ලෙනාඩ් ඔයිලර්



පහත ලිපිය MathsSir.lk වෙබ් අඩවියෙන් එළෙසම උපුටා එළෙසම පළකරන ලදි.


Leonhard_Euler1.jpg

විවිධ අන්දමේ ගණිත මාතෘකා පිළිබඳව ලිපි හා පොත් වැඩිම සංඛ්‍යාවක් ලියා ඇති ලොව සිටි ගණිතඥ ඔයිලර් යයි කියනු ලැබේ. එහු ලියා ඇති දේපි ළිබඳව අපට හරියාකාරව දැනගත හැක්කේ ගණිතය සම්බන්ධව පුළුල් අනබෝධයක් ඇත්තොත් පමණි.

ක‍්‍රි. ව. 1707 දී ස්විස්ටර්ලන්තයේ ක්‍රිස්තියානි පුජකවරයෙකු ට දාව ඔයිලර් මෙලොව එළිය දුටුවේ ය. ඔයිලර් ක්‍රිස්තියානි පුජකවරයෙකු කිරීමට ඔහුගේ පියාට අවශ්‍ය වුව ද ඔයිලර් ඊට වැඩි කැමැත්තක් නොදැක් විය. ජර්මනියේ ”බර්ලින් හා ප‍්‍රිටෝ ග්රූඩ්” විශ්ව විද්‍යාලවල ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරමින් ඔයිලර් ගණිතය හා සම්බන්ධ ලිපි – පොත් විශාල සංඛාවක් ලීවේය. ඔහු විසින් ගණිතය සම්බන්ධ ලියන ලදැයි වාර්තා වී ඇති මුළු ලිපි සංඛ්‍යාව 886 කි. මින් 500 ක් පමණ ඔහුගේ ජීවිත කාලයේ දීම ප්‍රකාශයට පත් කරනු ලැබීය.


Euler-10_Swiss_Franc_banknote_front.jpg

ඔයිලර් වෙනුවෙන් ස්විට්සර්ලන්ත ආන්ඩුව විසින් නිකුත් කල ෆ්‍රෑන්ක් 10 නෝට්ටුව

ඔයිලර් ගණනයක් කිරීම හුස්ම ගැනීම තරම් පහසු දෙයක් වුයේ යයි කියනු ලැබේ. එතරම් දුරට ඔහු එම කාර්යයේ දි රුසියෙකු වු බැවින්. ඇතැම් විට එහු ගණිත ලිපි ලියා ඇත්තේ ඔහුගේ එක් දරුවෙකු උකුල උඩ තබා ගෙන, අනික් දරුවා ඔහු වටා සෙල්ලම් කරමින් සිටිය දී ය. රාත‍්‍රි භෝජනයට පෙර ඔහුගේ බිරියගෙන් ලැබෙන පළමු කැඳවීමත්, අතර වු සුළු කාලය තුළ දී යම් ගණිත මාතෘකාවක් යටතේ ලිපියක් ලියා නිම කිරීමට වුව ද ඇතැම් විට ඔහුට හැකි බව ද සඳහන් වේ.

ඔයිලර් වයස අවු 23 ක් පමණ වු කාලයේ දි ”පැරිස් ඇකඩමිය” නම් වු විශ්ව විද්‍යාලය මගින් විසඳීම සඳහා නක්‍ෂත්‍ර ගැට‍ළුවක් පළ කරන ලදි. එවකට ලොව සිටි ප‍්‍රසිද්ධ ගණිතඥයින් සියළු දෙනා ම එය විසදීමට මාස ගණන් කල් ඉල්ලා සිටි නමුත් ඔයිලර්ට ඒ සඳහා ගත වුයේ දින 3ක්. මෙය විසඳීමේ දී ඔයිලර්ගේ දකුණු ඇසේ පෙනීම ද නැති වු බව කියනු ලැබේ. ඉන්පසු ඔහු කර ඇත්තේ ගල් ලෑල්ලක ලොකු අකුරු ලිවීමට පුරුදු වීමයි. අනතුරුව ඔහු ගල් ලෑල්ලේ ලියා සොයා ගත් කරුණු, පිටපත් කිරීම ඔහුගේ දරුවන්ට භාර කරන විය. ඇස් දෙක ම සම්පූර්ණයෙන් අන්ධ වීමෙන් පසු ඔහුගේ වැඩ කිරීමේ වේගය වඩාත් වැඩි වු බවද කියවේ. වයස අවු 76 දී ඔහුගේ ළදරු මුනුබුරෙකු සමඟ විනෝද වෙමින් සිටිය දී ඔයිලර් මරණයට පත් විය (1783 දී).

800px-Euler_Grave_at_Alexander_Nevsky_Monastry.jpg

රුසියාවේ ඇලෙක්සැන්ඩර් නෙවාස්කී ආරාමයේ තැම්පත් කර ඇති ඔයිලර්ගේ සොහොන් ගැබ

ඔහු විසින් සොයාගන්නට යෙදුණු ගණිත කරුණුවලින්, ඝණ වස්තු සඳහා “ඔයිලර් සම්බන්ධය” ඉතා වැදගත්කමක් දක්වයි. එනම් ඝන වස්තුවල ඇති ”ශිර්ෂ” හා ”මුහුණත්” වල එකතුව හැමවිටම ඒවායේ අඩංගු දාර සංඛ්‍යාවට 2 ක් එකතු කිරිමෙනි. එහි ගණිතයේ දී ඔයිලර්ගේ මේ සම්බන්ධ “ශිර්ෂ + මුහුණත් – දාර = 2” යනුවෙන් ලියා දක්වනු ලැබේ. ඔයිලර් සංඛ්‍යා හරඹයෙහි ඉතා ම දක්ෂයෙක් විය.

leonhard_euler.jpg

ඝණ වස්තු සඳහා “ඔයිලර් සම්බන්ධය” පිළිබඳව සඳහන් මුද්දරයට නැගුනු චිත්‍රය

“ඕනෑම සංඛ්‍යාවක් හතරැස් සංඛ්‍යා 4 හෝ ඊට අඩු ගණනක හෝ ඓක්‍ය ලෙස ප්‍රකාශ කළ හැකි බව” පෙන්වා දෙනු ලැබුවේ ඔයිලර් විසින්. මෙය ඔබ ද පරීක්‍ෂා කර බලන්න.