සිංහල_සමාජයේ_සාරධර්ම
සිංහල සමාජයේ සාරධර්ම
කිසිදු සමාජ සංස්‌කෘතියක දක්‌නට නොලැබෙන සාරධර්ම සමුදායයක් සිංහල සමාජයේ දක්‌නට ලැබීම සුවිශේෂිතය. මේ සාරධර්ම ඇතිවීමට බලපෑවේ බුදුසමයයි. බුදුසමය පදනම් වූ සමාජයක මෙවන් සාරධර්ම සෙසු සමාජවලටත් පරමාදර්ශියි.
මේ සාරධර්ම කෙමෙන් සමාජයෙන් ගිලීගෙන යන බවක් පෙනේ. එසේ වන්නේ සමාජය වඩාත් සංකීර්ණ තලයකට සේන්දුවීම නිසාද? එසේ නැත්නම් ඒවා ගැන වැඩි සැලකිල්ලක් නොදැක්‌වීම නිසාද? එහෙමත් නැත්නම් අනුකාරක සමාජයකට ඒවායින් ඵලක් නොවන හෙයින්ද?
අපේ සිංහල සමාජ සාරධර්ම කාලත්‍රයටම ගැලපෙන ඒවාය. ඒ කිසිවක් කිසිසේත්ම ඉවතලිය නොහැකිය.
සාරධර්මවලට භූමිකාව ගෙදර පරිසරයයි. ගෙදර පරිසරයෙන් තමයි මේ සාරධර්මවලට මුලපුරන්නෙ. නිවෙසේ වෙසෙන පියා - මව - දරුවන්ගෙන් තමයි මේ සාරධර්ම ඇතිවන්නෙ. තම ස්‌වාමියා රාජකාරියට ගොස් නිවෙසට පැමිණෙන විට බිරිය කිසියම් ආසනයක හිඳගෙන සිටින්නේ නම් වහා නැගිට සැමියාව සිනහමුසු මුහුණින් යුතුව පිළිගැනීම උත්තරීතර සාරධර්මයක්. ඔහු ගෙනා බඩු බාහිර රැගෙන ඒ දෙඅත සැහැල්ලු කිරීම උතුම් ගුණයක්.
බිරියට කොතරම් රාජකාරි තිබුණත් ස්‌වාමියාගේ මූලික කටයුතු සපුරාලීම බිරිය සතු දෙයක්. ස්‌වාමියාට, දරුවන්ට කෑම කන්නට දීමෙන් පසුවයි බිරිය කෑම අනුභව කරන්නේ. කොයි මොහොතක හෝ සැමියා එනතෙක් මඟ බලා සිට ඔහු නිවෙසට පැමිණීමෙන් පසුව ආහාර පිළියෙළ කොට දී ස්‌වාමියා ආහාර ගත්තාට පසුවයි බිරිය ආහාර ගන්නේ. දරුවන්ට කවා, පොවා නින්දට යවා, සැමියා නින්දට ගිය පසුයි බිරිය නින්දට යන්නේ.
නිවසේ සිරිකත
අලුයම සියල්ලන්ටම පෙරාතුව අවදිවන්නේ බිරියයි. සැමියාගේ - දරුවන්ගේ සියලු රාජකාරි කටයුතු කොට සැමියා රාජකාරියට පිටත් කොට, දරුවන් පාසලට යෑවීම ගෘහණියන් වශයෙන් සිදුකරන මහඟු සේවයකි. මේ අනුව නිවසේ සිරිකත නැත්නම් ශ්‍රියාකාන්තාව වන්නේ බිරියයි.
ඇඟිලි තුඩුවලින් ආහාර ගැනීම
ආහාර අනුභව කරන විට තලු මර මර කෑම සිංහල සමාජය ප්‍රතික්‍ෂේප කරයි. අල්ලේ නොගෑවෙන සේ ඇඟිලි තුඩුවලින් ආහාර ගැනීම තවත් සාරධර්මයකි. දිව එළියට දමාගෙන කෑම අනුභව නොකිරීම. තමන් ආහාර ගත් පිඟානට අත නොසේදීම. අත කලින් වෙනම සෝදා පසුව පිඟාන සේදීම අපේ සම්ප්‍රදායයි. පිළිවෙතයි.
නිවසේ දොර ඉතා සෙමින් වැසිය යුතුය. ශබ්ද නඟා වැසීම නිවෙසට අසුබ ගෙන දෙන්නකි. එමෙන්ම භාණ්‌ඩ පරිහරණයේදී ශබ්ද නොනගින අන්දමට ඒවා පරිහරණය කළ යුතුය.
දෙගුරුන් නැමදීම
දරුවන් උදෑසන පාසලට යන විට දෙගුරුන් නැමද පාසලට යා යුතුය. එමෙන්ම රාත්‍රි නින්දට යන විටත් දෙගුරුන් නැමද නින්දට යා යුතුයි. මේවා පැරැණි යුගයේ අපේ සමාජයේ පැවැති උතුම් සාරධර්මයන්ය. "මාතු පාදං නමාමි..." පීතු පාදං නමාමි" ආදී වශයෙන් දෙපා වැඳ දෙගුරුන්ගේ ආශිර්වාද ලබාගැනීම දරුවන්ගේ ජීවිත සරුසාර මඟකට යොමුවන්නක්.
වැඩිහිටියන් උස් අසුනක හිඳගෙන සිටින්නේ නම් ඊට වඩා පහත් අසුනක හිඳගැනීම බාලයන්ගේ සිරිතයි.
ගුරු භක්‌තිය සඳහා ද ගුරුවරයා නැමඳ ඒ අයට අවනත වීම උසස් ගුණයක්. සිංහල අවුරුද්දට තම ගුරුවරුන්ගේ නිවෙස්‌වලට ගෝලයන් ගොස් බුලත් දී නැමඳීම සිංහල සමාජ සාරධර්මයක්, එමෙන්ම එසේ දෙපා වැඳ ආශිර්වාද ලබා ගුරු පඬුරු වශයෙන් බුලත් කොළයක පඬුරු දීම ගුරුවරයාගේ සිරිතයි.
කිසියම් භාණ්‌ඩයක් පරිහරණය කළාට පසු එය සෝදා තැබීම සිංහල සිරිතයි. උදැල්ලෙන් වැඩ ගත්තාට පසු එම උදැල්ල සෝදා එයට වැඳ නමස්‌කාර කිරීම ගොවි මහතුන්ගේ පිළිවෙතයි.
ඉදලෙන් අතුගෑවාට පසු එම ඉදල හොඳට සෝදා තැබීම හොඳ සාරධර්මයක්. එසේ නොමැතිව ඉදලේ කුණු තවරා තැබීම පරිසරය දූෂණය වන්නක්. ඉදලට කරන අගෞරවයක්.
උදලු මිට, ඉදල, කුල්ල, මල්ල ආදියේ කාලය අවසන් වූ විට ඒවා පුළුස්‌සා දැමීමේ සිරිතක් සිංහල සමාජ සම්ප්‍රදායේ නැහැ. ඒවා දිරාපත් වී පොළොවට පස්‌වී යන්නට ඉඩ හැරීමයි සිංහල සිරිත. වැඩ අරගෙන අවසානයේ එම භාණ්‌ඩ ගෙවී ගියාට පසු පුළුස්‌සා දැමීම එම භාණ්‌ඩවලට සිදුකරන අවමානයක් ලෙසයි සලකන ලද්දේ. එමෙන්ම එය අකෘතඥ පිළිවෙතක්.
ශබ්ද නොනඟා කතා කිරීම
නිවෙස ශාන්තුවරයන් වෙසෙන නිකේතනයක් ලෙසයි සලකන ලද්දේ. අවට අයට නොඇසෙන සේ ශබ්ද නොනඟා කතා කිරීම සාරධර්මයක්. කොතරම් අඩුපාඩු තිබුණත් එම අඩුපාඩු පිටතට නොපෙන්වා කටයුතු කිරීම නිවසේ ගෘහණියගේ කාර්යයි. නිතරම සිනහවෙන් පිරුණු හදවත තමයි ඇයගේ ආත්මය. කුස සමහර විට පිරෙන්න නැතුව ඇති. එහෙත් හිත නිතරම පිරී පවතින තත්ත්වයකින් සපිරි බිරිය නිවෙසට දෙව්දුවක්.
