පුරාන_සිංහලයන්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    පුරාන_සිංහලයන්

    පුරාන සිංහලයන් යනු පරිසරයේම කොටසකි, ඔවුන් කිසිදාක පරිසරයට විරුද්ධ වු දියුනුවක් හඹාගියේ නැත. භෞතික දියුනුවට වඩා අධ්‍යාත්මික දියුනුව ඔවුන් අගය කලෝය. ඒ නිසාම පුරානයේ අධිමානසික ශක්තිය වර්ධනය කල සෘෂිවරුන් බොහෝ විය. ඔවුන් ලබාගත යුතු දියුනුව කුමක්ද ලබා නොගත යුතු දියුනුව කුමක්දැයි මනාසේ දැන සිටියෝය. ඒ නිසාම ඔවුන් තාක්ෂනික දියුනුවක් පසුපස හඹා නොගියෝය. බුදුන් වහන්සේගේ කාලයේ පවා නොයෙක් ධ්‍යාන ලැබූ පෘතක්ජන පුද්ගලයන් සිටිබව ඕනෑ තරම් සාධක තිබේ. එවනි දියුනු කල මනසක් ඇති පුද්ගලයන් සිටියානම් මෙවැනි තාක්ෂනික දියුනුවක් එදා නොලැබුනේ ඇයිදැයි කෙනෙකුට ප්‍රෂ්නයක් මතු වීමට පුලුවන, එයට ඇත්තේ සරල පිලිතුරකි එනම් ඔවුන් මේ අපදැන් ලබා තිබෙන දියුනුව හා බැඳී තිබෙන විනාෂයද කල් තියාම දුටු බැවිනි. දැන් කන හාල් වල විස කලවම්ය, කන එලවළු වල විස කලවම්ය, බොන වතුර වල විස කලවම්ය කොටින්ම අප ගන්නා හුස්ම පොද පවා කාබන් මොනොක්සයිඩ් වැනි විෂ වායු වලින් දූෂනය වෙලාය. පෙර මුතුන් මිත්තන් ලෙඩක් දුකක් හැදුන විට ගසක කොලයක් පොත්තක් ගෙඩියක් මුලක් භාවිතා කර එම රෝගය සුවපත් කලෝය, නමුත් දැන් අපට තිබෙන්නේ එක ලෙඩක් සනීපකර තව ලෙඩක් ඇති කරනා බේත් හේත් ක්‍රමයකි.

    පුරාන සෘෂිවරුන් ආයුර්වේදය හා ජ්‍යෝතිෂය යන නිවුන් සහෝදරයන් දෙදෙනා අපට දායාද කලෝය.. දරුවෙක් උපන් වෙලාවේදී සකස් කරගන්න වෙලාපත්කඩය ඇසුරෙන් ඔහුගේ ජීවිතයේ සුභ අසුභ කාලයන් බලා ගැනීමටත් අසුභ පල අඩු කරගෙන සුභ පල වර්ධනය කිරීමටත් ජ්‍යොතිෂ උපකාරී විය.. හොඳ අහාර රටාවක් තිබූ නිසා ලෙඩදුක් අඩු විය. ඉඳහිට හෝ ලෙඩක් දුකක් හැදුන විට ස්වභාවධර්නයෙන්ම සපයාගත් බෙහෙත් මගින් ඔවුන් ඉක්මනින්ම සුව විය. අපේ පැරැන්නෝ සතුව බොහෝ කෙම් ක්‍රම විය. බේත් හේත් වලට අමතරව ඔවුන් මේ කෙම් ක්‍රම මගින්ද තම කටයුතු සාර්ථක කරගත්තෝය. ශබ්ධ ශක්තිය උපයෝගී කරගනිමින් නොයෙක් මන්ත්‍ර ඔවුන් සොයාගෙන තිබිනි. බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට පැමිනීමත් සමග පිරිත් හා සූත්‍ර වල කොටස් තැනින් තැන ගෙන හෝ සම්පූර්න වෂයෙන් ගෙන බුද්ධ මන්ත්‍රද නිර්මානය කලෝය. සතුන් මැරීමේ ආදීනව දැන සිටි පැරැන්නන් මේ මන්ත්‍ර භාවිතයෙන් හා කෙම් ක්‍රම භාවිතයෙන් තම වගාව සතුන් ගෙන් රැක ගත්තෝය. එමෙන්ම පුෂ්කර යෝග යෙදෙන වගා නැතැත් මගින් ඔවුන් පලදාව වැඩි කරගත්තෝය. එකල පලදාව වැඩි කරගැනීමට රසායනික වස විස දැම්මේ නැත. නමුත් අක්කරයකින් දැන් ලැබෙන පලදාවම ලැබුවෝය එකතු කලානම් එකතු කලේ කාබනික පොහොර පමනි.

    අපේ කමට ආදරය කරන පාඨකයාගේ දැනගැනීම උදෙසා පැරැන්නන් භාවිතා කල බෙහෙත් හා කෙම් ක්‍රම කීපය දක්වමී.

    ගැබිනි මවකට දරුවා අපහසුවකින් තොරව බිහි කිරීමට රන්දෙරණේ ගාථාවෙන් තෙල් මතුරා උදරයේ ගෑම පුරානයේ පැවතුන ඉතා විශිෂ්ඨ ප්‍රථිඵල ලබාදෙන ක්‍රමයක් බව සඳහන්ය

    දරු ප්‍රසූතියෙන් පසුව විසබීජ නාශකයක් ලෙස කොහොඹ තෙල් දමා දුම් ඇල්ලීමද, මවගේ පහසුව සඳහා පාවට්ටා, නික,බේත් එඬරු,කොහොඹ යන කොළ වර්ග මිශ්‍ර කරගනිමින් සිදු කරන කොළ තැවීමද එකල සිදු විය.

    මීට අමතරව පැරැන්නන්ගේ ප්‍රධාන ජීවනෝපාය වූ ගොවි තැනේදීද ඔවුන් මේ ශාස්ත්‍රය උපයෝගි කරගත්හ.
    ඔවුන් බීජ වැපිරුවේ ත්‍රීපුෂ්කර නම් යෝගය යෙදෙන විටදීය. මේ මගින් ඔවුන් විශාල පලදාවක් ලැබුවෝය. රසායනික පොහොර භාවිතයක් නොවීය නමුත් එකල අපේ රට පෙරදිග ධාන්‍යාගාරය නමින් හැඳින්වූ බව අප දනිමු.
    ත්‍රීපුෂ්කර යෝගය යෙදෙන්නේ ඉරිදා අඟහරුවාදා හෝ සෙනසුරාදා දිනයක, දිය වක,සතවක හෝ දොලොස්වක (පුර අව බේදයක් නැත ) තිථියක් යෙදෙන විට කැති, උත්‍රපල්,උත්‍රසල,ප ුනාවාස,විසා පුවපුටුප යන නැකතක්ද යෙදෙන විටය.

    මීට අමතරව ගොයම් මැස්සන් පලවා හැරීමට දුම්මල කුඩු තවරන ලද් කොහු ලනුවක් දෙදෙනෙක් දෙපස නියර දේකේ සිට අල්ලා ගොයම් ගසේ ගැවෙන සේ නියර දිගේ ගමන් කරවීම.

    පහත මන්ත්‍රයෙන් වැලි ( කිසිවෙකුට නොපෑගුන ) මතුරා කුඹුරේ ඉස පසුව බිත්තර වී වැපිරීමෙන්ද ඔවුන් කෘමි උවදුර දුරු කරගත්හ.

    සබ්බ පාපස්ස අකරණං කරණං
    කුසලස්ස උපසම්පදා
    සචිත්ත පරියොදපනා
    මේතං බුද්ධානුසාසනං


    පිරිසිඳු වැලි මිටක් ගෙන පහත මන්ත්‍රයෙන් 21වර මතුරා කුඹුරේ ඉසීමෙන්ද මැසි උවදුරු වලින් ආරක්ෂා වූ බව සඳහන්ය
    "නමෝ නීල නීල අනිලේස්වාහඃ"

    කීඩෑවන් ඉවත් කිරීම සඳහා රුක්කත්තන ගහේ පොතු වේලා කුඩු කර කිඩෑවන් සිටින ස්ථාන වල ඉසීමෙන් කීඩෑ උවදුර දුරු කර ගත්තෝය..

    වගාවට වල් ඌරන් ගෙන් වන හානිය වැලැක්වීමට පහත දැක්වෙන මන්ත්‍රය තල් කොල පත්තිරු 4ක ලියා (අඟල් 1 පලල අඟල් 3 දිග ) එම මන්ත්‍රයෙන්ම දහස්වර ජප කර වගා භූමියේ සිව් කොන එල්ලීමෙන් ඒම අවෂ්‍යතාව ඉටු කරගත්හ.
    මන්ත්‍රය
    "නමෝ අනලිච්චමයෙන් ඌරන් ඊරියන් මුඛ බන්ධ බන්ධ ඒස්වාහඃ"

    ඉහතින් දැක්වූයේ පැරනි කෙම් ක්‍රම කීපයකි තවත් මෙවැනි ලිපියක් සමග ඉදිරි දිනකදී හමුවෙමු..


    උපුටා ගත්තේ:-
    http://www.tharaka-eli.blogspot.com....blog-post.html
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පුරාණ සිංහලයෙක් අහම්බෙන් තමා අවුරුදු 40ත වඩා ජිවත් උනේ....:dull:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,123
    9,410
    113
    සිංහලයාට හැක්කේ අතීතය ගැන පාරම්බෑමට පමණි. ඌ දන්නේද එපමණය.

    ඌට වර්තමානයක් හෝ අනාගතයක් නැත. :lol:
     

    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තොත්ත බබා;19835089 said:
    සිංහලයාට හැක්කේ අතීතය ගැන පාරම්බෑමට පමණි. ඌ දන්නේද එපමණය.

    ඌට වර්තමානයක් හෝ අනාගතයක් නැත. :lol:

    පුරාණ හෙළ සිරිත් විරිත් අතහැර, පර සිරිත් විරිත් අනුකරණ කරන්නට ගොස් ඇණගෙන, විරෝගෙන ඉන්නා එවුන්ට දැන් සියල්ලටම වැරදිකරු ඉතිහාසයය. පුරාණ හෙළයන් ගැන නොදන්නා එවුන් පුරාණ හෙළයන් ගැන කතා නොකර සිටිව්. :growl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    මේවා ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන් ...
    හැබැයි වර්තමානයේ සිංහල කියල පෙනී ඉන්න ගොඩක් උන් සිංහල කියන එකේ හරයවත් දන්නේ නෑ .....
    ටීවී එකේ රේඩියෝ එකේ යන පීචං වැඩ සටහන් , කුණු නාට්‍ය සහ මෙකී නොකී ජරා ගොඩවල් වලින් සහ ආර්ථික ප්‍රශ්න නිසා ඔලුව කුරුවලු වෙච්ච පිරිසක් තමයි ඉතුරු වෙලා ඉන්නේ .... බොහොම ටික දෙනයි සිංහල කමේ බෞද්ධ කමේ හරයන් දන්නේ .........
    මනුස්සයෙක් පාරක වැටිලා හිටියත් නරබමින් යන උදව්වක් නොකරන ගානට මිනිස්සු හැඩගැහිලා.
    හොදම උදාහරණය කුලියාපිටිය සිද්දිය ......
    අන්තිම මෝඩ නුඋගතුන් විදියට තමයි ප්‍රශ්නයක් දකින්නේ ....
     
    • Like
    Reactions: sidathsaumya

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    පුරාණ හෙළ සිරිත් විරිත් අතහැර, පර සිරිත් විරිත් අනුකරණ කරන්නට ගොස් ඇණගෙන, විරෝගෙන ඉන්නා එවුන්ට දැන් සියල්ලටම වැරදිකරු ඉතිහාසයය. පුරාණ හෙළයන් ගැන නොදන්නා එවුන් පුරාණ හෙළයන් ගැන කතා නොකර සිටිව්. :growl:

    :yes::yes::yes::yes::yes::yes:
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    මේවා ඔක්කොම ඇත්ත වෙන්න පුළුවන් ...
    හැබැයි වර්තමානයේ සිංහල කියල පෙනී ඉන්න ගොඩක් උන් සිංහල කියන එකේ හරයවත් දන්නේ නෑ .....
    ටීවී එකේ රේඩියෝ එකේ යන පීචං වැඩ සටහන් , කුණු නාට්‍ය සහ මෙකී නොකී ජරා ගොඩවල් වලින් සහ ආර්ථික ප්‍රශ්න නිසා ඔලුව කුරුවලු වෙච්ච පිරිසක් තමයි ඉතුරු වෙලා ඉන්නේ .... බොහොම ටික දෙනයි සිංහල කමේ බෞද්ධ කමේ හරයන් දන්නේ .........
    මනුස්සයෙක් පාරක වැටිලා හිටියත් නරබමින් යන උදව්වක් නොකරන ගානට මිනිස්සු හැඩගැහිලා.
    හොදම උදාහරණය කුලියාපිටිය සිද්දිය ......
    අන්තිම මෝඩ නුඋගතුන් විදියට තමයි ප්‍රශ්නයක් දකින්නේ ....

    :yes::yes::yes::yes: 8++