*~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

P.D.M.Asanka

Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    *~<ලොකු උදව්වක් ඕනි ඉක්මන්ට>~*

    මට අවුලක් වුණා මේ ළගදි. කෙටියෙන් කිව්වොත් ජොබ් එකට එන්න එපා කිව්වා. ස්ථිරයි ජොබ් එක. ඒක වුණේ මගෙ වරදක් නිසා නෙමෙයි. දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට කරන්න පුලුවන් දෙයක් කියන්න. කතාව මේකයි. ටිකක් දිග කතාවක් හොදේ.

    2015.07.15 BOI (කර්මාන්තපුරයක්) එකක තියෙන Company එකක IT Executive ජොබකට ගියා. තනි අයිතිකාරයෙක්ගෙ Company එකක්. ඒකට යනකොට මට IT පැත්තෙන් පළපුරුද්දක් තිබුණෙ නැහැ. වැඩ පුලුවන්. IT Diploma එකක් තියෙනවා. Qualification අවුලක් නැහැ. Engineering Clark පළපුරුද්ද තිබුණා ඉස්සෙල්ලා කරපු ජොබේ. ඒකෙන් අයින් වුණේ පඩි මදි, ඉරිදත් වැඩ නිසා. පහළ තියෙන්නෙ අවුල වුණ Company එකේ Job Advertisement එක මීට අවුරුද්දකට කළින් දාළ තිබ්බ.

    BHUGwmQ.jpg


    Interview කරනකොට මම පඩියක් කතා කරන්න හැදුවත් කතා කරන්න දුන්නෙ නැහැ. එදා මට වැඩිය කතා කරන්න දුන්නෙ නැහැ. මන් කියන්න හදනකොට මොනවා හරි කිව්වා. 15 ක් දෙන්නම් කියලා, මාස 03 කින් පඩි වැඩි කරන්න පොරොන්දු වුණා. ඉස්සෙල්ලා එකෙත් දුන්නෙ 15 නිසා, ජොබක් හොයා ගන්නත් අමාරු නිසා, ඒ වෙනකොට ජොබක් තිබුණෙත් නැති නිසා, ළගත් නිසා, සෙනසුරාදා වරුවක් වැඩ ඉරිදා නිවාඩු නිසා කැමති වුණා කරන්න දෙයක් නැතිකමට.

    වැඩ කරගෙන යනකොට අමතර වැඩ දාන්න ගත්තා හිමිහිට. Stock Taking එකක් එහෙම අනිවාර්යෙන් කලා හැම මාසෙම 01 වෙනිදාට. තව IT වලට කිසිසේත්ම අයිති නැති Stores Functions කරන්න කියන්න ගත්තා. මාත් බැහැ කියන්නෙ නැතුව කරන්න පුලුවන් ටික කරලා දුන්නා. ඔහොම ටික දවසක් යනකොට ඒකෙ තියෙන Warehouse එකේ ඉන්න Finished goods බලන Store Keeper අයින් වෙන්න ඕනි කිව්වා. වෙනම එකෙක් හිටියා Stores වල Raw Matirials (RM) පැත්තට. උන්ට ලොකු වැඩක් නැහැ. හැබැයි වගකීම වැඩියි. පඩිය 17500 + 2500 (Allowance) + OT තිබුණෙ. 25ක් ගන්නත් අමාරුයි උන්ට. OT එහෙම වැඩි නම් 5000 ක් තිබුණොත් 3000 ක් ගෙවන්න කියලා Note එකක් දාළ එවනවලු. මිනිහම කතා කරලා ඉන්න කියලා, ඇරලා දානවා OT එකටත්. 2500 Allowance එක දෙන්නෙ Duty List එකක් තියෙනවා Due dates දාළා. ඒක හරියට කළොත් තමයි. ස්ථිර හැමෝවම වෙන වෙනම Interview කරනවා Allowance එකට.

    අයින්වෙනවා කිව්ව Store Keeper ව මුලින්ම Interview කරනකොට Basic 25000 ක් දෙන්නම් කියලා පොරොන්දුවෙලා. ඒත් ඇවිත් ගත්ත පළවෙනි පඩියෙ Basic 17500 තිබිලා තියෙන්නෙ. ඒ ගැන සැරින් සැරේට ගිහින් කතා කළාට ලබන මාසෙ දෙන්නම් කියලා ඒ වෙලාවට ෂේප් කරලා දාළා. Appointment Letter එකේ 17500 දාළ තියෙන්නෙ. වචනෙ විශ්වාස කරලා අවුරුද්දක් ඉදලා කොච්චර ඇහුවත් දෙන්නෙ නැති නිසා, යන්න ගියා. යනකොට උගෙ අන්තිම පඩිය කැපුවා. දෙන්නෙ නැතුව ඉන්නයි හැදුවෙ. ඌට වුණ කේස් එක මේකයි.

    Stores වල Loading & Unloading කියලා එකක් තියෙනවා. දවසක් මූ යන්න හදනකොට ලොක්කා කතා කරලා කියලා, හදිස්සි Loading එකක් තියෙනවා, කවුරුත් නැති නිසා කරන්න කියලා. RM Store Keeper ගෙ වගකීම තමයි Loading & Unloading. ඌ හරියට 5 ට යන්න ගිහින්. Finished goods බලන Store Keeper කියලා ලොක්කගෙ හැටි දන්න නිසා කරන්න බැහැ කියලා. වගකීමක් බාරගන්න බැරි නිසයි එහෙම කියලා තියෙන්නෙ. මහ එකා කියලා ඔයා වගකීම ගැන කිසිම ගැටලුවක් කරගන්න එපා, බය නැතුව කරන්න මමනෙ කියන්නෙ කියලා. වචනෙ විශ්වාස කරල, අන්තිමට වැඩේ කරලා.

    ඒ කරපු Loading එකේ යවපු ඒව වලින් Case එකක් අඩුවෙලා යවපු තැනට යනකොට. ඌ හරියට යවලා. අතර මගදි මොනව හරි වෙලා තියෙන්නෙ. උගෙ අන්තිම මාසෙ පඩිය නොදී තියාගන්නයි හැදුවෙ. අයින් වෙලත් මාස ගාණක් ඇදලා ඇදලා, කතා කරන කොට, අන්තිමට නොදී බැරිවෙනකොට දුන්නා 3000 ක් ද කොහෙද අඩු කරගෙන.

    අරූ ගිය නිසා, RM Store Keeper ට ලොක්කා කියලා Finished goods බලන්න කියලා. ඌ බැහැ කියලා. බාරගත්තෙ නැහැ. බැලුවෙත් නැහැ. ඔහොම ඉන්නකොට මගෙ ඇගේ ගහන්න ඉදලා තියෙන්නෙ, වෙන කෙනෙක් කියලා මන් ආවෙ IT වලට, ඕක දුන්නොත් අස්වෙලා යයි කියලා. මට වටෙන් වටෙන් එනකොට තේරුණ නිසා, මන් කිව්වා මන් නම් බාරගන්නෙ නැහැ, යනවා යන්න කියලා. ඒක තමයි කියලා තියෙන්නෙ.

    කෙනෙක් නැති නිසා Finished goods පැත්ත හොදටම අවුල් වෙලා තිබුණෙ. එකෙක් ඇවිත් දවස් 04 න් ගියා. තව එකෙක් ඇවිත් මාසෙන් ගියා. ඔහොම ටික දවසක් යනකොට ඔය ගැන ටික ටික මගෙන් අහන්න ගත්තා Stock Taking එක කරන නිසා. මන් හැම මාසෙම පළවෙනිදට ගත්ත රිපෝට් එක දීලා හිටියා.

    RM Store Keeper පට්ට ඇම්ඩා මාතර පැත්තෙ ඩයල් එකක්. අපේ Tally කියලා System එකක් දුවනවා. ඒකට Stores එකෙන් ගන්න ඒවා එහෙම System අඩු කරන්න, එකතු කරන්න ඕනි. MRN, FGTN කියලා දෙකකින් ඒව වෙන්නෙ. තව ගොඩක් ඒව තියෙනවා. ඒව කළේ අයින්වෙලා ගිය එකා. RM Store Keeper කියනවා ඌ දාන්නෙ RM විතරයි කියලා System එකට. ඔහොම ටික දවසක් ගිහින් මූ දාන ඒවත් වරද්දන්න ගත්තා. ඕනි කමින්මයි කළේ. දන්නෙ නැහැ කියලා බොරුවට පෙන්නන්න කළේ. අන්තිමට මූ ලොක්කට කියලා කොහොම හරි ඒ ඔක්කොම මට කරන්න දැම්මා GRN, Deliver Note කියලා දෙකක් නැතුව අනිත් අමාරු Stores එකෙන් කරන්න ඕනි System දාන ඒවා කළේ මම. හරියට යන්න ඕනි නිසා, මාත් කරන්නම් කියලා බැහැ නොකියා බාරගත්තා.

