ආර්ථික විද්වතුන්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථික විද්වතුන්

    ආර්ථික විද්‍යාව හදාරන හදාරන්න ඉන්න කැමති අයට මේ නොට් එක වැදගත් වෙයි
    ,ඔයාලට විෂය සම්බන්දව තියෙන ගැටළු දැම්මොත් මේ ගෘප් එකට හෝ මේ නුලට පිළිතුරු ලබා දෙන්න පුළුවන්
    2016 විබාගේ ලියන නංගිලා මල්ලිලට විශේෂ ප්‍රශ්න පත්‍ර පන්ති බ්‍රස්පතින්දා උදැසන පැවැත් වෙනවා
    කොලබ අවට ඉන්නවා නම් ,උනන්දුවක් තිබේනම්
    ගෘප් එකට හෝ නම්බෙර් එකට කතා කරන්න
    බහුවරණ ප්‍රශ්න 2500 ක්
    ගැටළු කාරී විෂය කොටස්
    ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම
    කාල කළමනාකරණය වගේ දේවල් ගැන විශේෂ අවදානයක් යොමු කරනවා ,
    ඔබට ජය


    ආර්ථික විද්‍යා සමුහය

    https://www.facebook.com/groups/519742638198682/


    ව්‍යාපාර අධ්‍යන සමූහය

    https://www.facebook.com/groups/1709781952612748/

    me wisthra gaththe methnin
    http://arthikavidya1.blogspot.com/2011/04/blog-post_6727.html

    මේ විද්වතුන් ගැන තව විස්තර ඉස්සරහට ලියන්නම්
    ඔබ කැමතිනම්


    ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභීන්
    නොබෙල් ත්‍යාගය ලෝකයේ ඉතා විශිෂ්ඨ ගණ[FONT=&quot]යේ ත්‍යාගයක්[/FONT] පමණක් නොව එවැනි ත්‍යාගයක් ලැබීම ‍ගෞරවයක්ද වේ. විවිධ විෂය ක්ෂේත්‍රයන්හි විශිෂ්ඨ දක්ෂතාවන් වෙනුවෙන් වෙන්වුණු නොබෙල් ත්‍යාගය පළමු වරට ආර්ථික විද්‍යා විෂය වෙනුවෙන් ප්‍රදානය වුයේ 1969 වර්ෂයේ සිටය.

    [FONT=&quot]1969[/FONT][FONT=&quot][FONT=&quot]
    [/FONT]ජාන් ටින්බර්ජන්(1903-1994)නෙදර්ලන්ත ජාතිකයෙකි. රැන්ගර් ෆිෂ්(1895-1903)ස්වීඩන් ජාතිකයෙකි.
    [/FONT]
    [FONT=&quot]1970[/FONT]
    [FONT=&quot]පොල් ඒ සැමුවෙල්සන්. ඇමරිකන් ජාතිකයෙකි.[/FONT]
    [FONT=&quot]1971[/FONT]
    [FONT=&quot]සයිමන් කුස්නෙට් (1901-1985)[/FONT]
    [FONT=&quot]1972[/FONT]
    [FONT=&quot]කෙනත් ජේ. ඇරෝ සහ සර් ජෝන් ආර්.හික්ස්. 1921 දී උපත ලද ඇරෝ ඇමරිකන් ජාතිකයෙකි. 1904 දී උපත ලද සර් ජොන් හික්ස් බ්‍රිතාන්‍ය වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1973[/FONT]
    [FONT=&quot]වාසිලි ලියොන්ටිෆ්. 1906 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1974[/FONT]
    [FONT=&quot]ප්‍රෙඩ්රිච් ඔගස්ට් වොන් හයික් සහ ගුනාර් මිර්ඩාල්.මොවුන් දෙදෙනා පිළිවෙලින් බ්‍රිතාන්‍ය සහ ස්වීඩන් ජාතිකයන් වේ.[/FONT]
    [FONT=&quot]1975[/FONT]
    [FONT=&quot]ලියොනිඩ් විටලියෙවිච් කන්ටොරොවිච්. මොහු රුසියන් ජාතිකයෙකි. ජල්ලින් සී. කුප්මන්ස්. මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1976[/FONT]
    [FONT=&quot]මිල්ටන් ෆ්‍රිඩ්මාන්. ඇමරිකන් ජාතිකයෙකි.[/FONT]
    [FONT=&quot]1977[/FONT]
    [FONT=&quot]ජේම්ස් ඊ. මීඩ් සහ බර්ටිල් ඔහ්ලීන්(1899-1979). [/FONT]
    [FONT=&quot]1978[/FONT]
    [FONT=&quot]හර්බට් ඒ.සයිමන්. 1916දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1979[/FONT]
    [FONT=&quot]සර් ආතර් ලෙවිස් (1915-1991) සහ තියෙඩෝර් ඩබ්.ෂුල්ට්ස් [/FONT]
    [FONT=&quot]1980[/FONT]
    [FONT=&quot]ලෝව්ර්න් ආර්.ක්ලෙසිං. ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1981[/FONT]
    [FONT=&quot]ජේම්ස් ටෝබින්. 1918 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1982[/FONT]
    [FONT=&quot]ජෝර්ජ් ජේ.ස්ටිග්ලර් (1911-1991) ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1983[/FONT]
    [FONT=&quot]ජෙරාඩ් ඩෙබ්රෙව්. 1921 ප්‍රංශයේ උපත ලද මොහුඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1984[/FONT]
    [FONT=&quot]සර් රිචඩ් ස්ටෝන් (1913-1991) බ්‍රිතාන්‍ය වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1985[/FONT]
    [FONT=&quot]ප්‍රැන්කෝ මොඩිග්ලියානි. 1918 දී ඉතාලියේ උපත ලදි.[/FONT]
    [FONT=&quot]1986[/FONT]
    [FONT=&quot]ජේම්ස් එම් බුවනන්.1919 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1987[/FONT]
    [FONT=&quot]රොබට් එම්.සොලෝ. 1924 දී උපත ලද මොහු ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1988[/FONT]
    [FONT=&quot]මොරිස් අලායිස්. 1911 දී උපත ලද මොහු ප්‍රංශ වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1989[/FONT]
    [FONT=&quot]ට්‍රජීව් හාවෙල්මෝ. මොහු නොර්වේ රටේ වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1990[/FONT]
    [FONT=&quot]විලියම් එෆ්.ෆාර්ස් ,හැරි එම් මාර්කොවිට්ස් සහ මර්ටොන් එම්.මිලර්. මේ තිදෙනාම ඇමරිකන් වැසියන්ය. [/FONT]
    [FONT=&quot]1991[/FONT]
    [FONT=&quot]රොනල්ඩ්ස් එච්.කෝඒස්. 1910දී මහා බ්‍රිතාන්‍යයේ උපත ලද මොහු එක්සත් ජනපද වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1992[/FONT]
    [FONT=&quot]ග්‍රේ.එස්.බෙකර්.මොහු එක්සත් ජනපද වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1993[/FONT]
    [FONT=&quot]ඩග්ලස් සී. නෝර්ත් සහ රොබට් ඩබ්.ෆෝංගල්[/FONT]
    [FONT=&quot]1994[/FONT]
    [FONT=&quot]රෙනේ සෙල්ටන්, ජෝන් එම් නැෂ්, සහ ජෝන් සී හාර්සන්යි[/FONT]
    [FONT=&quot]1995[/FONT]
    [FONT=&quot]‍රොබට් ලුක්ස්.ඇමරිකන් වැසියෙකි.[/FONT]
    [FONT=&quot]1996[/FONT]
    [FONT=&quot]විලියම් වික්‍රේ සහ ජේම්ස් ඒ.මිර්ලිස්[/FONT]
    [FONT=&quot]1997[/FONT]
    [FONT=&quot]මයිරොන් එස් ස්කොලෙස් සහ රොබට් සී මර්ටන්[/FONT]
    [FONT=&quot]1998[/FONT]
    [FONT=&quot]අමාත්‍ය කුමාර් සෙන්[/FONT]
    [FONT=&quot]1999[/FONT]
    [FONT=&quot]රොබට් ඒ මුන්ඩෙල්. කැනේඩියානු ජාතිකයෙකු වන මොහු 1932 දී උපත ලැබීය.[/FONT]
    [FONT=&quot]2000[/FONT]
    [FONT=&quot]ජේම්ස් ඒ.හෙක්මන්, ඩැනියෙල් එල් මැක්නෝඩ්. ඇමරිකානු ජාතිකයන්ය. [/FONT]



