පිරිසුදුකමේ_රතු_පැල්ලම
පිරිසුදුකමේ රතු පැල්ලම
අවාරෙට මල්වර වූ හැඟුම් ගොන්න හිතුවක්කාරයි. වසන්තය අග පීදෙනා තාරුණ්‍යයේ සුළං රැල්ල දුහුල් සළුපට ඉරාගෙන පහසක් සොයනවා. ගිනි ගන්න හැඟුම් පොදිය කෝඩුකාර සෙනෙහසක පැටලිලා ගින්න අවසානයේ සුරාන්තයේ පහස ඇඟ හිරිවට්ටද්දී වසන්තයට කලින් තාරුණ්‍යය සීමා පැනලා අවසන්. පයෝධර තුඩුවලින් මත්වී රාගයේ උණුසුම විඳිද්දී ඔවුන්ගේ කුමරු, කුමරි බඹසර රහසේම මිය යනවා. ගතානුගතික සමාජය තුළ තවමත් සුදු පිරුවට මත රතු පැල්ලම් හොයද්දී වසන්තයේ මඟ වැරදුණු සමනලියෝ හඬා වැටෙනවා. ගෙයින් පිට ගිය පිරිමි දරුවා නාවලා ගෙට ගනිද්දී මඟවැරැදුණු ගැහැනු දරුවා සදහටම මානසිකව අබ්බගාතයෙක් වෙනවා.
අන්න එවැනි අසාධාරණ සම්ප්‍රදායක් මත ඉඳගෙන ගැහැනියගේ කන්‍යාභාවයේ සලකුණු ගැන අපි තර්ක කරද්දී, සුදු රෙදි ඇඳගත්ත පත්තිනි අම්මලා හා බෝසත්වරු කිපේවි. ඒත් ඔවුන්ගේ සුදු රෙදි අස්සේ තියෙන කළු පැල්ලම්වලට අපි ඇඟිලි දිගු කරන්නේ නැතිවාම ඇත්තට ඉඩක් දෙමු. මේ කන්‍යාභාවය ගැහැනියකගේ ජීවිතය තුළ දෙදරන මතවාදයක්. ජීවිතයේ වැරැදුණු හෝ නොවැරදුණු ස්වාභාවික පටල පිහිටීම නිසා රතු පැල්ලම නැතිව ජීවිතය විඳවනා ගැහැනු ඕනේ තරම් ලංකාවේ ජීවිතය විඳවනවා. පණපිටින් අමු අමුවේ ජීවිතය තුළ වැළලෙන ඔවුන් රහසේම වැලපෙනවා, තැවෙනවා, ගැරහුම් ලබනවා, ජීවිතයද නැති කරගන්නවා. කන්‍යාභාවය ඉදිරියේ සොඳුරු ගැහැනියකගේ රුදුරු ඉරණම එයයි.
සමහර ගැහැනුන්ට ගෑනුකම සාපයක් වෙද්දී ලංකාව තුළ ජීවිතේ වරක් වැරැදුණු ගැහැනියක අනාචාරේ ගිය එකියක් වෙනවා. ඉතින් මේ ආත්මාර්ථකාමී සමාජය ඇයව ජීවිත කාලය පුරාම අනාචාරේ යන්න පොලඹවනවා. සමාජයට තවත් ගණිකාවක් බිහිකරවනවා. තනි අතින් අත්පුඩි ගහන්න බැරි බව අමතක කරන මෙරට සදාචාරවාදී සමාජය ඇයට "බඩුව" කියනවා. "පට්ට පාර" කියනවා. විටින් විට ඇයව මානසිකව නිරුවත් කරන කාලකණ්ණි සමාජයක ඉරණම ඒකයි.
හැඟීම්, අසරණකම, නොදැනුවත්කම, නොතේරුම්කම ඉදිරියේ කන්‍යාභාවය අහිමි වෙලා ගිය ගැහැනුන්ව අපේ රටේ මිනිස්සු මානසිකව වෙසඟනක් කරන්නේ අන්න ඒ විදියට. ඒත් ගැහැනු දහසකගේ වුවද පහස තුළ මත් වෙලා සුරාන්තයෙන් ඉපිලෙන (සමහර) පිරිමි සැනසුම් සුසුම් හෙළා ඇඳි වස්ත්‍රය රහසේම ඉණට තද කර ගන්නවා. බෝසත්කමේ වෙස් මුහුණු ගැටගහගෙන උන්ගේ නමින් සෑය බඳින උන්ම පුද පූජා පවත්වනවා. ඔන්න ඕකයි සදාචාරවාදී අපේ රටේ සමහර පිරිමින්ගේ කළු පාට පාරිශුද්ධත්වය.
ලිංගික සංසර්ගය ලේ, මස්, නහරවල එකතුවක් පමණක් යැයි සිතන සමහරු දන්නේ නැහැ, එය පපුවේ ගැස්ම හා වෙළුණු මානසික බැඳීමක ප්‍රතිඵලයක් කියලා. තිරිසන් සතුන්ගෙන් එපිටට ගිය මේ මිනිස් ලිංගික බැඳීම මනුෂ්‍යත්වය එක්ක තදින් අල්ලන් ඉන්නේ ආදරය, විශ්වාසය, කියන හැඟීම්වලින්. පිරිමි පපුවකට වඩා ඒකසංවේදීව දැනෙන්නේ අහිංසක ගෑනු පපුවකට.
ඒකයි ආදරය ඉදිරියේ ලෝකයක් තරම් ප්‍රේමයක් පුදමින් ඇය සිය සදාතනික පවිත්‍රත්වය පිරිමියෙක් ඉදිරියේ පුද කරන්නේ. මිනිස් මුද්‍රා තියාගෙන මළ පෙරේත දිෂ්ටි ඇති සමහර කපටි පිරිමින්ගේ ආශාවන්වලට ඇය ගොදුරක් වෙන්නේ අන්න ඒ නිසයි.
ආදරය තුළ විශ්වාසය පණ ගැහෙනවා නම් කන්‍යාභාවය චක්‍රායුධ කරන් ඇයව මානසිකව නිරුවත් කරන එක සාධාරණද? මිනිස් පපුවක ගැහෙන හදවතක් ඇත්නම් සම්ප්‍රදායට යට වෙලා මිනිස්කම් ෙදාරගුළු දමන්, හිර කර, තද කර වසා ඇති පල කිමද? දෙබෑ කරල පළා සම්ප්‍රදායේ පපු කුහර ඇයත් තවත් එක් මිනිසෙක්ය එකම මිනිස් කුලකයකට හිමි යන එක තේරුම් ගන්න පුළුවන් නම් ඇයත් හිනා වෙයි ඔබ මෙන්ම. මළ මිනීවලට යටින් ඇති ශුද්ධ භූමිවල සුදු පිරුවට එළා හොයන රතු පැල්ලමට ඉස්සෙල්ල පපුවට තට්ටු කරලා නිදා ඉන්න හෘද සාක්‍ෂියට කතා කරන්න. ක්‍රියාවට පෙර පාපයට මුල් වෙන්නේ සිතිවිල්ල කියලා අපි කවුරුත් දන්නවා.
පපුව අස්සේ පොරකන සිතිවිලි ගොන්න තුළ අපි කී පාරක් මානසිකව වෙනත් ගෑනු, පිරිමි එක්ක සංසර්ගයේ යෙදෙන්නට ඇතිද. එහෙම නම් මානසිකව බඹසර පතිවත රැක්ක, රකින උදවිය ඇත්තටම අතේ ඇඟිලි ගාණටත් වඩා අඩුබව වැටහෙනවාද? සිතිවිලිවලට කතා කරන්න හැකි නම් හඬනඟා අපේ පාරිශුද්ධත්වයේ සාක්‍ෂි කියාවි උසාවියක් නැතිවාම.
ප්‍රශ්න ගොඩ නැඟෙන්නේ ගැහැනියගේ පිරිසුදුකමේ රතු පැල්ලම උඩ නෙවෙයි. ආකල්පවල තියෙන කළු පැල්ලම උඩ. ජීවිතය හකුළුවා මිටින් ගෙන සංසාරේ නොනිමි ගමනක් යන අපි ජීවිතවල වටිනාකම පැල්ලමකට තද කරන් අයාලේ උඩු බුරනවා. මිනිස්කම උපදින්නට කලින් ගබ්සා කරලා ගෝත්‍රික මතවාදවල ඉඳගෙන කසාද බඳින්න කන්‍යාවන් හොයනවා. අපි අපි තුළම මංමුළා වෙලා අධම මතවාද තුළ හිස් අවකාශයේ ඇවිදින මළ කඳන් ලෙසට තවමත් පැල්ලම් උඩ ජීවිතය අහුලනවා.
වින්ධ්‍යා හාරිස්පත්තුව