විසිවන_සියවසේ_සුපිරිම_විද්‍යාඥයා

BadGirlPerk

Well-known member
  • Feb 26, 2016
    767
    368
    63
    විසිවන_සියවසේ_සුපිරිම_විද්‍යාඥයා

    විසිවන සියවසේ මහා බුද්ධිමතා ගැන කෙටියෙන් කෙසේ කිව හැකිද?

    විසිවන සියවසේ මහා බුද්ධිමතා යනුවෙන් නම් කල වහා සිතට නැගෙන්නේ අන් කිසිවෙක් නොවේ Albert Einstein ගැනම තමයි.

    einstein.jpg


    මෙම දැවැන්ත යුග පුරුශයා ගැන කෙටියෙන් ලිවීමත් සෑහෙන්න අසීරු කරුණක් ඔහුගේ වෘතීමය ජීවිතය ගත්තත්, පෞද්ගලික ජීවිතය ගත්තත් සෑම එකක්ම තොරතුරු රැසකින් පිරුන ජීවිත කතාවක්. මෙතුමාත් නොබෙල් ත්‍යාග ලාභියෙක් ඒ 1921 ද භෞතික විද්‍යාව උදෙසා වූ නොබෙල් ත්‍යාගය දිනා ගත්තේ භෞතික විද්‍යාවේ සෛද්ධාන්තික අභිවෘද්ධිය වෙනුවෙන් කල සේවය හා විශේෂයෙන්ම ඔහු විසින් සොයා ගන්නා ලද the law of the photoelectric effect වෙනුවෙන්. මීට අමතරව මෙම ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා General relativity සහ special relativity, Mass-energy equivalence, Quantification of the Brownian motion, Einstein field equations, Bose–Einstein statistics, Unified Field Theory යන භෞතික විද්‍යාත්මක න්‍යායන්ද ලෝකයට දායාද කරනු ලැබුවා.

    Albert_Einstein_%2528Nobel%2529.png
    WEIL-189-Einstein-Origins-Lecture-1933-FRONT-250px.jpg



    1922 දී ‍අයින්ස්ටයින් මහතා විදේශ සංචාර ගණනාවක යෙදෙන අතර ඒ අවස්ථාවේ ආසියාවේ ‍යෙදෙන ගම‍නේදී ලංකාවටද පැමිණ තිබේ.

    මෙතුමාගේ උපත 1879 දී ජර්මනියේ සිදුවූවත් ඉන්පසුව තවත් රටවල් කිහිපයක ගතකොට නැවත 1914 දී ජර්මනියට පැමිණි නමුත් 1933 දී ඇමරිකාවට සංක්‍රමණය වීම සිදුවෙනවා. ඒ 1933 දී ජර්මනියේ නායකත්වයට හිට්ලර් පැමිණි අතර ඔහු බලයට පැමිනෙන්නට කලකට පෙර සිටම ගෙන ගිය යුදෙව් විරෝධී ව්‍යාපාරය නිසා ජර්මනිය තවදුරටත් යුදෙව්වෙකුවූ අයින්ස්ටයින්ටද ආරක්‍ෂිත නොවන බව ඔහු වටහා ගනු ලැබුවා. එම වස‍රේ අප්‍රේල් මාසයේදී ඇමරිකාවට අයින්ස්ටයින් පැමිණි පසු මසක් ගතවෙත්ම නාසීන් විසින් පොත් ගිනි තැබීමේ ව්‍යාපාරය පවත්වනවා. ඒ නාසි සංකල්පය දැඩි ලෙස ස්ථාපිත කිරීම උදෙසා වූ අන්‍ය අදහස් හා අන්‍ය ජාතින්ගේ ප්‍රකාශන තුරන්කිරීමේ අභිප්‍රාය පෙරදැරි කරගෙනයි. නාසීන්ගේ මෙම මුග්ද ක්‍රියාව නිසා අයින්ස්ටයින් ඒ වන විට ජර්මනියේ බර්ලින් විද්‍යා ඇකඩමියේ මහාචාර්ය පදවිය දරමින් සිටියදී කරන ලද විවිද පර්යේෂණ ඇතුලත් වාර්තාද ගිනිබත්වීම සිදුවේ. තවද නාසි මිනීමරුවන් අයින්ස්ටයින් තවමත් එල්ලා නොමැති සතුරෙකු ලෙස නම්කරමින් සිය හිස සදහා $5000 ක ත්‍යාගයක්ද නියම කර තිබෙන බව ඉන් ටික කලකට පසු අයින්ස්ටයින්ටම දැනගන්නට ලැබේ.


    0819-einstein-riding-bicycle_sm01.jpg




    1939 අගෝස්තු 02 දා අයින්ස්ටයින් විසින් එවකට ඇමරිකානු ජනපති Roosevelt වෙත ලිපියක් ලියන්නේ ජර්මානුවන් සිය කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීම උදෙසා න්‍යෂ්ඨික අවි භාවිතා කිරීමට පර්යේෂන සිදුකරමින් සිටින බවට සැක නිසා ඇමරිකාවද හැකි ඉක්මනින් යුරේනියම් බලගැන්වීමේ ක්‍රියාවලිය අරඹා න්‍යෂ්ඨික බලය ලබා ගැනීමේ වැදගත්කම් පැහැදිලි කරනු ලැබුවා.


    Einstein-Roosevelt-letter.png



    1955 අප්‍රේල් 18 වන දින මෙම දැවැන්ත චරිතය ලෝක භූමිකාවෙන් සමුගන්නා අතර ඒ අප්‍රේල් 17 වනදා විට ඔහු මුහුණ පා සිටි අභ්‍යන්තර ඉන්‍ද්‍රීන්ගේ රුධිරවහනයවීම සිදුවීමෙන්.


    Death_headline.jpg




    වෛද්‍යවරු මේ අවස්ථාවේ සැත්කමක් කොට අදාල රෝග තත්වය සමනය කර තවදුරටත් ජීවත්වීමට අවස්ථාව මේ ශ්‍රේෂ්ඨ මිනිසාට ලබාදීමට උත්සහ කලත් අයින්ස්ටයින් එම යෝජනාව ප්‍රතික්‍ෂේප කරනු ලැබතිබේ. ඔහු පවසා ඇත්තේ " මට යන්න ඕන වෙලාවට මා යා යුතුයි. කෘත්‍රිම විදියට ජීවිතය තව කාලයක් ගත කිරීම කිසි තේරුමක් ඇතිදෙයක් නෙමෙයි. මගෙන් ඉටුවෙන්න ඕන කොටස මම ඉෂ්ඨ කරල ඉවරයි, දැන් යන්න වෙලාව. මම ඒක ගෞරවනීය ලෙස කල යුතුයි." ("I want to go when I want. It is tasteless to prolong life artificially. I have done my share, it is time to go. I will do it elegantly.")

    ඒ අනුව සිය දිවියේ 76 වන වියේදී Princeton රෝහලේදී මොලොවින් සමුගන්නා මෙම අසාමාන්‍ය මිනිසා‍‍ගේ මොලය මරණ පරීක්‍ෂනය සිදුකල වෛද්‍ය Thomas Stoltz Harvey විසින් ඉවත් කරනු ලැබ එය කල්තබා ගැනීමේ ක්‍රියාවලියකට බදුන් කරනු ලබයි. එහෙත් මෙම මොලය ඉවත්කර ගැනීම සදහා ඔහු අයින්ස්ටයින්ගේ පවුලේ අයගෙන් අවසර ලබා ගැනීමක් සිදු නොකර තිබූ අතර ඔහු මෙම දේ සිදුකිරීමට හේතු‍වුයේ අනාගතයේ යම් දිනයක ස්නායු වෛද්‍ය විද්‍යාව (Neuroscience) දියුණු වූ කලෙක මෙම මහා ප්‍රාඥයාගේ අසාමාන්‍ය බුද්ධිමත්භාවය සොයාගැනීම සදහායි. කෙසේවෙතත් සිරුරේ අනිකුත් කොටස් ආදාහනය කරනු ලැබ අළු ප්‍රසිද්ධ නොකල ප්‍රදේශයක විසිරුවා හරිනු ලැබ ඇත


    Subtle-Is-the-Lord-1982-SIGNED-Abraham-Pais-1024px.jpg
    Albert-Einstein-Philosopher-Scientist-1949-800px.jpg


    Via - SathSamudura
     
    Last edited: