තරු එලියක පල කුමටද
සද පායන රෑ අහසට
අලුයම පිණි දිය කුමටද
දිය නොරදන හිල් බදුනට
රිදියෙන් කල ඔඩම් මොටද
රන් තැටියක මී බොන විට
මද පවනක රැලි කුමටද
සුලි සුලගක් ගැවසෙන විට

මේ කවියේ මම ආසම ටික තමා මේ..
මේ කවිය ලියන්න හේතු වෙච්චි හේතුව මම දසමයක් දන්නවා. මේ කෑල්ල කියෙවුවම මට පට්ට විදියට දුක හිතුනා!!!
මට කියන්න තියෙන දේවල් මෙතන ලියන්න බෑ.. ලොවෙත් බෑ..
මම හිර වෙලා ඉන්නේ. මොකද කරන්නේ??![]()
![]()
![]()

මිනිසුන් තමා ප්රිය කරන,ආදරය කරන දෙයක් හො කෙනෙක් නොලද විට පළමුවෙන් ම තමා පිළිබද ව දැඩි වූ දුකකින් සහ කලකිරීමකින් ආතුර වෙයි. ඒ වේදනාව තම සිතින් සමහන් කිරීමට සමහර දනා සිය වේදනාව පෑන් තුඩක තීන්ත සමග කාන්දු කෙරෙති.
පසුගිය කිවි දින සසල හද විල් තෙරින් මළ ඉර බසිනා ගීතය සහ මා මළ පසු ගීතය එක්විට ශ්රවණය කිරීමට ලැබීම, ඔබේ අතීත තුවාලය යලි පෑරීමට හේතුවී ඇති බව දනිමි. ඒ ගින්නෙන් හද දැවී ඇති බවට මෙය සාධකය. නමුත් මා ඔබේ සිත පෑරීම ගැන හෝ මේ දැවීම ගැන සමාව නොඉල්ලමි......
දිගත පතල සුවදැති සොද සදුන් කදහෙයින්, මේ හදවත පෑරීම ද, දැවීම ද, අනයයන් රසගන්වන නිර්මාණයන් ඉපදීමට හේතුභූත වන බැවින්, සමාවක් නොඉල්ලමි!
දැවෙත-දැවෙත දස අත පැතිරේ සුවද.......