    ඇඩම් ස්මිත්


    adam.jpg



    ü[FONT=&quot]ආර්ථික විද්‍යා‍වේ පියා වශ‍යෙන් නම් කරන ඇඩම් ස්ම්ත් ස්කොට්ලන්ත ජාතිකයෙකි.[/FONT]
    ü[FONT=&quot]වයස අවුරුදු පහලොවේදී ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයේ සදාචාරාත්මක දර්ශනය හැදෑරු මොහු 1751 දී එම විශ්ව විද්‍යාලයේම තර්ක ශාස්ත්‍රය පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත්විය. [/FONT]
    ü[FONT=&quot]මොහු පළකළ ඡාතීන්ගේ ධනය නැමැති කෘතිය ආර්ථික විද්‍යාවේ ප්‍රථම විධිමත් ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම කෘතියත් සමඟ ආර්ථික විද්‍යාව තනි විෂයක් ලෙස ආරම්භ විය.[/FONT]
    ü[FONT=&quot]ඡාතීන්ගේ ධනයෙන් වි‍ශේෂයෙන්ම අවධාරනය කරන ලද්දේ ඡාතීන්ගේ ධනය වර්ධනය කර ගන්නා ආකාරයයි.[/FONT]
    ü[FONT=&quot]රාඡ්‍ය නිර්බාදවාදී ආර්ථික ප්‍රතිපත්තිය,අදෘෂ්‍යමාන හස්තය,ශ්‍රම විභඡනය,නිරපේක්ෂ වාසිය,ඇඩම් ස්මිත් ඉදිරිපත් කරන ලද ආර්ථික සංකල්ප වේ.[/FONT]
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඩේවිඩ් රිකාඩෝ


    david.jpg


    ü
    [FONT=&quot]බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන රිකාඩෝ වයස අවුරුදු විස්සේදී කොටස් තැරැවිකරුවකු වශයෙන් ජීවිතය ආරමිභ කර ඇත. ඔහු ආර්ථික විද්‍යාව අධ්‍යයනය කීරිම ආරම්භ කර ඇත්තේ විශ්‍රාම යාමට ආසන්න කාලයේය. [/FONT]
    ü[FONT=&quot]සාපේක්ෂ වාසි න්‍යාය රිකාඩෝ විසින් ඉදිරිපත් කරන ලද්දකි. එමගින් විදේශ වෙ‍ළෙදාමට සම්බන්ධ වන සෑම ආර්ථිකයකටම වාසි ලබා ගත හැකි ආකාරය විග්‍රහ කර ඇත.[/FONT]
    ü[FONT=&quot]කෘෂි නොවන නිෂ්පාදන වලින් ආර්ථිකයට එතරම් ප්‍රයෝජනයක් ඇති නොවන බව ඔහුගේ අදහසයි.ආර්ථික ප්‍රගතියේදී වැඩි වාසි ඉඩම් හිමියන්ට ලබෙන බව ප්‍රකාශ කර ඇත.ඊට හේතුව වැඩිවන ජනගහනයට ආහාර සම්පාදනයට නිශ්චිත භුමි ප්‍රමාණයක් පමණක් ඇති බැවිනි.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කාල් මාක්ස්

    kal.jpg

    ü[FONT=&quot] [/FONT][FONT=&quot]මාක්ස් ජර්මන් ජාතික‍යෙකි.මාක්ස් විෂය ක්ෂේත්‍ර ගණනාවකටම නායකත්වය ලබා දුන් චින්තකයෙකි.ඔහු දේශපාලන දර්ශනවාදියෙකි.විප්ලවවාද්යෙකි.විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ධනවාදී දේශපාලන දර්ශනය තරයේම විවේචනය කළ මාක්ස් ඊට විකල්ප වශයෙන් සමාජවාදී සැළසුම් ක්‍රමය ඉදිරිපත් කළේය.එහිදී ඔහු පෞද්ගලික දේපොළ හිමිකම විවේචනය කළ අතර පොදු දේපළ ක්‍රමයේ වැදගත්කම පෙන්වීය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ඔහු ලියු ග්‍රන්ථ අතර ඩස් කැපිටල් ඉතා වැදගත් වන අතර ඔහුගේ මත හා දර්ශනය අද පවා ලෝකය තුල විශාල ලෙස අධ්‍යනය කිරීමක් දැක ගත හැකිය.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජෝන් මේනාඩ් කේන්ස්

    john.bmp

    ü [FONT=&quot]මොහු උපත ලැබුවේ [/FONT][FONT=&quot]1883 කාල් මාක්ස්මියගියවර්ෂයේදීය.[/FONT][FONT=&quot]කෙන්ස්ගේ පියා ද ආර්ථික විද්‍යාඥයෙකි.මහු ජෝන් නෙවිල් කේන්ස් නම් වේ.කේන්ස් අධ්‍යාපනය ලැබුවේ ස්ටින් කොලිජියෙන් හා කේම්බ්‍රිජ් සරසවියෙනි.මොහු පිගු යන ආර්ථික විද්‍යාඥයින් යටතේ ආර්ථික විද්‍යාව හැදෑරීය.[/FONT]
    ü [FONT=&quot]නුතන සාර්ව ආර්ථික විද්‍යාවේ පියා වශයෙන් විරුදාවලිය ලත් කේන්ස් හිඟ[/FONT][FONT=&quot] අයවැයකරණය ආර්ථික වෘද්ධියට හේතු වන බව කේන්ස් ඉගැන්වීය.ආර්ථික උත්පාත,අවපාත ඇති වීමට හේතු,ඒවා පාලනය කර ගන්නා ආකාරය පිළිබඳ න්‍යායන් ඉදිරිපත් කිරීම සම්බන්ධ ගෞරවය මොහුට හිමි වේ.[/FONT]
    ü [FONT=&quot]1944 දී බ්‍රේටින් වුඩ්ස් සාකච්ඡාවට බ්‍රිතාන්‍ය නියෝජනය කරමින් සහභාගී වු කෙන්ස් ලෝක බැංකුව,ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇති කිරීමට අදාළ වැදගත් යෝජනා ඉදිරිපත් කිරීම කරනු ලැබීය.[/FONT]
    ü [FONT=&quot]1936 දී කේන්ස් ඉදිරිපත් කළ සේවා නියුක්තිය පොළිය හා මුදල් පිළිබද පොදු න්‍යාය නැමැති කෘතිය 20 වෙනි සියවසේ ඉදිරිපත් කළ න්‍යායික කෘතිය ලෙස සැළකේ.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඇල්ෆ්ර්ඩ් මාෂල්

