විශාලතම සබ්මැරීන හමුදා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    විශාලතම සබ්මැරීන හමුදා

    nLGoGT1.jpg

    ලෝකයේ සියලුම රටවල් එක සමාන නැත.ඒවා හි පාලන අධිකාරිය හෝ නායකයා සතුව වෙනස් වූ දේශපාලනික දර්ශනය පවතියි.එසේම ඔවුනොවුන් අතර මතුපිටින් පෙන්වන විශ්වාසය ඇතුලතින් නැත.එනම් ඔවුන් බලයෙන් එකිනෙකා පරයා යෑමේ තරඟයක නියැලී සිටියි.මේ නිසාම එම රටවල් සෑම විටම තම යුද බලය වැඩිකර ගැනීමට ආධාර දෙමින් සිටියි.රටක නාවික හමුදාවක් සතුව සබ්මැරීන තිබේ නම් එය ඔවුන්ගේ ශක්තිය පෙන්වීමකි.නාවුක සටනකදී සබ්මැරීනවලට සතුරු නෞකාවලට සැලකිය යුතු තර්ජනයක් එල්ල කල හැකිය.සබ්මැරීන ධාවනය සඳහා බලය ලබාගන්නා ආකාරය අනුව ඒවා ඩීසල් සහ න්‍යෂ්ඨික සබ්මැරීන ලෙස බෙදිය හැක.රුසියාව සහ එක්සත් ජනපදය සතුව න්‍යෂ්ඨික සබ්මැරීන විශාල ප්‍රමාණයක් තිබේ.සබ්මැරීනවල නවතම ප්‍රවණතාවය ස්ටෙල්ත් තාක්ෂණය සහිත සබ්මැරීන නිපදවීමයි.වාර්තාවන පරිදි ලොව හොඳම ස්ටෙල්ත් සබ්මැරීන තිබෙන්නේ රුසියාව සතුවයි.මේවා ඊට පෙර පැවති න්‍යෂ්ඨික සබ්මැරීනවලට වඩා නිශ්ශබ්දය.සතුරු පිරික්සුම් උපක්‍රමවලට හසුනොවී ගමන් කල හැකි යැ‍යි කියවේ.සබ්මැරීන සඳහා ස්ටෙල්ත් තාක්ෂණය පළමුවරට යොදාගැනීමේ ගෞරවය හිමිකරගන්නේ බ්‍රිතාන්‍යය ඇතුලු රටවල් බියට පත්කල මාරාන්තික සහ විශාලතම සබ්මැරීන හමුදාවට හිමිකම් කී නාසි ජර්මනියයි.මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ වර්තමානය වන විට විශාලතම සබ්මැරීන හමුදාව සිටින රටවල් සම්බන්ධවයි.



    දකුණු කොරියාව-සබ්මැරීන 14​

    0Ij9drs.jpg

    ලැයිස්තුව ආරම්භ වන්නේ දකුණු කොරියාවේ සබ්මැරීන හමුදාවෙන්ය.කොරියානු ජනරජ නාවික හමුදාව දැනට ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන 14ක පමණ සේවය ලබාගන්නා බව කියවේ.ඉන් 12ක් ජර්මනියේ නිපදවු 209,214පන්තිවල ඒවාය.අනෙක් දෙක දකුණු කොරියාවේ නිපදවූ සබ්මැරීන බව සඳහන්ය.ඔවුන්ගේ අභිප්‍රාය 214 පන්තියේ සබ්මැරීන තමන්ගේම නෞකා නිෂපාදනාගාරවල නිපදවීමයි.කුඩා ප්‍රමාණයේ 214 සබ්මැරීනයක ටෝර්පිඩෝ නල 8 ක් තිබෙන අතර ඊට නෞකානාශක මිසයිල ප්‍රහාර එල්ල කිරීම මුහුදු බෝම්බ මුදාහැරීමේ හැකියාව තිබේ.අනාගතයේදී ඔවුන් නිපදවන තමන්ගේම 214 වර්ගයේ සබ්මැරීන නිසා මෙම ලැයිස්තුවේ ඉහළට ගමන් කරන්නට හැකිවේවි.





    තුර්කිය-සබ්මැරීන 14

    GY89xfW.jpg

    ජර්මනියට පසුව ජර්මන් සබ්මැරීන විශාල ප්‍රමාණයක් මෙහෙයුම්වල යොදවන්නේ තුර්කියයි.මේවා සියල්ල ඩීසල්-ඉලෙක්ට්‍රික් 209 වර්ගයේ ඒවාය.මෙම සබ්මැරීන වර්ගය වැඩිවශයෙන්ම අපනයන කරන මොඩලයක් වන අතර ඒවා පාරිභෝගිකයාව අවශ්‍ය පරිදි වෙනස් කිරීමවලට භාජනය කල හැකි යැයි කියවේ.එක් 209 සබ්මැරීනයක් ඇ.ඩො.මිලියන 290ක් වේ.අලුත්ම 209 පන්තියේ සබ්මැරීනවලට නෞකා නාශක මිසයිල දියත් කිරීමේ හැකියාව තිබේ.2016 වසරේදී තුර්කි නාවික හමුදාව 209 පන්තියේ සබ්මැරීන වෙනුවට ජර්මන් 214 පන්තියේ ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන යොදාගැනීමට සැලසුම් කර තිබෙන බව කියවේ.





    ඊශ්‍රායලය-සබ්මැරීන 14

    yaekn0o.jpg

    නාවුක බලය ගැන කතා කරද්දී වැඩිදෙනෙකුට මතක් නොවන රටක් වන්නේ ඊශ්‍රායලයයි.ඊට හේතුවක් තිබේ බොහෝදෙනා දන්නේ සහ දකින්නේ ඊශ්‍රායලය ගොඩබිම හමුදා සහ ගුවන් හමුදා තාක්ෂණයෙන් ,ශක්තියෙන් පොහොසත් රටක් ලෙසය.නමුත් ඔවුන් සතුව කුඩා ප්‍රමාණයේ මුර සංචාරක බෝට්ටු සහ සබ්මැරීන හමුදාවක් තිබේ.ඊශ්‍රායලයේ යුදමය හැකියාවන් සහ අනෙකුත් දත්ත බොහෝවිට එළිදරවු කරන්නේ ඉතා සුලුවෙනි.දැනට වාර්තාවන පරිදි ඔවුන් සතු සබ්මැරීන ගණන 14කි.දන්නා පරිදි ඔවුන් සතු හැකියාවෙන් උසස් සබ්මැරීන වන්නේ ඩොල්ෆින් පන්තියේ සබ්මැරීනයි.ඒවා 1998 සිට ජර්මනියේ නිපදවන ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන වර්ගයකි.ඒවාට ඊශ්‍රායලය සතු න්‍යෂ්ඨික අවි රැගෙන යාම සහ දියත් කිරීමේ හැකියාවක් තිබෙන බවද කියවේ.ඊශ්‍රායල සබ්මැරීන Air-independent propulsion (AIP) තාක්ෂණයෙන් යුක්ත බව වාර්තාවේ.එනම් ඒවාට සාමාන්‍යය ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීනවලට වඩා හොඳින් නොගැඹුරු මුහුදේ මෙහෙයුම් කිරීමට හැකිය(වායුගෝලීය ඔක්සින් ලබාගැනීමට ජලය මතුපිටට පැමිණීමට අවශ්‍ය නොවේ.)





    ජපානය-සබ්මැරීන 16

    hVa985B.jpg

    දෙවන ලෝක යුද සමයෙන් පසුව ජපාන හමුදා ශක්තිය අවම කිරීමට එක්සත් ජනපදය ඇතුලු රටවල් කොන්දේසි පැනවීය.එම නිසා ජපාන හමුදාව තම ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් හමුදාවක් නඩත්තු කල යුතුවිය.ජපානය සතු සබ්මැරීන ඩීසල්-ඉලෙක්ට්‍රික් ප්‍රහාරක සබ්මැරීන වේ.මෙම සබ්මැරීන හමුදාවේ වර්ග දෙකක සබ්මැරීන තිබෙන අතර පැරණිතම එක1994 නිපදවූවක් බව කියවේ.ඔවුන් සතු නවතම සබ්මැරීන Soryu පන්තියේ ඒවාය.ඊට නවතම තාක්ෂණය,සැතපුම් 7000ක් දුරක් ආවරණය කිරීම සහ මිසයිල,ටෝර්පිඩෝ සහ බෝම්බ දියත්කිරීම කල හැකිය.





    ඉන්දියාව-සබ්මැරීන 17

    2EJAyzC.jpg

    රුසියාවේ සහ ජර්මනියේ නිපදවු ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීනවලින් ඉන්දීය සබ්මැරීන ඇණිය සමන්විතය.ඔවුන්ගේ ඊළඟ පියවර න්‍යෂ්ඨික සබ්මැරීන අත්පත් කරගැනීමයි.ඒ අනුව රුසියානු Akula පන්තියේ න්‍යෂ්ඨික ප්‍රහාරක සබ්මැරීනයක් ලබාගැනීමට රුසියාව සමග බදු ගිවිසුමක් අත්සන් කරනු ඇති.දැනට ඔවුන් තමන්ගේම න්‍යෂ්ඨික සබ්මැරීනයක්(INS Arihant) නිපදවා තිබෙන අතර එය මේවන විට අත්හදා බැලීමේ මුහුදු ගමන්වල යොදවා තිබේ.





    ඉරානය-සබ්මැරීන 31

    RJ9QFrO.jpg

    ලොව පස්වන විශාලතම සබ්මැරීන ඇණිය අයත්වන්නේ ඉරානයටයි.ඉරානය සම්ප්‍රදායිකව තම යුද වියදම් දරන්නේ ගොඩබිම් සහ ගුවන් හමුදා වෙනුවෙන්ය.නමුත් පසුගිය වසර කිහිපය තුල ඉරාන ඉස්ලාමීය ජනරජ නාවික හමුදාව නවතම නෞකා සහ සබ්මැරීන නිෂ්පාදනයට යොමුව තිබේ.පර්සියන් බොක්ක අවට කෙටි දුර මෙහෙයුම් සිදුකිරීම ඔවුන්ගේ අරමුණයි.දැනට ඔවුන් සතු ඉහළම හැකියාව සහිත සබ්මැරීන වන්නේ රුසියාවේ නිපදවූ Kilo පන්තියේ ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන තුනයි.ඒවා 1990 දශකයේ නිපදවූ සැතපුම් 7000ක දුරක් ආවරණය කල හැකි සබ්මැරීන වේ.





    රුසියාව-සබ්මැරීන 63

    CKi2NSj.jpg

    සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව එරට සතුව සබ්මැරීන හමුදාව නඩත්තු කිරීමට මුදල් වෙන් කිරීම පහසු නොවීය.එම නිසා ඔවුන් සතු සබ්මැරීනවලින් කොටසක් අතහැර දමන්නට සිදුවිය.නමුත් විලැඩ්මීර් පුටීන් බලයට පැමිණිපසු තත්ත්වය වෙනස් විය.ඔහු යටතේ රුසියාව යුද ශක්තිය නැවත අත්කරගැනීමේ නිරතව තිබේ.ඔවුන් සතුව න්‍යෂ්ඨික සබ්මැරීන 30 තිබේ.අනතුරු නිසා වැඩිම න්‍යෂ්ඨික සබ්මැරීන ප්‍රමාණයක් අහිමි කරගත්තේද රුසියාවයි.මේ නිසා ඔවුන් න්‍යෂ්ඨික සබ්මැරීන සම්බන්ධව පමණක් විශ්වාසය තබා නැත.විශේෂයෙන් නොගැඹුරු මුහුදේ ,වෙරළාශ්‍රිතව මෙහෙයුම් සිදුකිරීමට වඩාත් සුදුසු වන්නේ ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීනයි.න්‍යෂ්ඨික සබ්මැරීන බහුලව භාවිතා කරන්නේ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සඳහාය.රුසියාව සතුව ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන 20 තිබේ.ඒවා Kilo පන්තියේ සබ්මැරීන වේ.තම පැරණි සබ්මැරීන අධි තාක්ෂණික සබ්මැරීනවලින් ප්‍රතිස්ථාපනය කිරීමට රුසියාව මේවන විට ක්‍රියා කරමින් සිටියි.ඔවුන් එක්සත් ජනපදයට පවා අභියෝගකල හැකි ස්ටෙල්ත් වර්ගයේ න්‍යෂ්ඨික සබ්මැරීනවලට පවා හිමිකම් කියන බව වාර්තා වේ.





    චීනය-සබ්මැරීන 69

    rtdfHNO.jpg

    පසුගිය වසර 30 කාලය තුල චීන හමුදාව තම ශක්තිය ප්‍රසාරණය කිරීමේ සහ නවීකරණය කිරීමේ ක්‍රියාවලියක නිරත වී සිටියි.චීන නාවික හමුදාව සතුව න්‍යෂ්ඨික සබ්මැරීන සුළු ප්‍රමාණයක් සහ ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන 50ක් තිබේ.මේවා තම මුහුදු ප්‍රදේශය ආරක්ෂා කිරීමට සහ මෙහෙයුම් සිදුකිරීමට යොදාගැනේ.චීන බැලස්ටික් මිසයිල සබ්මැරීන තවමත් ඇමෙරිකා සහ රුසියානු මොඩලවලට සමාන හැකියාවන්ගෙන් යුක්ත නොව බවයි පැවසෙන්නේ.





    ඇමෙරිකා එක්සත් ජනපදය-සබ්මැරීන 72

    j60VzxH.jpg

    USS Holland හෙවත් පළමු ඇමෙරිකානු සබ්මැරීනය 1900දී දියත් කල දා පටන් එක්සත් ජනපදය ඔවුන්ගේ සබ්මැරීන ඇණිය ලොව ප්‍රමුඛස්ථානයේ තබාගැනීමට විශාල වියදමක් දරයි.1945 පසු ඔවුන්ගේ සබ්මැරීනවල ප්‍රබලතම සතුරා වූයේ සෝවියට් දේශයයි.මේවන විට ඇමෙරිකානුවන් සතුව Los Angeles පන්තියේ සබ්මැරීන 40ක් තිබේ.මේවා 1970-1990 කාලයේ නිපදවා තිබෙන අතර වර්තමාන වටිනාකම ඇ.ඩො.බිලියනයකි.අඩි 900ක් යට කිමිදීමට හැකි මේවා සතුව ටෝර්පිඩෝ නල 4ක් තිබේ.කෙසේවෙතත් මේවන විට ඇමෙරිකාව ඔවුන් සතු සීතල යුද සමයේ සබ්මැරීන නවතම සහ දියුණු ඇ.ඩො.බිලියන 2.7ක් වටිනා Virginia පන්තියේ සබ්මැරීනවලින් ප්‍රතිස්ථාපනය කිරීම අරඹා තිබේ.

    W3W65FF.jpg


    ඔහියෝ පන්තියේ සබ්මැරීනවලට කෲස් මිසයිල දියත් කල හැකිය.ඒවා හි නාවික හමුදා සීල් කණ්ඩායම් ගෙන යා හැකි කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක් සම්බන්ධ කර තිබේ.





    උතුරු කොරියාව-සබ්මැරීන 78

    MixF5J7.jpg

    කොරියානු යුද්ධයේ පටන් ලොව විශාලතම සබ්මැරීන හමුදාව නඩත්තු කරන්නේ උතුරු කොරියාව බව කිවහොත් ඔබ පුදුමවනු ඇත.මෙම ලැයිස්තුවේ සුපිරි බලවතුන් පවා අභිබවා යන සබ්මැරීන ප්‍රමාණයක් ඔවුන් සතු බව කියවේ.නමුත් මේ සියල්ල ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීන වේ.දකුණු කොරියාවේ වේගප්‍රහාරක යාත්‍රාවක් වූ Cheonan, 2010 වසරේදී ගිල්වා දැමුවේ උතුරු කොරියානු සබ්මැරීනයක් එල්ල කල ටොර්පිඩෝ ප්‍රහාරයකි බවට චෝදනා එල්ලවිය.කුඩා ප්‍රමාණයේ උතුරු කොරියා සබ්මැරීන නොගැඹුරු මුහුදේ මෙහෙයුම් සඳහා යොදා ගැනේ.ඒවා යුද සමයක බෝම්බ ඇතිරීමට,ඔත්තු බැලීමට සහ විශේෂ බලකා සෙබලුන් ප්‍රවාහනය කිරීම ආදියට යොදාගත හැකිය.

    YlLBLgA.jpg


    කිම් ජොන් උන් මාළු බාන්නවත් යන්නවද?




    Source:Therichest.com

    -HarshaLulzSec-
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,608
    9,380
    113
    මාරම වැදගත්
    මට රෙප් පවර් එක හම්බු වෙලා
    ඔන්න ඔයාට තමයි මම මුලින්ම රෙප් එකක් දුන්නේ:love:
    +
     
    Last edited:
    • Like
    Reactions: HarshaLulzSec

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මාරම වැදගත්
    මට රෙප් පවර් එක හම්බු වෙලා
    ඔන්න ඔයාට තමයි මම මුලින්ම රෙප් එකක් දුන්නේ:love:
    +
    Thanks :)

    ammata siri
    :D

    උතුරු කොරියාව-සබ්මැරීන 78
    සංඛ්‍යාවට වඩා මේ කාලේදී වැදගත් තාක්ෂණය නේද

    Thanks :)

    TFS
    Good Post
    Thanks :)

    Thanks :)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    උතුරු කොරියාව සබ්මැරීන 78 :shocked::shocked:

    ශ්‍රිලන්කාව සබ්මැරීන 0 :(:(