රණවිරු_සරණාගතයෝ

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රණවිරු_සරණාගතයෝ

    බෝගස්‌වැව ගමේ රණවිරු සරණාගතයෝ...

    n1-1.jpg


    අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා.

    සේපාලිකා අම්මා හාමතේ හඬ වැළපෙන අයුරු...

    විඳින අපට නම් සුන්දර සැඳෑවකි. එහෙත් ඔවුන්ට කෙසේ දැයි අපි නොදනිමු. සඳ එළියෙන් බැබළෙන තුරුලතා අතරින් ප්‍රාදූර්භූත වන ගුප්ත, මූසල බව නෙත ගැටෙන මුහුණු පුරා ද විසිරී ඇත. සඳ කිරණ වැටුණු ලොකු කුඩා කිසිදු මුහුණක එළියක්‌ නම් නැත. මතුව එන්නේ අවිනිශ්චිත බියමය. සතුරු බිය... රෝග බිය... ගමන් අපහසුතා... අධ්‍යාපනය, සෞඛ්‍යය මෙන්ම ආර්ථීක අතින් ද බෝගස්‌වැව ප්‍රදේශවාසීන් අගාධයේ පතුලටම කි¹ බැස ඇත. කතාබහ කළ සෑම ගම්වැසියෙක්‌ම ඒ බව අපට කීවේ හැඬූ කඳුළින්ය.

    'අපි මේ ඉඩම්වල පදිංචියට ඇවිත් අවුරුදු හතරක්‌ වෙනවා. වගා කරන්නයි, ජීවත් වෙන්නයි කියලා ඉඩම් අක්‌කරයක්‌ දීලා තියෙනවා. ඒත් මහත්තයො වගා කරන්න සල්ලි ඕන. අපි ළඟ සල්ලි නෑ. එහෙම ලොකු සල්ලියක්‌ තිබුණා නම් මේ කැලේට වෙලා මෙහෙම දුක්‌විඳින්නේ නෑ...' බෝගස්‌වැව පදිංචිකරුවකු වන සමන් කතාවට ආරම්භයක්‌ ලබාදුන්නේය.

    යුද්ධයෙන් මියෑදුණුq කොටි ත්‍රස්‌තවාදීන්ට කරන උපහාරයක්‌ ලෙස ප්‍රභාකරන් ඔවුන්ගේ පවුල් මහා වීර පවුල් ලෙස නම් කළේය. එල්.ටී.ටී.ඊ. ය විසින් මහා වීර පවුල් පමණක්‌ පදිංචි කරවීමට ගම්මාන ඇති කළේය. උතුර, නැගෙනහිර ත්‍රස්‌තවාදයෙන් නිදහස්‌ කර ගත් පසු අපේ හමුදාව ද යුද්ධයෙන් මියෑදුණු හමුදා සමාජිකයන්ගේ පවුල් සිංහල මහා වීර පවුල් ලෙස නම් කර බෝගස්‌වැව ප්‍රදේශයේ පදිංචි කළේය. උතුර, නැගෙනහිර යා කරන පිවිසුම් දොරටුව වන බෝගස්‌වැව ප්‍රදේශයේ ඇති කළ මේ සිංහල මහා වීර ගම්මාන නැවත යුද්ධයක්‌ ඇති නොවෙන්නට දැමූ බැරියර් එකක්‌ ලෙස ද පෙන්වාදිය හැකිය. එක පෙළට ගම්මාන පහකි. බෝගස්‌වැව 1, 2 නාමල්ගම, සැලළිහිණිගම සහ නන්දිමිත්‍ර ගමය. බෝගස්‌වැවෙන් ආරම්භ වී නන්දමිත්‍ර ගමෙන් අවසාන වන මෙම නිවාස ව්‍යාපෘතියට යටත්ව භූමි ප්‍රමාණය අක්‌කර තුන්දහසකට වැඩිය.

    ආරක්‍ෂක අංශවල සැලසුම වී තිබුණේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ ගම්මානවල සිංහල පවුල් හාරදහසක්‌ පදිංචි කරවීමය. අංග සම්පූර්ණ පාසලක්‌, සෑම ගමකටම පන්සලක්‌, ජලය, විදුලිය, සෞඛ්‍යය, මාර්ග පහසුකම් ආදියෙන් ඉතාමත්ම දියුණු ප්‍රදේශයක්‌ ලෙස නඟාසිටුවීමට පිඹුරුපත් ද සැකසී තිබිණි. පැවති රාජපක්‍ෂ ආණ්‌ඩුව සමයේ බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යපෘතිය ආරම්භ කරමින් එහි පළමු අදියර ලෙස නිවාස දහසක්‌ ඉදිකර සිංහල මහා වීර පවුල් දහසක්‌ පදිංචි කරවීය. උතුරෙන්, දකුණින්, වයඹින්, බස්‌නාහිරින් ලංකාවේ හතර දිග්භාගයේම රණවිරු පවුල් මේ ගම්මානවලට පැමිණ පදිංචි වී සිටිති. සෑම නිවසකටම විදුලිය, ජලය, ගම්මාන හරහා වැටුණු පුළුල් මාර්ගයේ වැඩ ද පටන්ගෙන ලහි, ලහියේ කරගෙන ගියේය. එහෙත් ආණ්‌ඩුව වෙනස්‌වීමත් සමග බෝගස්‌වැව නිවාස ව්‍යාපෘතිය එකතැන නතර වීය. ගමට ලබාදෙන වතුර කැපිණි. පරාක්‍රමපුර සිට කිලෝ මීටර් විසි පහක්‌ යන තෙක්‌ තාර නොවැටුණු වැලි පාර වල්වැදී ගියේය.

    කාෂ්ටක පොළවෙන් මතු වන දූවිල්ලට දැන් ඒ මඟෙහි ගමන් කිරීම ද අසීරුය. දූවිලිs බැඳුණු මග දෙපස තුරුලතා පාණ්‌ඩු පැහැයෙන් ලෙළ දෙන්නාහ. වාහනයක ගමන් කළ ද අප ඇඳ සිටි ඇඳුම් දූවිලි වර්ෂාවට අවර්ණ විය.

    දූවිලි බැඳුණු හිස කෙස්‌ විදුලි එළියට අමුතුම පැහැයකින් දිස්‌න දුන්නේය. නාස්‌ පුඩු අතරින් ඇතුළු වන දූවිලි සැර ඉහ මොළ රත් කරන්නට විය. සැඳෑ අඳුර ගලන ගොම්මනේදීවත් මඟ වසා ගත් දූවිල්ල අපට දරාගත නොහැකි විය.

    'මේ පාරෙ බස්‌ එකක්‌ යන්නේ දවසට දෙතුන් වතාවයි. ගොඩක්‌ම අපි ගමන් බිමන් යන්නේ පයින්...' දිවි මගෙහි කටුක බව කියන සමන්ගේ කතාවට ගමේ කාන්තාවක්‌ ද එකතු විය. ඇය සුමනාවතී ය. මේ දිනවල පවතින අධික රස්‌නයත් සමඟ අව් කාෂ්ටකයේ දූවිලි වලාවන්ට මැදි වූ මඟෙහි ගමන් කරන විට දැනෙන කටුක බව සුමනාවතී අම්මාගේ බොඳවන දෑස්‌වලින් අපට පෙනේ.

    'අපේ දරුවන්ගේ ඔලුවල ගෙඩි. පෙනහලුවල දූවිලි බැඳිලා. පාරේ යන සමහර වෙලාවට හුස්‌ම ගන්න බෑ කියලා දරුවො අඬනවා...' ඇයගේ වචන පැටලිණි. ඉකි බිඳුම වේගවත් විය.

    'මේ බලන්න මහත්තයො මේ කිරි සප්පයා ඉපදෙනකොටම හදවතේ ආබාධයක්‌...' සුමනාවතී අම්මා තවත් මවක්‌ පපුවට තුරුලු කරගෙන සිටි කිරි කැටි බිලිsන්ඳියක්‌ අපට පෙන්නුවාය.

    රෝස මලක්‌ වැනිය. කිරි කැටි දියණිය මවගේ පපුවට තුරුලු වී සුව නින්දකය.

    'දුවට මොකද වෙලා තියෙන්නේ...' දරු පැටියා තුරුලු කරගෙන සිටි අම්මට අපි කතා කළෙමු. ඇය අචලාය.

    'දුව ඉපදුණේa පහුගිය ජනවාරි 29 වැනිදා. එයා ඉපදෙනකොට පෙනහලුවල ආබාධයක්‌ තියෙනවා කියලා වෛද්‍යවරු කිව්වා. පස්‌සේ කොළඹ රිඡ්වේ රෝහලේදී දුවව ඔපරේෂන් කළා. වෛද්‍යවරු කියපු විදිහට ඔපරේෂන් එක සාර්ථකයි. ඒත් හොඳට පරිස්‌සම් කරන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපේ ගේ මැටි. පොළොවට සිමෙන්තිවත් දාලා නෑ. ඒ මදිවට පාරේ දූවිල්ල ගෙට එනවා. දුවව පරිස්‌සම් කරගන්න එක අපිට ලොකු ප්‍රශ්නයක්‌ වෙලා. දුවට බෙහෙත් ගන්න අද උදේ වව්නියා ඉස්‌පිරිතාලෙට ගියහම හවස්‌ වෙනකම් තියාගෙන හෙට දවසේ බෙහෙත් ටික විතරයි දුන්නේ. ඉතුරු ටික ගන්න අනිද්දට එන්න කිව්වා. මගේ මහත්තයා කරන්නේ ලොතරැයි විකුණන රස්‌සාව. මේ දරුවගේ ප්‍රශ්නය නිසා මහත්තයා දැන් මාස දෙකකින් රස්‌සාවට ගියේ නෑ. අපිට තව ඉස්‌කෝලෙ යන දරුවො දෙන්නෙක්‌ ඉන්නවා...'

    ඔයාල මෙහෙට පදිංචියට ආවේ කොහේ ඉඳලාද...? අපි ඇයගේ කතාවේ දිසාව වෙනස්‌ කළෙමු.

    'පොළොන්නරුවේ ඉඳලා...' ඇයගෙන් කෙටි පිළිතුරකි.

    ඇය සමඟ කතා කරමින් සිටින අතරේ පුංචි පුතෙක්‌ අප අසලට පැමිණීයේය. ඔහු සුරාඡ් දේශාන්ය. බෝගස්‌වැව විද්‍යාලයේ පහ වසර පන්තියේ අකුරු කරන දක්‍ෂ දරුවෙකි. ඔහු කියන විදිහට පන්තියේ ළමයින් හතළිස්‌ අටක්‌ අතරින් ඔහු හත්වැනියාය.

    ඇයි පුතා තවම ඉස්‌කෝලෙ යුනිෙµdaම් එක පිටින්...?

    'ඉස්‌කෝලෙ ඇරිලා ගෙදරට ආපු ගමන් තමයි අම්ම එක්‌ක පන්සලට ආවේ...'

    ඇයි අද පරක්‌කු වුණේ...? අපගේ පැනයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු ඇඹරිණි. පිළිතුරක්‌ නැති පුංචි මුහුණ දෙස අපි බලා සිටිමු. මොකක්‌ හෝ ගැටලුවක්‌ තිබෙන බව අපට වැටහිණි.

    'පුතාට බස්‌ එකේ එන්න තිබුණු රුපියල් දහය ඉස්‌කෝලෙදී නැති වෙලා. පස්‌සෙ පුතා පයින්ම ගෙදර ඇවිත්. ඉස්‌කෝලේ ඉඳලා අපේ ගමට කිලෝ මීටර් දොළහක්‌ විතර තියෙනවා. ගෙදරට එනකොට හවස පහ විතර වුණා...' පුංචි පුතා වෙනුවෙන් අපට උත්තර දුන්නේ ඔහුගේ මවය.

    සුදු කමිසය පාණ්‌ඩු පාටය. මුහුණ මැළවී ගොස්‌ය. එහෙත් ඒ දරුවගේ පින් පාට සිනාව දැනුදු මට මැවී පෙනේ.

    පුතාගේ තාත්තා අම්මා මොකද කරන්නේ...? අපි පුංචි පුතුට නැවතත් චූටි ප්‍රශ්නයක්‌ ඉදිරිපත් කෙළමු.

    'තාත්තා කුලී වැඩ. අම්මාගේ බඩේ ඔපරේෂන් එකක්‌ කරලා. ඒ නිසා අම්මට වැඩක්‌ කරන්න බෑ...'

    'පුතාට නංගිලා මල්ලිලා ඉන්නවාද...'

    'මල්ලි කෙනෙක්‌ ඉන්නවා. අනේ අංකල් අපේ අම්මට තවමත් හොඳ නෑ. අපිට අම්මාව හොඳ කරලා දෙන්න...' ඒ සුරාඡ්ගේ අහිංසක ඉල්ලීමය.

    සුරාඡ්ගේ පන්තියේ ළමයින් හතළිස්‌ අටකි. ළමයින්ට ඉඳ ගැනීමට අකුරු ලියන්නට ඩෙස්‌ බංකු ඇත්තේ පහළොවක්‌ පමණි. සුරාඡ් කියන විදිහට බෝගස්‌වැව විද්‍යාලයේ ඉගෙන ගන්න ළමයින් සංඛ්‍යාව හාරසිය ගානකි. එහෙත් මීට අවුරුද්දකට ඉහතදී එම පාසලේ ළමයින් අටසීයකට වැඩි ප්‍රමාණයක්‌ අධ්‍යාපන කටයුතුවල නියෑලුණු බව ලැබෙන ආරංචි මාර්ගය. මිනිසුන් ප්‍රදේශය අතහැර යැමත් සමඟ පාසලේ ළමයින් ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වෙමින් පවතී.

    'ගොවිතැන් කටයුතු කරන්න වතුර දීලා තිබුණා. වගා කරන්න ණය පහසුකම් දුන්නා. මාසෙකට සැරයක්‌ වියළි ආහාර මල්ලක්‌ දුන්නා. අපිට තිබුණේ මහන්සි වෙලා වගා කරන්න. අපි වගා සංග්‍රමය පටන් ගත්තා. පලතුරු, එළවළු, ධාන්‍ය බෝග හැම දේම වගා කළා. මේක පින් පොළවක්‌ මහත්තයො. මයියොක්‌ක දණ්‌ඩක්‌ විසි කළත් පැළ වෙනවා. අපි වෑපිරු බීජවලින් අස්‌වැන්නත් ගත්තා. අටු කොටුත් පිරෙව්වා. මිනිස්‌සු රජයෙන් දීපු ගෙවල් දොරවල් ලොකු කරලා හදන්න පටන් ගත්තා. උතුරු වසන්තය යටතේ මේ ගම්වල හැම ගෙදරකටම ලයිට්‌ දුන්නා. පාරවල් හැදුණා. බලා හිටිද්දී ප්‍රදේශය දියුණු වුණා. මේ ආණ්‌ඩුව පත් වුණාට පස්‌සේ පාර හදන එක නතර වුණා. ඊට ටික දවසක්‌ යනකොට ගමට දුන්නු වතුර ටික නතර වුණා. වගා කරන්න විදිහක්‌ නැතිව ගියා. ඒ මදිවට වගා කරන්න දුන්නු ආධාර, වියළි ආහාර සහනාධාර සේරම නතර කළා. අපිට වෙච්ච අසාධාරණය මේ ප්‍රදේශයේ දේශපාලනඥයන්ට කිව්වහම කියනවා 'උඹලාව මෙහෙට ගෙනත් දාපු උන්ට ගිහින් කියාපල්ලා' කියලා. හරියට අපි අතපලAලෙන් වැටුණු ගානටයි කතා කරන්නේ. අපි එහෙම වෙන්න ඕන මිනිස්‌සු නෙමෙයි. යුද්දෙට දරුවො පූජා කළේ මෙහෙම දුක්‌විඳින්නත් නෙමෙයි. කොටින්ගෙන් වෙඩි කාගෙන උන් එක්‌කම හැපුණේ උපදින දරුවන්ට නිදහස්‌ රටක්‌ ඇති කරන්න. ඒත් දැන් අපිට වෙලා තියෙන්නේ හාමතේ මැරෙන්න. මේ ගම්වල ඉඳලා නගරයට දුරයි. ඒ නිසා නගරයට ගිහින් කඩේකවත් වැඩක්‌ පලක්‌ කරලා එන්න බෑ. අපි සිංහල කියලා දෙමළ ගම්වල මිනිස්‌සු කුලියක්‌ කරන්නවත් දෙන්නේ නෑ. ලෙඩක්‌ දුකක්‌ හැදිලා බෙහෙත් ටිකක්‌ ගන්න බෝගස්‌වැව, මාමඩුව, වව්නියාව රෝහල්වලට ගියහම අපිව කොන් කරනවා. අනේ හාමුදුරුවනේ අපිට කන්න නෑ. බොන්න නෑ. අපේ බඩ ඇකිලිලා. වතුර බිව්වොත් බඩ දැවිල්ල ගන්නවා. බෝගස්‌වැව ගමේ විතරක්‌ වකුගඩු රෝගීන් විසි හත්දෙනෙක්‌ ඉන්නවා. පිළිකා රෝගීන් ඉන්නවා. ගමේ හැමෝටම හතිය. රෑකට ලෙඩක්‌ දුකක්‌ හැදුණහම යන්න පාරක්‌ නෑ. බඩදරු අම්මලාට මහ මඟ දරුවො හම්බ වෙනවා. සමහර ලෙඩ්ඩු මග මැරෙනවා. අපි විඳින දුක රටට කියන්න මම වව්නියාවට ගිහින් බැනර් උස්‌සගෙන හිටියා. ඒ අහන්නේ නැති තැන පාර මැද නිදාගත්තා. ඒත් අපේ දුක බලන්න කවුරුවත් ආවේ නෑ. මේ ප්‍රදේශවල කිසිම මාධ්‍යවේදියෙක්‌ අපේ ප්‍රශ්න රටට කියන්නෙත් නෑ. අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න... අපි ජීවිතයේ හොඳටම දුක්‌විඳපු මිනිස්‌සු. අපිට තවත් දුක්‌ විඳින්න බෑ. අපේ දරුවන්ට ගොවිතැන් බතක්‌ කරගන්න ගමට දුන්නු වතුර ටික අරගෙන දෙන්න. මේවා අපිට කියාගන්න කෙනෙක්‌ නැතුවයි හිටියේ. මේ අඬනවා නෙමෙයි. පපු කැහුත්තේ තියෙන වේදනාවයි පිටවෙන්නේ...' වියපත් මවගේ විලාපයත් සමග මුසු වූ උද්වේගකර ඒ වචන සැලළිsහිණිගම විහාර භූමියට රැස්‌ව සිටි සියලුම දෙනා හැඬෙව්වාය. සැබෑවටම ඒ කතාවට ඇඬෙන්නේය.

    අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට, දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයට ගියහම කිසිම සැලකිල්ලක්‌ නෑ. ඒ ආයතන තුළ ඉන්න බහුතරය දෙමළ. නිලධාරීන් නිසා එන්නන්, යන්නන් 'මෙන්න බුදුනෙA මල් මම වැන්දා ගියා' කියන කතාවක තමයි කියන්නේ. මේ ක්‍රමය වෙනස්‌ විය යුතුයි. උතුර, නැගෙනහිර ප්‍රදේශවල සිංහල, දෙමළ මිනිස්‌සු පනහට, පනහ පදිංචි කරන්න ඕන. ඒ වගේම අතරමඟ නතර වෙච්ච බෝගස්‌වැව නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඕන. රටේ භාණ්‌ඩාගාරයේ සල්ලි නෑ කියලා කරගෙන ආපු සංවර්ධනය නතර කරන්න බෑ. ගම්වල මිනිස්‌සු කන්න නැතිව මැරෙන්න යනවා. වතුර ටිකක්‌ නැතිව ලෙඩ්ඩු වෙනවා. රටේ සල්ලි නෑ කියන ආණ්‌ඩුව මැති ඇමැතිවරුන්ට පිනට වාහන දෙන්න යනවා. මේවා තමයි පුදුම කතා. මේ කියන හරුප කතාන්දර බුද්ධිමත් ජනතාව තේරුම් ගන්න ඕන. බෝගස්‌වැව සැලළිsහිණිගම විහාරස්‌ථානාධිපති තණමල්විල පියනන්ද ස්‌වාමීන් වහන්සේ අප සමග අදහස්‌ දක්‌වමින් එසේ පැවසූහ.

    පක්‍ෂ පාට වැදගත් නොවේ. මනුස්‌සකමට ප්‍රමුඛස්‌ථානය ලබාදිය යුතුය. මිනිසා, මිනිසාට ප්‍රේම කළ යුතුය. එහෙත් සිදුවෙමින් තිබෙන්නේ මිනිසා මිනිසාට වෛර කිරීමකි. දුටුගැමුණු රජ දවසේ නන්දිමිත්‍ර යෝධයාගේ බළකොටුව පිහිටා ඇත්තේ ද බෝගස්‌වැව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනය. විසි දහසක්‌ රහතන් වහන්සේලා සමග හේමමාලා, දන්ත කුමරු උතුම් දළදා වහන්සේ වඩම්මාගෙන පැමිණියේ කච්චිකුඩිය, මහමඩුව, මඩුකන්ද සහ බෝගස්‌වැව ගම මැදින් වැටුණු මාර්ගයෙනි. එවැනි ඓතිහාසික භූමියක අද ජීවත් වන සිංහල මිනිසුන් හාමතේ මැරෙන්න යන්නේය. එහෙත් බෝගස්‌වැව මිනිසුන් ගෙවල් ඉල්ලන්නේ නැත. බඩු මලු ඉල්ලන්නේ ද නැත. ඔවුන්ගේ එකම ඉල්ලීම ප්‍රදේශයේ යටිතල පහසුම් දියුණු කරගැනීමය. ගමේ පාසල දියුණු කර ගැනීමය. ලබා දීපු වගා සහනාධාරය නැවත ක්‍රියාත්මක කරලීමය. පර වුණු ජීවිත ගොඩනඟා ගැනීමට ඔවුන්ට එය හොඳටම ප්‍රමාණවත් බව ගම්වාසීහු අපට කීහ.

    ත්‍රස්‌තවාදයෙන් රට නිදහස්‌ කරගැනීමට ජීවිත පරිත්‍යාග කළ විරුවන්ගේ පවුල් සඳහා සුබසාධනය සැලසීම රටක, ජාතියක වගකීමකි. අනිවාර්ය යුතුකමකි. එමෙන්ම උතුර, නැගෙනහිර යනු වසර තිහකට වැඩි කාලයක්‌ ම්ලේච්ඡ ගෝත්‍රික යුද්ධයකට මැදි වූ විවිධ ජාතීන් ජීවත් වූ ප්‍රදේශයක්‌ය. ඒ මිනිසුන්ගේ පෑරුණු සිත් සුවපත් කිරීමට මෙතෙක්‌ දියත් කෙරුණු කිසිදු වැඩපිළිවෙළක්‌ නැත. මානසික කළමනාකරණය සඳහා කිසිදු උපදේශන වැඩපිළිවෙළක්‌ නැත. එවැනි බේද භින්න වූ පරිසරයක ජනාවාස ඇතිකිරීම සිහිබුද්ධියෙන් කළ යුත්තකි. එසේ නොවන්න දුක්‌විඳින්නේ ජාතික විරුවන්ගේ ඥාතීන්ය. බෝගස්‌වැව රණවිරු ජනපදකරණයේ පදිංචි මිනිසුන් අද අත්විඳිමින් සිටින්නේ ඒ කටුක අද්දැකීමය. ඒ අසරණ මිනිසුන් දේශපාලනිකව, භූගෝලීයව මෙන්ම ආර්ථික වශයෙන්ද නන්නත්තාර වී සිටින්නේය. දැන් ඒ මිනිසුන්ට කිසිදු හව්හරණක්‌ නැත. දේශපාලන ගෝත්‍රිකයන් ඒ අසරණයන් අරබයා කඹ ඇදිල්ලකය. රටක්‌ වශයෙන් අප බලාපොරොත්තු විය යුත්තේ සියලු ජාතීන් අතර සංහිඳියාවයි. එහෙත් මේ රටේ කාලකණ්‌ණි දේශපාලනය විසින් රටේ මිනිසුන් කුලල් කා ගන්නා තැනට තල්ලු කරනවා විනා එකමුතු කිරීමක්‌ නොකරන්නේය. ඉතිහාසය පුරාම අප අත්විඳිමින් සිටින්නේ ඒ ගෝත්‍රික දේශපාලන ක්‍රියාකාරකම්ය. වෙනසක්‌ නැත. අද අත්දකිමින් සිටින්නේ ද ඒ ගෝත්‍රික ප්‍රතිපත්තියමය.

    රට නිදහස්‌ කරගැනීමට තම දරුවන් දන් දුන් මවුපියන් අසරණ තත්ත්වයට පත්කිරීම යනු රටක්‌ වශයෙන් අප කර ගන්නා ආනන්තරීය පාපකර්මයක්‌ බව ද දේශපාලන ඇත්තන් සිතේ ධාරණය කර ගත යුතුය.

    තරංග රත්නවීර
    සිරිමන්ත රත්නසේකර
    ඡායාරූප - ක්‍රිෂාන් කාරියවසම්


    http://www.divaina.com/2016/03/27/nimna01.html
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බෝගස්වැව අම්මා එදා කියපු කතාව සහ අද කියන කතාව





     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xal1/v/t1.0-9/12321212_1280474131980644_5631942530958404735_n.jpg?oh=20455bce578a8e0b7825625592732fd0&oe=578D3A25

    සංහිදියාවේ ඇස් අහක බලද්දී “දිවි සරණ” අරන් බොදු බලේ බෝගස්වැවට යයි

    වව්නියාව බෝගස්වැව, සැළලිහිනිගම, නාමල්ගම ගම්මානවල පවුල් 600ක් සදහා වියළි ආහාර සලාක බෙදා දීම ඊයේ සැළලිහිනිගම විහාරස්ථානයේදී සිදුවිය.

    බොදුබල සේනා “දිවි සරණ” ව්‍යාපෘතිය යටතේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු ප්‍රධානයන් මෙසේ බෙදා දුන් අතර අප්‍රේල් 08 වනදා බෝගස්වැව ගම්මාන 18ක ජනතාව වෙනුවෙන් වෛද්‍ය කදවුරක්ද පැවැත්වීමට නියමිතය.

    “දිවි සරණ” ව්‍යපෘතිය යටතේ ස්වයංරැකියා ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවත් එහි පළමු අදියර ලෙස මහන මැෂින් 200ක් සහ බයිසිකල් 200ක් ප්‍රධානය කිරීමටද කටයුතු කරන බවත් එහි සංවිධායකන් පවසන අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගේ දායක්වය ඒ සදහා ලබා දෙන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.

    බෝගස්වැව ජනතාවගේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීම සදහා වගා ලිං 80ක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටද “දිවි සරණ” වැඩසටහන යටතේ සැලසුම් කර ඇති බව බොදු බල සේනා සංවිධානය පවසයි.


    30bi4o1.jpg



    mmvkvd.jpg



    2rq1r3s.jpg



    23v19fn.jpg



    34nmamd.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේව තමයි වැඩ ඔය බොගස් වැවට යන පාර හදල දෙන්ඩ කියල ඉල්ලපු හාමුදුරුවන්ට අගමැති &න්නය නඩු දාල , හිටo යාපනේ කොටින්ගෙ පැලේ වාඩි වෙලා ඉන්නව ඒත් බැරිවෙලාවත් මේ සිoහල ගමකට යන්නෙ නැ, ඔන්න පාණ්ඩුවෙ වැඩ,
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යහපලානේ තියෙන්නේ දෙමලටයි ත්මබියටයි විතරයි .සිංහලයට එහෙම එකක් නැහැ .සින්හලයව වද කරලා නැති කරන එක තමා මේ යහපාලන ජුන්ටාවෙන් කරන්නේ .:growl::no::sorry:

    ඔය උඩ තියෙන්නේ සුළු උදාහරණ විතරයි ..
    මුන් අවුරුදු 6 ම හිටියොත් හැදුනුම්පතේ සිංහල කියලා තියෙන එකෙක්ටවත් රජයේ රැකියා නොලැබෙන්න පුළුවන් .

    මේ ජදපාලන ජුන්ටාවට පස්චාත්භාගේ පුදන අපේම සම හරක් තාම බලන් ඉන්නේ යහපාලානේ උදාවෙනකන් ...:(
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නියම වැඩක්.
    BBS සංවිදානයට බයින එවුන්ට මේවට දෙන්න තියෙන උත්ටර මොනවද දන්නේ නැ.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    නියම වැඩක්.
    BBS සංවිදානයට බයින එවුන්ට මේවට දෙන්න තියෙන උත්ටර මොනවද දන්නේ නැ.

    hoda deyak share wenawa aduine,dakkath nodakka wage innawa
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    reputation_neg.gif
    රණවිරු_සරණාගතයෝ 04-03-2016 09:55 PM රණවිරුවා විකුණන් කන්න එපා. No pilictyics

    methana koheda ban wikunan kala thiyenne :confused:
     
    • Like
    Reactions: KDH and maxboysl

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    me inneth ape minissu neda. api serama duk wenawa ara african podi ekawa gedarin elawala tiyeddi sudu genu kenek hada gatta kathawa ahala dekala. aath me ape athapowana mayime thiyena gambim wala minissu gena api poddakwath danne ne.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,290
    8,391
    113
    රූකඩ රාජ්ජේ
    යහපලානේ තියෙන්නේ දෙමලටයි ත්මබියටයි විතරයි .සිංහලයට එහෙම එකක් නැහැ .සින්හලයව වද කරලා නැති කරන එක තමා මේ යහපාලන ජුන්ටාවෙන් කරන්නේ .