කාලකන්නි මාලිංගය ටීම් එක බෙදුවෝ ✘✘
✘✘✘ Lasith Malinga ✘✘✘
වේග පන්දු යවන්නා, සල්ලිකාරයා කියල තමා ලංකාවේ ගොඩක් අය මොහුව දන්නේ. මෙයට හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය දිගින් දිගටම ලසිත් මාලිංගව මුදලට පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ලෙස පෙන්වා දීමය.
ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති දකුණු පළාතේ රත්ගම ඉපදුනු මාලිංග ගේ වෘත්තිය මඩොල් දුවේ සිටින උපාලිගේ ජීවිතය මෙන්ම අභියෝග වලින් පිරුණු එකක්ය.
තම ගමේ මුහුදු වෙරළේ ගිනි අවුවේ, මොර සුරන වැස්සේ ටෙනිස් බෝලෙන් පන්දු යවා ක්‍රිකට් ඉගෙනගත් මාලිංගගේ පුහුණුකරු වුයේ මාලිංගමය. ගම ඔහුගේ gym එක විය. තැබිලි ගෙඩිය ඔහුගේ energy drink එක විය.
සපපහසුවට කොළඹ පාසල් වලින් බිහින්වුනු වේග පන්දු යවන්නන් තරගයක මුලදී over කිහිපයක් යවා injured වී ක්‍රිකට් සීසන් එකෙන් බාගයක් බංකුවේ ඉදිද්දී මාලිංග තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ශරීරය තමන්ගේ උපරිමය දක්වා ගෙන ගිය ක්‍රීඩකයෙක් විය. ඔහුගේ අරමුණ වුයේ පිතිකරුවන්ගේ ඇගිලි වලට පන්දු යැවීමය.
මේකාලේ වෙනකොට කිසිම මාධ්‍යයක් ඔහු ගැන සේවුයේ නැත. ඔහුගේ ඇදුම් පැළදුම් ගැන සෙවුයේ නැත. ඔහුගේ කොණ්ඩ මෝස්තරය සෙවුවේ නැත. චම්පක රාමනායක මාලිංගව ජාතික මට්ටමට ගෙනාවත් කිසිදු කෙනෙක් මාලිංගගේ කතාව අසන්නට සුදානම් වුයේ නැත. මොහුගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්ව නිසාම මොහුට ශ්‍රී ලංකාවේ පිතිකරුවට practise nets වලදී පන්දු යැවීම තහනම් විය. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තම පිතිකරුවන් මාලිංග අතින් injured වේ යැයි සිතුවා නිසාය.
මාලිංගව මේ වනවිට විවේචනය කරන ගොඩ දෙනෙක් මේකේ තාම දන්නේ නැතුව ඇති නමුත් Adam Gilchrist වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ dressing room එකට පැමිණ විකට්ටුවක් මාලිංගට දී මෙසේ කියා ගියේය. "This is for that boy Malinga."
මාලිංග තමන්ගේ හිතට එකගව කතා කරපු පුද්ගලයෙක් විය. ඔහු කවදාවත් ඔහුගේ ප්‍රතිරූපය ගැන පමණක් සිතා කට වහන් සිටියේ නැත. නමුත් අවාසනාවකට නගරයේ ඉන්න එවුන් බාගෙට ඉගෙනගත්ත ගමේ එකට ඇහුම්කන් දෙන්න ලෑස්ති උනේ නෑ.
මාලිංග ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වූ විට ඔහුගේ නම ප්‍රසිද්ද වුයේ නැත. ක්‍රීඩා පිටු වල ඒ ගැන සදහන් වුයේ නැති තරමය . එකට හේතු වෙන්න ඇත්තේ සමහරවිට ඔහුගේ පියා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර නැති වීම වෙන්න ඇති. ඔහු නිශ්ශබ්දව තමන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භ කරේය. ඔහු නිහඩවම bouncer දැම්මේය, yorker දැම්මේය.
තමන්ගේ ක්‍රීඩා දිනය ආරම්භ කර ටික දිනකින් ඔහු වෙනස් කොණ්ඩ විලාසිතාවක් යොදාගත්තේය. පසුව මෙම විලාසිතාව හා yorkerපන්දු ඔහුගේ අනන්‍යතාව විය. ඔහුගේ පච්ච හා රබර් wrist bands දැමීම හේතුවෙන් ඔහුට පරිපාලනයෙන් අසාධාරනකම් සිදු විය. මොකද ලංකාවේ තමවමත් අදින ඇදුමට ගෞරව කරන පිරිසක් සිටින නිසාය. වරක් මාලිංග මාධ්‍ය සාකච්යවකදිම කිය සිටියේ මුලදී ක්‍රිකට් පරිපාලනයේ ඉහල නිලදාරියෙක් වහාම තමන්ගේ කොණ්ඩ මෝස්තරය හා කරාඹු අයින් කරන ලෙස දැන්වූ බවය. මොකද මේවා ඔවුනට විනයගරුක නොවුන නිසාය.
අප කිව යුතුයි මාලිංග පමණක් නොව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වැනි සුපිරි ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය විවේචනය කරහ. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ඒවා සිදු කර නිසා ඔවුනට කිසිම වැරද්දක් කවුරුත් කිවේ නැත මොකද ශ්‍රී ලංකාවේ මිනිසුන් තවමත් සිංහලෙන් කියන දේට වඩා ඉංග්‍රීසියෙන් යමක් කිවම එය පිළිගන්නා නිසාය.
මාලිංග කෙලින් කතා කරන පුද්ගලයෙක් නිසාම බොහෝ පිරිස් ඔහු විනයගරුක නැති ක්‍රීඩකයෙකු ලෙස නම් කරහ. මාලිංග සැමවිටම ක්‍රීඩා කරන විට ඔහුගේ උපරිමයෙන් ක්‍රීඩා කරේය. මාලිංග වරක් 2008 දී පැවසුවේ තම කණ්ඩායමට හා තම නායකයට ඔහුගේ පිටත ස්වරුපය ප්‍රශ්නයක් වුයේ නැතිනම් පරිපාලනයට ඇති ප්‍රශ්නයකුමක්දැයි ඇසිය.
2007 ලෝක කුසලානයේදී පන්දු 4කදි කඩුලු 4ක් මාලිංග දවාගත් විට ලෝකයා ඔහුගේ මෙම දුර්ලභ දක්ෂතාවය ඇගයිය. ලංකාවේ මාධ්‍යට ඔහුගේ කොණ්ඩ මෝස්තරය හා පිටත ස්වරුපය ප්‍රශ්නයක් වූවත් 2007 දී ලෝකයා මලින්ගව 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සරාගිතම ක්‍රීඩකය ලෙස නම් කළහ.
2008 ඔස්ට්‍රේලියාවේ පැවිති CB කුසලාන තරගාවලියේදී මාලිංග career ending injury එකකට මුහුණ දුන්. එය සුව කල නොහැකි තත්වයට පත්විය. මාලිංගට ඇවිදීමට පවා අපහසු විය. නමුත් කිසිවෙකු ඔහු ගැන සේවුයේ නැත. අවාසනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ගිවිසුමද අවලංගු කරහ. මොකද ඒවනවිට මුරලි හා වාස් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කර නිසා ඔවුන් මාලිංග ගැන සේවුයේ නැත. නමුත් ඒ සමානම injury එකකට ලක්වූ මහරූෆ්ට ශ්‍රී ලංකා ක්රිකට පරිපාලනය උදව් කළහ. කාලයත් එක්ක සියලු දෙනාටම මාලිංග අමතක විය. මාධ්‍යට ඔහුව අමතක විය.
ඔහුගේ අවාසනාවට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ප්‍රතිකාර වලට වියදම් දුන්නේ නැත. නමුත් පෙර වාසනාවකට මෙන් මෙම injury එකට පෙර මාලිංග IPL 1 edition එකේ Mumbai Indiands සමග ගිවිසුමකට එලබ සිටියේය. එම මුදලින් ඔහු තමන්ගේ ප්‍රතිකාර වලට යොමුවිය.
එමෙන්ම මාලිංගගේ වාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පෞද්ගලික ෛවදයවරයා හමුවන ලෙස මාලිංගට දැන්විය. වෛද්‍ය එලියන්ත වයිට් ඔහුගේ සුව කිරීමේ ක්‍රම මගින් දවස් 4න් මාලිංගව සුව කළේය. එමගින් ඔහුගේ අබාධය සුව විය. නමුත් ඔහු නැවත ක්‍රීඩා කරන්න පැමිණි විට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුට තම හැකියාවන් පෙන්වන ලෙස නියෝග කරහ. ඔහු ශ්‍රී ලංකා අන්තර් සමාජ තරගාවලියේදී දස්කම් පැවත් ඒවා ලංකාවට මදි විය.

Last edited: