උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි&#3

baidu

Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවි

    උපාධියක්_තියා_මට_A/L_වත්_නෑ -John Keells ‍සභාපතිගේ ජීවිත කතාව

    අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන්නා. ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය.


    • අවුරුදු 145 ක් පැරැණි කීර්තිමත් සමාගමක තුන්වැනි ශ්‍රී ලාංකික සභාපතිවරයා. කැමැතියි ඔබ ගැන දැනගන්න...

    මං බොහොම සරල චාම් මනුෂ්‍යයෙක්. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයක් දිහා මං බලන්නෙ සරල මනසකින්. එතකොට උත්තර හොයන්න ලේසියි.

    • මේ වගේ දැවැන්ත සමාගම් සමූහයක තීන්දු තීරණ ගනිද්දීත් ඔබට පුළුවන් ද එහෙම හිතන්න...

    ඒ වගේ ව්‍යාපාරික තීරණ බොහෝ විට සමූහ විධායක කමිටුවේ මිස මගේ තනි තීරණ වෙන්නෙ නැහැ. මේක විශාල කණ්ඩායමක් එක්ක යන ගමනක්. වරායවල් තියෙන, සොසේජස් හදන, බැංකු, ඉන්ෂුවරන්ස්, සුපර් මාකට් වගේ එකිනෙකට වෙනස් දැවැන්ත ව්‍යාපාර තියෙන සමාගමක ප්‍රශ්නත් එකිනෙකට වෙනස්. ‘තියරි’ දාලා ඒවට විසඳුම් හොයනවට වඩා සරල ප්‍රායෝගික විසඳුම් තමයි සාර්ථක වෙන්නෙ.

    • ඔබ වඩා සතුටු වෙන්නෙ අලුතින් ව්‍යාපාර ආරම්භ කරන කොට ද නැතිනම් තිබෙන ව්‍යාපාර පවත්වාගෙන යෑමෙන් ද...

    අපි බිස්නස් අලුතින් අරගෙනත් තියෙනවා. තියෙන ඒවා විකුණලත් තියෙනවා. මේ වගේ දැවැන්ත ව්‍යාපාරවලදී ඒවා සාමාන්‍ය දේවල්.

    • තියෙන ව්‍යාපාර වැහෙන එක ආයතනයකට හොඳ දෙයක් ද...

    ඉස්සර අපිත් එහෙම හිතුවා. ඒත් එහෙම හැඟීම්බර වෙලා බිස්නස් කරන්න බැහැ. මිලියන - බිලියන ගණන් එහා මෙහා වන ව්‍යාපාරවලදී සමාගමක් තීන්දු තීරණ ගන්නෙ ඔළුවෙන් මිස හදවතින් නෙවෙයි. වැයවන කාලය, සම්පත්, ලාභය, බිස්නස් එකේ විශාලත්වය තමයි වැදගත්. බිස්නස් එකක් අත්හරිද්දි හිතට අමාරු එකම දෙයක් ගැන විතරයි. ඒ මානව සම්පත, නැතිනම් මිනිසුන්ගේ රස්සා.... කියන සිතිවිල්ල පමණයි.

    chairman-Jhone-keells.jpg


    • ජෝන් කීල්ස් කියන්නෙ 100% ශ්‍රී ලාංකික සමාගමක් ද...

    1870 පටන් මේක ශ්‍රී ලාකික සමාගමක් තමයි. හැබැයි විදේශීය පුද්ගල සහ ආයතන 50% ක් පමණ තිබෙනවා කොටස් අයිතිය තිබෙන. ඒ කාටවත් මේ සමාගමේ අයිතියක් නැහැ. ඔවුන් කොටස්කරුවො පමණයි.

    • ඒ කියන්නෙ ලාභාංශ ලෙස මේ රටින් සල්ලි යනවා...

    එතකොට ඒ මිනිස්සුන්ගෙ සල්ලි ගැන මොකද කියන්නෙ... ඒ අය මුදල් දමන නිසා තමයි අපේ ව්‍යාපාර මේ රටේ අති දැවැන්ත වෙන්නේ. පුළුල් වෙන්නේ. අනික වැඩිම කොටස් අයිතිය තිබෙන කෙනාටත් 10% ක කොටස් පමණයි තියෙන්නේ. හුඟක් දෙනාට අපෙන් යන බව මතකයි. නමුත් අපේ රටට ඊට වඩා සල්ලි එන බව අමතකයි.

    • අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්... තීන්දු තීරණ ලාභ... වත්කම්... ශේෂ... මේ දේවල් එක්ක ගෙවන ජීවිතේ වෙහෙසක් නැද්ද...

    මොකද නැත්තෙ. දමලා ගහලා යන්න හිතුණු වෙලාවල් ඕනේ තරම්. කොච්චර හිතුණත් ඉතින් එහෙම කළේ නැහැ. වැඩ කිරීමම තමයි සතුටත්.

    • හොඳ නායකයෙක් නැතිවුණොත් දැවැන්ත ආයතන වුණත් කඩා වැටෙනවා... ඔබ මොකද ඒ ගැන හිතෙන්නේ...

    නායකයා හොඳ වුණාට වැඩක් නැහැ, හොඳ කණ්ඩායමක් නැතිනම්. ජෝන් කීල්ස් කියන්නෙ මහ විශාල Public ආයතනයක්. මේ ආයතනයේ සාර්ථකත්වයට මූලිකවම බලපෑ හේතුව තමයි කණ්ඩායමක් ලෙස වැඩ කිරීම.

    • එම්. සී. බොස්ටොක්, ඩී. ජේ. එම්. බ්ලැක්ලර්, කෙන් බාලේන්ද්‍ර සහ වී. ලින්තොටවෙල... මේ අයගෙන් ඔබේ ජීවිතයට ලැබුණු දේ මොනවද...

    පිළිවෙළින් ඔය මං වැඩ කළ මගේ සභාපතිවරු හතර දෙනා. සුදු ජාතික බොස්ටොක් මහතාගෙන් පටන් ගත්තම ලින්තොටවෙල මහතා දක්වා මේ චරිත හතරම මට මහා දැවැන්ත චරිත හතරක්. ඔවුන්ගේ එකිනෙකට වෙනස් පෞරුෂත්වය තුළ ඉගෙන ගැනීමට දේ බොහෝ තිබුණා. හොඳ නායකයෙක් වෙන්න, මොනවද නොකළ යුතු කියන එකයි මං ඉගෙන ගත් වැදගත්ම දේ.

    • ඔබ කී දෙනෙක් පාලනය කරන බොස් කෙනෙක් ද...

    මම බොස් කියලා ඔළුවට අරන් පැත්තකට වෙලා ඉන්න යුගයක් නෙවෙයි මේ. අපි හැමෝම සමානව වැඩ කරනවා. අනෙක් අතට සුළු සේවකයාගේ පටන් සභාපති දක්වා, අපි හැමෝම සමාගමකට වැඩ කරන අය. කොහොම වුණත් 13,000 ක සේවක පිරිසක් වැඩ කරන දැවැන්ත සමූහයක් මේ ආයතනය.

    • ඔබ කොම්පැනි 70 ක නායකයෙක්. ඉඳහිටවත් මේ තැන්වලට ගොඩවදිනව ද...

    අද තාක්ෂණයත් එක්ක, ඔෆිස් එකේ ඉඳන් ඕන දෙයක් බලන්න පුළුවන් තමයි. ඒත් ඉඩ ලැබෙන විදිහට මං ඔය හැම තැනකටම ගොඩවදිනවා. කීල්ස් සුපර් මාකට්වලට පවා යනවා. හැමදේම දකිනවා - බලනවා. හැබැයි ඇඟිලි ගහන්න යන්නෙ නැහැ.

    • සභාපතිවරයකුට බැරි නම් කාට ද පුළුවන් ඕනෑම තැනකට ඍජුව මැදිහත් වෙන්න...

    මං ඒ ගැන හිතන්නෙ වෙනස් විදියකට. එක තැනකට බොස්ලා දෙන්නෙක් අවශ්‍ය නැහැ. අඩුපාඩුවක් ඇත්නම් පෙන්නුවට කමක් නැහැ. බලපෑම් කළ යුතු නැහැ.

    • විශ්වාසය සහ ආත්ම ශක්තිය ජීවිතයට ගෙනෙන ප්‍රබෝධය ඔබට දැනිලා තිබෙනව ද...

    අනේක වර. අපි වරාය ව්‍යාපෘතියට අත ගැහුවේ ඩොලර් මිලියන 245 කට. ඒ කාලෙ සමහරු කිව්වේ ජෝන් කීල්ස් සමාගමේ අවසානය තමයි කියලා. ඒත් මට ලොකු ආත්ම විශ්වාසයක් තිබුණා, කණ්ඩායමක් හැටියට අපි වැඩ කළා. සාර්ථක වුණා. ලොකු ව්‍යාපෘති කරන්න පුළුවන් බව අපි ඔප්පු කළා. 2002 Cinnomon Grand එකයි, Cinnomon Lakeside එකයි දෙකම ගන්නකොටත් මිනිස්සු අපිට හිනා වුණා. ඒ හෝටල් දෙකම ගත්තෙ ඩොලර් මිලියන 60 කට. අද මේවායේ වටිනාකම දහ ගුණයක්.

    • ඔබේ දැනුමෙන් අත්දැකීම්වලින් රටට යමක් කරන්න රජයෙන් ආරාධනා ලැබුණොත්...

    ඒක මට නුපුරුදු දෙයක් නෙවෙයි. රජය මගෙන් අහලත් තියෙනවා. මං උපදෙස් දීලත් තියෙනවා. හැබැයි ඒ එකක්වත් දේශපාලනිකව නෙවෙයි. රටේ ආර්ථිකයට වැදගත් ක්‍රම සම්පාදන සහ උපාය මාර්ග පිළිබඳ උපදෙස්. නමුත් ඒවා කොයිතරම් දුරට ක්‍රියාත්මක වෙනව ද කියන එක මට ප්‍රශ්නයක්.

    • ජීවිතයේ හැම දේම දිනන්නම ඕනේ... ඔබත් මෙහෙම හිතන කෙනෙක් ද...

    කරන්න ඕනෙ දේ වෙනුවෙන් උපරීමය කිරීම මගේ සිරිත. කොහොම හරි දිනන්න ඕනෙ ය කියන එක මගේ ළඟ නැහැ. අත්හැරිය යුතු දේ අත්හරින එක ජීවිතයට වගේ ම දැවැන්ත ව්‍යාපාරවලදිත් අත්‍යවශ්‍ය දෙයක්.

    • ලංකාවේ දැවැන්තම සමාගම් සමූහයක සභාපතිවරයා... ඇයි ඔබ මාධ්‍යයෙන් ඈත්වෙලා ඉන්නෙ...

    මාධ්‍යයෙන් ඈත් වෙලාම නැහැ. නමුත් පත්තරවල, ටී වී වල, ඉන්ටවීව්ස්වලට මං කැමැතිම නැහැ. ඒ මගේ හැටි. මොකද පෞද්ගලික නිදහස මට හුඟක් වටිනවා. ඊටත් වඩා මං ප්‍රසිද්ධියට අකැමැති කෙනෙක්. 2006 සභාපති වුණාම තමයි මං අන්තිමට පත්තරවලට කතා කළේ.

    • එතකොට සිංහල පුවත්පත් එක්ක ඔබේ සබඳතාවක් ඇත්තෙම නැද්ද...

    එහෙම කිව්වොත් වැරැදියි. නමුත් මේ වගේ දිග ඉන්ටවිව් එකක් සිංහල පත්තරේකට දෙන පළමු වතාව. කවුරු කතා කළත් මං කිව්වෙ බැහැ කියලා.

    • පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක් ද...

    අනෙක් හැම ළමයෙක් වගේම නටපු දඟලපු, ඇති තරම් සෙල්ලම් කරපු සහ දඟ වැඩ කරලා ගුටි කාපු ළමා කාලයක් මටත් තිබුණා.

    • පවුලේ ඔබ කී වැනිය ද...

    අයියලා තුනයි, අක්කයි. මං පස්වැනියා. මට පස්සෙ මල්ලි.

    • දරුවකුගේ ජීවිතයට වැටෙන හොඳ පදනම ඔහු හුඟක් දුර රැගෙන යනවා. දිනක ජිවිතය ඔසවා තබන්නෙත් ඒ පුරුදු... ඔබ මොකද ඒ ගැන හිතන්නෙ...

    මගේ ජීවිතයට පදනම වැටුණෙ අම්මා අප්පච්චිගෙන්. නිතරම හරි දේ කරන්න, නිදහසේ හිතන්න පුරුදු පුහුණු කළේ ඒ දෙන්නා. පුංචි කාලෙවත් මේක කරන්න, අරක කරන්න කියලා අපිට බලපෑම් කළේ නැහැ. වැරැදි තැනෙකදි හැදුවා. අපි, අපි හැටියට නිදහසේ වැඩුණා.

    • පුංචි පුතාලගේ වීරයා තාත්තා. ඔබේ වීරයා...

    තාත්තා රස්සාව නිසා රටපුරා ගියා. මං හුඟක් ළංවුණේ අම්මට. හැබැයි අපි දරුවො හැමෝම අම්මා අප්පච්චිට සමීප වුණා. ගෙදරින් ඉස්කෝලෙට. ඊළඟට සෙල්ලම. ආයේ ගෙදරට. ඔය රාමුව ඇතුළේ තමයි අපි හැදුණේ.

    • උඩරට සල්ලි බාගේ ඇති පවුලක දරුවෙක්... කවදාවත් ඔබට දුක් අමාරුකම් කියන දේ දැනුණ ද...

    අපි සාමාන්‍ය පවුලක්. මගේ අප්පච්චි මාසෙ පඩියක් ගත් රාජ්‍ය නිලධාරියෙක්. අම්මා කළේ අපිව බලා ගත් එක. දරුවො හය දෙනෙක් කියන්නෙ ලොකු පවුලක්. අරපිරිමැස්මෙන් ජීවත් වෙන හැටි අම්මා අප්පච්චි අපිට, ජීවිත අත්දැකීමෙන්ම හුරු කළා.

    • ඒ කොහොම ද...

    අයියලා ඇඳපු ඇඳුම් පොඩි වුණාම මල්ලිලා අඳින්න ඕනේ. අයියලා පාවිච්චි කළ පොත් තමයි මල්ලිලාට ලැබුණේ. මං පස්වැනියා නිසා හැම වෙලාවෙම මට ලැබුණෙ අයියලා පාවිච්චි කළ දේවල්. අපි ආසා කළ හැම දේම ඉල්ලන පරක්කුවෙන් අපිට ලැබුණේ නැහැ. ඉතින් ඒ ජීවිතයට පුරුදු වුණා. ඒ ගැන ප්‍රශ්න කරපු හෝ මවුපියන්ට කරදර කළ දරුවො නෙවෙයි අපි.

    • කොල්ලො පස් දෙනෙක් ඔය තරම්ම නිවුණු තාලෙට හැදුණ ය කියන එක අද කාලෙට විස්මයක්...

    ඒත් ඒ තමයි ඇත්ත. ඒ කාලෙ අපිට පොකට් මනි කියලා දෙයක් ලැබුණා නම් ඒ රුපියලයි. ඊට වැඩි යමක් ලැබුණානම් ඒ, අත්තා හරි අත්තම්මාගෙන් හරි විතරයි. දැඩි නීති රීති ගෙදර නොතිබුණාට අපි හැඩගැහුණු විනයක් තිබුණා. අප්පච්චියි අපි අතරෙ ‘ගැප්’ එකක් තිබුණෙ නැහැ. අදටත් අපේ ඒ පවුල් බැඳීම ඒ වගේ. අප්පච්චි නැති වුණාට අම්මා තමයි අදත් අපි මුදුනෙ තියලා සලකන්නෙ.

    • එතකොට ඔබ ඉගෙන ගත්තෙ...

    අපි නුවර. මං ගියේ ට්‍රිනිටි කොලේජ් එකට. ඕ ලෙවල් සමත් වෙලා තාත්තා මාව කොළඹ රෝයල් එකට දැම්මා. ඒ එක්කම මුළු පවුලම කොළඹ පදිංචියට ආවා. ට්‍රිනිටි එකේදි ඉගෙනුමට වඩා මගේ හිත ගියේ ක්‍රීඩාවට. රග්බියි ක්‍රිකටුයි තමා මගේ ජීවිතේ වුණේ.

    • රාජකීය විදුහලට පැමිණීම, ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් වුණා ද...

    ඉස්කෝලෙ මාරු කළාට මං මංමයි. එහෙදිත් කළේ ක්‍රිකට් ගහපු එක. රග්බි සෙල්ලම් කළ එක. අන්තිමේ මං උසස් පෙළට ඉඳගත්තෙත් නැහැ. අප්පච්චි මට හොඳටම බැන්නා. ඒ අතරෙ 1978 අවුරුද්දෙ මට ජෝන් කීල්ස් සමාගමේ රස්සාවක් ලැබුණා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය.

    • උසස් පෙළ කරන වයසෙදි රස්සාවකට යන්න තරම් ඔබ සුදුසුයි කියලා හිතුණ ද...

    මගේ බුද්ධිමත් භාවය පිළිබඳ මට යම් විශ්වාසයක් තිබුණා. සුදු ජාතිකයන් එක්ක හරි හරියට වැඩ කරන්න අවශ්‍ය හොඳ ඉංග්‍රීසි දැනීමක් තිබුණා. මං කොහොමත් අවදානම් තීන්දු තීරණ ගන්න දෙපාරක් හිතන කෙනෙක් නෙවෙයි.

    • අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් වෙච්චි ඔබේ පියා, රස්සාවකට යන්න ගත් ඔය තීන්දුවට අවසර දුන්න ද...

    නැහැ. මං ජෝන් කීල්ස් ආවේ අම්මා - අප්පච්චිගේ දැඩි විරෝධය මැද්දේ. රස්සාව කරන ගමන් විභාගේ කරනවා කියලා පොරොන්දු වෙලා. හැබැයි මං ඒ පොරොන්දුව කඩ කළා. එතැන් පටන් මං වැඩකළේ පුදුම කැපවීමකින්. අසාවකින්. උනන්දුවකින්.

    • වෘත්තීය ජීවිතේ ඉහළට යන්න ඔය කියන ගුණාංග විතරක් සෑහෙනව ද...

    තමන්ට උඩින් හොඳ බොස් කෙනෙක් ඉන්නත් ඕනේ. මං වෘත්තිය ජීවිතේ ගොඩනඟා ගත්තෙ ප්‍රායෝගිකව අත්දකිමින්. වැඩ කරමින්. විශ්ව විද්‍යාල ගණනාවකට ගිහින් ගත්තා වගේ දැනුමක් මට ලැබුණේ වැඩ කිරීමෙන්මයි. අද මේ සමාගමේ විධායක තනතුරකට එන්න බැහැ අදාළ උපාධියක් හෝ දෙකක් නැතිව. මට විශ්ව විද්‍යාලය වුණේ ජෝන් කීල්ස් සමාගම.

    • ඔබ අධ්‍යාපනය ලැබුවේ ඉංග්‍රීසි බසින් ද...

    නැහැ. සිංහල මාධ්‍යයෙන්. නමුත් පුංචි කාලෙ පටන් අපේ ගෙදර කතා කළේ ඉංග්‍රීසි භාෂාව. අම්මා අප්පච්චි බොහොම ඕනෑකමින් ඒ දේ කළේ. මට දෙමළ භාෂාවත් පුළුවන්. ඒ කාලේ මං දෙමළ වගේම ලතින් භාෂාවත් විෂයක් හැටියට ඉගෙන ගත්තා.

    • ජෝන් කීල්ස් සමාගමේ ඔබේ පළමු රස්සාව මතක ද...

    පුහුණුවන විධායක නිලධාරියෙක්. මගේ පුහුණු කාලය අවුරුද්දක් තිබුණා. නමුත් හය මාසෙකින් මං විධායක ශ්‍රේණියට උසස් වුණා. මං ඉතා හොඳින් වැඩ කළා. සුදු ජාතිකයන් කොහොමටත් පර්ෆෝමන්ස්වලට තැන දෙන අය. මං වැඩ කළ මැකිනොන්ස් ට්‍රැවල්ස් සමාගම, එයාර්ලයින් ටිකටින් සමාගමක්.

    • පුංචි තැනෙකින් පටන් ගත් සේවකයෙක් සභාපති පුටුව දක්වා යන්නෙ බොහොම කලාතුරකින්...

    මාත් ඒ විරල අවස්ථාව හෝ වාසනාව විඳපු කෙනෙක්. අවුරුදු 19 දී පුහුණුවන නිලධාරියා හය මාසෙකින් විධායක වෙනවා. ඊළඟට මැනේජර්. ඊළඟට මැක් එයාර් කොම්පැනිය බාර අධ්‍යක්ෂවරයා. ඊළඟට ආයතන සමූහයක අධ්‍යක්ෂවරයෙක්. ඔය විදියට අවුරුදු 47 දී සමාගමේ ඉහළම පුටුවට. අවංකව මහන්සියෙන් වැඩ කර ප්‍රතිඵල පෙන්වීම හැර එතැන වෙන රහසක් නැහැ.

    • වෘත්තීය ජීවිතේ ලබා ගන්න තව දෙයක් තියෙනව ද...

    හුඟක් අය හිතන්නෙ සමාගමේ ඉහළම පුටුවට ආවම සේරම හරි කියලා. නමුත් මමයි දන්නේ මේක මහා තනි පාළු හුදෙකලා තනතුරක්. මට අතීතයට යන්න පුළුවන්නම් මං ගිහින් විධායක ශ්‍රේණියේ තනතුරේ නැවතිලා වැඩ කරනවා.

    • ඔබේ ජීවිතයෙන් කෙනකුට ගන්න පුළුවන් හොඳම දේ කියන්න...

    කාලය කළමනා කිරීම සහ වෙලාවට වැඩ කිරීම. මං වෙලාවට වැඩ කරන කෙනෙක්. වෙලාව කියන්නෙ වෙලාව. දවසක් මම තේ මණ්ඩලයේ මිටිමකට ගියා. මම විතරයි කවුරුත් නැහැ. අහලා බලපුවම කියන වෙලාවට කවදාවත් මිටින්ස් පටන් ගන්නෙ නැති නිසා හැමෝම එන්නෙ පමා වෙලාලු. මේවා මගේ ජීවිතයේ නැති දේවල්. කාට වුණත් මං කියන්නෙ වේලාවට වැඩ කරන්න. එතකොට හැම දේම සරලව පැහැදිලිව හිතන්න කතා කරන්න පුළුවන්.

    • විශ්‍රාම ගිය දවසක ඔබ මොනවා කරයි ද...

    විශ්‍රාම යනකල් ජීවත්වෙලා හිටියොත් මං ජෝන් කීල්ස් සමාගමට අවුරුදු 40 ක් වැඩ කරලා. උදේ හතට වැඩට ඇවිත් රෑ හතට ගෙදර යන මං, උදේ දවල් ගෙදරදි දකින්න ලැබුණොත් ඒක නම් මගේ බිරිඳට නුපුරුදු දෙයක් වේවි. මටත් නුපුරුදු ඒ ජීවිතේට, කොහොම මුහුණ දෙන්න ද කියන එක මමත් තවම හිතලා නැහැ.

    • ඔබට තියෙන්නෙ ‘සීරියස්’ පෙනුමක්. ඒත් හිනා වෙනකොට ප්‍රසන්න මිනිසෙක් මතු වෙනවා. ඔබ තුළ ඉන්න ඇත්ත කෙනා කවුද...

    මං හිතන්නෙ හිනාවෙලා ඉන්නකොට මතු වෙනවා ය කියන ඔය ප්‍රසන්න පුද්ගලයා.

    • කෝ දැන් ඔබ තුළ හිටි ක්‍රීඩකයා...

    ජෝන් කීල්ස් ආවට පස්සෙ ටික කලක් ක්‍රිකට් ගැහුවා. දැන් ඒවත් නැහැ. හැබැයි අදටත් අත්හරින්නැතිව මැචස් බලන්න යනවා.

    • ඔබ නියෝජනය කරන සමාජ තලයත් ව්‍යාපාරික ලෝකයේ සබඳතාත් නිසා නිතර ‘පාටි’ වලට යන්න වෙනවා...