    ඌ පෞද්ගලිකව ලොක්කව අදුරනවා. කේලම් කියනවා. මාර ම කපටියි. මගෙන් System එකත් එක්ක Physical තියෙන Variance report එකක් Value කරලා ඉල්ල ගත්තා හැම මාසෙම ලොක්කා. ලොකු Variance තිබුණා. ඒව දැකලා බයවෙලා. RM Store Keeper ට දැන් වැඩ අඩු නිසා, වෙන කවුරුත් කරන්නෙ නැති නිසා Finished goods ඇතුලුව මුලු Warehouse එකම මූට බාර ගන්න කියලා, බැරි නම් යන්න කිව්වලු. ඌ බාරගන්නම් කියලා Stock Taking එකක් අරගෙන මගෙත් එක්ක, බාර ගන්නෙ නැතුව ඉදලා වෙන එකක් හොයාගෙන, යන අන්තිම දවස වෙනකන් බොරු කිය කිය ඉදලා යන්න ගියා. ඌ යනකොට කරපු අන්තිම Stock Taking එකේ Variance තිබුණා. ඒත් උගෙ මුලු පඩියම කිසිම අවුලක් නැතුව දීල දැම්මා. Variance ගැන Finance එකෙන් කතා කලහම නැහැ ඒකෙ Variance නැහැ කියලා ලොක්කා අරූව යැව්වා. මිනිහට අවුලක් නැත්නම් අපිටත් මොකෝ කියලා Finance එකෙන් Figures ටික තියාගෙන හිටියා.

    දැන් බොරුවට Interview කරනවා, කාව වත් ගන්නෙ නැතුව ඇද ඇද තිබුණා මාස ගාණක්. Meetings වලදි එහෙම කියන්න ගත්තා මගෙ වගකීමක් Stores බලන එක කියලා. මන් කොහොමත් බාරනොගන්න නිසා කටවහගෙන හිටියා මුලින්. එහෙම ඉන්න ඉන්න බැරිම වුණා අන්තිම වෙනකොට. මාත් කතා කරන්න ගත්තා ඒක මට අදාළ නැහැ කියලා. අමුතු අමුතු ටෝක් දෙන්න ගත්තා අදාළ නැහැ, අයිති නැහැ මගෙ වගකීමක් නෙමෙයි කියන්න බැහැ කියලා. මාත් කිව්වා මගෙ Path එක IT, උදව්වක් වශයෙන් කරන්න පුලුවන් දේවල් කරලා දුන්නෙ. බාරගන්න බැහැ කියලා කිව්වා. තියෙන වැඩත් එක්ක කරන්න බැහැ ඇත්තටම. ඒත් හරියන්නෙ නැහැ. දිගටම අහන්න ගත්තා දැන් කොහොමද, අර රිපෝට් එක හදල එවන්න කිය කිය Stores වල දේවල්ම ඉල්ලන්න ගත්තා. මාත් කෙනෙක් නැති නිසා ගන්නකන් කරන්න පුලුවන් දේවල් කරලා දුන්නා වගකීමෙන් බැහැරව.

    2016.01.15 ට මාස 06 යි. මන් ස්ථිරයි. Confirmation Letter එක හම්බවුණා. IT Executive කියලා ගත්ත මන් IT Officer අන්තිමට. මාස 03 න් වැඩි කරනවා කිව්ව ඒවා මොකුත් නැහැ. කිහිපවතාවක්ම කතා කළාට වැඩක් වුණේ නැහැ. 2500 Allowance එකක් දෙනවා කියලා අර ලියුමෙ දාළ තිබුණා. ඔන්න දැන් 2016.02.15 මට Duty List එකක් එවලා තිබුණා. කළින් Duty List එකක් ඉල්ලුවට දුන්නෙ නැහැ. මේ පහළින් තියෙන්නෙ ඒක. මේක තියෙන වැඩයි, කරන වැඩයි බැලුවහම මොන රෙද්දක් ද කියලා හිතුණා. IT Executive කියලා ගත්ත මන් දැන් IT Officer වෙලා. මේකෙ Stores & Finance Clark වෙලා.

    9Ah7RDU.jpg


    Meeting වල දි දිගින් දිගටම කිව්වා Mail වලින් වැඩ කරන්න කියලා කට්ටිය Call කරන නිසා. Staff එකෙත් 09 ක් වගෙයි ඉන්නෙ. මහා ලොකු Company එකක් නෙමෙයි. ලොක්කා Office එන්නෙ සතියට දෙපාරක් වගේ. ලොක්කා වෙන තැනක Factory Manager කෙනෙක්. අපි වැඩ කරන එක එයාගෙ පෞද්ගලික Company එක. මන් මේ පහළ තියෙන විධියට මට අදාළ නැති ටික මාක් කරලා 2016.02.16 Mail එකක් දැම්මා.

    j2kA2vk.jpg


    9Ah7RDU.jpg


    මන් Mail එක යවන්න දවස් 02 කට වගේ ඉස්සෙල්ලා, Finance Executive ගෙ අතින් Company mail එකෙන් වෙන Company එකක Accounts ලොක්කටම ගිහින් වැරදිලා. ඕකට ලොකු කේස් එකක් ඇදිලා Finance Executive ට බැන්නා සැරටම. එයා ලොක්කාගෙ හොර වැඩ ඔක්කොම දන්නවා. අවුරුදු 06 ක් විතර දැන් තියෙන Company එකේ. දැන් එකට එන්න කළින් වෙන Company එකක අවුරුදු 12 ක් විතර වැඩ කරලා තියෙනවා ලොක්කත් එක්ක.

    Basic 27500 ට ඉන්නෙ Finance Executive. එකට එකත් කියනවා ලොක්කත් එක්ක. වැඩක් කිව්වහම වෙලාවක් නැහැ කියල මග ඇරලා දානවා. බෝල් පාස්. ඒකෙ ඉන්න කිහිප දෙනෙක් අවුරුදු ගාණක් වැඩ කරලා තියෙන නිසා ලොක්කත් එක්ක, ගේමෙන්මයි ඉන්නෙ හැම වෙලේම. අන්තිම තැනට ඇවිත් තියෙන්නෙ ඒ කට්ටිය ලොක්කත් එක්ක වැඩ කරලා.

    Finance Executive ගෙ Assistant ට දවසක් Bank Account එකක ලොකු ගාණක් තියෙනවා අහුවෙලා. ඒක ඉස්සර දැකපු එකක් නෙමෙයිලු. කාටවත් කියන්න එපා කියලා එක වහල එතනින්. ලාබෙ තනිකරම තිබුණ කියන්නෙ ඒකෙ. පාඩුයි වහන්න ඕනි කිය කිය දුවන්නෙ. අමු ම බොරුව කරන්නෙ.

    මගෙ Mail එකට 2016.02.19 මට හදිස්සියෙම Meeting එකක් තියලා කතා කරලා “ I’m not a Store Keeper “ කිව්වා කියලා කේස් එක ගොඩක් ලොකුවටම ඇද්දා. ඕනි දෙයක් කතා කරලා කරගන්න පුලුවන් මගෙත් එක්ක, විනය අතින් අන්තිමයි කියලා, Documents ටික Hand Over කරලා, හොදට හිතලා තීරණයක් අරගෙන සතියකින් ඇවිත් හම්බ වෙන්න කිව්වා. ඒ වෙනකන් එන්න ඕනි නැහැ කිව්වා Office. කියන්න ඕනි දේ කෙළින් ම Mail කරපු එක වැරදියි කියලා අන්තිමට මුලු වැරැද්දම මගෙ පිටට දැම්මා. අදාළ නැති දේවල් කරන්න කිව්ව එක ගැන මොකුත් නැහැ. මාත් ඇර ගන්න ගියෙ නැහැ කට වහගෙන හිටියා එදා.

    මේක මගෙ විෂයට අදාළ දෙයක් නෙමෙයි කියන්න පුලුවන්. ඒත් ඉන්නව නම් කියන ඕනිම දෙයක් කරන්න ඕනි කියන එක තමයි කිව්වෙ. ඒ කියන්නෙ පු* හෝදන්න කිව්වොත් ඒකත් කරන්න ඕනි කියන ගානට කිවවෙ.

    ගන්නකොට කිව්වෙ නැහැ. ඒව කරනවා කියලා පඩියවත් වැඩි වෙන්නෙ නැහැ. පඩිය ගැන කතා කරනවට වත් කැමති නැහැ. තනිකරම බොරුව කරන්නෙ පාඩුයි කියලා. වහනවා කියනවා, ඒත් කවදාවත් වහන්නෙ නැහැ. බෝනස් එකක් දෙන්නෙ නැහැ. දීලත් නැහැලු කවදාවත්. Salary increment එකක් නැහැ ඉන්න අයට අවුරුදු 03 කින්. කොහොම හරි වැඩේ කරගන්නයි මදන්නෙ. ලොක්කම කියල මමනෙ කියන්නෙ බය නොවී කරන්න කියලා, පොඩ්ඩ මිස් වුණ ගමන් ජරාම විධියට පඩියෙන් කපලා දානවා, හොයන්නෙ බලන්නෙවත් නැතුව. කරපු කෙනාට අදාළ දෙයක් වුණත් නැතත් දෙනවා Deduction එක. ඒ වගේ මහ ජරාම වැඩ තියෙන්නෙ.

    මන් Resignation දීල යන්න හැදුවෙ. ඉන්න අය කිව්වා සතියකින් ආවත් අද කිව්වත් එකයි. මට ගිහින් කතා කරන්න කියලා. මාත් ඉතින් ආපහු ගියා. දැන් හිතෙනවා අපරාදෙ ඕකගෙ ළගට ගියෙ කියලා. ගිහින් කිව්වා ඒ වචනෙ වැරැද්දක් තියෙනවා නම් Sorry, එච්චර ලොකුවට හිතලා එවපු එකක් නෙමෙයි, මගෙ තියෙන වැඩත් එක්ක කරන්න අමාරුයි. Stores මන් කරලත් නැහැ, ඒ නිසා කරන්න බැහැ ඒක කිව්වෙ කියලා. පොර නිකන් අමුතු විධියකට හිනා වෙලා, 2016.02.23 එන්න කිව්වා.

    එදා හවස 3 වෙනකන් රස්තියාදු කරලා, සියලුම සිදුවීම දාල සමාව අරගන්නව නම් අරගෙන ලියුමක් ලියාගෙන එන්න කියලා. මන් Resignation දුන්නෙ නැති නිසා, කෙළින්ම ඇහුවා Office එන්න ඕනි ද හෙට ඉදල කියලා. එන්න එපා කිව්වා. ලොක්කා ආපහු එන දවසක කතා කරලා ලියුම අරගෙන ඇවිත් හම්බවෙන්න කිව්වා.

    කොහොමත් ආපහු ගන්නෙ නැහැ. පදිරි වෙන්න ආපහු යන්නෙත් නැහැ. ලියුම ගත්තොත් ඌට වාසියි. වරදක් නැතුව ලියුම් දෙන්න අවශ්‍ය නැහැනෙ.

    මේ මාසෙ පඩියත් ගන්න තියෙනවා මට. ඒකටත් වැඩේ දෙයි. 13 ක් විතර ඇති EPF, ETF 1300 ක් විතර කැපිලා එනකොට. OT තියෙනවා කිව්වට ඉන්න දෙයක් නැහැ. පඩිය නම් තේරුමක් නැහැ. මට එන්න එපා කියලා ලිඛිතව නෙමෙයි කිව්වෙ. කිව්වෙ නැහැ කියලා කියන්නත් පුලුවන්. ඒවගේ ඩයල් එකක්. මන් ඇබ්සන් වුණා කියලා ඌට චාන්ස් එක ගන්න පුලුවන් එතනින් මේ ටිකේ ම ගියෙ නැති නිසා.

    මන් නම් සමාව ගන්නෙ නැහැ ලිඛිතව. එතකොට මගෙ වැරැද්ද වෙනවා. කෙළින් කතා කරපු එක වැරැද්දක් කියලා මට නම් හිතෙන්නෙ නැහැ. ඌ ජරා වැඩේ කරලා, මට අදාළ නැති ඒව කරන්න කියලා, අන්තිමට මුලු වැරැද්දම මගෙ පිට දාල දැන්. මගෙන් EPF, ETF කපලා තියෙනවා. Pay sheet තියෙනවා. ඒත් තාම B Card එකවත් හැදුවෙ නැහැ.

    Stores වල මීයො කාපු කෑම, Expire වෙලා Market return ආව Products තියාගෙන ඉන්නවා විනාශ නොකර. කිව්වහම ඒව අයින් කරන්න ඕනි නැහැ ආපහු හදල යවන්න පුලුවන් කියලා. Damage සහ Expire වුණ සමහර Products තියෙනවා Sellable තත්වෙන් Stores වල. කරන්න පුලුවන් ගොඩක් ඒව ආපහු Repack කරලා මාකට් එකට යවනවා. බර අඩුවෙන් යවනවා. හොර වැඩ තියෙනවා.

    ඌ මෙන්න මේ වගේ ඩයල් එකක්. මුලින්ම Security ජොබ් එකක් කරලා තියෙන්නෙ. දැන් ඔය ඉන්න තැනට ඇවිත් තියෙන්නෙ කට්ටිය අදුරගෙන. Insurance කරලත් තියෙනවා. සුපිරිම කුණෙක් තමයි මන් මෙච්චර කාලෙකට දැකපු. සල්ලි ලෝකෙ අතරමන් වෙලා. සේවකයන්ට සාධාරණ පඩියක් ගෙවන්නෙ නැහැ. Interview එකේ දි පඩියක් පොරොන්දු වෙලා, ඒ විශ්වාසෙන් වැඩට එන එකාගෙ පඩියටත් ගේම ගහනවා. මුල සිට බොරුව කරන්නෙ. කිසිම මනුස්සකමක් නැහැ. අම්මට හරියට සලකලා නැහැ. මැරුණහම දානෙවත් දීල නැහැලු. බොරු කියනවා හොදටම. නිහතමානී නැහැ පොඩ්ඩක්වත්. උඩින් එකයි යටින් එකයි. කෙනෙක්ට එකක් කියලා, අනිත් කෙනාට තව එකක් කියනවා. කෙළින් තීරණයක් ගන්න බැහැ. ආත්මාර්ථකාමීකමේ උපරිමේට ගිය ඩයල් එකක්. තමන්ගෙ ගෑණිට, ළමයට හරියට සලකන්නෙ නැහැ. හරියට ඉගෙන ගත්ත එකක් නෙමෙයි. ඉංශ්‍රීසි නම් ටිකක් පුලුවන්. හිතන් ඉන්නෙ එයා හැමෝවම අන්දල තියෙන්නෙ, හෙන පොර කියලා. මේක කිව්වෙ චරිතෙ ගැන දැන ගන්නයි.

    වෙන Company එකක Accounts හදල යවපු Mail කේස් එකට Finance Executive ව යවන්න බැරි එකට ඇරියස් එක මගෙන් තමයි ඇල්ලුවෙ. එයා යැවිවොත් ඒ තරම් අඩු පඩියකට කෙනෙක් ගන්න අමාරුයි. මුගෙ හොර වැඩ ඔක්කොම දන්නවනෙ. ඒ වාසි අවාසි තමයි බලන්නෙ. මට වගේ Staff එකේ කෙනෙක්ට බොරු හේතුවක් ඇදලා මේ විධියට දැන් කළහම අනිත් අය ඔක්කොම Control වෙනවනෙ. අනුන්ගෙ වැරදි වලට අහක ඉන්න මම පළි නැහැනෙ. මෙච්චර කාලයක් කරලා තියෙන්නෙ ටික කාලෙකට අඩු පඩියට බොරු කියලා, කෙනෙක්ව අරගෙන මොනම හරි ලෙඩක් ඇදල, බැරි වෙනකොට එපා කරවලා යවන එකයි. එහෙම කළහම වැඩ ටිකත් කෙරිලා. තව පැති ගොඩකින් ලාබයිනෙ උන්ට.

    මට ඉස්සෙල්ලා IT වලට හිටපු එකාගෙ අන්තිම මාසෙ මුලු පඩියම දිල නැහැ. හේතුව Password වගයක් දුන්නෙ නැහැ කියලා. ඒක බොරු හේතුවක්. කිසිම දෙයක් වෙනස් කරල නැහැ තාමාත්. Default තියෙන්නෙ. මොකක්ම හරි හේතුවක් හදලා පඩියට නම් අරිනවමලු යන 99% ගෙ. කළින් හිටපු Cashier තාත්තත් නැති, අම්මා එකතැන අසනීපෙන් ඉන්න කෙල්ලෙක්. ඒ කෙල්ලගෙ අනිතිම මුලු පඩිය ම රු. 12500 ක් තියාගෙන බොරු හේතුවක් හදලා. ඒකෙන් තමයිලු ඒ කෙල්ල අම්මට බෙහෙත් අරගෙන දෙන්නෙයි, ජීවත් වෙන්නෙයි. ඇහුවහම බොරු හේතු ගොඩක් කියනවලු තාමත්. මොනව ම හරි හේතුවක් හදනවලු. මේ මම දන්න දේවල් ටිකක්. ඒවගේ Hold කරගත්ත Salary විතරක් වෙනම Rs. 180000 ක් වගේ ගානක් ආසන්න වශයෙන් තියෙනවලු. වැඩේ කියන්නෙ එකෙක්වත් පැමිණිල්ලක්වත් කරන්නෙ නැති එකයි.

    මට මූව හිර වෙන්න ම ගේමක් අදින්න විධියක් කියපල්ලකො දන්න කෙනෙක් ඉන්නව නම්. කරන දෙයක් ඉක්මන්ට කරන්න ඕනි. රිදෙන්නම දෙන්න ඕනි මට මේ කරපු බලු වැඩේට. යන එන වෙලාවක් බලලා මොනව හරි කරන්න පුලුවන්. දත් දෙකක් ගලවන්න කියල ඉන්නෙ මතක හිටින්න හොදට. ඒත් ඊට වැඩිය රිදෙන්නම දෙයක් කරන්න ඕනි ඕකට ආපහු කාටවත් නොකරන්න මේවගේ දෙයක්.

     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    ඔය වගේ කපටි බොසාලා කෙලවන්නේ ස්ටාෆ් එකේම ඉන්න අහිංසක චරිතවලට. කෙලවන්න ලේසි නෑ බන්. වටේටම ගොට්ට අල්ලලා පොලීසිය එහෙම අල්ලගෙන ඇත්තේ. උබ තනියෙන් ගේම අදින්න එපා අසාධාරනයක් වෙච්ච අනිත් අයවත් අලගෙන දැනට ස්ටාෆ් එකේ එන්න උනවත් අල්ලගෙන ගේම ඉල්ලපන්.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    බ්‍රො..කෙලින්ම පලයන් කම්කරු දෙපාර්තමේන්තුවට(Labor Department in Narahenpita).උබට හම්බ වෙලා තියෙන ලියකියවිලිත් එක්කම. ගිහින් ඒකෙ ඉන්න කොමසාරිස්ට කේස් එක ඉදිරිපත් කරන්න.පරක්කු වෙන්න එපා ගොයියෝ.පුලුවන් තරම් ඉක්මන් උනොත් උබ දිනුම්.මේ වගේ කම්බ කෑ**ත් ඉන්නවද කියලා පිස්සු හෑදෙනවා.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    taniyen mukuth karanna epa anthimata ubata loku legal case ekak dai hora weda karala kiyala.uba gewenne nethi widiyata ona magulak karapan.anika ohoma company ekak hambunama inna epa ban asweyan first month ekema mona bambuwakda aparade ube time ekai mental health ekai.
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ලියන්න පුලුවන් හැම තැනටම ලියුන් යවපන්

    පුලුවන්නම් ලෝයර් කෙනෙක් හම්බ වෙලා ලෙටර් ඔප් ඩිමාන්ඩ් එකක් ගහපන්
    නඩු දානව කියල වෙච්ච අසාධාරනේට මෙච්චර ගානක් ඕනෙ නැත්තම් නඩු යනව කියල
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔය වගේ කපටි බොසාලා කෙලවන්නේ ස්ටාෆ් එකේම ඉන්න අහිංසක චරිතවලට. කෙලවන්න ලේසි නෑ බන්. වටේටම ගොට්ට අල්ලලා පොලීසිය එහෙම අල්ලගෙන ඇත්තේ. උබ තනියෙන් ගේම අදින්න එපා අසාධාරනයක් වෙච්ච අනිත් අයවත් අලගෙන දැනට ස්ටාෆ් එකේ එන්න උනවත් අල්ලගෙන ගේම ඉල්ලපන්.

    හොද අදහස... ගියපු අනිත් එවුනුත් අල්ලන් ගේමට බැස්සනම් මිනිහ ටිකක් හිර වෙනව
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    okata kelopan .. nadu dapan.. hama tanama me post eka dapan...

    මට මේ ටිකේ නින්ද යන්නෙත් නැහැ බන් කරපු හු** වැඩේට.:frown: දෙනව අනිවා හොදම ගේමක්. :)

    Go to Labor Department.
    Meet the commissioner (a lady).

    also write a letter to presidents office.

    තැන්කියු කොල්ලෝ... :)

    ඔය වගේ කපටි බොසාලා කෙලවන්නේ ස්ටාෆ් එකේම ඉන්න අහිංසක චරිතවලට. කෙලවන්න ලේසි නෑ බන්. වටේටම ගොට්ට අල්ලලා පොලීසිය එහෙම අල්ලගෙන ඇත්තේ. උබ තනියෙන් ගේම අදින්න එපා අසාධාරනයක් වෙච්ච අනිත් අයවත් අලගෙන දැනට ස්ටාෆ් එකේ එන්න උනවත් අල්ලගෙන ගේම ඉල්ලපන්.

    ඉන්න එවුනුත් පෙරිල පෙරිල පට්ටම ආත්මාර්ථකාමී එවුන් ටිකක් තමයි ඉතුරු වෙලා ඉන්නෙ. උන් අල්ලනව බන් අරූට. අපිත් එක්ක බැනල ලෝකට, අපි කියන ඒව අනිත් පැත්තට කියනව උන් හොද මිනිස්සු වෙලා. උන් එන්නෙ නැහැ. කතා කළොත් ඒකත් කියයි.

    බ්‍රො..කෙලින්ම පලයන් කම්කරු දෙපාර්තමේන්තුවට(Labor Department in Narahenpita).උබට හම්බ වෙලා තියෙන ලියකියවිලිත් එක්කම. ගිහින් ඒකෙ ඉන්න කොමසාරිස්ට කේස් එක ඉදිරිපත් කරන්න.පරක්කු වෙන්න එපා ගොයියෝ.පුලුවන් තරම් ඉක්මන් උනොත් උබ දිනුම්.මේ වගේ කම්බ කෑ**ත් ඉන්නවද කියලා පිස්සු හෑදෙනවා.

    ඕක තමයි කරන්න හිතාගෙන ඉන්නෙ.:yes: තැන්ක්ස් මයෙ පුතා. ;)

    neethimaya paththen karanna puluwan dedyak witharak karanna.
    oyawage ewunta kelama weyan.... !

    ඔව් මචන්. ඒක තමයි හොදම දේ. තැන්ක්ස් කොල්ලො... ;)

    taniyen mukuth karanna epa anthimata ubata loku legal case ekak dai hora weda karala kiyala.uba gewenne nethi widiyata ona magulak karapan.anika ohoma company ekak hambunama inna epa ban asweyan first month ekema mona bambuwakda aparade ube time ekai mental health ekai.

    උඹේ කතාව සහතික ඇත්ත බන්. අපරාදෙ මන් හිටියෙ. :(

    ලියන්න පුලුවන් හැම තැනටම ලියුන් යවපන්

    පුලුවන්නම් ලෝයර් කෙනෙක් හම්බ වෙලා ලෙටර් ඔප් ඩිමාන්ඩ් එකක් ගහපන්
    නඩු දානව කියල වෙච්ච අසාධාරනේට මෙච්චර ගානක් ඕනෙ නැත්තම් නඩු යනව කියල

    ලෝයර්ස්ල අල්ලන්න නම් අමාරුයි බන්. :(නහුතෙටම කෙළ වෙලා ඉන්නෙ මේ ටිකේ. :sorry:Labor ගිහින් බලන්න ඕනි. :D

    හොද අදහස... ගියපු අනිත් එවුනුත් අල්ලන් ගේමට බැස්සනම් මිනිහ ටිකක් හිර වෙනව

    ඒක කරන්න අමාරුයි මචෝ... :no:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    හොද අදහස... ගියපු අනිත් එවුනුත් අල්ලන් ගේමට බැස්සනම් මිනිහ ටිකක් හිර වෙනව

    :yes::yes:

    ඉන්න එවුනුත් පෙරිල පෙරිල පට්ටම ආත්මාර්ථකාමී එවුන් ටිකක් තමයි ඉතුරු වෙලා ඉන්නෙ. උන් අල්ලනව බන් අරූට. අපිත් එක්ක බැනල ලෝකට, අපි කියන ඒව අනිත් පැත්තට කියනව උන් හොද මිනිස්සු වෙලා. උන් එන්නෙ නැහැ. කතා කළොත් ඒකත් කියයි.

    තනියෙන් කොරන්න පුළුවන් කෙං කෙඩියක් නෑ බන්. තනියෙන් ගියොත් උබ දිහා නීතිය පැත්තෙන් උනත් බලන්නෙ ජොබ නැතිවෙච්ච වේදනාවට කෑ ගහන තවත් එකෙක් විදිහටයි. බොසා උබ හොරා කියලා ශේප් වෙයි.
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    මටත් ඔහොමයි බන් අදාල නැති එවා තමයි මටත් සෙට් වෙන්නෙ ,අප්පිරියයි, අපිත් මුකුත් දන්නේ නෑ වගේ ඉන්න ඔනි ,තැන හරි නැත්නම් වැඩ පෙන්නල වැඩක් නෑ
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,723
    431
    83
    127.0.0.1
    ලේබර් ගියාම උබව වටේ යවනව ඕන් බලපන්කො අපෙ ඔෆිස් එකෙ එවුනුත් පැමිනිල්ල දාපු එකාව වටේ යවනවා .එ උන්ගෙ හැටි
     

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    තනියෙන් කොරන්න පුළුවන් කෙං කෙඩියක් නෑ බන්. තනියෙන් ගියොත් උබ දිහා නීතිය පැත්තෙන් උනත් බලන්නෙ ජොබ නැතිවෙච්ච වේදනාවට කෑ ගහන තවත් එකෙක් විදිහටයි. බොසා උබ හොරා කියලා ශේප් වෙයි.

    උඔ කියන එක තේරුම් ගන්න පුලුවන් මචන්. මට ඉස්සෙල්ල හිටපු එකාව මන් දන්නවා. මන් කතා කරලා බලන්නම්. එන ආවොත් හොදයි. ඉල්ල ඉල්ල දෙන්නෙ නැති නිසා, උන් අත ඇරල ඉන්නෙ දැන්. කොහොමත් ඕකට හොද පාඩමක් උගන්වන්න ඕනි.

    Uba ta ona num mama Lawyer kenek ge number 1k denum.
    uta katha karala balapun

    ඇත්තම කියනව නම් මේ වෙලාවෙ ලෝයර්ස්ල අල්ලන්න සල්ලි නැහැ බන්. :(කම්කරු එකට ගිහින් විස්තරේ අහලා මන් කරන්න පුලුවන් දෙයක් කරනව, හොදින් හරි නරකින් හරි. :frown:

    මට ඕනි උනොත් උදව්වක් ගන්න පුලුවන් වෙයි. පුලුවන්නම් PM කරන්න.:)
     
    Last edited:

    P.D.M.Asanka

    Junior member
  • Apr 24, 2010
    73
    13
    8
    මටත් ඔහොමයි බන් අදාල නැති එවා තමයි මටත් සෙට් වෙන්නෙ ,අප්පිරියයි, අපිත් මුකුත් දන්නේ නෑ වගේ ඉන්න ඔනි ,තැන හරි නැත්නම් වැඩ පෙන්නල වැඩක් නෑ
    මොකක් හරි කරනව බන් මන් කොහොමත් මේකට. නැත්නම් බැහැ. :frown:

    ලේබර් ගියාම උබව වටේ යවනව ඕන් බලපන්කො අපෙ ඔෆිස් එකෙ එවුනුත් පැමිනිල්ල දාපු එකාව වටේ යවනවා .එ උන්ගෙ හැටි

    හරි බලමුකො. කිව්ව එක හොදයි මචන්. :)