ප්‍රාර්ථනාව - By KRipTER
සුන්දර දිනක් මලානික කල
සොවින් බර පුවතක්
පසන් කළා මහට
ජීවිතයේ අනිත්‍ය බව
මිතුරකුගේ නැගණියකි ඇය
දෛවය දිවි ගමනට හරස් වූ
නිමා කොට ඇගේ දිවිය
යන්ට සැරසෙයි අවසන් ගමන
සොවින් හද බරිතව
මිතුරා සොයා ගිය කල
නැගිණිය ඉදිරිපස සිට
සුසුම් ලනු දුටිම් මම
සුදුවතින් සැරසී
නිසොල්මන්ව සිටි ඇය
පසන් කාලය සැමට
පිළිකාව ඇය පැරදු වග
ඇගේ හිතමිතුරියන්
රැසකි ඇය වටා රැස්ව
දැනුනු විට හද සසල විය
ඔවුන්ද පිළිකාවේ ගොදුරු වග
ඒ සෑම දෑසක් තුලම
නොදිටිමි "බලාපොරොත්තුව"
හදවත හිරිවැටිණි
හුරුපුරුදු දෑසක් දැක
සිත පිරෙයි මතකයන්
ඒ දෑස මුල්ම වර දුටු දින
සොදුරු පාසල් දිවියයි ඒ
ජීවිතයට ආදරය එබුණ
උසස් පෙළ මුල් දිනක
දුටිමි කිසිදා නොදුටු ඒ දෑස
දෑස තුල වූ අහිංසක බව
පිබිදුවා හැගීම් මහද තුල
බොහෝ දෙන පරදා
දිනුවෙමි ඔබේ අහිංසක සිත
කිසිදිනක නොලද තරම්
ආදරයකි ගෙන ආවේ ඔබ
ආදරය දළුලමින්
උසස් පෙල කඩයිමද ලංවිය
හැකිවිය විවර කරගන්නට
සරසවියේ මංපෙත අපට
ලබා සරසවි වරම්
ඔබ වෙත පැමිණි කල
ඔබද එවරම් ලද බව
කී අයුරු මතකයි අද මෙන්
ඔබ ජපුර මා කොළඹ
ලකුණකි කල වෙනස
නොසිතුවෙමි කිසි දිනක
දිවියට අදුර එන බව
ගතවුයේ දෙවසරකි
අහිංසක සිත නපුරු වන්නට
ඔබ මා හැරගියා මතකයි
යලි කිසිදා එක් නොවන්නට
මට වඩා ආදරයක්
ලද බව කියූ දවස
තරම් හැඩු දවසක්
නොමැත මා දිවි තුල
කොතරම් උත්සහ කලත්
ඔබව හමුවන්නට
කිසිදු අයුරින් ඔබව
හමුවන්ට නොහැකිවිය මට
දුරකථන විසන්ධිය
නිවස හැර දා ගොස්ය
යහළුවෙකුවත් නොදනී
කොහි සිටිද ඔබ
කාලය ගතවත්ම
හුරු වූවෙමි දරාගන්ට
කැපවීම හුරු කලෙමි
ජීවිතය ජයගන්න
සිහින් ඉකිබිදුමකින්
පියවී සිහි ලැබු කල
කදුළු නෙත පුරවාගෙන
ඔබ බලාසිටිනු දුටිම්
කිසිත් පවසන්න පෙර
මා බදාගත් ඔබ
කියූ කතාව අසා
හදවත නතර නොවුනා පුදුමය
සරසවියේ දෙවැනි වස
සිටියදී හෙළිවුනේ ඇය
සුවකළ නොහැකි වූ
පිළිකාවකින් පෙලෙන බව
හද පිරුණු ආදරෙන්
බොරුවක් කළා ඔබ මට
ඈත් කර දැමුවේ මා
ඔබේ දුක මට නොදෙන්නට
වරක් නොව දහස් වරක්
සිතිනි ඔබ චපල බව
සැබැවින් චපල මා බව
දැනගතිමි අද නොඅඩුව
තවත් අසරණ වූවෙමි
ලද පුවත සමග
මසකටත් අඩුවෙනි
ඉතිරිව ඇත්තේ ඔබට
කදුළු පිරි දෑසින්
පතන්නෙමි සැම විටම
ඔබම වන්නට
සදාකල් මගේම ආදරය
By
KRipTER
සුන්දර දිනක් මලානික කල
