ආදි සිරිලක ආහාර පාන -2

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ආදි සිරිලක ආහාර පාන -2

    ආර්යාගමනයෙන් පසු මෙරට කෘෂිකර්මාන්ත කටයුතු ආරම්භ වීමත් සමඟ එය මෙරට වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපායන මාර්ගය බවට ද පත්විය. ආර්යන් සිය දැනුම උපයෝගි කරගෙන මෙරට කෘෂිකාර්මික කටයුතු ආරම්භ කළ බව පෙනේ. මුල් කාලීනව පැවැති ගංගා ආශ්‍රිතව ද පසුව වාරිකර්මාන්ත ඉදිකරමින් ද කෘෂිකර්මාන්තය මෙරට ආර්ථිකයේ ප්‍රධාන ස්‌ථානයකට පත් කිරීමට සමත්විය. අනුරාධපුර රාජධානි සමයේ දී මෙරට කෘෂිකර්මාන්තය ඉතා දියුණු තත්ත්වයකට පත්වූ බව පැහැදිලිව තහවුරු වන කරුණකි. එදිනෙදා ආහාරය සඳහා තත්ත්වයකට පත්වූ බව පැහැදිලිව තහවුරු වන කරුණකි. එදිනෙදා ආහාරය සඳහා අවශ්‍ය සහල් ලබා ගැනීම උදෙසා ගොවීන් ප්‍රධාන වශයෙන් වසරකට කන්න දෙකක්‌ කුඹුරු ගොවිතැන් කළ බවට තොරතුරු ලැබේ. නමුත් තෝණිගල පර්වත ලිපියෙන් අනාවරණය වන පරිදි වසරකට කන්න තුනක්‌ ගොවිතැන් කළ බව තහවුරු වේ. "පිටදඩහස" "මදෙහස" හා "අකලහස" යනු එම කන්න තුනයි.

    "............ මණක වී පිට දඩ හස්‌හි වෙඩ අකල හිසින් වෙළුම....." (E, Z, Vol 03, (1933), p, 177)

    ".... මාස්‌ කන්නයේ අස්‌වැන්නෙන් ලැබෙන පොළිය ද යල් අස්‌වැන්නෙන් ලැබෙන පොළිය ද මැද අස්‌වැන්නෙන් ලැබෙන පොලිය ද (වන) පන්විසි අමුණක්‌ වී ද මේ සාමුණක උදුවල පොළිය........" (ලක්‌දිව සෙල්ලිපි, 139 පිටුව) ආදී වශයෙන් එහි සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ වී වලට අමතරව උඳු ද වගාකළ බවයි. ඒ අනුව මෙකල කෘෂිකාර්මික අතින් සමෘද්ධිමත් වූ නිසා ම ආහාර පරිභෝජනය ද උසස්‌ තත්ත්වයකට පවතින්නට ඇතැයි සිතිය හැකිය.

    වංසකතා මගින් හෙළිවන තොරතුරු අනුව ඊළඟට බත් ආහාරයට ගත් පුවතක්‌ පණ්‌ඩුකාභය රාජ්‍ය සමය පිළිබඳව සඳහන් තොරතුරුවලින් අනාවරණය වේ. පණ්‌ඩුල ඇදුරු සමීපයේ සිට ආපසු එන පණ්‌ඩුකාභය කුමරුට අතර මගදී හමුවන ඔහුගේ මාමා කෙනෙකුන් වන සිවගේ දියණිය වූ පාලි කුමරිය ඇතුළු පිරිස කුඹුරෙහි වැඩෙහි නියුතු වන්නන්ට බත් ගෙනයමින් සිටියාය.

    සො කරිස සත පක්‌කං - තදා ලාවෙති ඛත්තියො
    තස්‌ස ධීතා රූපවතී - පාලි නමාසි ඛත්තියා

    සා මහාපරිවාරෙන - යානමාරුය්හ සොභනං
    පිතුභත්තං ගාහයිත්වා - ලාවකානඤ්ච ගච්ඡති

    (ම.ව. පරි. 10.30, 31 ගාථා)

    ඇයගේ පියා වූ ගිරිකණ්‌ඩශිව ඒ වන විට සියක්‌ කිරියක පැසුණු ගොයම් කප්පවමින් සිටියේය. ඒ අනුව මෙම කාලය වන විට වී ගොවිතැන ඉතා දියුණු තත්ත්වයක පැවැති බව පෙනේ.

    දේවානම්පියතිස්‌ස රාජ්‍ය සමය පිළිබඳව තොරතුරු සඳහන් වන මහාවංස පුවතෙහි ද බත් පිළිබඳ ව සඳහන් වේ. මිහිඳු හිමියන් විසින් සුමන සාමනේරයන් හට ධර්ම දේශනා කරන වේලාව අන් අයට දැනගැනීමට ඝෝෂා කරවයි දේශනා කළ කල්හි සාමණේරයන් වහන්සේ විසින් කරන ලද ඝෝෂාව ඇසෙන අවස්‌ථාවේ දෙවනපෑතිස්‌ රජු සිටියේ නාග චතුක්‌ක නම් ස්‌ථානයේ බත් අනුභව කරමින් බව සඳහන් වේ. (ම.ව. පරි 14, 36 ගාථාව)

    ධාතුවංසයට අනුව මෙරට ආහාරපාන පිළිබඳව තොරතුරු බුදුරදුන් දවස දක්‌වා ඈතට දිවයයි. ගෞතම බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට පෙර කාවන්තිස්‌ස රජු ලංකාවේ මලය රට දනව්වක ඉපිද සිටින කාලයේ දී තමන් වාසය කළ නිවෙසෙහි අල, කෙසෙල්, පොල්, කොස්‌ ආදිය වගා කළ බව සඳහන් වේ.

    "....... තමන් වසන්නා වූ ගෙදොර අල කෙසෙල් පොල් කොස්‌ ආදිය ඇති කළේය....." (ධා.ව. දඹගස්‌ආරේ ශ්‍රී සුමේධංකර මහා ස්‌ථවර, පරි. 4, 60 පිටුව)

    මෙකල කොස්‌ ප්‍රධාන ආහාරයක්‌ වූ බව මෙන්ම ඉදුණු කොස්‌ (වැල) ප්‍රණීත ආහාරයක්‌ වූ බවත් එහි සඳහන් වේ.

    මෙම තොරතුරු පිළිබඳ ව විමසීමේදී කාවන්තිස්‌ස රජුගේ පෙර ආත්මභවය පිළිබඳව පුවත මන(කල්පිත, අතිශයෝක්‌තියට බර සිදුවීමක්‌ වූවද මෙහි සඳහන් ආහාර බෝග පිළිබඳ ව යම් සත්‍යතාවක්‌ ඇති බව අනුමාන කළ හැකිය. ඒ මන්ද යත් ධාතුවංසය රචනා වී ඇත්තේ රෝහණයේ පාලකයන්ගේ පුඤaඤ පොත්ථක හා එතෙක්‌ සුරක්‍ෂිතව පැවැති පාරම්පරික වෘත්තාන්ත අනුව බව පෙනේ. ඒ අනුව මෙමගින් කියවෙනුයේ අනුරාධපුර රාජධානි සමයට සමකාලීනව රෝහණයේ භාවිත වූ ආහාර බෝග වර්ග යෑයි සිතිය හැකිය.

    විශේෂයෙන් මෙරට භාවිත වූ ආහාර පිළිබඳව විමසීමේදී වෙනම ම ඒ පිළිබඳ ව තොරතුරු කිසිදු මූලාශ්‍රයක සඳහන් වී නොමැති බව මා ඉහතින් සඳහන් කළෙමි. හුදෙක්‌ ආහාරපාන වර්ග පිළිබඳ ව තොරතුරු අනාවරණය කරගත හැක්‌කේ භික්‍ෂූන් වහන්සේලා හට කළ දානමානාදිය පිළිබඳව සඳහන් තොරතුරු වලිනි. ප්‍රභූ ජනයා භාවිත කළ ආහාර, සාමාන්‍ය ජනයා භාවිත කළ ආහාර ආදී වශයෙන් වෙන්කොට හඳුනා ගැනීමට තරම් මූලාශ්‍රමය සාධක විරලය. භික්‍ෂූන් වහන්සේලා විෂයෙහි පිදූ දානයන්හි දී යොදාගන්නා ආහාර වර්ග එදා ජනයා ද භාවිත කළ ආහාරයන් ම විය හැකි යෑයි සිතිය හැකිය. ඒ මන්ද යත් වර්තමානයේ දී සිදුවන්නේ ද සාමාන්‍ය ජන ජීවිතයේ භාවිත වන බොහෝ ආහාර පාන භික්‍ෂූන් වහන්සේලා උදෙසා ද පිරිනැමීමයි. ඒ නිසා ම සාහිත්‍යමය මූලාශ්‍ර මගින් වූවද අනාවරණය කරගැනීමට හැකි බොහෝ තොරතුරු මෙසේ භික්‍ෂූන්ට පිදූ ආහාර වර්ග පිළිබඳ තොරතුරු වීම මෙහිදී වැදගත්ය.

    මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වන පරිදි පිසින ලද බත් වර්ග දෙකකි. එනම් "පායාස" (කිරිබත්) හා "යාගු" (කැඳ) ය. ‚රපායාස යනුවෙන් පාලි භාෂාවෙන් හඳුන්වනුයේ කිරිබත්ය. (අනුරාධපුර යුගය 310 පිටුව)

    පාලි සාහිත්‍යයේ සඳහන් වන පරිදි ආහාරය "පුබ්බණ්‌ණ" හා "අපරත්න" වශයෙන් කොටස්‌ දෙකකි. මෙහි පුබ්බණ්‌ණ කොටසට ගැනෙන ආහාර භෝග 7 ක්‌ පිළිබඳව සඳහන් වේ. එනම් සාලි (හැල්), විහි (වී) කු¹eස (කොල්ලු), වරාක (වරා), ගෝධුම (තිරිඟු) ආදියයි. මේවා එදිනෙදා ජීවිතයේදී බොහෝවිට සාමාන්‍ය ජනයා ප්‍රධාන ආහාර වේල සඳහා බහුලව යොදාගත් ආහාර වර්ග වේ. අපරන්ත යනු මුං, මෑ ආදී ධාන්‍ය වර්ගයන් වන අතර ඒවා අප්‍රධාන ආහාරයන් විය.

    සීහලවත්ථුප්පකරණයට අනුව මහාදේව උපාසක තෙම "හැම කල්හි පූර්වාන්ත අපරාන්ත නම් ශස්‍යයන් කරවනයි" යනුවෙන් සඳහන් වීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. (සීහපවත්ථුප්පකරණය (සිංහල අනුවාදය) පැරණි සිංහල බණ කථා, පොල්වත්තේ බුද්ධධත්ත හිමි (2002) පිටුව

    "බත" ආහාරයට සුදුසු පරිදි විවිධාකාරයෙන් සකසා ගත් බවට තොරතුරු ලැබේ. පිසින ලද බත්, මස්‌, මාංශ හා එළවළු ව්‍යංජන සමඟ ආහාරයට ගන්නා ලදී. මුල්කාලීන ව බත් ආහාරයට ගැනීමේ දී සුපයන් සමඟ අනුභව කළ බවට තොරතුරු ලැබේ. "සූපය" යනු හොද්දයි. හොදි (සූප) හා බත් අනුභවය සාමාන්‍ය ජනයාගේ ආහාරය වූ අතර සූප හා ව්‍යංජන සමග බත් ප්‍රභූන්ගේ ආහාර වේල සඳහා පිළියෙල කෙරුණු බව පාලි සාහිත්‍යයෙන් අනාවරණය වේ.

    විශේෂයෙන් ආහාර පාන වර්ග වර්තමානයේ මෙන්ම අතීතයේ ද එක්‌ එක්‌ අයගේ ආර්ථික තත්ත්වය මත ර¹ පැවැතුණු බව සිතිය හැකිය. සැමට ම ඒකාකාරව ප්‍රණීත ආහාර වේලක්‌ රස විඳීමට නොහැකි වන්නට ඇත. සද්ධර්මාලංකාරයට අනුව දුප්පතුන්ගේ ආහාරය නිවුඩු හාලේ බත් හා කුඩමැස්‌සන්ගෙන් යුක්‌ත වූ බව කියෑවේ. දැසි දස්‌සන්ට භෝජනය වශයෙන් ලැබුණේද නිවුඩු හාලේ බත් බව පූජාවලියේ සඳහන් වේ. (පූජාවලිය, 642 පිටුව)

    "බත" යන්න පාලි මූලාශ්‍රයන් හි "භත්ත" යනුවෙන් හැඳින්වේ. බත් පිළිබඳව තොරතුරු සෙල්ලිපි මගින් ද තහවුරු වී ඇත. මහරත්මලේ ලිපියට අනුව කිරිබත් (පායාස) හා "යාකු" යනුවෙන් හැඳින්වූ කැඳ වර්ගයක්‌ පිළිබඳව තොරතුරු සඳහන් වේ.

    "සහ පරිවතක........ විහරති භකුසගහ විසිනි හමණ (ය) යාකුච බතව වස වසික හාඨික (ච)..... න කටු දිනෙ (උති) රික..... ර(ප) ට..... වානක කටු දිනෙ......" (E.Z, Vol - 1p.58)

    මීට අමතරව තෝණිගල පර්වත ලිපියෙහිද බත් පිළිබඳ ව සඳහන් වේ. සංඝයා වහන්සේලාට පිදූ ආහාර අතර ගැල් 3 1/2 බත් වූ බව සඳහන් වේ.




    අග්‍රා දමයන්ති‍
    දිවයින 07-11-2010
     

    Similar threads