    හැම රාත්‍රියකම එහෙම පාටි තුන හතරකට ආරාධනා ලැබෙනවා තමයි. ඒත් පහුවෙනිදා මං ආපහු රස්සාවට යන්න ඕනේ. ඒ නිසා අත්‍යවශ්‍යම දේකට හැර රාත්‍රී ගමන් බිමන් දැන් අඩුයි.

    • ඔබ ෆැෂන්වලට හුඟක් වියදම් කරන කෙනෙක් ද...

    පිළිවෙළකට අඳින්න පලඳින්න මං හුඟක් කැමැතියි. ඒත් ෆැෂන් කියලා පන්නන සිරිතක් මගේ නැහැ.

    • ඒත් හුඟක් සභාපතිවරු ‘Branded’ දේයි, අඳින්නෙ පලඳින්නෙ...

    එහෙම කරදරයක් මට නැහැ. මේ ජීවත් වෙන විදිය මට පහසුවක්.

    • ඔබට ඔබ ගැන සතුටු වෙන්න පුළුවන් හොඳම සිතිවිල්ල කුමක් ද...

    මගේ සමාගමටත් රටටත් යමක් කළා ය කියන සතුට මට තියෙනවා. ඒක මං හිත යටින් විඳින දෙයක්.

    • ජීවිතය යහපත් කරන්නෙ ප්‍රතිපත්ති... ඔබේ ජීවිතය ඇසුරින් ඒ ගැන යමක් කියන්න...

    ප්‍රතිපත්ති මටත් තියෙනවා. ‘සරලව හිතන්න, පුළුවන් තරම් සරලව ජීවත් වෙන්න...’ මේ තමයි මගේ ප්‍රධානම ප්‍රතිපත්තිය.

    • ඔබේ life style එක ගැනත් දැනගන්න කැමැතියි...

    මං පාන්දර පහට නැගිටලා පත්තර ටික බලනවා. ෆොරින් නිවුස් බලනවා. උදේ හත වෙද්දි වැඩට යනවා. ආයේ රෑ හතට ඔෆිස් එකෙන් යනවා. නාලා කාලා 9.30 වෙද්දි නිදියනවා. මේ තමයි කියන්න පුළුවන් සරලම විදිය.

    • දවසේ වැඩි කාලයක් ඔබ ඔෆිස් එකේ.... බිරිඳගෙන් දොසක් නැද්ද...

    පිරිමි ඉතින්, වයිෆ්ලගෙන් හැමදාම දොස් අහනවා තමයි. (සිනා) එයා මගේ රස්සාවට බලපෑම් කරන කෙනෙක් නෙවෙයි. ඇයටත් තියෙනවා ජීවිතයක්. පිළිකා සංගමය වගේ හුඟක් සමාජ සේවා ආයතන එක්ක වැඩ කරන කෙනෙක්.

    • ඔබ රස්සාවටම කැප වෙලා... බිරිය සමාජ සේවයට කැප වෙලා... ගෙදර ජීවිතය විඳින්න කෝ වෙලාවක්...

    මොන තරම් වැඩ කළත් පවුලක් හැටියට අපි රාත්‍රී ආහාරය එක්ව ගන්නවා. මම ගෙදර නම්, එයා වැඩ සියලු කටයුතු සැලසුම් කරලා කොහොම හරි ගෙදර ඉන්නවා. අවබෝධය කියන දේයි, පවුල් ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍යම. සැමියකුට හොඳ මානසික නිදහසක් ලබා දෙන එක හොඳ බිරියකගේ ගුණයක්. ඒ අතින් මං වාසනාවන්තයි.

    • මොන තරම් පිරිසක් පාලනය කරන Boss කෙනෙක් වුණත් තාත්තෙක් හැටියට නම් ඔබ බොහොම සංවේදී හැඩයි...

    ඔව්. මගේ ලෝකෙ තමයි, මගේ දූ. වයස 24 යි. එයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එයා නැතිව හුඟක් පාළුයි.

    • ඔබ හොඳ බෞද්ධයෙක් ද...

