කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී..........

    කා.කා.ස.යා ලිපිකාරිනියට පෙම් බදී...........

    ඇහැ අගින් බලා මා දෙස
    නොපිට පෙරළුනු නුඹ සුරත් ලවනත
    පෙනේ මට......
    කුරවි කෙවිල්ලක සේය
    නුඹ ගේ ගමන් ලතාව,
    නැලවෙන උකුලත,
    කියඹුවෙන් වැසි මලවි කරලිය දැක
    සේවිත පැදි සිහි වේය මට....
    “තුණු තන යුග රන් කොකු මගර
    පිස එත මද පවන් ඇද විල් ලිහිණි සර...“*
    “ගේනව ද මට ලන්ච් පැක් එකක්,
    අර වෙනද ගේන තැනින් ම,
    වැඩියෙන් පපඩමක් දාගෙන ම...“
    සොදුරු ඇණවීමට,
    විගස දිව යමි...
    රස කර බුදිනු දැක,
    සතුටින් ඉපිලෙමි....

    මිහි කත නලවාලා,
    මල මල් ගන්වාලා
    නුඹ යනෙන විට,
    වාසමූල සුවදක් දැනේ නැහැයට....
    “......ජෙරුලෙමේ දූ වරුනි,
    මා ඛේදාර් හි කූඩාරම් මෙන් කළු මුත්,
    සලමොන් ගේ තිර පට මෙන් ශෝභමානවත් ව සිටිමි.
    අවු රශ්මිය මා කළු කර දැමූ බව සැබැයි,
    නමුත් මා දෙස බලා නොසිටිල්ලා...
    මාගේ මවු ගේ සොහොයුරෝ මා හා උරණව
    උන් ගේ මිදි උයන් බලා ගන්නට මට අණ කලෝය....
    මා,
    මගේ මිදි උයන බලා නොගතිමි......“**

    ඔත්පලවු පියා ගේ බෙහෙත් ටික ගන්නට,
    අකුරු කරනා නංගි ගේ පොත් ටික ගෙන දෙන්නට,
    අම්මා ගේ කණකර නොපෑහුණු නිසා උගස් කඩයට,
    උපාධිය පසෙක ලා ආමි කා.කා.ස.යා සේ
    මන්ත්‍රී උතුමා ගේ චිට් කෑල්ලට,
    දිව්‍ය ලෝක සැප ලැබෙන්නට.......

    සද අයිති අහසටය....
    කණමැදිරියෙකුට කුමන නම් සද වත ද?
    මා මට ම කියා ගමි.
    සොච්චම් පඩි පත ට,
    නුඹ ගැන හීන නොගැලපෙන බැවින,
    පරව යන මලක් කොට ගෙන
    සගවා ගනිම් පෙම් සිත.........

    -එළකිරියෙහි දත් කිඹුළා-

    * - සැළළිහිණි සංදේශය
    **-සලමොන් ගේ ගීතිකාව-ශුද්ධ වූ බයිබලය

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සද අයිති අහසටය....
    කණමැදිරියෙකුට කුමන නම් සද වත ද?
    මා මට ම කියා ගමි.
    සොච්චම් පඩි පත ට,
    නුඹ ගැන හීන නොගැලපෙන බැවින,
    පරව යන මලක් කොට ගෙන
    සගවා ගනිම් පෙම් සිත.........

    :(:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අගනා කවෙකි. නිරවුල් කරගත් යුත්තේ එක් තැනක් පමණි.
    කියඹුවෙන් මලවි කරලිය වැසෙන්නේ කෙසේදැයි අපැහැදිලිය.:P
    කවිය ගලායෑම පොඩ්ඩක් දියුණු කරන්න වෙනවා. භාෂා විලාශයේ නොගැලපෙන තැන් ඇත. සේකරයන්ගෙ ප්‍රබුද්ධ නැවතවරක් කියවනු මැන. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අගනා කවෙකි. නිරවුල් කරගත් යුත්තේ එක් තැනක් පමණි.
    කියඹුවෙන් මලවි කරලිය වැසෙන්නේ කෙසේදැයි අපැහැදිලිය.:P
    කවිය ගලායෑම පොඩ්ඩක් දියුණු කරන්න වෙනවා. භාෂා විලාශයේ නොගැලපෙන තැන් ඇත. සේකරයන්ගෙ ප්‍රබුද්ධ නැවතවරක් කියවනු මැන. :)
    මේ අලකලංචි රාජකාරිය අස්සේ මෙහෙමවත් ලියවෙනවා පුදුමය.
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    සද අයිති අහසටය....
    කණමැදිරියෙකුට කුමන නම් සද වත ද?
    මා මට ම කියා ගමි.
    සොච්චම් පඩි පත ට,
    නුඹ ගැන හීන නොගැලපෙන බැවින,
    පරව යන මලක් කොට ගෙන
    සගවා ගනිම් පෙම් සිත........
    :(:(:(:(:(:love::love::love:

    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කියඹුවෙන් මලවි කරලිය වැසෙන්නේ කෙසේදැයි අපැහැදිලිය.:P

    හප්පා.. ඉතා සෘංගාරාත්මකය. මා අනුරපුරයෙහි රැකියාවේ යෙදුණු කාලය සිහිවේ. කියඹු තියෙන්නේ එහි ලලනාවන්ට නොවැ. අන්න කියඹු.!:love::love::love:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    තෙවරක්ම කියවීමි. අවසන් පදපෙළ කියවද්දී ඇස බොඳ වූයේ ඩා බිඳුවකින් විය යුතුයැ...

    ලජ්ජා වෙමි. සිංහල බසෙහි මා නොදන්නා දේ බොහෝයැ.
    ඉගෙන ගනිමි, අසා දැනගන්නට අවසර.

    සුරත් ලවනත
    කුරවි කෙවිල්ලක
    වාසමූල සුවදක්

    මේ වදන් තේරුම අසන මා මැට්ටෙක්ම වෙමි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෙවරක්ම කියවීමි. අවසන් පදපෙළ කියවද්දී ඇස බොඳ වූයේ ඩා බිඳුවකින් විය යුතුයැ...

    ලජ්ජා වෙමි. සිංහල බසෙහි මා නොදන්නා දේ බොහෝයැ.
    ඉගෙන ගනිමි, අසා දැනගන්නට අවසර.

    සුරත් ලවනත
    කුරවි කෙවිල්ලක
    වාසමූල සුවදක්

    මේ වදන් තේරුම අසන මා මැට්ටෙක්ම වෙමි
    හෙළ බස, මා ගේ මව් බස, මනා ලෙස පොහොණි වූ බසකි. ඒ බිදී එන්නේ මාගන්ධීය අප්‍රභංස යෙනැයි කියවේ. මිනිසුන් ගේ මනසෙහි හට ගන්නා සකල විධ වූ සංකල්පයන් අනයයන් හට මේ මේ යැයි වෙසෙසින් දක්වනු හැකිය, මගේ බසින්. නමුත් එය උගත් යුතුය. වියත් සහ සුලලිත හෙළ බස උගත් හැක්කේ පැරනි සාහිත කෘති සේවනයෙන් ය.

    සුරත් ලවනත-
    රත් යනු රත් පැහැය වේ. සු යන සර්ගය යෙදිමෙන් එය වඩා පොබවත් වේ, දියුනු කැරේ. එනයින් සුරත් යනු ඉතා රත් පැහැ වූ යන්නය. ලවනත යනු දෙතොලයි

    කුරවි කෙවිල්ල - පරෙවි ධේනුව

    වාසමූල සුගන්ධය - වාසමූල නමින් හැදින්වෙන්නේ ඔබ වත්මනෙහි සැවැන්දරා නමින් දන්නා ශාඛයයි. එනම් සැවැන්දරා සුගන්ධය.
     
    මගේ කරවූ මැටි මොලයට අමෘතය වත්කල සෙයැ. මේ කුසල් ගෙනැ ඔබට තවත් නිර්මාණයන්ට නිස්කලංකය ලැබේවා.

    හෙළ බස නිසි ලෙස උගැන්මට කියවිය යුතු කෘතීන් කීපයක්ද කියා දෙන්නේ නම් කෘතඤ වෙමි.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    හෙළයා එළයැ................කුමට දන්ත කළ්‍යාණිය නෙළන්නේදැයි විටෙක සිතේ.

    ela mcn....................................tfs :love:
     
    Jul 3, 2012
    1,394
    116
    0
    කියඹුවෙන් වැසි මලවි කරලිය දැක
    සේවිත පැදි සිහි වේය මට....

    “තුණු තන යුග රන් කොකු මගර

    පිස එත මද පවන් ඇද විල් ලිහිණි සර...“*

    Oya uda dapu kaviye theruma mokakda?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කියඹුවෙන් වැසි මලවි කරලිය දැක
    සේවිත පැදි සිහි වේය මට....

    “තුණු තන යුග රන් කොකු මගර

    පිස එත මද පවන් ඇද විල් ලිහිණි සර...“*

    Oya uda dapu kaviye theruma mokakda?
    කියඹුව - කේශ කලාපය, වැසි - වැසුනු, මලවි-අනංගයා (ගේ), කරලිය - රග මඩල (මෙහි දි මලවි කරලිය යන්න විවාදාපන්න මාතෘකාවකි. සමහරු ඒ තරුණියන් ගේ ළැම යයි කියති, තවත් සමහරු ඒ ස්ත්‍රී නිමිත්ත යයි කියත්:P) දැක -දැකීමෙන්, සේවිත-සේවනය කලා වූ (එනම් කලින් රස වින්දා වූ) පැදි- කවි, සිහිවේය මට-(තේරුම එම මැයි)

    තුණු -උස් වූ, තන යුග - පයෝධර යුවල, රන් කොකු මගර - පැරනි කාන්තාවන් ලැම සිහිල් කිරීමට යොදා ගත් කොකුම් සහ රන් හිරියල් යන මිහ්‍රණය, පිස එක - පිස ගෙන එන, මද පවන් - මන්ද මාරුතය, ඇද විල් ලිහිනි සර - ඒ මන්ද මාරැතයට මුසු වී එන විල් ළිහිණින් ගේ මුදු හඩ :P:baffled::rofl:(මේ කාව්‍ය කොටස උපුටා ගන්නා ලද්දේ සැළලිහිණි සංදේශයෙනි. දෙවැනි කොටසක් ශුද්ධ වු බයිබලයේ එන සාලමොන් ගේ ගීතිකාවෙන් උපුටා ගෙන ඇත.ඒ බව පහතින් දක්වා ඇත)

    කුකුළණි නුඹලා හෙල බස ඉගෙන ගත යුතුය!:dull:
     
    • Like
    Reactions: kasun_jayasiri

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ කරවූ මැටි මොලයට අමෘතය වත්කල සෙයැ. මේ කුසල් ගෙනැ ඔබට තවත් නිර්මාණයන්ට නිස්කලංකය ලැබේවා.

    හෙළ බස නිසි ලෙස උගැන්මට කියවිය යුතු කෘතීන් කීපයක්ද කියා දෙන්නේ නම් කෘතඤ වෙමි.
    පැහැදිලි කිරීම් සහිත සැළළිහිණිය, මනමේ නාටකය, සද්ධර්ම රත්නාවලිය, උම්මග්ග ජාතකය, ඊරියගොල්ලයන් ගේ දේවතාපය, ඔහු ගේ මැ මනුතාපය, කේ.ජී.කරුණාතිලක සූරින් විසින් පරිවර්තනය කරන ලද පහත නවකතා- ඇලෙක්සැන්ඩර් දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා-වෙළුම් 6කි, හ්‍රීමත් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ ඈ හෙවත් අයේෂා-වෙළුම් 2කි, අයේෂා ආපසු එයි, කමලසිරි පෙරේරා විසින් අනුවාදිත ශ්‍රිමත් හෙන්රි රයිඩර් හැගාර්ඩ් ගේ රත්නාගාරය (කිං සොලමන්ස් මයින්ස් හි හෙළ අනුවාදය), හියුබත්දිසානායකයන් විසින් පරිවර්තනය කරන ලද සුදුවත හැදි කත, ඩේවිිඩ් කරුණාරත්නයන් විසින් කරන ලද, හෝමර් ගේ ඉලියඩ් සහ ඔඩිසි කාවයයන් හි හෙල අනුවාදයන් වන රණ බිම සහ වීර චාරිකාව..............
     
    • Like
    Reactions: lkzombie

    ඔබතුමන්ට නොවක් තුති. මේ පොත් කියවන්නෙමි.
    උම්මග්ග ජාතකය, මනුතාපය, ඇලෙක්සැන්ඩර් දියුමා ගේ මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා යන පොත් කොලු ගැටයා කල කියවා ඇත්තෙමි. ඒ තුළැ ඇති සාහිත්‍යය රසය අභ‍යාසයක් කොටැ ගෙනැ අධ්‍යයනය කොට නැත්තෙමි. හුදු කථාව පමණක් කියැවීමි. ඒ නැවත කියැවියැ යුතුයැ. සාහිත්‍යය රසය උකහාගත යුතුයැ. අධ්‍යයනය කල යුතුයැ.
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    කුකුළණි නුඹලා හෙල බස ඉගෙන ගත යුතුය!:dull:

    :yes: එසේයැ. හෙළ බස වන් රස ගඟුලෙක් තවත් මිහිපිටැ නැතැයි සිතේ... ඒ රස ගඟුලැ ඇති කලෝ සාහිත්‍යධරයෝ, රචකයෝම වෙත්. උන් දුටු ලොව කෙතරම් සුන්දර වන්නට ඇත්දැයි සිතුම පවා උගහටය. එනමුදු, ඒ දකින්නටම පතිමි. ඒ උදෙසා වෙර වඩමි.