තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් බිදක&

sgmdarshana

Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම&

    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්ම සාගරයෙන් දිය බිදක්

    "මේ ඝෝර, කටුක, භයානක සංසාරයේ භිය දැක, මේ ආත්මභාවයේම සසර දුකින් එතෙර වීමට අධිෂ්ඨාන කරමින්, වීර්ය වඩමින්, නිවන් මග පුරන, 'දක්‍ෂ', ගිහි පැවිදි උතුමන්ට පමණක් මේ අහිංසක වියයාමය , උපකාරයක් වේවා, ශක්තියක්ම වේවා, මාර්ගයක්ම වේවා.
    තම තමන්ට වැටහෙන ප්‍රමාණයට තම තමන්ගේ ජිවිත වලට ගලපාගනිත්වා, අර්ථ හෝ වියාකරණ වැරදි ඇතොත් ඔබ නොකළවරදකට නොගැටෙවා, අනුනටද අනුකම්පා කෙරේවා, වැරදි නැතොත් නිවැරදි ලෙස දකිවා.
    මෙහි සටහන් හැම අර්ථයක් තුළින්ම ඔබ සැමට යහපතක්ම වේවා! තම තමාටම පිහිටකොට ගනිත්වා.." (මහා රහතුන් වැඩි මහා ඔස්සේ)
    ආරම්භය පිණිස

    අති පූජ්‍ය පාද අරියඤාණ හිමි

    CD | මහ රහතුන් වැඩි මග ඔස්සේ..
    https://maharahathun.wordpress.com/cd/
    cd



    බෞද්ධයාගේ අත්පොත
    http://www.dhammikaweb.com/?p=1485
    bawddayage-athpotha.jpg



    Shraddha TV | ධාතූන් වහන්සේලාගේ පරම්පරා කථාව - 01
    https://www.youtube.com/watch?v=EfWOUhd5DgA&feature=youtu.be


    Shraddha TV | ධාතූන් වහන්සේලාගේ පරම්පරා කථාව - 02
    https://www.youtube.com/watch?v=QmcaatwEkAc&feature=youtu.be

    සබ්‍රහ්ම සූත්‍රය | Sabrahma suthraya | Shraddha TV
    https://www.youtube.com/watch?v=28AjuG4EWMA

    Shraddha TV |අසිරිමත් ස්වර්ණමාලී මහා සෑ රජුන්| අතරමං නොවීමට
    https://www.youtube.com/watch?v=8d9V6uG7lxQ&index=1&list=PLaIyA_suCnHwre9uXGM-5VEGqXQKfy2oU


    Shraddha TV | සතර අපායට නො වැටෙමු....
    https://www.youtube.com/watch?v=dQMPkOinMWc&list=PLaIyA_suCnHx-TWU1XsZBbQnjak1RwN2H&index=3

    Shraddha TV | සාරිපුත්ත මහරහතන් වහන්සේ
    https://www.youtube.com/watch?v=QF4Ine_iJDc&index=3&list=PLaIyA_suCnHwaTIzbeq9vK5VzIZYHImRz

    අභිධර්මය

    අභිධර්මය ඉගෙනුම සදහා ප්‍රවේශය
    බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම ...
    Ven Thiththagalle Anandasiri Thero අප නොදුටු ලොවක් කරා .!
    https://www.youtube.com/watch?v=nO3ZbK9X3V0&feature=youtu.be&t=152

    අභිධර්මයේ මුලික කරුණු
    කොටස් 01 - 36 ( මුල සිට සරලව ඉගැන්වීම ) පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි සම්පූර්ණ අභිධර්ම දේශනා පෙළ
    https://www.youtube.com/playlist?list=PLgIHbYkcHjCSJ7rjQxCtFfxpDcDVizy4x


    තමා තුලම වූ වීර්යය වර්ධනය කර ගනීමට මෙමගින් උපකාරයක්ම වේවා..

    අති උත්තම ආචාර්ය මන් භූරිදතත
    නවීන තායි බුදු දහමේ අති ශ්‍රේෂ්ඨ පුද්ගලයා ලෙස පූජණීය ආචාර්ය මන් භූරිදතත හිමි ප‍්‍රසිද්ධ වී ඇත. උන් වහන්සේගේ ජීවිත කාලයේදී දස අත පැතිරී ගිය ගුණ සමුදාය වූයේ ප‍්‍රධාන වශයෙන් උන් වහන්සේ තුළ පැවති අසාමාන්‍ය ධෛර්යය, තපස සහ තම අනුගාමිකයින් වෙත දැක්වූ ප‍්‍රබල විනය ගරුක භාවය වේ. පරිනිවීමෙන් දැන් වර්ෂ 50ක් පමණ ඉක්ම වී ඇතත් බෞද්ධ ජනතාවගේ ගෞරවණීය පිළිගැනීමේ විශිෂ්ටත්වයක් ඇත. එනම් බුදුරජාණන් වහන්සේගේ ආර්ය පර්යේෂණය තුළින් ජීවිත පරිනාමය වූ අපූර්ව සිද්ධිය මුන්වහන්සේගේ ජීවිත පරිනාමයේ ද දැක ගත හැකි බවය.

    සිල්මාතා කායිව් මෑත කාලයේ පහළ වූ රහත් තෙරණිය
    මෙම පොත තම ජීවිත කාලය තුළ දී ම, බොදු මගෙහි හිනිපෙත්තට මගිය ස්ත‍්‍රියකගේ ජීවිත කතාවත්, ඇගේ භාවනා පුහුණුවත් හුවා දක්වන්නෙකි. ඇය හැඳින්වූයේ ”මයි චී කායිව්” නමින් ය. මයි චී කායිව් කුඩා අවධියේ සිට ම ආධ්‍යාත්මික ජීවන රටාවකට හැඩ ගැසෙන බවක් ඇයට ම දැනුණි.ඇගේ ජීවිත කාලය තුළ, එවකට කීර්තියක් ඉසිලූ කම්මට්ඨානාචාර්යයන් මුණගැසීමට ඇය වාසනාවන්තියක් වූවාය. ඇය ඔවුනගේ උපදෙස් තදින් හදවතටගෙන දැඩි උද්‍යෝගයකින්, තම ප‍්‍රතිපත්ති පුහුණුවට එකතු කර ගත්තීය

    http://www.forestdhamma.org/books/sinhala/


    වැඩි දුර අධ්‍යනය පිණිස

    දිවයින ඉරිදා සංග්‍රහයේ පලවන මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි මාලාව
    http://waytonivana.blogspot.com/2012/09/2011-2012.html

    සියලුම ග්‍රන්ථ
    http://www.maharahathunwadimagaosse.org/maha-rahathun-wadi-maga-osse-pdf-download/

    දහම් සාකච්ඡා අති පූජ්‍ය ගෞරවාර්හ, පූජ්‍ය පාද අරියඤාණ හිමි
    https://www.youtube.com/playlist?list=PLDuUIzPmvYoKQoMhbGS7423WKOI2qJ_rS

    පට්ඨාන දේශනා Ven Thiththagalle Anandasiri Thero
    https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_

    මහ රහතුන් වැඩි මඟ ඔස්සේ.. ධර්ම සාකච්ඡාව - 05
    https://www.youtube.com/watch?v=xMah1AeU3nE&t=3449s

    තෙරුවන් සරණයි
     
    Last edited:

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    ධර්ම දේශනය...(රත්මලාන) මහ රහතුන් වැඩි මග ඔස්සේ

    https://www.youtube.com/watch?v=zEShRcouRwo

    මෙම ධර්ම දානමය කුසල් බෙලෙන් , අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ ඇතුළුව උතුම් සදහම් මග අප සැමට විවර කර දෙනු ලබන මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය ලැබේවා!!!

    එම කුසලයන් සියලු දෙවියන්ටත්, මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු පටිගත කළ, විකාශය කළ සහ අන්තර්ජාලයට එක්කළ සියලුම සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!

    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...

    තෙරුවන් සරණයි..
     
    Last edited:

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    නිවැරදිව බුදුන් වඳිමු.

    මුලින්ම මතක තියා ගන්න.. ගාථා පාඨ හරියට උච්චාරණය කරන්න. ග්රාම්ය විදියට කටට එන හුරුවට ගාථා කියන්න එපා. "ත" හා "ථ"; "ට" හා "ඨ" යනාදිය අතරෙ වෙනස හරියට උච්චාරණය කරන්න.
    ඔබ කියන ගාථාවන්හි තේරුම දැන ගාථා කියන්න. ගිරවෙකුත් ඔබත් අතර වෙනස එයයි. සජ්ඣායනා කරනා ගාථා සූත්ර වල තේරුම දැන එසේ කරන්න.
    ඔබ දිනපතා මල් පහන් පූජාවන් කරන්නේ කෙසේදැයි සැළසුම් කරන්න.
    නිවස තුල, නිස්කලංක ස්ථානයක, ශාන්ත වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ පිළිම වහන්සේ නමක් තබා ගන්න. මල් ආසනයත් , පිළිම වහන්සේ අසලත් නුසුදුසු සැරසිලි යනාදිය නම් කරන්න එපා. දෙවියන් සිහිකර උන්වහන්සේලාට පින් අනුමෝදන්කරනවා විනා මම නම් තථාගතයන් වහන්සේ සමග දේව රූප තබන්නේ නම් නැත. පිළිමවහන්සේ ඉදිරිපිට කුඩා මල් ආසනයක පිරිසිදුව බුද්ධ පූජාව (ආහාර හා පැන්), මල්, පහන්, සුවඳදුම්, පූජා කිරීමට සූදානම් කරගන්න.
    තෙරුවන් නැමදීමට පෙර ඔබ මුහුණ, කට සෝදා / නා හෝ අවස්ථානුකූලව පිරිසිඳු වී සිටිය යුතුය.
    බැතිබරව ශ්රද්ධාවෙන් පිළියෙල කල බුද්ධ පූජාවත්, මල් , සුවඳදුම් හා පහනුත් මල් අසුන මත තබා තෙරුවන් නැමදුමට අපි සූදානම් වෙමු.

    පළමුව භගවා, අරහං, සම්මා සම්බුද්ධ යන මහා ගුණස්කන්ධයෙන් යුතු වූ බුදු රජාණන්වහන්සේ සරණ යන්න.
    ඕනෑම කටයුත්තක්, ගාථා, පිරිත් සඤ්ඤායනයකට කලින් මෙලෙස නමස්කාරය කීම සුදුසු වේ
    නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
    නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
    නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස


    ඉන්පසු පළමුවද, දෙවනුවද, තෙවනුවද බුද්ධ, ධම්ම, සංඝ යන තුන් රුවන සරණ යන්න:
    බුද්ධං සරණං ගච්ඡා මි
    ධම්මං සරණං ගච්ඡා මි
    සඞ්ඝං සරණං ගච්ඡා මි

    දුතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
    දුතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
    දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි

    තතියම්පි බුද්ධං සරණං ගච්ඡා මි
    තතියම්පි ධම්මං සරණං ගච්ඡා මි
    තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡා මි


    * මීලඟට තුන් රුවනේ සූ විසි මහ ගුණයට නමස්කාර කරමු:
    1. බුදු ගුණ නමස්කාරය:
    ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණ සම්පන්නො සුගතො ලෝක විදූ, අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව මනුස්සානං බුද්ධො භගවාති
    අනන්ත මහා බුදු ගුණ කියවෙන මේ උතුම් ගාථාව මන්තරයක් නොවේ.
    ඔබ ඒ ඒ මහා ගුණය කුමක් දැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.
    අනන්ත සසරේ යන මේ භයානක ගමනේ අපේ එකම සාස්තෲවරයාණන් වූ තථාගතයන් වහන්සේට නමස්කාර කරමු:

    බුද්ධං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
    බුද්ධ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි

    යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
    පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

    අතීතයේ පහල වූ බුදු රජාණන් වහන්සේලා ට ද, අනාගතයේ පහල වන්නාවු බුදු රජාණන් වහන්සේලා ට ද,
    වර්ථමාන බුද්ධෝත්පාද කාලයේ හි පහල වූ බුදු රජාණන් වහන්සේ ට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

    නත්ථි මේ සරණං අඤ්ඤං - බුද්ධො මේ සණං වරං.
    ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ හැර මට අන් සරණක් නැත්තේ ය. බුද්ධ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
    මේ සත්යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා

    උත්තමංගේන වන්දේහං - පාදපංසු වරුත්තමං
    බුද්ධේ යො ඛලිතො දොසො - බුද්ධෝ ඛමතු තං මමං

    භාග්යවතුන් වහන්සේ ගේ සිරිපා පහස ලද දූවිල්ලද දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
    මාගේ නමස්කාරය වේවා !.
    බුද්ධ රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් භාග්යවතුන් වහන්සේ මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

    2. දහම් ගුණ නමස්කාරය
    ස්වාක්ඛාතො භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහිපස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති
    ලෞකික වූද ලෝකෝත්තර වූද අනන්ත මහා දහම් ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.
    සියළු සත්වග හිත සුව පිණිස තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේ දේශනා කල උතුම් ධර්ම රත්නයට නමස්කාර කරමු.

    ධම්මං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
    ධර්ම රත්නය මම දිවිහිමියෙන් සරණ යමි
    යෙච බුද්ධා අතීතා ච - යෙච බුද්ධා අනාගතා
    පච්චුප්පන්නා ච යෙ බුද්ධා - අහං වන්දාමි සබ්බදා

    අතීත වූ ධර්ම රත්නයට ද, අනාගත වූ ධර්ම රත්නයට ද ට ද,
    වර්ථමාන වූ ධර්ම රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

    නත්ථි මේ සරණං අඤ්ඤං - ධම්මො මේ සණං වරං.
    ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ දෙසූ උතුම් ධර්ම රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. ධර්ම රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
    මේ සත්යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා

    උත්තමං ගේන වන්දේහං - ධම්මඤ්ච තිවිධං වරං
    ධම්මේ යො ඛලිතො දොසො - ධම්මො ඛමතු තං මමං

    ලොව්තුරු, මගඵල, නිවන්, ත්රිවිධ වූ ධර්ම රත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
    මාගේ නමස්කාරය වේවා !.
    ධම්ම රත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.



    3. ආර්ය මහා සඟ ගුණ නමස්කාරය
    සුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
    උජුපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
    ඤායපටිපන්නෝ භගවතෝ සාවකසංඝෝ,
    සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ,
    යදිදං චත්තාරි පුරිසයුගානි
    අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසංඝෝ,
    ආහුණෙය්යෝ,පාහුණෙය්යෝ, දක්ඛිණෙය්යෝ,
    අංජලිකරණීයෝ ,අනුත්තරං
    පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා’ති.

    උත්තම වූ දක්ඛිනෙය්ය වූ ආර්ය මහා සංඝ රත්නය හි ගුණ ගුණ මොනවාදැයි අවබෝධයෙන් මේ ගාථාව කියන්න.
    මඟ ඵල ලාභී වූ උතුම් ආර්ය මහා සංඝ රත්නයටත් සසරේ අප කෙරෙහි අනුකම්පාවෙන් ද ඝෝර සසරෙන් අප වත් එතෙර කරවා උන්වහන්සේලාත් එතෙර වනු පිණිස ද උත්තම ආර්ය මාර්ගයට පිළිපන් මහා සඟ රුවන ටත් නමස්කාර කරමු

    සංඝං ජිවිත පරියන්තං - සරණං ගච්ඡාමි
    සංඝ රත්නය මම දිවිහිමියෙන් සරණ යමි
    යෙච සංඝා අතීතා ච - යෙච සංඝා අනාගතා
    පච්චුප්පන්නා ච යෙ සංඝා - අහං වන්දාමි සබ්බදා

    අතීත වූ ආර්ය මහා සංඝ රත්නයට ද, අනාගත වූ ආර්ය මහා සංඝ රත්නයට ද ට ද,
    වර්ථමානයේ වැඩ සිටින ආර්ය මහා සංඝ රත්නයට ද මම සැම කල්හි ම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා.

    නත්ථි මේ සරණං අඤ්ඤං - සංඝො මේ සරණං වරං.
    ඒතෙන සච්ච වජ්ජේන - හෝතු මේ ජය මඞගලං

    සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ආර්ය මහා සංඝ රත්නය හැර මට අන් සරණක් නැත්තේ ය. සංඝ රත්නය මගේ උත්තම රත්නය වන්නේ ය.
    මේ සත්යානුභාවයෙන් මා හට ජය මඞගල්යයක් ම වේවා

    උත්තමං ගේන වන්දේහං - සංඝං ච තිවිධොත්තමං
    සඞඝේ යො ඛලිතො දොසො - සංඝො ඛමතු තං මමං

    සම්මුති, සේඛ අසේඛ යන ත්රිවිධ වූ උත්තම සංඝරත්නයට දොහොත් මුදුන් දී මම නමස්කාර කරමි.
    මාගේ නමස්කාරය වේවා !.
    මහා සංඝරත්නය කෙරෙහි මගෙන් යම් වරදක් සිදු වුනා නම් උන්වහන්සේලා මට අනුකම්පා කර ක්ෂමා වන සේක්වා.

    * පූජණීය චෛත්යයෝ වන්දනාවන්
    ඔබ සිංහල බෞද්ධයෙක් නම් ඔබ ඔබේ ජීවිත කාලය තුළ කිහිප වරක් හෝ අඩුම තරමින් එක් වරක් වත් යා යුතු ස්ථාන අතරින් අනුරාධපුර ස්වර්ණමාලී (රුවන්මැලි ) චෛත්යරායාණන්වහන්සේත්, ජයශ්රී මහා බෝධීන් වහන්සේත් ඉතාම වැදගත් වේ.
    දිනපතා පන්සිල් ගෙන තෙරුවන් නැමැද, තථාගතයන් වහන්සේ ගේ සර්වඥධාතු තැන්පත් කල ශාරීරික චෛත්යය වහන්සේලා නමස්කාර කරන්න. ද්රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අනුරපුර ස්වර්ණමාලී මහා චෛත්ය රාජයාණන් (හෝ වෙනත් ශාරීරික චෛත්ය රාජයාණන් වහන්සේ නමක්) සිත් හි දරාගෙන පහත ගාථාව අවබෝධයෙන් කියන්න:

    වන්දාමි චේතියං සබ්බං
    සබ්බඨානේසු පතිට්ඨිතං
    සාරීරික ධාතු මහා බෝධිං
    බුද්ධ රූපං සකලං සදා


    * බෝධීන් වහන්සේ වන්දනා කිරීම.
    ඉන් අනතුරුව අප බුදු පියාණන් වහන්සේ ගේ උතුම් පාරිභෝගික චෛත්යයක් වූ අනුරපුර (හෝ දඹදිව හෝ වෙනත්) බෝධීන් වහන්සේ සිත් හි දරාගෙන, සවු කෙළෙසුන් නසා ලොවුතුරා බුදු බවට පත් වන මොහොතේ අප සම්මා සම්බුදු රජාණන් වහන්සේට සෙවන දුන් උතුම් බෝධීන් වහන්සේ කෙරෙහි සිත පහදවාගෙන අවබෝධයෙන් මේ ගාථාවන් සඤ්ඤායනා කරන්න.;

    යස්සමූලේ නිසින්නෝව
    සබ්බාරි විජයං අකා
    පත්තෝ සබ්බඤ්ඤුතං සත්ථා
    වන්දේතං බෝධිපාදපං

    (අර්ථය: ශාස්තෲන් වහන්සේ යම් වෘක්ෂයක් මුල හිඳිමින් සියලු සතුරන් ජයග්රහණය කළේ ද සර්වඥ බවට පැමිණියේ ද (මම) ඒ බෝධි වෘක්ෂය වන්දනා කරමි.)

    ඉමේ ඒතේ මහාබෝධි
    ලෝකනාථේන පූජිතා
    අහම්පි තේ නමස්සාමි
    බෝධිරාජා නමත්ථු තේ

    (අර්ථය: ඒ මේ මහාබෝධීන් වහන්සේලා ලෝකනාථයන් වහන්සේ විසින් අනිමිසලෝචනයෙන් පූජා කරන ලදි. මම ද ඒවාට නමස්කාර කරමි. බෝධිරාජයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා!)
    සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අනන්ත මහා ගුණස්කන්ධය උදෙසා උදෙසා පූජා කිරීම්

    මීලඟට ඔබ මල් ආසනය මත තැබූ ආහාර (හීල හා දාවල දානය, අතුරුපස ), පැන්, මල්, සුවඳ දුම්, පහන් පූජාව ජීවමාන ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට පූජාකරමි යන ලෙසින් සිත් හි දරාගෙන සැදැහැ සිතින් පිළිගන්වමු;
    * හීල හා දාවල දානය, අතුරුපස පූජා කිරීම
    (කරුණාකර සැදැහැ සිතින් පිරිසිදුව පිළියෙල කල ආහාර, පිරිසිදුව පූජා කරන්න.
    අපිරිසිඳුවට නොසැලකිල්ලෙන් පූජා කරන දෑ බුදුරජාණන්වහන්සේට පූජා කෙරෙන්නේ නැත )

    * පැන් පූජාව
    සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
    පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම

    (අර්ථය: උත්තමයන් වහන්ස, භාග්යවතුන් වහන්සේ මේ සුවඳවත් වූ සිහිල් වූ කැප වූ ප්රසන්න වූ මිහිරි වූ යහපත් වූ පැන් පිළිගන්නා සේක්වා!)

    අධිවාසේතු නෝ භන්තේ පානීයං උපනාමිතං
    අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

    (අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද පැන් ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදුරජාණන්වහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

    ** මීට අමතරව කැවිලි, දැහැත්, ගිලන්පස ද පූජා කළ හැක. ඒ සඳහා ගාථා හා අරුත් මෙතැනින් බලන්න:
    * ආහාර පූජාව
    අධිවාසේතු නෝ භන්තේ භෝජනං උපනාමිතං
    අනුකම්පං උපාදාය පතිගණ්හාතු උත්තම

    (අර්ථය: ස්වාමීනි, අප විසින් එළවන ලද බොජුන් (ආහාර) ඉවසන (භාරගන්නා) සේක්වා. සම්මා සම්බුදු රජාණන්වහන්සවහන්ස, අනුකම්පාවෙන් පිළිගන්නා සේක්වා!)

    ** භෝජනං පරිකප්පිතං කියාද කියති.. මේ ගැන මෙතැනින් විමසා බලන්න:

    * මල් පූජාව
    පූජේමි බුද්ධං කුසුමේන නේන
    පුඤ්ඤෙන මෙතෙන ලභාමි මොක්ඛං
    පුප්ඵං මිලායාති යථා ඉධංමෙ
    කායො තථා යාති විනාස භාවං
    වර්ණ ගන්ධ ගුණෝපෙතං
    එතං කුසුම සන්තතිං
    පූජයාමි මුණින් දස්ස
    සිරිපාද සරෝරුහෙ

    (අර්ථය: පැහැය සුවඳ ගුණය යන ස්වභාවවලින් යුක්ත මෙම මල් රැස මුනිඳුන්ගේ සිරිපා පියුම මත පූජා කරමි.)

    * සුවඳ පූජාව
    සුගන්ධිකාය වදනං - අනන්ත ගුණ ගන්ධිනා
    සුගන්ධිනා හං ගන්ධෙන - පූජයාමී තථාගත

    * පහන් පූජාව
    ඝණසාරප්-පදිත්තේන
    දීපෙන තම ධං සිනා
    තිලෝක දීපං සම්බුද්ධං
    පූජයාමී තමෝනුදං
    [සුගන්ධං සීතලං කප්පං පසන්න මධුරං සුභං
    පානීයමේතං භගවා පතිගණ්හාතු උත්තම]

    ඉහත කී සියළු පූජාවන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ම පූජා වේවා යැයි සිතා ශ්රද්ධාවෙන් පූජා කිරීම ඉතාම වැදගත් බව මතක තබා ගන්න

    උපුටා ගැනීම -
    (සම්බුදු සසුනක අසිරිය - sambudu sasunaka asiriya Community)

    තෙරුවන් සරණයි..
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහ

    ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!


    කම්මට්ඨානාචාර්ය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන හිමි
    අරහං බුදු ගුණය 1

    බුදු රජාණන් වහන්සේගේ අරහං ගුණය පිළිබඳව ලියැවෙන ලිපි පෙළක තවත් කොටසකි මේ. ප්‍රතිපත්ති මගින් පූජා ලැබීමට උන් වහන්සේ සුදුසු වූ ආකාරය මේ ලිපියෙන් කියැවේ.

    http://theruwan.org/lipi/budurajanan-wahanse/6/



    1.jpg


    2.jpg


    3.jpg


    7.jpg


    9.jpg


    10.jpg


    11.jpg
     

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga

    Nirapekshathwaye Maga (Season 08)
    Start Date of Season 08 :- 06-11-2016

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස
    Nirapekshathwaye Maga4 videos1,851 viewsLast updated on Dec 26, 2016
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ප්‍රධාන 'නිරපේක්ෂත්වයේ මග' විසින් 2016-12-03 සිට 2016-12-16 දක්වා මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ පවත්වනු ලැබූ 'පැවැත්මෙන් ඔබ්බට භාවනා - Meditation Beyond Existence' දින 14 නේවාසික භාවනා වැඩසටහනේ භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා සිවුවනක් පිරිස ලද අත්දැකීම්

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzJBLG0fG2heqgjIY0DvIDeT

    Marvelous Relaxation Exercise
    සතර දැහැන් වැඩීමට උපනිශ්‍රය පිණිස කයේ ඇති අපහසුතා සහ සියළුම රෝගා බාධ සමනය කර ගැනීම සදහා පූර්ව කෘත්‍යක්
    https://www.youtube.com/watch?v=04kTTKJiw90&t=129s

    Web Site : http://www.nirapekshathwayemaga.com
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Nirapekshathwaye Maga (Season 08)
    Start Date of Season 08 :- 06-11-2016

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw

    ආර්ය ධ්‍යාන වල අත්දැකීම් ලද සිව්වනක් පිරිස
    Nirapekshathwaye Maga4 videos1,851 viewsLast updated on Dec 26, 2016
    පූජ්‍ය වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ ප්‍රධාන 'නිරපේක්ෂත්වයේ මග' විසින් 2016-12-03 සිට 2016-12-16 දක්වා මහාබෝධි අග්‍රශ්‍රාවක විහාරයේ පවත්වනු ලැබූ 'පැවැත්මෙන් ඔබ්බට භාවනා - Meditation Beyond Existence' දින 14 නේවාසික භාවනා වැඩසටහනේ භික්ෂු, භික්ෂුණී, උපාසක සහ උපාසිකා සිවුවනක් පිරිස ලද අත්දැකීම්

    https://www.youtube.com/playlist?list=PLCwAkX1DFpzJBLG0fG2heqgjIY0DvIDeT

    Marvelous Relaxation Exercise
    සතර දැහැන් වැඩීමට උපනිශ්‍රය පිණිස කයේ ඇති අපහසුතා සහ සියළුම රෝගා බාධ සමනය කර ගැනීම සදහා පූර්ව කෘත්‍යක්
    https://www.youtube.com/watch?v=04kTTKJiw90&t=129s

    Web Site : http://www.nirapekshathwayemaga.com
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga



    Reposting a comment from නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga [ http://www.elakiri.com/forum/showthread.php?t=1781783 ] :




    ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙහෙම කියනවා:

    මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ...


    අභය හිමිගේ ඒ කතාව බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේත්, භික්ෂුණීන් වහන්සේලාගේත් ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ භික්ෂූන් වහන්සේලා සහ භික්ෂුණීන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

    භික්ෂූන් වහන්සේලාත්, භික්ෂුණීන් වහන්සේලාත් ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාලව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp2p1/94 ] ගැන වැඩි විස්තර සඳහන්.

    පාලියෙන් එය මෙසේ සඳහන්:

    "යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.


    එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

    "යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.


    භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ග ඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

    බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් දුසිල්වත් ක්‍රියාවන් ලෙසයි දකින්න තියෙන්නේ. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් ගැටළු ඇති කරනවා. ඔය විදිහට වරදවා ගත්තොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි සමාජයේ මතයකුත් ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා.

    Skylark
     
    Last edited:

    sgmdarshana

    Junior member
  • Jan 6, 2007
    195
    12
    18
    Colombo
    මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා.

    බොහෝ ගිහි පැවිදි අධිගමලාබින් දේශනා කරන්නේ තම තමන් මාර්ගය එලි කර ගත් ආකාරය. එහිදී ඉතා දැඩි මිත්යා දුෂ්ටික මත වලට එලබ සිටින්නන් හැර, ඒ ඒ අයගේ, එකක් දෙකක් නොව බොහෝ දේශනා වලට සවන් දීමේදී මේ හැමෝම අවසාන අදහස බොහෝ විට එකයී. තම තමන් දක්ෂ වෙලා තියෙන්නේ තම තමන්ගේ අද්දැකීම විස්තර කරන්න. එක්තරා ස්වාමින්ස වහන්සේ නමක් සම්මා දිට්ටිය කෙසේ ද ඇතිවෙන්නේ සේවිමිදී උන් වහන්සේට එකී නෙකට වෙනස් පිළිතුර හතරක් ලැබුණු නිසා එයින් සෑහීමට පත් නොවී තථාගතයන් වහන්සේට මේ ප්රශනය ඉදිරිපත් කරනවා. එහිදී තථාගතයන් වහන්සේ කිංසුපොමක සුත්රය ඇසුරෙන් පැහැදිලි කරනවා ඒ කවුරුත් වැරදි දෙයක් කිව්වේ නැහැ තම තමන් දැකපු ආකරය විස්තර කර ඇත්තේ කියා.( වැඩිපුර දැන ගැනීමට - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ&t=226s )

    අනික කරුණ එක් එක් ස්මිවාන් වහන්සේලා සරණ යන්නේ නැතුව සෑම දේශනාවන්ටම අපි නිදහස් මනසකින් සවන් දෙමින් අවබෝධයෙන් ගත යුතු දේ විතරක් ගෙන අත්හැරිය යුතු දේ අතහැර තථාගතයන්ම සරණ යා යුත්තේ. ලොවුතුරා බුදු රජාණන්වහන්සේ වහන්සේ පහල විමේදීත් බුද්ධ සසනයක් පැවතියේ නැත. එහිදී නිදහස් මනසකින් ඒ දෙස බැලුවන් නිවී සැනසීමට පත් උනා. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඉතාම පැහැදිලව නිදහස් මනසක් ඇති කර ගැනීමට උපකාර වෙන දේශනා ඉදිපත් කරනවා. https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_

    අනික එක් එක් කෙනාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩි ඇති අයුරු දැකමට ඥානය ඇති තථාගතයන් ජීවමාන නැති නිසා අපිට පොදුවේ සෑම ධර්ම දේහනා වලට සවන් දීමට සිදු වෙනවා. තම තමන්ගේ ප්‍රඥා වැඩි ඇති ආකාරයට අවබෝධය ලැබිමට. සම්පුර්ණ ධර්ම දේශනා වලට සවන් නොදී සුළු කොටස් වලට සවන් දීමෙන් නිගමන වලට පැමිණීම එතරම්ම සුදුසු දෙයක් නොවේ. අභය ස්වාමින් වහ්සේගේ ධර්ම දේහනා ( season 8) වලින් කිහිපයක් අසා ඇත. ත්‍රිපිටකය සාක්‍ෂියක් නොමැතිව
    කරුණු ඉදිරිපත් කරනවා මේ වනතුරු අසා දේශනා වල නම් නැත. ඒම නිසා මත ඉදිරිපත් කිරීමට පෙර අවබෝධයක් ලැබීමට හැකි දේශනා ප්‍රමාණයක් වත් අසා තිබීම වැදගත් විය හැක.

    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ යන ස්වාමින් වහන්සේලාත් තමන්ගේ මාර්ග පල අදහස් කියා තියෙනවා. රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්රයන් වහන්සේලා සමඟ පැවති අතිදුර්ලභ ධර්ම සාකච්ඡාව... මෙහිදී උන් වහන්සේ තමන්ගේ මාර්ග පල ප්රකාශ කරනවා.
    කරුණාකර සම්පුර්ණ දේශනයට සවන් දෙන්න....
    ( https://www.youtube.com/watch?v=w5LmPV7siqI )


    ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තමන්ගේ මාර්ග පල, නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීමටත් පැහැදුන අයගේ පැහැදීම වැඩි කිරීමටත් ප්රකාශකර තිබෙනවා. වහරක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මා අසා නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේලාට පමණක් ඇති අන් අයගේ මාර්ග පල ඥානය වෙනත් මාර්ග පල ලාභියෙකුටවත් නැති නිසා අප වැනි පෘතග්ජන අය අන් අය ගැන මත පල කිරීමේදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. එකල සිටි අප සැම දෙනාම වගේ දැනුවත්, (ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත වැඩම කරන විට වතුර වලක් දුටු සැනින් එයට උඩින් පැන යන ස්වාමින් වහන්සේද, පාත්තර පහක් දන් වළදන ස්වාමින් වහන්සේද, වාසල වාදයෙන් කතා කරන ස්වාමින් වහන්සේ, ගැන අප්ප්‍රසාදයෙන් අනික් ස්වාමින් වහන්සේලා කරන කතා තථාගතයන් දැන ඒ කවුරුද කියා දැන, මහණ එහෙම කියන්න එපා ඒ රහතන් වහන්සේලා කියා අවවාද කරනවා. අද එවැනි රහතන් වහන්සේලා හිටියනම් මොන තරම් ආර්ය උපවාද කරගෙන නිරයට යයිද ?

    ගිහි පැවිදි අයගේ හැසිරීමෙන් තීරණ ගැනිමේද ප්‍රථිපල ඉතා භයානක විය හැක.ආනන්තරිය පාප කර්මයකට පමණක් දෙවෙනි වෙන ආර්ය උපවාද අකුසල කර්මයක් නොවනුවත්ම හෝ කරගතහොත් අනන්ත සංසාරයක් පුරාවටම විදවීමට සිදු විය හැක.

    තෙරුවන් සරණයි.....!
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති කර ගැනීම තමයි මගෙත් මුලික අරමුණ. කෙනෙක් නොදකින දේ තවකෙනෙක් දකින නිසා. ඒ නිසා ඔබලාගේ අදහස් වලට ඉතා ගරු කරනවා.

    බොහෝ ගිහි පැවිදි අධිගමලාබින් දේශනා කරන්නේ තම තමන් මාර්ගය එලි කර ගත් ආකාරය. එහිදී ඉතා දැඩි මිත්යා දුෂ්ටික මත වලට එලබ සිටින්නන් හැර, ඒ ඒ අයගේ, එකක් දෙකක් නොව බොහෝ දේශනා වලට සවන් දීමේදී මේ හැමෝම අවසාන අදහස බොහෝ විට එකයී. තම තමන් දක්ෂ වෙලා තියෙන්නේ තම තමන්ගේ අද්දැකීම විස්තර කරන්න. එක්තරා ස්වාමින්ස වහන්සේ නමක් සම්මා දිට්ටිය කෙසේ ද ඇතිවෙන්නේ සේවිමිදී උන් වහන්සේට එකී නෙකට වෙනස් පිළිතුර හතරක් ලැබුණු නිසා එයින් සෑහීමට පත් නොවී තථාගතයන් වහන්සේට මේ ප්රශනය ඉදිරිපත් කරනවා. එහිදී තථාගතයන් වහන්සේ කිංසුපොමක සුත්රය ඇසුරෙන් පැහැදිලි කරනවා ඒ කවුරුත් වැරදි දෙයක් කිව්වේ නැහැ තම තමන් දැකපු ආකරය විස්තර කර ඇත්තේ කියා.( වැඩිපුර දැන ගැනීමට - මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් https://www.youtube.com/watch?v=XUuUmUPBEiQ&t=226s )

    අනික කරුණ එක් එක් ස්මිවාන් වහන්සේලා සරණ යන්නේ නැතුව සෑම දේශනාවන්ටම අපි නිදහස් මනසකින් සවන් දෙමින් අවබෝධයෙන් ගත යුතු දේ විතරක් ගෙන අත්හැරිය යුතු දේ අතහැර තථාගතයන්ම සරණ යා යුත්තේ. ලොවුතුරා බුදු රජාණන්වහන්සේ වහන්සේ පහල විමේදීත් බුද්ධ සසනයක් පැවතියේ නැත. එහිදී නිදහස් මනසකින් ඒ දෙස බැලුවන් නිවී සැනසීමට පත් උනා. තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ ඉතාම පැහැදිලව නිදහස් මනසක් ඇති කර ගැනීමට උපකාර වෙන දේශනා ඉදිපත් කරනවා. https://www.youtube.com/playlist?list=PLZkdhQBKHHk7J0fkDgoOXzOYPzqPT4vv_

    අනික එක් එක් කෙනාගේ ඉන්ද්රිය ධර්මයන් වැඩි ඇති අයුරු දැකමට ඥානය ඇති තථාගතයන් ජීවමාන නැති නිසා අපිට පොදුවේ සෑම ධර්ම දේහනා වලට සවන් දීමට සිදු වෙනවා. තම තමන්ගේ ප්‍රඥා වැඩි ඇති ආකාරයට අවබෝධය ලැබිමට. සම්පුර්ණ ධර්ම දේශනා වලට සවන් නොදී සුළු කොටස් වලට සවන් දීමෙන් නිගමන වලට පැමිණීම එතරම්ම සුදුසු දෙයක් නොවේ. අභය ස්වාමින් වහ්සේගේ ධර්ම දේහනා ( season 8) වලින් කිහිපයක් අසා ඇත. ත්‍රිපිටකය සාක්‍ෂියක් නොමැතිව
    කරුණු ඉදිරිපත් කරනවා මේ වනතුරු අසා දේශනා වල නම් නැත. ඒම නිසා මත ඉදිරිපත් කිරීමට පෙර අවබෝධයක් ලැබීමට හැකි දේශනා ප්‍රමාණයක් වත් අසා තිබීම වැදගත් විය හැක.

    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේ, මාන්කඩවල සුදස්සන ස්වාමින් වහන්සේගේ, අති පූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ යන ස්වාමින් වහන්සේලාත් තමන්ගේ මාර්ග පල අදහස් කියා තියෙනවා. රාජගිරියේ අරියඥාන ස්වාමීන් වහන්සේ බුද්ධ පුත්රයන් වහන්සේලා සමඟ පැවති අතිදුර්ලභ ධර්ම සාකච්ඡාව... මෙහිදී උන් වහන්සේ තමන්ගේ මාර්ග පල ප්රකාශ කරනවා.
    කරුණාකර සම්පුර්ණ දේශනයට සවන් දෙන්න....
    ( https://www.youtube.com/watch?v=w5LmPV7siqI )


    ත්‍රිපිටකයේ බොහෝ තැන්වල තමන්ගේ මාර්ග පල, නොපැහැදුණු අයගේ පැහැදීම ඇති කිරීමටත් පැහැදුන අයගේ පැහැදීම වැඩි කිරීමටත් ප්රකාශකර තිබෙනවා. වහරක ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා මා අසා නැත. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේලාට පමණක් ඇති අන් අයගේ මාර්ග පල ඥානය වෙනත් මාර්ග පල ලාභියෙකුටවත් නැති නිසා අප වැනි පෘතග්ජන අය අන් අය ගැන මත පල කිරීමේදී බොහෝ ප්‍රවේශම් විය යුතුය. එකල සිටි අප සැම දෙනාම වගේ දැනුවත්, (ස්වාමින් වහන්සේලා පිණ්ඩපාත වැඩම කරන විට වතුර වලක් දුටු සැනින් එයට උඩින් පැන යන ස්වාමින් වහන්සේද, පාත්තර පහක් දන් වළදන ස්වාමින් වහන්සේද, වාසල වාදයෙන් කතා කරන ස්වාමින් වහන්සේ, ගැන අප්ප්‍රසාදයෙන් අනික් ස්වාමින් වහන්සේලා කරන කතා තථාගතයන් දැන ඒ කවුරුද කියා දැන, මහණ එහෙම කියන්න එපා ඒ රහතන් වහන්සේලා කියා අවවාද කරනවා. අද එවැනි රහතන් වහන්සේලා හිටියනම් මොන තරම් ආර්ය උපවාද කරගෙන නිරයට යයිද ?

    ගිහි පැවිදි අයගේ හැසිරීමෙන් තීරණ ගැනිමේද ප්‍රථිපල ඉතා භයානක විය හැක.ආනන්තරිය පාප කර්මයකට පමණක් දෙවෙනි වෙන ආර්ය උපවාද අකුසල කර්මයක් නොවනුවත්ම හෝ කරගතහොත් අනන්ත සංසාරයක් පුරාවටම විදවීමට සිදු විය හැක.

    තෙරුවන් සරණයි.....!


    Reposting a
    comment from නිරපේක්ෂත්වයේ මග Nirapekshathwaye Maga [ http://www.elakiri.com/forum/showthread.php?t=1781783 ] :




    ඉහත වීඩියෝවේ විනාඩි 25න් පමණ ඉදිරියට වලස්මුල්ලේ අභය හිමි මෙසේ පවසනවා:

    මේ ධ්‍යාන, මාර්ග ඵල තියෙන ඒවා හංගලා, හොරකං, හොරකමට නිකං හංගන් ඉන්න එකක් නෙවෙයි. දැන් මෙච්චර කාලයක් මේවා කිව්වෙ නෑ, ඇයි? කාටවත් නැති නිසා. කාටවත් නැති නිසා කට්ටියම තියෙනවා කියලා හිතාගෙන එකාට එකා හොරෙන් හිටියා අර අන්ධයෝ රෑන ඉතිරි අන්ධයොගෙ පස්සෙ යන්නා වගේ. ...
    අභය හිමිගේ එම ප්‍රකාශය බුදු සසුනේ සීල සාරයේ පිහිටි භික්ෂූන් වහන්සේලාගේ ස්වරූපයට ගැළපෙන්නේ නැහැ. එවන් අය ධ්‍යාන, මාර්ග ඵල ආදිය ගැන ගිහියන් ඇතුළු අනුපසම්පන්නයින්ට නොකියනවා නම් එසේ නොකියන්නේ එවන් අයට එම ගුණාංග නැති නිසා හෝ හොරකමට යැයි යන අර්ථයන්ගෙන් ගැනීම සුදුසු නැහැ. ඇති ධ්‍යානයන්, මාර්ග ඵල ආදිය ගැන අනුපසම්පන්නයින්ට කීම විනය ශික්ෂාවට ගැළපෙන්නේ නැහැ. ඒ නිසා බුදු සසුනේ පැවිදි වූ සිල්වත් භික්ෂූන් වහන්සේලා සැබෑවටම ඔවැනි දේ තමා කෙරෙහි ඇතැයි දැනගත්තත් ඔවැනි දේ අනුපසම්පන්නයින්ට කියන්නේ නැහැ.

    භික්ෂූන් වහන්සේලා ඔවැනි කරුණු අනුපසම්පන්නයින්ට කියනවා නම් එය මහණකමට ගැළපෙන ක්‍රියාවක් නොවෙයි. බුදුරජානන් වහන්සේ ඊට අදාලව පනවන ලද ශික්ෂාපදයට කියන්නේ "භූතාරොචනශික්ෂාපදය" කියලා. ත්‍රිපිටකයේ විනය පිටකයේ පාචිත්තිය පාළියේ භූතාරොචනශික්ෂාපදය [ http://thripitaka.org/view/vp/vp2p1/94 ] ගැන වැඩි විස්තර සඳහන්.

    පාලියෙන් එය මෙසේ සඳහන්:

    "යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරිමනුස්සධම්මං ආරොවෙය්‍ය භූතස්මිං පාචිත්තිය"න්ති.


    එහි සිංහල පරිවර්තනය මෙසේ සඳහන්:

    "යම් මහණෙක් අනුපසප්නක්හට උතුරුමිනිස්ධම ඇරොජන්නේ නම් විද්‍යමානයෙහි පචිති වේ" යයි.


    විනය පිටකයේ භූතාරොචනශික්ෂාපදය ගැන විස්තරයේ "උත්තරීමනුස්සධම්ම" ලෙස සැලකෙන්නේ කවර කරුණුද යන්න සඳහන්. ඊට අනුව භික්ෂූන් වහන්සේලාට තමන්ගේ ඇති මාර්ග ඵල, ඥානදර්ශන, ධ්‍යාන ගැන පමණක් නොවෙයි, අඩු තරමින් තමන් ශූන්‍යාගාරයෙහි ඇලෙනවා යැයි වත් අනුපසම්පන්නයින්ට කියන්න විනයෙන් ඉඩක් නැහැ.

    වලස්මුල්ලේ අභය හිමි භූතාරොචනශික්ෂාපදය ගැන නොදැන ඉහත පරිදි පවසන්න ඇති. ඉහත වීඩියෝවේදී අභය හිමියන් නොපැහැදුනු අයගේ පැහැදීම පිණිසත්, පැහැදුණු අයගේ පැහැදීම වැඩි කිරීමටත් බුදුරජානන් වහන්සේ විනය පැනවීම කර ඇති බවට සඳහන් කොට ඒ විනය පැනවීමටම අඩංගු භූතාරොචනශික්ෂාපදයට ප්‍රතිවිරුද්ධ ලෙස කටයුතු කිරීමට අන් අයව යොමු කරන අයුරු දැකිය හැකියී. විනය පිටකයේ සඳහන්ව ඇති පරිදි භූතාරොචනශික්ෂාපදය පැනවීමේදීත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම ගැන බුදුරජානන් වහන්සේ මෙසේ පවසා තිබෙනවා:

    මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදයට හෝ නො වෙයි. මෙය වැලිත් අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයටත් ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවටත් වැටෙයි.


    වැරදි වැටහීම නිසාදෝ වලස්මුල්ලේ අභය හිමි ඉහත වීඩියෝවේ විනාඩි 1, තත්පර 47 න් පමණ ඉදිරියට මෙසේ පවසනවා දැකිය හැකියී:

    එතකොට තමන්ට මේ දැනෙන දෙවල්, තමන්ගේ තියෙන අත්දැකීම් අනුන්ට දැනගන්න තියෙන එකම ක්‍රමය තමයි අපි කියන්න වෙනවා ඉතින්. අපි කියන්නැතුව දැනගන්න ක්‍රමයක් නැහැ.


    බුදුරජානන් වහන්සේ භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට නොකිව යුතු යැයි විනය පනවලා තිබියදී එසේ ශික්ෂාව පැනවීමට හේතු අභය හිමියන් විසින් ශික්ෂාපදය නොදක්නා ලද බව හෝ හරි හැටි නොවටහා ගැනීම ඉහත පරිදි පවසන්නට හේතු වන්නට ඇති.

    බුදුරජානන් වහන්සේ විනය ශික්ෂාපද පනවා ඇත්තේ එක් එක් ශික්ෂාපදය පැනවීමට සුදුසු කාලය පැමිණි විට. භූතාරොචනශික්ෂාපදය පැනවීමට පෙර නම් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිස හේතු වූ අවස්ථාවන් තිබෙන්නට ඇති. නමුත් සුදුසු කාලයේදී බුදුරජානන් වහන්සේ විසින් භූතාරොචනශික්ෂාපදය පැනවීමෙන් පසුව එය එසේ වන්නේ නැහැ. ඒ නිසා මෙකල යම් අයෙක් මෙකලත් භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස, ප්‍රසන්නයන්ගේ අතිරෙක ප්‍රසාදය පිණිස හේතු වේ යැයි කියනවා නම් ඒ එම පුද්ගලයාගේ නොදන්නාකම නිසා කියන දෙයක්. මෙකල භික්ෂූන් වහන්සේලා තමන්ගේ ඇති උතුරුමිනිස්ධම් අනුපසම්පන්නයින්ට පැවසීම අප්‍රසන්නයන්ගේ අප්‍රසාදයට, ප්‍රසන්නයන් අතුරෙහිදු ඇතැමුන්ගේ වෙනස් බවට හේතු වෙනවා.

    බුදුරජානන් වහන්සේගේ විනය පැනවීම නොසලකා හරිනවා නම් එවන් භික්ෂූන්, භික්ෂුණීන් වහන්සේලාගේ එම ක්‍රියාවන් දුසිල්වත් ක්‍රියාවන් ලෙස දැකීම සුදුසුයි. මහණ වූ අය ඔවැනි ක්‍රියාවන්ට යොමු කිරීම බුදු සසුනේ චිරස්තිථියටත් ගැටළු ඇති කරනවා. එසේ වරදවා ගත්තොත් බුදු සසුනේ මහණ දම් පුරණ හිස් පැවිද්දන් නම් බොහෝ වේවි, සැබැවින්ම සීල ගුණයෙන් යුතු පැවිදි පිරිස හිස් පිරිසකැයි වැරදි මතයකුත් සමාජයේ ඇති වේවි. එසේ වූවාම ගුණවත් පිරිසට තමන්ගේ ගුණවත් බව රැකගෙන ධර්ම ප්‍රතිපදාවේ යෙදීම දුෂ්කර වෙනවා. ඊට අමතරව වලස්මුල්ලේ අභය හිමිගේ එම අධාර්මික, අවිනය මතය ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා පිළිගන්නා අන් අය සිල්වත් භික්ෂූන්ට අභූතයෙන් චෝදනා කර බොහෝ පව් පුරවා ගැනීමකුත් කරන්න පුළුවන්. අධාර්මික, අවිනය මතයන් ධර්මයට සහ විනයට අනුකූල යැයි වරදවා දකින පිරිසගේ ධර්ම අවබෝධය කිරීමේ හැකියාව ඒ වැරදි දැකීම හේතුවෙන්ම දුර්වලයි.

    Skylark