    alfred.jpg






    ü [FONT=&quot]නුතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකන මාෂල් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.ඔහුගේ පියා එංගලන්ත බැංකුවේ කැෂියර් වරයෙකි.පියාගේ දැඩි නිතී රීති යටතේ කටයුතු කළ මාෂල්,හැකි සෑම විටකම වැඩක යෙදවිමට පියා වග බලා ගත්තේය.[/FONT][FONT=&quot][/FONT]
    ü [FONT=&quot]ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද උපාධියක් හැදෑරු මාෂල් පසු කාලයකදී ක්‍රේම්බිජ් සරසවියේ “ආචාර විද්‍යාව” පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ලදි.මේ යුගයේදී ආර්ථික විද්‍යාව හැදෑරීම ඇරඹු ඔහු 1855 දී ක්‍රේම්බ්‍රිජ සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් විය.[/FONT][FONT=&quot][/FONT]
    ü [FONT=&quot]උපයෝගීතාවය,ඉල්ලුම් න්‍යාය සහ වක්‍රය,නම්‍යතාවය,පාරිභෝගික අතිරික්තය මාෂල් ආර්ථික විද්‍යාවට දායාද කළ සංකල්පයන්ය.[/FONT][FONT=&quot][/FONT]
    ü [FONT=&quot]නුතන ආර්ථික විද්‍යාවේ පියා ලෙස සලකන මාෂල් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.ඔහුගේ පියා එංගලන්ත බැංකුවේ කැෂියර් වරයෙකි.පියාගේ දැඩි නිතී රීති යටතේ කටයුතු කළ මාෂල්,හැකි සෑම විටකම වැඩක යෙදවිමට පියා වග බලා ගත්තේය.[/FONT][FONT=&quot][/FONT]
    ü [FONT=&quot]ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයේ ගණිතය පිළිබද උපාධියක් හැදෑරු මාෂල් පසු කාලයකදී ක්‍රේම්බිජ් සරසවියේ “ආචාර විද්‍යාව” පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන ලදි.මේ යුගයේදී ආර්ථික විද්‍යාව හැදෑරීම ඇරඹු ඔහු 1855 දී ක්‍රේම්බ්‍රිජ සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් විය.[/FONT][FONT=&quot][/FONT]
    ü [FONT=&quot]උපයෝගීතාවය,ඉල්ලුම් න්‍යාය සහ වක්‍රය,නම්‍යතාවය,පාරිභෝගික අතිරික්තය මාෂල් ආර්ථික විද්‍යාවට දායාද කළ සංකල්පයන්ය.[/FONT][FONT=&quot][/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තෝමස් රොබට් මැල්තස්

    robert.jpg

    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ක්‍රේම්බ්‍රිජ් හි ශාන්ත ජෝන් විද්‍යාතනයේ ගණිතය හා දර්ශනය හැදෑරූ මැල්තස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.[/FONT][FONT=&quot][/FONT]ü[FONT=&quot] [/FONT][FONT=&quot]1805 දී නැගෙනහිර ඉන්දියානු සමාගමේ සෝල්බරි විද්‍යායතනයේ ඉතිහාසය හා දේශපාලන ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා ලෙස පත් විය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ආර්ථික විද්‍යා සාහිතය මොහු ප්‍රසිද්ධ වුයේ ජනගහන න්‍යාය තුළිනි. එම න්‍යායට අනුව ජනගහණය ගුණෝත්තර ශ්‍රේණියක් ලෙස වර්ධනය වන අතර , ආහාර සම්පාදනය වර්ධනය වන්නේ සමාන්තර ශ්‍රේණියක් ලෙසය. එබැවින් ජනතාවගේ ජීවන තත්ත්වය ආරක්ෂා කර ගැනීමට ජනගහන වර්ධනය සීමා කළ යුතුය.[/FONT]

     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සයිමන් කුස්නෙට්



    saiman+1.jpg

    ü[FONT=&quot]
    [/FONT][FONT=&quot]සංඛ්‍යාත්මකව ආර්ථික හැඩගැස්ම දෙස අවධානය යොමු කළ මොහු “දළ ජාතික නිෂ්පාදිතයේ” පියා ලෙස විරුදාවලිය ලබා ඇත. [/FONT][FONT=&quot][/FONT]

    ü[FONT=&quot] [/FONT][FONT=&quot]වසර විසිපහක් තිස්සේ දළ ජාතික නිෂ්පාදිතය සහ ජාතික ආදායම් පිළිබඳව අධ්‍යනය කළ කුස්නෙට් ජාතික ආදායම් ගිණුම් භාවිතය පිළිබඳව ආර්ථික විද්‍යාව නව මඟකට යොමු කෙරිණි.මෙම ඉදිරිපත් කිරීම්වල ප්‍රතිඵලය ලෙස ඔහුට නොබෙල් ත්‍යාගය පවා හිමි විය.[/FONT]
    [FONT=&quot][/FONT]ü[FONT=&quot] [/FONT][FONT=&quot]චාම් ගති පැවතුම් ඇති කුස්නෙට් සාමකාමී පුද්ගලයෙකි. හාවඩ් සරසවියේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය පදවිය හෙබවීය.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    පෝල් ඒ සැමුවෙල්සන්

    pol.bmp


    [FONT=&quot] [/FONT] ü[FONT=&quot] [/FONT][FONT=&quot]ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලැබු ප්‍රථම ඇමෙරිකානුවා සැමුවෙල්සන්ය. ආර්ථික විද්‍යා න්‍යාය පිළිබඳ විද්‍යාත්මක අර්ථ දැක්වීම් වෙනුවෙන් නොබෙල් ත්‍යාගය මොහුට හිමි විය.[/FONT][FONT=&quot][/FONT] ü[FONT=&quot] [/FONT][FONT=&quot]සැමුවෙල්සන් විසින් රචිත ආර්ථික විද්‍යාවේ පදනම නැමති කෘතිය ඉතා වැදගත් වන අතර එය නොබෙල් ත්‍යාගය ලැබීමට මූලිකම හේතුව වී ඇත. මෙම කෘතියේ බොහෝ කොටස් හාවඩ් විශ්ව විද්‍යාලයේ සිසුවකු වශයෙන් සිටියදීම නිමකර තිබීමෙන් මොහුගේ දක්ෂතාවය මනාවට පිළිබිඹු වේ.[/FONT]
    [FONT=&quot] ü[FONT=&quot] [/FONT][FONT=&quot]සුප්‍රකට පුවත් සතිය නම් සඟරාවේ තීරු ලපි ලේඛකයෙකු ලෙසද මොහු කටයුතු කර ඇත.[/FONT][/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අර්වින් පිෂර්

    irving+fisher.jpg


    ü[FONT=&quot] [/FONT][FONT=&quot]සුප්‍රකට මුදල් ප්‍රමාණවාදයේ නිර්මාණකරුවා වන මොහු යෙල් සරසවියේ දේශපාලන ආර්ථික විද්‍යාව පිළබඳ මහාචාර්යවරයා ලෙස කටයුතු කළේය.[/FONT][FONT=&quot][/FONT]ü[FONT=&quot] [/FONT][FONT=&quot]යෙල් සරසවියෙන් ගණිතය පිළිබඳ උපාධියක්ද අනතුරුව සමාජ විද්‍යාව හා ගණිතය පිළිබඳ පශ්චාත් උපාධියක්ද දිනා ගත්තේය. ඔහුගේ පර්යේෂණ නිබන්ධනයේ “මිල හා වටිනාකම පිළිබඳ න්‍යාය” ගණිතමය වශෙයන් ඉදිරිපත් කෙරිණි. එම නිබන්ධනය කර අවසන් කිරීමට පෙර ඔහුට එම සරසවියේම පත් විමක් ලැබුණි. ඔහුගේ මුළු ශාස්ත්‍රීය ජීවිතයම යෙල් සරසවිය තුළ ගවී ගියේය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]මුදල් සැපයුම ආර්ථික විචල්‍යයන්ට බලපාන ආකාරය ඉදිරිපත් කළ පිෂර්, මුදල් සැපයුම පාලනය කිරීම මඟින් මිල ස්ථාවරත්වය ලබා ගත හැකි ආකාරය පෙන්වා දුනි.[/FONT]
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    kal.jpg