නින්දට යන විට කකුල් සේදීම
පුද්ගලයා අවසානයේ රාත්‍රියට නින්දට යන විට කකුල් දෙක හොඳට සෝදා, පිසදා නින්දට යැමත් උසස් සාරධර්මයක්. මන්ද දවස පුරා කකුල් දෙකෙන් අප්‍රමාණ වැඩ ගෙන අවසානයේ අපිරිසිදු කකුල් දෙකෙන්ම නින්දට යන්නේ නම් ප්‍රාණකාරයා දෙස් දෙනවාය යනුවෙන් කියුමක් තිබේ. ඒ අනුවයි රාත්‍රියේ නින්දට යන විට කකුල් දෙක හොඳට සෝදා, පිසදා නින්දට යන්නේ. ඒ කාර්ය ඉටුකිරීමෙන් සුවදායක නින්දක් ගතකළ හැකිය.
දෙපා නැත්නම් කිසිවක් කළ නොහැකිය. දෙපා වාරු නැත්නම් පුද්ගලයා අකර්මන්‍ය පුද්ගලයෙකි. එබැවින් දෙපයින් නැගී සිටින්නට අවකාශ සැලසීම මත දෙපයට පුදසත්කාර කිරීම සිංහල සාරධර්මයක්.
තමන් ජීවත්වන පරිසරය ඉතා මනහර ලෙසත්, පිsරිසිදුවටත් තබාගත යුතුය. බුදුරදුන් පැවැසුවේ තම වටපිටාව මනස්‌කාන්ත අයුරින් සකසා ඇත්නම් එය තමන්ගේ ජීවිතයට ආහාරයක් බඳුය කියාය. පරිසරය දෙස බලා හිත පිරෙන්නේ නම් බඩ පිරෙන්නේත් නිතැතිනි.
ලුණු පොල්කට්‌ට පිරී තිබීම
නිවසේ ලුණු පොල් කට්‌ට හිස් නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක් ලෙසය. එදා අපේ ගැමියන් සලකන ලද්දේ. ලිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවසේ සම්පතකි. ලුණු පොල්කට්ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි. සෑම නිවෙසකම ලුණු පොල්කටුව මිදෙන්නේ නැත. මෙය විරල ලක්‍ෂණයකි. මෙම ලුණු පොල් කටුව මිදෙන්නේ යහපත් පරිසරයකය. නිවසේ සැමියා - බිsරිය - දරුවන්ගේ හැසිරීම් රටාව කියාපාන හොඳම සංකේතයකි ළිප ළඟ තිබෙන ලුණුපොල්කට්‌ට.
තක්‌සලාවේ සාරධර්ම
එදා තක්‌සලාවේ දිසාපාමොක් ඇදුරුතුමා ස්‌වකීය විෂය මාලාවට සාරධර්ම අනිවාර්ය වෙතත් විෂයයන් ලෙස ඇතුළත් කරන ලදී. කුමන විෂයයක් ඉගෙන ගත්තත් ඵලක් නැත. සාරධර්ම විෂය හදාරන්නේ නැතුව. අවසානයේ සාරධර්ම ඉහළින්ම රකින ප්‍රගුණ කළ ගෝලයාට දිසාපාමොක් ඇදුරාගේ දියණිය සරණපාවා දීමේ සම්ප්‍රදායයන් පිළිවෙතක් තිබිණි. සමාජ සාරධර්මවල ඇති අගය මෙයින්ම සනාථ වේ.
පුද්ගලයා කෙරෙහි කොතරම් විෂය ඥනයක් තිබුණත් ඵලක් නැත. සාරධර්මවලින් හීන නම්, විෂය ඥනය හා සාරධර්ම සමගාමී තලයක පිහිටියොත් පමණි පූර්ණ මිනිසකු බවට පත්වන්නේ.
තමන්ගේ නිවෙසට පැමිණි අමුත්තෙක් මහ ඉහළින් පිළිගැනීම උතුම් සාරධර්මයකි. නිවසේ අධිපතියා හෝ අධිපතිනිය ප්‍රධාන දොරටුව අභියස හිඳගෙන සිටින අවස්‌ථාවක අමුත්තා පැමිණි විගස වහා නැගිට පිළිඅරන් නිවෙසට කැඳවා අසුන් ගන්නා ලෙස පවසා සිනහමුසු මුqහුණින් යුක්‌තව සැලකීම උසස් සාරධර්මයක්.
නිදා සිටි ඇඳ සැකැසීම
උදෑසන නින්දෙන් අවදි වූ විගස ප්‍රථමයෙන්ම කළයුත්තේ කුමක්‌ද? නිදා සිටි පැදුර අකුලා නියමිත තැන තැබීමය. ඇඳක නිදාගත්තා නම් ඇඳ රෙද්දකට හොඳට සකස් කොට කොට්‌ට පිළිවෙළට තබා සෙසු කාරියන්ට පිවිසීමය. ප්‍රථමයෙන්ම කළයුත්තේ නිදා සිටි තැන හොඳට සකස් කිරීමයි.
