වෙට්ටු දාන ත්‍රිවිල් මට්ටු කිරීම අද සිට

nimotac

Member
Feb 13, 2014
272
12
0
වෙට්ටු දාන ත්‍රිවිල් මට්ටු කිරීම අද සිට

නියම වැඩක්,,මේ කාලකන්නින්ට දැම්මේ..නියමයි

වෙට්ටු දමා යන ට්‍රිවිල් මට්ටු කිරීමට පොලිස් මුලස්ථානය අද (01) තීන්දුවක් ලබා දුන්නා.

ඒ අනුව අදින් පසු ත්‍රිවිල් රථ වලට යාමට හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 40කි. ඒ වගේම රියදුරාට අමතරව යාමට හැකි තුන්දෙනුකට පමණයි. විශේෂයෙන්ම දරුවන් වැඩිපුර ගෙනයාමට ඉඩ දෙන්න එපා කියලා සියලු පොලිස් ස්ථාන වලට අද විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කරන බව රථවාහන බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

ත්‍රිවිල් නිතිය දැඩි කිරීමට ආසන්නතම හේතුව වුයේ හත් දෙනෙක් ගමන් කල ත්‍රිවිල් රථයක් බණ්ඩාරගමදී අනතුරකට ලක් වීමයි. මෙම අනතුරට සම්පුර්ණයෙන්ම වගකිවයුත්තේ ත්‍රිවිල් රථ රියදුරා බවයි පොලිස් පරීක්ෂණ වලිදී තහහුරු වී ඇත්තේ.

ත්‍රිවිල් රථය පාරේ අනිත් පැත්තට ගොස් ඉදිරියෙන් ආ ලොරියක හැපී මෙම අනතුර සිදු වී තිබුනා. අවුරුදු 4ක, 6ක සහ 12ක දරුවන් තිදෙනෙකු හා ත්‍රිවිල් රථය පදවපු 19 හැවිරිදි තරුණයෙකු මෙම අනතුරින් මරණයට පත් වුනා.

රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා සිටියේ අප රටේ ත්රිව්ල් ලක්ෂ 8ක් දවසකට පාරේ යන බවයි. ඒවායින් ලක්ෂ 5ක්ම හයර් සඳහා යන ඒවායි. කොළඹ නගරයේ පමණක් දිනකට ත්‍රිවිල් ලක්ෂ 2ක් පමණ ධාවනය වන බවත් ඒ මහතා පවසා සිටියා.

නීතියේ හැටියට රියදුරු හැර ත්‍රිවිල් එකක යාමට හැකි ගාන තුන්දෙනයි. නමුත් වැඩිහිටියෝ තුන්දෙනෙක් එක්ක දරුවෙක් දෙන්නෙක් ගියාට උසාවි දැම්මේ නැතත් මේ විදියට දරුවන්ගේ ජිවිත අනතුරේ දාන වැඩිහිටියන්ට අදින් පසු සමාවක් නැති බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා පවසා සිටියා.


http://www.liveat8.lk/2016/03/01/17465/

 

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Good job, 40 නෙමේ මුන්ට 30 දාන්න ඕනා. වෙනම පන්තියක් පවත්වන්න ඕනා මං තීරු හොයාගන්නේ කොහොමද කියල. මොකද මුන් dynamic මං තීරු හදනවා ඕන වෙලාවට.
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,641
    113
    සිරි ලංකාව
    හුට්ට තමයි මට්ටු කරන්නේ..
    මෙ පක්කුත් පටන් ගන්නේ කොහේ හරි ඉන්න දුප්පත් එකෙක්ට කෙලින්න තමයි..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,132
    8,176
    113
    රූකඩ රාජ්ජේ
    වැඩේ හොදයි. කරන්න පුලුවන්ද? මීටර් දෙන්න එපයි පොලිස් කාරයන්ට. දැන් ආයෙත් බයික් පොන්සියෝ පේමන්ට් වල යනවා. ඕකුන්ටත් දඩ ගහන්න ඕනේ.පේමන්ට් එකෙත් වාහන නවත්තලා. පාකින් වලට සල්ලි ගන්න නිසා දැන් ඒවා පොලිසියෙන් අයින්කරන්නෙත් නෑ. මිනිස්සු යන්නේ පාරේ.
     
    Last edited:

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    mm dakapu jarama deyak thamayi 90% threewheel divers la paara ayine nathrakaran indala paarata daanakota kawadaawath kannadiyen balala neweyi daanne. un karanne threewheel eke muuna paarata daala harila balana eka. ohoma muuna parata daana welawata langin wahanayak giyoth aniwa happenawa.