ආර්ථිකේ කඩන් වැටිලා

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආර්ථිකේ කඩන් වැටිලා

    ආර්ථිකේ කඩන් වැටිලා ,ආර්ථිකේ හිටලා වගේ දේවල් නිතර අසන්න ලැබෙනවා ,මේ එක්කම අපි මේ දේවල් ගැන දැන ගන්න කලින් ආර්ථිකය කියන්නේ මොකද්ද කියල තේරුම් ගන්න ඕනේ

    · ආර්ථිකයක් යනු
    මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ,බෙදාහැරීම හා පරිබෝජන කටයුතු හා සම්බන්ඳ සියලු සංවිදාන වල එකතුවයි .මේ අනුව ආර්ථිකයක් තුල සිදුවන ප්‍රධාන ක්‍රියාවලි තුනක් හදුනා ගත හැකයි .


    1 භාණ්ඩ හා සේවා නිෂ්පාදනය
    ආර්ථික විද්‍යාවට අනුව නිෂ්පාදනය කියන්නේ වටිනාකමක් බිහිකිරීම නැත්නම් අගය එකතු කිරීම යන්නයි .නමුත් ආරම්භයෙදී මේක මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරාලන දෙයක් නිපදවීම කියල ගන්න පුළුවන් ,එක ගොඩක් bs වලට තමා අදාළ වෙන්නේ .


    2 හුවමාරුව
    භාණ්ඩ වල ඇති හිමිකම හෙවත් අයිතිය මාරු කර ගැනීම බෙදා හැරීම කියල හදුන්වන්න පුළුවන්



    3 පරිභෝජනය
    මිනිස් අවශ්‍යතා හා වුවමනා සපුරා ගැනීම සදහා භාණ්ඩ හා සේවා යොදා ගැනීමයි .
    ඒ වගේම නිෂ්පාදනය හා හුවමාරුවේ අවසානය ඉලක්ක ගත වෙන්නේ පරිභෝජනය තමයි .


    මේ ක්‍රියාවලි තුන සිද්ධ වෙන්න ඕනේ සමාජයක් ලෙස ඉස්සරහට යන්න ,එනිසා මොකද වෙන්නේ මේ ක්‍රියාවලිය සිදුකරගන්න මින්සුන් ආර්ථිකමය වශයෙන් එකතු වෙනවා එකට කියනවා ආර්ථික පද්ධතියක් කියල


    මොකද්ද මේ පද්ධතියක් කියන්නේ

    මේ සංකල්පය ගොඩක් දකින්න තියෙන්නේ භෞතික විද්යාව තුල තමයි ,(සංවෘත පද්ධතියක් කියා කියා පාඩම් කරපුව මතක ඇතිනේ ඒ කාලේ )

    භෞතික බලපෑම් වලින් තොරව යම්කිසි භෞතික නීතිරීති වලට යටත්ව ක්‍රියා කරන වස්තු සමුහයක් පද්ධතියක් ලෙස හදුන්වන්න පුළුවන් .

    system


    a set of things working together as parts of a mechanism or an interconnecting network; a complex whole

    එහෙනම් අපි ට තියෙන ප්‍රශ්නේ තමයි මේ පද්ධති සංකල්පය කොහොමද ආර්ථික විද්‍යාව එක්ක සම්බන්ද වෙන්නේ කියල

    භෞතික පද්ධතියක දක්නට ලැබෙන වස්තු සමුහය වන්නේ ආර්ථික ආයතනයි .භෞතික පද්ධතියේ නීති වෙනුවට දකින්න තියෙන්නේ මිනිසා විසින් නිර්මාණය කරගත් නීති රීති සම්ප්‍රදායන් මාලාවකි
    මේ දෙක අතරේ වෙනසක් තියෙනවා ,
    භෞතික පද්ධතියක් තුල දක්නට ලැබෙන වස්තුන් යම් බලපෑමක් හමුවේ ක්‍රියා කරන්නේ එකම විදිහකට (රසායන්ගාර පරික්ෂාවක් වගේ උනාම )එත් ආර්ථික පද්ධතියක ඉන්න වස්තුන් හා ආයතන වෙන්නේ සජීවී එකක .එකියන්නේ මිනිසුන් .ඔවුන් සැම විටම පද්ධති යකට රොක් වෙන්නේ තමන්ගේ අරමුණු කාර්යන් ඉටු කරගන්න .මෙනිසයි ආර්ථික විද්‍යාව සමාජීය විද්‍යාවක් කියන්නේත් භෞතික විද්‍යාවකින් වෙනස් වෙන්නෙත් .
    (ඒගැන ලියන්නම් කෝ )


    එහෙනම් බලමු මේ ආර්ථික
    පද්ධතියේ තියෙන ආයතනික ලක්ෂණ මොනවාද කියල

    ආර්ථික පද්ධතියක් තුළ දක්නට ලැබෙන ආයතනික ලක්ෂන,


    • කුටුම්බ දක්නට ලැබිම.
    • ව්‍යාපාරික අංශයක් දක්නට ලැබිම.
    • වෙළෙදපොළවල් දක්නට ලැබිම.
    • කම්කරු සංවිධාන දක්නට ලැබිම.
    • ආණ්ඩුවක් දක්නට ලැබිම.
    • රාජ්‍ය නොවන සංවිධාන දක්නට ලැබිම.
    • සානුබල (අභිප්‍රේරණ) පද්ධතියක දක්නට ලැබිම.
    • නෛතික ව්‍යුහවක් දක්නට ලැබිම.
    • සිරිත් විරිත්, සම්ප්‍රධායන් සහ සංස්කෘතියක් දක්නට ලැබිම


     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේ එක් එක් ලක්ෂණයය ගැන වෙන වෙනම දැන් අපි සාකච්ඡා කරමු
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1කුටුම්භ
    එක් වහලක් යට වෙසෙන පොදු අයවැයකින් අවශ්‍යතා හා වුවමනා සපුරා ගන්නා කුඩා පවුල් ඒකකයක් කුටුම්භයකි ,ආර්ථිකයේ කුඩාම එකකයි .සැම ආර්ථිකයකට ම පොදු වන අතර සමාජ ක්‍රම මත ඒවායේ ප්‍රමාණය සංයුතිය වගකීම දැරීම වෙනස් වන අතර න්‍යෂ්ටික හා විස්කෘත ලෙස සංවිධානය විය හැක .

    කුටුම්භ වල ලක්ෂණ
    1 නිෂ්පාදන කටයුතු වල නිරත වෙමින් (සම්පත් අයිතිය කුටුම්භ සතුයි )ප්‍රතිලාභ ඉපයීම (භුමිය -බදු කුලී ,ශමය -වැටුප් ,ප්‍රාග්ධනය -ලාභ ,)
    2 ආර්ථික විද්‍යාවේ පාරිභෝගිකයා ලෙස සැලකීම
    3 ඉතුරුම් බිහිකරන ප්‍රධාන මුලාශය වීම
    4 සාමාජික අවශ්‍යතා සදහා යැපුම් කටයුතු වල නිරත වීම (ගෘහ කටයුතු .ඉවුම් පිහුම් )


    කුටුම්භ යන සංකල්පය ගොඩනැගීමේදී පහත සදහන් සිතා ගැනීම් සිදු කර තිබෙනවා .(උපකල්පන ,මේ තුලින් නියාය ගොඩ නැංවීම පහසුයි ,)

    1 සමාජිකයින්ගේ සුභ සිද්ධිය උපරිම වන ලෙස තීරණ ගැනීම
    2 කුටුම්භ සතු භෞතික සම්පත් උපරිම අදායම් ලැබෙන සේ යෙදවීම
    3 මෙම අදායම් සාමාජිකයන්ගේ උපයෝගී තාවය උපරිම වන ලෙස යෙදවීම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ව්‍යාපාරික අංශය
    වෙළදපලක අලෙවි කිරීමට භාණ්ඩ හා සේවා සම්පාදනයේ නිරත වී සිටින පුද්ගලයන් හා කණ්ඩායම් වේ
    ලක්ෂණ
    1 නිෂ්පාදනයට අවශ්‍ය සම්පත් කුටුම්භ වෙතින් ලබා ගැනීම
    2 රජය හා පුද්ගලික අංශය නිෂ්පාදන කටයුතු වල නිරත වීම
    3 නිෂ්පාදනය ලෙස කාර්මික හා පාරිභෝගික භාණ්ඩ නිපදවීම
    4 ලැබෙන අදායමින් බදු ලාභ ලාභාංශ ලෙස බෙදා හැරීම

    වියාපාරික අංශයේ ප්‍රධාන අරමුණ වන්නේ ලාභ උපරිම කිරීමයි

    එවිට ම තවත් ගැටෙන සුළු අරමුණු පවතී
    1 වෙළදපල ප්‍රතිශතය උපරිම කිරීම
    2 අලෙවිය උපරිම කිරීම
    3 සේවා නියුක්තිය උපරිම කිරීම
    4 කළමනාකරුවන්ගේ ශුභාසාදනය උපරිම කිරීම
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආණ්ඩුව /රාජ්‍ය අංශය

    ව්‍යවස්ථාදායකය ,විධායකය ,හා අධිකරණය යන ආයතනද විවිධ පොදු හා සුභ සාධන සේවා ද වාණිජ නොවන සේවා ද පවත්වාගෙන ආයතනයි
    රජයේ කාර්යයන් (මේ ගැන සම්පුර්ණ පාඩමක් ලියන්නම් )
    1 නීතිරීති රාමුව සකස් කිරීම
    2 කර්මාන්ත හා ව්‍යාපාර නියාමනය
    3 භාණ්ඩ හා සේවා සැපයීම
    4 ආදයම් පුනර් වියාප්තිය
    5 මානව සම්පත් සංවර්ධනය

    රජයේ අරමුණු
    1 ආර්ථික වුර්ධිය වේගවත් කිරීම
    2 ආදයම් විෂමතා අවම කිරීම
    3 පුරවැසි ආයු අපේක්ෂාව වැඩි කිරීම
    තව තියෙනවා උදාහරණ කීපයක් විතරයි දැම්මේ

    මෙම අරමුණු ක්‍රියාත්මක විය හැකි ආකාර දෙකක් තියෙනවා

    1 සමස්ත පද්ධතිය වෙනස් කිරීම (සෝවියට් රුසියාව වැනි )
    2 පවත්නා පද්ධතිය තුල සිටිමින් ප්‍රතිපත්ති වෙනස් කිරීම

    ආර්ථික පද්ධතිය තුල සිටිමින් අරමුණු දිනා ගැනීම සදහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග රාජ්‍ය ප්‍රතිපත්ති වන අතර ඒවා ක්‍රියාත්මක කිරීමට උපකරනද අවශ්‍ය වෙනවා
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කම්කරු සංවිධාන

    කම්කරු සංවිධාන කොටස් 2ක් යටතේ ඉන්න පුළුවන්
    1 සමාගම් සමිති (සමාගම් පදනම් කරගනිමින් )
    2 වුර්තිය සමිති (විවිධ වුර්තින් පදනම් කරගත් )

    ආර්ථිකේ මේ අංශ වලට මේ ආයතන වලට බලපෑම් කරන්න පුළුවන්
    1 සේවා නියුක්තිය
    2 නිෂ්පාදනය හා තාක්ෂණය
    3 වැටුප් මට්ටම (ප්‍රබලම සාදකය )
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රාජ්‍ය නොවන සංවිධාන
    ලාභ අරමුණින් තොරව සමාජ සුභ සාදන අරමුණින් ක්‍රියාත්මක වන දේශීය හා විදේශීය ආයතනයි .
    කාර්යය යන්
    1 දිලිදු කම අඩු කිරීමේ වියාපෘති දියත් කිරීම
    2 පරිසරය සංරක්ෂනය කිරීම
    3 ස්භාවික ආපදා වලදී හානිවූ ප්‍රදේශ ගොඩනැගීමට සක්‍රිය දායකත්වය දැක්වීම (සුනාමි කාලයේ )

    මේකෙන් රජයේ අය වැය බර අඩු කරගන්න පුළුවන්