නොපෙනෙන_බලවේග

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    මචන්ලා උඹල නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරනවද, එහෙම නැත්නම් එහෙම දේවල් තියනව කියල හිතනවද?

    මමත් මතක ඇති කලේ ඉඳල එහෙම දේවල් වලට හිනා උනා කෙනෙක්. ඒත් පෙරේද උන සිද්දියක් නිසා තවත් මේ දේවල් ගැන හිනා වෙන්න පුළුවන් කමක් නැහැ.

    මේක පොඩි සිද්දියක් වෙන්න පුළුවන් ඒත් මගේ හිතට මේක සැහෙන ගැටළුවක්.

    කෙටියෙක් කියන්නම් කියවල කියන්න බලන්න මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද එහෙම නැත්නම් මගේ හිතේ මවුන දෙයක්ද කියල.

    මම දැනට ඉන්නෙ ලංකාවෙන් පිට රටක. මෙහෙ ජොබ් එකක් කරනව. හැමදාම 9 ඉඳල 5 වෙනකන් වැඩ කලත් සාමාන්යෙන් වැඩ වැදී දවසකට රෑ 12, 1 විතරත් වෙනව.

    පෙරේදත් ඔහොම වැඩ ඉවර වෙනකොට වෙලාව 1. වාහනේ නැති රෑ වෙන දවස වලට මම ගෙදර යන්නේ එහා පැත්තේ 7elevan එකේ වැඩ කරන පොර එක්ක, පොර ඉන්නෙත් මම ඉන්න කිට්ටුවම තමා.

    එදත් ඔය වගේ වැඩ ඉවර වෙලා පොර කතා කලා මට ගෙදර යන්න, මාත් එලියට ගිහින් උගේ කාර් එකට ඇවිදගෙන යනකොට මීටර් උනේ ෆෝන් එක තාම ඇතුලේ නේද කියල.

    අපහු ගිහින් ෆෝන් ඒක අරං එලියට එනකොටම මතක් උනා අතේ තිබුන bag එක මේසේ උඩ කියල.

    අයෙත් ගිහින් ඒකත් අරං එනකොට මාව කකුල පැටලිලා වැටෙන්න ගියා, යාළුවා දැන් බලන් ඉන්නව මම එනකන්. ඒත් දැන් මගේ හිතට හරි අමුත්තක් දැනෙනව, කව්රුහරි කියනව වගේ දැන් යන්න එපා කියල.

    ටව ටිකක් ඉඳල කැබ් එකක් අරං යනව කියල මම පොරට යන්න කිව්ව. එහම පයක් විතර ඉඳල ගෙදර ගිහින් නිදා ගත්ත.

    ඊයේ දවල් වෙනකොට තමා ආරංචි උනේ මගේ යාළුවා ගිය වාහනේ accident වෙලා. සැහෙන්න damage උනත් පොරගේ ජීවිතේ බේරෙයි කියල තමා කිව්වෙ. මම ගිහින් වාහනේ බැලුවහම තමා අංග සීතල වෙලා ගියේ.

    හරියටම වැදිලා තියෙන්නෙ driving seat එකට අනිත් පැත්ත. ඒ පැත්තක් නෑ රොටියක් වෙන්න චප්ප වෙලා. මම එතන හිටියනම්...

    මට හිතෙන්නෙම මාව කව්රු හරි බේරුව කියල.. මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද බන්. උඹලගේ අදහසුත් කියල යන්න.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අහබු සිද්දියක් බන් ඔතන ඇති බලයක් නැ උබට හිතුනා වාහනේට නගින්නේ නැතුව හිටියා යාලුවා බල කරා නම් උබටත් අද බඩු හරි ජීවිතය බේරා ගත්ත එක නම් ලොකු දෙයක්
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    hmmm. umba mona rateda inne >?

    canada.

    ඒක උබේ වාසනාව මැරෙන්ඩ තියෙනවනම් කොහේ හිටියත් ඒක වලක්වන්න බෑ මට හිතෙන්නෙ.

    ජිවිතේ පලවෙනි පාරට මෙහෙම දෙයක් උනේ. අනේ මන්ද..
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    සොහොන;19948954 said:
    අහබු සිද්දියක් බන් ඔතන ඇති බලයක් නැ උබට හිතුනා වාහනේට නගින්නේ නැතුව හිටියා යාලුවා බල කරා නම් උබටත් අද බඩු හරි ජීවිතය බේරා ගත්ත එක නම් ලොකු දෙයක්

    ඒත් මචං 3 පාරක් ගමනට බාද උනා, ඊට පස්සෙත් මගේ හිත කිව්වෙ දැන් යන්නම එපා කියල. :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,049
    16,757
    113
    ඔය වගේ දේවල් නම් අැත්ත බං.ඒත් හොල්මන් නම් බොරු.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ඔය වගේ දේවල් නම් අැත්ත බං.ඒත් හොල්මන් නම් බොරු.

    හොල්මන් නෙමේ මචං. මේක නිකන් වෙන්න තියන දෙයක් කලින් දැනුන වගේ දෙයක්නේ.. මට මතක් වෙන්නෙම final destination. :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,661
    40,241
    113
    https://www.facebook.com/bankoloththarka/videos/191113197923185/

    ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා බන්. මෙතන කැපිලා පේන්නේ වාහනය හැප්පුන නිසා. නොපෙනෙන බලවේගයක් උදව් කරාමයි කියමුකෝ. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔක්කෝම සිද්ද වුනේ උබේ හොඳට.
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    https://www.facebook.com/bankoloththarka/videos/191113197923185/

    ඔය වගේ දේවල් ඕන තරම් වෙනවා බන්. මෙතන කැපිලා පේන්නේ වාහනය හැප්පුන නිසා. නොපෙනෙන බලවේගයක් උදව් කරාමයි කියමුකෝ. ඒ ගැන වැඩිය හිතන්න එපා. ඔක්කෝම සිද්ද වුනේ උබේ හොඳට.

    :yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,049
    16,757
    113
    හොල්මන් නෙමේ මචං. මේක නිකන් වෙන්න තියන දෙයක් කලින් දැනුන වගේ දෙයක්නේ.. මට මතක් වෙන්නෙම final destination. :D

    උඹ පොඩ්ඩක් ඔය මිනිස්සු මැරුණ අයගේ පවුල් වල අය කියන කථා අහලා බලපන්...ගොඩක් අය ඔය වගේ බාධා වෙලා ගිය අය තමා..:yes:
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,238
    15,968
    113
    Colombo
    ඔය වගේ දේවල් වෙනවා මචන්...ගමනක් යනකොට බාදා උනොත් ටිකක් පරක්කු වෙලා යන්න කියන්නෙ ඒකයි
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඕක සමහර විට උඹේ instinct හින්ද වෙන්නත් පුළුවන්.
    ඔය ගැන වැඩිය හිතන්න යන්නත් එපා.
    හැබැයි මේ ලෝකේ එහෙම නොපෙනෙන බලවේග කිසි දෙයක් නැ කියලා හිතුවොත් හෙම මේ ලෝකේ බහුතර මිනිස්සු වගේ උඹත් මිත්‍යාවක ඉන්නේ මචන්.

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,219
    113
    Force eka kohomath invisible thamai. Force ekak object ekakata apply karama thamai penne mokada wenne kiyala. When a force is applied on a stationary object with a mass, a change in the velocity can be observed.

    Mama nam invisible forces gena believe karanawa e nisa.

    :yes:
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඕකට කියන්නෙ Confirmation Bias කියල
    පොඩ්ඩක් කියවලා බලපන්.

    මේ වීඩියෝ එකත් බලපන්