ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

nir83k

Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝ&#3514

    ඔවුන් සියලු දෙනා පසේ බුද්ධත්වයට පත් වූවෝය,,,,

    මේක එක්තරා ධර්ම ග්රන්ථයක තිබුනු ලස්සන කතාවක්...

    පසේ බුදුන්වහන්සේලා කියන්නේ අබුධ්ධෝත්පාද කාලයේ පහළ වෙන කාගේවත් පිහිටක් නොමැතිව සිය නුවණින් ධර්මය අවබෝධ කරන උතුමන් වහන්සේලායි....ඔවුන් වහන්සේලා හා සම්මා සම්බුදු වහන්සේලාගේ වෙනස වන්නේ සම්මා සම්බුදු වරුන් මෙන් තමා අවබෝධ කරගත් ධර්මය ලෝක සත්වයනට දේශනා කිරීමේ හැකියාවක් උන් වහන්සේලාට නොමැති වීමයි,,,, ,එනම් ලෝක සත්වයින් සංසාර සාගරයෙන් එතෙර කිරීමේ හැකියාවක් උන් වහන්සේලාට නැත,,, නමුත් ස්ව ඥානයෙන්ම ධර්මය අවබෝධ කරගන්නා නිසා පසේ බුදු වරයකු වීමට මහා පුණ්ය ශක්තියක් තිබිය යුතුයි....සම්මා සම්බුදුවරයෙකුට වඩා අඩුවෙන් එහෙත් රහතන් වහන්සේ නමකට වඩා වැඩියෙන් පාරමිතා පිරිය යුතු වෙනවා...


    කතාව මේකයි....

    බොහෝම පුරාණ අබුද්ධෝත්පාද කාලයක එක් පවුලක පියෙක් සහ මවක් සහ පුතුන් තිදෙනෙක් ඔවුන්ගේ භාර්යාවන් සමග වාසය කලා,,,මේ ගෙදර පියා සිය පුතුන් සමග හේනක් වගා කරලා තමා ජීවත් වුනේ,,,,



    මේ හේනෙ විව්ධ ධාන්ය වර්ග වගා කරනව කලින් කලට,,, මේ අය හේනෙ වැඩ කරලා රෑ බෝ වෙලා තමා ගෙදර එන්නේ,,,දවසක් හේනෙ වැඩ කරලා කලුවර වැටී ගෙන එනකොට මේ තාත්තත් ඔහුගේ පුතුනුත් සමග නිවසට එනවා දර ඉපල් ටිකක් කර තියාගෙන ,,,,

    මෙහෙම ගෙදරට එනකොට ගම්මානයට ආවට පස්සෙ ගම්මානයේ එක්තරා නිවසක් පසු කරගෙන මේ අය යනවා...ඒ නිවසෙ ඒ වෙලාවෙ සිටින කාන්තාවො වී කොටනවා,, මේ අය වී කොටන්නෙ යම්කිසි දහම් කරුණු කීපයක් අඩංගු ගාථාවක් ගීතයක් විදියට ගායනාකරමින් තමා ඒ වෙලාවෙ.

    .. මේ ගාථවෙ ඇතුලත් වුනේ මේ වගේ අදහසක්...

    එනම් මේ වී වලට මෝල් ගහෙන් පහර වැදීම නිසා වී පොතු ඉවත් වෙලා සහල් බවට පත් වෙනවා ,,ඒ වගේම අපේ ශරීරයට ජරාව නැමති මෝල් ගහෙන් පහර වැදීම නිසා අපේ ශරීරය වෙනස් වෙනවා,,,දිරීමට පත්වෙනවා, අනිත්ය ස්වාභාවයට පත් වෙනවා,,,,

    මෙන්න මේ අදහස අඩංගු ලස්සන ගාථාවක් තමා ඒ අය ගීතයක් වගේ ගායනා කලේ,,,

    මේ නිවසෙ මිදුල මැදින් අර තාත්තත් පුතුනුත් යනකොට අර ගායනාවට ඇහුම් කන්දීගෙන ගියේ,,,මේ ගාථාවෙ අදහස කල්පනා කරමින් තමා ඔවුන් ගියේ...ඉතා සුලු මොහොතක් ගත වුනා,,,අර තාත්තාටත් පුතුන්ටත් තමන් තුළ ලොකු වෙනසක් වෙච්ච බව තේරුනා,,,


    මේ අය තාම ගොවියො...ගෙදර ගිහින් අර දර ඉපල් ටික දාලාගෙදර ඉන්න අයට කතා කලා,, ඔවුන් මෙහෙම පැවසුවා,,

    ,,,අද අපේ සිත් තුළ ලොකු පරිවර්ථනයක් වෙලා තියෙනවා,,අපි ත්වදුරත් ගිහිගෙයි වාසයට සුදුසු නැහැ,,අපි කැලයට යා යුතුයි,,, අපේ සිත් තුළ් කිසිම රාග ,ද්වේශ ,මෝහ, කිසිවක් නැහැ,,, අපි දැන් පැවිද්දන්,,, ඔවුන් පැවසුවා,,,

    එතකොට ගෙදර සිටි අය කිව්වා,,මෙහෙම පැවිද්දො ඉන්නවද? අපි නම් දැකලා තියෙන්නෙ හිස මුඩු කරපු කසාවත් දරන පැවිද්දන් කියලා,, එතකොටම අර පියාත් පුතුනුත් සිය හිස අත ගෑවා,,, එතකොට එක්වරම මේ අයගෙ හිස කෙස් අතුරුදහන් වෙලා කසාවත් දරන චීවරධාරී පිරිසක් වුනා
    පසේ බුදුරජාණන්වහන්සේලා බවට පත්වුනා,,,

    ,,, ඕක තමා කතාව,,,

    ඒ කතාවෙන් කියවෙන විදියටබලන්න ,,ධර්මය අවබෝධ වීම අපි නොහිතන වෙලාවක නොසිතපු විදියට ආශ්චර්යමත් විදියට සිද්ධ වෙන්න පුලුවන්,, මේ පිරිස එක්වරම පසේ බුදුවරුන් වහන්සේලා බවට පත්වුනේ පෙර ආත්මභාවවල පෙරුම් පුරලා ,,භාවනා කරලා ,,ධර්මය අහලා ,,අනිත්ය සංඥාව වඩලා ධර්මාවබෝධය පිණිස හිතපුරුදුකරලා සකස් කරලා තිබූ නිසා...

    යම්කිසි අවස්ථාවක සුලු කරුණක් සම්බන්ධයෙන් හෝ යෝනිසෝ මනසිකාරය ඇතිවුනොත් අපිට වුනත් ධර්මාවබෝධය නොසිතපු මොහොතක වෙන්න පුලුවන්,,,

    ඒ නිසා නිරන්තරයෙන් සිත අනිත්ය සංඥාවට පුරුදු කරන්න,, ධර්මය ශ්රවණය කරන්න,,, පිළිපදින්න,,, ධර්ම කරුණු ගැන සිතන්න,,,මෙනෙහි කරන්න,,,සත්යාවබෝධය ඔබෙන් බොහෝ දුර නොවේ,,,,

    සැමට තෙරුවන් සරණයි,,,
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කියන්නේ අපි ඕනෙම කෙනෙක් පෙර පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඉන්නවා නම් ඕනෙම මොහොතක කිසියම් අරමුණක් නිසා නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා නේද? :)

    REP 11+
     
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඒ කියන්නේ අපි ඕනෙම කෙනෙක් පෙර පාරමී ධර්ම සම්පූර්ණ කරලා ඉන්නවා නම් ඕනෙම මොහොතක කිසියම් අරමුණක් නිසා නිවන් අවබෝධ කරගැනීමේ හැකියාව තියෙනවා නේද? :)

    REP 11+

    :yes::yes::yes:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    tfs
    පසේ බුදුවරු පහල වෙන්නේ නැහැ බුදු කෙනෙක් ගේ කලකදී :)
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    tfs
    පසේ බුදුවරු පහල වෙන්නේ නැහැ බුදු කෙනෙක් ගේ කලකදී :)

    ඔව් බුද්ධ ශාසනය නැතිවෙච්ච කාලවල තමා පසේ බුදුවරු පහළවෙන්නේ,,,,,,
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පසේ බුද්ධත්වයට පත්වීමට අසංඛ්‍ය 2කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුයි
     
    • Like
    Reactions: nir83k

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මරුසිරා;19940213 said:
    තෙරුවන් සරණයි

    +10

    සංසුන් පොඩ්ඩා;19940222 said:
    sadu..sadu..rep 4+

    පසේ බුද්ධත්වයට පත්වීමට අසංඛ්‍ය 2කල්ප ලක්ෂයක් පෙරුම් පිරිය යුතුයි

    ඔබට තෙරුවන් සරණයි