    එහෙම වෙන්න උත්සාහ කරනවා. බෞද්ධ ධර්මය තුළ ජීවත් වීම සතුටක්. ඒත් මට පන්සල් බෞද්ධයෙක් වෙන්න උවමනා නැහැ.

    • පුංචි කාලෙ නම් අත්තම්මගේ වදේටවත් සිල් ගන්න ඇති...

    නැහැ. මං කවදාවත් සිල් අරගෙන නැහැ. ඒ දේවල් නොකළට යහපත්ව ජීවත් වීමත් බෞද්ධකමට අදාළයි.

    • සම්මානයක් ගත්තත් වැඩිය කතා නොකරන ඔබ, සිළුමිණ පාඨකයන් වෙනුවෙන් කතා කිරීම අපිට සතුටක්...

    මේ මං අකැමැතිම දෙයක්. ඒ වුණාට ඔබත් බැහැයි කියන දේ හඳුන්නැති කෙනෙක් වෙන්න ඇති.

    ඉනෝකා පෙරේරා බණ්ඩාර
    ඡායාරූප - විමල් කරුණාතිලක


    තවත් ජීවිත කතා

    LINK - තවත් ජීවිත කතා
     
    Last edited:

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,172
    315
    83
    home
    kalekata passe wadagath deyak kiyeuamai..tnx agn..natham hamadama dakine panty penna inna kallakata comment dada up wena ewane :D
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa


    ඒක ඇත්ත බන්, උපාධි ගත්තා කියලා අපි මොනවද කරන්නේ? අවුරුදු 25 වෙනකම් ඉගෙන උපාධි ගන්නවා, ඊට පස්සේ මාස්ටර්ස් අරවා මේවා කරලා එනකොට 27 වගේ වෙනවා. ඊට පස්සේ එක එකාට වහල් කම් කරනවා. වාහනයක් ගන්නත් ටිකක් කල් එකතු කරන්න ඕනේ, ගෙයක් ගන්නත් එහෙමයි. නමුත් O/L වත් නැති උන් පොඩි කාලේ ඉදලම බිස්නස් කරලා, උන් කෝටි පතියෝ වෙලා උපාධි තියෙන උන්ගෙන් වැඩ ගන්නවා. :( අන්තිමට උන් ලොක්කෝ, අපි උන්ගේ වහල්ලු.​
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ඔව්. මගේ ලෝකෙ තමයි, මගේ දූ. වයස 24 යි. එයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. එයා නැතිව හුඟක් පාළුයි.

    ඔස්ට්‍රේලියාවෙ ඉන්න එලකිරි වාසිනී ඔබටත් කීල්ස් සුපර් මාක්ට් එකෙන් නොමිලේ බඩු ගන්න ඕනේද ? ම්න්න ලයින් කරගන්න පුලුවන් නම් ගොඩම තමා
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඔස්ට්‍රේලියාවෙ ඉන්න එලකිරි වාසිනී ඔබටත් කීල්ස් සුපර් මාක්ට් එකෙන් නොමිලේ බඩු ගන්න ඕනේද ? ම්න්න ලයින් කරගන්න පුලුවන් නම් ගොඩම තමා

    අක්කා කෙනෙක් නේ. තව පොඩි කෙල්ලෙක් නැද්ද මන්දා? :growl:
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,812
    767
    113
    Ela. Rep denna behene "You must spread some Reputation around before giving it to baidu again."
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,497
    3,497
    113
    සිංහලේ
    dan kaale AL wath nathan amarui bro
    api time ekath ekka thamai asadanna onee
    eth itin thamagema business ekak karanawa nam education onee na
    eth coompany ekaka jobakin nam issarahata yanna godak amarui
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගත යුතු දේ:

    මේ අය අධ්‍යාපනය කඩාකප්පල් කරගත්තත් අද ඉහලම තැන් වලට ආවා.

    සමහර අය ගන්න දේ:

    මටත් ඒ ලෙවල් නෑ නෙ. සෝ ප්‍රශ්ණයක් නෑ ඒ ලෙවල් නෑ කියලා. :rofl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ගන්න තියෙන එකම දේ..


    ඉහලට යන්න උත්සාහය සහ කැපවීම දෙකම ඕනේ කියන එකයි :yes::yes: