ඩිල්ෂාන් දැවීගියේ පන්දුවකටද ඔට්‌ටුවකටද?

Paththara_malli

Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    ඩිල්ෂාන් දැවීගියේ පන්දුවකටද ඔට්‌ටුවකටද?

    dil1.jpg


    ඩිල්ෂාන් දැවීගියේ පන්දුවකටද ඔට්‌ටුවකටද?

    බොලිවුඩ් නිළිය රහස හෙළි කරයි...!

    මුරලිදරන් ගෙන් ඩිල්ෂාන්ට සෘජු චෝදනා

    අවසන් තරගයේ පළමු ඕවරයේදීම අස්‌වාභාවික පහරක්‌ එල්ල කරමින් ඩිල්ෂාන් දැවීයයි
    අපි අපේ ක්‍රිකට්‌ ක්‍රීඩයකයන් අපේ හීන තුළ තබාගෙන ස්‌වයං මෝහනයකට පත්ව සිටි කාලයක මේ කතාව ලෝකයට කියනු ලැබුවේ එංගලන්තයේ ද සන්ඩේ ටයිම්ස්‌ පුවත්පත විසිනි. ඒ මීට අවුරුදු හතරකට එපිටදීය. හරියටම කියනවා නම් වර්ෂ 2012 ජූනි මස 12 වැනිදාය. කතාව ලිව්වේ සන්ඩේ ටයිම්ස්‌ පුවත්පතේ මෙස්‌තර් මහමුද් නැමති ගවේෂණාත්මක මාධ්‍යවේදියාය.

    dil3.jpg
    සන්ඩේ ටයිම්ස්‌ පුවත්පත වාර්තා කළ සිද්ධිය වන්නේ වර්ෂ 2009 අවුරුද්දේය. ඒ වන විට විස්‌සයි 20 ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය එංගලන්තයේ පැවැත්වෙමින් තිබුණේය. අවසන් මහා තරගයට තරග වැදීමට නියමිතව සිටියේ ශ්‍රී ලංකාව හා පකිස්‌තානය ය. මේ තරගාවලියට සහභාගී වුණු ජාත්‍යන්තර ක්‍රීඩකයන් රැ`ඳී සිටියේ ලන්ඩන් නගරයේ කෙනිසිටන් රෝයල් ගාර්ඩ්න් හෝටලයේය. ක්‍රිකට්‌ තරග පාවාදීම් පිළිබ`ද සුලභ කතා ඇසෙන ඉන්දියාව, පකිස්‌ථානය වැනි රටවල් එංගලන්තයේ තරග කරන විට මාධ්‍යය තරගවලටත් වඩා වැඩි අවධානයක්‌ යොමු කරන්නේ ක්‍රීඩකයන්ගේ අමුතු හැසිරීම් පිළිබ`දවය.

    මේ නිසාම සන්ඩේ ටයිම්ස්‌ පුවත්පතේ මෙස්‌තර් මහමුද් නමැති මාධ්‍යවේදියා ක්‍රීඩකයන් ලැගුම්ගත් හෝටලයේත් එහි කැසිනෝ ශාලාවේත් සිදුවෙමින් ඇති දේ නිරීක්‌ෂණය කරමින් සිටියේය. හෝටලය තුළ බුකිකරුවකු යෑයි සැක කළ ඉතා ධනවත් ව්‍යාපාරිකයෙක්‌ සමග සුරූපී බොලිවුඩ් නිළියක්‌ රැ`ඳී සිටින ආකාරය ඔහුට නිරීක්‌ෂණය වන්නේ මේ අතරය. නූපූර් මෙහෙතා නමැති මේ සුරූපී නිළිය ඇමක්‌ සේ භාවිත කරමින් බුකීsකරු ක්‍රීඩකයන් බා ගැනීමට කටයුතු කර ඇති ආකාරයත් තරගාවලිය නිමාවනතුරු ඇය ක්‍රීඩකයන් රැ`ඳී සිටි හෝටලයේ රැ`ඳී සිටි ආකාරයත් ලන්ඩන් කැසිනෝ ක්‌ලබ් නමැති කැසිනෝ එකකදී ඇය ජාත්‍යන්තර ක්‍රීඩකයන් කීපදෙනකු හ`ඳුනාගෙන ඇසුරු කළ ආකාරයත් මහමුද් විසින් සොයා ගත්තේය. ඔහු එය සිය පුවත්පතේ වාර්තා කළේය.

    එම වාර්තාව පළවීමත a සමගම ඒ වන විට මුම්බායිහි සිටි නූපූර් මෙහෙතා පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්වූවාය. එහිදී ඇය තරග පාවාදීමේ චෝදනාව ප්‍රතික්‌ෂේප කළාය. සුප්‍රකට මේල් ඔන් ලයින් වෙබ් අඩවිය මේ වාර්තාව සවිස්‌තරව පළ කර තිබිණි. එහිදී ඇය කී කාරණා කීපයක්‌ විය. ඇය මේ තරගාවලිය පුරාම එංගලන්තයේ අතිශය සුපිරි හෝටලයක්‌ වූත්, තරගාවලියට සහභාගී වන ක්‍රීඩකයන් රැ`ඳී සිටියාවුත් කෙනිස්‌ටන් රෝයල් ගාර්ඩ්න් හෝටලයේ රැඳී සිටි බවය. දිනකට පවුම් පන්සීය බැගින් සිය කාමර ගාස්‌තුව ගෙවූ බවය. තමා හඳුනාගත් ක්‍රීඩකයන් ගැන ස`දහන් කරන විට එක්‌ ක්‍රීඩකයෙක්‌ හැර වෙනත් කිසිවෙක්‌ මේ කතාවට සම්බන්ධ කරගැනීමට අකමැති වන බවය. එහිදී තමන් ටී.එම්. ඩිල්ෂාන් නමැති ශ්‍රී ලාංකික ක්‍රිකට්‌ ක්‍රීඩකයා පමණක්‌ හ`ඳුනාගත් බවය. ඉන්දියාව හා පකිස්‌ථානය අතර අවසන් පූර්ව තරගය දිනත් ඇය ඩිල්ෂාන් සමග කැසිනෝවකට ගිය බවය. ඩිල්ෂාන්ට කැසිනෝ ගහන්නට සල්ලි වියදම් කළ බවය.

    නූපූර් මෙහෙතාට අනුව මේ සම්බන්ධය ඉතාම කෙටිකාලීන එකකි. තමන් තනිකඩ හා ආකර්ෂණීය තරුණියක්‌ නිසා තමන්ට සම්බන්ධකම් ඇති කරගැනීමට බාධාවක්‌ නොවන බවත්, එය තමන්ගේ පුද්ගලික ජීවිතය බවත් ඇය වැඩි දුරටත් කීවාය. එහෙත් ඇගේ පුද්ගලික සම්බන්ධකම් අපටත් අපේ ක්‍රිකට්‌ ක්‍රීඩාවටත් බලපෑ ආකාරය මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ විභාග වෙමින් ඇත්තේය. ලෝකයේ ක්‍රිකට්‌ ලෝලීන්ගේ වඩාත් අවධානයට ලක්‌වෙමින් මේ කැසිනෝ හමුවෙන් කිහිප දිනකට පසු පැවැත්වුණු පකිස්‌ථාන් ශ්‍රී ලංකා අවසන් මහා තරගයේදී තිලකරත්න ඩිල්ෂාන් ලකුණු නොලබා පළමු ඕවරයේදී ඉතා අස්‌වාභාවික පහරක්‌ එල්ල කරමින් දැවී ගියේය.

    2009 අවසන් මහා තරගය

    2009 වර්ෂයේ විස්‌සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරගය පවත්වනු ලැබුවේ ජුනි 21 ලෝර්ඩ්ස්‌ වලය. ක්‍රීඩා කළේ පකිස්‌ථානය හා ශ්‍රී ලංකාවය. මුලින්ම පන්දුවට පහර දෙන ශ්‍රී ලංකාව වෙනුවෙන් පිටියට පැමිණෙන ටී.එම් ඩිල්ෂාන් මුල් පන්දු හතරේදිම ලකුණු ලබන්නේ නැත. පස්‌වන පන්දුවේදී ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු නොව ක්‍රිකට්‌ ගැන හසරක්‌ නොමැතිව වළකජු ගහමින් සිටින කොල්ලෙක්‌වත් එල්ල නොකරන අන්දමේ පහරක්‌ එල්ලකර දැවී ගියේaය. මේ දැවී ගිය ආකාරයේ විලිලජ්ජා නැති ස්‌වරූපය පිළිබ`දව කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙක්‌ම දැඩි කළකිරීමෙන් සිටියහ. අද ජාත්‍යන්තර ක්‍රිකට්‌ පිටියේ නැති මුත්තයියා මුරලිදරන් මේ සිදුවීම පිළිබ`දව ඩිල්ෂාන්ට Rජුවම චෝදනා කළ ආකාරය ගැන වාර්තා විය. කණ්‌ඩායමේ එකමුතුකම ද දෙදරා යන තැනට වැඩ සැලසිණි.


    මේ අමුතු ක්‍රිකට්‌ ගැහිල්ල අයි.සී.සි යේ අවධානයටත් යොමු විය. තරගය නිමා වීමත් සමග ඩිල්ෂාන්ට එරෙහි තරග පාවාදීමේ චෝදනාව පිළිබ`ද පර්යේෂණ ආරම්භ කළ බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කළේය. තතු එසේ වුවත්, එම වාර්තාව පිළිබඳව ඇත්ත නැත්ත තම කෝණයෙන් පැවසීමට ක්‍රිකට්‌ ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට ද අප පුවත්පත විවෘත බව මෙහිලා සටහන් කරමු.

    එම තරගාවලිය ස`දහා ශ්‍රී ලංකා කණ්‌ඩායම භාරව සිටි කළමනාකාරවරයා වූයේ බ්‍රෙන්ඩන් කුරුප්පුය. ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය මුලින්ම බ්‍රෙන්ඩන්ගෙන් මේ ගැන ප්‍රකාශයක්‌ ගත්තේය. ඔහු සිය ප්‍රකාශයේ කියා තිබුණේ අයි සී සී නීති රෙගුලාසිවලට අනුව සලකා බැලු විට සමහර ක්‍රීඩකයන් හා බුකීsකරුවන් අතර සම්බන්ධතාවක්‌ තිබුණු බවට තමන්ට ද සැක පහළවන බවය. තමන් අයි සී සී ට ලබා දුන් වාර්තාවේ කිසිම ක්‍රීඩකයෙක්‌ තනි තනියෙන් නම් නොකළ බවත්, තමන් හ`ඳුනාගනු ලැබූ ආකාරය අනුව යම් ක්‍රීඩකයන්ගේ හැසිරීම්වල අමුත්තක්‌ තිබූ බවත්, ඉන් කිසියම් අසාමාන්‍ය සිද්ධියක්‌ පිළිබ`ද ඉ`ගි කළ බවත් බ්‍රෙන්ඩන් කී බව මේල් ඔන් ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

    තරග පාවාදීමේ චෝදනාව පිළිබ`ද ඉදිරි පරීක්‌ෂණ කණ්‌ඩායම ලංකාවට පැමිණි පසු පැවැත්වීමට අයි.සී.සීය එක`ග විය. අයි.සී.සී ය වෙත ඉහත වාර්තාව ලබා දී ලංකාවට පැමිණෙන බ්‍රෙන්ඩන්ගේ කළමනාකාරකම අහෝසි විය. ඔහු වෙනුවට අනුර තෙන්නකෝන් කණ්‌ඩායම් කළමනාකරු බවට පත් විය.

    අයි.සී.සී ය කළ පරීක්‌ෂණ

    ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය පරීක්‌ෂණ දිගටම පවත්වාගෙන ගියේය. අවසන් මහා තරගයේ තීරකවරයාව සිටියේ ක්‍රිස්‌ බ්‍රොaඩ් ය. ඔහුගෙන් ප්‍රකාශයක්‌ ගැනුණි. ඩිල්ෂාන්ගේ ඉනිම ස`දහන්වන වීඩියෝ දර්ශන තරගාවලිය ආවරණය කරනු ලැබූ ආයතනයෙන් ලබාගෙන තිබිණි. මේ සියලු තොරතුරු අධ්‍යයනය කිරීමෙන් පසු වැඩිදුර පරීක්‌ෂණ ස`දහා එහි නිලධාරීන් පිරිසක්‌ ලංකාවට පැමිණි බව විදෙස්‌ මාධ්‍ය වාර්තා කළේය.

    අනතුරුව තරග පාවාදීම සම්බන්ධ චූදිතයන්ගෙන් මෙන්ම කණ්‌ඩායමේ ක්‍රීඩකයන් කීහිප දෙනකුගෙන්ද ප්‍රකාශ සටහන් කර ගෙන තිබිණි. මේ තරගාවලියෙන් අනතුරුව බුකිකරුවන්, ඔවුන්ගේ තැරැව්කරුවන් සමග සම්බන්ධතා පවත්වන ලද ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායමේ සාමාජිකයන් පිළිබඳව යම් නිශ්චිත තොරතුරු හෙළිදරව් කරගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලය සමත් වූ බව කියෑවේ. අයි.සී.සී ය සමහර ක්‍රීඩකයන්ගේ හැසිරීම දීර්ඝ කාලීනව අධ්‍යයනය කරමින් සිටි බව වාර්තා විය. මේ වන විටත් ඒ පිළිබ`ද පරීක්‌ෂණ ක්‍රියාත්මකය. අප අපට අවංක වූයේ නැත. රටට අවංක වූයේ නැත. චරිත රැක්‌කා පමණි. රැකගත් චරිත දේශපාලනිකව අවභාවිත කළ අප මේ වන විට ලෝකය ඉදිරිaපිට නිරුවත් වෙමින් ඇත.

    විනයක්‌ හෝ සංයමක්‌ නැත්නම්, උසස්‌ අභිලාෂයක්‌ නැත්නම් එවැනි අසංවර මිනිසුන්ගේ දක්‌ෂතා ජාතියක අභිවෘද්ධිය ස`දහා කළමනාකරණය කරගත නොහැකිය. ක්‍රීඩාවක්‌ විෂයෙහි මේ යථාර්ථය අතිශයින්ම ප්‍රමුඛ ලෙස වලංගුය. මක්‌නිසාද යත් ඔවුන් රටක ජාතික පරමාර්ථ තුට්‌ටු දෙකේ වෙස`ගනන් සමග යහන්ගතවන ඇ`දක්‌ මතදී කොණ්‌ඩමයක බහා කුණු කූඩයට දැමිය හැකි බැවිනි. රටේ ජාතික ක්‍රිකට්‌ කණ්‌ඩායමේ නායකත්වය දරමින් සිම්බාබ්වේ සංචාරයක යෙදුණු ක්‍රීඩකයෙක්‌ 17 හැවිරිදි සුදු ජාතික තරුණියක්‌ දූෂණය කර පැය 24 පොලිස්‌ අත්අඩංගුවේ සිටි ආකාරය නිවුස්‌ මාස්‌ටර් වෙබ් අඩවිය වාර්තා කළේය. එදා එම සිද්ධිය යටපත් කිරීම ස`දහා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ අතුරු කමිටුව ඩොලර් දහතුන් දහසේ සිට පහළොස්‌ දහස දක්‌වා මුදලක්‌ හරාරේ පොලිස්‌ බලධාරීන්ට හා වින්දිත දැරියට ගෙවූ බවත් ඒ වාර්තාවල ස`දහන් විය. එවකට ක්‍රිකට්‌ අතුරු කමිටුවේ සිටි ප්‍රධානියෙක්‌ අද ඉන්නේ බන්ධනාගාරයේය. එවකට රටේ ජනාධිපතිවරයා මේ සිද්ධිය සම්බන්ධව පූර්ණ වාර්තාවක්‌ ගෙන්වාගත් බව කියෑවිණි.

    නිල සූදුව

    තරග පාවාදීම පිළිබ`ද යළිත් අලුත් කතා ඇසෙන්නේ මේ අත්දැකීම් සහිත අපටය. ප්‍රස්‌තුතය ඉන්දියාවේ පැවති විස්‌සයි 20 තරගාවලිය ය. මේ තරගාවලිය දෙසම ලෝකය බලන්නේ ජුගුප්සාවෙනි. ක්‍රීඩක හැසිරීමේ සිට විනිසුරු තීරණ දක්‌වා විශාල පරාසයක්‌ තුළ මේ විසංවාදය ගොඩනැගෙමින් ඇත.

    ක්‍රෙඩිට්‌ කාඩ් වලින් මුදල් ගෙවමින් නිල වශයෙන් ඔට්‌ටු දැමීම සිදුකළ හැකි වෙබ් අඩවි ගණනක්‌ නීත්‍යානුකූලව ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. තවමත් අපේ රටේ ජීවත්වෙමින් මේ වෙබ් අඩවි හරහා සූදු කෙළීමට ඉඩ සලසා නැතත් අසල්වැසි ඕනෑම රටක සිට එම සූදුව කෙළිය හැකිය.

    සූදු කෙළීම ස`දහා වෙන්වූ ජරසජනැඑ365ගජදප වෙබ් අඩවිය පසුගිය ඉන්දීය විස්‌සයි 20 තරගාවලිය ස`දහා ඔවුන්ගේ ඔට්‌ටු ප්‍රකාශ කර තිබුණ ආකාරය අපට යමක්‌ සිතන්නට ඉඩ සලස්‌වයි. ආධුනික ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තබන ඔට්‌ටුවක වටිනනාකම 1 ට 35 කි. ඉන්දියාවේ ජයග්‍රහණය වෙනුවෙන් තබන ඔට්‌ටුවක වටිනාකම 1ට 7 කි. පළමු පන්දු ඕවරයේ ස්‌ටම්ප් කිරීමකින් ක්‍රීඩකයෙක්‌ දැවී යැම සම්බන්ධව තබන ඔට්‌ටුවක දිනුම 1ට 100 කි. සබාස්‌ඉeඑ නැමැති වෙබ් අඩවියක්‌ වේ. මේ වෙබ් අඩවිය හරහාත් තැබිය හැකි ඔට්‌ටු ප්‍රමාණය සිය ගණනකි. පළමු ඕවරයේ පළමු පන්දුව නිලකුණු පන්දුවක්‌ද, ඒ පන්දුවට ලබා ගන්නා ලකුණු ප්‍රමාණය කීයද, වයිඩ් හෝ නෝ බොල් පන්දුවක්‌ ද, පළමු දැවී යැමේ ස්‌වරූපය කුමක්‌ද, පළමු පන්දු ඕවරයේ කඩුලු බිෙ`දනවාද නැද්ද, ආදී වශයෙන් ඔට්‌ටු ඇල්ලිය හැකිය. මේ ඔට්‌ටු ඇල්ලීමේදී පළමු දැවී යැම ස්‌ටම්ප් කිරීමක්‌ වුවහොත් තැබිය හැකි විශාලම ඔට්‌ටුව එයය. ඒ ස`දහා මෙම වෙබ් අඩවිය ගෙවූ මුදල 1 ට 15 කි.

    ඉන්දියානු සංචාරයේදී අපේ සමහර ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාශය අප තුළ සාධාරණ සැකයක්‌ උපදවන්නේ මේ වටපිටාවේදීය. දිගින් දිගටම ස්‌වකීය විනය පිළිබ`ද බරපතළ ප්‍රශ්න රටට ඉපදවූ ක්‍රීඩකයන් අතාර්කික ලෙස පළමු පන්දු ඕවරය තුළ ලකුණු නොලබා දැවී යන විට, ඔවුන් සහභාගී වන තරග පරදින විට, සීමා ඉරෙන් ඉදිරියට පැණ කඩුලූ පූජා කරන ආකාරයක්‌ ප්‍රේක්‌ෂක අපට පෙනෙන විට ඔවුන්ගේ ක්‍රීඩා හැසිරීම පිළිබ`දව ප්‍රශ්න කිරීමේ අයිතියක්‌ මේ රටේ මිනිස්‌සුන්ට තිබේ. අවුරුදු තිස්‌ නවයත් ඉක්‌ම වූ පසු තවත් ජාතික කණ්‌ඩායමක එල්ලී සිටින්නට වලිකන, අවසන් එක්‌ දින ඉනිම දහයක්‌ තුළ අර්ධ ශතක දෙකක්‌ වාර්තා කළ නොහැකි, අවසන් විස්‌සයි 20 ඉනිම දහයකින් පහක්‌ ලකුණු දහයට අඩුවෙන් දැවී ගිය, ඉන් අවසන් ඉනිම දෙකම ලකුණු නොලබා මුල් ඕවරයේදී දැවුණු, අනාගතය ස`දහා තබා වර්තමානය ස`දහාවත් බලාපොරොත්තු නැති අවිශ්වාසනීය පුද්ගලයන් ජාතික කණ්‌ඩායමට තෝරා දෙන්නේ අල කන්නදැයි තේරීම් කමිටුවලින් විමසන්නට තරම් මේ රටේ මිනිස්‌සුන්ට දැනුමක්‌ තිබේ. ඒ තමන්ගේ ලෙයින් උපන් පොඩි එකාට තරම්ම අපේ රටේ මිනිස්‌සු ක්‍රිකට්‌වලටත් ආදරය කරන නිසාය.

    අප බොහෝ අපේක්‌ෂා භංගත්වයට පත්වුණු ජාතියකි. අපට කියා යමක්‌ තිබුණු බව මිනිසුන් විශ්වාස කළා නම් ඒ ක්‍රිකට්‌වලය. අපට පරමාදර්ශ හමුවුණේ නැත. එබැවින් අපේ මිනිසුන් පරමාදර්ශ හා වීරයන් සොයා ගියේ ක්‍රිකට්‌ තුළය. ඒ සිහින වීරයන් ජාතියේ µeන්ටසිය වෙස`ගනන් හා නිදි වැදගත් යහන් මතදීත් බුකී කාරයන්ගේ මුදල් ඉදිරිපිටදිත් සුන්නත් කර තිබේ. මේ බොහෝ දෙනෙක්‌ ඉදිරියට ආත්ම ගණනක්‌ ඉපදී ක්‍රිකට්‌ ගැසුවත් සොයාගත නොහැකි තරම් මුදලක්‌ මේ වසර කීපය තුළ සොයාගෙන ඇත. අඩුම තරමින් දැන් මේ මහත්වරුන්ට මේ මුදල් වියදම් කිරීමටවත් විවේකයක්‌ අවශ්‍යය. ඒ මානුෂික හේතුව මත පදනම්ව වත් ඔවුන් ජාතික ක්‍රිකට්‌වලින් විශ්‍රාම ගැන්වීම වැදගත්ය. එක්‌ තරගයක්‌ පාවාදී රටක ආත්මය විනාශ කරනවාට වඩා තරගාවලි සියයක්‌ පරාජය වීම නම්බුකාර ලෙස දරාගන්නට අපේ රටේ මිනිස්‌සුන්ට පුළුවන් නිසාය.

    විශේෂ ලියුම්කරුවෙක්‌ විසිනි

     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    Mu lankawe thibuna match waladith salli aranlu ban.
    Muge genilu deal eka katha karaganne.
    :growl:
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    World cup ekak lan una gaman ape playerslata wiruddawa eka eka complains enawa.
    Mewa me indian kaarayange mind games.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    source boruwata minissunta katha hadanawa yako hemadama ekama wage play karanna puluwanda den minissu kiyanawa dilshan naki lu kawuda den inna ekekgen replace karanna kiyanne :lol: kusal ge aduwa purawanna ekak nae dilshange aduwa purawanne kawuda :lol:

    ක්‍රෙඩිට්‌ කාඩ් වලින් මුදල් ගෙවමින් නිල වශයෙන් ඔට්‌ටු දැමීම සිදුකළ හැකි වෙබ් අඩවි ගණනක්‌ නීත්‍යානුකූලව ලෝකය තුළ ක්‍රියාත්මක වෙමින් තිබේ. තවමත් අපේ රටේ ජීවත්වෙමින් මේ වෙබ් අඩවි හරහා සූදු කෙළීමට ඉඩ සලසා නැතත් අසල්වැසි ඕනෑම රටක සිට එම සූදුව කෙළිය හැකිය.
    menna me site eka deepallako uttouwak daganna
     

    thilan_perera

    Well-known member
  • Jul 13, 2009
    881
    150
    63
    boru baila bng,Final eka pakistan walata salli walata pawala dei kiyala man hithanne nam na kawadawath :frown:

    Eka thamai bng. Playerslage mentality eka wattanna kiyana katha. Monawa paawa dunnath World Cup final ekak melo minihek paawala denne nha. Oya world cup final ekata Sri LAnka Select uneth Dilshange kalin performance hinda
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එකෙක් තරගේ පාවා දිලා බින්දුවට අව්ටු උනාම ඉතුරැ 10 පුක් ගැහුවද?
     

    waligamaya

    Well-known member
  • සල්ලි වලට අම්මා තාත්ත විකිනෙන ලෝකේ එකපාරම මේවා ප්‍රතික්ෂේප කරලා පස්සේ නගනවට වඩා හොදයි විදිමත් පරිෂණ වලට උදව් කරලා සැකය දුරුකර ගැන එක.
     

    waligamaya

    Well-known member
  • අනේ මංදා බං..
    හිතන්න අමාරැයි සල්ලි අරව් රට පාවලා දෙනවා කියලා

    කොහොමද බන් එගේම හිතන්නේ අද කලේ. මිනිස්සු විස්වසන ඉසර වගේ නෙවෙයි තාක්ෂනෙත් එක්ක සම්බනස කම් හදාගන ලේසියි. කළු වියපර ක්‍රිකට එක්ක සහෙන්න් ඇතිවෙලා තියනවා. එතකොට උන් බලන්නේ හිතන්න බැරි උන්ව බාගන තමයි පට්ට ගෙම දෙන්නේ.:dull::dull::dull::(:(
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රටක් විනාස කරා ගහපු මඩ විශ්වාස කරලා...
    දැන් Cricket විනාසකරන්නේ බොරු මඩ අහලා.... :angry::angry::angry:
    තොපි පොන්න හැත්තට මොලයක් නෑ.... ලෝක කුසලානයක් තියාගෙන ප්ලේයර්ස් ලට බනින්නේ නැතුව හිටපල්ලා... අවජාතක භාවය පිළිඹුබු වෙනවා එකයි.... අද මඩ විශ්වාස කරන්නෙත් එදා මඩ විශ්වාස කරපු සෙට් එක වීම දුකකි...
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රටක් විනාස කරා ගහපු මඩ විශ්වාස කරලා...
    දැන් Cricket විනාසකරන්නේ බොරු මඩ අහලා.... :angry::angry::angry:
    තොපි පොන්න හැත්තට මොලයක් නෑ.... ලෝක කුසලානයක් තියාගෙන ප්ලේයර්ස් ලට බනින්නේ නැතුව හිටපල්ලා... අවජාතක භාවය පිළිඹුබු වෙනවා එකයි.... අද මඩ විශ්වාස කරන්නෙත් එදා මඩ විශ්වාස කරපු සෙට් එක වීම දුකකි...
    ube kate masuran danna one ,ape un mada walatama ahuwela ,
    kridakayan mehema hallu kirima gana liyapu eka buki kara yek gen salli gaththda kiyala balanna one
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    ඩිල්ෂාන් අල්ලට පයින් ගහලා බුද්ධාගමට ආව එකට රිදුනු කොනකපාලුවන්ගේ යටි උගුල් වලට අහු වෙන්න එපෝ :no:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    මේවා තනිකර indian වෙසියන්ගේ ගේම් බන් ලොකු tournament එකක් එද්දී හැමදාම මොකක් හරි එකක් ඇදල කතා හදනව players ල mentally වට්ටන්න මොකද උන් දන්නවා උන්ට ගේමට ඉන්න players ව :growl::growl: