මීට අවුරුදු 1500 කට පෙර පිරිත් කියපු හෑටි
ධම්මරුවන් කියන්නෙ ලංකාවේ පොඩිගමක 1968 දී ඉපදුනු ළමයෙක්. මේ ලමයව පස්සෙ වෙන දෙමවුපියෝ යුගලක් හදා ගන්න ගන්නවා. මේ දෙමවුපියන් මේ ළමයට පොඩි කාලෙම භාවනා කරන්න උගන්වනවා. ටික කාලයක් යනකොට මේ ළමයා මහ රෑ නැගිටලා අමුතුම ශෛලියකින් පිරිත් කියන්න පටන් ගන්නවා.මේ වැඩේ මුලින් ම පටන් ගන්නකොට ධම්මරුවන්ට වයස අවුරුදු 3ක් විතර. දෙමවුපියන් මේ ගැන ප්‍රශ්න කරද්දි ධම්මරුවන් තමන් පෙර ආත්මයකදී ලංකාවේ මහා විහාරයේ මුදිතඝෝස නමින් පැවිදිව සිටි බව කියනවා. මේ මුදිතඝෝස උන්නන්සේ ඇතුළු පිරිසක ආරාධනාවෙන් තමයි විසුද්ධි මාර්ගය ලියපු බුද්ධඝෝස හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා තියෙන්නේ. ඒ කියන්නේ මීට අවුරුදු 1500 කටත් වඩා ඉස්සර.
http://www.sobhana.net/audio/chants/dhammaruwan/index.htm
මේ ලින්ක් එකේ තියෙන්නේ ධම්මරුවන්ගේ තාත්තා තමන්ගේ ටේප් රෙකෝඩරයෙන් ධම්මරුවන් කියපු පිරිත් වලින් රෙකෝඩ් කරපු ඒවා. මේ පිරිත් වලට දෙස් විදෙස් බොහෝ උගතුන් ඇහුන්කන් දීල තියෙනවා. ඔවුන්ගේ අදහස් වලට අනුවනම්. මේ ශෛලියට පිරිත් කීමේ රටාවක් ලොකේ කොහේවත් දැනට ඉතුරුවෙලා නෑ. ධම්මරුවන් මේ පිරිද් දේශනා කරද්දී වචන උච්ඡාරණය කරණ ආකාරය හා වචන කඩන ආකාරය ඉතාම නිවරදි බව හා මේ අකාරයට නිවරදිව පාලි වචන උච්චාරනය පුරුදු වීම සඳහා අවුරුදු ගණනාවක පළපුරුද්ද අවශ්‍යය බවයි. මේ සිද්ධියේ ඉතාමත්ම අසිරිමත් දෙය නම් මේ පිරිත් දේශනා වල සමහර වචන දැනට පවතින සූත්‍ර වල පවා අඩංගු නොවන ඉතාමත්ම ඉපැරණි පාලි වචන වීම.
මේ පුංචි ධම්මරුවන් අද වෙනකොට ඇමරිකාව යුරෝපය වගේ තැන් වල භාවනාව උගන්වන ඉතාමත්ම ප්‍රසිද්ධ භාවනා ගුරුවරයෙක්. මොහු කාලයක් Mindfulness in Plain English නැමති බටහිර ඉතාමත්ම ජනප්‍රිය භාවනා අත්පොත ලියපු හෙනේපොල ගුණරතන හිමියන් ලග පැවිදිවත් ඉඳලා තියනවා.
මේ වගේ අවුරුදු 1500 පැරණි ඉතිහාසය තමන්ගේ ඇස්දෙක ඉස්සරහ විද්‍යාමන වෙන ලංකාව වගේ පුන්‍යය භූමියක ඉපදෙන්න ලැබුණු එක වාසනාවක් නෙවෙයිද?