මැදිරි සහායකයින්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    මැදිරි සහායකයින්

    මැදිරි සහායකයින් Flight Attendants / Air Hostess

    මේ නම් මේ විධියට කිව්වට තේරෙන්නෙ නැහැනෙ. මේ අයට ඉංග්‍රීසියෙන් කියන්නෙ Flight Attendants එහෙමත් නැතිනම් Stewards ලා කියලා. තවත් විධියකට කියනවා නම් ඔය සරළවම අපි කියන්නේ Air Hostess ලා කියලා. අද මම කියන්න යන්නෙ මෙන්න මේ අය ගැන.

    1011.jpg

    ඔය ගුවන් යානා වල යන අය, ගිය අය දැකලා ඇති ගුවන් යානයට ගොඩ වෙන අවස්ථාවෙදි අපිව සාදරයෙන් පිළි අරගෙන ගුවන් ගමන පුරාවටම අප ගැන සොයලා බලන නිලධාරීන් පිරිසක් ඉන්න බව. මේ අය පිරිමි හා ගැහැණු යන දෙපක්ෂයෙන්ම සිටින බවත් ඔබ දැකලා ඇති.

    Qantas.jpg

    මේ මැදිරි සහායකයින් කියලා අපි සිංහලෙන් හඳුන්වන නිලධාරීන්ගේ ප්‍රධාන රාජකාරිය තමයි මගියාගේ ආරක්ෂාව (Safety) සම්බන්ධව ක‍ටයුතු කිරීම. ඊට අමතරව ඔවුන් ට පැවරිලා තියෙනවා මගීන් ට සේවා සැපයීමත්. ඒ වගේම ගුවන් සාමාගම ප්‍රචාරනය (Promote) කිරීමත් ඔවුන්ගේ අමතර කාර්යයක්. ඒත් මම මුලින් සඳහන් කළා වගේ මොවුන්ගේ ප්‍රධාන ම කාර්ය ය වන්නේ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමයි. විශේෂයෙන් ම ගමන් කරන ගුවන් යානයක් වගේ සීමාසහිත ස්ථානයක සිරවී සිටින මගීන්ට සහාය වීම සහ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැදගත් වෙනවා.

    070130_flight_attendant_hmed_9a.grid-6x2.jpg

    විවිධ ගුවන් සමාගම් සැළකූ විට ඒ ඒ ගුවන් සමාගමට උචිත පරිදි සහ රිසි පරිදි මේ නිළධාරීන් බඳවා ගැනීම සිදු කරනවා. බොහෝ ගුවන් සමාගම් මනා‍ පෙනුමක් සහිත පුද්ගලයින් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. සාමාන්‍යයෙන් ඔවුන්ගේ උස අඩි 5 කට වැඩි විය යුතුයි. හේතුව විවිධ ආරක්ෂක උපාංග ආදිය රඳවා තිබෙන ස්ථාන ආදයෙන් ලබා ගැනීමත් මගීන්ගේ ගමන් මළු ආදිය ඉහළ රාක්ක වල තැන්පත් කිරීමට මේ උස වැදගත් වීම.

    srilankan-airlines-air-hosts.jpg

    qatar.jpg

    සමහර ගුවන් සමාගම් තම මව් රටේ පුද්ගලයින්ම බඳවා ගැනීම සිදු කරනවා. උදාහරණයක් විධීයට අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලන්කන් ගුවන් සමාගම (Srilankan Airlines) අනිවාර්යයෙන්ම මැදිරි සහායකයින් ලෙස ශ්‍රී ලාංකිකයින්ම බඳවා ගනු ලබයි. නමුත් කටාර් ගුවන් සේවය (Qatar Airways), එමිරේට්ස් ගුවන් සේවය (Emirates) වගේ ගුවන් සමාගම් වෙනත් රටවල අයත් බඳවා ගන්නවා. මේ ආයතන වල ශ්‍රී ලාංකිකයිනුත් සේවය කරනවා.

