රුසියානු කළු කුහර
ඇමෙරිකානු හමුදාවට පවා අනාවරණය කර ගත නොහැකි අතිශය නිශ්ශබ්දව ගමන් කල හැකි සබ්මැරීන රුසියාව විසින් නිපදවන බව ඔබ දන්නේද?මේවා “black hole” - කළු කුහර යන නමින් හඳුන්වන අතර ඒවාට අනාවරණය වීමකින් තොරව අවශ්‍ය ඕනෑම වේලාවක එක්සත් ජනපද වෙරළාශ්‍රිත ප්‍රදේශවලට ඇතුල්වීමට හැකිය.න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන දිගු දුර මිසයිල වලින් සන්නද්ධ රුසියානු සබ්මැරීනයක් අනාවරණය වීමකින් තොරව 2012 වසරේදී සති කිහිපයක් මෙක්සිකෝ බොක්ක ප්‍රදේශයේ සැරසරා තිබේ.වාර්තා වන පරිදි රුසියානු ප්‍රහාර සබ්මැරීනයක් 2009 වසරේදීද මෙලෙසම ඇමෙරිකානු වෙරළාශ්‍රිතව සැරිසරා තිබේ.මේවන විට රුසියාව සතුව දියුණු ස්ටෙල්ත් තාක්ෂණයක් සහිත නවතම සබ්මැරීන පන්තියක් තිබේ.මේවා දිය යට ගිලී ගියපසුව තම සතු තාක්ෂණයෙන් ඒවා හි පිහිටුම සොයාගැනීම හෝ ලුහුබැඳීම අසීරු බව ඇමෙරිකානුවන් දනියි.එහි අරුථ නම් රුසියානුවන්ට ඇමෙරිකානු වෙළරට පැමිණි න්‍යෂ්ඨික අවි වලින් පහරදීමේ හැකියාව පවා තිබේ.මෙම බරපතල තර්ජනයට ප්‍රති උත්තර ලෙස දියුණු තාක්ෂණයක් සහිත ලුහුබැඳීමේ සහ අනාවරණය කර ගැනීමේ පද්ධතියක් නිර්මාණය කරනවා වෙනුවට ඔබාමා පරිපාලනය විසින් කරන්නේ එක්සත් ජනපදය සතු උපාය මාර්ගික න්‍යෂ්ඨික අවි ගලවා ඉවත් කිරීම යැයි ඇමෙරිකානුවන් චෝදනා කරයි.
රුසියාව 2013 වසරේදී ස්ටෙල්ත් තාක්ෂණය සහිත Novorossiysk සබ්මැරීනය දියත් කලේය.එය ඩීසල්-ඉලෙක්ට්‍රික් සබ්මැරීනයක් වන අතර තවත් සබ්මැරීන 5ක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර තිබේ.Novorossiysk සබ්මැරීනය Project 636 හෙවත් Varshavyanka පන්තියට අයත් වේ.මේවා රුසියාවේ කළු මුහුද ආශ්‍රිත නාවික බලඇණියට ලබාදීමට තීරණය කර තිබේ.මෙම සබ්මැරීනවල තිබෙන විශේෂත්වය ඒවා ජලයේ සම්පුර්ණයෙන් ගිලී ගියපසු තාක්ෂණිකව අනාවරණය කරගැනීම ඉතා අසීරු වීමයි.මේවා ගමන් කරද්දී නිකුත් වන ශබ්දය වෙනත් සබ්මැරීනවලට වඩා ඉතා අඩුය.ඒ නිසාම නේටෝ සංවිධානය විසින් මෙම රුසියානු සබ්මැරීනය 'කළු කුහර' යන අනුවර්ත නාමයෙන් හඳුන්වයි.Novorossiysk සබ්මැරීනය නිර්මාණය කිරීම ඇරඹුවේ 2010 වසරේ අගෝස්තු මාසයේ ශාන්ත පීර්ටස්බර්ග් හි නෞකා නිෂ්පාදනාගරයකදීය.එම පන්තියේ Rostov-on-Don සබ්මැරීනය 2011 නොවැම්බර්ද Stary Oskol සබ්මැරීනය 2012 අගෝස්තුවලද නිෂ්පාදන කටයුතු අරඹා තිබිණි.
Varshavyanka-class සබ්මැරීන නිර්මාණය කිරීමේ ප්‍රමුඛ අරමුණ නොගැඹුරු මුහුදේ නෞකා නාශක,සබ්මැරීන නාශක මෙහෙයුම් සිදුකිරීමයි.එහි ටෝර්පිඩෝ 18ක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල 8ක්ද ගෙන යා හැකිය.සහ එම පන්තියේ අනෙක් සබ්මැරීනවලට පැයට කි.මී.37ක වේගයෙන් ගමන් කල හැකිය.ඒවා ගොඩබිම,ගුවන සහ දියයට ඉලක්කවලට පහරදීමට යෙදවිය හැකිය.
Borei පන්තියේ Vladimir Monomakh සබ්මැරීනය රුසියාව සතු දියුණුතම න්‍යෂ්ඨික සබ්මැරීනයකි(හතරවන පරම්පරාවේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් බව කියවේ).එය සතුව ඊළඟ පරම්පරාවේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් තිබේ.ඊට අඩි 1200 වඩා ජලය යටට ගමන් කල හැකිය.තවද න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල 20 දක්වා ගෙන යාමේ හැකියාව තිබේ.මෙම පන්තිය යටතේ Yury Dolgoruky, Alexander Nevsky, Vladimir Monomakh ,Knyaz Vladimir යන සබ්මැරීන නිපදවේ(මෙහි දැක්වෙන පළමු සබ්මැරීන තුන දැනටමත් සේවයේ යොදවා තිබේ).නමුත් රුසියාවේ සැලස්ම Borei Class සබ්මැරීන 8ක් නිපදවීමයි.
රුසියාවේ අවධානය යොමුව තිබෙන්නේ නාවික බලය ප්‍රසාරණය කිරීමට පමණක් නොවේ.දැනට ලොව හොඳම බෝම්බ හෙළන යානා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සතුවයි.රුසියාවද මෑතක සිට උපායමාර්ගික බෝම්බ හෙළන යානයක් නිපදවීමේ යෙදී සිටියි.PAK-DA නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතියේ අර්ථ 'අනාගත දිගුදුර ගුවන්යානය ' යන්නයි.මෙය නිර්මාණය කිරීම භාරව සිටින්නේ Tupolev design bureau සමාගමයි.මෙම යානය රුසියාව සතු Tu-95MS යානා 63 ත් Tu-160 යානා 13ත් වෙනුවෙන් ඉදිරි දශකය තුල ආදේශ වනු ඇති.නවතම බෝම්බ හෙළන යානය දියුණු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති සහ න්‍යෂ්ඨික බලය සහිත දිගු දුර කෲස් මිසයිල වලින් සන්නද්ධ වනු ඇති.
මේවන විට රුසියාව තමන්ගේ න්‍යෂ්ඨික අවි නවීකරණය කිරීම සීඝ්‍රයෙන් කරගෙන යයි.2013 වසරේදී ඔවුන් න්‍යෂ්ඨික මිසයිල 4ක් දියත් කල බව ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තා කරයි.දෙකක් ගොඩබිම මූලික අන්තර්මහද්වීපික මිසයිල වන අතර අනෙක්වා සබ්මැරීනවලින් දියත් කරන බැලස්ටික් මිසයිල වේ.නේටොවට අනුව රුසියාව විසින් නේටෝ කේත නාම SS-18, SS-25, SS-N-18, SS-N-23 හඳුන්වන මිසයිල අත්හදා බලා තිබේ.
* රුසියාව වෙනත් කිසිම රටකට වඩා බොර තෙල් නිපදවයි.එක්සත් ජනපදය සිටින්නේ තෙවන ස්ථානයේය.
*බොර තෙල් අපනයනය අතින් රුසියාව දෙවන තැන දිනාගෙන තිබේ.එක්සත් ජනපදය අපනයනයට වඩා බොර තෙල් ආනයනයට මුල් තැන දී තිබෙන අතර ලොව විශාලතම බොර තෙල් පරිභෝජකයා ද වේ.
*ස්වභාවික වායු නිෂ්පාදනය අතින් රුසියාව සහ ඇමෙරිකාව ප්‍රථමස්ථානය වෙනුවෙන් කරට කර සටනක යෙදීසිටියි.
*යුරෝපයේ ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයෙන් 34%ක් සපයන්නේ රුසියාවයි.
*රුසියාවේ විරැකියා අනුපාතය 5.4%කි.එක්සත් ජනපදයේ 7.4%කි.
* විලැඩ්මීර් පුටීන් පළමුවරට ජනපති වූ කාලයේ පටන් රුසියානු ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වේ.
*පසුගිය දශකය කාලය තුල තම සංචිතවලට මෙ.ටොන් 570 රත්‍රන් එකතු කරන්නට රුසියාව සමත්ව තිබේ.
*ලොව වෙනත් කිසිම නගරයක නැතිතරම් බිලියනපතියන් ප්‍රමාණයක් රුසියාවේ මොස්කව් නගරයේ සිටියි.
සැබවින්ම සීතල යුද්ධය අවසන් වී තිබෙ නම් සීතල යුද සමයේ නොසිටි තරම් රුසියානු ඔත්තුකරුවන් වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුල සිටින්නේ ඇයි?1973-1980 කාලයේ දෙබිඩි ඒජන්තයෙක් ලෙස ක්‍රියාකල බොරිස් ක්‍රොසැක් අනුව රුසියානු ඔත්තුකරුවන් දහස්ගණනක් දැනට එක්සත් ජනපදය තුල සිටියි.2010 වසරේදී ඇනා චැම්ප්මන් ඇතුලු රුසියානු ඔත්තුකරුවන් 10 දෙනෙක් සිරභාරයට ගන්නා ලදි.ඇනා චැම්ප්මන් යනු රුසියානු ජාතික කාන්තාවක් වුවද ඔත්තු බැලීම සම්බන්ධව ඇය ආධුනිකයෙක් බව තතු දන්නන්ගේ මතය.ක්‍රොසැක්ට අනුව ඇනා චැම්ප්මන් නමින් සිටින්නේ Anya Kuschenko නම් ඔත්තුකාරියයි.
සීතල යුද සමයේදී සෝවියට් දේශය තුල ඔත්තු සේවා ඒජන්තයින් පුහුණු කරන පාසල් රැසක් තිබිණි.ධනවත් බලවත් ඇමෙරිකානු පිරිමින් ආකර්ෂණය කරගන්නා අයුරු රුසියානු සුරූපිනියන්ට උගන්වනු ලැබුවේ මේවාහිදීය.මෙම පාසල් පිහිටා තිබුණු බව කියවෙන්නේ සෝවියට් දේශයේ දකුණුදිග ප්‍රදේශවල කුඩා නගරය තුලයි.මේවා තුලදී රුසියානු ඔත්තුකරුවන්ට ඇමෙරිකානුවෙක් මෙන් හැසිරෙන අයුරු පුහුණු කරන ලදි.සුපර් මාර්කට් එකකින් සිල්ලර බඩු මිලට ගන්නා අයුරු,මැක්ඩොනල්ඩ් සාප්පුවකදී හැම්බර්ගර් කන අයුරු,ඇමෙරිකානු රූපවාහිනිය නරඹන අයුරු,ඇමෙරිකානු චිත්‍රපට ශාලාවකට යන අයුරු,උදෑසන ඇමෙරිකානු පුවත්පතක් ලබාගන්නා අයුරු සහ ඉංග්‍රිසි භාෂාවෙන්ම කතා කරන අයුරු ඔවුන්ට උගන්වන ලදි.එසේ පුහුණුව අවසන් කල අයෙක් ඇමෙරිකානු පන්නයට වඩාත් අනුගත වී තිබෙන බව පෙනේ නම් ඔහු/ඇය පින්ලන්තය හෝ නෙදර්ලන්තය වැනි රටකට යැවේ.එහිදී ඔවුන් සාර්ථකව ඇමෙරිකානුවෙක් ලෙස හැසිරෙන්නට සමත්වුව හොත් එක්සත් ජනපදය කරා යැවේ.
"රුසියානුවන් යනු ඉවසිලිවන්ත පිරිසකි.මගේ අත්දැකීම් අනුව රුසියානුවන් තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසර 15-20 වුවත් ඉවසා සිටිය හැකි පිරිසකි.රුසියානු බුද්ධි තොරතුරු ඒජන්සියක් වන SVR විසින් මෙම ඔත්තුකරුවන් එවා තිබෙන්නේ ඇමෙරිකානු තාක්ෂණය සහ හමුදා රහස් ලබාගැනීමටයි.සැබෑ ලෝකයේ ඔත්තුකරුවන් හොලිවුඩ් චිත්‍රපටවල එන ඔත්තුකරුවන් මෙන් විස්මයජනක පුද්ගලයන් නොවේ.රුසියානු ඔත්තුකරුවන්ගේ ප්‍රධාන අභිලාෂය ලෙස මා දකින්නේ තාක්ෂණය අත්පත් කරගැනීමයි.මන්ද ඔවුන්ගේ තාක්ෂණය තවමත් සීතල යුද්ධයේ පැවතියාට වඩා එතරම් දියුණුවක් නොලබා ඇති නිසාය.එක්සත් ජනපදය හැරුණු විට ඔවුන්ගේ අනෙක් වැදගත් ඉලක්ක වන්නේ බ්‍රිතාන්‍යය,ප්‍රංශය,පෝලන්තය සහ ඊශ්‍රායලයයි.පෝලන්තය ක්‍රමයෙන් බටහිරට නැඹුරු වීම රුසියාව නොසන්සුන් කිරීමට හේතුවී තිබේ.ඒ ඔස්සේ ඇමෙරිකානු ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතිය රුසියාවට තවත් ආසන්නයට පැමිණීම ඊට හේතුවයි." - බොරිස් ක්‍රොසැක්
1967 වන විට එක්සත් ජනපදය සතුව උපායමාර්ගික න්‍යෂ්ඨික අවි ශීර්ෂ 31,000ක් තිබිණි.ඉන්පසුව සෝවියට් දේශය සහ රුසියාව සමග අත්සන් කල අවි හරණ ගිවිසුම් ඔස්සේ 95%ක් දක්වා න්‍යෂ්ඨික අවි සීමා කෙරිණි.නවතම START ගිවිසුම ඔස්සේද ඔබාමා පාලන අධිකාරිය 2010 වසරේ පටන් රුසියා-ඇමෙරිකා උපායමාර්ගික න්‍යෂ්ඨික අවි එකතුව 1550 දක්වා පහත හෙළීමට තීරණය කර තිබේ.රුසියාව ,ඇමෙරිකාවේ න්‍යෂ්ඨික අවි රදවා තිබෙන ස්ථාන ගැන නිවැරදිව දන්නේ නම් ඔවුන්ගේ නවතම සබ්මැරීන යොදවා ඒවාට පහරදීමේ හැකියාව පවා තිබේ.කෙසේවෙතත් ඇමෙරිකා-රුසියා මුහුණට මුහුණ සංග්‍රාමයක් කිසිදාක සිදුනොවේවි.
Source:Thetruthwins.com
-HarshaLulzSec-

Novorossiysk සබ්මැරීනය දියත් කරන අවස්ථාව
Varshavyanka-class සබ්මැරීන නිර්මාණය කිරීමේ ප්‍රමුඛ අරමුණ නොගැඹුරු මුහුදේ නෞකා නාශක,සබ්මැරීන නාශක මෙහෙයුම් සිදුකිරීමයි.එහි ටෝර්පිඩෝ 18ක් සහ ගොඩබිම සිට ගුවනට එල්ල කල හැකි මිසයිල 8ක්ද ගෙන යා හැකිය.සහ එම පන්තියේ අනෙක් සබ්මැරීනවලට පැයට කි.මී.37ක වේගයෙන් ගමන් කල හැකිය.ඒවා ගොඩබිම,ගුවන සහ දියයට ඉලක්කවලට පහරදීමට යෙදවිය හැකිය.
කළු මුහුද
කළු මුහුදේ රුසියානු නාවික බලඇණියේ ශක්තිය
මෙම සබ්මැරීනවලට පුද්ගලයන් 52 සමග දින 45ක් මුරසංචාරයේ යෙදීමේ හැකියාව තිබේ.රුසියානු නාවික සීමා සහ කළු මුහුදේ වෙරළශ්‍රිත ප්‍රදේශවල ආරක්ෂාව වෙනුවෙන් මේවා යොදවනු ඇති.
