ඔන්න එහෙනං සතොසටත් කෙළියා...

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
ඔන්න එහෙනං සතොසටත් කෙළියා...



පසුගිය දිනවල දිවයින ඉරිදා සංග්‍රහය විසින් රටට මුල්ම වරට හෙළි කළ පරිදි ලංකා සතොස ආයතනය පුද්ගලීකරණය පසුගියදා ආරම්භ වී තිබේ. ඒ සම්බන්ධ පුද්ගලික ආයතනය මේ වන විට ලංකා සතොස සතු තොග ගබඩා සංකීරණවල කටයුතු භාර ගනිමින් සිටිති.

මේ තත්ත්වය මත එහි සේවක සේවිකාවන් අතර තම රැකියාවල සුරක්‌ෂිතභාවය සම්බන්ධයෙන් දැඩි නොසන්සුන්තාවක්‌ හටගෙන තිබේ. ලක්‌ෂ ගණනක්‌ වන ලංකා සතොසේ පාරිභෝගිකයන්ට ද, ලංකා සතොසේ 3200 ක්‌ පමණ වන සේවක සංඛ්‍යාවටද ඔවුන්ගේ පවුල්වල අයට ද අද මේ ප්‍රශ්නය බරපතළ ප්‍රශ්නයක්‌ වී ඇත්තේ එදා සතොස වසා දැමූ අතීත කතාව හා වර්තමානයේ සිදුවෙමින් පවතින බොහෝ දේ අතර යම් යම් සමානකම් ඇති නිසාය.

මේ වන විට සතොස ප්‍රතිව්‍යqහගතකරණය සඳහා ඉදිරිපත් කළ කැබිනට්‌ පත්‍රිකාවට ද කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබී තිබේ රාජ්‍ය බැංකු වෙත ලංකා සතොස ආයතනය ගෙවීමට හිඟ මුදල් ගෙවීමට හා හදිසි කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා අවශ්‍ය අරමුදල් භාණ්‌ඩාගාරය මගින් ලබාගැනීමේ අරමුණින් මෙය සිදුකරන්නට යන බව රජය කියා සිටී රිෂාඩ් බදියුදින්, රවි කරුණානායක, පී. හැරිසන් හා මලික්‌ සමරවික්‍රම යන ඇමැතිවරුන්ගේ ඒකාබද්ධ යෝජනාවක්‌ ලෙස මීට අදාළ කැබිනට්‌ යෝජනාව කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

මේ තත්ත්වය මත හැමදාම සතොසට ආදරය කළ වසර ගණනක්‌ තිස්‌සේ අත්‍යවශ්‍ය භාණ්‌ඩ කීයක්‌ හෝ අඩුවෙන් ගන්නට සතොස වෙත පැමිණි මේ රටේ සාමාන්‍ය ජනතාවට ලංකා සතොස ආයතනයේ අනාගතය සම්බන්ධයෙන් මෙන්ම අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල තීරණයෙන් ආණ්‌ඩුව ඉවත් වීමෙන් පසු ඇතිවන තත්ත්වය සම්බන්ධයෙන් ඇත්තේ අතිශය අවිනිශ්චිත තත්ත්වයකි. හේතුව පුද්ගලීකරණයෙන් පසු මේ ආයතනය හිමිකර ගන්නා පිරිස්‌ ලාභය හැර ජනතා සේවයක්‌ ගැන සිතනු ඇතැයි අපේක්‌ෂා කිරීම විහිළුවක්‌ බැවිනි.

සතොස පුද්ගලීකරණය සඳහා දින සියයේ රජය හා නව රජය යටතේ එහි පාලනාධිකාරිය ක්‍රමයෙන් පසුබිම සකස්‌ කරන ලදී.

මුලින්ම සතොස අලෙවිසල්වල භාණ්‌ඩ හිඟ ඇති කර ජනතාව එයින් ඈත් කරන ලදී. ඒ අතරේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් තමන්ට අවශ්‍ය ආකාරයට මිලදී ගැනීම් සිදු කිරීම මීට Rජු ලෙසම බලපෑවේය. ආයතනයේ අවශ්‍යතාව හෝ පාරිභෝගික අවශ්‍යතාව නොව තමන්ගේ හිතවතුන්ගේ සමාගම්වලින් භාණ්‌ඩ හෝ සේවා ලබාගැනීම පමණක්‌ ගැන සිතූ පාලකයෝ පසුගිය කාලය තුළ ටෙන්ඩර් පටිපාටි උඩු යටිකුරු කළහ. බොහෝ විට ටෙන්ඩර් නොකැඳවා ආයතනවලින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ලබා ගැනීම තුළින් තමන්ට අවශ්‍ය සමාගම්වලින් අදාළ මිලදී ගැනීම් සිදුකරන ලදී.

මෘදුකාංග සම්බන්ධ අලෙවිස්‌ථාන විසඳුම් සඳහාත්, මානව සම්පත් කළමනාකරණය සඳහා මෘදුකාංග මිලදී ගැනීම්, සීසීටීවී පද්ධති මිලදී ගැනීම් හා අදාළ ජාල පවත්වා ගෙන යැම, කැෂියර්වරුන් මුදල් අයකිරීමේ යන්ත්‍ර ආදී රුපියල් මිලියන ගණන්වල මිලදී ගැනීම් වලදී රටේ මිලදී ගැනීම් ක්‍රමවේදය අමු අමුවේම උල්ලංඝනය කරමින් වර්තමාන සතොස බලධාරීන් කටයුතු කර තිබේ.

මේ ඇතැම් මිලදී ගැනුම් සඳහා මිලගණන් ඉදිරිපත් කිරීමට දින කීපයක කාලයක්‌ පමණක්‌ ලබා දෙන ලද අතර එය තනිකරම රජයේ පිළිගත් ටෙන්ඩර් පටිපාටි අමු අමුවේම උල්ලංඝනය කිරීමක්‌ විය.

ඇතැම් මිලදී ගැනීම් සඳහා අභිලාෂ ඉදිරිපත් කළ සැපයුම්කරුවන් අතරින් ඊමේල් මගින් පැය කීපයක්‌ තුළ මිල ගණන් කැඳවා ඇති අතර ඇතැම් මිලදී ගැනීම් කටයුතු පැය විසිහතරක්‌ තුළ සිදු කිරීම තුළින් එය කිසියම් සමාගමකටම පමණක්‌ ලබාදීම අරමුණු කරගෙන සිදුකරන ලද්දක්‌ බව පැහැදිලිය. මේ ආකාරයට කටයුතු කිරීම මගින් සතොස ආයතනයට සුවිශාල පාඩු සිදු විය. එසේ පාඩු ලබන බැවින් ලංකා සතොස ප්‍රතිව්‍යqහගතකරණය හෝ පුද්ගලීකරණය කළ යුතුය යන අදහස සාධාරණීකරණය කරගන්නට වත්මන් සතොස පාලකයන් සමත් වන්නේ එවන් වාතාවරණයක්‌ තුළය. ඒ සඳහා වටපිටාව ඇති කළේද ආයතනයේ වත්මන් පාලනාධිකාරිය විසින්මය.

පසුගිය වසරක පමණ කාලය මුළුල්ලේ සතොස පවතින්නේ විවිධ ගැටලුකාරී තත්ත්වයන් යටතේය. මේ වන විට ලංකා සතොසේ සහල් තොග අවශ්‍ය තරමට නැත. ධාන්‍ය වර්ග ගණනාවක්‌ හිඟය. අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්‌ඩ හා ග්‍රොසරි භාණ්‌ඩ බොහොමයක හිඟයක්‌ පවතී. ළඟ එන උත්සව සමයට කිසිම සූදානමක්‌ නැත. භාණ්‌ඩ මිල පවා පෙර මෙන් අඩු නැත. ඒ නිසා පෙර මෙන් ජනතාව ලංකා සතොස වෙත ඇදී යන්නේද නැත.

සහල්, පරිප්පු, සීනි, අල, බීලූනු, ධාන්‍ය වර්ග ආදී අත්‍යවශ්‍ය භාණ්‌ඩ පසුගිය කාලය පුරාම අඩුම මිලට අපේ රටේ ජනතාවට අලෙවි කෙරුණේ ලක්‌ සතොස හරහාය. එම නිසා අනෙකුත් සුපිරි වෙළෙඳසල් ජාල හා පුද්ගලික වෙළෙඳුන්ට ද සිදුවූයේ සාධාරණ මිලට භාණ්‌ඩ විකුණන්නටය. රටේ භාණ්‌ඩ මිල මිල තීරකයා වීම හරහා රජයට අවශ්‍ය ආකාරයට වෙළෙඳපොළ මිල හසුරුවා ගැනීම සඳහා සතොස ආයතනයෙන් ලැබුණේ කිව නොහැකි තරමට සේවයකි. පුද්ගලීකරණයෙන් පසු මේ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය නොහැක. පසුගිය කාලය පුරා වෙළෙඳපොළේ සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අහස උසට යද්දී එය පාලනය කරන්නට රජය කටයුතු කළේ සතොස හරහා අඩු මිලට විකිණීම මගිනි. එහෙත් සතොස රජයට නැතිව ගිය විට එවැනි පාලනයක්‌ රජයට කළ නොහැක. එසේම සතොස පුද්ගලීකරණයෙන් පසු එය හිමිකර ගන්නා පුද්ගලික සමාගම සෙසු පුද්ගලික අංශයේ සුපිරි වෙළෙඳසල් ජාල සමඟ එක්‌ව සිත්සේ අතවශ්‍ය භාණ්‌ඩ මිල වැඩි කරන්නට කටයුතු කළහොත් රජයට ඊට මැදිහත්විය නොහැක.

එදිනෙදා අලෙවි වන සාමාන්‍ය භාණ්‌ඩ එනම් ග්‍රොසරි බඩු අලෙවියට අඩු ප්‍රමුඛතාවක්‌ ලබාදීම හරහා ලංකා සතොස අලෙවිසල්වල මාසික පිරිවැය අඩු කරන්නට නව රජය යටතේ සතොස පාලකයෝ කටයුතු කළහ. කලින් මසයකට රුපියල් ලක්‌ෂ 100, 150, 200 ආදී වශයෙන් වෙළෙදාමක්‌ තිබූ ඇතැම් අලෙවිසල්වල වෙළෙඳාම මේ වන විට රුපියල් ලක්‌ෂ 40 - 50 දක්‌වා අඩුවී තිබේ. මේ ආකාරයට ලංකා සතොසේ ආදායම අඩුවීම ක්‍රමානුකූලව සිදුකරන ලද අතර පුද්ගලීකරණයේ අඩිතාලම දැමෙන්නේ ඒ හරහාය.

කෙසේ වෙතත් මේ වන විට ලංකා ස.තො.ස. සේවකයන් විසින් කවර හෝ ආකාරයක පුද්ගලීකරණ ක්‍රියාවලියකට දැඩි විරෝධය පළකර තිබේ. සතොස ආයතනයේ මේ වන විට සේවය කරන සේවක පිරිස 3200 කි. මේ අතරින් බොහෝදෙනකු විවිධ බැංකුවලින් නිවාස හා අනෙකුත් ණය ලබාගෙන සිටිති. යම් ලෙසකින් ලංකා සතොසට කිසියම් අකරතැබ්බයක්‌ වුවහොත් රැකියා අහිමිවීම පමණක්‌ නොව තමන්නට කිවනොහැකි තරමේ ප්‍රශ්න

රැසකට මුහුණ දෙන්නට සිදුවන බව ලංකා සතොස සේවකයෝ පවසති. මේ නිසා ලංකා සතොස රැක ගන්නට කවර මට්‌ටමක හෝ කැපකිරීමක්‌ හෝ සටන් වැදීමක්‌ කරන්නට ලංකා සතොස සේවකයෝ සූදානමින් සිටිති.

රටේ කවර හෝ ආණ්‌ඩුවකට බඩු මිල අඩු කර ජනතාවට සෙත සලසන්නට නම් ලක්‌ සතොස වැනි යාන්ත්‍රණයක්‌ අත්‍යවශ්‍ය වේ. පසුගිය රජය සමයේ රටේ කවර මට්‌ටමින් බඩු මිල වැඩි වුවද එය පාලනය කරගත හැකි වූයේ ලක්‌ සතොස නිසාය. එසේම ගොවීන්ගෙන් කෘෂි නිෂ්පාදන මිලදී ගැනීම හා ඒවා ලක්‌ සතොස හරහා රට පුරා බෙදාහැරීම නිසා ගොවීන්ට තම නිෂ්පාදන සඳහා නිසි මිලක්‌ ලබාගන්නට හැකි වූ අතරම පාරිභෝගිකයන්ට සහන මිලකට භාණ්‌ඩ මිලදී ගත හැකි විය. ලංකා සතොස පුද්ගලීකරණය කළ පසු මේ කටයුත්ත ආණ්‌ඩුව කුමන ආකාරයකින් සිදුකරන්නේද යන්න ගැටලුවකි.

ලංකා සතොස හරහා සහල් ටොන් ලක්‌ෂයක්‌ ගෙන්වා ජනතාවට අඩු මිලට ලබාදීම පසුගිය රජය විසින් ගත් තීරණයකි. එහෙත් ඒ සහල්වලින් එම රජය පැවති කාලයේ ගෙන්වා තිබුණේ ටොන් තුන්සිය අසූවකි. ඉතිරි සහල් තොගය ගෙන්වීම නවතාලන ලෙස මහා භාණ්‌ඩාගාරය උපදෙස්‌දී තිබියදී කලින් රජයේ මෙන්ම නව රජයේ ද ඇමැතිකම් දැරූ ඇමැතිවරයකු මැදිහත්වී ඉතිරි සහල් ටොන් අනූනවදහස්‌ හයසිය විස්‌ස ගෙන්වීම ලංකා සතොස පාඩු ලැබීමට බෙහෙවින් බලපෑවේය. මේ සම්බන්ධයෙන් දැනට අංශ කීපයක්‌ මගින් මේ ඇමැතිවරයාට එරෙහි විමර්ශන ආරම්භ වී තිබේ. එහෙත් සතොස ට සිදුවූ පාඩුව දරන්නට සිදුව ඇත්තේ එම ආයතනයටය.

පසුව මේ සහල් තොග සියල්ල ගුල්ලන් ගසා ඇති බව පවසා ඒවා ඉතාම අඩුමිලට මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයන් පිරිසකට සත්ව අහර ලෙස විකුණන්නට කටයුතු කර ඇත්තේ ද මේ ඇමැතිවරයාමය. එහෙත් සත්‍ය නම් කොටසක්‌ ගුල්ලන් ගසා තිබුණ ද වැඩි කොටසක්‌ තිබී ඇත්තේ හොඳ සහල්ය. ඒ සඳහා අදාළ සහල් තොග වැටලීම පවා කර ඇත්තේ මේ ඇමැතිවරයාගේ මැදිහත්වීම මත බවද පැවසේ. ඒ අදාළ තොග අඩු මිලට විකිණීම සඳහාය. කෙසේ වෙතත් අදාළ සහල් තොග මිලදී ගත පිරිස්‌ ඒවා අතර තිබූ හොඳ සහල් තොග නැවත විවෘත වෙළෙඳපොළේ සාමාන්‍ය මිලට විකුණා තිබේ. මේ සියල්ල මෙහෙයවීමේ අදෘශ්‍යමාන හස්‌තය මේ ඇමැතිවරයා මය.

ලංකා සතොස පුද්ගලීකරණය යනු කිසි ලෙසකින් සිදු නොකළයුතු කටයුත්තකි. එය රටේ ජනතාවගේ ජීවන වියදමට කුසගින්නට Rජුව බලපාන සාධකයකි. ජනතාවගේ බඩ ගැන ජීවන වියදම ගැන අවධානයක්‌ යොමු නොකළ සියලු රජයන් පසුගිය කාලයේ පරාජයට පත්විය. මේ නිසා රජය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක්‌ යොමුකර මේ ප්‍රශ්නය ගැන නැවත සිතා බැලිය යුතුය.




http://www.divaina.com/2016/03/20/feature18.html
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රැසකට මුහුණ දෙන්නට සිදුවන බව ලංකා සතොස සේවකයෝ පවසති. මේ නිසා ලංකා සතොස රැක ගන්නට කවර මට්‌ටමක හෝ කැපකිරීමක්‌ හෝ සටන් වැදීමක්‌ කරන්නට ලංකා සතොස සේවකයෝ සූදානමින් සිටිති.

    උන් ඕනෙම කැපකිරීමක් කරන්න ලෑස්තියි.හැබැයි වැඩ කරන්න ලෑස්ති නෑ.
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Varaddak dakkama eakata viruddava katha karana eka Mahindata hithavath vimak kiyala hithan nihadava hidimen vinaasha vanne ape punchi duupathamaya...
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    Sathosata gihin badu ganna eka polata gihin badu gannawa wage. Super market wage unata wada karana un friendly na. Badu ewara wenakota genath dan na stores walin. Poddak genath danna kiuwama un orawala gorawala yanne. Okun ge nam rassawal nathi unath kaman na. Man dawas 3,4i giye . eta passe oya labbata yanne na
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Sathosata gihin badu ganna eka polata gihin badu gannawa wage. Super market wage unata wada karana un friendly na. Badu ewara wenakota genath dan na stores walin. Poddak genath danna kiuwama un orawala gorawala yanne. Okun ge nam rassawal nathi unath kaman na. Man dawas 3,4i giye . eta passe oya labbata yanne na

    කුණු රෙදි හෝදන ඒ අපූරු මොහොත :lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රවියට සතොස පෙන්න බෑ බන් ...මුට මේක විකුනන්නමයි ඕනි ..කාලකන්නියා ..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    padu labana ewa vikunana eka hodayi kiyalayi matanam hithenne.....owagen wenne desapalana henchaiyanta rassa mawana sthana kiyalayi matahithenne. CTB th privet karanna oni
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    padu labana ewa vikunana eka hodayi kiyalayi matanam hithenne.....owagen wenne desapalana henchaiyanta rassa mawana sthana kiyalayi matahithenne. CTB th privet karanna oni

    gon pakayo CTB private karama minissu 10, 20 inn aatha gam walata yana CTB bus duwana ekath nathara wenawa. eetakota ubada ewage inna ahinsaka podi un school ekka yanne.

    danata athyawashya banda wala mila palanaya karanna thiyena ekama widiya sathosa. kochchara suthra genawat welendo owa gananganne na.
     
    Last edited: