ලියොනයිඩස් රජු සහ ස්පාටන්වරු 300දෙනා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ලියොනයිඩස් රජු සහ ස්පාටන්වරු 300දෙනා

    ArMXBxd.jpg

    සැක් ස්නයිඩර්ගේ මනංකල්පිත ඉතිහාස චිත්‍රපටය වන 300(2007) ඔබ නරඹා ඇතැයි සිතමි.ඉන් නිරූපණය වන්නේ තර්මොපොයිලේ සටන නම් පුරාණ ලෝකයේ සිදුවූ ප්‍රසිද්ධතම ගැටුමයි.නමුත් ඔබ නැරඹූ චිත්‍රපයට සත්‍ය කතාවෙන් බොහෝ වෙනස්ය.එය ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය දිනා ගැනීමේ අරමුණින් වෙනස් කර තිබේ.ලියොනයිඩස් යනු ග්‍රීසියේ ස්පාටා නගර රාජ්‍යයේ රජුය.අප සැබවින්ම ඔහු ගැන හෝ තර්මොපොයොලේ සටන ගැන දන්නේද?

    jtV1r1j.jpg
    ලියොනයිඩස් රජු​

    ග්‍රීක ඉතිහාසඥ හෙරෝඩොටස්ට අනුව ලියොනයිඩස් රජු,ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජුගේ සහ ඔහුගේ පළමු බිරිඳගේ පුත්‍රයාය.රජුගේ දෙවන බිරිද ක්ලියාමනීස් නමින් පුත්‍රයක් බිහිකරන්නේ ලියොනයිඩස් උපදින්නට පෙරය.ඉන්පසු ඔහුගේ දෙවන බිරිඳ ඩොරියස් නමින් පුත්‍රයෙක් බිහිකරන අතර ඔහු ලියොනයිඩස්ගේ වැඩිමල් සොහොයුරාය.හෙරෝඩොටස්ට අනුව ලියොනයිඩස් රාජ්‍යයත්වයට පත්වන්නේ ක්‍රි.පු. 489දීය.ඇලෙක්සැන්ඩ්‍රිඩස් රජුගේ මරණයෙන් පසුව රජකම ක්ලියාමනීස් හට හිමිවුවද ඔහු පුත්‍රයෙක් නොමැතිව මියයයි.ඩොරියස් සිසිලියේ දී අනතුරකින් මියයයි.ඉන්පසු වැඩිමලා වන්නේ ලියොනයිඩස් නිසා ඔහුට රාජ්‍යයත්වය හිමිවිය.ඔහු තම වැඩිමල් සහෝදරයා වූ ක්ලියාමනීස්ගේ දියණිය වූ ගොර්ගෝ විවාහ කරගෙන තිබේ.





    පර්සියානු ආක්‍රමණය

    ලියොනයිඩස් ලෙහෙසියෙන්ම රජකමට පත්වුවද ඔහු ඉදිරියේ තිබූ අභියෝගය සුළුපටු නොවීය.වසර කිහිපයකට පෙර නගර රාජ්‍යයන් වන ඇතැනස් සහ එරිට්‍රියා වෙත පර්සියන් ආක්‍රමණයක් එල්ල විය.එය අවසන් වූයේ ක්‍රි.පූ.490 දී ඇතැන්ස්වාසීන් මැරතන් සටනේදී පර්සියානුවන් පරාජය කිරීමෙනි.නමුත් පර්සියානු රජු වූ ඩරියස් විසින් තවත් විශාල හමුදාවක් සාදාගෙන ආක්‍රමණයකට සූදානම් විය.මෙම ආක්‍රමණය ගැන දැනගත් ග්‍රීසියේ නගර රාජ්‍යයන් එකමුතුවිය.ඒ ඔවුනොවුන් අතර තිබූ තරහමරහ අමතක කර දමා පොදු සතුරාට එරෙහිව සටන් කිරීම උදෙසාය.

    XQfVNEQ.jpg
    මැරතන් සටන - කැටයමක්​

    තම අධිරාජ්‍යයේ ඇතිවූ කැරලි නිසා ග්‍රීසියට එරෙහිව ක්ෂණික ආක්‍රමණයක් එල්ල කිරීමට ඩරියස් රජුට නොහැකිවිය.ක්‍රි.පූ.486 දී ඔහු සටනක් අතරතුර මියයයි.ඉන්පසු රජකම හිමිවන්නේ ඔහුගේ පුත්‍රයා වන සර්සෙස් හටය.ක්‍රි.පූ.480 දී තම පියාගේ මරණයට පළිගැනීමත් අරමුණු කරගෙන සර්සෙස් රජු ග්‍රීක ආක්‍රමණයකට සූදානම් විය.ඒ සඳහා සෙබලුන් 150,000ක් සහ නෞකා 600ක් යොදාගත් බව කියවේ.ක්‍රි.පූ.480 සැප්තැම්බර් මාසයේ අවසන් සමයේදී පමණ ඔහු ආක්‍රමණය සිදුකර තිබේ.

    CUoT6MY.jpg
    සටන පැවති ප්‍රදේශය දැන් දිස්වන අයුරු​

    තර්මොපොයොලේ සටන යනු පර්සියානුවන්ගේ දෙවන ග්‍රීක ආක්‍රමණයේ වඩාත් ප්‍රසිද්ධතම සටනයි.නමුත් අනෙක් සටන් මෙන් නොව මෙය ග්‍රීකයන්ට පරාජය උරුම කල සටනකි.නමුත් එය මෙතරම් ප්‍රසිද්ධියට පත්වූයේ ස්පාටන්වරුන් සුළු පිරිසක් ඉතා නිර්භීතව සර්සෙස් රජුගේ අතිවිශාල හමුදාවට මුහුණදීම නිසාය.ඔවුන් සටන් වැදුනේ තමන්ට ජයගත නොහැකි සටනක් වෙනුවෙනි.මෙම ඓතිහාසික සටන සිදුවෙන්නේ කඳුකරයක් සහ මුහුද අතර තිබෙන පටු මාර්ගයකදීය.එම ප්‍රදේශය තර්මොපොයොලේ නමින් හැඳින්වීය.එම ප්‍රදේශය සටන වෙනුවෙන් යොදාගත්තේ උපක්‍රමයක් ලෙසයි.

    amclPcz.jpg

    ස්පාටන්වරු යනු මෙම සටනේ ප්‍රසිද්ධතම සටන්කරුවන් වුවද ඊට සහභාගී වූයේ ඔවුන් පමණක් නොවේ.ඔවුන් සමග තෙස්පියන්වරු ,තෙබන්ස් එක්විය.සටන සඳහා සහභාගී වූවන් ගණන හෙරෝඩොටස් විසින් 3100-4000 ලෙස දක්වා තිබුණද නූතන ඇස්තමේන්තුවලට අනුව ග්‍රීක හමුදාව 20,000ක් පමණ වන බව කියවේ.ඊට වහලුන් සහ ප්‍රදේශීය මිත්‍ර හමුදා ඇතුලත්විය.පර්සියානු හමුදාව 200,000-500,000 පමණ වෙතැයි ගණන් බලා තිබේ.

    ලියොනයිඩස් විසින් සටන සඳහා තෝරාගත්තේ පුත්‍රයන් සිටි පිරිමින්ය.ඔවුන් සටනේදී මියගිය පසු පෙලපත ගෙන යාමට පිරිමියෙක් සිටිය යුතුබව රජුගේ අදහස විය.​





    සටන

    තර්මොපොයොලේ සටන දින තුනක කාලයක් පැවතුණි.පළමු දින දෙකෙහිදී ග්‍රීකයන්ට තම ඉදිරිපස පෙරමුණ අල්ලාගෙන සිටීමට හැකිවිය.ඔවුන් පර්සියානුවන්ට පටු කපොල්ල පසුකර යෑමට ඉඩනොදුන්හ.ග්‍රීකයන්ගේ දිගු හෙල්ල,බරැති පළිහ සහ ශරීර සන්නාහය ඔවුන්ට සටනේදී පර්සියානුවන් ඉක්මවා යන්නට අවස්ථාව ලබාදුන්නේය.පර්සියානුවන් සතුව තිබුණේ කෙටි හෙල්ල ,වේවැල් පලිහ සහ හණ රෙද්දෙන් මැසූ සන්නාහයකි.

    UbvwZVl.jpg
    සටන සිදුවූ අයුරු​

    ග්‍රීක පාබල හමුදාව මෙම පටු කපොල්ලේ සෘජුකෝණාස්‍රාකාරව හැඩයකට සිටියේ හෙල්ලවලින් සන්නද්ධවයි.ඒ නිසා පර්සියානු හමුදාවට කපොල්ල හරහා යා නොහැකිවිය.මෙම සටනේදී ග්‍රීකයන් දක්ෂ උපක්‍රමයක් භාවිතා කලහ.ඔවුන් පසුබසින බව පෙන්වමින් පසුපසට යන්නට විය.තමන්ගේ සේනාවේ බලය දැක ග්‍රීකයන් පසුබසින්නේ යැයි සිතා පර්සියානුවන් ඔවුන් පසුපස හඹාගියහ.ග්‍රීකයන් පසුබැසීම නවතා කපොල්ල තුලට ඇතුලුවූ පර්සියානුවන් දරුණු ප්‍රහාරයක් එල්ල කලහ.පර්සියානුවන් සතුව සිටි දක්ෂතම සෙබලුන් පිරිසක් වූ ඉමෝර්ටල්ස්වරුන්ට පවා ග්‍රීක ආරක්ෂ වළල්ල බිදීමට නොහැකිවිය.

    Qttvk0e.jpg
    Immortals​





    පාවාදීම

    ග්‍රීකයන්ට අවාසනාව උදාවූයේ ඔවුන්ගේ පාර්ශ්වයේ අයෙක්වූ එපියල්ටිස් නැමැත්තා විසින් ග්‍රීක හමුදාවට පිටුපසින් පහරදිය හැකි මාර්ගයක් ගැන පර්සියානුවන්ට එළිකිරීමත් සමගයි.පර්සියානු රජ තම හොඳම සෙබලුන් පිරිස එම මාර්ගය ඔස්සේ යවා ග්‍රීකයන් වටලෑවේය.නමුත් පර්සියානුවන් පැමිණීමට පෙර ලියොනයිඩ්ස් ඇතුලු පිරිසට තම ස්ථානය අතහැර දකුණට පසුබැසීමේ අවස්ථාව තිබුණද ඔවුන් එසේ නොකල බව කියවේ.ඔහුගේ හමුදාව ස්පාටන්වරු 300ක්,තෙස්පියන්වරු 700ක් සහ තෙබියන්ස්වරු 400කින්ද සමන්විත විය.නමුත් ඔහු තමන්ගේ කුඩා සේනාව සමග පරාජය උරුම එම භූමියේ නතරවූයේ ඇයිද යන වග පැහැදිලි නැත.





    ස්පාටන්වරුන්ගේ පරාජය

    සටනේ තුන්වන දිනයේදී එනම් අවසන් දිනයේදී පර්සියානුවන් ග්‍රීක සේනාවට පිටුපසින් සහ ඉදිරියෙන් පැමිණ වටලෑවේය.ලියොනයිඩස් රජු ඇතුලු ඔහු සමග සිටි සියලුම ග්‍රීක සෙබලුන් පර්සියානුවන් අතින් ඝාතනයට ලක්විය.හෙරෝඩොටස්ට අනුව පර්සියානු රජු, ලියොනයිඩස් රජුගේ හිස ඉවත් කර එය ලීයක ගසා තිබේ.නමුත් එය සත්‍යයක් නොව ලියොනයිඩස් රජුව වටා ඉහලින් ඔසවා තැබීමට හෙරෝඩොටස් ගත් උත්සාහයක් බව ඉතිහාසඥයින් පවසයි.

    KKKN7dX.jpg





    අවසානය

    තර්මොපොයොලේ සටනේදී ග්‍රීකයන් ලැබූ පරාජය දරුණු ප්‍රතිවිපාක ගෙන දුන්නේය.පර්සියානුවන් ග්‍රීසිය තුලට ගමන් කරමින් මහත් විනාශයක් ඇතිකලහ.ලියොනයිඩස් රජුගේ සහ ස්පාටන්වරුගේ කැපවීම සහ නිර්භීතව සිය ජීවිත කැපකිරීම දුටු අනෙකුත් ග්‍රීක සෙබලුන් තුල දැඩි ධෛර්යයක් මතුවිය.ඒ ඔස්සේ ඔවුන් සලාමිස් සහ ප්ල්ටියා සටන්වලදී පර්සියානුවන්ට එරෙහිව ජයග්‍රහණ ලබාගත්හ.මෙලෙස පර්සියානුවන්ගේ දෙවන ග්‍රීක ආක්‍රමණයද තීරණාත්මක ලෙස පරාජය කරන්නට ග්‍රීකයින් සමත්විය.සංඛ්‍යාවෙන් අවම වුවද ග්‍රීකයන් මෙම සටන්වලදී පෙන්වූ නිර්භීතබාවය කැපීපෙනේ.

    ggiQO4l.jpg

    Leonidas​



    මතු සම්බන්ධයි!​



    Source:Ancient-origins.net

    -HarshaLulzSec-
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සූර පප්පා එකේ වගේ පොඩියට ලුක් එකක් තීනෝ :P
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Good post machan ...
    You must spread some Reputation around before giving it to HarshaLulzSec again.