නිවෙස ඉතා පිළිවෙළට තබාගැනීම උසස් සාරධර්මයක්. නිවෙස ඇතුළට පැමිණි අයකුට අසීමිත සතුටක් ඇතිවන අන්දමට නිවෙස සකසා ඇත්නම් එය ද සාරධර්මයකි. "පුද්ගලයා කෙබඳු පුද්ගලයෙක්‌ද යන්න නිගමනයකට එළඹෙන්නට නම් එම පුද්ගලයා ජීවත්වන නිවෙස පැමිණෙන් යනුවෙන් කියුමක් ඇත.
සන්සුන් මනස් ඇතිවීම
මේ සමාජ සාරධර්ම රැකීම හේතුවෙන් සමාජය සන්සුන් වී, සන්සුන් මනස්‌වලින් උපයුක්‌ත මිනිසුන් බිහිවීම ද ස්‌වභාවික ලක්‍ෂණයකි. ඒ අනුව අපරාධ අඩුවී සාමකාමී සමාජයක් බිහිවේ. පැරැණි යුගය දෙස බලන විට මේ සාරධර්ම අකුරටම රැකීම හේතුකොට ගෙනය අපට වැවත් - දාගැබත් - කෙතත් ආශ්‍රයෙන් සංස්‌කෘතියක් බිහිවූයේ. ඒ සංස්‌කෘතිය වටා ගෙතුණු සාරධර්ම සමුදාය කාලත්‍රයටම වලංගුය. ඒවා අගය නොකළහොත් සමාජය අවරෝහණයට පාත්‍රවීමත් නිතැතින්ම සිදුවන කරුණකි. මේවා ප්‍රායෝගික වශයෙන් ක්‍රියාත්මක කිරීම මත ආරෝහණ ගමන් මඟකට සමාජය ප්‍රවේශ වේ.
වංගෙඩිය දිරන්ට හැරීම
වී කොටන්නකුට, සහල් කොටන්නට උරදුන් ලී වංගෙඩිය ගෙවී ගියාට පසු එය පලාදරට ගන්නා සිරිතක් නැත. පාවිච්චි කරන්න බැරි නම් පසෙකට දමා දිරාපත් වෙන්නට හැරීම කොතරම් උතුම් සාරධර්මයක්‌ද? තමන්ට සුළු වශයෙන් හෝ උදව්වක් කළ වස්‌තුවක් ගිනි තබා විනාශ කිරීම සිංහල සමාජ සිරිත නොවේ.
සමාජයේ පැවැත්මට බලපෑම
සමාජයත් පවතින්නේ රැකෙන්නේ ශිෂ්ට සම්පන්න තත්ත්වයට මිනිසා රැගෙන යන්නේ මේ සමාජ සාධර්මවලිනි. ඒවාට අප පයින් ගසා, අමතක කොට බැහැරකොට මේ කාලයට ඒ සාරධර්ම ගැලපෙන්නේ නැත යන මතයේ සිටියොත් එය එතරම් ගුණදායක කාර්යයක් නම් නොවේය යන්න අප සියලු දෙනාම තරයේම සිතට ගත යුතු දෙයකි.
මේ සාරධර්ම අනුගමනය කරන්නට අප පෙළඹුණහොත් ඒවායේ ප්‍රතිඵල තමන්ට ඇස්‌පනාපිටම දකින්නට හැකිවේවි.
සැ.යු. - මෙය ආචාර්ය රංජිත් ඇල්. අබේවික්‍රම මහතා විසින් දිවයින පුවත්පතට ලියන ලද ලිපියක් ඇසුරෙන් සකසන ලද අතර අධ්‍යාපනිකව ඉතාමත් වැදගත් ලිපියක් නිසා මිතුරන් අතරේ බෙදාගැනීමේ අරමුනින් පමනක් මෙය මෙහි පල කරන අතර කිසිදු වානිජ පරමාර්තයක් නොමැති බවත් සියලුම ගෞරවයන් මෙහි ලේඛකයාට හිමිවියයුතු බවත් ස්තුති පූර්වකව සිහිපත් කරමි.

Last edited: