලට පරිවර්තනය කිරීමේදී සිදු වී ඇති වැරදි බොහොමයකි. මේ හේතුවෙන් අද බෞද්ධයාගේ නිවන් මග අවහිර වී බෞද්ධයා අතරමං වී ඇතැයි පැවසුවොත් එය නිවැරදිය.මේ ත්‍රෙඩ් එකෙන් බලාපොරත්තු වන්නේ එම වැරදි පෙන්වා දී නිවැරදි අර්තදැක්වීම් ඉදිරිපත් කිරීමයි.ඉදිරියේදී එම වැරදි සිදුවූ තැන් එකින් එක විග්‍රහ කර නිවැරදි අර්තයන් පෙන්වාදීමට බලාපොරොත්තු වෙමි.

    ත්රිපිටකයේ සදහන් පාලි පාඨය - ..........................................................

    නිකාය -.......................................... සුත්‍රය -.................................

    වැරදි පරිවර්තනය -..........................................................................

    නිවැරදි පරිවර්තනය -.........................................................................

    ලෙස පැහදිලි කරන්න
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මජ්ජිමා පටිපදා

    අද ලබා දී ඇති අර්ථය - මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිලිවෙත , මැද මාවත

    නිවැරදි අර්ථය - මජ්ජිමා යන්න වචන දෙකක් එක්වීමෙන් සෑදී ඇත.එනම් මජ්ජි+මා ලෙසයි.

    "මජ්ජි" යනු සියලු ආකාර මත්වීම් යන්න විග්‍රහ කරන වචනයකි.රාග මදය,ද්වේශ මදය, මෝහ මදය,මාන මදය , ආදී වශයෙන් ඇති සියලු ආකාර මදයන් මීට ඇතුලත්ය.

    "මා" යන්නෙන් අදහස් වන්නේ මිදී නිදහස් වීම යන්නයි."මා" යන වචනය ත්‍රිපිටකයේ බොහෝ තැන් වල යෙදී ඇති වචනයකි.ඒ සෑම තැනකදීම "මා" යන්නෙන් අදස් වන්නේ මිදී නිදහස් වීම යන්නයි.

    මජ්ජිමා පටිපදා යන්නෙහි නිවැරදි අර්තය සියලු අකාර මත්වීම් වලින් මිදී නිදහස් වීමේ ප්‍රතිපත්ති මාර්ගය යන්නයි.
     
    Jul 5, 2012
    1,773
    265
    0

    giphy.gif
     
    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    හොඳ වැඩක්, දිගටම කරගෙන යන්න. බුදු සරණයි!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    cow-farbe.png&disposition=attachment

    මෑත කාලයේ බිහිවූ ගොං රජානන් වහන්සේ නමක් විසින් "මජ්ජිමා පටිපදා" නමින් තිරිසන් සතුන් සඳහා දහමක් දෙසන සේක. එම වවන වල අර්ථය "මජ්ජිමා පටිපදා යන්නෙහි නිවැරදි අර්තය සියලු අකාර මත්වීම් වලින් මිදී නිදහස් වීමේ ප්‍රතිපත්ති මාර්ගය යන්නයි." ලෙසම තිරිසන් සතුන් තෝරා ගැනීම යහපති. ඒ කවර හේතුවක් නිසාද යත් පාලියෙන් "මජ්ජිත" සහ "මා" යන වචන එසේම ඇති බැවිනි. සියළු තිරිසනුන් අනුමෝදන් කරත්වා!

    පෙර කල වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේ විසින් "මජ්‌ඣිමා පටිපදා" නම් බුද්ධ ධර්මය දෙව් මිනිස් සත්ව ප්‍රජාවට දෙසූ සේක. එම වචන වල අර්ථය "මධ්‍යම ප්‍රතිපදාව, මැදුම් පිලිවෙත, මැද මාවත" ලෙසම දෙව් මිනිස් සත්ව ප්‍රජාව තෝරා ගැනීම යහපති. ඒ කවර හේතුවක් නිසාද යත් පාලියෙන් "මජ්‌ඣිම" යන වචනය එසේම ඇති බැවිනි. සියළු දෙව් මිනිස් සත්ව ප්‍රජාව අනුමෝදන් කරත්වා!

    --
    පසුව එක් කලෙමි:

    "මජ්‌ඣිම" යන වචනය "මජ්‌ඣිමා පටිපදා" යන වචන දෙකේ යෙදෙන විට "ම" අකුර "මා" ලෙස යෙදුනත් එකම අර්ථයෙන් යෙදේ. එසේ බැලූවිට "මජ්ජිමා පටිපදා" යනු "මත්වීමේ ප්‍රතිපත්ති මාර්ගය" ලෙස දැකීමටත් හැකි නොවේදැයි පාලි වැඩිය නොදන්නා මම සිතමි.

    "මත්වීම් වලින් මිදී නිදහස් වීමේ ප්‍රතිපත්ති මාර්ගය" අර්ථ ලෙසින් ගත් විට නම් නිවන් මඟ වැනි අර්ථයක්ම ඇති කරයි. නමුත් "මජ්‌ඣිමා" සහ "මජ්ජිමා" යන වචන කවර කරුණකට පටලවාගෙන මධ්‍යම ප්‍රතිපදාව ලෙස නිවැරදිව අර්ථ සහිතව ඇති සිංහල පරිවර්තනය වැරදි යැයි පවසන්නද?

    "මජ්‌ඣිමා පටිපදා" යන වචනය මෙතැන දැකිය හැක: http://thripitaka.org/view/sp/sp12/569

    "මජ්ජිමා පටිපදා" යන්න "මත්වීම් වලින් මිදී නිදහස් වීමේ ප්‍රතිපත්ති මාර්ගය" යන අරුතෙන් හෝ පාලියෙන් ඇත්දැයි නොදනිමි. "මජ්ජිත" යන වචනය දැක ඇතත්, "මජ්ජිමා" ලෙස "මා" සමඟ සන්ධි කර හෝ "මජ්ජිමා පටිපදා" ලෙස පාලියෙන් භාවිතා වන්නේ දැයි නොදනිමි.

    මට වැරදිය හැකි තැනක් ඇත. එනම් "මජ්ජිමා පටිපදා" යන්න "මත්වීම් වලින් මිදී නිදහස් වීමේ ප්‍රතිපත්ති මාර්ගය" යන අරුතින් බුදු රජානන් වහන්සේම භාවිතා කර තිබෙන්න හැකි බවයි. එය මම බෙහෙවින්ම සැක කරමි. එසේ දොසක් වෙත්නම් බුදු රජානන් වහන්සේත්, අන් සත්පුරුෂයෝත් මට සමාව දෙත්වා!

    නමුත් "මජ්‌ඣිමා පටිපදා" යන්න මධ්‍යම ප්‍රතිපදාව නොවේ යැයි පටලවා ගත්තොත් ඒ නිවන් මඟ වැසීමක්මයි. "මධ්‍යම ප්‍රතිපදාව" යනු "මජ්‌ඣිමා පටිපදා" නොව "මජ්ජිමා පටිපදා" ලෙසින් පැවසුවත් ඒත් එය නිවන් මඟ වැසීමක්මයි. දෙක පැටළුවොත් ඒත් එය නිවන් මඟ වැසීමක්මයි.

    "මජ්ජිමා පටිපදා" යන්න ත්‍රිපිටකයේ කවර හෝ තැනක පාලියෙන් ඇත්දැයි දැන ගැනීමට කැමැත්තෙමි.
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පරිභව කරන ඇත්තන්ට,

    යම් දහමක් තමන්ගේ දහමට ගැලපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. නොසලකා හරින්න.
    නමුත් පරිභව නොකරන්න.

    සමහර විට නොදැනුවත්ව හෝ අල්ලන්නේ ගිනියම් ඌ යකඩයක් වෙන්න පුළුවන්.

    මෙතෙන්ට විතරක් අදාල කතාවක් නෙමෙයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    සියළු තිරිසනුන් අනුමෝදන් කරත්වා!

    මේක පොඩ්ඩක් වෙනස් කරන්න කැමතියී. මොකද උනුත් පව්නේ. ඒ නිසා මෙහෙම ගන්නකෝ:

    කැමති තිරිසනුන් අනුමෝදන් කරත්වා!
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පැණැස නොවැඩූ අනාර්ය යම් පුද්ගලයෙක් වෙත්ද, ඔහුද ආලෝකයට සංවේදී තම ඇස හොදින් ඇත්නම් ත්‍රිපිටකයේ දීඝ නිකාය, මජ්‌ඣිම නිකාය සහ සංයුක්ත නිකායේ සූත්‍ර වල දිග පමණක් හෝ බලා "මජ්‌ඣිම" යන්නෙහි අර්ථය කවරක්දැයි හඳුනා ගනී. දෙපසින් ඇති දීඝ සහ සංයුක්ත යන වචන් වල තේරුමත් මැද ඇති "මජ්‌ඣිම" යන වචනයේ තේරුමත් වටහා ගැන්මට ඒද ප්‍රමානවත් වේ.

    යම් අයෙක් "මජ්‌ඣිමා පටිපදා" නම් බහුල ලෙසිනුත්, මනා ලෙසිනුත් විස්තර කර ඇති මධ්‍යම ප්‍රතිපදාව එලෙස අර්ථ නැතැයි පවසා නම් ඔහුගේ පැණැස පමණක් නොව ආලෝකයට සංවේදී ඇස භාවිතා කිරීමෙන් යමක් වටහා ගැනීමටද නොහැක්කෙකි. නොඑසේනම් අතිශයින්ම අඥානයෙකි.

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්."

    - සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික (ආධ්‍යාත්මික) වග්ගය

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."

    - සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය
     
    • Like
    Reactions: Sataninhell

    :yes::yes:

    දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි "අමුතු-මොඩ'නයිස්" බණ කීම. මොනව හරි දෙයක් ගැට ගහලා පෙන්නුවාම ඒක පිලිගන්න ඊට වඩා මෝඩයෝ සෙට් එකක් සැදී පැහැදී ඉන්න එකයි පුදුමේ. මම දැක්ක එක චීවරදාරියෙක් "Aura එක"ගැන බණ කියනවා. මේක පිලිකාවක්, පිලිලයක් වගේ වේගයෙන් පැතිරෙනවා. මේ අමුතු බණ අදහන පුද්ගලයන්ගෙන් සමහරක් දොස්තරලා, පී එච් ඩී උපාධි තියෙන උගත් මිනිස්සු. මටම පුදුමයි. කෙසේ නමුත් මේ යන විදියට, දායකයෝ සැලකිලිමත් නොවී, බුද්ධිමත් නොවී, කරුණු දහමට, විනයට ගැලපෙනවාද නොබලා පිලිගන්නවා නම් බුදු සමය ඉක්මනින්ම ලංකාවෙන් තුරන් වී යනු ඇති.

    PALI Dictionary
     
    Last edited:
    • Like
    Reactions: The_Downloader

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    පරිභව කරන ඇත්තන්ට,

    යම් දහමක් තමන්ගේ දහමට ගැලපෙන්නේ නැත්තම් ප්‍රතික්ෂේප කරන්න. නොසලකා හරින්න.
    නමුත් පරිභව නොකරන්න.

    සමහර විට නොදැනුවත්ව හෝ අල්ලන්නේ ගිනියම් ඌ යකඩයක් වෙන්න පුළුවන්.

    මෙතෙන්ට විතරක් අදාල කතාවක් නෙමෙයි.

    බුදු රජානන් වහන්සේ පවසා තිබෙන්නේ ආරණ්‍යක උවත්, ග්‍රාමාන්තවිහාරි උවත්, පිණ්ඩපාතික උවත්, නිමන්ත්‍රණ ඉවසන්න උවත්, පාංශුකූලික උවත්, ගිහියන් දෙන චීවරධර උවත් ගැරැහිය යුතුනම් භික්ෂූන් වහන්සේලාවත් ගරහන්න කියලා. ඒ මෙආකාර ලෙස:

    "
    ගෘහපතිය, ආරණ්‍යක වූ ද භික්ෂූව උද්ධත වූයේ උද්ගත මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරුණු වදන් ඇතියේ නට සිහි ඇතියේ මනා නුවණ නැතියේ සමාහිත නො වූයේ විභ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික වූ ඉන්ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි."

    මේ ආකාරයට පසසන්න කියාත් තිබෙනවා:

    "
    ගෘහපතිය, ආරණ්‍යක වූ ද භික්ෂූව අනුද්ධත වූයේ උද්ගත මානනළ නැතියේ චපල නො වූයේ දොඩමලු නො වූයේ නො විසිරුණු වදන් ඇතියේ එළඹසිටි සිහි ඇතියේ මනා නුවණ ඇතියේ සමාහිත වූයේ එකඟසිත් ඇතියේ සංවෘත ඉන්ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි."

    මෙසේ ඇත්තේ දාරුකම්‌මික සූත්‍රයේ - http://thripitaka.org/view/sp/sp15/193

    පැසසිය යුත්තන් පැසසීමත්, ගැරැහිය යුත්තන් ගැරහීමත්, යම් අයෙක් ගැරැහිය යුතු සහ පැසසිය යුතුනම් ගැරැහීමත්, පැසසීමත් සුභාෂිතයක්මයි. මේ නිසා "ප්‍රතික්ෂේප කිරීම, නොසලකා හැරීම" පමණකින් හැම විටම නතර වීම යහපත් ආකාරය නොවෙයි. භික්ෂූවක් කියලාවත් මෙහි වෙනසක් නැහැ. හැබැයි සකාරණව, සුදුසු අවස්ථාවකදී, සුදුසු කාලයකදී, සුදුසු ආකාරයකට. සකාරණව නොවන්න ඔබ පවසන පරිදිම එය තමන් තමන්ටම කරගන්නා හානියක් වෙනවා. නැත්නම් එය අනුන්ට කරන හානියක් වෙනවා. එහෙමත් නැත්නම් එය තමන්ටත්, අනුන්ටත් කරන හානියක් වෙනවා. භික්ෂූන් වහන්සේලා කෙරෙහි නම් හොදටම පරිස්සමින්.

    යමෙක්ව ගැරැහීමේ අරමුණ එම ගැරැහීමට පාත්‍ර වන කෙනා නැති භංගස්ථාන වෙලා යත්වා යන්න නොවෙයි. එසේම ගැරැහීමේ අරමුණ ගරහන පුද්ගලයා උසස් බවකින් තමන්ව සලකා ගැනීමත් නොවෙයි. එහෙම අදහස් ඇතිව ගැරැහීම සම්මා සම්බුද්ධ ශ්‍රාවකයින්ට කොහෙත්ම ගැලපෙන කාරණාවන් නොවෙයි. යම් යහපත් මවක් හෝ පියෙක් තම දරුවෙකුව යම් විටෙක ගරහනවානම් එසේ කරන්නේ තමන්ගේ උසස් බව දරුවාට ඒත්තු ගන්වන්නවත්, දරුවා නැත්තටම නැති කරලා දාන්නවත් නොවෙයි.
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    පැණැස නොවැඩූ අනාර්ය යම් පුද්ගලයෙක් වෙත්ද, ඔහුද ආලෝකයට සංවේදී තම ඇස හොදින් ඇත්නම් ත්‍රිපිටකයේ දීඝ නිකාය, මජ්‌ඣිම නිකාය සහ සංයුක්ත නිකායේ සූත්‍ර වල දිග පමණක් හෝ බලා "මජ්‌ඣිම" යන්නෙහි අර්ථය කවරක්දැයි හඳුනා ගනී. දෙපසින් ඇති දීඝ සහ සංයුක්ත යන වචන් වල තේරුමත් මැද ඇති "මජ්‌ඣිම" යන වචනයේ තේරුමත් වටහා ගැන්මට ඒද ප්‍රමානවත් වේ.

    යම් අයෙක් "මජ්‌ඣිමා පටිපදා" නම් බහුල ලෙසිනුත්, මනා ලෙසිනුත් විස්තර කර ඇති මධ්‍යම ප්‍රතිපදාව එලෙස අර්ථ නැතැයි පවසා නම් ඔහුගේ පැණැස පමණක් නොව ආලෝකයට සංවේදී ඇස භාවිතා කිරීමෙන් යමක් වටහා ගැනීමටද නොහැක්කෙකි. නොඑසේනම් අතිශයින්ම අඥානයෙකි.

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය ධර්මය යි ප්‍රකාශ කෙරෙත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට අහිත පිණිස බොහෝ දෙනාට නො සුව පිණිස බොහෝ දෙනාට අනර්ථ පිණිස දෙවිමිනිසුනට අහිත පිණිස දුක් පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ භික්ෂූහු බොහෝ පව් ද උදා කෙරෙති. ඔහු ම මේ සද්ධර්මය අතුරුදන් කෙරෙත්."

    - සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අජ්ඣත්තික (ආධ්‍යාත්මික) වග්ගය

    "මහණෙනි, යම් ම මහණ කෙනෙක් අධර්මය අධර්මය යි දක්වත් ද, මහණෙනි, ඒ මහණහු බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස බොහෝ දෙනාට වැඩ පිණිස දෙවිමිනිස්නට හිත පිණිස සුව පිණිස පිළිපන්නාහු වෙති. මහණෙනි, ඒ මහණහු බොහෝ පින් ද උපදවත්. ඔහු ම මේ සද්ධර්මය තබත්."

    - සූත්‍ර පිටකය, අංගුත්තර නිකාය, ඒකක නිපාතය, අධම්ම වග්ගය

    well explained...
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    සම්මා

    අද ලබා දී ඇති අර්ථය - යහපත්, නිවැරදි, හොඳ ආදී වශයෙනි

    නිවැරදි අර්ථය - මෙම වචනයද වචන දෙකක් එක් වීමෙන් සෑදී ඇත. එනම් සං + මා ලෙසයි.

    "මා" යන්නෙන් අදහස් වන්නේ මිදී නිදහස් වීම යන අරුත බව දැන් ඔබ දන්නවා ඇති.

    "සං" යන වචනය බුද්ධ දේශනාවේ මූලිකම වචනයකි.ත්‍රිපිටකය පුරාමත් අප එදිනෙදා භාවිතා කරන ගාතා ආදියෙහිත් මේ වචනය නිතරම පාහේ යෙදී ඇත.

    "සං" යන්නෙහි ධර්ම අර්තය වන්නේ ( රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව යම් යම් දේ ) එකතු කර ගැනීම, උපාදානය කරගැනීම , අල්ලා ගැනීම ( උපාදානය කරගත්තා, අල්ලා ගත්තා, එකතුකර ගත්තා ආදී ලෙස අතීත අකාරයෙන්ද යෙදේ ) යන්නයි.

    එවිට සම්මා යන්නෙන් අදහස් වන්නේ ( රාග ද්වේශ මෝහ වලින් යුක්තව ) එකතු කර ගැනීමෙන් / එකතුකරගත් දෙයින් , උපාදානය කරගැනීමෙන් / උපාදානය කරගත් දෙයින්, අල්ලා ගැනීමෙන් / අල්ලා ගත් දෙයින් මිදී නිදහස් වීම යන්නයි.

    සම්මා දිඨ්ඨිය යනු සං වලින් මිදී , සහමුලින්ම සං උපත ලබන මුල් උදුරා දමා නිදහස් වීමේ මාර්ගය දැකීම යන්නයි

    සංසාර යනු එකතු කරගත් දෙයෙහි රැස් කරගත් දෙයෙහි සාරවත් බවක් / වටින බවක් දකිමින් එය උපාදානය කරගැනීමයි
     
    • Like
    Reactions: nuwa2

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "මාගධී බසින් දේශනා කරන ලද පෙළ දහම නමින් අද හඳුන්වන මේ උතුම් බුද්ධ භාශිතය පදපරම ලෙසින් මාගධී පදයට සිංහල පදයක් ලෙසින් පදගත පරිවර්තනයක් කිරීම සුදුසු නොවන බව බුදු පියාණන් වහන්සේම බොහෝ තැන් වල පෙන්වා වදාරා ඇත.ගෝතම බුදුපියාණන් ජීවත් වූ යුගයේදීම මේ මාගධී බුද්ධ භාශිතයට හෙල අටුවා ලියා ලේඛණ ගත කර ඒවා පවත්වාගෙන ආවේ මේ හේතුව නිසාය.අනුරාධපුර යුගයේ පටන් මහනුවර යුගය දක්වාමත් මාගධී බුද්ධ භාශිතය පදගත ලෙසින් පදපරම ලෙසින් සිංහල භාශාවට පරිවර්තනය නොකලේ මේ හේතුව නිසාමය.ඒ වෙනුවට කලේ අටුවා ටීකා ටිප්පනි ලියා පල කිරීමයි.බුද්ධගෝශ හාමුදුරුවෝද ත්‍රිපිටකය පරිවර්තනය කරන්නට ගියේ නැත.ඒ හිමියන් පාලියට පරිවර්තනය කලේ එදා ප්‍රචලිතව පැවති හෙල අටුවා පොත් සමූහයක් පමනි.

    එතෙක් කල් මාගධී බසින් පමණක් පවත්වාගෙන ආ පිරිසිදු ත්‍රිපියක ධර්මය 1884 පමණ ජේම්ස් ප්‍රින්සස්, ජෝර්ජ් ටර්නර් , යන ඉන්ග්‍රීසි ජාතික මහත්වරුන් හා වෙනත් සුදු මහත්වරුන් විසින් ඉන්ග්‍රීසියටත්, ජර්මන් බසටත් පසුව 1901 වර්ශයේදී පමණ සි'න්හලයටත් පරිවර්තනය කරන ලද්දේ පෘතක්ජන මිනිසුන් විසිනි.ඒ පදගත පරිවර්තනයන් ලෙසිනි.එක මාගධී පදයකට ගැලපෙන සේ තෝරාගත් එක සිංහල පදයක් යොදාගෙන බුද්ධ භාශිතය පරිවර්තනය කිරීම වැරදිය.1954 වර්ශයේදී රජයෙන් පත් කරන ලද ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයද මේ උතුම් බුද්ධ භාශිතය සිංහලට පරිවර්තනය කිරීමේදී මේ පදගත පරිවර්තන ක්‍රමවේදයම භාවිතා කර ඇති අතර ඔවුන් බොහෝ විට බුද්ධ භාශිතයට කිසිසේත්ම නොගැලපෙන ශෘංගාරාත්මක සංස්කෘත බාශාවේ වචන සිංහල වචන වෙනුවට භාවිතා කරමින් කරන ලද පරිවර්තනය නිසා මේ උතුම් ධර්මයේ අර්තයන් විකෘති විය."
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බුදු රජානන් වහන්සේ පවසා තිබෙන්නේ ආරණ්‍යක උවත්, ග්‍රාමාන්තවිහාරි උවත්, පිණ්ඩපාතික උවත්, නිමන්ත්‍රණ ඉවසන්න උවත්, පාංශුකූලික උවත්, ගිහියන් දෙන චීවරධර උවත් ගැරැහිය යුතුනම් භික්ෂූන් වහන්සේලාවත් ගරහන්න කියලා. ඒ මෙආකාර ලෙස:

    "
    ගෘහපතිය, ආරණ්‍යක වූ ද භික්ෂූව උද්ධත වූයේ උද්ගත මානනළ ඇතියේ චපල වූයේ දොඩමලු වූයේ විසිරුණු වදන් ඇතියේ නට සිහි ඇතියේ මනා නුවණ නැතියේ සමාහිත නො වූයේ විභ්‍රාන්ත සිත් ඇතියේ ප්‍රාකෘතික වූ ඉන්ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ගැරැහිය යුතු වෙයි."

    මේ ආකාරයට පසසන්න කියාත් තිබෙනවා:

    "
    ගෘහපතිය, ආරණ්‍යක වූ ද භික්ෂූව අනුද්ධත වූයේ උද්ගත මානනළ නැතියේ චපල නො වූයේ දොඩමලු නො වූයේ නො විසිරුණු වදන් ඇතියේ එළඹසිටි සිහි ඇතියේ මනා නුවණ ඇතියේ සමාහිත වූයේ එකඟසිත් ඇතියේ සංවෘත ඉන්ද්‍රියයන් ඇතියේ වේ ද, මෙසේ හේ එ කරුණින් ප්‍රශංසාර්‍හ වෙයි."

    මෙසේ ඇත්තේ දාරුකම්‌මික සූත්‍රයේ - http://thripitaka.org/view/sp/sp15/193

    පැසසිය යුත්තන් පැසසීමත්, ගැරැහිය යුත්තන් ගැරහීමත්, යම් අයෙක් ගැරැහිය යුතු සහ පැසසිය යුතුනම් ගැරැහීමත්, පැසසීමත් සුභාෂිතයක්මයි. මේ නිසා "ප්‍රතික්ෂේප කිරීම, නොසලකා හැරීම" පමණකින් හැම විටම නතර වීම යහපත් ආකාරය නොවෙයි. භික්ෂූවක් කියලාවත් මෙහි වෙනසක් නැහැ. හැබැයි සකාරණව, සුදුසු අවස්ථාවකදී, සුදුසු කාලයකදී, සුදුසු ආකාරයකට. සකාරණව නොවන්න ඔබ පවසන පරිදිම එය තමන් තමන්ටම කරගන්නා හානියක් වෙනවා. නැත්නම් එය අනුන්ට කරන හානියක් වෙනවා. එහෙමත් නැත්නම් එය තමන්ටත්, අනුන්ටත් කරන හානියක් වෙනවා. භික්ෂූන් වහන්සේලා කෙරෙහි නම් හොදටම පරිස්සමින්.

    යමෙක්ව ගැරැහීමේ අරමුණ එම ගැරැහීමට පාත්‍ර වන කෙනා නැති භංගස්ථාන වෙලා යත්වා යන්න නොවෙයි. එසේම ගැරැහීමේ අරමුණ ගරහන පුද්ගලයා උසස් බවකින් තමන්ව සලකා ගැනීමත් නොවෙයි. එහෙම අදහස් ඇතිව ගැරැහීම සම්මා සම්බුද්ධ ශ්‍රාවකයින්ට කොහෙත්ම ගැලපෙන කාරණාවන් නොවෙයි. යම් යහපත් මවක් හෝ පියෙක් තම දරුවෙකුව යම් විටෙක ගරහනවානම් එසේ කරන්නේ තමන්ගේ උසස් බව දරුවාට ඒත්තු ගන්වන්නවත්, දරුවා නැත්තටම නැති කරලා දාන්නවත් නොවෙයි.

    ඔය දේවල් භික්ෂු සමාජයට අයිති දේවල් නෙමෙයිද මචන්? මොකද බුද්ධ ශාසනයේ මහන වූ හිමි නමකගේ උස් පහත කමක් දකින්නේ නැහැ මම දන්නා විදිහට. පොදුවේ දකින්නේ. අපි දෙයක් පුජා කරන්නෙත් මහා සන්ගරතනට මිසක් භික්ෂුන් වහන්සේ කෙනෙක් උදෙසා නෙමෙයි නේ?

    අනික දේශනාවක් හරි හෝ වැරදි යයි ප්‍රත්‍යක්‍ෂයෙන්ම දන ගන්න අඩුම ගානේ සෝවාන් මට්ටමට වත් ඇවිල්ලා ඉන්න ඕනෙනේ. බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච දසසිල් පුරන උතුමන් වහන්සේ නමක් විදිහටවත් ගරු කරන එක යහපත් මගේ අදහස නම්.