    d6bd702b911da6355aba11a11c06d4e0.jpg

    2548685896_a90e2b8cce_z.jpg

    මෙම නිළධාරීන්ට ඉතා විශිෂ්ඨ පුහුණුවක් ලබා දෙනවා. මේ පුහුණුව ඔවුන් සේවයේ යෙදවීමට බලාපොරොත්තු වන ගුවන් යනා වර්ගය අනුව වෙනස් වෙනවා. හේතුව එක් එක් ගුවන් යානා වර්ගයේ විවිධ උපකරණ තිබෙන ස්ථාන වෙනස් වීම සහ ආරක්ෂක උපක්‍රම එකිනෙකට වෙනස් වීම. ආරක්ෂක උපක්‍රම, ප්‍රථමාධාර, පාරිභෝගිකයින් හැසිරවීම, අන්තරායකාරී භාණ්ඩ (Dangerous Goods) ආදිය මෙම පුහුණුව ට ඇතුළත් වෙනවා. මේ පුහුණුව සිදු කරන්නේ ඒ ඒ ගුවන් සමාගම විසින්මයි. ඒ කියන්නේ ඔවුන් පළමුව සුදුසුයයි සිතන පුද්ගලයින් බඳවා ගෙන ඒ ඒ ගුවන් යානා වර්ගයට පුහුණු වීම් ලබා දෙනවා. ඉන්පසුව ඒ පුහුණු වීම් ලබාගත් විස්තර සිවිල් ගුවන් සේවා අධිකාරියට දැනුම් දෙනු ලබන අතර ඒ අනුව ඔවුන්ට වසර පහක් සඳහා සහතිකයක් ලබා දෙනු ලබනවා. ඒ වගේම වසර 5 න් 5 ට ඒ සහතිකය යාවත්කාලීන කළ යුතු වෙනවා. ඒ ඒ අවස්ථාවේ දී අමතර ගුවන් යානා වර්ග සඳහා පුහුණු වීම් ලැබුවේ නම් ඒවා ද ඇතුළත් කරනු ලබනවා. ඒ වගේම මේ තනතුර සදහා වයස් සීමාවක් බලපාන්නේ නැහැ. නමුත් එය ගුවන් සමාගමෙන් සමාගමට වෙනස් වෙන්න පුළුවන්.

    ශ්‍රී ලංකාවේදී නම් ගුවන් යානයක තිබෙන දොරවල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් සේවයේ යෙදවිය යුතු වෙනවා. ඒ කියන්නේ A340 වර්ගයේ ගුවන් යානයක නම් ‍දොරවල් 8 ත් තිබෙන නිසා අවම වශයෙන් නිළධාරීන් 8 ක්වත් සේවයේ වයදවිය යුතුය. නමුත් යුරෝපීය සංගමයේදී එය මගීන් 50ට එක් අයෙක් විය යුතුයි. මේ දෙකටම ප්‍රධාන හේතුව ආරක්ෂාව සැළසීම. ඒ කියන්නේ අනතුරකදී වඩා පහසුවෙන් මගීන් හැසිරවීම ට පහසු වීම.

    141215191214SLA-training-lg-web.jpg

    කෙසේ වෙතත් ගුවන් සමාගමක මගීන් හා සෘජුවම සම්බන්ධ වන්නේ මෙම නිළධාරීන් නිසා සහ මගීන් ගේ ආරක්ෂාව සම්බන්ධව ඔවුන් ක්‍රියාකරන නිසාත් මෙම නිළධාරින් ඉතා ඉහළ සේවයක් ඉටු කරනු ලබනවා. ‍

    7916397.jpg

    Lufthansa_Restaurant.jpg

    කොහොමද අපේ මිහින් ලංකා Air Hostess ලා? :oo::no::shocked::eek:

    news%5C2007%5C6%5Cimages%5CnewsMihin_Lanka_Airhostess.jpg

    කොහොමද Flight Attendants කෙනෙක් වෙන්නේ ? අවශ්‍ය සුදුසුකම් මොනාද? කොඉ airline එකද යන්න හොඳ ? මාසේ පඩිය කීයද?

    මේ වගේ ගොන් ප්‍රශ්න දැන් මගෙන් අහන්න එපා. මන් දන්නේ නෑ ! :no:

    සිංහල ජාතියට ජය වේවා !!!

    up+down+anim.gif

    149xct10.gif

    A1TUtiA.gif
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Sri Lankan airlines පිටින් air hostess ගන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ. එහෙම උනානම් හොදයි කියල හිතෙන්නෙ නැද්ද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    Sri Lankan airlines පිටින් air hostess ගන්නෙ නැත්තෙ ඇයි දන්නෙ නෑ. එහෙම උනානම් හොදයි කියල හිතෙන්නෙ නැද්ද?

    Ai yako ethakota ape rate kellange rassawal tikane nathi wenne.

    Anika ehema one wenne English katha nokarana ratawal walata yana, aircraft godak tiyena loku airline walata
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ai yako ethakota ape rate kellange rassawal tikane nathi wenne.

    Anika ehema one wenne English katha nokarana ratawal walata yana, aircraft godak tiyena loku airline walata
    ඒ උනාට ඉන්න අයගෙ ප්‍රියමනාප ගතියක් ආකර්ශනයක් තියෙන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    ඒ උනාට ඉන්න අයගෙ ප්‍රියමනාප ගතියක් ආකර්ශනයක් තියෙන්න ඕන කියල හිතෙන්නෙ නැද්ද?

    Ai umba bandala inne honda priyamanapa suddiyekwada? Nattan aganthuka sathkaara danna , nithara sinahamusu muhunin inna, ape kama agayana lankawe kellekwada?

    Ai ban jathika guwan sewayata pitarata unwa gattama eke ape rate ananyathawayak nane ban. SriLankan Airlines kiyana eka sampurnayenma deshiya wenna one
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ai umba bandala inne honda priyamanapa suddiyekwada? Nattan aganthuka sathkaara danna , nithara sinahamusu muhunin inna, ape kama agayana lankawe kellekwada?

    Ai ban jathika guwan sewayata pitarata unwa gattama eke ape rate ananyathawayak nane ban. SriLankan Airlines kiyana eka sampurnayenma deshiya wenna one
    කටාර් එමිරේට්ස් වගේ ලස්සන කෙල්ලො ඉන්න රටවලුත් ගන්නවනම් ලංකාවෙ ගත්තම මොකද? ඔය පොශ් කෙල්ලන්ගෙ තියන අපේකම. ලොකු ලයින් එක නම් තියනව. වෙන රටවල අයට අපේ උන් වගේ මේකප් තට්ටු ගනන් දාන්න ඕනෙ නෑ. ස්වභාවිකවම ලස්සනයි. අපේ තනිකර කෘතිමයි.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    කටාර් එමිරේට්ස් වගේ ලස්සන කෙල්ලො ඉන්න රටවලුත් ගන්නවනම් ලංකාවෙ ගත්තම මොකද? ඔය පොශ් කෙල්ලන්ගෙ තියන අපේකම. ලොකු ලයින් එක නම් තියනව. වෙන රටවල අයට අපේ උන් වගේ මේකප් තට්ටු ගනන් දාන්න ඕනෙ නෑ. ස්වභාවිකවම ලස්සනයි. අපේ තනිකර කෘතිමයි.

    Ane man danne na ban umbata one ekak hithaganin mata nan oita wada kiyanna therenne na:no:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Air

    In the past Air Lanka administration highly concerned about their employee's Educational background, Family background, Exposure in English, Appearance, Decipline, etc.
    Because they represent the country in many ways :yes:

    But today it's all about politics, all you need is a letter from a politician :(
    Politics has spoiled the image of Sri Lankan Airlines today
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,888
    11,638
    113
    In the past Air Lanka administration highly concerned about their employee's Educational background, Family background, Exposure in English, Appearance, Decipline, etc.
    Because they represent the country in many ways :yes:

    But today it's all about politics, all you need is a letter from a politician :(
    Politics has spoiled the image of Sri Lankan Airlines today
    Wenna puluwan
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    :lol: