අපි නොදන්න තුර්කිය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි නොදන්න තුර්කිය

    මැදපෙරදිග කියන්නේ එකම ගිනි ගොඩක් කියලා අපි දන්නවා. මේ කාලේ ISIS නිසා..
    ඊට කලින් ?..............ඊට කලිනුත් ඉතිං වැඩි වෙනසක් නැහැ.


    තුර්කිය කියන්නෙත් මැදපෙරදිග තියෙන තවත් ඉස්ලාම් රටක්.
    ඒත් එහේ ටිකක් උගත් පරම්පරාවක් ඉන්නවා, ගැහැණුන් පිරිමි එක්ක කරට කර වැඩ කරනවා,
    ඕනෑම කෙනෙක්ට ඕනෑම ආගමක් ඇදහීමේ නිදහස දීලා තියෙනවා.....
    අනික් ගොඩක් මැදපෙරදිග අයට වඩා ලස්සන ජීවිතයක් තුර්කීන් ගත කරනවා.

    මේ හැම දෙයක්ම වුණේ ජව සම්පන්න නායකයෙකුට පින්සිද්ධ
    වෙන්න තමයි. ඒ Mustafa Kemal Atatürk.

    uocks6gu2zhpaxuzg.jpg

    මෙයා බලයට එන්න කලින් හරිම නරක කාලයක් තමයි ලබලා තිබුණෙ.
    1 වෙනි ලෝක යුද්ධය ඉවර වෙලා, තුර්කියේ ප්‍රභල ඔටෝමන් රාජ්‍ය කෑලි කෑලි වලට කැඩිලා,
    ඉතුරු කෑල්ලෙනුත් ලොකු කොටසක් ග්‍රීසිය, ආර්මේනියාව, ප්‍රංශය, ඉතාලිය අල්ලගෙන.

    u0i99si4xr30qyezg.jpg

    දක්ෂ යුධ නායකයෙකු වෙච්ච Mustafa ගෙ නායකත්වය යටතේ තුර්කි හමුදාව,
    මේ හැම රටක්ම පරාද කරලා, තුර්කියේ හැම කොටසක්ම එකම කොඩියක් යටතට ගේනවා.


    ඒත් මෙයාගෙ ලොකුම මෙහෙවර වෙන්නෙ බිහිසුණු යුධ නායකයෙක් විදිහට නෙවෙයි.



    දුරදක්නා නුවනක් තිබුණු කෙනෙක් විදිහට.

    සාමාන්‍යෙන් කරදර කාල වලදී මිනිස්සු වැඩි වැඩියෙන් ආගම් බදාගන්නවා....

    යුද්දෙ කාලේ තුර්කියේ මිනිස්සුත් ඉස්ලාමයට තවත් හැරෙමින් තමයි හිටියේ.
    අද සවුදිය, ඉරානය වගේ, ආගමික ආතල් නිසා රටවල් විනාස වෙන එකේ භයානක කම එයා ඒ කාලෙදිම දකින්න ඇති.


    ඒ නිසා රට එක්සත් කරලා, බලයට ආපු Mustafa, හොර රහසේම ප්‍රංශයේ, ස්වීඩනයේ, ඉතාලියේ සහ
    ස්විට්සර්ලන්තයේ වගේ අනාගමික(secular) දියුණු රටවල ව්‍යවස්ථාවන් අධ්‍යනය කරන්න ගත්තා.


    එහෙම කරලා ලොකු වැඩකට ලෑස්ති වූණා....

    හිටපු ගමන්ම 1924 Mustafa ජනාධිපති වුණ අවුරුද්දේම තුර්කිය ඇතුලේ ඉස්ලාමීය රාජ්‍ය (Caliphate එක) විසිරුවා හැරියා.

    voc9i4bdc4oio4hzg.jpg

    ඒ කාලේ වෙද්දි ඉස්ලාමීය මද්රසා ඉස්කෝල, පිළිලයක් වගේ රටේ පැතිරිලා තිබුණා.

    මේ ඉස්කෝල වලින් අල්- කුර්ආනය කටපාඩම් කරවනවා ඇරෙන්න රටේ දියුණුවට කිසිම සේවයක් වුනේ නැහැ.

    ඒ නිසා ඒ අවුරුද්දේම මාර්තු වෙනකොට මද්රසා ඉස්කෝල වසා දැම්මා.

    එහෙම කරලා නවීන ඉගැන්වීම් ක්‍රම පාවිච්චි කරන ඉස්කෝල වැඩි වැඩියෙන් ස්ථාපිත කළා.

    afp2tu4avxqg2uhzg.jpg

    ඔටෝමන් ඉස්ලාමීය රාජ්‍ය කාලෙ ඉගෙනීමේ අයිතිය නැතිවෙලා තිබුණු
    ගැහැණු ළමයින්ටත්, පාසලේ දොර ඇරෙන්න ගත්තා.


    ඒ අවුරුදෙදිම අප්‍රේල් වෙද්දි "ශරී‍යා" උසාවි වැහුනා. අදටත් සවුදියේ,
    ඉරානයේ තියෙන ගල් යුගයේ ම්ලේඡ්ච නීතිරීති වලින්, තුර්කිය එදාම ගොඩ ආවා.



    මීට කලින් තුර්කියේ ගම්මාන වල ඉස්ලාමීය නායකයෝ(Sheiks ලා)තම තමන්ගේම
    ආගමික නීති රීති වලින් පාලනය කළා. ඉතිං Sheiks ලාගේ බලය නැති කරපු Mustafa,

    ඊලඟ අවුරුද්දේ(1925)බොහොම ප්‍රභල කතාවක් කරනවා.

    " In the face of knowledge, science.....I cannot accept....community of people primitive enough to seek....
    guidance of Sheiks. The Turkish republic cannot be a country of sheiks, dervishes"


    ඒ නිසා මේ වගේ, ලෝකෙ හිනස්සන විහිළු සපයන ආගමික නායකයෝ තුර්කියෙන් බිහිවෙන්නේම
    නැති තරම් !

    le68ho3tu6014rlzg.jpg

    ඊලඟ අවුරුද්දේදී 1926 තුර්කිය ලෝක වාර්ථා 2 ක් ම පිහිටුවනවා
    ඉස්ලාමීය උසාවි වහලා, ලෝක ඉතිහාසේ පළවෙනි වතාවට රටේ නීති වලින් ඉස්ලාමීය නීතිරීති අයින් කරලා දැම්මා.
    ඒ වෙනකොටත් ගැහැණු අයට පවා කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ලැබිලා තිබුණා

    575m3j07x3mej3mzg.jpg


    බහු භාර්‍යා විවාහය(polygamy) නීති විරෝධී කළා. එහෙම කරපු පළවෙනි මැදපෙරදිග රට බවට පත් වුණා.
    (මුස්ලිම් රටකම, ඒ කාලෙදිම, මේ දේ උනත් අදටත් මුස්ලිම් නොවන ලංකාවේ හෝ ඉන්දියාවේ මේ නින්දිත ක්‍රමය නැති කරන්න
    කොණ්ද තියෙන නායකයෙක් බිහිවෙලා නැහැ)


    තව ටිකක් කල් ගිහිල්ලා 1934 දී, කාන්තාවන්ට සම්පූර්ණ දේශපාලන අයිතීන් ලබාදුන්නා.
    ඒ වෙද්දි සමහර බටහිර රටවල පවා කන්තා අයිතීන් තිබුණේ නැහැ !



    ඒ කාලේ තුර්කියේ පාවිච්චි කාලේ සාම්ප්‍රදායික ආගමික අරාබි අක්ෂර.
    අරාබි වල තියෙන සංකිර්ණ කම නිසාම රටේ සාක්ෂරතාව 10% වගේ තමයි තිබුණේ.

    ඒත් Mustafa Kemal, භාෂා විශාරදයො ලවා මාස කිහිපයක් ඇතුලත brand new සරල අක්ෂර ටිකක් අඳූන්නලා දුන්නා.

    w3fl59hfag357x3zg.jpg


    මෙයාම ගමින් ගමට ගිහිල්ලා මිනිස්සුන්ට මේ අකුරු කියලා දුන්නා.
    අකුරු වල සරල බව නිසාම 10% තිබුණු සාක්ෂරතාව අවුරුදු 2ක් ඇතුලත 70% දක්වා රොකට් එකක් වගේ ඉහල නැග්ගා.


    මේ අලුත් අක්ෂර වලට හුරුවුණ නිසා, අරාබි වලින් ලියවුණු ගොඩාක් ආගමික ලියවිලි මිනිස්සුන්ට කියවන්න බැරි තැනට ආවා.
    ඒ නිසා තව තවත් මිනිස්සු ආගමින් ඈත් වුණා. සමහර විට මේකත් Mustafa ගේ තව යටි අරමුණක් වෙන්න ඇති.





    ඉස්ලාමයේ පිළිම තහනම නිසා කොන් වෙලා තිබුනු ඉස්ලාමයට කලින් යුගයේ පිළිම, පුරාණ කෞතුක භාණ්ඩ,
    එකතු කරලා කෞතුකාගාර බිහි කළා. තුර්කීන්ගේ ඓතිහාසික උරුමයන් ගැන දැනුවත් කළා


    ඉතිං දිනෙන් දිනම උගත් කමින් පෙරට ගියපු පරම්පරාවක්, 1931 දී තමන්ගේම ගුවන්යානයක් (MMV-1)
    හදන හැටි Kemal තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා.


    අද drones, satellite පවා මේ අය නිපදවනවා.

    u7d3y5f1p7s5x3yzg.jpg


    ගණිතයට තිබුණු විශිෂ්ථ හැකියාව නිසාම Kemal කියන නම දුන්නේ මෙයාට දුන්නේ එයාගෙ ගණිත ගුරුවරයා.
    ඒකෙ තේරුම “perfect” කියන එක.


    ඉතිං කලින් තිබුණු තුර්කිය කෑලි කෑලි වලට ගලවලා, තිබ්බටත් වඩා හොඳ perfect රටක් විදිහට
    එකට එකතු කරන්න මෙයාට ගතවුණේ අවුරුදු 15 වගේ ඉතාම කෙටි කාලයක්.
    (මෙතන නොකියපු,මෙයා කරපු reforms තව ගොඩාක් තියෙනවා. හොයාගෙන බලන්න )


    1938 දී අවාසනාවන්ත විදිහට අඩු වයසින් අවුරුදු 57 දී Mustafa Kemal ජීවිතයෙන් සමුගන්නවා.


    ඒත් මෙයා දැකපු, තනපු ලස්සන තුර්කිය ‘තාමත්’ අපිට දකින්න තියෙනවා.
    තුර්කිය වෙනුවෙන් කරපු සේවය නිසා මෙයාට "තුර්කියේ පියා" Atatürk කියන ගෞරව නාමය ලැබෙනවා.


    පේනවා ඇති නේ ? නම් 3 න් දෙකක්ම (Kemal, Atatürk) ලැබුණේ මෙයාගෙ විශිෂ්ථත්වය නිසාම තමයි.

    5etoctslrlh6rblzg.jpg
    Amanullah Khan රජු, Mustafa සමඟ

    තුර්කියේ සීඝ්‍ර දියුණුව දකින ඇෆ්ඝනිස්ථානයේ Amanullah Khan රජුත්,
    පස්සෙ කාලෙක ඉරානයේ Shah රජුත් තමන්ගේ රට නවීකරනය කරන්න උත්සහ කළා.

    ඒත් මේ දෙන්නම බලයෙන් පහවුණා.
    පකිස්තානය බිහි කරපු Muhammad Ali Jinnah ත් උගත්, බටහිරකරණය වුණ නායකයෙක්.


    ඒත් මේ කිසිම රටක් තුර්කිය වගේ ගොඩගියේ නැහැ.


    ඉරානය, ඇෆ්ඝනිස්ථානය, පකිස්තානය කියන්නේ අදටත් ආගමෙන්,
    ඔළුව විකාර වුණ අවාසනාවන්ත රටවල් ටිකක්.


    තුර්කියෙත් මේ වගේම ආගමික නායකයෝ රෙදි උස්සගෙන පාරට බැස්සා, Mustafa ව ඝාතනය පවා කරන්න හැදුවා.
    ඒත් මේ හැම දෙයක් මැද්දෙම සාර්ථක උන නිසයි Mustafa මේ තරම් වැදගත් නායකයෙක් වෙන්නේ.


    මෙයා ඒ කාලේ හිතපු දේ ඊලඟට එන ශතවර්ෂ වල හරි ගියා.
    වෙනත් රටවල, නරක කාල වලදී මිනිස්සු ආගම් බදාගැනීම නිසා ලෝකයට පිළිලයක් වුණ ත්‍රස්ථ සංවිධාන රැසක් බිහිවුණා

    [- රුසියාව, ඇෆ්ඝනිස්ථානය ආක්‍රමණය කිරීම නිසා තලිබාන්
    - ඊශ්‍රායලය, ලෙබනන් ආක්‍රමණය නිසා හිස්බුල්ලාහ්(දෙවියන්ගේ පක්ෂය)
    - සිරියානු සිවිල් යුද්ධය නිසා ISIS.... ආදී ]

    ඉස්ලාමීය රටවල් විතරක් නෙවෙයි..... බෞද්ධ මියන්මාරයටත් හා කාම්බෝජියාව, හින්දු ඉන්දියාවටත්,
    ක්‍රිස්තියානි/කතෝලික කොංගෝ රාජ්‍යය හා ලතින් ඇමරිකානු වගේ දැඩි ආගමික රටවල්, අදටත් දියුණුව අතින් ඉන්නෙ
    ගොඩාක් පිටිපස්සෙන් .


    වර්ථමානයේ crime rates අඩුම දියුණු රටවල් ගොඩක වැඩි වශයෙන් ඉන්නෙ නිකං නමට ක්‍රිස්තියානි/මුස්ලිම් වුණ මිනිස්සු .


    උදා:- ලෝකයේ හොඳම living conditions තියෙන ස්කැන්ඩිනේවියානු රටවල් (ස්වීඩනය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය සහ නෝර්වේ)

    qd08se5mcfm5ozrzg.jpg

    World nonreligious population by percentage, Dentsu Institute


    කැනඩාව, ස්විස්ට්සර්ලන්තය, රුසියාව, එංගලන්තය, ජපානය වගේ දියුණු රටවල් රැසකම මිනිස්සු
    ඒ තරම් ආගමික නොවෙන බවත් මේ map එකෙන් පේනවා ඇති.


    කොහොම උනත් අනාගමික වුණ පලියට සාර්ථක වෙන්නෙ නැහැ. ඒ රටවල මිනිස්සුන්ට
    හොඳ Moral Code එකක්, නීති පද්ධතියක්, ඓතිහාසික උරුමයක් තියෙන්න ඕනෙ.

    Mustafa මේ හැම දෙයක්ම අවුරුදු 90 කට කලින් දුර තියා දැකලා, සාර්ථකව පියවර ගත්තු නිසා තමයි
    තුර්කිය තාමත් හොඳ ආදර්ශමත් ඉස්ලාමීය රටක් වෙන්නේ !


    මොන තරම් තද අනාගාමිකයෙක් වුණත් Mustafa Kemal Atatürk කියන්නෙ
    මුස්ලිම් ලෝකයේ ගොඩක් ජනප්‍රිය නායකයෙක්. තමන්ගේ මිනිස්සු සෞදිය, ඉරානය වගේ රටවල නරකාදි වලින් බේරපු කෙනෙක්.

    1nljnb9atwb88lazg.jpg


    හැබැයි ලෝක ඉතිහාසයේ නෙල්සන් මැන්ඩෙලා, ලී-ක්වාන් යූ ලා අතරේ නිසි තැන නොලැබුණූ underrated චරිතයක් :)

    Rep නෙවෙයි Thread එක Rate කරන්න :)
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සහෝ බොහොම සතුටුයි ආයේ ආපු එකට ++ රේප් මේ වාගේ වටිනා දේවල් අපිත් එක්කල බෙදාගත්තට
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බහු භාර්‍යා විවාහය(polygamy) නීති විරෝධී කළා. එහෙම කරපු පළවෙනි මැදපෙරදිග රට බවට පත් වුණා.
    (මුස්ලිම් රටකම, ඒ කාලෙදිම, මේ දේ උනත් අදටත් මුස්ලිම් නොවන ලංකාවේ හෝ ඉන්දියාවේ මේ නින්දිත ක්‍රමය නැති කරන්න
    කොණ්ද තියෙන නායකයෙක් බිහිවෙලා නැහැ)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    පට්ටම ලිපියක් , TFS ..
    අපේ රටත් ඇතුළුව , ආගම් ඉහ උඩ තියා ගත්ත සෑම රටකටම දියුණුව උරුම නැද්ද කියලත් මට හිතෙනවා ..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සැහෙන කාලෙකින්
    හිතට දැනෙන වටින කරුණු ටිකක්.
    උබේ කලින් ලිපිත් පට්ට අසාවෙන් කියෙවුවෙ.
    ඇත්තම කියනවා නම් උඹ බොක්කට වැදෙන්න ලියන්න දන්නවා. :yes::yes:
    දිගටම ලියපන් මචන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,616
    1
    10,861
    113
    පට්ටයි... තුර්කියේ කෙල්ලෝ සුපිරිලු නේද... රෙප..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    උඹ දැම්මොත් පට්ටම ලිපියක්! බොහොම ස්තුතියි නොදන්න දේවල් බෙදාගන්නවට!


    ආගමක් තියෙන්නේ ඕනේ මිනිස්සු හොඳ මග යවන්න.ඒකට ඉතින් සමහර ආගම්වලින් කරන්නේ ඔලුගෙඩි ගාණ වැඩි කරගන්න එකයි,රටවල් අල්ලන එකයි නේ.

    KkTEBjq.jpg