Borei පන්තියේ සබ්මැරීනයක් - සැලැස්ම
Borei පන්තියේ Vladimir Monomakh සබ්මැරීනය රුසියාව සතු දියුණුතම න්‍යෂ්ඨික සබ්මැරීනයකි(හතරවන පරම්පරාවේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් බව කියවේ).එය සතුව ඊළඟ පරම්පරාවේ න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයක් තිබේ.ඊට අඩි 1200 වඩා ජලය යටට ගමන් කල හැකිය.තවද න්‍යෂ්ඨික අවි ශීර්ෂ සහිත අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල 20 දක්වා ගෙන යාමේ හැකියාව තිබේ.මෙම පන්තිය යටතේ Yury Dolgoruky, Alexander Nevsky, Vladimir Monomakh ,Knyaz Vladimir යන සබ්මැරීන නිපදවේ(මෙහි දැක්වෙන පළමු සබ්මැරීන තුන දැනටමත් සේවයේ යොදවා තිබේ).නමුත් රුසියාවේ සැලස්ම Borei Class සබ්මැරීන 8ක් නිපදවීමයි.
Borei පන්තියේ සබ්මැරීනයක්
රුසියාවේ අවධානය යොමුව තිබෙන්නේ නාවික බලය ප්‍රසාරණය කිරීමට පමණක් නොවේ.දැනට ලොව හොඳම බෝම්බ හෙළන යානා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සතුවයි.රුසියාවද මෑතක සිට උපායමාර්ගික බෝම්බ හෙළන යානයක් නිපදවීමේ යෙදී සිටියි.PAK-DA නමින් හඳුන්වන මෙම ව්‍යාපෘතියේ අර්ථ 'අනාගත දිගුදුර ගුවන්යානය ' යන්නයි.මෙය නිර්මාණය කිරීම භාරව සිටින්නේ Tupolev design bureau සමාගමයි.මෙම යානය රුසියාව සතු Tu-95MS යානා 63 ත් Tu-160 යානා 13ත් වෙනුවෙන් ඉදිරි දශකය තුල ආදේශ වනු ඇති.නවතම බෝම්බ හෙළන යානය දියුණු ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික පද්ධති සහ න්‍යෂ්ඨික බලය සහිත දිගු දුර කෲස් මිසයිල වලින් සන්නද්ධ වනු ඇති.
PAK-DA - රුසියාව සැලසුම් කල බෝම්බ හෙළන යානය
මේවන විට රුසියාව තමන්ගේ න්‍යෂ්ඨික අවි නවීකරණය කිරීම සීඝ්‍රයෙන් කරගෙන යයි.2013 වසරේදී ඔවුන් න්‍යෂ්ඨික මිසයිල 4ක් දියත් කල බව ඇමෙරිකානු බුද්ධි අංශ වාර්තා කරයි.දෙකක් ගොඩබිම මූලික අන්තර්මහද්වීපික මිසයිල වන අතර අනෙක්වා සබ්මැරීනවලින් දියත් කරන බැලස්ටික් මිසයිල වේ.නේටොවට අනුව රුසියාව විසින් නේටෝ කේත නාම SS-18, SS-25, SS-N-18, SS-N-23 හඳුන්වන මිසයිල අත්හදා බලා තිබේ.
SS-18 - ගොඩබිම මූලික දියත් කිරීම-දුර සැතපුම් 10,000කි-ගෙන යා හැකි අවි ශීර්ෂ 10ක් හෝ ඊට වැඩිවිය හැකිය-targetable reentry vehicles (MIRVs)
SS-25 - road-mobile missile,දුර සැතපුම් 6,200- 4 MIRVs
SS-N-18 - ගෙන යා හැකි අවි ශීර්ෂ 7කි-දුර සැතපුම් 5,000, Delta III මිසයිල සබ්මැරීනවලින් මුදා හරියි
SS-N-23 - දුර සැතපුම් 5,000-Delta IV මිසයිල සබ්මැරීනවලින් මුදා හරියි

SS-25 මිසයිලක්
රුසියාව මෙම මිසයිල අත්හදා බැලීම් ඔස්සේ 1987 INF(Intermediate-Range Nuclear Forces)ගිවිසුම සහ 2010 නව START(Strategic Arms Reduction Treaty) ගිවිසුම උල්ලංඝනය කල බවට චෝදනා එල්ල වුවද රුසියාව එම චෝදනා ප්‍රතික්ෂේප කලේය.
INF ගිවිසුම අත්සන් කිරීම-1987-ජනපති මිකාහිල් සහ රේගන්
නව START ගිවිසුම අත්සන් කිරීම-2010-ජනපති ඔබාමා සහ මෙඩ්වඩෙව්
සීතල යුද්ධය අවසන් වූ බවත් රුසියාව යළි කිසිදාක එක්සත් ජනපදයට තර්ජනයක් නොවනබවත් බොහෝ ඇමෙරිකානුවන් විශ්වාස කරයි.නමුත් රුසියාව මේවන විට පෙරට වඩා ආර්ථිකව සහ යුදමය වශයෙන් ප්‍රබල තත්ත්වයක සිටියි.
රුසියාව සතු වර්තමාන ආර්ථික බලය තේරුම් ගැනීමට පහත උදාහරණ කිහිපය ප්‍රමාණවත් වේවි.
* රුසියාව වෙනත් කිසිම රටකට වඩා බොර තෙල් නිපදවයි.එක්සත් ජනපදය සිටින්නේ තෙවන ස්ථානයේය.
*බොර තෙල් අපනයනය අතින් රුසියාව දෙවන තැන දිනාගෙන තිබේ.එක්සත් ජනපදය අපනයනයට වඩා බොර තෙල් ආනයනයට මුල් තැන දී තිබෙන අතර ලොව විශාලතම බොර තෙල් පරිභෝජකයා ද වේ.
*ස්වභාවික වායු නිෂ්පාදනය අතින් රුසියාව සහ ඇමෙරිකාව ප්‍රථමස්ථානය වෙනුවෙන් කරට කර සටනක යෙදීසිටියි.
*යුරෝපයේ ස්වාභාවික ගෑස් අවශ්‍යතාවයෙන් 34%ක් සපයන්නේ රුසියාවයි.
*රුසියාවේ විරැකියා අනුපාතය 5.4%කි.එක්සත් ජනපදයේ 7.4%කි.
* විලැඩ්මීර් පුටීන් පළමුවරට ජනපති වූ කාලයේ පටන් රුසියානු ආර්ථිකය සීඝ්‍රයෙන් වර්ධනය වේ.
*පසුගිය දශකය කාලය තුල තම සංචිතවලට මෙ.ටොන් 570 රත්‍රන් එකතු කරන්නට රුසියාව සමත්ව තිබේ.
*ලොව වෙනත් කිසිම නගරයක නැතිතරම් බිලියනපතියන් ප්‍රමාණයක් රුසියාවේ මොස්කව් නගරයේ සිටියි.
රුසියාවේ සිට යුරෝපයට ගෑස් සපයන නල එළා ඇති අයුරු
සැබවින්ම සීතල යුද්ධය අවසන් වී තිබෙ නම් සීතල යුද සමයේ නොසිටි තරම් රුසියානු ඔත්තුකරුවන් වර්තමානය වන විට ඇමෙරිකා එක්සත් ජනපදය තුල සිටින්නේ ඇයි?1973-1980 කාලයේ දෙබිඩි ඒජන්තයෙක් ලෙස ක්‍රියාකල බොරිස් ක්‍රොසැක් අනුව රුසියානු ඔත්තුකරුවන් දහස්ගණනක් දැනට එක්සත් ජනපදය තුල සිටියි.2010 වසරේදී ඇනා චැම්ප්මන් ඇතුලු රුසියානු ඔත්තුකරුවන් 10 දෙනෙක් සිරභාරයට ගන්නා ලදි.ඇනා චැම්ප්මන් යනු රුසියානු ජාතික කාන්තාවක් වුවද ඔත්තු බැලීම සම්බන්ධව ඇය ආධුනිකයෙක් බව තතු දන්නන්ගේ මතය.ක්‍රොසැක්ට අනුව ඇනා චැම්ප්මන් නමින් සිටින්නේ Anya Kuschenko නම් ඔත්තුකාරියයි.
ඇමෙරිකානු අත් අඩංගුවට පත් රුසියානු ඔත්තුකරුවන් යැයි චෝදනා ලැබූ පුද්ගලයන් දසදෙනා
සීතල යුද සමයේදී සෝවියට් දේශය තුල ඔත්තු සේවා ඒජන්තයින් පුහුණු කරන පාසල් රැසක් තිබිණි.ධනවත් බලවත් ඇමෙරිකානු පිරිමින් ආකර්ෂණය කරගන්නා අයුරු රුසියානු සුරූපිනියන්ට උගන්වනු ලැබුවේ මේවාහිදීය.මෙම පාසල් පිහිටා තිබුණු බව කියවෙන්නේ සෝවියට් දේශයේ දකුණුදිග ප්‍රදේශවල කුඩා නගරය තුලයි.මේවා තුලදී රුසියානු ඔත්තුකරුවන්ට ඇමෙරිකානුවෙක් මෙන් හැසිරෙන අයුරු පුහුණු කරන ලදි.සුපර් මාර්කට් එකකින් සිල්ලර බඩු මිලට ගන්නා අයුරු,මැක්ඩොනල්ඩ් සාප්පුවකදී හැම්බර්ගර් කන අයුරු,ඇමෙරිකානු රූපවාහිනිය නරඹන අයුරු,ඇමෙරිකානු චිත්‍රපට ශාලාවකට යන අයුරු,උදෑසන ඇමෙරිකානු පුවත්පතක් ලබාගන්නා අයුරු සහ ඉංග්‍රිසි භාෂාවෙන්ම කතා කරන අයුරු ඔවුන්ට උගන්වන ලදි.එසේ පුහුණුව අවසන් කල අයෙක් ඇමෙරිකානු පන්නයට වඩාත් අනුගත වී තිබෙන බව පෙනේ නම් ඔහු/ඇය පින්ලන්තය හෝ නෙදර්ලන්තය වැනි රටකට යැවේ.එහිදී ඔවුන් සාර්ථකව ඇමෙරිකානුවෙක් ලෙස හැසිරෙන්නට සමත්වුව හොත් එක්සත් ජනපදය කරා යැවේ.
ANNA CHAPMAN
"රුසියානුවන් යනු ඉවසිලිවන්ත පිරිසකි.මගේ අත්දැකීම් අනුව රුසියානුවන් තම සැලසුම් ක්‍රියාත්මක කිරීමට වසර 15-20 වුවත් ඉවසා සිටිය හැකි පිරිසකි.රුසියානු බුද්ධි තොරතුරු ඒජන්සියක් වන SVR විසින් මෙම ඔත්තුකරුවන් එවා තිබෙන්නේ ඇමෙරිකානු තාක්ෂණය සහ හමුදා රහස් ලබාගැනීමටයි.සැබෑ ලෝකයේ ඔත්තුකරුවන් හොලිවුඩ් චිත්‍රපටවල එන ඔත්තුකරුවන් මෙන් විස්මයජනක පුද්ගලයන් නොවේ.රුසියානු ඔත්තුකරුවන්ගේ ප්‍රධාන අභිලාෂය ලෙස මා දකින්නේ තාක්ෂණය අත්පත් කරගැනීමයි.මන්ද ඔවුන්ගේ තාක්ෂණය තවමත් සීතල යුද්ධයේ පැවතියාට වඩා එතරම් දියුණුවක් නොලබා ඇති නිසාය.එක්සත් ජනපදය හැරුණු විට ඔවුන්ගේ අනෙක් වැදගත් ඉලක්ක වන්නේ බ්‍රිතාන්‍යය,ප්‍රංශය,පෝලන්තය සහ ඊශ්‍රායලයයි.පෝලන්තය ක්‍රමයෙන් බටහිරට නැඹුරු වීම රුසියාව නොසන්සුන් කිරීමට හේතුවී තිබේ.ඒ ඔස්සේ ඇමෙරිකානු ප්‍රති-බැලස්ටික් මිසයිල පද්ධතිය රුසියාවට තවත් ආසන්නයට පැමිණීම ඊට හේතුවයි." - බොරිස් ක්‍රොසැක්
රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලැබූ යුවලක් - Richard සහ Cynthia Murphy
එක්සත් ජනපදය සහ රුසියාව සතු න්‍යෂ්ඨික අවි