මක බෑ වෙලාම පල තෝ
රාජිතගේ ශල්‍යකර්මය ගැන තීරණය අද
- මාධ්‍ය ලේකම් කියයි
සිංගප්පූරු මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කර සිටින සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට ශල්‍යකර්මයක් සිදුකරනවාද නැද්ද යන්න අද (22 වැනිදා) ස්sදුකරන වෛද්‍ය පරීක්‍ෂණයෙන් පසුව තීරණය කෙරෙන බව ඒ මහතාගේ මාධ්‍ය ලේකම් නිපුන ඒකනායක මහතා "දිවයින" ට ඊයේ (21 වැනිදා) පැවසීය.
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මෙරට පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරු මවුන්ට් එළිසබෙත් රෝහලට ඇතුළත් කළ බව ද ඔහු කීය.
හෘදයට රුධිරය සැපයෙන නාලයක ඇති වූ සුළු අවහිරවීමක් හේතුවෙන් සෞඛ්‍ය ඇමැතිවරයා රෝහල්ගතව සිටින බවත් එය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශල්‍යකර්මයක් අවශ්‍යද යන්න අද තීරණය කරනු ඇති බවත් පැවසූ මාධ්‍ය ලේකම්වරයා ඊයේ වන විට සිදුකළ වෛද්‍ය පරීක්‍ෂණ අනුව ශල්‍යකර්මයක් සිදුකිරීමේ ඉඩ ප්‍රස්‌ථා අඩු බව ද කීය.
ඇමැති රාජිත සේනාරත්න මහතා සිංගප්පූරුවේ රෝහල වෙත රැගෙන යැම සඳහා එම රෝහලටම අයත් ගුවන් යානයකින් එහි වෛද්‍යවරු කණ්‌ඩායමක් දිවයිනට පැමිණියහ.
http://www.divaina.com/2016/02/22/news05.html