මීයට මොකෝ කරන්නේ
Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්‍රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව
... මීයෙක් බලන්න වරෙන්කෝ .....
මීයෙක් මැරිල බන් අපේ ගෙදර
මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල. 
මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.
දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්.
කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.
මීයෙක් මැරිල බන් අපේ ගෙදර
මේකා ඇඟිල්ලක් ගහන සයිස් හිලකින් රිංගන්න ගිහින් හිරවෙලා මැරිල. 
මු පෙට්ටියට රිංගල තියෙන්නෙත් මේ හිලෙන්ම තමා කොහොමහරි. යන්න බැරිවෙල ආය.දැන් ලොකුම ප්‍රශ්නෙ මේකා අයින් කරන්න විදියක් නෑ බන්. පස්ස පැත්තෙන් හරි ඔලුවෙන් හරි ඇදල අයින් කරන්න පුළුවන් වෙයි එත් මූ හිරවෙල දරඳඩු වෙලා වගේ ඉන්නෙ කොක්ක ගහල වගේ. අල්ලන්නත් අප්පිරියයි බන්.
කවුරුහරි කියපල්ලකෝ මේකට කරන්න වැඩක් මූ කුණු වෙන්න කලින්. දැනටමත් මුළු ගේම ගඳ ගහනව. පෙට්ටිය පිටින් විසි කරන්නත් බෑ මේක ලොකු යකඩ පෙට්ටියක්.
Update: මීය හවස් වෙනකන් එළියේ දාල තිබ්බ පුසෙක් හරි කපුටෙක් හරි වැඩේ දෙයිද බලන්න. මොකෙක්වත් ආවේ නෑ, ඒ මදිවට මැස්සෝ පිරෙන්න ගත්ත හවස් වෙද්දී, ගඳයි විසබීජයි ඔක්කොම යන්න කියල පෙට්ටිය පිටින් කුනුගොඩට දාල පෙට්‍රල් දාල ගිනි තිබ්බ. හිතුව තරන් ලේසියෙන් ඇවිලුනේ නෑ බාගෙට අඟුරු උනාට පස්සේ කෝට්ටකින් ඇනල උඩයි යටයි කෑලි දෙක වෙන් කරල බාගෙට පිච්චුන කෑලි ටික වැලලුව

Last edited:

ඌ හිරවෙල ඉන්නෙ.