කොටස් වෙළඳපොල................................

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොටස් වෙළඳපොල................................

    cse1.jpg

    කොටස් වෙළඳපොලෙන් ගොඩාක් අය අයින් උනා පහු ගිය කාලෙ පුරාම. ඒ වගේම බැන බැන ඉන්නව දැක්ක. ඇහුන. ඒ ගොඩක් අය වැඩි මිළට අරගෙන කඩන් වැටෙද්දි විකුනපු අය. මාකට් එක ගැන හොඳ අධ්‍යනයක් කරල දැනුමක් අරගෙන ආව අයනම් කතාබහ නැතිවම තමන්ගෙ වැඩේ කරගෙන යනව කියලයි කියන්න වෙන්නෙ.

    cse3.jpg

    මාකට් එකක් කියන්නෙ මිනිස්සුන්ගෙ ක්‍රියාකාරීත්වය මත, සිතිවිලි අනුව හැසිරෙන දෙයක්. හැඟීම් වගේම කෑදර කමත් ඔතනදි ගොඩාක් බලපාන සාධක වෙනව. ඒ කොහොම උනත් ෆොරෙx වලදි වගේම මෙතනදිත් මාකට් එකේ ට්‍රෙන්ඩ් එක ගැන අපි හොඳ අවබෝධයක් තියාගන්න එක වැදගත්. මොකද ෆොරෙx වල වගේ පහලට යද්දි සෙල් දාන්න බෑනෙ.

    cse2.jpg

    කොටස් වෙළඳපොල ගැන කතා කරද්දි වැදගත් වෙන දෙයක් තමයි මේ.

    cse4.jpg

    මේ තමයි ASPI [සියලු කොටස් මිළ දර්ශකය].මේ ගැන තමයි අපි කතා කරන්නෙ.මේකෙ කලු පාටින් රේඛාවක් ඇදල තියෙනව පේනව නේද? ඉතින් දැන් තියෙන මේ මිළ ඉහලට යාම බොහෝ දුරට ඔය රේඛාව ආසන්නයටවත් [6450] එයි කියල හිතන්න පුලුවන්. මොකද ඒ තමයි Resistance Line එක. ඒක කඩාගෙන ගියොත් ඉතින් තවත් ඉහලට. නැත්නම් ආයෙ කීයට විතර වගේ පහලට එයිද කියල චාර්ට් එක බලලම කියන්න බලන්න. චාර්ට් එක බලන්න මේ ලින්ක් එකෙන් ගිහින්. ගොඩාක් පැහැදිලියි. [වෙන හොඳ ඒව තියේනම් අපිවත් දැනුවත් කරන්න.]
    http://finance.yahoo.com/echarts?s=^CSE+Interactive#{%22range%22:%22max%22,}

    Edit;

    ආයෝජකයන් බහුලව සිදු කරන වැරදි.

    01. අවබෝධයකින් තොරව කොටස් ගණුදෙනු ආරම්භ කිරීම.
    02. කෙටිකාලීන අරමුණු මත ආයෝජනය කිරීම.
    03. ආයෝජනය සූදුවක් බවට පත් කර ගැනීමට උත්සාහ කිරීම.
    04. දැරිය හැකි ප්‍රමාණය ඉක්මවා කොටස් මිලදී ගැනීම.
    05. ආයෝජනය විවිධාංගීකරනය නොකිරීම.
    06. කටකතා සහ ආරංචි මත කොටස් මිලදී ගැනීම.
    07.
    කොටස් තැරව්කාර ආයතනයේ ආයෝජන උපදේශක මත පමණක් යැපීම.
    08. සමීක්ෂණ වාර්තා පිළිබඳ අවධානය යොමු නොකිරීම.
    09. ආයෝජන සැලැස්මක් නොතිබීම.
    10. ඉහළ ගිය කොටස් මිළදී ගැනීම හා පහල ගිය විට විකිනීම.
    11. කොටස් මිලදී ගත් පසු/විකිණීමෙන් පසු ලැබෙන ලිපි ලේඛන පිළිබඳ අවධානය යොමු නොකිරීම.

    [යටින් දාල තියෙන්නෙ එළකිරියේ 2011 දාපු ත්‍රේඩ් එකක් Thief සහෝදරයගෙ. දැන් එළකිරියෙ දකින්න නැති උනාට අපි ස්තුති කරන්න ඕන මේ වගේ ත්‍රේඩ් එකක් දැම්ම එක ගැන.
    කොටස් වෙළඳපොලට සම්බන්දවීමේ සිට දැනගන්න ඕන කරුණු තියෙන හොඳ නූලක් මචන්
    .
    ]

    http://www.elakiri.com/forum/showthread.php?t=1160456&highlight=share+market

    ඔබ ආයෝජකයෙක්ද? ගණුදෙනුකරුවෙක්ද?

    Investor-Trader.jpg

    ආයෝජකයෙකුගේ ලක්ෂණ

    1.
    කොටස් මිලදී ගෙන රඳවා තබා ගනී.
    2.
    බොහෝ විට වසරකට අධික කාලයක් කොටස් රඳවා ගනී.
    3.
    කෙටි කාලීන මිල පහලයාම් නොතකයි.
    4.
    ලාභ එකතු කර ගැනීමට උත්සුක වේ.
    5.
    සිද්ධාන්ත විශ්ලේෂණය මත පිහිටා කොටස් මිලදී ගනී.

    ගනුදෙණුකරුවෙකුගේ ලක්ෂණ

    1.
    කොටස් රඳවා තබා නොගනී.
    2.
    ඉතා කෙටි කාලීනව ගණුදෙනු කරයි.
    3.
    අලාභ අවම කර ගැනීමට උත්සුක වේ.
    4.
    කෙටිකාලීන ලාභ ලබා ගැනීමට උත්සාහ කරයි.
    5.
    තාක්ෂණික විශ්ලේෂණය භාවිතා කරයි.
     
    Last edited:

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    Sri Lanka is not an economy to play with stock market. Economic policies are changing according to the government and country doesn't have a long term economical strategies due to politikkos.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Sri Lanka is not an economy to play with stock market. Economic policies are changing according to the government and country doesn't have a long term economical strategies due to politikkos.

    කතාව ඇත්ත මචන්. හැමදේම වෙනස් වෙන හේතුව දේශපාලනේ. ආර්ථික ප්‍රතිපත්තිත් නෑ තමයි. පිලිවෙලකුත් නෑ තමයි. ඒත්............ඒවයින් තෝරු මෝරු බේරෙනව නැත්නම් රිංගල යන්න පුලුවන්කම ලැබෙනව. මම මේක දැම්මෙ බ්‍රෝකර්ල නිසා අනාථ වෙන්න පුලුවන් උන් ඉන්නව, මාකට් අප් කිව්වම ඔහේ දාන්නන් වාලෙ දාල උඩින්ම තියෙන මිළට ගන්න අය ඉන්නව, තවත් හේතු නිසා.මතකනෙ පහුගිය කාලෙ තමන්ගෙ පාරිතෝෂිකේ පවා දාපු මිනිස්සු. ඒ වගේමයි ලක්ෂ ගණන් දාල ඒ සල්ලිවලින් බ්‍රෝකර් එකම කොටස් වැඩිම මිළට අරන් දාපු අය තාම හූල්ලනව මචන්.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කතාව ඇත්ත මචන්. හැමදේම වෙනස් වෙන හේතුව දේශපාලනේ. ආර්ථික ප්‍රතිපත්තිත් නෑ තමයි. පිලිවෙලකුත් නෑ තමයි. ඒත්............ඒවයින් තෝරු මෝරු බේරෙනව නැත්නම් රිංගල යන්න පුලුවන්කම ලැබෙනව. මම මේක දැම්මෙ බ්‍රෝකර්ල නිසා අනාථ වෙන්න පුලුවන් උන් ඉන්නව, මාකට් අප් කිව්වම ඔහේ දාන්නන් වාලෙ දාල උඩින්ම තියෙන මිළට ගන්න අය ඉන්නව, තවත් හේතු නිසා.මතකනෙ පහුගිය කාලෙ තමන්ගෙ පාරිතෝෂිකේ පවා දාපු මිනිස්සු. ඒ වගේමයි ලක්ෂ ගණන් දාල ඒ සල්ලිවලින් බ්‍රෝකර් එකම කොටස් වැඩිම මිළට අරන් දාපු අය තාම හූල්ලනව මචන්.

    ඒ අය අඩුම ගානෙ සමාගම්වල කොටස් වලට divident එකක් දෙනව කියලවත් දන්නෙ නැති අය. ඉතින් හිතාගන්න පුලුවන්නෙ මචන්. එහෙම එන අයව අන්ඳල තමන්ට ලැබෙන කොමිස් එක ගැන හිතන බ්‍රෝකර්ල නැද්ද මචන්? තමන්ගෙ, පවුලෙ, යාලුවන්ගෙ කොටස් වැඩිම මිළට විකුණන්න එයාල අල්ලගන්නෙත් අහිංසක මිනිස්සුම තමයි.
    මට මේ සමාජ ක්‍රමේවත් මේ රටාවවත් වෙනස් කරන්න බෑ. මිනිස්සුන්ගෙ හිත් වෙනස් කරන්නත් බෑ. මට එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ. මොකද හැම එකාටම මොළයක් කියල කළදක් හරි තියෙනව. තමන්ට හරි දේ පෙන්නල දෙනවනම් ඒක තේරුම් ගන්න පුලුවන්නම් ඕනම කෙනෙකුට මේකෙන් ගොඩ යන්න පුලුවන්. ඒත් කවුද කියපන් එහෙම කියල දෙන්නෙ? තමන් දන්න දෙයක් කියා දීල මිනිස්සුන්ව ගොඩ දාන්න කැමති ආය කවුද මචන්? ඒව රහස් විදියට තියාගෙන තමන් හරි හම්බ කරගන්නයි ගොඩාක් මිනිස්සු කැමති.
    දන්නදේ කියාදෙන්න ගියාමත් සමහරු කියන කතාත් තියෙ. ඒක ඇත්ත. මාකට් එක ගැන මම කියන්න ගිහින් මම උන්ගෙ සල්ලි ගන්න හදන, බ්‍රෝකර්ගෙන් මට ගානක් එනව ඇති කියල මැටිමෝල් හිඟන වල් බූරු කතා කියන උන් එක්ක තමයි මේ ජීවත් වෙන්නෙ.
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කතාව ඇත්ත මචන්. හැමදේම වෙනස් වෙන හේතුව දේශපාලනේ. ආර්ථික ප්‍රතිපත්තිත් නෑ තමයි. පිලිවෙලකුත් නෑ තමයි. ඒත්............ඒවයින් තෝරු මෝරු බේරෙනව නැත්නම් රිංගල යන්න පුලුවන්කම ලැබෙනව. මම මේක දැම්මෙ බ්‍රෝකර්ල නිසා අනාථ වෙන්න පුලුවන් උන් ඉන්නව, මාකට් අප් කිව්වම ඔහේ දාන්නන් වාලෙ දාල උඩින්ම තියෙන මිළට ගන්න අය ඉන්නව, තවත් හේතු නිසා.මතකනෙ පහුගිය කාලෙ තමන්ගෙ පාරිතෝෂිකේ පවා දාපු මිනිස්සු. ඒ වගේමයි ලක්ෂ ගණන් දාල ඒ සල්ලිවලින් බ්‍රෝකර් එකම කොටස් වැඩිම මිළට අරන් දාපු අය තාම හූල්ලනව මචන්.

    ලන්කාවේ දේශපාලනේ ගැනනම් කතා කරල වැඩක් නැ මචන්.. දම්මිකයට කෙලවන්න රවී Tiles වලට තිබුන ආනයන Tax එක අයින් කරපු හැටි දැක්කනේ මචන්.. දැන් CGT එක ගේන්නත් හදනව.. එකත් foreigners අදාල වෙන්නෙ නැතුව අපිට විතරක් අදාල වෙන්න කරන්න හදන්නේ.. මුන් සේරම අපිටමයි කෙලවන්න හදන්නෙ බන්.. :no::no:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ලන්කාවේ දේශපාලනේ ගැනනම් කතා කරල වැඩක් නැ මචන්.. දම්මිකයට කෙලවන්න රවී Tiles වලට තිබුන ආනයන Tax එක අයින් කරපු හැටි දැක්කනේ මචන්.. දැන් CGT එක ගේන්නත් හදනව.. එකත් foreigners අදාල වෙන්නෙ නැතුව අපිට විතරක් අදාල වෙන්න කරන්න හදන්නේ.. මුන් සේරම අපිටමයි කෙලවන්න හදන්නෙ බන්.. :no::no:

    මචන් ඇත්තටම ඌ[රවී] මාර ගේම් කාරයෙක්.මමනම් හිතන්නෙ ඌ මාකට් බහින්නෙ පිටරටක ඉදන් හදාපු එකවුන්ට් එකකින්. ඒ වගේමයි ටයිල් සීන් එකෙන් දම්මිකට කෙළවන්න පුලුවන්ද? බෑනෙ මචන්. කෙළවෙන්නෙ ඒවයෙ වැඩ කරන අහිංසක මිනිස්සුන්ට විතරයි.
    රටේ නිෂ්පාදන කඩල දාල හැමදේම පිටින් ගෙන්නන්නත් මේ තරම් මහන්සි වෙන්නෙ ඇයි? මීයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමිනෙ බන්.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :no:

    හැරි ඉන්නේ රවිය එක්කනේ බන්.. එකයි රවිය ඔච්චරම දගලන්නේ දම්මිකට කෙලින්නේ.. උට කවදාවත් දම්මිකට කෙලවන්න නම් බැහැ බන්.. දැක්කනේ සිකුරාද නවලොක එකත් දම්මික ගත්තා.. උට දැන් අඩු වෙල තිබුනෙ රෝහලක් විතරයිනේ බන්.. :D:D

    දැන් රනිල් හදන්නේ foreign investment ටිකක් මාර්කට් එකට ගේන්න.. ඉතින් මොනවහරි කරල ඒක ගෙන්නයි හදන්නේ.. ඒකයි දැන් CGT එකත් ගේන්න හදන්නෙ බන්.. :no:

    :yes::yes: cgt පහුගිය අවුරුදුවලටත් බලපාන විදියෙ සීන් එකක් කරන්න යනවද? නවලෝක[shares] පල් වෙවී තිබ්බෙ. ඔය ගමන බලන්න පුලුවන් අහස දිහා.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    A.Perera.1119_perera1_416x416.jpg

    මෙයා ඉන්නකං ඔහොම තමා. මොන ආණ්ඩු ආවත් මෙයාට ලොකු කොටසයි, ලොකු පුටුවයි. :rofl:
     
    • Like
    Reactions: u.saradiyel

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes: cgt පහුගිය අවුරුදුවලටත් බලපාන විදියෙ සීන් එකක් කරන්න යනවද? නවලෝක[shares] පල් වෙවී තිබ්බෙ. ඔය ගමන බලන්න පුලුවන් අහස දිහා.

    නැහැ බන්.. පරන අවුරුදු වලට බලපාන්නේ නැහැ මචන්...:no::no:

    දැන් එක දිගට දවස් 8 ක් තිස්සේ සැර foreign inflow එකක් තියනව බන් මාර්කට් එකට.. ඉස්සරහට ගොඩක් වෙලාවට මාකට් එක 7000 ට විතර එනව බන්.. :D:D

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙයා ඉන්නකං ඔහොම තමා. මොන ආණ්ඩු ආවත් මෙයාට ලොකු කොටසයි, ලොකු පුටුවයි. :rofl:

    පැහැදිලි මදි මචන්. හිතේ තියන් ඉන්න ටිකත් මේකට එකතු කරපන් බන්.:P
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    A.Perera.1119_perera1_416x416.jpg

    මෙයා ඉන්නකං ඔහොම තමා. මොන ආණ්ඩු ආවත් මෙයාට ලොකු කොටසයි, ලොකු පුටුවයි. :rofl:

    දැන් ඒකේ අනිත් පැත්ත බන්.. ඉස්සර දම්මිකට තිබුන තැන දැන් හැරිට තියෙන්නේ බන්.. හැරී කියන දේ රවි කරනව :D

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නැහැ බන්.. පරන අවුරුදු වලට බලපාන්නේ නැහැ මචන්...:no::no:

    දැන් එක දිගට දවස් 8 ක් තිස්සේ සැර foreign inflow එකක් තියනව බන් මාර්කට් එකට.. ඉස්සරහට ගොඩක් වෙලාවට මාකට් එක 7000 ට විතර එනව බන්.. :D:D

    හැම සහනයක්ම උන්ට දුන්නම ඉතින්...................:P
    7 පන්නයි එහෙම උනොත්.:love:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    පැහැදිලි මදි මචන්. හිතේ තියන් ඉන්න ටිකත් මේකට එකතු කරපන් බන්.:P

    මහින්ද දම්මිකට දිපු දෙවල් ගැන මු කියල තියෙන්නෙ බන්.. BOI එකේ සම්පුර්න පාලනය දම්මිකට දිලනේ තිබුනෙ බන්..
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    දැන් ඒකේ අනිත් පැත්ත බන්.. ඉස්සර දම්මිකට තිබුන තැන දැන් හැරිට තියෙන්නේ බන්.. හැරී කියන දේ රවි කරනව :D

    [/CENTER]

    හැරීගෙ company මොනාද මචන්? ;)
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    මහින්ද දම්මිකට දිපු දෙවල් ගැන මු කියල තියෙන්නෙ බන්.. BOI එකේ සම්පුර්න පාලනය දම්මිකට දිලනේ තිබුනෙ බන්..

    නෑ මචන්. මොන ආණ්ඩු ආවත් කියල දාල තිබ්බෙ. ඒ නිසයි මාත් ඇහුවෙ.