    ü[FONT=&quot] [/FONT][FONT=&quot]මාක්ස් ජර්මන් ජාතික‍යෙකි.මාක්ස් විෂය ක්ෂේත්‍ර ගණනාවකටම නායකත්වය ලබා දුන් චින්තකයෙකි.ඔහු දේශපාලන දර්ශනවාදියෙකි.විප්ලවවාද්යෙකි.විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ධනවාදී දේශපාලන දර්ශනය තරයේම විවේචනය කළ මාක්ස් ඊට විකල්ප වශයෙන් සමාජවාදී සැළසුම් ක්‍රමය ඉදිරිපත් කළේය.එහිදී ඔහු පෞද්ගලික දේපොළ හිමිකම විවේචනය කළ අතර පොදු දේපළ ක්‍රමයේ වැදගත්කම පෙන්වීය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ඔහු ලියු ග්‍රන්ථ අතර ඩස් කැපිටල් ඉතා වැදගත් වන අතර ඔහුගේ මත හා දර්ශනය අද පවා ලෝකය තුල විශාල ලෙස අධ්‍යනය කිරීමක් දැක ගත හැකිය.[/FONT]

    11.gif


    Screen-Shot-2015-05-26-at-10.24.58-AM.png.png
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    වැසිලි ලියොන්ටිෆ්

    wasili.jpg


    [FONT=&quot] [/FONT][FONT=&quot]ලියොන්ටිෆ් රුසියාවේ ලෙනින් ග්‍රෑඩ් සරසවියෙන් ගණිතය සහ දර්ශණය පිළිබඳ උපාධිධරයෙකි. පසු කාලයේදී සමාජ විද්‍යාව හැදෑරු ඔහු අනතුරුව ආර්ථික විද්‍යාවට නැඹුරු විය.[/FONT][FONT=&quot][/FONT]ü[FONT=&quot] [/FONT][FONT=&quot]රුසියාවෙන් ඇමරිකාවට පදිංචියට ආ මොහු “යෙදවුම් නිමවුම් න්‍යාය” ලොවට හඳුන්වා දීමේ පුරෝගාමියාද වේ.මධ්‍ය සැළසුම් ආර්ථිකවල පවා මෙය ප්‍රසිද්ධයට පත් විය. ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගිකත්වය පිළිබඳ වි‍ශේෂ සැළකිල්ලක් දැක්වු අයකු ලෙසද මොහු හඳුනාගත හැකිය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ලිබරල්වාදී දේශපාලන චින්තනයක් අනුගමනය කළ මොහු එය සිසුන් අතරට ගෙන යාමේ වරදට දඬුවම්ද ලැබීය.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය දිනු පස්වැන්නා ලෙස මොහු ඉතිහාස ගත වී ඇත.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජෝන් ස්ටුවට් මිල්

    mil.bmp


    ü[FONT=&quot] [/FONT][FONT=&quot]ආර්ථික විද්‍යාඥයෙකු වු ජේම්ස් මිල්ගේ පුතකු ලෙස ජෝන් ස්ටුවට් මිල් බිහි විය. වයස අවුරුදු තුනේදී ග්‍රීක් භාෂාවද, අවුරුදු අටේ දී භාෂාවද ප්‍රගුන කළේය. අවුරුදු දහතුන වන විටදී ලෝකයේ සියළුම දාර්ශනිකයින්ගේ පොත්පත් කියවා අවසන් කළ මොහු ගණිතය, සිතියම් විද්‍යාව, තර්ක ශාස්ත්‍රය පිළබඳ මනා දැනුමක් ලබා තිබුණි.[/FONT][FONT=&quot][/FONT]
    ü[FONT=&quot] [/FONT][FONT=&quot]මිල් විසින් රචිත දේශපාලන ආර්ථිකයේ මුලධර්ම , ඉතා වැඳගත් ආර්ථික සිද්ධාන්ත ඇතුළත් ග්‍රන්ථයක් ලෙස සැළකේ. එහි නිපදවීම, බෙදාහැරීම පිළිබඳව වැඳගත් කරුණු ඇතුළත් වී ඇත.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මිල්ටන් ෆ්‍රිඩ්මාන්

    milton.jpg


    ü[FONT=&quot]ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ඇමෙරිකානු ආර්ථීක විද්‍යාඥයෙකු ලෙස ෆ්‍රීඩ්මාන් හඳුනාගත හැක. [/FONT]
    ü[FONT=&quot]මොහු ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “මූල්‍ය ආර්ථික විද්‍යාඥයකු” ලෙසය. නව්‍ය රටා හා ප්‍රායෝගික ලෝකයට වඩා එකඟ වන පරිදි මොහු මූල්‍ය ආර්ථික විද්‍යා න්‍යාය දියුණු කිරීමට කටයුතු කර ඇත. [/FONT]
    ü[FONT=&quot]ඇමරිකාවේ ජනාධිපති උපදේශකයෙකු හා කොන්ග්‍රසයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇත.[/FONT]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අමාත්‍ය කුමාර් සෙන්

    2Q==
    2Q==
    amartya_sen_18.jpg


    ü[FONT=&quot]ඉන්දියාවේ බටහිර බෙංගාලයේ උපත ලද මොහු 1998 වසරේ ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාග ලාභියාය.[/FONT]
    ü[FONT=&quot]අමාත්‍ය කුමාර් සෙන් අධ්‍යාපනය ලැබුවේ ආසියාවේ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියා වු රවින්ද්‍රනාත් තාගෝර්ගේ ශාන්ති නිකේතනයේය. මොහුට නම තබන ලද්දේ රවිනද්‍රනාත් තාගෝර්තුමා විසින්මය. නොබෙල් ත්‍යාග ලාභියෙකු නම තැබු අයෙකු නොබෙල් ත්‍යාග ලාභියෙකු වු ප්‍රථම අවස්ථාව වශයෙන් මෙය ඉතිහාස ගත වී ඇත.[/FONT]
    ü[FONT=&quot]සෙන් ආසියාවේ ආර්ථික විද්‍යාව පිළිබඳ ප්‍රථම නොබෙල් ත්‍යාග ලාභියාය.[/FONT]
    ü[FONT=&quot]මොහු සඳහා නොබෙල් ත්‍යාගය දීමට තීරණය කර ඇත්තේඹහු සංවර්ධන ආර්ථික විද්‍යාවට කළ මෙහෙය සඳහාය. ඔහු පවසන ආකාරයට සාගතයට හේතුව ආහාර හිඟය නොව ආහාර සාධාරණව බෙදී නොයාමයි.[/FONT]
    ü[FONT=&quot]ආර්ථික විද්‍යාව සම්බන්ධ නොබෙල් ත්‍යාග වැඩි වශයෙන්ම හිමිකර ගෙන තිබෙනුයේ ගණිතමය ඉදිරිපත් කිරීම් වෙනුවෙනි.නමුත් සෙන් සඳහා මෙම ත්‍යගය ලැබී තිබෙනුයේදරිද්‍රතාවය පිළිබඳ ඔහු කළ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.[/FONT]
    ü[FONT=&quot]දරිද්‍රතාවය විග්‍රහ කිරීම සඳහා ඔහු ඉදිරිපත් කළ දර්ශකය “සෙන් දර්ශකය” ලෙස අද ප්‍රචලිතය. [/FONT]
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.silumina.lk/punkalasa/20080316/_art.asp?fn=ar0803169

    කාල් මාක්ස් ‘ලොකු රැවුල්කාරයෙක්’ පමණක් ද?

    ar0803169-4.jpg


    ශී‍්‍රලංකාවේ ඇතැම් දේශපාලන පක්ෂ ‘ලොකු රැවුල්කාරයන්’ ගේ පින්තූර ඔසවාගෙන පෙළපාළි යතැ යි ඇතැම්හු කලෙක සරදම් බස් කියූහ. මේ ‘ලොකු රැවුල්කාරයන්’ නම් කාල් මාක්ස් හා පෙඩ්රික් එංගල්ස් දෙදෙනා ය. ලෙනින්ට එතරම් දිගු රැවුළක් තිබුණේ නැත. මාක්ස්ට මුහුණ පුරා වැඩී ගිය ඝන රැවුළක් තිබිණ. උසින් අඩි හයකටත් වඩා වැඩි වූ එංගල්ස්ට තිබුණේ අණ්ඩාකාරව වැවුණු පළල් යටි රැවුළකි.

    මාක්ස් ගේ ඡායාරූපවලට අනුව ඔහු අතිශයින් රළු, සිනාවක සේයාවක් වත් නැති කර්කෂ මිනිසෙකැ යි බොහෝ අය සිතති. එහෙත් මාක්ස් ගේ දියණියන් වූ එලෝනර් කියා සිටින්නේ මාක්ස් නිතර සිනාවෙන් කල් ගත කළ, ලොව බිහි වූ අතිශය පී‍්‍රතිමත් මිනිසුන් ගෙන් එක් අයකු වූ බව ය. මාක්ස් ගේ හිස විශාල ය. හිසකේ ඝන ව වැඩී ඇත. නළල පළල් ය.

    ආනුභාසම්පන්න පුද්ගලයකු ගේ මෙන් රැළිවලින් යුක්ත යැයි ප‍්‍රන්සිස්කා කුගෙල්මාන් කීවා ය. මාක්ස් ගේ බාහිර පෞරුෂය ගැන ලියූ විල්හෙල්ම් ලීබ්ක්නෙහ්ට් කියා ඇත්තේ ඔහුට සිංහලයකු ගේ හිසක් සහ සිංහයකු ගේ කේසර වැනි කළු පැහැති කෙස් වැටියක් තිබූ බව ය. කාල් මාක්ස් ගේ ප‍්‍රධාන චරිත ලක්ෂණය අසීමිත පී‍්‍රතිමත් බව සහ අනුකම්පාවෙන් පිරී හැඟීම බව එලෝනර් වැඩිදුරටත් කියා සිටින්නී ය.

    “අවතාරයක් යුරෝපයේ හොල්මන් කරයි. එය කොමියුනිස්ට්වාදයේ අවතාරය ය. පාප් වහන්සේ සහ සාර් රජු ද, ප‍්‍රංශයේ රැඩිකල්වරු සහ ජර්මන් පොලිස් ඔත්තුකරුවෝ ද යන මේ පැරැණි යුරෝපයේ සියලු බලවේග ද මේ අවතාරය පලවා හැරීම පිණිස ශුද්ධ ගිවිසුමකට එළැඹ සිටිති.

    ” සුප‍්‍රකට කොමියුනිස්ට් ප‍්‍රකාශනය මෙසේ කියන්නේ කොමියුනිස්ට්වාදය ගැන ය. 19 වැනි සියවසේ දී යුරෝපය භයානක විප්ලවවාදියකු ලෙස කාල් මාක්ස්ට ද බිය ගත්තේ ය. මාක්ස් ප‍්‍රංශයෙන්, බෙල්ජියමෙන්, ජර්මනියෙන් පන්නා දමනු ලැබිණ. එසේ වුව ද කාල් මාක්ස් යනු 19 වැනි සියවසේ තමන් බිහිකළ මහා ප‍්‍රාඥයා බව යුරෝපයට පවා පසු ව පිළිගැනීමට සිදු විය.

    විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘ කාල් මාක්ස් හා ඔහු ගේ මාක්ස්වාදි න්‍යාය අද දවසේ වලංගු නො වේ යැයි ද, මාක්ස්වාදය තවදුරටත් විද්‍යාවක් නො වේ යැයි ද හඬ නැඟෙතත් ලොව පුරා බුද්ධි ජීවීන් තවමත් මාක්ස්වාදය අත්හැර නැති බව පෙනේ.

    මොරින් කොන්ෆෝත් නම් විචාරකයා ධනඥද නඩඪතධඵධනඩර චදඤ ඵධජඪඥබර නමැති කෘතියේ දී මෙසේ කියයි. “මා මාක්ස්වාදියකු වනුයේ මාක්ස්වාදය තාර්කික වශයෙන්වත් විද්‍යාත්මක වශයෙන්වත් නිෂ්ප‍්‍රභ කිරීමට සමත් තර්කයක් මට සොයා ගත නො හැකි හෙයිනි. මාක්ස්වාදයට එරෙහි ව ගොඩ නඟා ඇති බොහෝ තර්ක, තාර්කික හෝ විද්‍යාත්මක නොවන බව මගේ හැඟීම යි.”

    ශී‍්‍ර ලංකාවේ ද පළමු පන්තියේ විද්වතුන් අතර අදටත් මාක්ස්වාදියෝ වෙති. විද්‍යාව හා සමාජවාදය - මාක්ස්වාදයට කාලෝචිත ප‍්‍රවේශයක්’ යනුවෙන් මෑත දී අගනා කෘතියක් ලියූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මෙසේ කියයි.

    “ධනවාදයට වඩා සමාජවාදය බහුජන හිතවාදි ද බහුජන සුබවාදී ද බව එදා මෙන් ම පසුතැවිල්ලකින් තොරව මම තරයේ අදහමි. මගේ ඒ ඇදහීම, විද්‍යාත්මක ආකල්පයකින් යුතුව සමාජයීය – දේශපාලනික ප‍්‍රශ්න දෙස බැලීමට හුරුපුරුදුව සිටීමේ ප‍්‍රතිඵලයයි.”

    මාක්ස්, එංගල්ස් සමඟ

    ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට ගණයේ මාක්ස්වාදි විචාරකයකු වන මහාචාර්ය සුචරිත ගම්ලත් විසින් ‘ප‍්‍රතිගාමී පශ්චාත් නූතනවාදය ‘මැයෙන් මෑත දී අනර්ඝ කෘතියක් පළ කරන ලදී. එය පශ්චාත් නූතනවාදය පිළිබඳ මාක්ස්වාදි විග‍්‍රහයකි.

    එමඟින් පෙන්වා දෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධිජීවීන් අතර මාක්ස්වාදය දරා සිටි තැන පශ්චාත් නූතනවාදය උදුරාගත් ආකාරය යි. එසේ ම ප‍්‍රගතිශීලි මාක්ස්වාදයට එරෙහි ව පශ්චාත් නූතනවාදයේ ප‍්‍රතිගාමීත්වය යි. මහාචාර්ය ගම්ලත් මෙසේ ද කියයි.

    “මාක්ස්වාදයෙ හි පිහිටා සිටීම යනු අනාගතය ගැන සංකල්පයක් දැරීමත් වත්මන හා අනාගතය අතර සබඳතාවක් ඇතැ යි ඒත්තු ගැනීමත් සාමූහික කි‍්‍රයාකාරීත්වය වඩා හොඳ සමාජයක් පහළ කිරීමට හේතු වේ යැයි ඇදහීමත් වේ. මාක්ස්වාදය යනු විප්ලවවාදි කි‍්‍රයාවට මඟ පෙන්වන න්‍යාය යි. ඒ න්‍යාය මහජනතාව ග‍්‍රහණයට ගත් කල්හි අතිප‍්‍රබල නාශක හා නිර්මාපක ආයුධයක් වන්නේ ය. එය ධනවාදය නසා සමාජවාදය නිර්මාණය කිරීමට පදනම දමයි.”

    පෙඩ්රික් එංගල්ස් කියා ඇති පරිදි ඩාවින් ඓන්ද්‍රීය ලෝකයේ රීතීන් හෙළිකළාක් මෙන්, මාක්ස් විසින් මිනිස් ඉතිහාසයේ සංවර්ධනය පිළිබඳ රීතීන් හෙළිකරන ලදී. සමකාලීන ධනවාදි නිෂ්පාදනයේ කි‍්‍රයාදාමයන් පිළිබඳ විශේෂ රීතීන් සහ එය විසින් ජනිත කරන ලද ධනපති සමාජය පිළිබඳ රීතීන් ද මාක්ස් සොයා ගත්තේ ය. මාක්ස් හෙළිදරව් කළ වැදගත් ම න්‍යාය නම් අතිරික්ත වටිනාකම් පිළිබඳ න්‍යාය යි.

    තරුණවියේ සිට සුවිශේෂ බුද්ධිබලයක් විශද කළ මාක්ස්ට අවශ්‍ය වූයේ ස්වීය ලෝක දෘෂ්ටියක් සම්පාදනය කර ගැනීමට යි. විශ්වවිද්‍යාල සමයේ දී ද හේ යෝධ බුද්ධියකින් ද, විරල බහුශ‍්‍රැතතාවකින් ද, නොසිඳෙන නිමාණාත්මක ජවයකින් ද යුක්ත වූ බව ඔහු ගේ සමකාලීනයෝ පවසති.

    තරුණ මාක්ස් ගේ හද මනස ආකර්ෂණය කර ගත් චින්තකයා වූයේ ජර්මන් සදාතනික දර්ශනවාදයේ ශ්‍රේෂ්ඨතම නියෝජිතයා වූ හේගල් ය. ලෝකයේ සියලු ප‍්‍රපංච සහ සිද්ධීන් දෙස විග‍්‍රහාත්මක ලෙස බැලූ හෙගල්, ප‍්‍රගතිශීලි දාර්ශනිකයෙක් විය. හෙගල් ගේ විඥානවාදි දර්ශනය අතික‍්‍රමණය කළ මාක්ස්, හේගල් ගේ ද රුසෝ, සහ වෝල්ටෙයර් ගේ ද සම්මිශ‍්‍රණයක් ලෙස ඇතැම්හු හඳුන්වති.

    මාක්ස්ට සිය සටන ආරම්භ කිරීමට සිදුවූයේ පත්තරකාරයකු වශයෙනි. පුවත්පත ජනතාව ගේ ආධ්‍යාත්මි කැටපත විය යුතු බවත්, එය ඔවුන් ගේ අවශ්‍යතාව සහ අභිප‍්‍රායයන් ප‍්‍රකාශ කළ යුතු බවත් ඔහු කියා සිටියේ ය.

    මාක්ස් පුවත්පතක සේවය කිරීම කිසිකලෙකත් වෘත්තියක් වශයෙන් සැලැකුවේ නැත. “ජීවත් වීමට සහ ලිවීමට හැකියාවක් ලබාගැනීම සඳහා සත්තකින් ම ලේඛකයා වැටුපක් ලද යුතු ය. එහෙත් ඔහු කිසිලෙසකින්වත් වැටුප් ලබාගැනීම සඳහා ජීවත් වීම හෝ ලිවීම නොකළ යුතු” යැයි කියා සිටියේ ය.

    විවිධ රටවලින් පිටුවහල් කිරීමෙන් පසු ව මාක්ස්ට ජීවත් වීමට සිදුවූයේ එංගලන්තයේ ය. චින්තකයකු ලෙස ඔහු ගේ පරිපූර්ණ වර්ධනය සිදුවූයේ එහි දී බව පෙනේ. එංගල්ස් කියා ඇත්තේ බොහෝ දුක් කරදර මධ්‍යයේ මාක්ස් මකුළුවකු මෙන් ධෛර්යවත් ව වැඩ කිරීමට සමත් වූ බව ය.

    කාල් මාක්ස් ගේ බුද්ධිය ගමන් ඇරැඹීමට සූදානම් ව වරායක නැවතී සිටි යුද නැවකට සමාන වූ බවත්, ඕනෑ ම බුද්ධි විෂයක කේෂේත‍්‍රයක් ආක‍්‍රමණය කිරීමට සූදානමින් සිටි බවත් පෝල් ලපාර්ග් කියා ඇත. බොහෝ සෙයින් වෙහෙසී වැඩ කළ මාක්ස් ධෛර්යවත් ගවේෂකයෙක් විය.

    බොහෝ දුක් කරදර නිසා දහවල් කාලයේ සිය අධ්‍යයන කාර්යයන් කර ගැනීමට නොහැකි වූ විට ඔහු නොනිදා වැඩ කෙළේ ය. ඔහු බොහෝ විට සිය කෘතීන් කෙළේ කුලී නිවසේ දරුවන් ගේ කෑ ගැසීම් හා කරදර මැද බව ඔහු ගේ බිරිය ජෙනී වොන් වෙස්ට්පාලන් කියයි. ඔවුන් අවසන් සමයේ ජීවත් වූ ලන්ඩන් නුවර මෙට්ලන්ඩ් පාක් රෝඩ්හි නිවසේ ඔහුට අපූරු අධ්‍යයන කාමරයක් තිබිණ. ඒ කාමරය ගැන පෝල් ලපාර්ග් කරන මනරම් විස්තරයක් මෙසේ ය.

    “එය පිහිටියේ දෙවැනි මාලයේ ය. එහි වූ විශාල කවුළුවෙන් කාමරයට හිරු රැස් ඇතුළු විය. කවුළුවෙන් එපිට උද්‍යානය ය. දෙපස බිත්තියේ හිම උඳුන් විය. කවුළුව අසල විශාල පොත් රාක්ක කීපයකි. ඒවා පොත්වලින් පිරී තිබිණ.

    පුවත් පත් අත්පිටපත් ආදියෙන් ඒවායේ උඩ තට්ටු පිරී තිබිණ. හිම උඳුන අසල වූ මේස දෙකක් මත කඩදාසි පොත් හා පුවත්පත් රාශියකි. කාමරය මැද එළිමහන් තැනක විශාල මේසයකි. ලී පුටුවකි.

    පුටුව හා පොත් රාක්කය අතර සම් කවරයකින් වසන ලද කවිච්චියකි. විවේක ගැනීම සඳහා ඔහු මේ කවිච්චිය මත නිතර වැතිර ගත්තේ ය. හිම උඳුන මත ද පොත් ගොඩකි... පොත් ගොඩ සකස් කිරීමට හෝ පැහැදිලි ලෙස ම අවුල්කිරීමට ඔහු කිසිවකුට ඉඩ නො දුන්නේ ය.”

    මාක්ස් ගේ ආධ්‍යාත්මක ආහාරය පොත පත වුවත් ඔහු පොතපතින් වැඩ ගත්තේ වහලුන් ගෙන් මෙනි. ඒ නිසා ම අරපරෙස්සම නොතකා පොත්වල කොල නවමින්, ඉරි ගසමින්, සටහන් ලියමින්, ඒවා ප‍්‍රයෝජනයට ගත්තේ ය.

    මේ ගැඹුරු අධ්‍යයන කාර්යය නිසා මාක්ස්ට පුදුම එළවන සුලු ධාරණ ශක්තියක් ඇති විය. එසේ ම හේ සිය ලේඛන කටයුතුවල දී පහසුවෙන් විඩාවට පත් වන්නෙක් ද නො වී ය. විඩා නිවීම සඳහා කෙළේ කවිච්චිය මත වැතිරී නවකතා කියැවීම යි. මාක්ස් ගේ පුරුද්ද වූයේ වරකට එක නවකතාවක් කියැවීම නො ව, නවකතා කීපයක් එකවර කියැවීම යි. ඇලෙක්සැන්ඩර් ඩූමා, බල්සාක්, සර්වන්ටේස්, වොල්ටර් ස්කොට් ආදින් ගේ නවකතා ද මාක්ස් ප‍්‍රිය කෙළේ ය.

    මාක්ස් ගේ ප‍්‍රධාන කෘතීන් ගණනාවකි. එංගල්ස් හා එක් ව ලියූ ‘කොමියුනිස්ට් ප‍්‍රකාශනය’ ඉන් ප‍්‍රමුඛස්ථානයක් ගනී. එය කොමියුනිස්ට් වාදයේ අත් පොත යි. එය කොමියුනිස්ට් වාදයේ සංයුක්ත කොටස් තුන වන දර්ශනවාදය, දේශපාලන ආර්ථික විද්‍යාව, සහ විද්‍යාත්මක සමාජවාදය පිළිබඳ මූලික විග‍්‍රහයකි.

    ‘කොමියුනිස්ට් ප‍්‍රකාශනය’ බලසම්පන්න විප්ලවවාදි රාගයකින් පිරී ඇති බවත්, එය ජනතා අධිෂ්ඨාන ශක්තිය පුබුදුවා විප්ලවවාදි වික‍්‍රමයන් සඳහා ජනතාවට අඬ ගසන බවත් මාක්ස් ගේ චරිත කතාව ලියූ යෙව්ගෙනියා ස්තෙපානොවා කියයි. මාක්ස් ගේ දිගුකාලීන ආර්ථික පර්යේෂණය අන්තර්ගත වන්නේ ‘දාස් කැපිටාල්’ කෘතියෙහි ය. සමාජවාදී ඉතිහාසයේ සුවිශේෂී ම කෘතිය වන ‘දාස් කැපිටාල්’ සඳහා මාක්ස් යෝධ පරිශ‍්‍රමයකින් වැඩ කෙළේ ය.

    එහි දී තමා අශ්වයකු මෙන් ජවසම්පන්න ලෙස කි‍්‍රයා කළ බවත්, ලිවීම සහ අධ්‍යයන කටයුතු කෙළේ වැඩමුර ක‍්‍රමයක් අනුව බවත් මාක්ස් කියා ඇත. ඔහු මේ මහා කෘතිය ලීවේ බි‍්‍රතාන්‍යය කෞතුකාගාර පුස්තකාලයේ දී ය. දිනපතා උදෑසන නවයට එහි ගිය හේ රාතී‍්‍ර හත වෙනතුරු සිය අධ්‍යයන කටයුතු කෙළේ ය. පොත පත කියවමින්, සටහන් ලියා ගනිමින්, කොපි පොත් ගණනාවක සිය කෘතියේ කටුසටහන් ලියමින් මාක්ස් උපරිම විද්‍යාත්මක භාවයකින් වැඩ කෙළේ ය.

    දාස් කැපිටාල් පන්ති සතුරා ගේ කඳවුරට එල්ල කළ මාරක වෙඩිල්ලක් මෙන් ම නිර්ධන පන්ති විප්ලවයේ බලසම්පන්න අවිය බව සමාජවාදීහු බිඳීය නො හැකි විද්‍යාත්මක න්‍යායක් බවට පත් කෙළේ ය. ඒ පිළිබඳ ලෙනින් කියා ඇත්තේ මෙතරම් හෘදයාංගම, මෙතරම් උණුසුම් රාගාන්විත තර්ක විතර්ක වෙනත් කිසිදු විද්‍යාත්මක කෘතියක සොයා ගැනීමට පහසු නොවන බව යි. එය සමාජවාදයේ ‘බයිබලය’ යි.

    මාක්ස්ගේ බිරිය ජෙනි වොන් වෙස්ට්පාලන් නිසා නො වේ නම් ඔහු මෙතරම් ශ්‍රේෂ්ඨ පුද්ගලයකු නොවනු ඇතැ යි ඔවුන් ගේ දියණියන් එලෝනර් පවසයි. මේ දෙදෙන ගේ ජීවිත විස්මයජනක ලෙස එකට වෙළී තිබූ බව ඔවුන් ගේ සමකාලීන සගයෝ ද පවසති. මාක්ස් ගේ බිරිය ඔහුට වඩා වැඩිමහලු තැනැත්තියකි. ඔවුන් විවාහ වන විට මාක්ස්ට වයස දාහතක් වූ අතර, ජෙනිට වයස විසි එකක් විය. ඒ නිසා ම ඇය සිය සැමියා හැඳීන්වූයේ තමන් ගේ ‘ලොකු ළමයා’ වශයෙනි.

    ඇය දරුවකු මෙන් මාක්ස් බලා හදා ගත්තා පමණක් නො ව, ඔහු හා එක් ව පිටුවහලට, දුගී දුකට, හා සතුරු ප‍්‍රහාරවලට මුහුණ දුන්නා ය. ජෙනී මාක්ස් ලියා ඇති ‘චංචල ජීවිතයක් පිළිබඳ ලුහුඬු සටහන්’ නමැති ලිපියේ දී සිය දරු පවුල විඳි දුක් ගැහැට අනාවරණය කර ඇත්තේ අතිශය කම්පනීය ආකාරයෙනි. සිටු පවුලකට අයත් වූ ජෙනී සිය සැමියා ගේ විප්ලවවාදි දේශපාලනය නිසා උරුම කර ගත්තේ දුක් ගැහැට පිරුණු ජීවිතයකි.

    සැහැල්ලුව, නිස්කාංසුව මෙන්ම විවේකය ද ඇයට නොලැබිණ. එහෙත් ඇය මේ අසහාය මිනිසා ගේ විශිෂ්ට කාර්යාවලිය දැන හැඳින, ඊට එක් සිතින් සහාය දුන්නා ය. රට රටවලින් පිටුවහල් කිරීම නිසා ඔවුන්ට සිදු වූයේ දේශපාලනික සංක‍්‍රමණිකයන් බවට පත්වීමට යි.

    එහි දී ඔවුන් ගේ ආර්ථිකය කඩා වැටිණ. ඉන්න හිටින්න තැනක් නොතිබිණ. තැන් තැන්වල සරණාගතයන් මෙන් ඇවිදින්ට සිදු විය. පෝෂ්‍යදායි ආහාරපාන, ඇඳුම් පැලැඳුම් නොලැබිණ. දුක්බර පිටුවහල් ජීවිතය නිසා ම දරුවෝ විවිධ රෝගෝපද්‍රවවලින් මිය ගියහ. සිය ආදරණීය දරු පැටවුන් මැරෙන සැටි බලා සිටීමට සිදු වූ සැටි ජෙනි වොන් මෙසේ හෙළිදරව් කර තිබේ.

    ”මගේ කුඩා එඩ්ගර් මා දෙස බලා තම සිඟිති මුවින් මඳ සිනා පෑවේ ය. පොක්සිස් තම කුඩා අත මා වෙත දිගු කෙළේ ය. එහෙත් ඔහු ගේ සුරතල් වැඩි කලක් බැලීමට තරම් මට වාසනාව නො තිබිණ. නොවැම්බර් මාසයේ දී නිව්මෝනියා රෝගය අසාධ්‍යය වී වලිප්පුව සෑදුණෙන් ඔහු මිය ගියේ ය. මගේ දුක ඉමහත් විය. අපෙන් සදහට ම වෙන් වූ පළමුවැනි දරුවා ඔහු විය..... 1852 පාස්කු සමයේ දී අපේ සිඟිති ප‍්‍රන්සිස්කා බ්‍රොන්කයිටිස් රෝගයට ගොදුරු වී ඔත්පල වූවා ය.

    ඈ දවස් තුනක් තිස්සේ මරණය සමඟ සටන් කළ අතර, ඉමහත් ලෙස දුක් වින්දා ය. ඇගේ කුඩා මෘත දේහය පිටුපස කාමරයේ තබන ලදී. අපි හැම දෙන ම ඉදිරි පස කාමරයට පැමිණියෙමු. ø බෝ වූ විට අපි පස් දෙනා ම බිම වැතිර නිදා ගතිමු. ජීවත් ව සිටි දරුවෝ තිදෙන ද අප සමඟ වූහ. යාබද කාමරයේ තබා ඇති දෙව්දුව ගේ කුඩා සුදුමැලි ශීතල මෘත දේහය නිසා අපි හැඬුවෙමු.

    කුඩා ප‍්‍රන්සිස්කා ගේ මරණය සිදු වූයේ අප අගහිඟකම්වල පතුලට ම වැටී සිටි කාලයේ දී ය. කුඩා ප‍්‍රන්සිස්කා මෙලොව එළිය දුටු විට ඇයට තොටිල්ලක් වත් නො තිබිණ. ඈ මිය ගිය පසු ඇගේ මළ සිරුර බහාලන පෙට්ටියක් ගැනීම පවා බොහෝ දුෂ්කර කාර්යයක් විය. ඇගේ අවසන් ගමනේ දි ඈ කැටුව ගිය අපේ හැඟීම් කුමක් වී ද”

    මේ බරපතළ දුක්ඛ දෝමනස්සයන්හිදී ඔවුනට පිහිට වූ මිතුරා වූයේ ෆෙඩ්රික් එංගල්ස් ය. එංගල්ස් ගේ පරිත්‍යාග නිසා නොවන්නට මාක්ස් සහ ඔහු ගේ පවුල විනාශ වී යන්නට ඉඩ තිබිණි. මාක්ස් හා එංගල්ස් ගේ මිත‍්‍රත්වය මහා බුද්ධිමතුන් දෙදෙනකු ගේ සන්ධානයකි.

    ඔවුන් දෙදෙන ගේ ප‍්‍රයත්නය ඒකාබද්ධ ප‍්‍රයත්නයකි. ඉතිහාසයේ පිටුවල ඔවුන් ගේ නම් සදහට ම එකට බැඳී පවතී. මාක්ස් මතක් නොකොට එංගල්ස් මතක් කිරීමත් එංගල්ස් මතක් නොකොට මාක්ස් මතක් කිරීමත් කළ නො හැකි බවත් ඔවුන් දෙදෙන ගේ ජීවිත එකක් ම මෙන් වූ බවත් සමකාලීන සගයෝ පවසති. එය පුරාවෘත්තයකට සම කළ ලෙනින්, මේ දෙදෙන ගේ මිත‍්‍රත්වය මිනිසා ගේ මිත‍්‍රත්වයේ උපරිම අවස්ථාවක් බව පෙන්වා දෙයි.

    මාක්ස් හා එංගල්ස් ගේ සාමූහික විද්‍යාත්මක ගවේෂණ මෙන් ම ඔවුන් ගේ මුදල් හදල් ද සාමූහික විය. ධනවත් කම්හල් හිමියකු ගේ පුතකු වූ එංගල්ස් සිය මිත‍්‍රත්වයෙන් මෙන් ම මුදලින් ද දිළිඳු මාක්ස් පෝෂණය කෙළේ ය. පවුලේ සාමාජිකයකු මෙන් එංගල්ස්ට සැලැකූ මාක්ස් ගේ දූ දරුවෝ, ඔහු සිය දෙවැනි පියා ලෙස හැඳින්වූහ. එහෙයින් ඔවුන් අතර තිබූ බැඳීම අසාමාන්‍ය ද අසිරිමත් ද වූයේ ය.

    මාක්ස් ජීවත් වූයේ වසර හැට හයක් පමණි. අගහිඟකම් නිසා ඔහු ගේ ජීවිතය කෙටි විය. විප්ලවවාදින් ගේ ගුරුවරයා ද, විද්‍යාත්මක සමාජවාදයේ නිර්මාතෘවරයා ද වූ මේ ශ්‍රේෂ්ඨ මිනිසා 1883 මාර්තු 14 වැනිදා සිය හාන්සි පුටුවේ ඇල වී සිටිය දී ශාන්ත ලෙස මරණයට පත් විය. “මිනිස් සංහතිය එක හිසකින් පහත් විය. අපේ කාලයේ පැවැති ඉතා ම වැදගත් හිස එය විය...” යනුවෙන් මාක්ස් ගේ මරණය ගැන එංගල්ස් ලීවේ ය.

    ‘වෘත්තියක් තෝරා ගැනීම පිළිබඳ තරුණයකු ගේ ප‍්‍රත්‍යවේක්ෂණයක්’ මැයෙන් සිය යොවුන් වියේ දි මාක්ස් ලියූ දෑ ඔහු සම්බන්ධයෙන් කෙතරම් අදාළ දැයි බලනු මැනවි. “තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප‍්‍රකට ශාස්ත‍්‍රඥයකු, මහා ප‍්‍රාඥයකු හෝ කැපී පෙනෙන කවියකු විය හැකි ය. එහෙත් එපමණකින් ම හෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නො වේ.

    අප තෝරා ගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩි ම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. එවිට අප අත් විඳින සතුට පටු ආත්මාර්ථකාමී එකක් නො ව, ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් එකක් වනු ඇත. නිශ්ශබ්ද ව වුව ද අප කරන කාර්යයන් ඉතිහාසය පුරා පවතිනු ඇත. අප ගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන් ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.”

    සමුද්‍ර වෙත්තසිංහ