සොවින් බර පුවතක්
පසන් කළා මහට
ජීවිතයේ අනිත්‍ය බව
මිතුරකුගේ නැගණියකි ඇය
දෛවය දිවි ගමනට හරස් වූ
නිමා කොට ඇගේ දිවිය
යන්ට සැරසෙයි අවසන් ගමන
සොවින් හද බරිතව
මිතුරා සොයා ගිය කල
නැගිණිය ඉදිරිපස සිට
සුසුම් ලනු දුටිම් මම
සුදුවතින් සැරසී
නිසොල්මන්ව සිටි ඇය
පසන් කාලය සැමට
පිළිකාව ඇය පැරදු වග
ඇගේ හිතමිතුරියන්
රැසකි ඇය වටා රැස්ව
දැනුනු විට හද සසල විය
ඔවුන්ද පිළිකාවේ ගොදුරු වග
ඒ සෑම දෑසක් තුලම
නොදිටිමි "බලාපොරොත්තුව"
හදවත හිරිවැටිණි
හුරුපුරුදු දෑසක් දැක
සිත පිරෙයි මතකයන්
ඒ දෑස මුල්ම වර දුටු දින
සොදුරු පාසල් දිවියයි ඒ
ජීවිතයට ආදරය එබුණ
උසස් පෙළ මුල් දිනක
දුටිමි කිසිදා නොදුටු ඒ දෑස
දෑස තුල වූ අහිංසක බව
පිබිදුවා හැගීම් මහද තුල
බොහෝ දෙන පරදා
දිනුවෙමි ඔබේ අහිංසක සිත
කිසිදිනක නොලද තරම්
ආදරයකි ගෙන ආවේ ඔබ
ආදරය දළුලමින්
උසස් පෙල කඩයිමද ලංවිය
හැකිවිය විවර කරගන්නට
සරසවියේ මංපෙත අපට
ලබා සරසවි වරම්
ඔබ වෙත පැමිණි කල
ඔබද එවරම් ලද බව
කී අයුරු මතකයි අද මෙන්
ඔබ ජපුර මා කොළඹ
ලකුණකි කල වෙනස
නොසිතුවෙමි කිසි දිනක
දිවියට අදුර එන බව
ගතවුයේ දෙවසරකි
අහිංසක සිත නපුරු වන්නට
ඔබ මා හැරගියා මතකයි
යලි කිසිදා එක් නොවන්නට
මට වඩා ආදරයක්
ලද බව කියූ දවස
තරම් හැඩු දවසක්
නොමැත මා දිවි තුල
කොතරම් උත්සහ කලත්
ඔබව හමුවන්නට
කිසිදු අයුරින් ඔබව
හමුවන්ට නොහැකිවිය මට
දුරකථන විසන්ධිය
නිවස හැර දා ගොස්ය
යහළුවෙකුවත් නොදනී
කොහි සිටිද ඔබ
කාලය ගතවත්ම
හුරු වූවෙමි දරාගන්ට
කැපවීම හුරු කලෙමි
ජීවිතය ජයගන්න
සිහින් ඉකිබිදුමකින්
පියවී සිහි ලැබු කල
කදුළු නෙත පුරවාගෙන
ඔබ බලාසිටිනු දුටිම්
කිසිත් පවසන්න පෙර
මා බදාගත් ඔබ
කියූ කතාව අසා
හදවත නතර නොවුනා පුදුමය
සරසවියේ දෙවැනි වස
සිටියදී හෙළිවුනේ ඇය
සුවකළ නොහැකි වූ
පිළිකාවකින් පෙලෙන බව
හද පිරුණු ආදරෙන්
බොරුවක් කළා ඔබ මට
ඈත් කර දැමුවේ මා
ඔබේ දුක මට නොදෙන්නට
වරක් නොව දහස් වරක්
සිතිනි ඔබ චපල බව
සැබැවින් චපල මා බව
දැනගතිමි අද නොඅඩුව
තවත් අසරණ වූවෙමි
ලද පුවත සමග
මසකටත් අඩුවෙනි
ඉතිරිව ඇත්තේ ඔබට
කදුළු පිරි දෑසින්
පතන්නෙමි සැම විටම
ඔබම වන්නට
සදාකල් මගේම ආදරය
By
KRipTER
***Free time එකක කරපු නිර්මාණයක්..මගේ අත්දැකීමක් නෙවේ
Last edited:







