සහනාධාර බර හා ආර්ථිකය කළමනාකරණය

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සහනාධාර බර හා ආර්ථිකය කළමනාකරණය

    “සහනාධාර බර දරාගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අසීරුයි. විවේචනය පහසුයි. යථාර්ථය එයයි.” - ආචාර්ය පී. බී. ජයසුන්දර

    Details Last Updated on 24 February 2012

    ඉන්ධන මිල ගණන් ඉහළයාම ගැන සමාජය විවිධ මත පළ කරනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල අපේ ආර්ථිකයට දරාගන්නට බැරිතරම් වර්ධනයවීම මේ ආකාරයට ඉන්ධන මිල ඉහළයෑමට බලපෑ හේතුව බව කිව යුතයි. පසුගිය කාලයේ රටේ සිදුවූ සංවර්ධන කටයුතුවල වේගවත් බව නිසා ඉන්ධන පරිභෝජනය ද වැඩිවුණා. පසුගිය කාලය පුරාම තෙල් අලෙවි කළේ විශාල සහනාධාරයක් ඇතිවයි. ඒ නිසා විදුලබල මණ්ඩලයේත්, ඛනිජ තෙල් සංස්ථාවේත් පාඩුව දිනෙන් දින ඉහළ ගියා.
    විදුලිබල මණ්ඩලයට, ඛනිජතෙල් සංස්ථාව මෙතෙක් දැවිතෙල් සැපයුවේ ලීටරයක් රුපියල් 40 බැගිනි. එහි ඇත්ත මිල රුපියල් එකසිය දහයකි. ඒ නිසා තෙල් සංස්ථවේ පාඩුවෙන් වැඩි කොටසක් විදුලිබල මණ්ඩලය නිසා හටගත් බව පෙනේ. මෙරට පෞද්ගලික අංශය තමන්ගේ ලාභ පරිමාවන් ඉහළ දමා ගත්තේද සහන මිලට ඉන්ධන ලබා ගැනීමෙනි. රටේ පොදු ජනතාව අඩු උද්ධමන වේගයක් භුක්ති වින්දේ ඛණිජ තෙල් සංස්ථාව පාඩු ලබමින් අඩු මිලට තෙල් අලෙවි කළ නිසයි.
    පසුගිය දෙසැම්බර් මාසය වනවිට විදුලිබල මණ්ඩලයට සහන මිලට තෙල් දීම නිසා රුපියල් බිලියන 60 (කෝටි හයදාහක) පමණ මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ලැබිය යුතුව තිබිණි. අයවැය ලෙඛනයත් සමග එම රුපියල් බිලියන හැට පියවා දැමිණි. ඛණිජ තෙල් සංස්ථාව එම අරමුදල් ලබාගෙන තමන් බැංකුවලට ගෙවිය යුතු වූ ණය ගෙවා දැමීය.
    එසේ වුවත් ලෝක තත්ත්වය වෙනස් නොවීය. ඉරානය අපේ ප්‍රධාන තෙල් සැපයුම්කරුය. ඔවුන්ගේ තෙල් අලෙවියට ජාත්‍යන්තර සම්බාධක පනවා ඇත. මේ නිසා අපට ඉදිරියේදි වැඩිපුර තෙල් ගන්නට සිදුවන්නේ විවෘත වෙළෙඳපොළෙනි. විවෘත වෙළෙඳපොලේ ඉන්ධන බැරලය ඩොලර් 120ට ආසන්න ගණනනකට දැන් ඉහළ නැග තිබේ. ඇතැම් අය කියන්නේ තවමත් රජය ඩොලර් 90 ට හෝ 100 ට තෙල් මිලදී ගන්නා බවයි. එය සත්‍යයෙන් තොර කතාවකි. දැන් අප රටට මිලදි ගන්නා තෙල් වලින් 60% ක් පමණ මිලදි ගන්නේ පිරිපහදු කළ තෙල් වශයෙනි. එම තෙල් මිල ගණන් ඉතාමත් අධිකය. බොරතෙල් හෝ පිරිපහදු කළ තෙල් තොග අප සතුව ඇත්තේ මාස 1 ½කට පමණ කාලයකට සෑහෙන්නටය. මේ ගණනට තෙල් මිලදී ගෙනත් විදුලිබල මණ්ඩලයට රුපියල් 40/- ට සැපයූ දැවිතෙල් ලීටරයක සැබෑ මිල රැ. 116/- ක් විය. එක ලීටරයකින් පාඩුව රුපියල් 76 කි.
    මෙම පාඩුව කොතෙක් කල් දරාගත හැකිද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි. මේ නිසා ඛණිජ තෙල් සස්ථාව අධික ලෙස පාඩු ලැබීය. ගිය වසරේ මාස 12 ට පමණක් රුපියල් කෝටි 9000 ක් තෙල් සංස්ථාව පාඩු ලැබීය. තවදුරටත් පාඩුව දරා සිටියහොත් මේ වසර අවසන් වනවිට පාඩුව රුපියල් කෝටි විසි දහස ඉක්මවන්නට පවා ඉඩතිබිණි. මේ ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගෙනයාම කිසිම ජගතකුට කළ නොහැකි වැඩකි. සමහරු කියන්නේ රජය තෙල් අලෙවි කොට විශාල බදු ආදායමක් ලබන බවය. නමුත් ඇත්තටම ඉන්ධන අලෙවියේදි දැන් බදු අය කෙරෙන්නේ පෙට්‍රල් ලීටරයකට රුපියල් 25 ක් හා ඩීසල් ලීටරයකට රුපියල් 2.50 කි. ඒ හැර වෙනත් කිසිදු ඉන්ධනයකින් බදු අය නොකෙරේ. පෙට්‍රල් හා ඩිසල් අලෙවියෙන් පසුගිය ජනවාරි මාසයේ ඛනිජ තෙල් සංස්ථාවට ලැබූ එම සෘජු බදු ආදායමවත් මහාභාණ්ඩාගාරයට ගෙවාගන්නට තෙල් සංස්ථාවට නොහැකි විය. තෙල් සංස්ථාව ඒ තරම්ම අධික පාඩුවක් ලබමින් සිටියේය. මෙම බදු අරමුදල් නොමැතිවීමෙන් භාණ්ඩාගාරයට ද ගැටලු මතුවිය. තවත් ආයතන රැසකට ද එය බලපෑවේය. ඉන්ධන මිල ඉහළ නැගීම නිසා විෂම ආර්ථික චක්‍රයක් නිර්මාණය වෙමින් පැවතුනි.
    කොතරම් මිල ඉහල ගියත් රටට ඉන්ධන අවශ්‍යය. ඒ නිසා තෙල් සංස්ථාවට ණය සපයමින් ලංකා බැංකුව හා මහජන බැංකුව විශාල අර්බුදයකට මුහුණ දුන්නේය. තෙල් සංස්ථාව හා විදුලිබල මණ්ඩලය අර්බුදයෙන් අර්බුදයට ගියේය. මෙතැනදී රජයට කරන්නට තිබූ එකම විකල්පය ඉන්ධන මිල ගණන් ඉහල දැමීම පමණි. අප රටේ ලාභයට නිපදවන ජල විදුලියෙන් පවා විදුලිබල මණ්ඩලය පාඩු ලැබීය. එක් විදුලිය ඒකකයක් රුපියල් 6.50 කට නිපදවා ජනතාවට විකුණන්නේ රුපියල් 4.50 ටය. විදුලිය ඒකකයකින් රුපියල් දෙකක් පාඩු ලැබීය.
    මෙවර ඉන්ධන මිල ඉහළ ගියවිට ඇතැම් අය කීවේ ලංකා ඉතාහාසයේ මෙතරම් විශාල ලෙස ඉන්ධන මිල ඉහළ ගිය තවත් අවස්ථාවක් නැති බවයි. එහෙත් ඒ කතාව සාධාරණ වන්නේ භූමිතෙල් සම්බන්ධව පමණයි. 2008 වසරේ පෙට්‍රල් ලීටරය රජය අලෙවි කළේ රුපියල් 157 ටය. අද මිල රුපියල් 149 කි.
    ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩු වූ පසු රජය තෙල් මිල පහළ දැමූ බව පාරිභෝගික ජනතාවට මතකය. නමුත් භූමිතෙල් රුපියල් 35/- කින් වැඩිවූ ප්‍රථම වතාවයි මේ. එසේ වුවද දැන් රටේ ජනගහනයෙන් 90% කට පමණ විදුලිය තිබේ. භූමිතෙල් පාරිභෝජනය කරන්නේ ඉතාමත් සුඵ පිරිසකි. ලංකාවේ පවුල් ලක්ෂ හතලිස් පහකින් භූමිතෙල් පාවිච්චි කරන්නේ පවුල් ලක්ෂ තුනකි.
    භූමිතෙල් පරිහරණය කරන්නේ ලංකාවේ අන්ත දිළිදු ගම්වල බව ප්‍රසිද්ධව තිබෙන අදහසයි. එහෙත් රජය සතු සංඛ්‍යා දත්ත අනුව රටේ වැඩිපුරම භූමිතෙල් පරිහරණය දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කයයි. රටේ සමස්ත භූමිතෙල් පරිභෝජනයෙන් සියයට 40 ක්ම භාවිත වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේය. මෙයින් වැඩිම කොටසක් යන්නේ කර්මාන්තශාලාවලටය. තවත් කොටසක් ධිවර ප්‍රජාව භාවිත කරයි. සමහරු ඩීසල්වලට ආදේශනයක් ලෙස භූමිතෙල් භාවිත කරති. අනෙක් ප්‍රදේශ ගත්තද භූමිතෙල් පා‍රිභෝජනය වැඩිම මුහුදු තීරයේය. අද නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට පවා ඉන්ධන ලෙස භූමිතෙල් යොදා ගන්නා බව ආරක්ෂක අංශ කියයි. නුවරඑළිය, මහනුවර, බදුල්ල වැනි වතුකර දිස්ත්‍රික්කවල භූමිතෙල් භාවිතය 20% කටත් වඩා අඩුය. වතු ලැයිම්වලට පවා විදුලිය ලැබී තිබේ. නමුත් කොළඹ දිස්ත්‍රික්කයේ භූමිතෙල් පාවිච්චි කරන නිවාස සංඛ්‍යාවක් තිබෙන බවද වාර්තාවේ.
    මේ නිසා ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමෙන් පීඩාවට පත්වූ ක්ෂේත්‍ර සඳහා සහන පිරිනැමීමට රජය තීරණය කළේය. මුලින්ම බස් ව්‍යාපාරය ගනිමු. රජයේ බස් හා දුම්රිය සේවාව රජයම බලාගනී. නමුත් පෞද්ගලික බස් සංගම් රජය සමග ඉන්ධන ගාස්තු ඉහළ දැමීමට පෙර කළ සාකච්ඡාවලදී එකඟවූයේ වැඩිවූ ඉන්ධන මිලට ගැලපෙන සහනාධාර මුදලක් ලබාගෙන ගාස්තු ඉහළ නංවන්නේ නැතිව ක්‍රියාකරන්නටය. ඒ අනුව රජය සහනාධාරය සඳහා රුපියල් මිලියන 722 ක් වෙන්කර තිබියදීත් ඒ අය බස් වර්ජනයකට ගොස් මුලින්ම එකඟත්වය කඩකොට ගාස්තු ඉහළ දැමීමක් ඉල්ලා සිටි‍යහ. මේ නිසා රජය ගිය සඳුදා පිරිනමන්නට සිටි සහනය වෙනුවට බස් සංගම් සමග කතාකොට බස් ගාස්තු වැඩිවීමක් ලබා දුන්නේය. මෙහිදී රජය හෝ මහාභාණ්ඩාගාරය කිසිදු එකඟතාවයක් හෝ පොරොන්දුවක් කඩකළේ නැත. මුලින් වූ එකඟතා අනුව ක්‍රියා නොකළේ බස් සංගම්ය.
    තෙල් මිල ඉහළයෑම නිසා පීඩාවට පත්වූ තවත් ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. ධීවර ප්‍රජාව ඉන් එක් කොටසකි. ඒ අයට සහන සැලසිම සඳහා රජය රුපියල් මිලියන 150 ක් වෙන් කළේය. පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහනවලට ගෙවීමට රුපියල් මිලියන 160 ක් වෙන්කර ඇත. මගී ප්‍රවාහන ත්‍රීරෝද සඳහා සහනාධාර ගෙවීමට රුපියල් මිලියන 375 ක් වෙන්කර තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 70 ක්ද වෙන් කළේය. විදුලිය නොමැති පවුල් සඳහා භූමිගෙත් මුද්දර මගින් සහන ලබාදීමට රුපියල් මිලියන 61 ක් වෙන් කරනු ලැබීය.‍ මෙම ක්ෂේත්‍රවල සංගම් හා නිලධාරීන් සමග කතාකොට එම අරමුදල්වලින් ජනතාවට සහන ලබාදෙන ආකාරය තීරණය කරනු ලැබේ. වෙළෙඳපොළෙන් රජයට යෝජනා කර ඇත්තේ සහනාධාර වෙනුවට ඉන්ධන මිල ඉහල නංවාගැනීමට තමන්ට අවකාශ සැලසිය යුතු බවටය. සමහර ත්‍රී රෝද රථ සංගම්ද මේ බව ප්‍රකාශ කර තිබේ. එහෙත් මේ අය තමන්ගේ ගාස්තු ඉහල නැංවිය යුත්තේ සාධාරණවය.
    මිල ඉහළ නැංවීමකදී සහන ලැබිය යුත්තේ සහන අවශ්‍ය කරන ජන කොටසටය. මෙවර ඉන්ධන මිල නැංවීමේදීද රජය ක්‍රියා කළේ ඒ ආකරයටයි. ඒ ගැන දේශපාලන කෝණයෙන් බලා කරන විග්‍රහ යුක්ති සහගත නොවේ. ඉන්දියාව පසුගියදා අපටත් වඩා ප්‍රතිශතයකින් ඉන්ධන මිල ඉහළ දැමීය. ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වන අගමැති ආචාර්ය මන් මෝහන් සිං මැතිතුමාටත් මේ ප්‍රශ්නය දරාගත නොහැකි විය. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන්වලට ඉන්දියාවේ තෙල් මිල ගලපා ඒ අනුව මිල ඉහල පහළ යන ක්‍රමවේදයක් ඉන්දියාව දැන් ක්‍රියාත්මක කරයි. එහෙත් ශ්‍රී ලංකාව තවමත් ජනාතාවට සහන සැලැසීම සඳහා සෑහෙන ප්‍රමාණයක සහන සලසමින් ඉන්ධන මිල සූත්‍රය නඩත්තු කරයි. ඒ අතර පොහොර සහනාධාරය, සමෘද්ධි සහනාධාර ඇතුඵ සහනාධාරද අඩුවක් නැතිවම පිරිනමයි. මේ සෑම සහනයකම බරදරා ගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අසීරු කටයුත්තකි. විවේචනය පහසුය. ක්‍රියාදාමය අසීරුය. යථාර්ථය එයයි.
    (ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තුඩුදුන් ආර්ථික පසුබිම හා පවත්නා ආර්ථික තත්ත්වය පිළිබඳ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පි.බි. ජයසුන්දර මහතා විසින් 2012.02.19 දින ඉරිදා ලංකාදිප පුවත්පතට කළ විග්‍රහයක් ඇසුරිනි)

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    රජයට මුදල් නිකන් ලැබෙන්නේ නැහැ. සියල්ල ලැබෙන්නේ රාජ්‍ය බදු සහ නැවත ගෙවිය යුතු ණය විදියට. ලංකාවේ සහනාදාර දෙන එක වහාම නවත්වන්න ඕනේ. නැත්නම් මේ රටට ගොඩ යාමක් නැහැ. චන්ද ගන්න එකිනෙකා සතුටු කරන්න සහනාධාර දීල වැඩක් නැහැ. සහනාධාර දුන්න කියන්නේ ඒක පියවගන්න නැවත රජයට සිද්ධ වෙනවා බදු වැඩි කරන්න.

    යම් යම් ප්‍රශ්න වලට තාවකාලිකව සහන දුන්නත් දීර්ග කාලීන සහන දීම කොහෙත්ම ප්‍රයෝගික නැහැ.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රුපියල අවප්‍රමාණ වීම: 'මහ බැංකුව අහෝසි කරන්න'
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රුපියල අවප්‍රමාණ වීම සහ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිවී තිබෙන දැඩි ආර්ථික ගැටලුවට මහ බැංකුව අහෝසි කර දැමීම විසඳුමක් විය හැකි බව ‘ඉකොනොමිස්ට් නෙක්ස්ට්’ සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසයි.
    1951 ට පෙර ශ්‍රී ලංකාවේ මහ බැංකුවක් නොතිබුණු බව පෙන්වා දෙන ඔහු එවක ප්‍රධාන මුල්‍ය ආයතනය වූ ‘මුදල් මණ්ඩලය’ පැවති කාලයේ රුපියල අවප්‍රමාණ වීමක් සිදු නොවූ බවයි පෙන්වා දෙන්නේ.
    ණය වර්ධනය වැඩි වූ විට පොළී ප්‍රමාණය වැඩිවන බව ද අලුතින් මුදල් අච්චු ගසා පොලිය අඩුකර තබා ගැනීමට උත්සාහ ගැනීම තුලින් රුපියලේ අගය පහත වැටෙන බවද පෙන්වා දුන් ඔහු එවැනි කෘත්‍රිම ක්‍රම මගින් පොලිය අඩුවෙන් තබා ගැනීමට ‘මුදල් මණ්ඩලය’ කටයුතු නොකිරීම එකල රුපියල අවප්‍රමාණ නොවීමට හේතුව ලෙසටයි ඔහු කරුණු දක්වන්නේ.
    Image caption රුපියල අවප්‍රමාණ වීම සහ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හේතුවෙන් සිදුවන්නක් බවයි පවසන්නේ ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටක දුප්පත්කම ට මහබැංකුවේ දුර්වල මුල්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන හේතුවක් වන බවද ඔහු පෙන්වා දෙයි.
    සල්ලි අච්චු ගැසීම

    “මහ බැංකුව සල්ලි අච්චු ගහනව, අච්චු ගහල පොළී ඉහළ යාම වළක්වල පහළට තියාගන්න උත්සාහයක් කරනව. මහබැංකුව අයවැය හිඟය පියවන්න රුපියල් බිලියන දෙසීයක් වගේ ප්‍රමාණයක් එක වෙලාවක අච්චු ගැහුව. එතකොට තමයි රුපියලට පීඩනය ඇතිවුණේ” යනුවෙන් ඔහු පැවසීය.
    රුපියල අවප්‍රමාණ වීම ආරම්භ වීමත් සමග විදේශ ආයෝජකයන් තම මුදල් ද රැගෙන පලා යාමට පටන් ගත් බවයි අසන්ත සිරිමාන්න වැඩි දුරටත් පැවසුවේ.
    විදේශීය ණය ගෙවීම සඳහා මුදල් යෙදවීමට සිදුවීම රුපියල අවප්‍රමාණ වීමට බලපාන්නේ දැයි සංදේශය විමසු විට ඔහු කියා සිටියේ දේශීයව හෝ විදේශීයව ණය ගැනීමේ දී රටේ පොලී තත්වය ඉහළ යායුතුව තිබුණ අතර රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩු විය යුතුව තිබූ නමුත් මුදල් අච්චු ගැසීම හේතුවෙන් එවැන්නක් සිදු නොවූ බවයි.
    Image copyright cbsl.gov.lk Image caption මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දුර්වල මුල්‍ය ප්‍රතිපත්තියක්

    “මුදල් අසීමිතව අච්චු ගහපුවම වෙන්නෙ දේශීය වියදම් සහ දේශීය ණය සීග්‍රයෙන් වැඩිවෙනව. සමහර වෙලාවට පිට රටට ගෙවන්නෙත් අච්චු ගහපු මුදල් වලින්. එතකොට සංචිතත් වැටෙනව. රුපියලත් වැටෙනව” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.
    දැනට ඇති වී ඇති අර්බුදකාරී තත්වයට විසඳුම් පිලිබඳ අදහස් දක්වමින් ‘ඉකොනොමිස්ට් නෙක්ස්ට්’ සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසා සිටියේ අපනයනය වැඩි වී විදේශ ආයෝජන ද වැඩිවී පිටරටින් ලැබෙන ණය ප්‍රමාණය වැඩි වුව හොත් රට තුළට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිවී වියදම් කළ හැකි ප්‍රමාණය වැඩිවන බවයි.
    අපනයනය කරන භාණ්ඩ හා ශ්‍රමය වැඩිවීමට අනුකුලව ආනයනය වැඩිවන නිසා රුපියලට බලපෑමක් ඇති නොවන නමුත් මුදල් අච්චු ගැසීම ද ඒ සමගම කළ හොත් සියලුම අපනයන වලින් එන අදායමට වඩා සමස්ථ ආනයනය වැඩි බවක් පෙන්නුම් කරන අතර එය ඉතා දුර්වල මුල්‍ය ප්‍රතිපත්තියක් බවයි ඔහු පවසා සිටියේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    sngzyf.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    රුපියල අවප්‍රමාණ වීම සහ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හේතුවෙන් ඇතිවී තිබෙන දැඩි ආර්ථික ගැටලුවට මහ බැංකුව අහෝසි කර දැමීම විසඳුමක් විය හැකි බව ‘ඉකොනොමිස්ට් නෙක්ස්ට්’ සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසයි.
    1951 ට පෙර ශ්‍රී ලංකාවේ මහ බැංකුවක් නොතිබුණු බව පෙන්වා දෙන ඔහු එවක ප්‍රධාන මුල්‍ය ආයතනය වූ ‘මුදල් මණ්ඩලය’ පැවති කාලයේ රුපියල අවප්‍රමාණ වීමක් සිදු නොවූ බවයි පෙන්වා දෙන්නේ.
    ණය වර්ධනය වැඩි වූ විට පොළී ප්‍රමාණය වැඩිවන බව ද අලුතින් මුදල් අච්චු ගසා පොලිය අඩුකර තබා ගැනීමට උත්සාහ ගැනීම තුලින් රුපියලේ අගය පහත වැටෙන බවද පෙන්වා දුන් ඔහු එවැනි කෘත්‍රිම ක්‍රම මගින් පොලිය අඩුවෙන් තබා ගැනීමට ‘මුදල් මණ්ඩලය’ කටයුතු නොකිරීම එකල රුපියල අවප්‍රමාණ නොවීමට හේතුව ලෙසටයි ඔහු කරුණු දක්වන්නේ.
    Image caption රුපියල අවප්‍රමාණ වීම සහ අකාර්යක්ෂම මුල්‍ය කළමනාකරණය හේතුවෙන් සිදුවන්නක් බවයි පවසන්නේ ඒ අනුව ශ්‍රී ලංකාව වැනි රටක දුප්පත්කම ට මහබැංකුවේ දුර්වල මුල්‍ය ප්‍රතිපත්ති ප්‍රධාන හේතුවක් වන බවද ඔහු පෙන්වා දෙයි.
    සල්ලි අච්චු ගැසීම

    “මහ බැංකුව සල්ලි අච්චු ගහනව, අච්චු ගහල පොළී ඉහළ යාම වළක්වල පහළට තියාගන්න උත්සාහයක් කරනව. මහබැංකුව අයවැය හිඟය පියවන්න රුපියල් බිලියන දෙසීයක් වගේ ප්‍රමාණයක් එක වෙලාවක අච්චු ගැහුව. එතකොට තමයි රුපියලට පීඩනය ඇතිවුණේ” යනුවෙන් ඔහු පැවසීය.
    රුපියල අවප්‍රමාණ වීම ආරම්භ වීමත් සමග විදේශ ආයෝජකයන් තම මුදල් ද රැගෙන පලා යාමට පටන් ගත් බවයි අසන්ත සිරිමාන්න වැඩි දුරටත් පැවසුවේ.
    විදේශීය ණය ගෙවීම සඳහා මුදල් යෙදවීමට සිදුවීම රුපියල අවප්‍රමාණ වීමට බලපාන්නේ දැයි සංදේශය විමසු විට ඔහු කියා සිටියේ දේශීයව හෝ විදේශීයව ණය ගැනීමේ දී රටේ පොලී තත්වය ඉහළ යායුතුව තිබුණ අතර රටේ ආර්ථික ක්‍රියාකාරිත්වය අඩු විය යුතුව තිබූ නමුත් මුදල් අච්චු ගැසීම හේතුවෙන් එවැන්නක් සිදු නොවූ බවයි.
    Image copyright cbsl.gov.lk Image caption මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දුර්වල මුල්‍ය ප්‍රතිපත්තියක්

    “මුදල් අසීමිතව අච්චු ගහපුවම වෙන්නෙ දේශීය වියදම් සහ දේශීය ණය සීග්‍රයෙන් වැඩිවෙනව. සමහර වෙලාවට පිට රටට ගෙවන්නෙත් අච්චු ගහපු මුදල් වලින්. එතකොට සංචිතත් වැටෙනව. රුපියලත් වැටෙනව” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.
    දැනට ඇති වී ඇති අර්බුදකාරී තත්වයට විසඳුම් පිලිබඳ අදහස් දක්වමින් ‘ඉකොනොමිස්ට් නෙක්ස්ට්’ සඟරාවේ කර්තෘ අසන්ත සිරිමාන්න පවසා සිටියේ අපනයනය වැඩි වී විදේශ ආයෝජන ද වැඩිවී පිටරටින් ලැබෙන ණය ප්‍රමාණය වැඩි වුව හොත් රට තුළට ලැබෙන මුදල් ප්‍රමාණය වැඩිවී වියදම් කළ හැකි ප්‍රමාණය වැඩිවන බවයි.
    අපනයනය කරන භාණ්ඩ හා ශ්‍රමය වැඩිවීමට අනුකුලව ආනයනය වැඩිවන නිසා රුපියලට බලපෑමක් ඇති නොවන නමුත් මුදල් අච්චු ගැසීම ද ඒ සමගම කළ හොත් සියලුම අපනයන වලින් එන අදායමට වඩා සමස්ථ ආනයනය වැඩි බවක් පෙන්නුම් කරන අතර එය ඉතා දුර්වල මුල්‍ය ප්‍රතිපත්තියක් බවයි ඔහු පවසා සිටියේ.

    mokekda meka liyala thiyenne. lokema 1971 wenakan kriyathmaka une brettonwoods agreement eka. e anuwa exchange rate eka kohowath fixed .1973 wenakan smithsonian agreement. eka yatatheth exchange rate eka fixed. ekai awapramanaya une naththe. narhuwa hitapu unge daksha kamakata newei.

    1973n passe thama floating exchange rate aystem awe.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අපි නොදන්න "පිිළිනපත් ආන්දෝලනයේ ඇතුල් පැත්ත"කියලා දෙන්න ආපු rocat90 සොන්නයා කෝ?
    ලප කුමාරගේ කක්කුස්සි හෝදනවද දන්නේනෑ..

    rocat90 කියන එකා ඒ දවස් වල උදේ හවස තර්ක කළා, බැදුම්කර හොරකමක් වෙලා නෑ... විපක්ෂේ උන් මඩ ගහනවා කියලා... නිකන් නෙමෙයි මූ තර්ක කලේ, ඌ යන්තම් කටේ ගාගත්ත ආර්ථික විද්‍යා වචන ටිකකුත් එල්ලගෙන... නෙදකින් මේ වගේ සෙවලයෝ...
    හොදටම මට ෂුවර් මූ තාමත් කියනවා කියල, ඔය බිලියන 145 හොරකම් කලේ මහින්ද කියලා මිසක් රනිල් කියල නෙමෙයි...
    මුන් පොර ටෝක්ස් දෙන්නේ අර ලප කුමාර වගේ බර වචන එහෙම දාලා... එතකොට ඒ වචන දන්නේ නැති මිනිස්සු හිතනවා,, ආ.. මූ බුද්ධිමත් එකෙක් කියලා.. එහෙනම් මූ කියන දේවලුත් ඇත්ත වෙන්න ඕනේ කියලා...

    මේ වගේ දෙකයි පනහට රවී කරුපයියගේ කක්කුස්සි හෝදන උන් තව ඉන්නවා... උන් ඊලග චන්දෙදිත් වෙනත් මාතෘකා අරන් ඉස්සරහට එයි... 10% GDP for healthcare වගේ...
    මුන් වගේ කාලකන්නින්ට රැවටෙනවද නැද්ද කියන එක, මොලේ තියෙන උන් හිතලා බලන්න ඕනේ... එහෙම නැත්නම් මූ වගේ එකෙක් කිව්වොත් මහින්ද හොරා කාපු ඩොලර් බිලියන 100 පිටරටින් අරන් ඇවිත් හැමෝටම කාර් එකක් අරන් දෙනවා කියලා......, ඒකටත් චන්දෙ දෙන මන්ද බුද්ධිකයෝ මේ රටේ ඉදිවී.....

    http://www.divaina.com/2016/11/12/feature.html

    මහ බැංකු කොල්ලය සහ වගවීම

    රියර් අද්මිරාල් (ආචාර්ය) සරත් වීරසේකර

    මංකොල්ලයක්‌ යනු සාමාන්‍ය සොරකමකට වඩා බලය පාවිච්චි කරමින් කරන්නා වූ විශාල සොරකමකි. පැහැර ගැනීමකි. මහ බැංකු බැඳුම්කර වංචාවේදී සිදුව ඇත්තේ රටේ සමස්‌ත ජනතාවම බලා සිටියදී ජනතාවගේ ඇසට වැලි ගසමින් ප්‍රකෝටි ගණනක මුදලක්‌ එක්‌ සමාගමකට ලාභ වශයෙන් ලැබෙන පරිදි සහ රටට විශාල වශයෙන් පාඩුවන පරිදි අදාළ බැඳුම්කර ගනුදෙනුව ක්‍රියාත්මක කිරීමයි. එය මංකොල්ලයක්‌ වන්නේ එබැවිනි.

    මෙහිදී චෝදනා ලබන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නමැති පෞද්ගලික සමාගමක්‌ වන අතර එහි අයිතිකරු වන අර්ජුන් ඇලෝසියස්‌, මහ බැංකුවේ අධිපතිව සිටි අර්ජුන මහේන්ද්‍රන් නමැත්තාගේ බෑණා වේ.

    බැඳුම්කර සඳහා ලංසු ඉදිරිපත් කළ හැකි ආයතන 16 ක්‌ තිබෙන අතර පර්පෙචුවල් ට්‍රෙෂරිස්‌ සමාගමද ඉන් එකක්‌ වේ. අදාළ බැඳුම්කර වෙන්දේසියේදී මහ බැංකුව ඉහත සඳහන් ලියාපදිංචි ප්‍රාථමික ගනුදෙනුකරුවන් සියලුදෙනාට දන්වා ඇත්තේ රු. බිලියනයකට බැඳුම්කර ඉල්ලා සිටින බවයි. ඒ කාලය තුළ පැවතුන පොලී අනුපාතය 9.5% පමණ වේ. ඉහත ආයතන මෙම වෙන්දේසියට පැමිණියේ රු. බිලියනයකට ලංසු තැබීමටය. නමුත් ඒ අවස්‌ථාවේ එම මුදල මහ බැංකු අධිපතිගේ උපදෙස්‌ මත රු. බිලියන 10 දක්‌වා වැඩි කළ විට එයට ලංසුව 12.5% පොලියට ඉදිරිපත් කළේ පර්පෙචුවල් සමාගමය. එසේ කිරීමට එයට හැකි වූයේ එවන් දෙයක්‌ සිදුවන බව පෙර තියා දැනගෙන සිටි නිසාය. අනෙක්‌ ආයතන ඊට සූදානම්ව නොපැමිණිනු නිසා පර්පෙචුවල් සමාගමට ඉහත විශාල පොලියට මුදල් ලබාදීමට හැකියාව ලැබිණි. එසේ ලංසු තැබූ මුදලින් විශාල කොටසක්‌ද ඔවුන් රැගෙන තිබුණේ ලංකා බැංකුව මගිනි. සාමාන්‍ය පුද්ගලයකුට නිවාස ණයක්‌ ලබා ගැනීමට දින ගණනාවක්‌ විවිධාකාර ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතු නමුත් ලංකා බැංකුව මෙම සමාගමට මිලියන දහස්‌ ගණනක්‌ දී ඇත්තේ කිසිම ලේඛනයකින් තොරව පැය කිහිපයක්‌ ඇතුළතය. එසේම මෙම සමාගම සේවක අර්ථසාධක අරමුදල ද මීට සම්බන්ධ කරගෙන ඇති අතර එම අරමුදලටද විශාල පාඩුවක්‌ කර තිබේ.

    මෙම ගනුදෙනුවේ අවසාන ප්‍රතිපලය ලෙස දැක්‌විය හැක්‌කේ පර්පෙචුවල් සමාගම මාර්තු මස 31 වැනි දින වනවිට ලැබූ ලාභය රුපියල් බිලියන 5.1 (මිලියන 5100) වන අතර මැයි මාසයේ 31 වන විට ලැබූ ලාභය රු. බි. 10 කි. (මිලියන 10,000) රටේ ආර්ථිකයට වූ පාඩුව වසරකට රු. බි. 100 ක්‌ බව එනම් කෝටි 10,000 ක්‌ බව ගණන් බලා තිබේ.

    මෙම බැඳුම්කර වංචාවේදී රටේ අග්‍රාමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව කුමක්‌ද? කිසියම් සොරකමක්‌, මිනීමැරුමක්‌ සිදුවූ විට එයට සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ වී ඇති සියලුම පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම නියම පරීක්‍ෂණයක ස්‌වභාවයයි. එක්‌තරා මත්ද්‍රව්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙක්‌ගේ නිවසෙහි පැවැත්වූ උත්සවයකට සහභාගිවී ඡායාරූපයකට පෙනී සිටි නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුට පොලිස්‌පති ධුරය පවා අහිමිවීම පුවත අප අසා ඇත්තෙමු. වගකිවයුතු පුද්ගලයකුට තමා නොදැනුවත්ව හෝ වරදකට සම්බන්ධ වුවහොත් එහි විපාක අත්විඳිය යුතුය. මෙම මහා මුදල් වංචාවට රනිල් වික්‍රමසිංහ සෘජුව/ වක්‍රව දායක වී ඇත්තේ මෙසේය.

    ෆ මහා බැංකුව එතෙක්‌ තිබුණේ මුදල් අමාත්‍යාංශය යටතේය. අගමැතිතුමා බලයට පැමිණි විගස මහබැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර එය තමාගේ අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලදී.

    ෆ ඉන්පසු ඔහු විසින් තමාගේ අතිජාත මිත්‍රයෙක්‌ වූ අර්ජුන මහේaන්ද්‍රන් නමැති දැනට සිංගප්පූරුවේ පුරවැසිකම ලබා ඇති පුද්ගලයාව මහ බැංකුවේ අධිපති ලෙස තමාගේ කැමැත්ත අනුව පත්කර ගන්නා ලදි, විදේශිකයකු මහ බැංකුවේ ප්‍රධානියා ලෙස පත් කළේ අපේ රටේ සුදුසු, වෘත්තීමය එකදු පුද්ගලයෙක්‌ හෝ එම භාරදූර තනතුර සඳහා සොයාගත නොහැකි වූ නිසාද යන සාධාරණ ප්‍රශ්නය අපට තිබේ. රටේ මූල්‍යමය අංශයේ මර්මස්‌ථානය මහ බැංකුවයි. රටේ ආර්ථිකය පිළිබඳව සියලුම දත්තයන් ඇත්තේ මහ බැංකුවේය. එය රටේ ජාතික ආරක්‍ෂාවටද සෘජුව බලපාන දෙයකි. එසේ නම් එවන් වු සංවේදී තනතුරක්‌ විදේශිකයකුට බාරදීම රටට කරනු ලැබූ ෙද්‍රdaහී ක්‍රියාවක්‌ නොවන්නේ කෙසේද? මහ බැංකුවේ අධිපති විසින් එම බැරෑරුම් තනතුර භාර ගැනීමට පෙර රට වෙනුවෙන් දිය යුතු දිව්රුම් ප්‍රකාශයක්‌ තිබේ. අර්ජුන මහේන්ද්‍රන් එම දිව්රුම ලබාදී නැත. මන්ද සිංගප්පූරුවේ නීතියට අනුව එහි පුරවැසියකුට වෙනත් රටක දිවුරුමක්‌ ලබාදුනහොත් සිංගප්පූරු පුරවැසිකම අහෝසි වන බැවිනි. දිව්රුමක්‌ දුන් පසුත් දේශදොaහි ක්‍රියා කළ හැකි නමුත් දිව්රුමකින් කරනුයේ තමන් එසේ නොකරන බව රටේ ජනතාවට පොරොන්දු වීමයි. අර්ජුන මහේන්ද්‍රන් එසේ දිව්රුම් නොදීම සාධාරණීයව කිරීමට කුමන අන්දමේ තාක්‍ෂණික හේතූන් ඉදිරිපත් කළත් එවන් දිව්රුමක්‌ ලබාදිය නොහැකි විදේශිකයකු, අපේ රටේ කොතෙකුත් සුදුසු පුද්ගලයන් ඒ සඳහා සිටියදී රටේ ව්‍යවස්‌ථාව සහ මූල්‍ය පනත ද උල්ලංඝනය කරමින් පත් කිරීම මාතෘභූමියට කරන ලද අපහාසයකි.

    ෆ එම විදේශිකයා මහ බැංකුවේ අධිපති ලෙස පත්වී දින 100 ක්‌ යන්නට මත්තෙන් ලංකාවේ මෑත ඉතිහාසයේ පමණක්‌ නොව දකුණු ආසියාවේද සිදුවූ මහා බැඳුම්කර වංචාව සිදුවිය. පවතින සියලුම මූල්‍ය නීති/ සම්ප්‍රදායයන් බිඳ දමා මෙම විදේශිකයා විසින් ලංකාවේ වෙසෙන සිය බෑණාගේ සමාගමට ඉතා කෙටි කලකින් කෝටි, ප්‍රාකෝටි මුදලක ලාභයක්‌ ලබාගත හැකි වන සේ මං විවෘත කර දී රටේ ජනතාවට මහා වංචාවක්‌ මෙන්ම විශාල මුදල් මංකොල්ලයක්‌ද සිදු කරන ලදී. එසේම තම බෑණාගේ එම පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ නමැති සමාගමෙන්, ඊට දින කිහිපයකට පෙර, බෑණාගේ නම එහි අධ්‍යක්‍ෂ මණ්‌ඩලයෙන් ඉවත් කර තැබීමටද කටයුතු කර තිබේ. මන්ද මෙම වංචාව හෙළිදරව් වූ විට නීතිය හමුවේ වරදකරුවීමෙන් ගැලවීම සඳහාය. මෙම මහා මූල්‍යමය වංචාව සිදුවී රටේ ජනතාව උද්ඝෝෂණය කිරීමට පටන්ගත් පසු රනිල් වික්‍රමසිංහ කළේ තමාටම හිතවත් නීතිඥවරු තිදෙනෙක්‌ගේ මණ්‌ඩලයක්‌ පරීක්‍ෂණය සඳහා පත් කිරීමයි. ඒ තුළින් මෙහි සත්‍ය තත්ත්වය ජනතාවගෙන් වසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා තැත් කර තිබේ.

    ෆ අර්ජුන මහේන්ද්‍රන්aගේ සේවා කාලය නිම වනවිට ඔහුව නැවත පත් කිරීමට අගමැතිවරයා ඉමහත් වෑයමක්‌ දරන ලද නමුත් අතිගරු ජනාධිපතිතුමා මැදිහත් වී ඔහුව ඉවත්කර ඒ සඳහා සුදුසු පුද්ගලයෙක්‌ පත් කරන ලදී. තමා විසින් පත් කරන ලද පුද්ගලයා මහ වංචාවකට මැදිහත් වී සිටියදී ඔහුව නැවත පත් කිරීමට තැත් කිරීම කොතරම් දුරට සදාචාරාත්මකද යන්න ඕනෑම අයෙකුට අවබෝධ කර ගත හැකි කරුණකි. සදාචාරයක්‌ නොතකා එවන් දෙයක්‌ කළ හැක්‌කේ දුෂ්ට අරමුණකින් පමණි.

    ෆ ජනාධිපතිවරයා විසින් අර්ජුන මහේන්ද්‍රන් එම තනතුරෙන් ඉවත් කළ පසු අග්‍රාමාත්‍යතුමා කළේ ඔහුට සියලුම වරප්‍රසාද සහිත තනතුරක්‌දී තමා වෙතම රඳවා ගැනීමයි. එසේම අගමැතිවරයාගේ විදේශ සංචාරවලදී එම පුද්ගලයා රැගෙන ගොස්‌ විදෙස්‌ රාජ්‍ය නායකයන්ට සහ විදේශීය ප්‍රභූවරුන්ට හඳුන්වාදීමයි. රටේ දුප්පත් ජනතාවගේ මුදල් මංකොල්ලකෑ සිද්ධියක්‌ වූ ආයතනයක ප්‍රධානියකු මෙසේ තමා සමඟ ගෙනගොස්‌ එසේ හඳුන්වාදීම රටේ ශිෂ්ට සමාජය පිළිකුලින් යුතුව ප්‍රතික්‍ෂේප කරන කරුණකි. රනිල් වික්‍රමසිංහට අර්ජුනට එසේ සලකන්න සිදුව ඇති හේතුව යම්කිසි රහසක්‌ ඔහු දන්නා නිසාද?

    ෆ මේ පිළිබඳව විමර්ශනයට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කමිටුව රැස්‌වූ අවස්‌ථාවේ සිට එහි සිටින එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රථමයෙන්ම එම වංචාව වසා දැමීමටද පසුව වාර්තාව දියාරු කිරීමටද ගත් වෑයම සියල්ලෝම දනිති. එසේම සාක්‍ෂි දීමට පැමිණි විගණකාධිපතිවරයාට ද තර්ජනය කළ ආකාරයද දන්නෙමු. එසේ එම පරීක්‍ෂණයට බාධා කළ හැක්‌කේ තම පක්‍ෂයේ නායකයා, එනම් රනිල් වික්‍රමසිංහගේ අනුදැනුම පිට පමණක්‌ බවද දන්නා කරුණකි. (එසේ හැසිරුණු එක්‌සත් ජාතික පක්‍ෂයේ මන්ත්‍රීවරුන් අවසානයේ මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් නීතිය හමුවට ගෙනැවිත් තරයේ දඬුවම් කළ යුතු යෑයි පවසන්නේ ලක්‌ ජනතාව තවමත් ආඥන අපතයන් යෑයි සිතන නිසා විය යුතුය.) රනිල් සභාපතිත්වය දරන එජාපයද එසේ නම් මුලින් කර ඇත්තේ මෙම මහා වංචාව ජනතාවගෙන් වසන් කිරීමට තැත් කිරීමයි.

    ෆ මෙම සිද්ධියේදී ඉතා විශාල මූල්‍යමය අක්‍රමිකතාවක්‌ සිදුවී ඇතැයිද මෙම වංචාවට අර්ජුන් මහේන්ද්‍රන් වගකිවයුතු යෑයිද කෝප් කමිටු වාර්තාවේ ලියෑවී ඇත. එසේම මේ වංචාව පිළිබඳව දැනටමත් විගණකාධිපතිවරයා ද, මහ බැංකුවද වාර්තා ඉදිරිපත් කොට මේවා නීතිපති දෙපාර්තමේන්තුවට යෑවූ පසු පරීක්‍ෂණ ආරම්භ වනවිට එම ආයතනය අයත් වන අමාත්‍යාංශයේ ඇමැතිවරයාද වනුයේ අගමැතිතුමාය.

    ෆඅර්ජුන මහේන්ද්‍රන් මේ පිළිබඳව පරීක්‍ෂණයට මුහුණ දුන් අවස්‌ථාවේදී කියා ඇත්තේ මෙය නිත්‍යානුකූල ගනුදෙනුවක්‌ බවත් එසේ කිරීමට ඔහුට උපදෙස්‌ දුන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ බවත් ය.

    ඉහත කරුණු ගැන අවධානය යොමු කිරීමේදී මෙම මහා මුදල් මංකොල්ලයට රනිල් වික්‍රමසිංහ මහතා ද සෘජුව/ වක්‍රව වගකිවයුතු බැව් ඉතාම පැහැදිලිවේ. ඇවන්ගාඩ් සිද්ධියේදී තිලක්‌ මාරපන මහතා එහි වක්‍රව හෝ වගකීමක්‌ තමා සතු බැවින් අස්‌වීමේ ලිපිය බාරදුන් අන්දම අපට සිහි වේ. එසේම රනිල් වික්‍රමසිංහ මහතා ද වරක්‌ උදාහරණයක්‌ ලෙස දුම්රියක්‌ පීළිපැනීමෙන් හෝ අනතුරකට ලක්‌වූ විට මහාමාර්ග ඇමැතිතුමා අස්‌විය යුතු යෑයිද කී බව අප විසින් මතක්‌ කරගත යුතු වේ.

    කෝප් වාර්තාව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙය පාර්ලිමේන්තුවේ සහ යහපාලනයේ ජයග්‍රහණයක්‌ බවයි. තවද ඔහු කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් එදින සිංගප්පූරුවට ගියේ මඟුල් ගෙදරක යැමට තමාව දැනුවත් කොට බවය. මහේන්ද්‍රන් සමග අගමැතිගේ ඇති දැඩි සම්බන්ධතාවය එයින්ම තහවුරු වේ. පාර්ලිමේන්තුව ඔහු ප්‍රකාශ කරන අයුරින් උත්තරීතර නම් පාර්ලිමේන්තුව මගින් පත් කළ කෝප් කමිටුව මගින් අර්ජන මහේන්ද්‍රන් මේ මූල්‍ය වංචාවට සෘජුව සම්බන්ධ බව තීරණය කර ඇත්නම් රටේ මූල්‍ය පනත පවා උල්ලංඝනය කරමින්, වෙන රටක පුරවැසිකම දරන එම පුද්ගලයා තමාගේ තනිමතයට පත් කිරීමේ වගකීම බාරගෙන අගමැතිවරයා වහා ඉල්ලා අස්‌ විය යුතු නොවේද? එම ක්‍රියාවද පාර්ලිමේන්තුවේ සහ යහපාලනයේ ජයග්‍රහණයක්‌ නොවන්නේද?

    එබැවින් තමා කියන දේ කරන අවංක පුද්ගලයෙක්‌ බවට පෙන්වීමට නම් සහ තමා විසින් ඇති කරගෙන ඇති යෑයි සිතන "මිස්‌ට ක්‌ලීන්" (පිරිසිදු මහතා) යන ප්‍රතිරූපය එසේම පවත්වාගෙන යැමට නම් රනිල් වික්‍රමසිංහ මහතා මෙම පරීක්‍ෂණය අවසන්වන තුරුවත් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතු බව යුක්‌ති සම්පන්, ශිෂ්ටසම්පන්න සමාජය අපේක්‍ෂා කරන බවද මෙහිදී මතක්‌ කරදිය යුතුව ඇත.

    අගමැතිතුමා සිය කැමැත්තෙන් අස්‌ වූයේ නැත්නම් කළ යුත්තේ කුමක්‌ද? දකුණු කොරියාවේ ජනතාව එරට ජනාධිපතිවරයා දූෂණයකට සම්බන්ධ බැවින් අස්‌විය යුතු යෑයි දහස්‌ ගණනින් පාරට බැස ඇති අන්දම අපට පෙනේ. එවන් වූ නින්දාවකට අගමැතිතුමා දැන්ම පත්විය යුතු නැති බව ජනතාව තවමත් සිතයි. එසේ සිතන්නේ අතිගරු ජනාධිපතිතුමා පිළිබඳව ඇති විශ්වාසය තරමක්‌ දුරට හෝ තවමත් තිබෙන නිසාය. තරමක්‌ දුරට හෝ යෑයි පැවසුවේ මෙම මහ බැංකු මුදල් වංචාව පිළිබඳව පසුගිය මහ මැතිවරණයට පෙර පත්කර තිබූ "කෝප්" කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් එතුමා ගත් පියවරය නිසා ජනතාවගේ විශ්වාසය පලුදු වූ හෙයිනි. එවකට සිටි කෝප් කමිටු සභාපතිවරයා වන ඩිව් ගුණසේකර මන්ත්‍රීවරයා විසින් සැකසූ වාර්තාව එළිදක්‌වන්න ඔන්න මෙන්න කියා තිබියදී ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරිය බැවින් යහපාලන ආණ්‌ඩුවට එරෙහිව පාවිච්චි කල හැකිව තිබූ ප්‍රධානම අවියක්‌ අනෙක්‌ පක්‍ෂයට අහිමි විය. එසේ නොකළා නම් ජනාධිපතිතුමා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයටම තනිවම ආණ්‌ඩු කළ හැකි රජයක්‌ පිහිටුවීමට අවස්‌ථාව තිබිණ. එසේම ඉන්පසුව ජනාධිපති විසින් ඩිව් ගුණසේකර මහතාව ජාතික ලැයිස්‌තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමද ජනතාවගේ අවධානයට යොමු වූ කරුණකි.

    එසේ නම් ඒ සියල්ලේම සැකය මඳක්‌ දුරට හෝ දුරු කළ හැක්‌කේ ජනාධිපති විසින් තමා විසින්ම අගමැතිතුමා තනතුරෙන් ඉවත් කොට ඒ සඳහා සුදුසු පුද්ගලයෙක්‌ පත් කර ගැනීම තුළිනි. ජනාධිපතිවරයාට ඒ සඳහා බලය ජනතාව විsසින් ලබා දී තිබේ.

    දශක 3 ක යුද්ධය ද නිම කොට රටෙහි ද ඉතා විශාල සංවර්ධනයක්‌ කළ මහින්ද රාජපක්‍ෂට "හොරා" "හොරා" යෑයි කෝටි වාරයක්‌ මතුරා ජනතාවගේ මොළ ශුද්ධ කරමින් විදේශීය කුමන්ත්‍රණකරුවන් සමග එක්‌වී එතුමාව බලයෙන් පහ කිරීමට කටයුතු කළ එජාපයට සහ ජවිපෙට මහින්ද රාජපක්‍ෂ කළා යෑයි කියන එක සොරකමක්‌a හෝ සනාථ කිරීමට තබා පෙන්වීමට වත් නොහැකිවී තිබෙන බැව් ජනතාවට දැන් තේරුම් ගොස්‌ තිබේ. එසේම ජනතාව විසින් පැහැදිලිවම තේරුම් ගෙන ඇති තවත් කරුණක්‌ තිබේ. එනම් කෝප් කමිටු සභාපති ජ.වි.පෙ. හඳුන්නෙත්ති විසින් හිතාමතාම රනිල් වික්‍රමසිංහට මෙහි කිසිදු වගකීමක්‌ නොතිබෙන ආකාරයෙන් වාර්තාව සකස්‌ කොට ඇති බවයි. අර්ජුන මහේන්ද්‍රන්, තමන් මේ දේ කළේ අගමැතිගේ උපදෙස්‌ පරිදි යෑයි කළ ප්‍රකාශය කෝප් වාර්තාවට ඇතුළත් නොකළ හඳුන්නෙත්ති මෙයට අගමැතිවරයා වගකිව යුතු නැතැයි ප්‍රසිද්ධියේ විලිලැඡ්ජාවකින් තොරව ප්‍රකාශ කරයි. පසුගිය රජයේ අමාත්‍යවරුන් සිදු කළා යෑයි කියනු ලබන වංචා දූෂණ හේතුවෙන් ජනාධිපතිවරයා වගකිවයුතු යෑයි මොරදුන් ජ.වි.පෙ. මෙම මහා මූල්‍ය වංචාවට සෘජුව වගකිවයුතු යෑයි කියන ලංකාවේද පුරවැසියකු නොවන විදේශිකයා මූල්‍ය පනත ද උල්ලංඝණය කරමින් තනි කැමැත්තට පත් කළේ අගමැතිතුමා බැව් නිකමටවත් සඳහන් නොකරයි.

    රටේ සංවර්ධනයට, ඉතිහාසය පුරා ජ.වි.පෙ. එක අබමල් රේණුවකින් වත් දායක වීS නැත. වරක්‌ කෘෂිකර්ම ඇමැතිව සිටි අනුර කුමාර දිසානායක වැව් දහසක්‌ සැදීම සඳහා කෝටි ගණනක්‌ මුදල් වෙන් කරවා ගත්තද එසේ සෑදූ එක්‌ වැවක්‌ හෝ වළක්‌වත් පෙනෙන්නට නැත. මහින්ද රාජපක්‍ෂ අධිවේගී මාර්ග සඳහා වියදම් කළ මුදලින් රත්‍රන් අතුරා එම මාර්ග සෑදිය හැකි යෑයි කටමැත දෙඩූ අනුර දිසානායක තමා අවංක අද රත්‍රන් කෙසේ වෙතත් පිත්තලත් නොවන සාමාන්‍ය තාර අතුරා හෝ එවන් මාර්ගයක්‌ සාදා රටට පෙන්විය යුතුය. ඔවුන් එසේ එම මුදලටම නොකරන්නේ නොහැකියාව නිසා පමණක්‌ නොව එය ඔවුන්ගේ "රාජකාරිය" නොවන නිසාය. ඔවුන්ගේ රාජකාරිය කපුටන් කුණු අවුස්‌සන්නාක්‌ මෙන් දොaෂ පමණක්‌ දැකීම පමණි. එහෙව් ඉතිහාසයක්‌ ඇති ජ.වි.පෙ. මෙම මූල්‍ය වංචාවේ අගමැති සම්බන්ධ කරුණ ඉදිරියට නොගන්නේ හිතාමතාය. ඒ සඳහා ඇලෝසියස්‌ ඔවුන්ට දී ඇති මුදල කොතෙක්‌දැයි අපි නොදනිමු. නමුත් එය නොතේරීමට තරම් ජනතාව අන්ධ, අඥන, අපතයන් බව සිතීමද හාස්‍යයට කරුණකි. එසේ නම් ජවිපෙ දැන් කරනුයේ "ධනේශ්වර" එජාප නායකතුමා වංචනික ලෙස ආරක්‍ෂා කිරීමය. පක්‍ෂයේ නිර්මාතෘවරයා වන රෝහණ විඡේවීර සහෝදරයා පවා පාවාදෙමින් වර්තමාන ජ.වි.පෙ. මන්ත්‍රීවරුන්ගේ මෙම ක්‍රියා කලාපය අවංක ජ.වි.පෙ. පාක්‍ෂිකයන් පවා පිලිකුළින් යුතුව හෙළා දකින බැව් ද කිව යුතුව ඇත.